1/28/2017

වැඩ බැරි ආණ්ඩුවේ බැරිකම වසාගන්නට ගොතන 'ණය උගුල්' බොරුව

කතෘ:යුතුකම     1/28/2017   No comments


මට බලපාන මගේ ප්‍රශ්ණය මා අසන්නේ නැත්නම් කවුරු අසන්නද ?
-ආචාර්‍ය නාලක ගොඩගේවා-

මම වෘතියෙන් ඉංජිනේරුවෙකු වන නිසා මම ඉලක්කම් පරිශීලනය ප්‍රිය කරමි. මම වෘතියෙන් ගණකාධිවරයෙකුද වන නිසා මට ඉලක්කම් අතර බොහෝවිට කතන්දරයක් පෙනේ. මම අලවිකරුවෙකු වශයෙන්ද වෘතීය සුදුසුකම් ලබා ඇති නිසා ඉලක්කම් හරඹයෙන් කරන ප්‍රචාරණ කටයුතු තුල සත්‍යය හා අසත්‍යය වෙන් කර දකින්නට යම් හැකියාවක්ද මට ඇත.

රටේ ණය බර පිලිබඳව කරුණු පහදමින් මුදල් අමාත්‍යාංශය විසින් ජනවාරි 26දා නිකුත් කර ඇති ප්‍රවෘතී නිවේදනය දුටුවිට මගේ මනස ක්‍රියාත්මක වූයේ පහත ආකාරයටය.

මෙම නිවේදනයේ මූලික අරමුණ මහින්ද රාජපක්ෂ සමයේ ගත් ණය නිසා රට ණය උගුලක පැටලී ඇතැයි යන යහපාලන රජයේ ප්‍රසිද්ධ සටන්පාඨයට සවියක් ලබා දීමය. ඒ සඳහා 2015 සිට 2020 දක්වා ලංකාව විසින් විදේශ රට වලට ගෙවිය යුතු ණය වාරික පහත අයුරින් පෙන්වා ඇත්තේ කියවන්නා තුල පසුගිය පාලනය ගැන අප්‍රසාදයක් ඇති කිරීමේ අරමුනෙනි.

2015 වසරේදී ගෙවූ මුදල රු.බි. 276
2016 වසරේදී ගෙවූ මුදල රු.බි. 269
2017 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 355
2018 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 377
2019 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 586
2020 වසරේදී ගෙවිය යුතු මුදල රු.බි. 509

මේ අනුව 2015 සිට 2020 දක්වා කාලය තුල ගෙවීමට සිදුවන මුදල රුපියල් බිලියන 2,372 කි. ප්‍රවෘතී නිවේදනය මගින් රාජපක්ෂ විසින් ගත් ණය දැඩි විවේචණයකට ලක් කර ඇති අතර 2019 ගෙවන්නට වන රුපියල් බිලියන 586 ඉතිහාසයේ ලංකාව විසින් ගෙවනු ලබන විශාලතම ණය වාරිකයයි සඳහන් කර ඇත.

බැලූ බැලමට මෙය භයානක තත්වයකි.

නමුත් හොදින් විමසා බැලූ විට පෙනෙන චිත්‍රය මීට තරමක් වෙනස්ය. ඒය ඔබගේ බුද්ධියෙන්ද විමසා බලන්නට කරුණු කිහිපයක් මෙහි සඳහන් කරමි.

මෙම වාර්තාවට අනුව 2015 හා 2016 තුල ගෙවා ඇති මුලු ණය මුදල රුපියල් බිලියන 545 කි ( 276 + 269).

නමුත් රජයේ අනෙකුත් වාර්තා අධ්‍යයනය කරන විට මෙම වසර දෙක තුල රජය රුපියල් බිලියන 2,311 ක් අලුතින් ණය ලබා ගෙන ඇති බව පෙනී යයි.

මීට අමතරව වත්මන් රජය රජය ණය ගෙවීමට යැයි කියමින් ජනතාවට බදු වැඩි කලා ඔබට මතක ඇත. මහ බැංකු වාර්ථා අනුව 2015 දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන 306 ක් හා 2016දි 2014ට වඩා වැඩිපුර රුපියල් බිලියන382 ක් රජය බදු අයකර ඇත. මේ අනුව 2015-2016 කාලය තුල 2014ට සාපේක්ෂව ලැබු අමතර බදු ආදායම රුපියල් බිලියන 688කි.

එසේනම් අමතර බදු හා අලුත් ණය මගින් වත්මන් රජය 2015 2016 වසර දෙක තුල එක් කල මුදල රුපියල් බිලියන 2,999 කි.

එම මුදලින් 2020 දක්වා ගෙවන්නට ඇති සියලු ණය ගෙවූවද තවත් රුපියල් බිලියන 627 ක් ඉතිරි විය යුතුය.

සුදු අලියෙකු කියා සමහරු කෑ මොර දෙන මත්තල ගුවන්තොටුපොල සාදන්නට වියදම් වූයේ රුපියල් බිලියන් 30ක් පමන මුදලකි. එසේ නම් මේ ඉතිරි මුදලින් තවත් එවැනි ගුවන් තොටුපොලවල් 20 ක් සෑදිය හැක.

ඉතින් ඔබඇසිය යුතු ප්‍රශ්ණයනම මේසා විශාල මුදලක් එකතුකල වත්මන් රජයට තවමත් ණය බරක් ගැන කතා කිරීමට සාධාරණ අයිතියක් තිබෙන්වාද යන්නයි.

මීට අමතරව අනාගත පරපුර ඇසිය යුතු ප්‍රශ්ණය වන්නේ වසර දෙකක් තුල යහපාලන රජය ගත් රුපියල් බිලියන් 2,371 හෙවත් කෝටි 237,100 ණය ගෙවන්නේ කවුද කියායි. 2017-2020 අප විසින් ගෙවිය යුතුයැයි ඔය කියන ණය වාරික තුල කෙතරම් මුදලක් යහපාලන සමයේ ගත් ණයද ?

2014දී දල ජාතික නිශ්පාදිතයෙන් 70.7% වූ ණය බර අද 81% කි.

මම දේශපාලඥයෙකු නොවෙමි.මම මේ රටේ සාමාන්‍ය පුරවසියෙකි. මහින්ද රාජපක්ෂ මෙන්ම මෛත්‍රිපාල සිරිසේන හෝ රනිල් වික්‍රමසිංහ මගේ මිතුරන් හෝ හතුරන් නොවේ. ඔවුන් මටත් අනෙකුත් ජනතාවටත් වග කිව යුතු රටේ නායකයන්ය. මට ඇති ගැටලුව පුර වැසියෙකු වශයෙන් මා වැඩි ණය උගුලක පටලවා ඇත්තේ කොයි නායකයාද යන්නයි. නිදහසින් පසු මේ රට පාලනය කල සියලු නායකයින් එක්ව 2014 වන විට තනි පුර වැසියෙකු වශයෙන් මා රුපියල් 353,630/- ලෝකයට ණය කොට තිබුණ අතර වසර දෙකකට පසු මෛත්‍රී /රනිල් පාලනය මගේ එම ණය බර රුපියල් 464,210 දක්වා ඉහල දමා ඇත. එය 2014 සාපෙක්ෂව 32% ක වැඩි වීමකි. එය පෞද්ගලික මෙන්ම පොදු ප්‍රශ්ණයක් ලෙස දකින ලෙස මගේ බුද්ධිය මට බල කරයි.

[Viyathmaga]
යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions