-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-
ශ්‍රිලනිප 65 වන සංවත්සරය පිළිබඳ මේ වන විට දේශපාලන භූමිය තුළ ඇති ව තිබෙන සංවාදය ඉතා යහපත් එකකි. එය එසේ වන්නේ ශ්‍රිලනිපය යනු කුමක් ද මනාව තේරුම් ගැනීමට ඒ හරහා මෙරට ජනතාවට අවස්ථාව උදාවන හෙයිනි. අනෙත් කාරණය නම් පක්‍ෂයක ප්‍රතිපත්ති පිළිබඳ සංවාද ඇතිවීම නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදයට මහත් රුකුලක් වීම ය. අද ශ්‍රිලනිපය පිළිබඳ දේශපාලන සංවාදයේ කේන්ද්‍රය නම් ‘වඩාත් වැදගත්කොට සැලකිය යුතු වන්නේ පක්‍ෂයේ නිල නාමය ද එසේත් නැතිනම් පක්‍ෂයේ ප්‍රතිපත්ති ද’ යන්න ය. ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ සභාග ආණ්ඩුවේ ශ්‍රිලනිප ඇමතිවරුන් පවසන්නේ වැදගත් ම දෙය පක්‍ෂයේ නිල නාමය බව ය. එය ආරක්‍ෂා වී අන් සියල්ල කැප කළ ද ඔවුන්ට ගැටළුවක් නැති බව වේදිකාවෙන් ඇසේ. අනෙත් අතින් මහින්ද ප්‍රමුඛ බලවේගයේ තර්කය වන්නේ ශ්‍රිලනිප ප්‍රතිපත්ති හා පාක්‍ෂිකයා තුළින් ම පක්‍ෂය පිළිබිඹු වන බව ය. නිල නාමය වැනි දෙය යල්පැන ගිය කොන්දේසියක් ලෙස ඔවුහු දකිති. අපි මෙය සාධාරණ උපහැරණයකින් විසඳාගමු. රෝස මලක් ගන්න. අපි ඊට රෝස යන්න වෙනස් කොට අන් නමක් යොදමු. දැන් ඒ මල සිඹින්න. නම වෙනස් කළ පමණින් මලෙහි සුවඳ වෙනස් වී තිබේ ද? පිළිතුර වන්නේ නැත යන්න ය. දැන් අන් වර්ගයක මලක් ගමු. ඊට රෝස ලෙස නම තබන්න. දැන් එය ද සිඹින්න. රෝස ලෙස නම් කළ පමණින් මලින් රෝස සුවඳ විහිදේ ද? නැත. පක්‍ෂයක් සම්බන්ධයෙන් ද තත්වය එසේ ය. සුවඳ ඇත්තේ මලෙහි මිස නමෙහි නොවේ. ශ්‍රිලනිපය ඇත්තේ ප්‍රතිපත්ති හා ඒවා පිළිගන්නා පාක්‍ෂිකයා තුළ මිස නමෙහි නොවේ.
මේ අනුව වත්මන් ශ්‍රිලනිපය යනු පෙනුමෙන් ශ්‍රිලනිපය ලෙස පෙනී සිටින එහෙත් ක්‍රියාවෙන් එජාපයම ය. අද ශ්‍රිලනිපය එදා බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති බැහැර කොට එජාප ප්‍රතිපත්ති වැළඳගෙන තිබේ. එජාපය සමග සභාග ආණ්ඩුවකට යෑම මතු නොව එජාපයේ ස්වදේශීක විරෝධී සමාජීය හා ආර්ථික ප්‍රතිපත්තිවලට අනුගත වීමේ ද අර්ථය ඒ ය. විහිළුකාරී තත්වය නම් එවන් ශ්‍රිලනිප මායාව හැරදමා ඇත්ත ශ්‍රිලනිප බලවේගයට පණ දීමට උත්සාහ කරන මහින්ද රාජපක්‍ෂ එජාප වුවමනාව අනුව ක්‍රියා කරන බව පවසමින් ඔහුට චෝදනා කිරීම ය. අද ශ්‍රිලනිපය එජාපය සමග එකතු වී ආණ්ඩු කරන්නේ එජාපයේ වුවමනාවට නොවේ ද? මේවාට කියන්නේ වඳුරු කුණුහරුප ය. එජාපයේ වුවමනාව සපුරන්නේ කවුදැයි ඉතා පැහැදිළි ය.
වර්තමානයේ ඇති ව තිබෙන ආකාරයේ ම දැවැන්ත සංවාදයක් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ස්වදේශිකවාදී පිරිස් විසින් 50 දශකයේ දී මතු කළ බව ඉතිහාසය පිරික්සන්නෙකුට පෙනේ. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවීම ය. එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂය හා සෙසු කොමිනිස්ට්වාදී පක්‍ෂ විසින් ලංකාවේ මහපොළොවේ අවශ්‍යතාව හඳුනා නොගෙන විදේශීය බලවේගවල කූට අභිලාෂයන් ජනතාව මත බලෙන් පැටවීමට යාම නිසා ම ඉහත පක්‍ෂ දෙකට ම අතරින් මැද මාවත ගමන් කරන ප්‍රතිපත්ති සමුදායක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවිය. පක්‍ෂය පිහිටුවා ඉතා සුළු කලකින් ම එවකට මුළු රට පුරාම විහිදී තිබූ එක්සත් ජාතික පක්‍ෂය පරාජය කිරීමට තරම් ශ්‍රිලනිපයට හැකි වීම අදාළ නව පක්‍ෂය පිළිබඳ රට තුළ මතුව තිබූ දැවැන්ත ඉල්ලුම ප්‍රකට කරන්නකි.
දැන් පවතින තත්වය නම් 2015 ජනවාරි 08 මහින්ද රාජපක්‍ෂගේ පරාජයත් සමග ශ්‍රිලනිපය නැවත වරක් සිය එජාප ප්‍රතිපත්තිවලට පූට්ටු කිරීමකි. ශ්‍රිලනිපය තුළ එවන් උත්සාහයක් ගත් පළමු අවස්ථාව ද මෙය නොවේ. 1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග විසින් ද කළේ සිය පියාගේ ස්වදේශිකවාදි ප්‍රතිපත්ති අමු අමුවේ බැහැර කරමින් එජාපය හා ශ්‍රිලනිපය ශරීද දෙකක් සේ මතුපිටට පෙන්වන අතර අභ්‍යන්තරයෙන් දෙක ම සමාන තැනකට රැගෙන යාම ය. චන්ද්‍රිකාගේ අවසාන ඉලක්කය වූයේ “දෙකම එකයි මානසිකත්වය” සමාජගත කොට කුමන්ත්‍රණකාරී දෙස් විදෙස් බලවේගවලට ලංකාව නතු කරගැනීමට ඇවැසි පසුබිම නිර්මාණය කිරීමයි. කෙසේ වෙතත්, 2005 වසරේ දී මහින්ද රාජපක්‍ෂ බලයට පත්වීමත් සමග ශ්‍රිලනිපය යළිත් වරක් සිය පුරෝගාමීන් වෙතට ගමන් කිරීම හරහා ඒ කුමන්ත්‍රණය තාවකාලික ව පරාජයට පත්විය.
කුමන්ත්‍රණය නැවත මතුවන්නේ චන්ද්‍රිකා කුමාරතුංගගේ මූලිකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන හරහා නැවත වරක් අව්‍යාජ ශ්‍රිලනිප ගමන් මග වෙනස් කිරීමට මහින්ද රාජපක්‍ෂට එරෙහි ව පක්‍ෂය තුළින් ම කුමන්ත්‍රණයක් දියත් කොට ඔහු ව පරාජය කිරීමෙනි. කුමන්ත්‍රණය සාර්ථක වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රිලනිප නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගේ නොසැලකිල්ල බව ද කිව යුතු ය. ඔහු රටේ සංවර්ධන කටයුතු කරන අතරතුර තමන් වෙත බාහිර සතුරාගෙන් පැමිණිය හැකි තර්ජන ගැන සිතුවා මිස තම පක්‍ෂය තුළ ම සිටිමින් එකී කුමන්ත්‍රණය මෙහෙය වූ පිරිස් ගැන ඔහුට තක්සේරුවක් නොතිබීම ය. පෙරදා එකට ආප්ප ද කා පසුදා තමා පාවා දුන් මෛත්‍රීපාල සිරිසේන ගැන මහින්ද සැක නොකළේ ඔහුගේ ‘හිතහොඳකම’ නැමැති දුබලතාව නිසා ය. තමා අසල සිටින්නන් පිළිබඳ සාධාරණ සෝදිසියකින් සිටීම දේශපාලන විද්‍යා පාඩමේ මග නොහැරිය යුතු පරිච්ඡේදයක් වුව රාජපක්‍ෂවරු එය තැකුවේ නැත. එසේ නොකිරීමේ ප්‍රතිඵලය වූයේ අප අද අත්දකිමින් සිටින ඒ කුමන්ත්‍රණයේ දෙවැනි දිගහැරුම සාර්ථක වීමයි.
අද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රතිපත්තිය මෙන් ම සැබෑ ශ්‍රිලනිප පාක්‍ෂිකයා ද පක්‍ෂයක් අහිමි ගන්දබ්බ අවදියක සිටින බව රහසක් නොවේ. එහෙත් එය දිගින් දිගට ම කළ යුතු හා හැකි එකක් නොවේ. නැගෙමින් තිබෙන බලවේගයට වහා පණදිය යුතු ය. එහි උපත සිදුවීමට අවශ්‍ය වින්නඹු කම කළ යුතු ය. එම කාර්යේ දී ශ්‍රිලනිප පාක්‍ෂිකයාගේ පාක්‍ෂික විඤ්ඤාණය හා ධෛර්ය කිසිදු අයුරකින් අඩු වී නොතිබීම කාගේත් අපේක්‍ෂාව දල්වන්නකි. බලමණ්ඩලයෙන් බලමණ්ඩලය රැස්වී කුරුණෑගල සංවත්සරයට නොයන ලෙස සිය මන්ත්‍රීවරුන්ට බලකර සිටීම තරම් පාක්‍ෂිකයා ධෛර්යවන්ත වී තිබේ. පාක්‍ෂිකයාගේ මනස නියෝජනය නොකරන පක්‍ෂයක් තවදුරටත් පක්‍ෂයක් වන්නේ නැත. එය අතහැර ගිය මී වදයකි. හිස් වදය තිබේ. පැණි නැත.
මේ අතර, බණ්ඩාරනායක මහතාගෙන් පසු ලංකාවේ නව පක්‍ෂයක් නිර්මාණය කරන ලෙස මහපොළොවෙන් ඉල්ලා සිටින පළමු අවස්ථාව මෙය බව ද කිව යුතු ය. ලංකාවේ අලුතින් නිර්මාණය කළ සියළු පක්‍ෂ ලත් තැන ලොප් වීමට බලපෑ ප්‍රධාන කාරණයක් වූයේ ඉහළින් පහළට ඉල්ලුම පැටවීම ය. එහෙත් අද පහළ සිට ඉහළට පක්‍ෂ නිර්මාණය කරන ලෙස වන තෙරපුම ලංකා දේශපාලන ඉතිහාසයේ අද්වීතීය හා සුන්දර අවස්ථාවකි. මහින්ද රාජපක්‍ෂට වුව දැන් එම ඉල්ලීම බැහැර කළ නොහැකි ය. සැබෑ ජන බලවේගයක් පාලනය කිරිම එහි නායකයින්ට පවා කළ නොහැකි දෙයකි. ශ්‍රිලනිපයේ ස්වදේශිකවාදී දැක්ම හා එහි සාරය ගැබ්කරගත් නව දේශපාලන බලවේගයක් මේ ඉල්ලුමේ තාර්කික ප්‍රතිඵලය බව අවධාරණය කරමු.
ඒ සියල්ලේ අර්ථය වන්නේ අද ශ්‍රිලනිපය ජීවතුන් අතර නැති බව ය. ශ්‍රිලනිපයේ ආත්මය හා සාරය ඉන් ඉවත් වී තිබේ. එසේ නම් ශ්‍රිලනිපයට අද තවදුරටත් සැමරීමට ඉතිරි වී ඇත්තේ කුමක් ද? ඇත්ත වශයෙන් ම අද දින කුරුණෑගල දී සැමරෙන්නේ ශ්‍රිලනිපයේ අකාල මරණයයි. ශ්‍රිලනිපය මරා දැමූවෝ දැන් කුරුණෑගල සිට මතක බණ කියති.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .