1/27/2017

මේ ගෙනෙන්නේ විජාතික අවශ්‍යතා පිනවන රටට හතුරු මර උගුල් ව්‍යවස්ථාවක් - -ත්‍රීකුණාමලේ ආනන්ද නාහිමියෝ.

කතෘ:යුතුකම     1/27/2017   No comments

නව ව්‍යවස්ථාවක් තවම ඉදිරිපත් කර නොමැති යැයිද එබැවින් බිය වීමට දෙයක් නැතැයි යනුවෙන් ආණ්ඩුවේ නායකයින් කරන ප්‍රකාශ වල වලංගුභාවයක් නැතැයිද මතුපිටට පෙනෙන්නට නොතිබුණාට නව ව්‍යවස්ථාවකට අවශ්‍ය සියළු කටයුතු යටින් සිදුවන බව ත්‍රීකුණාමලයේ ආනන්ද නාහිමියෝ පෙන්වා දෙති.

ව්‍යවස්ථා යෝජනා සඳහා වන කමිටු 6 යෝජනා මාලාව දෙස බැලූවිට ඒ බව හොඳින් පැහැදිලි බව පෙන්වාදෙන උන්වහන්සේ මේ ව්‍යවස්ථාව සැකසෙන්නේ විජාතික න්‍යායපත්‍රයකට අනුව විජාතික අවශ්‍යතා සැපිරීමට බව අවධාරණය කළහ.

බෙදුම්වාදීන්ගේ උපාය හා ව්‍යවස්ථා සංශෝධන ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙලේ මුලසුනේ අනුශාසනාව සිදුකරමින් උන්වහන්සේ මේ බව අවධාරණය කළහ.

මේ යෝජනා කර ඇති පරිදි රටේ ඒකීයභාවය අනතුරකට ලක්වන බවත් රට තුල ඇතිවන අභ්‍යන්තර වියවුල විසින් රට දරුණු අර්බුධයකට ලක්වන බව පෙන්වා දෙන ආනන්ද නාහිමියෝ එදා මඩිහේ පඥාසීහ නාහිමි ප්‍රකාශ කළ පරිදි මේ කණ්ඩායම් වල අරමුණ උතුරේ වෙනම රටක් ඇති කිරීමෙන් නොනැවතී මුළු රටම අල්ලාගැනීම බවද පෙන්වා දුන්හ.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අනන්ද නාහිමියෝ "ඉතාමත් අවිවේකීභාවය මැද්දේ වුවත් මනොහර ද සිල්වා මහතා මෙම ග්‍රන්ථය ඉතා මැනවින් ඉතා වටිනා ලෙස නිර්මාණය කර තිබෙනවා.දේශපාලන සීමාවෙන් ඔබ්බට ගිහින් ජාතික වගකීමක් ඉටු කිරීමක් ලෙස සලකායි ඔහු මේ ග්‍රන්ථය නිර්මාණය කර තිබෙනවා,මනෝහර ද සිල්වා වැනි නීතීඥවරු තව දහයක් සිටියේනම් අපට මේවැනි උවදුරුවලදී බිය වීනට හේතුවක් නෑ.
මේ ග්‍රන්ථය සෑම නිවසක තිබිය යුතුයි වගේම සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අතටම පත් කිරීම අත්‍යවශ්‍යයි.
මඩිහේ පඥාසීහ නාහිමි පැවසූ වටිනා වදනකින් මගේ අනුශාසනාව අවසන් කරනවා. උන් වහන්සේ එදා ප්‍රකාශ කළා 'සිංහලයිනි සමගි වව්. සමගි වව්.' සිංහලයාගේ සමගිය සිංහල මුස්ලිම් දෙමළ ජාතික සමගියේ පදනමයි." යනුවෙන්ද පැවසූහ.

ත්‍රීකුණාමලයේ ආනන්ද නාහිමියන් පැවැත්වූ සම්පූර්ණ අනුශාසනාව පහත සබැඳියෙන්..

සටහන : යටියන ප්‍රදීප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

Like us on facebook :https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions