එදා රණවිරුවන් තම දිවි පරදුවට තබා අපේ මාතෘභූමියත් අපේ ජීවිතත් රැක ගැනීමට කළ අප්‍රතිහත ධෛර්යය සහ කැපකිරීම අමතක කිරීමට තරම් අප ගුණමකු ජාතියක් ද?
ගෙවිඳු කුමාරතුංග මහතා මේ ප්රශ්නය නැගුවේ පසුගියදා (24) යුතුකම සංවාද කවය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි.
එහිදී වැඩි දුරටත් අදහස් පළකළ කුමාරතුංග මහතා රනිල් - සිරිසේන හවුල් ආණ්ඩුව විසින් තම බල උවමනාව වෙනුවෙන් බටහිර උගුලේ රට හිර කර ඔවුන්ගේ උවමනාවන් ඉටු කිරීමට කොටි පැරදවූ හමුදා විරුවන් ඇතුළු නායකයන්ගෙන් පළි ගැනීමේ ක්‍රියාවලියක නිරතව ඇතැයි පෙන්වා දෙමින් , පුද්ගලයන් අතුරුදහන් වීමේ පනත හරහා මේ ආන්ඩුව ප්රජාතන්ත්රවාදය තඹ සතේකට මායිම් නොකට වියරු ලෙස ලක් ඉතිහාසයේ කලුම කලු පනතක් සම්මත කරගත් මේ ද්‍රෝහී පනතේ අන්තර්ගතය මෙන්ම මේ පනත සම්මත කළ ආකාරයත් කළුම කළු යැයි සාධක සහිතව පෙන්වා දෙයි.
මේ අයුක්ති සහගත පවාදීම තවදුරටත් නොදුටුවා සේ සිටීමට ජාතියක් ලෙස අප නිවට විය යුතු නැතැයි අවධාරණය කරන ගෙවිඳු කුමාරතුංග මහතා රණවිරුවන් එදා රණ බිමේ සිට සිදු කළ උත්තුංග මෙහෙවරට අපට කළ හැකි යුතුකම නම් ඔවුන් වෙනුවෙන් නොබියව පෙරට විත් ඔවුන් සහ රට ආරක්ෂා කරගැනීම යැයි පෙන්වා දෙයි.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .