9/08/2016

අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට මන්ත්‍රීවරුන්ට කොළේ වසා ශ්‍රී ලංකාව ගොදුරු කළ හැටි

කතෘ:යුතුකම     9/08/2016   No comments

-වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර -

පසුගිය දිනවල බරපතළ කතාබහට ලක්‌වූ අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ තවත් ඉතා සූක්‍ෂම ක්‍රියාවලියක්‌ සිදුවිය. ඒ බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රාඥප්තිය එම පනතට සම්බන්ධ කිරීම මගින් ඊට ව්‍යාජ ලෙස වංලගු භාවය ලබාදීමයි. එහිදී එක්‌සත් ජාතිනAගේ සංවිධානයේ පටිපාටි උල්ලංඝණය කිරීමක්‌ද සිදුව ඇති බව පෙනේ. පනතේ 27 වැනි වගන්තිය මගින් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය පනතට සම්බන්ධකොට ඇත්තේ අතුරුදහන්වූවන් නිර්වචනය කිරීමේ මුවාවෙනි. පනත මගින් ඉදිරිපත් කෙරෙන නිර්වචන තුනෙන් එකක්‌ වන්නේ එම ප්‍රඥප්තිය මගින් දක්‌වා ඇති නිර්වචනයයෑයි පනතේ සඳහන් වේ. පනතේ එසේ සඳහන් වූවත් ප්‍රාඥප්තිය තුළ නිර්වචනයක්‌ ලබාදී නැත. ඒ අනුව සිදුවන්නේ පනත ක්‍රියාත්මක කිරීමේදී ප්‍රඥප්තිය මගින් ලබාදී ඇති මූලික මාර්ගෝපදේශ පිළිපැදීමය.

මෙම ක්‍රියාව ඉතා කූඨ ලෙස සිදුකර ඇතිඅතර එම ප්‍රඥප්තිය විධිමත්ව වලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත්තා නම් ප්‍රඥප්තිය පිළිබඳව පනතේ පුර්විකාවේ සඳහන් කළ යුතුව තිබුණි. නමුත් අණ්‌ඩුවට අවංකව සහ විවෘතව එසේ කිරීමට හැකියාවක්‌ නැත්තේ එම ප්‍රඥප්තිය වලංගු කිරීම මගින් අප රටේ රණවිරුවන් බරපතල පාවාදීමකට ලක්‌වන බැවිනි. මෙම ප්‍රඥප්තිය 1996දී එක්‌සත් ජාති
න්ගේ මහා මණඩලයෙන් අනුමත වූ දා සිට ඊට අනුමැතිය පළකොට පසුව එය වලංගු කොට ඇත්තේ රටවල් 52ක්‌ පමණි. ඉන්දියාව සහ ඇමෙරිකාව එම ප්‍රඥප්තිය මේ වන තුරුත් වලංගු කොට නැත. එම රටවල් එක්‌සත් ජාතීන්ගේ විවිධ ප්‍රඥප්ති යටතේ තම රටවල හමුදා සාමාජිකයන්ගේ ආරක්‍ෂාව හෝ ජාතික ආරක්‍ෂාවට අදාල රාජ්‍ය රහස්‌ අනතුරට ලක්‌වීමට ඉඩ දෙන්නේ නැත. ඔවුන් මතුපිටින් ඉතා සාධාරණ බව පෙනෙන බොහෝ ජාත්‍යන්තර ප්‍රඥප්ති යොදාගන්නේ තෝරාගත් රටවල් ප්‍රමාණයක අභ්‍යන්තර කටයුතුවලට අගිලි ගැසීම සඳහා ම`ග පාදන දේශපාලන උපාංග වශයෙනි.

අප රටේ ව්‍යවස්‌ථාව අනුව ජනාධිපතිවරයා හෝ වෙනත් බලය පැවරූ ඇමතිවරයකු හෝ නිලධාරියකු විසින් යම් ජාත්‍යන්තර ප්‍රඥප්තියක්‌ අත්සන් කිරීම හෝ වලංගු කිරීම සිදුකළ පමණින් ඊට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණය බැදී නැත. සරත් එන් ද සිල්වා අගවිනිසුරුතුමා විසින් ලබාදී ඇති නිතිපතිට එරෙහි සිංහරාස නඩු තීන්දුව අනුව අප රටේ රාජ්‍ය නායකයා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අත්සන් කළ පමණින් එය රටේ නීතියට අනුව බලාත්මක වන්නේ නැත. ඒ සඳහා ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු අතර එය රටේ නීති පද්ධතියට ඇතුල් කළ යුතුය. එම ප්‍රඥප්තිය රටේ නීතියට සම්බන්ධකොට නොමැති නිසා ඒ යටතේ ජිනීවා නුවර පිහිටුවා ඇති මානව හිමිකම් කමිටුව විසින් ලබාදෙන ලද තීන්දු අනුව කටයුතු කිරීමට අප රටේ අධිකරණයට බැඳීමක්‌ නැත. වර්තමාන යහපාලන ආණ්‌ඩුව විසින් ජාත්‍යන්තර බලපෑම මත අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය හොර පාරෙන් ගොස්‌ රටේ නීතියට ඇතුල්කරන්නේ ඉහත සඳහන් කළ වරද නිවැරදි කිරීම සඳහා බව ඉතා හොඳින් වටහාගත හැක.

කෙසේ වෙතත් ඉහත සඳහන්කළ ආකාරයට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මෙන් නොව අතුරුදහන්වූවන්ගේ ප්‍රඥප්තිය මහජනයාගේ ඇස්‌ ඉදිරියේ සාධාරණිකරණය කිරීම යනු දේශපාලන වශයෙන් පහසු කාර්යයක්‌ නොවේ. එම ප්‍රඥප්තිය මතුපිටින් අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන බව පෙන්වුවත් එහි මූලික අරමුණ අතුරුදහන්වීම් වලට වගකිවයුතු යෑයි චෝදනා එල්ලවන ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට දඩුවම් කිරීම බව මහජනයාට තේරුම්ගත හැක. 2015දී එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට විරුද්ධව සම්මතකළ ඇමෙරිකානු යෝජනාවලියේ 4 වැනි වගන්තිය මගින් අවධාරණය කෙරෙන්නේ එම ප්‍රඥප්තියේ සඳහන් ආකාරයට කටයුතු කළ යුතු බවය. එම ප්‍රඥප්තිය පිළිබඳව පනතේ සඳහන්වී තිබියදී එහි පිටපත මන්ත්‍රීවරුන්ට ලබාදීමට ආණ්‌ඩුව ක්‍රියා නොකරන්නේ එම තත්ත්වය නිසාය. එම ප්‍රඥප්තියේ සිංහල පරිවර්ථනයක්‌ විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය හෝ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සතුව නොමැති බව එම කාර්යාලවල වගකිව යුතු නිලධාරීන් විසිනි ප්‍රකාශ කරන්නට යෙදුනි. ඒ බව දැනගත හැකි වූයේ ප්‍රඥප්තියේ සිංහල පිටපත ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිත පිරිසක්‌ එම කාර්යාලවලින් ඉල්ලීම් කළ අවස්‌ථාවේදීය. ඒ අනුව ප්‍රඥප්තිය පිළිබඳව මහජනයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක්‌ නොව ජනාධිපතිවරයා පවා දැනුවත්වීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හිතා මතා වළක්‌වා ඇති බව පෙනේ.

අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතේ සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ අන්තර්ගතය තරම්ම ඒවා සම්මත කළ ආකාරයද ඉතා භයානක වන්නේ ඒ මගින් පාර්ලිමේන්තුවට ඉතා නරක පුර්වාදර්ශයක්‌ සපයන බැවිනි. ඕනෑම ජාත්‍යන්තර ප්‍රඥප්තියකට එක`ගතාවය පළ කිරීමෙන් හෙවත් ඊට අත්සන් යෙදීමෙන් පසුව එය වලංගුභාවයට පත්කිරීම සඳහා අත්සන් යෙදීමට පෙර අදාළ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතකිය ලබාගත යුතුය. රටේ නීති පද්ධතියට එම ප්‍රඥප්තියේ කොන්දේසි නිර්ණායක හෝ ප්‍රමිතීන් අතුල්කළ හැක්‌කේ එසේ අනුමැතිය ලබාගැනිමෙන් පසුවය. නමුක්‌ යහපාලන ආණ්‌ඩුව එම පටිපාටිය අනුගමණය කළේ නැත. විදේශ අමාත්‍යවරයා 2015 සැප්තැම්බර් මස මානව හිමිකම් කොමසාරිස්‌වරයාට එක`ග වූ පරිදි දෙසැම්බර් මාසයේදී අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් යෙදීමට ක්‍රියා කළේය. ඒ සඳහා ඔහු පසුගිය දෙසැම්බර් 09 වැනිදා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගන්නා අතර පසුවදා එනම් 10 වැනිදා අත්සන් තැබීමට කටයුතු සැලසීය. ඒ මගින් විදේශ අමාත්‍යාංශයේ හදිසිය කොතරම්ද යන්න පැහැදිලි වේ.

කෙසේවෙතත් ප්‍රඥප්තිය අත්සන් කිරීමෙන් පසුව එය අදාල පටිපාටියට අනුව වලංගු කිරීම සඳහා අමාත්‍ය මණ්‌ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමක්‌ සිදුවූයේ නැත. ඒ වෙනුවට ආණ්‌ඩුව කළේ එම ප්‍රඥප්තිය පනතට සම්බන්ධ කොට පනත සඳහා පමණක්‌ අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගැනීමය. ඒ අනුව මැයි 24 දින අමාතශ මණ්‌ඩලය විසින් පනත ගැසට්‌ කිරීම සඳහා අනුමැතිය ලබාදුන් අතර එම අනුමැතිය කූඨ ලෙස යොදගනිමින් මැයි 25 දින ප්‍රඥප්තිය වලංගු කිරීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ අනුව අවසානයේදී ප්‍රඥප්තිය පනතට සම්බන්ධ කොට බලහත්කාරයෙන් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ප්‍රඥප්තියටද පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා සේ සලකා ආණ්‌ඩුව කටයුතු කරන බව පෙනේ. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌ පමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ පටිපාටිද උල්ලංඝණය කිරීමකි. එය කූඨ සහ නීති විරෝධී දේශපාලන හැසිරීමකි. නමුත් එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊට අභියෝග නොකරන බවට සැකයක්‌ නැත. පනත සම්මත වූ පසුව පනත සම්මත කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරය පිළිබඳව වචනයක්‌ හෝ කතා නොකර ඊට සුභ පැතීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් ක්‍රියාකිරීම තුළින් පැහැදිලි වන්නේ ඒ පරම සත්‍යය නොවේද?

දැන් අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතට සම්බන්ධ කිරීම නිසා එම ප්‍රඥප්තියේ නිර්නායක සහ ප්‍රමිතීන්ට අනුව පනත ක්‍රියාත්මක වනු ඇත. ඒ මගින් රණවිරුවන්ට එරෙහිව පනත යොදාගන්නා ආකාරයේ භයානකකම දස ගුණයකින් වැඩිවේ. ජාත්‍යන්තර ප්‍රඥප්තිය හරහා ශ්‍රී ලංකා රජය එක`ගවන කොන්දේසි අනුව ඊනියා අතුරුදහන් කිරීම්වල ප්‍රමාණය සහ ව්‍යාජ සාක්‍ෂි මගින් වර්ණ ගන්වා පෙන්වනු ලබන ඒවයේ කෘරත්වය අතිශයෝක්‌තියෙන් හුවාදැක්‌වීම මගින් ඒවා පොදුවේ මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ අපරාධ ලෙස නම්කළ හැක. එසේම ඒවා දැනුවත්ව සිදුකළ සාමුළ ඝාතන මෙහෙයුමක ප්‍රතිඵල ලෙසද අර්ථ දැක්‌විය හැක. එය වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත්කිරිමේදී ඉතා වාසිදායක කොන්දේසියක්‌ බවට පත්වේ. ''පරණගම කොමිසමට'' ලැබුණු පැමිණිලි 20,000ක ප්‍රමාණවය 65,000ක්‌ දක්‌වා වැඩිවනු ඇති බවට අප රටේ විදේශ අමාත්‍යාංශය අනාවැකි පළකරන්නේ එම අවශ්‍යතාව ඉටුකිරීම සඳහා නොවේද? ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 5 වැනි වගන්තිය මගින් පනවා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගු කිරීම නිසා අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතට අදාලව පමණක්‌ නොව ඊනියා අතුරුදහන්වීම්වලට අදාලව පිහිටුවනු ලබන ඕනෑම යාන්ත්‍රණයක්‌ එම ප්‍රඥප්තියේ නිර්දේශ සහ ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට රජය බැදී සිටියි. ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂිය නීති යටතේ යුදඅපරාධන චෝදනා එල්ල කිරීමේදී යුද්ධයේ යථාර්ය සැලකිල්ලට ගැනේ. උදාහරණයක්‌ ලෙස රජයට විරුද්ධව යුද වැදී සිටින පාර්ශ්ව විසින් භාවිතා කරන යුද බලයට සාපේක්‍ෂ බලයක්‌ භාවිතා කිරීමට රජයට අයිතිය ඇත. නමුත් අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ අතුරුදහන්වීම් වලට අදාලව යුද්ධයේ ස්‌භාවය නිදහසට කරුණක්‌ ලෙස සැලකිල්ලට නොගැනේ. එහි ඇති භයානකකම වන්නේ යුද පිටියේදී ක්‍රියාන්විතවලදී මරණයට පත්වූ ත්‍රස්‌තවාදීන් පවා අතුරුදහන්වූවන්ගේ ගොඩට දමා චෝදනා එල්ල කිරීමට හැකිවීමය.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව අතුරුදහන්වීම් පිළිබඳව චෝදනා එල්ලකළ හැක්‌කේ රජයේ පාර්ශව වලට පමණි. ඒ අනුව හෙළ උරුමය වැනි පක්‍ෂ කියන ආකාරයට හමුදා සාමාජිකයන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව සම්බන්ධන් මන්ත්‍රීවරයාට හෝ සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකළ නොහැක.නමුත් එම ප්‍රඥප්තියේ 6වැනි වගන්තිය අනුව ඕනෑම පරීක්‍ෂණයකදී අණදීමේ වගකීමට අදාල චෝදනා එල්ල කිරීම අනිවාර්ය වේ. ඒ මගින් අතුරුදහන්වීමකට අදාලව චෝදනා එල්ලවන ආරක්‍ෂක හමුදා සාමාජිකයකුට අනදිමේ වගකීමක්‌ සහිත ඉහළ හමුදා හෝ සිවිල් නායකයකු ඊට පටලවා ගැනීමට ඉඩ සැලසේ. එහිදී අණදීමේ වගකීම තිබේනම් අතුරුදහන්වීමකට පක්‍ෂව ක්‍රියාමාර්ග ගැනීම හෝ නියෝගදීම මෙන්ම එය වැළෑක්‌වීමට ක්‍රියාමාර්ග නොගැනීම යන භූමිකා දෙකටම අදාලව ඉහළ නිලධාරීන් චුදිතයන් බවට පත්කිරීමේ ඉඩ ලැබේ. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හෙවත් කොමිසම අනාගතයේදී පරීක්‍ෂණ කරගෙන යාමේදී අනුගමනය කළ යුතු නිර්ණායක එසේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් නිශ්චිතව පනවා ඇත.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 7 වැනි වගන්තිය අනුව චෙෙdaදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව පරිපාලන වශයෙන් දඩුවම් කිරීමට ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ සඳහා පරීක්‍ෂණ අවසාන වනතුරු සිටීම අවශ්‍ය වන්නේ නැත ඒ අනුව හුදු චෝදනා එල්ල වූ පමණින් රණවිරුවන් සේවයෙන් පහ කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් රජයට බලකෙරේ. 2015 ඇමෙරිකානු යෝජනාවේ 8වගන්තිය මගින් එසේ පරිපාලන වශයෙන් රණවිරුවන්ට දඩුවම් කළ යුතු බව අවධාරණය කොට ඇත.ඊට අමතරව අතුරුදහන්වූවන්ගේ කොමිසම මගින් සෘජු අපරාධ හෝ සිවිල් නඩු පැවරීමක්‌ සිදු නොකරන බව සඳහන් කළත් ජාත්‍යන්තර ප්‍රඥප්තියේ කොන්දේසිවලට අනුව එම කොමිසමේ පරීක්‍ෂණ වාර්තා පදනම් කරගෙන වෙනත් ආයතන හරහා නඩු පැවරිය යුතුය. එනම් නීති පති සහ ඉදිරි කාලයේ පිහිටුවනු ලබන යුද අපරාධ අධිකරණයේ අභිචෝදනා හරහා එසේ අපරාධ නඩු ක්‍රියාමාර්ග ගත යුතුය.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 9 වැනි වගන්තිය අනුව ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් වන ඕනෑම රටකදී අප රටේදී චෝදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව නඩු පැවරිය හැක. චෝදනා එල්ල වූ රණවිරුවකු හෝ ඔහුට අණ දුන්නා යෑයි චෝදනාවට ලක්‌වන හමුදා හෝ සිවිල් නායකයකු එම රටකට ඇතුල් වූ අවස්‌ථාවක ඔහු අත්අඩංගුවට ගෙන එම රටේ නීතියට අනුව නඩු පැවරීමේ බලය මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් ලබාදී ඇත. එසේ අප රටේ රණවිරුවකු අත්අඩංගුවට ගත් රටක්‌ රෝම ප්‍රඥප්තියට හෙවත් ජාත්‍යන්තඑ අපරාධ අධිකරණ ව්‍යවස්‌ථාවට අත්සන් තබා තිබේනම් අප රට එසේ අත්සන් තබා නොමැති වුවත් අදාල රණවිරුවා ජාත්‍යන්තර අධිකරණයට බැරදීමට එම රටට බලය ලැබේ. ඒ අනුව මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට බලංගුභාවය ලබාදීම මගින් කෙතරම් බරපතල ලෙස රණවිරුවන් පාවාදීමට ලක්‌වනවාද යන්න පැහැදිලිවේ.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 15 වැනි වගන්තියට අනුව ඊට අත්සන් තබා ඇති රටවල්වලට යම් රටකට සහයෝගය දීමේ මුවාවෙන් එම රටේ නීතිය අනුව සිදු කෙරනවා යෑයි කියන පරීක්‍ෂණවලට මැදිහත්වීමේ බලය ලැබේ. ශ්‍රී ලංකාව වැනි එවැනි ජාත්‍යන්තර මැදිහත්වීමකට ''පැනලා දෙන'' රටකට අදාලව එම වගන්තිය මගින් මැදිහත්වීමකට විශාල ඉඩක්‌ විවෘත වේ. බොහෝ විට තාක්‍ෂණ සහාය ලබාදීමේ නාමයෙන් සහ අතුරුදන්වූවන් වෙනත් රටක ජීවත්වෙනවාද යන්න සොයා බැලීමේ නාමයෙන් මෙම මැදිහත්වීම් සාධාරණීකරණය කෙරනු ඇත. එහිදී අ=රුදහන්වූවන්ගේ කාර්යාල පනත මගින් ජාත්‍යන්තර සංවිධාන වලින් මුදල් සහ තාක්‍ෂණික සහාය ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන පනවා ඇති බැවින් පනත රිලවාට ඉනිමං බදින තත්ත්වයක්‌ ඇතිවනු ඇත.

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව පිහිටුවනු ලබන ජාත්‍යන්තර කමිටුවට යම් රටක්‌ වගකිය යුතු වන්නේ ප්‍රඥප්තිය වංලගු කිරීමෙන් පසුව සිදුවන අතුරුදහන් කිරීම් වලට අදාලව පමණි. එහෙත් ප්‍රඥප්තියේ පොදු වගන්ති මගින් අතීතයට අදාලව සිදුකෙරෙන පරීක්‍ෂණවලට මැදිහත්වීමට ඉඩ සැලසේ. එසේ වුවත් ප්‍රඥප්තියේ අනෙකුත් පාර්ශ්වකාර රටවල් විසින් ශ්‍රී ලංකාවට අදාලව කරනු ලබන ඉල්ලීම් හෝ මැදිහත්වීම් නිසා යම් ගැටුමක්‌ ඇතිවුවහොත් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පැමිණිලි කිරීමට මෙම ප්‍රඥප්තිය මගින් ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීම සඳහා කරනු ලබන පරීක්‍ෂණ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට උවමනා ආකාරයට සිදු නොවේනම් ඊට මැදිහත්වීමට පමණක්‌ නොව ඊට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරීම මගින් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ ඉඩක්‌ මෙම ප්‍රඥප්තිය මගින් විවරවේ.

මෙම තත්ත්වය සමස්‌ථයක්‌ ලෙස ගෙන බලන විට පෙනීයන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතේ ප්‍රතිපාදන වලට වඩා බරපතල කොන්දේසි ප්‍රමාණයකට යටත්වීමට ශ්‍රී ලංකා රජයට සිදුවන බවය. එතරම් බරපතල උගුලකට ආණ්‌ඩුව විසින් පය තැබීම මගින් රණවිරුවන් ජාත්‍යන්තර ගොදුරක්‌ බවට පත්කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූ දෙනාටම තොරතුරු සැ`ගවීම මගින් සහ ඔවුන් රැවටීම මගිනි. එම පහත් ක්‍රියාවට කථානායකවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා Rජුව වගකිව යුතුය. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මනසේ ඒ පිළිබඳව ඇතිවන්නේ ලැර්ඡාවක්‌ද කෝපයක්‌ද යන්න පැහැදිලි නැත. ආණ්‌ඩුවේ පාර්ශ්වකරුවන් වී සිටින මන්ත්‍රීවරුන්ට නම් ඒ පිළිබඳව කිසිදු හැඟීමක්‌ නැතිවීම පුදුමුයක්‌ නොවේ. එහෙත් ව්‍යාජ විපක්‍ෂය කෙසේවෙතත් සැබෑ විපක්‍ෂය වන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව හෘද සාක්ෂියේ ප්‍රශ්නයක්‌ තිබිය යුතුය. මෙම ක්‍රියාවලිය තුළ සැබෑ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා පිළිබඳ අඹමල් රේණුවක විශ්වාසයක්‌ ඉතිරිවී තිබිය හැකිද?එසේ ඉතිරි වී නොමැතිනම් ඔවුන්ට තවදුරටත් ඔහු කෙරෙහි විශ්වාසය තබමින් රෙදි ඇදගෙන ඔහු සභාපතීත්වය දරන ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ වාඩි වී සිටිය හැකිද? අතුරුදහන්වූවන්ගේ පනත සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තිය සම්මත කිරීමේදී කථානායකවරයා හැසිරුණු ආකාරය ව්‍යවස්‌ථා සම්පාදන සභාවේදී නැවත ප්‍රතිනිර්මාණය නොවනු ඇතැයි යන සහ.තිකය දිය හැක්‌කේ කාටද? මහජන පරමාධිපත්‍යයේ නාමයෙන් ඔහුගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුවේ වාඩිවී සිටීම යනු වෙනම සලකා බැලිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com