1/06/2017

දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් නිරුවත්ව රාවය නගන ජඩරංගනය

කතෘ:යුතුකම     1/06/2017   No comments

-සඳරුවන් මහින්දරත්න-
පසුගිය දිනක මහනායක හිමිවරුන් බැහැදැකීමට ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට රටට අහිතකර බලපෑම් ඇතිකල හැකි බැවින් ව්‍යවස්ථාව සැකසීමේදී සැලකිලිමත් වියයුතු කරුණු කිහිපයක් අඩංගු ලිපි දෙකක් මහනායක හිමි වරුන් ලබා දීම පිලිබඳ සඳහන් කරමින් කේ.ඩබ්. ජනරංජන නැමති ස්වාධීන මාධ්‍යවේදියකු මෙන්ම සිවිල් ක්‍රියාධරයකු ලෙස හඳුන්වා ගන්නා තැනැත්තා විසින් "අස්ගිරි නාහිමියන් නොමග යවන්නේ කවුද" යන මැයෙන් රාවය පත්තරයට ලිපියක් ලියා ඇත.

ඔහු පවසන ආකාරයට නාහිමියන් දෙනමගේම ලිපි වලට අඩු වැඩි වශයෙන් (එයිනුත් අස්ගිරි හිමියන්ට වැඩිපුර ) ඊණියා "සංහිඳියා විරෝධී, බලය බෙදූමට විරුද්ධ, සිංහල බෞද්ධ ජාතීවාදී, සුළු ජාතීන් පාගා දමන ස්වෝත්තමවාදී" (යනාදී සුපුරුදු විශේෂණ පද වලින් හඳුන්වන) අන්තවාදීන්ගෙ සෙවනැල්ල වැටී ඇති අතර විශේෂයෙන් අස්ගිරි හිමියන් පරාජිත රාජපක්ශ ප්‍රමුඛ සිංහල බෞද්ධ අන්තවාදී පාර්ශවයේ බහට හසුවී නොමග ගොස් ඇත. එපමණක් නොව උන්වහන්සේ එම පාර්ශවයට තම හඬ "පාවිච්චි කරන්නට" ඉඩ දී ඇති අතර එලෙස නතුවීම හරහා අස්ගිරි පාර්ශවයට මතු නොව, බුදු හිමියන්ගේ ධර්මයටද මහත්සේ අගෞරවයක් කර ඇත.
එදා මෙදා තුර බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටි ජනරංජනලාගේ මේ ජඩ රංඟනය අපට නම් අමුත්තක් නොවන අතර මොවුන් ඇතුලු ඊනියා සිවිල් ක්‍රියාකාරිකයන් විද්වතුන් ජනවාරි 8 "විප්ලවයට" හවුල් වූයේ තම බෙදුම්වාදී අදහස් මුදුන්පත් පමුණුවාගැනීමට මිස කෙහෙල්මල් යහපාලනයක් ඇති කිරීමට නොවන බව අප එදාත් කීවෙමු. රටට එල්ලවන ඕනෑම හෙනපතයක් පරාජය කරනවාට වඩා මහින්ද රාජපක්ෂව අතුගා දැමීම වැදගත් කොට සලකන මහින්දව සැබැවින්ම කර මත නොව හිස් ඔලුව තුල තබාගත් ගව රැලෙන් කොටසක් හෝ තවමත් සිටිනා නිසා (මුන් සැබෑම වහල්ලු වෙත්) ව්‍යවස්ථාවට පක්ෂ සමාජ මතවාදය සැකසීමේදී එකි ගව සමූහයාගේ සහය ලබාගනුවස් ව්‍යවස්ථා විරෝධය මහින්දගේ නිර්මාණයකට ලඝු කිරීමට ඉදිරිකාලයේදී මොවුන් තවත් වෙහෙසෙනු ඇත.

13 වන සංශෝධනය ඔස්සේ ලංකාව විරෝධතා පිට විරෝධතා වලින් ගිනි ගනිද්දී ඉන්දියාවේ බලපෑම පිට මලකඳන් මතින් ගෙන ආ පලාත් සභා වලට පොලිස් බලතල සහ ඉඩම් බලතල පැවරීම, සමගාමී ලයිස්තු අහෝසි කිරීම, පලාත් සභාවට රටේ ජනතාවගේ පරමාධිපත්‍ය ඉක්මවා යා නොහැකි සේ සීමා කරවන පලාත් ආණ්ඩුකාරවරයාගේ බලතල කපා හැරීම, වර්ගවාදී පදනමින් පත්කිරීම් කරමින් අලුතෙන් පිහිටුවන්නට යන ව්‍යවස්ථා අධිකරණ මණ්ඩලය, ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරන් පත්කිරීමේදී වර්ගවාදී පදනමක් ඇති කිරීම වැනි (විශේෂයෙන් මධ්‍ය පර්යන්ත කමිටු වාර්තාව ඇතුලු නිර්දේශ අතර ඇති ) වාර්ගික සමගිය බිඳහෙලන, රටේ ඒකීය භාවයට, ස්වෛරීත්වයට හානි පමුණුවන ව්‍යවස්ථා යෝජනා වලට විෂය පිලිබඳ ප්‍රාමාණික දැනුමකින් හෙබි විද්වතුන්ගේ මෙන්ම යමක් කියවා තේරුම් ගැනීමට ප්‍රග්ඥාව සහ මව්බිම කෙරෙහි නොසැලෙන ආදරයක් ඇති සාමාන්‍ය ජනයාගේ විවේචනාත්මක විරෝධයක් එල්ල වී ඇති අවස්ථාවක ඒවාට පැහැදිලි තර්කානුකූල පිලිතුරු ලබාදෙනු වෙනුවට කිසිදා යථාර්තයක් නොවන "බෙදුම්වාදීයාට කප්පම් දීමෙන් ලබා ගන්නා සංහිඳියාව"ක් ගැන ලිපිය පුරා සුරංගනා කතා ලියා ඇති බව ඉතා පැහැදිලිය. අඩු තරමින් "මහ විශ්වාසයකින් පිරිනමන්නට යෝජනා කරන බලය" යම් හෙයකින් පලාත් සභාව රටට හානි වනසේ සිමා ඉක්මවා භාවිතා කලොත් එය පාලනය කරන්නේ කෙසේද යන සරල සහ අනිවාර්යය ප්‍රශ්නයටවත් මේ හෑල්ල තුල සුලු හෝ පිලිතුරක් නොමැත.

ඒ වෙනුවට විසුලුකාරී තර්ක නම් දක්නට ලැබේ!

"පලාත් සභා මගින් පනවන නීති (රටේ ආරක්ෂාව වැනි අවශ්‍යතාවන් සලකා) පාර්ලිමේන්තුවට සරල බහුතරයකින් වෙනස් කල හැකි විය යුතු" බවට අස්ගිරි මහ නා හිමියන් කරන සඳහන ගැන ලියුම් කරු මෙසේ කියයි.

//දෙවනුව එහිමියන් කියන්නේ, පළාත් සභාවල නීති සාමාන්‍ය බහුතර ඡන්දයකින් වෙනස් කිරීමට පාර්ලිමේන්තුවට බලය දිය යුතු බවය. සාමාන්‍ය බහුතරය යනු කුමක්දැයි එහිමියන් හොඳින් දන්නවා ඇත. සාමාන්‍ය බහුතරය කියන්නේ. පාර්ලිමේන්තුවේ එදින පැමිණ සිටින මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයක (භාගයකට වැඩි වත් නොවේ.) ඡන්දයයි. පළාත් සභාවක් විසින් පැනවූ නීතියක්, පාර්ලිමේන්තුවේ යම් දිනයක පැමිණ ඉන්නා මන්ත්‍රීවරුන් කීප දෙනාගේ බහුතරයකින් වෙනස් කළ හැකි නම් පළාත් සභා තිබිය යුත්තේ කුමකටද? රුපියල් බිලියන ගණනින් වියදම් කරමින් ඒවා නඩත්තු කළ යුත්තේ මොනවාටද? කවුරුන් හෝ කියාදුන් පමණින් මෙවැනි ප්‍රාථමික අදහස් තමන්ගේ නමින් ඉදිරියට දැමීම මහානායක ධුරයක ගෞරවයට හා ප්‍රඥාසම්පන්න බවට කිසිසේත් ගැළපෙන්නේ නැත.//

ඔහු කියන ආකාරයට අනූව "පලාත් සභාවක් පනවන නීතියක් පාර්ලිමේන්තුවේ යම් දිනක පැමිණ සිටින මන්ත්‍රීවරුන් කිහිප දෙනාගේ බහුතරයකින් පමණක් වෙනස් කල හැකි වීම මහා පාපයකි, අසාධාරණයකි, ධන විනාශයකි!" (එවැන්නක් යෝජනා කිරීමම ගැන මහනායක හිමියන්ට අවලාදාත්මක අඳෝනාවක්ද නගා තිබේ.)

පාර්ලිමේන්තුව මෙන්ම පලාත් සභාවද තීන්දු තීරණ ගන්නේ, එක්කෝ සරල, නැත්නම් විශේෂ බහුතරයකිනි. ඉඳහිට ඒකමතික තීරණද එයි. (සංකල්පීයව ) මුලු රටකම ජනතාවගේ පරමාධිපත්‍ය මෙහෙයවන පාර්ලිමේන්තුවේ සරල බහුතරය එතරම් හෑල්ලුද? එය "පමිණි මන්ත්‍රී කිහිප දෙනෙක්ගේ බහුතරය" වෙද්දී එවැනිම සංකල්පයක පිහිටා සිට පලාතක ජනතාව නියෝජනය කරන පලාත් සභාවකදී ගන්නා තීන්දු තීරණ ඊට වඩා පූජනීයද?

මේ සරලවම කිවහොත් තක්කඩි කමයි!

(පලාත් සභාව නිරර්ථක ධන විනාශයක් බව එදා සිට කීවෙමු )

ජනතාවගේ හෝ කොටසකගේ හෝ මතය නියෝජනය නොවීම ගැන ජනරංජනලා එතරම් සැලකිලිමත් නම් ඔවුන් මුලින්ම එරෙහි විය යුත්තේ වත්මන් පාර්ලිමේන්තුවටයි. පසුගියදා අතුරුදහන් වූවන් පිලිබඳ පනත සම්මත කරගන්නා ලද්දේ සියලු සම්මුති සදාචාරයන් කඩකරමිනි. තුනෙන් දෙකක බලයක් ගොඩ නගාගෙන ඇත්තේ හතලිස් හත් ලක්ෂයක ජනමතයට හිමි පාර්ලිමේන්තු ආසන වලින් කොටසක් සදාචාර විරෝධී, සම්ප්‍රදාය විරෝධී සහ ඇතැම් මැතිවරණ නීතියද කඩකරමින් බලහත්කාරයෙන් තමන් යටතට ගැනීමෙනි. වෙනකක් තබා ජනරංජනලා කියන පරිදි " සියලු ජනයාට හිමිකම් ලබාදෙන ජනතාවාදී ව්‍යවස්ථාව" සම්මත කිරීමට උපයෝගී කරගන්නට හදන්නේද ඒ කොල්ලකා උපයාගත් තුනෙන් දෙකක බලයයි! මීට වඩා වඳුරු කුණුහරුපයක් තවත් ලොව තිබේද!

මෙවැනි ඊණියා සිවිල් ක්‍රියාකාරීන්, උගතුන් රැසක් ඉදිරියේදී ව්‍යවස්ථාව වෙනුවෙන් කරලියට එනු ඇත. මොවුන් හඳුනාගත හැකි පොදු ලක්ෂණය නම් එක වර දෙකොනින් කතා කිරීමේ හැකියාවයි.
මොවුන් මුඛයෙන් කතාව අරඹන්නේ සියලු දෙනා එක්සත්ව, එක්සිතව, ජාති ආගම් භේද වලින් තොරව වෙසෙන එක් රටක් ගැන කියමිනි. එසේ කතාව කරගෙන යද්දී හිටිහැටියේ අනෙක් කොන කතා කරමින් සන්හිඳියාව සඳහා වාර්ගික පදනමින් රට බෙදා ඉන් කොටස් අනෙකුත් වාර්ගිකයන්ට ලබා දිය යුතු බව කියයි! තේසවලමයි වැනි විදේශිකයන් පනවූ නීති යටතේත්, පසුව ප්‍රභාකරන් ප්‍රමුඛ බෙදුම්වාදීන් අවි බලයෙනුත් සිංහලයන් එලවා දමා වාර්ගික ශුද්ධයකට ලක් කල උතුරු නැගෙනහිර බිම් පෙදෙස් සුලු වාර්ගිකයන්ට අයිති ඔවුන්ගේ නිජබිම් බවට සාධාරණී කරණය කරයි. (ජනරංජන මේ ලිපියෙහිද එම ගුණය මැනවින් ප්‍රකට කර තිබේ.)
මෙවැන්නන් හඳුනාගෙන ඔවුන්ට නොරැවටී මව්බිමේ නිදහස රැක ගැනීම සඳහා සමස්ත රට වැසියන් මෙහෙයවීම වර්තමානයේ ජාතිය හමුවේ ඇති අභියෝගයයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions