1/25/2015

චම්පිකගේ 'බලු කතාව' සහ නව රටාව ...

කතෘ:යුතුකම     1/25/2015   6 comments

මීට මාස කිහිපයකට පෙර පාඨලී චම්පික රණවක මහතා හැද සිටියේ හලාල් විරෝධී ඇඳූමකි. අද නම් ඔහුට හලාල් විරෝධී සළු හරාම්ය. බොදු බල සේනා සංවිධානය ඉතා ළඟින් මොහු ඇසුරු කළ බව දන්නෝ දනිති. ඥාණසාර හිමි මෑතකදී පැවසූයේ ඔහුට ආමන්ත්‍රණය කළේ චම්පික අයියේ කියා බවත් කළින් ඔහුට බොහොම ආදරය කළ බවත්ය. යුද්ධයෙන් පසු හරිහමං තේමාවක් නැතිව සිටි චම්පික මහතාට බොදු බල සේනා සංවිධානය විසින් මතු කරවන ලද අන්තවාදී මුස්ලිම් ක්‍රියාකාරම්වලට එරෙහි මතවාදය ඉතා පැණි රසක් විය. එම තේමාව උඩට නැඟ ගත් ඔහු ක්ෂණිකව උත්තේජනය කළ හැකි තරුණයන්ට ආමන්ත්‍රණය කරමින් ඔවුන් අතර විරුවෙකු විය. ඥාණසාර හිමියන්ගේ දැඩි ස්වභාවය චම්පික අයියා තුළින් දිස් නොවුනද ඉතා තීව්‍ර ලෙස ඔහුද මුස්ලිම් අන්තවාදී ක්‍රියාවන් විවේචනය කළේය. ඔහු කොයි ආකාරයකට එය කළාද යත් ජාතීන් අතර වෛරය සාදනවා යන නිර්ණායකය මත ඔහුගේ ෆේස්බුක් පිටුව පවා අවලංගු කෙරිනි. බොදු බල සේනාහි ඥාණසාර හිමි ඇතුළු පිරිස ඉතා දුර්වල දේශපාලන දැක්මකින් යුතුව  ක්‍රියා කරද්දී චම්පික අයියා ඒවායෙන් ලකුණූ දමා ගත් දේශපාලකයා විය. අළුත්ගමදී ඇති වූ අවාසනාවන්ත සිද්ධියට සම්බන්ධ සියළු අපකීර්තිය ඥාණසාර හිමිගේ හිස මත කඩා වැටෙද්දී ඒ ගිනි ඇවිලවීමට මතවාදීව දායක වූ චම්පික අයියා වෙත අපවාදයක් ආවේ නැත. අර කෙටි උත්තේජනයක් ලද එතැම් තරුණ තරුණියන්ගේ හිතේ ඔහු වීරයකු ලෙසම ඉතිරි විය.

පසුගිය ජනාධිපතිවරණ සමයේ රටේ ඒකීයභාවය පිළිබදව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ස්ථාවරය ප්‍රශ්න කරද්දී එයට පිළිතුරු දීමට ඉදිරියට දැමුනේ චම්පික මහතා සහ රතන හිමියන්ය. අද උතුරේ ආණ්ඩුකාර තනතුරින් ජී ඒ චන්ද්‍රසිරි මහතා ඉවත් කර පලිහක්කාර මහතා පත් වන විට, නැගෙනහිරට ආණ්ඩුකාරාවරයා ලෙස තමිල් සෙල්වන්ට මචං කිවූ, පුලිදේවන් බලන්න ඇපල් අරං ගිය එවක චන්ද්‍රිකා-රනිල් රජයේ ආරක්ෂක ලේකම් ඔස්ටින් ෆර්නෑන්ඩු පිලිබද යෝජනා වෙද්දී, ටී එන් ඒ පදයට නොනැටූ උතුරු පළාතේ හිටපු ජ්‍යේෂ්ඨතම සිවිල් නිලධාරිනිය වූ විජයලක්ෂ්මී රමේෂ් මහත්මිය උතුරු පළාත් ප්‍රධාන ලේකම් ධූරයෙන් මාරු කරද්දී, අප කළ යුත්තේ චන්ද්‍රිකාගේ පැකේජය යළි ගෙන ඒම බව මංගල සමරවීර පවසද්දී, 13 වන ව්‍ය්වස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කළ යුතු බව රනිල් වික්‍ර්මසිංහ පවසද්දී අද චම්පික අයියා අපට කියන්නේ මාර කතාවකි.

 "2005 ට පසු දූෂණ චෝදනා දන්නවා නම් අපට එවන්න".

එය මාර කතාවක් වන්නේ එවැනි දූෂණ් චෝදනා කිසිවක් නැති නිසා නොව. රටේ ඒකීයභාවයට කිසිදු හානියක් නොවන බව හිසේ අත ගසා දිවුරා කී ව්‍යාජ ආරක්ෂකයාව අද ඒකීයභාවය නැතිභංගස්ථාන කර දැමීමේ කාර්යය සදහා ඉතා නැණවත් අයුරින් රනිල් වික්‍රමසිංහ විසින් යොදවා ගනිමින් සිටින නිසාය. ඒ අපූරු උපාය නම් එම අනතුර එළිපත්තට ගෙන ආ මොහොතක ඒකීයභාවයේ ව්‍යාජ ආරක්ෂකයින් වෙන වෙන දෑ පිළිබදව කතා කරන්නට සලස්වා, ඒ ව්‍යාජ ආරක්ෂකයනට රැවටී සිටින මිනිසුන්ට එවැනි අනතුරක් නැති බව හැඟෙන්නට සැලැස්විමයි. සිංහලයාගේ ඇස් වලට වැලි ගැසීම සදහා අද ව්‍යාජ ආරක්ෂකයින් වන චම්පික රණවකව සහ අනුර කුමාරව රනිල් වික්‍රමසිංහ අවභාවිතයේ යොදා ගනිමින් සිටියි. මේ උදවිය කට ඇර එවැනි අනතුරක් නැතැයි නොබියව අද අපට කියන්නේ නැත. ඔවුන් අපට නැවත නැවතත් කියන්නේ දූෂිතයන් ගැන හා දූෂිතයන් ගැන පමණි. තව නොබෝ දිනකින් ඒකීය භාවය කන්නදැයි චම්පික අයියා අපගෙන් ඇසුවොත් අපි පුදුම නොවෙමු. නමුත් එතෙක් ඔහු එය මඟ හැර යමින් දූෂිතයන් සොයමින් කාර්ය බහුල වනු ඇත. අප කිසි දිනක ඔහුට රැවටී සිට නැත.

අද චම්පිකට හලාල් විරෝධය හරාම් වී ඇත. එපමණක්ද? මීට මාස කිහිපයකට පෙර ඔහු ඉසිලූ වචන වන  බෙදුම්වාදය, දෙමළ ජාතිවාදය, මුස්ලිම් ජාතිවාදය, අන්තවාදී තවුහිද් ජමාද් සංවිධානය, 13 වන ව්‍යවස්ථා  සංශෝධනය, අධිරාජ්‍යයවාදී බලවේග යන සියල්ල හරාම් වී ඇත. අද ඔහුගේ එකම කාර්ය වී ඇත්තේ මංගල සමරවීර හා එක්ව රාජපක්ෂ වරුන්ට එරෙහිව මඩ ව්‍යාපාරයක් දියත් කිරීමයි. එය ආරම්භ කෙරුනේ ඡන්දයට පසු දිනය. එහිදී සිදුවන්නට ගිය මහා හමුදා කුමණ්ත්‍රණයක් ගැන ඔහු මාධ්‍යයට කීය.

"ආරක්ෂක ලේකම් ගෝඨාභයගේ මෙහෙයවීමෙන් යුද හමුදාව යොදා කරන්නට ගිය මහා විනාශයක් පොලිස්පති හා මැතිවරණ කොමසාරිස් කොන්ද කෙළින් තබාගෙන නිර්භීතව රාජකාරි කළ නිසා වැළකී ගියා. මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා" යැයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලී චම්පික රණවක මහතා ජනවාරි නවයදා පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

එම ප්‍රකාශයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය පැවසුවේය. (ඔහුව පසුව යහපාලන රාජ්‍ය තන්ත්‍රය මඟින් ඉවත් කෙරිනි.) එසේම එම කතාව පට්ටපල් බොරුවක් බව එය වලක්වා ගැනුම උදෙසා චම්පිකලා ස්තුතිය පුද කළ මැතිවරණ කොමසාරිස්වරයා පැවසීය. ඔහු මේ බේගල් ඇද දමන්නේ භික්ෂූන් වහන්සේලා දෙනමක් දෙපසින් තබාගෙනය. ස්තුතිය පුද කළ මිනිහා ඒ ගැන නොදන්නේ නම් මේ ගැන තවත් පරීක්ෂණ නොවුමනා බව කාට ඡන්දය දුන්නත් ගමේ ගොඩේ බයියන්ට වැටහේ. නමුත් චම්පිකලා අද වැටී ඇති පහත් මට්ටම නම් ඉතා ඛේදනීයය. එය එළිපිටම අපගේ වත්මන් විදෙස් ඇමතිගේ තත්වයට වැටීමකි. විධායකය තෝරා ගැනීමෙන් පසුව ඇති වූ නව පාර්ලිමේන්තුවේ දෙදෙනාට එක ළඟ අසුන් ගන්නට වරම් ලැබී තිබිනි.

මේ ජනවාරි 18 ඉරිදා ලංකාදීප පුවත්පතට චම්පික මහතා පැවසූවකි.

"අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරය බලන්න නිලධාරීන් කිහිප දෙනෙකු යවලා තියෙනවා. ඒකේ එක කාමරයක ඉදලා තියෙනවා අතරමං වෙච්ච බල්ලෙක්. දොර ඇරපු ගමන් බල්ලා බුරාගෙන ඇවිල්ලා. පස්සේ බල්ලව මෙල්ල කරලා කන්න දාලා කූඩුවකට දාලා තියෙනවා. මහින්ද රාජපක්ෂ ඡන්දේ ඉල්ලනවැයි, ඊළඟ ඡන්දෙට එනවැයි ඊළඟ අගමැති මහින්දයි කියලා කියන්නේ අර වගේ අතරමං වෙච්ච බල්ලෝ. මහින්ද රාජපක්ෂගේ යුගය ඉවරයි. මහින්ද රාජපක්ෂගේ ඇඟේ හිටපු බලු මැක්කන්ගේ යුගයත් ඉවරයි."

 පරමාධීපත්‍යය බලය ඇත්තේ ජනතාවට මිස චම්පික රණවකට නොව. ඔහු රාජපක්ෂලාට යළි මෙරට දේශපාලනයක් නෑ යයි වහසි බස් දොඩවන්නේ මන්දැයි අපි නොදනිමු. නමුත් මේ මෛත්‍රී යුගයේ මේ බලු කතා කුමටද? එම බල්ලා කූඩුවට දැම්මා මෙන් කාව හෝ කූඩුවට දැමීමේ දැඩි වෛරයකින් ඔහු පෙලෙන බව පැහැදිලිය. වැරදි කළ උන් අල්ලා මාධ්‍ය සංදර්ශනයෙන් ඔබ්බට ගොස් දඩුවම් දෙනවාට මෙරට ජනතාව ඉතා කැමතිය. නමුත් මේ කූඩුවට දමා ගන්නට ඕනෑ වී ඇත්තේ දූෂිතයන් නොව, දේශපාලනික ප්‍රතිමල්ලවයන් බව ඔහුගේ මේ කතාවෙන් මෙන්ම හමුදා කුමන්ත්‍රණ පිලිබද බොරු චෝදනාවලින්ද ගම්‍යය වේ. මහින්ද රාජපක්ෂගේ ඇගේ බලු මැක්කන් සිටි බව කීමෙන් චම්පික කියන්නේ මහින්ද රාජපක්ෂ බල්ලෙකු බව නොවේද? මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනයේ යම්  යම් අඩුපාඩු තිබූ බව සැබෑවකි. නමුත්  අපි මෙන්ම කම්පිකත් අද නොබියව මහමඟ යන්නේ එතුමා ලබා දුන් දේශපාලන නායකත්වය හේතු කොටගෙනය. (චම්පිකලා කියන්නේ එය කළේ ඔවුන් බවය.) ඔහු පසුගිය දශක කිහිපය පුරාවටම මෙරට නායකත්වය දුන් නායකයින් අතරින් සුවිශේෂීම නායකයාය. එය කුහකයන් නොවන පක්ෂ විපක්ෂ කවුරුත් පිලිගනිති. අද චම්පිකලා ලැඟ සිටින පිලේ රනිල් වික්‍රමසිංහ මහතා හෝ චන්ද්‍රිකා මැතිණිය හෝ මෙරටට කළ හොදක් යයි යමක් සොයා ගැනීම ඉතා උගහටය. කරන ලද විණ නම් පෙන්වා දිය හැකිය. එහෙව් පිලක ලැග තම වෛරය පිරිමසා ගන්නා චම්පික ඉතා ගෞරවාන්විත ලෙස පරාජය බාරගෙන බලය අත්හැර ගිය මහින්ද මහතාට බල්ලා යයි කීමෙන් ත තක්සේරු වන්නේ චම්පිකවම නොවේද?

-සුසිරිත් වීරසේකර
යුතුකම සංවාද කවය
www.yuthukama.com


, , , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

6 comments :

  1. සුනන්ද1/26/2015 9:26 AM

    මැතිවරණ කොමසාරිස්ගේ හා පොලිස්පතිගේ නීර්භීත තීරණ නිසා රට ලේ විලක් වෙන්නට තිබූ ඉඩ ඇහිරී ගියා - චම්පික
    මම එහෙම එකක් දන්නෙත් නෑ--මැතිවරණ කොමසාරිස්

    පීචං නේද පච රණවක?

    ReplyDelete
    Replies
    1. ගිය ඉරිදා ලංකාදීපේ "උගත් වියත්" චම්පිකගේ සම්මුඛ සාකච්චාවක් තිබුනා.
      ඒකේදි මිනිහා කියනව මේ ආණ්ඩුවේ ඇමතිවරු පත් කිරීම ගැන කළකිරීමක් තියෙනවලු.
      හැබැයි අපිට කරන්න දෙයක් නෑලු.
      ඒ පත්වීම් කරේ අපි නෙවෙයි ලු :)
      මරු නේද "උගත් වියත්" පිළිතුර.

      Delete
  2. සල්ලි වලට පෙරේත මූ තමයි අවජාතක, කාපු පතේ පහරපු බල්ලා, මුන් වගේ උන් කියන ඒවට රැවටෙන ගොන් මිනිස්සු මේ රටේ ඉන්නකම් මුන්ගේ පැවත්ම තියනවා.

    ReplyDelete
  3. https://maruwaxx.wordpress.com/2015/01/18/%E0%B6%A0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A-%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A-%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B7%92-%E0%B7%83%E0%B7%99/
    Read This

    ReplyDelete
  4. meyage anin gathanaya wu puwath path kalawediyage awatharaya meya pasupasa luhubandinawa.

    mahinda wisin mewa wahan siti nisa eyata wuna de balanna.

    ReplyDelete
  5. මේ කලගුන නොදත් පින්ගුත්තරයා මහින්ද රාජපක්ශ මහතා බල්ලෙකුට වක්ක්‍රාකාරයෙන් සමාන කරනවානම් මේ කාලකන්නියාත් මැක්කෙක් බව අමුතුවෙන් කිව යුතු නොවේ...ඒ මොකද කියනවා නම් රාජපක්ශ මහතා යටතේ මූත් ඇමතියෙක් වෙලා වසර 7 කට වඩා කාලයක් සිටි නිසාවෙන්......

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions