9/23/2016

තවත් වාද විවාද අනවශ්‍යයි, රට රැකුමට පෙරට එමු.

කතෘ:යුතුකම     9/23/2016   No comments

-බණ්ඩාර දසනායක-
2015 ජනවාරි 8 ජාතිකත්ව කඳවුරෙන් විජාතික සතුරු කඳවුරට ආණ්ඩු බලය මාරු වීමත් සමග දෙස් විදෙස් විජාතික බලවේග මෙරට දෙමළ ජාතිවාදයද සමග අත්වැල් බැඳගනිමින් පියවරෙන් පියවර ඉදිරියට යමින් ජයග්‍රගනයන් ලබයි. ඒ අතර ජාතික බලවේග දිගින් දිගට පසුබසිමින් පරාජයේ මාවතක ගමන් කරයි. (මා විසින් මින් පෙර ලියූ ලිපියෙන්ද ඒ ගැන කරුනු කීවෙමි ) සියල්ල ඒ අයුරින් සිදු වෙද්දී ඒ ප්‍රධාන ගැටළුව රටවැසියාගෙන් වසන් කිරීමට විජාතික යහපාලන පිසාචයන් මහින්ද ඇතුළු රටේ ඒකීයභාවය හා ජාතිකත්වය රැකීමේ කණ්ඩායමේ සාමාජිකයන්ට විවිධ දුෂණ චෝදනා එල්ල කරමින් ඔවුන් මර්ධනය කර තමන් රටට සාධාරනය කිරීමට පැමිණි සුරදූතයන් ලෙස පෙනී සිටිති. මේ සුරදූතයන් ඔවුන්ගේ ආණ්ඩු පැවති අතීතයේ රටේ ජාතික ධනය කොල්ලකමින් හොර තක්කඩිකම් සියල්ලට අත්පොත් තැබූ ආකාරයත් ජනමතය තමන්ට එරෙහි වෙද්දී මැර බලයෙන් ආණ්ඩු කිරීමට ගිය ආකාරයත් කිසිවෙකුට අමතක යැයි සිතිය නොහැක.

විජාතිකත්ව සතුරු කඳවුරේ නියෝජිත පොදු අපේක්ෂක සිරිසේන ජනපති වූ සැනින් විජාතික කඳවුරේ මෙරට නිල නායකයා වන රනිල් වික්‍රමසිංහ ව්‍යවස්ථාවටද පටහැනිව අගමැති ලෙස පත් කරගත්තේය. මේ කටයුතු වලින් පෙන්නුම් කළේ විජාතික බල කඳවුරේ ජාතිකත්ව විරෝධී පිපාසය සන්සිඳුවීමට තිබෙන හදිසියයි. එතැන්පටන් මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට එරෙහි දෙස් විදෙස් බලවේග වලට රජ මගුල්ය. දෙමළ ජාතිවාදයේ යුධ පෙරමුණ එල්ටීටීඊ ය යුධමය වශයෙන් පරාජය වූ පසු එහි මතවාදය ඉදිරියට ගෙනයන්නට ඉතිරි වු ටී.එන්.ඒ කල්ලි ප්‍රධානී සම්බන්ධන් විපක්ෂ නායක විය. ඇමරිකානු හා බ්‍රිතාන්‍ය නියෝජිතයන් මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් රටට පැමිණ පස්වනක් ප්‍රීතියෙන් සිරිසේන රනිල් ව්‍යාජ යහපාලන නඩයට සුභ පැතීය. ඒ සියළු ක්‍රියා වලින් පෙන්වූයේ විජාතික හතුරු කණ්ඩායම ලැබූ ජයග්‍රහනයත් සමග මහින්දගේ නායකත්වය නැතිවී බෙලහීන වෙමින් පසුබාන ජාතිකත්වය දෙස අවඥ්ඥා සහගත ලෙස බලන විජාතික නියෝජිතයන්ගේ බලාපොරොත්තු සහගත බවයි. ඔවුන්ගේ අභිලාශයන් මොනවාද? මෙය ජාතිකත්වය හා විජාතිකත්වය අතර ගැටුමේ ස්වභාවයට සංවේදී කිසිවෙකුටත් අමුතුවෙන් උගන්වන්නට දෙයක් නොවේ. බටහිර අධිරාජ්‍ය උමතුව දෙවන ලෝක යුද්ධයෙන් පසුවට යුදෙවු අනාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණය දක්වා පරිනාමිකව ඉදිරියට පැමිණ තිබුණි. ඒ බටහිරදී කතෝලික චින්තනය අභිබවා යුදෙවු චින්තනය ඉස්මතු වීම සමගයි.

බටහිරත් යුදෙවු චින්තනය බලවත් වීම තුල නාස්තිකාර අධික පරිභෝජන රටාවකුත් ආත්මාර්ථකාමී සමාජයකුත් බිහි උනා පමණක් නොව ඒ තුලම ගොඩනැගුණු මාක්ස්වාදය ලිබරල්වාදය කාන්තා විමුක්තිය වැනි මතවාද ඒ රටවල් තුලම ජාතිකත්වයන් දුර්වල කර දේශපාලනයේද පෙරමුණ ගනිමින් ජාත්‍යන්තරවද ඒකාබද්ධතාවයක් ගොඩනගාගන්නට සමත් වී තිබේ. මෙවන් තත්වයක් තුල බටහිර පැරනි අධිරාජ්‍යවාදයද පසුකාලීනව ක්‍රියාත්මක උනේ යුදෙවු අනාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණයක් ලෙසයි. ඊට පැරණි අධිරාජ්‍යවාදයේ යටත්විජිත ලෙස පැවති රටවල අධිරාජ්‍යගැත්තන් හා සේවකයන් ලෙස හදාවඩා සිටියවුන්ගේ සහයෝගය දැන් ලැබී තිබේ. බටහිර යුදෙවු අනාගමික මතවාදී හා සංස්කෘතික ආක්‍රමණිකයාගේ දකුණු ආසියාතික යුධ පෙරමුණ ලෙස කලක් තිස්සේ කටයුතු කළේ ලංකාවේ ආවේනික සිංහල බෞද්ධ ජාතිකත්වය මර්ධනය කිරීමේ අධිරාජ්‍ය වගකීමද ඉටුකරමින් සිටි කොටි සංවිධානයයි. යුදෙවු චින්තනය තුල බිහි වූ විවිධ මතවාද අනුගමනය කරන ජාත්‍යන්තර සංවිධාන වල මුදල් ආධාර ලබමින් ලොව පුරා ව්‍යාප්තව තිබෙන රාජ්‍ය නොවන සංවිධාන ජාලයද කරන්නේ අඬු විහිදුවාගෙන සිටින බූවල්ලෙකු මෙන් යුදෙවු අනාගමික සංස්කෘතික මතවාදී ආක්‍රමණිකයාගේ භූමිකාවම වේ. ලංකාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන ජාලය කොටි ත්‍රස්තවාදියාට තම නොමද සහය ලබා දීමට හේතුව කාටත් රහසක් නොවිය යුතුය.

යුදෙවු අනාගමික මතවාදී සංස්කෘතික ආක්‍රමණිකයාගේ ආශිර්වාදයෙන් මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට වසර 30ක් තිස්සේ තර්ජනය කළ දෙමළ බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය 2009 වසරේ මුළුමනින් පරාජයට පත් වුනේ මේරටට ආවේනික අනන්‍යතාවය යටපත් කරන බටහිර සංස්කෘතික ආක්‍රමණිකයාගේ බලාපොරොත්තුද සුන් කරමිනි. මෙරට ජාතික බලවේග එදා ලැබූ ජයග්‍රහනය වැලැක්වීමට බටහිර යුදෙවු අනාගමික මතවාදී සංස්කෘතික ආක්‍රමණිකයාගේ දේශීය ඒජන්තයා වූ රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂයට නොහැකි විය. දෙමළ ජාතිවාදය පසුපස සිටිමින් ජාතිකත්වයට හදි හූනියම් කළ විජාතික බලවේග ගොන්න එතැන් සිට විවිධ උප්පරවැට්ටි යොදමින් මෙරට ජාතික බලවේග වලින් පලි ගැනීමට වලි කමින් සිටියේය. බොහෝ කලක් කල් මරමින් සිට විජාතික සතුරු කඳවුර ඊට අවස්ථාව උදා කර ගත්තේ 2015 ජනවාරි 8 යහපාලන සළුපිලි අන්දවා කරලියට ගෙනා විජාතික පොදු අපේක්ෂකයා ජනපති ලෙස පත් කරගනිමිනි. ජාතිකත්වය ලද පරාජයේ භයානකකම ගැන වැටහීමක් බල පෙරලිය සිදු වූ කල මහින්දටත් මහින්ද පිලේ සෙසු සාමාජිකයන්ටත් නොතිබුණිද? එදා සිට මහින්ද පිල පසුබෑ ආකාරය දෙස බලන විට මේ අය ඔවුන් පොදු ජාතික අරමුණු වෙනුවෙන් වගකීමෙන් යුතුව ඒකරාශී වුනාදැයි සැකයක් ඇත්තටම ඇතිවේ. මහින්ද රාජපක්ෂ මහතා ඉන් පසුවටත් වෙනම සන්ධානයක් ගොඩනගාගනිමින් ඉදිරි මහ මැතිවරණයට නොගියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකීමට මුල් තැන දෙමිනි. එතැනදී මහින්ද රාජපක්ෂ මහතා සිරිසේනගේ චාටු බසට රැවටුනේ තම දේශපාලන ප්‍රතිරූපය ප්‍රයෝජනයට ගෙන මැතිවරනයෙන් වැඩි මනාප ගත් පසු තම සාමාජිකයන් ලෙස සිටියවුන්ට සිරිසේනගේ ඔඩොක්කුවට පැනීමටද අවස්ථාව උදා කරමිනි. එයින් ජාතික බලවේග තවත් අපහසුතාවයට පත් වුනේ එක් පැත්තකින් දෑහිතකාමී අවංක පුද්ගලයන් නව බලවේගයකින් පාර්ලිමෙන්තුවට පත්කරගැනීමට තිබූ අවස්ථාවද ගිලිහී යෑමෙනි.

විජාතික බලවේග වල නියෝජිත සිරිසේන විසින් ව්‍යවස්ථාවටද පිටින් රනිල් වික්‍රමසිංහ අගමැති කර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නිවටයන් පිරිසක්ද සමග ඇටවූ තාවකාලික එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ඒ වන විටත් සුළුතර කණ්ඩායම විය. එහෙත් විජාතික කල්ලිය සූක්ෂමව මේ සුළුතරය කලමනාකරණය කොට රටේ බහුතර ජනමතයද යට කරමින් ජාතිකත්වයට සියළු කොඩිවින කිරීමට සමත් විය. ප්‍රශ්නය නම් ජන බලය විජාතික ආක්‍රමණයට එරෙහිව ජාතිකත්වය පැත්තේ තිබියදීත් එය එසේ වූයේ කෙසේද යන්නයි. පාර්ලිමෙන්තුව තුලද බහුතරයක් තිබියදීත් මහින්ද රාජපක්ෂ පිල පක්ෂ රාමුවෙන් ඔබ්බට ගොස් ජාතිකත්වය ජයග්‍රහනය කරවීමේ පොදු ජාතික අරමුණක් වෙනුවෙන් කොන්දේසි විරහිතව එක් වීමට අපොහොසත් විය. අඩු තරමින් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමෙන්තුවට තේරී පත් වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහව කෙසේ හෝ කඩිමුඩියේ විපක්ෂ නායක කිරීමට තිබූ උවමනාවවත් රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසු දිනේෂ් ගුණවර්ධන මහතා විපක්ෂ නායක කිරීමට එවකට කථානායක වූ චමල් රාජපක්ෂ මහතාට නොතිබුණි. ඒවන විට බහුතරයක් හිමි විපක්ෂයේ සිටි සමහරුන්ට විධායක ජනාධිපති ධූරය ගැන ගැටළු තියෙන්නට ඇත, තවත් අයට මැතිවරන ක්‍රමය ගැන ගැටළු තිබෙන්නට ඇත, තවත් අය ස්වාධීන කොමිසන් වලට පක්ෂ වන්නට ඇත, මේ විසිරුනු කාරනා මත පිහිටා එදා සම්මත කරගත් 18,19 ව්‍යවස්ථා සංශෝධන නියත වශයෙන් පරාජය කළයුතුව තිබූ ඒවා විය. එහෙත් මේ යෝජනා සම්මත කෙරුනු පසු මහින්ද පිලද කියා සිටියේ කලින් ගෙනා යෝජනා වලට සංශෝධන ඇතුලත් වූ නිසා එයින් හානියක් නැති බවයි. එහෙත් විජාතික ගැති රනිල් වික්‍රමසිංහට අගමැති ලෙස බලතල යම් ප්‍රමාණයක් ලැබීම, මුළු පාර්ලිමෙන්තුව ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් ලෙස සැලකීම ආදියේ ආදිනව කිසිවෙක් දැක්කේ නැත. දැන් එක් අතකට අත්විඳින්නේ ඒවායේ ප්‍රතිඵලයි. වික්‍රමසිංහගේ විජාතික කල්ලියේ උපක්‍රමයද මේ වන විට රටට අහිතකර යෝජනා බුරුතු පිටින් එබූ ව්‍යවස්ථාවක් මුලින් කෙටුම්පත් කර ජාතික බලවේග හා ජනතාව රැවටීමට ඊට සුළු සංශෝධන ඇතුල් කරමින් ඔවුන්ට අවශ්‍ය මූලික දේ කොලේ වසා සම්මත කර ගැනීමයි.

මේ සියළු සිද්ධි හමුවේ දෙමළ මුස්ලිම් සුළුතර අන්තවාදී කණ්ඩායම් තම බෙදුම්වාදී පිපාසය සන්සිඳුවා ගැනීමට දැඩි වෙහෙසක් දරයි. ඔවුන් තමන්ට ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා විනා ඊට පයින් ගසා සිංහල බෞද්ධ බලවේග වල ඉදිරියට පැමිණීමක් කිසිවිට බලාපොරොත්තු නොවෙති. විජාතික නියෝජිත සිරිසේන ජයගත් දිනයේ පටන් රට තුල සිටින සිය නියෝජිතයන් හමු වීමටත් සම්බන්ධතා අළුත් කරගැනීමටත් ජාතියට තර්ජනය කිරීමටත් රටින් පිටත සිටින විජාතික සතුරු කඳවුරේ ප්‍රභලයින් කටයුතු කළේය. ඉන්දීය අගමැතිවරයාද දැඩි උද්‍යෝගයකින් කල දුටු කල වල ඉහගැනීමේ න්‍යාය අනුව දෙමළ ජාතිවාදියා සමග ගනුදෙනු ඉදිරියට කරගෙන යනු පෙනේ. මහබැංකුවට දැරිය නොහැකි අලාභයක් උවමනාවෙන් කළ රනිල් රටට විජාතික කොන්දේසි වලින් තොරව ආදායම් එන සියළු මාර්ග අවහිර කිරීමට සිරිසේන සමග කටයුතු කළේ සැලසුමකට නොවේ යැයි තවදුරටත් සිතිය නොහැක. එමෙන්ම උතුරු නැගෙනහිර අතිශය වැදගත් ආරක්ෂක මධ්‍යස්ථාන වලින් පවා හමුදා කඳවුරු ඉවත් කර දෙමළ සන්ධානය සතුටු කිරීමට ගියේත් දෙමළ ජාතිවාදීන්ගේ ස්වාමිවරුන් වන බ්‍රිතාන්‍යයන් ලවා හමුදාව ප්‍රතිසංවිධානය කරන්නට සැලසුම් කළේත් ආරක්ෂක අංශ මානසිකව වට්ටවා සාලාව අවි ගබඩාව පුපුරන තැනට කටයුතු කර අවි බලයද දුර්වල කළේත් සැලැස්මක් අනුව නොවේදැයි සිතන්නට දැන්වත් අප විචාරශීලී විය යුතුය. උතුරේ දෙමළ ජාතිවාදියාටත් සුන්නි මුස්ලිම් ආක්‍රමණිකයාටත් ආර්ථික ප්‍රශ්න වැඩකට නැත. ඔවුන් මුල් තැනක් දෙන්නේ සිංහල බෞද්ධ ජාතිකත්වය යටපත් කිරීමේ වැඩපිළිවෙලකින් තම බෙදුමාවාදී අරමුණුද ඉටු කර ගැනීමටයි. වසර 30ක් තිස්සේ උතුරේ ජනතාව පීඩාවට පත් කළ ප්‍රභාකරන් උතුරේ දෙමළ සන්ධානයටත් එහි අනුගාමිකයින්ටත් ඊට චන්දය දෙන දෙමළ ජනයාටත් වීරයෙක් බව අප සිහි තබා ගත යුතුය. විල්පත්තු කැලයේ කිසිදු පොදු පහසුකමක් නැති බවත් එසේ වුවද ඒ තුල රිංගාගෙන ආක්‍රමණය සිදු කිරීමට බදුඩීන් අන්තවාදියා සමග මුස්ලිමුන් පිරිසක් සිටින බවත් අප තරයේ සිහියට ගතයුතු අනෙක් කාරනයයි. වසර 30ක් තිස්සේ කිසිදු සහනයක් උතුරේ දෙමළ ජනයාට නොදී ඔවුන්ගෙන් බහුතරයක සහය ඇතිව ප්‍රභාකරන්ට ඊලාම් සටන මෙහෙයවන්නට හැකි උනානම් සිංහල ජනතාව එලෙස පීඩාවට පත් නොකර සතුරා තීරනාත්මකව පරදවා ලැබූ ජාතික ජයග්‍රහනය තව දුරටත් රැකගැනීම වෙනුවෙන් යම් කැප කිරීමක් කරන්නට අපට බැරිද?

මේ වන විට මහින්ද රාජපක්ෂ මහතාගෙන් රටත් ජාතියත් ඉල්ලන්නේ ජාතික බලවේග වලට නායකත්වයක් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් රැකීම නොවේ. මහින්ද දැන් කිව යුත්තේ " මට වඩා ශ්‍රී ලංකා කාරයෙක් කොහෙද " වැනි කතා නොව පක්ෂ පාට පසෙක තබා සටන් කර රැකගත් රට විජාතික බලවේග වලට යලි පාවා දීමට එරෙහි ජාතික සටනට එක් වන්න වැනි සටන් පාඨයි. දැන් රටට සැබවින් අවශ්‍ය වන්නේ බටහිර රටවල්ද ලෙඩ කළ ව්‍යාධිජනක මතවාද කරපින්නා ගත්තවුන්ගෙන් සමන්විත හුදෙක් රජයට එරෙහි දේශපාලන බලවේගයක් නොව ජාතික මතවාද පෙරට ගත් ජාතික බලවේග වල සන්ධානයකි. මහින්ද පිලේ සිටින එක් එක් කණ්ඩායම් වල වෙන් වෙන් වූ න්‍යාය පත්‍ර අනුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරන ක්‍රමය වෙනස් කිරීම, ආදිය මේ අවස්ථාවේ ප්‍රධාන සටන් පාඨ නොවිය යුතුය. මේ සටන් පාඨ මුල් කරගතහොත් එයින්ද යහපාලන විජාතික කල්ලිය ප්‍රයෝජන ගෙන දෙමළ ජාතිවාදයට දොල පිදේනි දීමට හැකි පරිදි සංශෝධන ගෙන ඒමට ඉඩ තිබේ. කවුරු කෙසේ කීවත් විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට වඩා යෝග්‍ය බව ඔප්පු වී හමාරය. එය ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෙන ආ කාරනය මත ඊට එරෙහි වන්නට නොහැක. ජේ ආර් ජයවර්ධන මහතා ඉන්දියානු බලපෑමට යටත්ව රටට අහිතකර දේ කළත් ඔහුට ඒ කිසිවක් කිරීමට සැබෑ උවමනාවක් තිබුණේ යැයි සිතිය නොහැක. නව ජාතික සන්ධානයක් පිහිටුවීමේදී යූඇන්පී ශ්‍රී ලංකා සටන් පාඨ වැඩක් නැත අවශ්‍ය ජාතියක් ලෙස ඒකාබද්ධතාවයක් පොදු ජාතික අරමුණු වෙනුවෙන් ඇති කිරීමයි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයන් දෙමළ ජාතිවාදය හමුවේ ක්‍රියා කළ ආකාරයත් ඔවුන් කිසි විට රටේ ඒකීය භාවයට පිටින් හිතුවක්කාර බලය බෙදීම් වලට නොගිය අයුරුත් දැන් රනිල් වික්‍රමසිංහ දෙමළ ජාතිවාදයට කප්පන් දීමේ ප්‍රතිපත්තියක් ජාතිකත්වය පිටින් ගොස් අනුගමනය කරන හැටිත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට තේරුම් කර දීමද ජාතික බලවේග වල නායකයන් කළ යුතුය. පක්ෂ දේශපාලනයෙන් එකිනෙකා ඇන කොටා ගැනීමට වඩා රනිල් චන්ද්‍රිකා සිරිසේන රාජිත කල්ලියට එරෙහිව රටට ජාතියට හිතැති සියළු දෙනා එක් පිලකට ගැනීමට ජාතික බලවේග වල නායකයින් පියවර ගත යුතුයි. විජාතික උවමනා එපාකම් මත ගෙන එන්නට යන දෙමළ ජාතිවාදයට කප්පන් දෙන සමලිංගිකත්වයට පිළිගැනීමක් ඇතිකරන හොර ව්‍යවස්ථාව කෙසේ හෝ පරාජය කිරීමට පාර්ලිමෙන්තුව තුලත් ඉන් පිටතත් රටට හිතැති බලවේග එක්ව කටයුතු කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය නීතිමය හා අධිකරනමය ක්‍රියාමාර්ග නිසි ලෙස කලට වේලාවට කිරීමට දැන් සිට අවශ්‍ය පසුබිම සැකසිය යුතුය. කවර හෝ හේතුවක් නිසා හොර පාරෙන් සම්මත කිරීමට යහපාලන පිසාචයන් කටයුතු කරන්නට ගියහොත් ඊට එරෙහිව දැවැන්ත ප්‍රතිරෝධයක් ගොඩනැගීමට අවශ්‍ය ජන බලවේගය දැන් සිට සූදානම් කළ යුතු වේ. ප්‍රමාද වුනොත් සිදුවන්නේ නැවත අති විශාල ලේ වැගිරීම් මතින් ජාතික නිදහස් සටනක් ක්‍රියාත්මක කිරීමටය. එතැනට තල්ලු වීමට පෙර අප සිහි බුද්ධියෙන් තැනට සුදුසු දේ නිසි කලට කිරීම වැදගත් වේ.


යුතුකම සංවාද කවය
www.yuthukama.com :
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions