~ඉසුරු රන්දෙනිකුමාර~විග්නේශ්වරන්ට නොරැවටෙමු - දමිළ ජනතාවට සෙනෙහසින් යුද්ධය පැවති දශක තුන තුල උතුරේ දමිළ ජනතාව වන ඔබලා නිවීසැනසිල්ලේ සිටි එකදු දවසක් හෝ ඇත්දැයි සැකසහිතය. එක්කෝ ඔබ නිදා සිටින විට ඇසෙන වෙඩි හඬට තිගැස්සී අවදි වූයේය. එක්කෝ ඔබලාගෙන් කෙනෙක් ගවයන් තණ කෑමට දක්කාගෙන යන අතරමග බිම්බෝම්බ වලට ගොදුරුව ඇස් කන් පාද අහිමි කරගත් හ. නැතහොත් පැතිබෝම්බයකට, බස් බෝම්බයකට ගොදුරු වූ තම අසල්වැසියාගේ මළ ගෙදරට සහභාවීමට සිදුවිය. එසේත් නැතිනම් ගමින් ගමට ඇති මුරකපොලු වලට තම ගමන් මල්ලේ පුපුරණ ද්‍රව්‍ය නොමැති බව පෙන්වන්නට සිදුවිය.
2009 මැයි මස 19 වෙනිදායින් පසුව අද වෙනතුරු ඔබලා සුවසේ නිදති, ගමන් යති, ජීවනෝපායන්හි යෙදෙති. විනෝදවෙති .
ජාතිවාදය අලු යට ගිනි පුපුරු වැනිය. ඒ ගින්න නැතිව යාමට කාලයක් ගතවේ. ඔබ බුද්ධිමත්නම් කලයුත්තේ ඒ අලුයට ගිනි නිවීයාමට ඉඩහැර එවැනි අවස්ථා වලට ඉඩ ලබා නොදීමය.
යුද්ධය නිසා උතුරේත් දකුණේත් තරුණ ජීවිත දහස් ගණනක් මිය ගියේය. ඒ පිරභාහරන් විසින් මෙහෙයවන ලද කැරැල්ල හේතු කොට ගෙනය. ඔබගේ ගැලවුම්කාරයා ලෙස පෙනී සිටි ඒ ඊනියා වීරයා ඔබේ ඔලුවට විස පෙවීමට උත්සාහකොට , ඔබේ දරුවන්ගේ, සහෝදරයින්ගේ ළමා කාලය බිලිගත්තේය. නමුත් අවසන් සටනේ ඔබව මිනිස් පලිහක් ලෙසින් තබාගෙන බියසුල්ලෙකු සේ මියගියේය. ඔබ ඒ අවස්ථාවෙහි තේරුම් ගත යුතුව තිබුනේ ඒ ත්‍රස්ථවාදීන් සටන් වදින්නේ ඔවුන්ගේ බලය වෙනුවෙන් මිස ඔබ වෙනුවෙන් නොවන බවයි. එය ඔබ තේරුම්ගෙන නැති සෙයකි.
ඔබේ ජන මනස ක්‍රියාකරන ආකාරය ගැන ඔබ හොඳින් බැලුවහොත් එය ක්‍රියාත්මක වන්නේ උඩ සිට පහලට බව ඔබට මනාව පෙනෙනු ඇත. ඔබේ බහුතරය පිලිගන්නේ ඔබේ නියෝජිතයායැයි කියාගන්නා ඔබේ ඊනියා ගැලවුම්කරු පවසන දෙයයි. ඔබේ නියෝජිතයින් ඔබේ මේ විශ්වාසයෙන් අයුතු ප්‍රයෝජනයක් ගන්නා බව ඔබට නොපෙනනවා ඇත. නමුත් අපට එය වැටහෙන්නේ නිතැතිනි.
පසු ගිය සැප්තැම්බර 24 වන දින උතුරු පළාත් මහ ඇමති විග්නේශ්වරන් "එළුඟ තමිල්" නැමති විරෝධතාව දියත් කරමින් සිංහලයින්ට, බෞද්ධයින්ට තම භූමියෙන් ඉවත්වන ලෙස බල කරන ලදී. එවැනි පෝස්ටර ප්‍රදර්ශනය කරන ලදී. ඔවුන් ඔබහට කීවේ කුමක් අරභයා නැගීසිටීමටද යන්න අපි නොදනිමු . අපට පෙනෙන්නේ විග්නේශ්වරන් මහතා ඔබව රවටමින් අගාධයකට ඇදගෙන යන බවකි. නැවත වරක් ඔබගේ රුධිරය මතින් තම බඩ වියත රැක ගැනීමේ උපායකි. තම ජනතාවට සේවය කිරීම පසෙකලා වෙනත් රටවල ඩොලර්, ෆ්රෑන්ක් මත යැපෙමින් නැවත බලය ගැනීම උදෙසා පමනක් ඔබට සින්තටික් සිහිනයක් පෙන්වා ඔබව උසිගැන්වීමකි.
දමිළ ඔබ බුද්ධිමත් ජනකොටසකි. යුද්ධය පවති වසර 30 ඔබේ ජනයාට උරුම වූ ඒ දැනුම, තාක්ෂණය, නිදහස පිරබාහරන් විසින් උදුරාගන්නා ලදී. අවසානයේ උතුරේත් දකුණේත් බිඳුනු හිත් පමණක් ඇති කරමින් ඒ උන්මත්තකයා පරලොව ගියේයය. පසුගිය වසර 6ක කාලය තුල ඔබ නැවත ඒ නැති වූ නිදහස ලබාගෙන නව ලොවට පියමන් කිරීම ඇරඹුවා පමනකි. යාල් දේවී උතුර දකුණ යා කෙරෙමින් ගමන ඇරඹුවා පමණකි.
ඔබ යලිත් විග්නේශ්වරන් වෙසින් එන පිරබාහරන් අදස්වලට යට වනවාද? නැතහොත් එයින් මිදී ශ්‍රී ලාංකියන් ලෙස සංස්කෘතික මුහුවක් ඔස්සේ එක්ව ගමනක් යනවාද? තීරණය ඔබට භාරයි !
පිරබාහරන්ගේ සිහිනය ගොඩනැගීමට තැත්දරන බලකාමීන්ගෙන් ඔබට ගැලවුමක් නැතිවන්නට පුලුවන. ඔබට එසේ සිත්වන්නේ නම් එන්න දකුණට! ඔබේ සහෝදර සිංහල ජනතාව ඔබහා ජීවත්වීමට, ඔබේ සංස්කෘතිය විඳීමට, තෛපොංගල් බතෙහි රස බැලීමට බලා සිටිති ! දකුණේ දී හමුවෙමු
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබට මුතුන් මිත්තන්ගෙන් උරුමවූ රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
ReplyDeleteඔබඅනාගත පරපුරට උරුමකරදියයුතු රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
පිය උරුමයෙන් ඔබට රකින්නට රටක් ඇත එය “සිංහලේ රාජ්‍යයි”
ඔබේ රට ශ්‍රීලංකාව නොව එය “සිංහලේ රාජ්‍යයි”
1948දී ඔබේ මුතුන් මිත්තන් දීනාගත් රට “සිංහලේ රාජ්‍යයි”
1815 දී ඔබ මුතුන් මිත්තන් අතින් ගිලිහුනේ ඒ “සිංහලේ රාජ්‍යයි”
නිදහස ලැබුණි නම් අපේ රට “සිංහලේ රාජ්‍යයි”
මෙය අසිංහලයින්ගේ රට නොවේ “සිංහලේ රාජ්‍යයි”
උඩරට ගිවිසුමෙන් ඉංග්‍රීසින්ට පවරා දුන්නේ “සිංහලේ රාජ්‍යයි”
CEYLON ලෙස යලිත් නිදහසින් ලබන්නේ “සිංහලේ රාජ්‍යයි”
රටේ ඔප්පුව වන උඩරට ගිවිසුමේන් සදහන් වෙන්නේත් “සිංහලේ රාජ්‍යයි”
සැකයක් ඇතිකරගත යුතු නැත අපේ රට “සිංහලේ රාජ්‍යයි”
යටත් විජිතයක් නොවී ලොව ගිවිසුමකින් පවරාදුන් එකම රට “සිංහලේ රාජ්‍යයි”
සුද්දාට යුද්ධ කොට ජයගැනීමට නොහැකිවූ එකම රට “සිංහලේ රාජ්‍යයි”
2500 වසරක ඉතිහාසයක් ඇති එකම රට “සිංහලේ රාජ්‍යයි”
සිංහ “ලේ ” ගලා යද්දී මුතුන් මිත්තන් යටත් නොකළේ “සිංහලේ රාජ්‍යයි”
“ශ්‍රීලංකාව” අසිංහල කොලනියකි මගේ රට “සිංහලේ රාජ්‍යයි”
“ශ්‍රීලංකාව” මුලාවකි යත්වූ සත්‍ය රට “සිංහලේ රාජ්‍යයි”
සත්‍යක් ඇත යටත් කල නොහැකි එය “සිංහලේ රාජ්‍යයි”
අසිංහලයින්ට හිමිකමක් නැත මෙය “සිංහලේ රාජ්‍යයි”
ජාතියේ හෳදය ෂාක්ෂිය “සිංහලේ රාජ්‍යයි”
මුතුන් මිත්තන්ගේ “හෳදය ෂාක්ෂිය” “සිංහලේ රාජ්‍යයි”
භුමියේ යථාර්තය “සිංහලේ රාජ්‍යයි”
ශ්‍රීලංකාව මිත්‍යාවකි ,මගේ රට “සිංහලේ රාජ්‍යයි”
කළු සුද්දන් සිංහලේ රට වෙනස් කලේ “ශ්‍රීලංකා” කරලා
කළු සුද්දන් “සිංහල කොඩිය” වෙනස් කලේ කොඩියට “පටි” ගහලා
කළු සුද්දන් “සිංහල ජාතිය” වෙනස් කලේ “හිපියන්” කරලා
කළු සුද්දන් “සිංහල සිරිත්” වෙනස් කලේ “තුප්පහියන්” කරලා