11/13/2016

ආණ්ඩුවේ ෆෙඩරල් කුමන්ත්‍රණය

කතෘ:යුතුකම     11/13/2016   1 comment
-උදය ප්‍රභාත් ගම්මන්පිල-ආණ්ඩුවේ ෆෙඩරල් කුමන්ත්‍රණය

2016 මාර්තු 9 දින පාර්ලිමේන්තුවේ සම්මත කළ යෝජනාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය නම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 225 ම සිටින නියෝජිත ආයතනයක් බිහි කරන ලදී. එහි වගකීම වූයේ නව ව්‍යවස්ථාවක් හෝ පවතින ව්‍යවස්ථාවට සංශෝධනයක් සිදු කිරීමට පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමයි. එකී මණ්ඩලය ඒ ඒ විෂය සම්බන්ධයෙන් ව්‍යවස්ථාවේ අඩංගු විය යුතු කරුණු අධ්‍යනය කර වාර්තා කිරීමට අනු කමිටු පත් කරන ලදී. ඒ අනු කමිටු වාර්තා පිලිබඳ ඉතාම වැදගත් දෙයක් යෝජනාවේ 11 වගන්තියේ අඩංගු වේ. එනම් මෙම අනු කමිටු වාර්තා සකස් වුණු වහාම ප්‍රසිද්ධ කළ යුතුය යන්නයි. එසේම ව්‍යවස්ථා මණ්ඩලයේ සහ අනුකමිටු වල කටයුතු විකාශනය කිරීමට ද කටයුතු කළ යුතු බවත් එහි සඳහන් වේ. එකී ප්‍රසිද්ධ කිරීම් මගින් පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝණය නොවන බව ද ඉතාම පැහැදිලිව එකී යෝජනාවේ සඳහන් වේ.

ව්‍යවස්ථා මණ්ඩලය විසින් පත් කළ අනුකමිටු 6ක් 2016 අගෝස්තු මාසය අවසන් වන විට සිය වාර්තා අගමැති නායකත්වය දෙන මෙහෙයුම් කමිටුවට භාර දී තිබුණි. ඒවා වහාම ප්‍රසිද්ධ කිරීමට නීතියෙන් බැඳී සිටියත් මෙහෙයුම් කමිටුව මෙන්ම අනුකමිටු සභාපතිවරු ද එකී වගකීම ඉටු නොකළහ. මේ වාර්තා අතරින් වඩාත්ම භයානක වන්නේ බලය බෙදීම පිලිබඳ අනු කමිටු වාර්තාවයි. එකී කමිටුව නම් කර තිබුණේ පරිධිය සහ මධ්‍ය (පලාත් සභා සහ මධ්‍යම ආණ්ඩුව) අතර සබඳතාවය පිලිබඳ අනු කමිටුව ලෙසයි. එකී කමිටු වාර්තාව හරහා ලංකාව තුල මධ්‍යම ආණ්ඩුවට අමතරව තවත් ස්වාධීන ආණ්ඩු නවයක් ගොඩ නැගීමට ෆෙඩරල් කුමන්ත්‍රණය දියත් කර තිබේ. මෙකී කුමන්ත්‍රණය ජාතිය ඉදිරියේ තැබීම අපේ වගකීමක් හෙයින් ජාතික නිදහස් පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය ඒකාබද්ධ මාධ්‍ය හමුවක් තබා නොවැම්බර් 8 දින මෙම වාර්තාව ප්‍රසිද්ධ කලෙමු.
ආණ්ඩුවේ නායකයින් වන ජනපති සිරිසේන සහ අගමැති රනිල් නිරතුරුව පැවසුවේ “අපි ඒකීය භාවයට අත තියන්නේ නෑ“ යනුවෙනි. නමුත් බලය බෙදීම කමිටුවට උපදෙස් දීමට පත් කළ විශේෂඥ කමිටුවේ ඒකීය රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටින කිසිම ව්‍යවස්ථා විශේෂඥයෙකු පත් කර නැත. ඩී එස් විජේසිංහ, ගෝමින් දයාසිරි, මනෝහර ද සිල්වා, ආතර් සමරසේකර වැනි ව්‍යවස්ථා නීතිය පිලිබඳ ගැඹුරු දැනුමක් තිබෙන ජනාධිපති නීතිඥයෙකු එම කමිටුවේ සිටිය යුතුව තිබුණි. නැති නම් ආචාර්ය දයාන් ජයතිලක වැනි දේශපාලන විද්‍යාඥයෙකු සිටිය යුතුව තිබුණි. එවැනි ඒකීය විශේෂඥයින් කිසිවෙකු නොමැති නමුත් ෆෙඩරල්වාදින් නම් බුරුතු පිටින් පත් කර තිබේ. එයින් පෙනී යන්නේ ජනාධිපති සහ අගමැති කතාවට කියන ඒකීය රාජ්‍ය ක්‍රියාවේ නොමැති බවයි. ෆෙඩරල් විශේෂඥයින්ගෙන් උපදෙස් අර ගෙන නව ව්‍යවස්ථාව සැකසීමෙන් තහවුරු වන්නේ අපේ ඒකීය රාජ්‍යය අනතුරේ බවයි.

එම කමිටු වාර්තාවේ ඇති සියළුම භයානක ප්‍රතිපාදන සාකච්ඡා කිරීමට මෙම තීරු ලිපිය ප්‍රමාණවත් නොවන බැවින් කාරණා කිහිපයකට පමණක් අවධානය යොමු කරමු.

ව්‍යවස්ථා අර්ථ නිරූපණ බලය යනු ශ්‍රේෂ්ඨාධිකරණය සතු කියන ඉහළම බලයයි. එකී බලය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවත් කර බහුවාර්ගික නියෝජනයක් සහිත ව්‍යවස්ථා අධිකරණයකට පැවරීමට යෝජනා කර තිබේ. බෙදා වෙන් කිරීමේ පාලන ක්‍රමය හඳුන්වා දුන් ඉංග්‍රීසින්වත් ජාතිවාදි පදනමින් අධිකරණ පිහිටුවා අධිකරණයට ජාතිවාදය ගෙන යෑමට වෙර දැරුවේ නැත. නිදහසින් පසු අවස්ථා ගණනක දී දෙමළ ජාතිකයින් අගවිනිසුරු ධූරය ද ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූර හොබවා තිබේ. වර්තමානයේ ද සිටින්නේ දෙමළ ජාතික අගවිනිසුරුවරයෙකි. එය කිසිවෙකු ගැටළුවක් කර ගෙන නැත. ජාතිවාදි පදනමෙන් විනිසුරුවරු පත් කලොත් ව්‍යවස්ථා අර්ථ නිරූපණය හරහා සමස්ත නීති පද්ධතියම ජාතිවාදි පසුබිමකින් සැකසීමේ අවදානමක් මතු වේ.

උතුරේ ජාතිවාදි මහ ඇමතිවරයාගේ පීඩනයෙන් මිදෙන්න සිංහල සහ මුස්ලිම් ජනතාවට තිබෙන එකම අස්වැසිල්ල සමගාමි ලැයිස්තුවයි. සිංහල ප්‍රදේශයක පාසලකට හෝ රෝහලකට හෝ මාර්ග ප්‍රතිසංස්කරණයට පලාත් සභාව ප්‍රතිපාදන වෙන් කිරීම අඛණ්ඩව ප්‍රතික්ෂේප කරන්නේ නම් මධ්‍යම ආණ්ඩුවට එය ඉටු කළ හැක. ඒ පලාත් සභාවට මෙන්ම මධ්‍යම ආණ්ඩුවටත් බලය තිබෙන සමගාමි ලැයිස්තුව තිබෙන බැවිනි. එකී සමගාමි ලැයිස්තුව ඉවත් කිරීමට මෙම අනුකමිටුව යෝජනා කර ඇත. ඉන්දියාව, පකිස්තානය සහ දකුණු අප්‍රිකාව වැනි ෆෙඩරල් රාජ්‍යන්ගේ ව්‍යවස්ථාවේ දැකිය හැකි මෙම ලැයිස්තුව අපේ ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමෙන් අන් ෆෙඩරල් රාජ්‍යයන් ඉක්මවා බලය බෙදීමේ පිපාසයකින් ආණ්ඩුව පෙලෙන බව පෙනේ.

බෙදුම්වාදි ප්‍රවණතාවයක් තිබෙන ස්ථානයක පොලිස් බලතල අනිවාර්රයෙන් තිබිය යුත්තේ මධ්‍යම ආණ්ඩුවටයි. නමුත් පොලිස් බලතල පලාත් සභාවට ලබා දීමට යෝජනා කර තිබේ. පොලිස් බලතල වලට මුවා වී 1989 දී උතුරු මහ ඇමති වර්ධරාජා පෙරුමාල් විසින් දෙමළ විමුක්ති හමුදාව නමින් සන්නද්ධ බලකායක් සකසන ලදී. වාසනාවට ඉන්දියානු හමුදාව ලංකාවෙන් නික්ම යෑමත් සමග ඒ අය ද අතුරුදහන් විය. අනාගත බෙදුම්වාදි යුද්ධයක් ඇති වුණොත් දෙපාර්ශවය වෙන්නේ ශ්‍රී ලංකා හමුදාව සහ ත්‍රස්තවාදින් නොවේ. ශ්‍රි ලංකා හමුදාව සහ උතුරේ පොලිසියයි. එවිට ත්‍රස්තවාදින්ට රහසේ ආයුද සහ පුහුණුවීම් ලබා දුන් ඉන්දියාවට ප්‍රසිද්ධියේම බෙදුම්වාදයට සහය දිය හැක. මක් නිසා ද යත් නීත්‍යානුකූල පොලිස් හමුදාවට සහය දැක්වීම ජාත්‍යන්තර ගැටළු මතු නොකරන බැවිනි.

පූර්ණ ඉඩම් බලතල පලාත් සභාවන්ට ලබා දීමට මෙම අනුකමිටුව යෝජනා කර ඇත. මෙම බලතල භුක්ති විඳිනු ඇත්තේ උතුරෙන් සිංහලයින් එලවන විග්නේශ්වරන් මහ ඇමතිතුමාය. එවිට නීත්‍යානුකූලවම දෙමළ පමණක් සිටින පලාතක් බවට උතුර පත් කිරීමට හැකි වනු ඇත. ලංකාවේ අනෙකුත් පලාත් ජනාවාස, වගා බිම් සහ කර්මාන්ත ශාලා වී අද ඉඩම් තිබෙන්නේ උතුරු පලාතේය. සිංහල රාජ්‍ය නිරිතදිගට සංක්‍රමණය වීම ආරම්භ වුණු 12 වන සියවසේ සිටම ජන ශූන්‍ය ඉඩම් තිබුණේ උතුරේය. එය සමස්ත ජාතියටම අයිතිය. එමෙන්ම වෙනම රාජ්‍යයක් යනු භූමිය පිලිබඳ ගැටළුවකි. එබැවින් වෙනම රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින විග්නේශ්වරන් ඇතුළු දෙමළ සංධානයට ඉඩම් බලතල ලබා දීම විනාශයකට අත වැනීමකි.

බලතල රහිත මහ ඇමතිගේ අල්ලේ නැටවෙන රූකඩ ආණ්ඩුකාරවරයෙකු බිහි කිරීම සහ ජාතික ප්‍රතිපත්ති සැකසීමේ මධ්‍යම ආණ්ඩුවේ අයිතිය ඉවත් කිරීම වැනි බෙදුම්වාදයට රුකුල් දෙන යෝජනා ගණනාවක් මෙහි අඩංගුය. කෝකියන් අනුව හොද්දේ ගුණ පැවසිය හැකි අයුරින්ම බලය බෙදීමේ යෝජනාව සම්පාදනය කළ පිරිස අනුව එහි භයානක කම පිලිබඳ අනතුරු ඇඟවීමට අපට පුළුවන් විය. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රිතුමා දෙමළ ජාතික සංධානයට පාර්ලිමේන්තුවේ වෙන් කර තිබෙන කාමරයට වෙලා මාස ගණනක් සැකසූ වාර්තාවයි. මෙම යෝජනා ක්‍රියාත්මක කළොත් අනිවාර්රයෙන් ලංකාව දෙපළු තිපළු වෙලා ජනවර්ග එකිනෙකා සමග ඇණ කොටා ගන්නා ලේ විලක් වීම වැලැක්වීමට නොහැකි වනු ඇත.

1987 දී ලංකා මාතාවගේ උතුරු පලාත සරුංගලයක් බවට පෙරලා අහසට යවන ලදී. නමුත් නූල තිබුණේ ලංකා මාතාව අතේය. එබැවින් සරුංගලේ පාලනය තිබුණේ ලංකා මාතාව අතය. මේ යෝජනා වලියෙන් උත්සාහ කරන්නේ ඒ සරුංගලේ නූල කපලා නිදහසේ පා වී ගිහින් දෙමළ ඊළම බවට පත්වීමට අවශ්‍ය පසුබිම සැකසීමටයි.

පලාත් සභා සවිමත් කරනවා යනු විග්නේශ්වරන් මහ ඇමතිතුමා සවිමත් කිරීමකි. මෙම ව්‍යවස්ථා යෝජනාව ක්‍රියාත්මක කලොත් උතුරේ බිහි වෙන බියකරු චිත්‍රය තේරුම් ගන්න නම් පුංචි බලයක් ලැබුණු විග්නේශ්වරන්ගේ ක්‍රියා කලාපය දෙස බැලිය යුතුය. ලැබුණු පුංචි බලයෙන් හමුදාව උතුරෙන් ඉවත් කරන්න කටයුතු කරන, සිංහලයින් පදිංචි කිරීමට විරෝධය පල කරන, බුදු පිලිම උතුරෙන් ඉවත් කරන්න කටයුතු කරන විග්නේශ්වරන්ට තවත් බලතල දුන්නොත් සිදු වන්නේ බියකරු විනාශයකි. එය සම කළ හැක්කේ මතට ඇබ්බැහි වුණු අයෙකු පුනරුත්ථාපනය කිරීම සඳහා ඉහළ මාත්‍රාවෙන් හෙරොයින් ලබා දීමටයි.

උදය ප්‍රභාත් ගම්මන්පිල
2016.11.10

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

11/12/2016

උතුරු පළාත් සභාව රනිල් රජයේ පාලනය යටතේ නොවේ ද?

කතෘ:යුතුකම     11/12/2016   No comments
-අයි ජයතිලක-'උතුරු පළාත් සභාව රනිල් රජයේ පාලනය යටතේ නොවේ'
මෙසේ කියන්නේ එසේ මෙසේ පුද්ගලයෙක් නොවේ උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතායි. යහපාලන රජයේ කොටස් කරුවන් හවුල් කරුවන් කොතරම් නැහැයි කීවත් ඒ බව විග්නේෂ්වරන්ම ඔප්පුකර හමාරයි.

උතුරු පළාතේ මහ ඇමති විග්නේෂ්වරන් මහතා අපේ රටේ නිතරම පුවත් මවන්නෙක්. එදා ජනසංහාර යෝජනා ලංකාවටම එරෙහිව ගෙන ආ අතර ඉතා මෑතක දී දහස් ගණක ගේ සහභාගීත්වයෙන් එලගු තමිල් රැළියක් පවත්වා පවතින යතාර්ථය තේරුම් ගත නොහැකි රැළි වලට ගසා ගෙන යන සිංහල ප්‍රජාවට ටොක්කක් ඇණ ප්‍රාකෘත තත්ත්වයට තාවකාලිකව හෝ ගෙන ආවේය. 2016 නොවැම්බර් වෙන විට විග්නේෂ්වරන් තවත් ප්‍රශ්නකාරී ප්‍රකාශයක් සිදුකර ඇත.

ශ්‍රී ලංකාවේ රජයට උතුරු පළාත පාලනය කළ නොහැකියි, ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යයි. උද්ඝෝෂණයේ නියුතු ආබාධිත රණවිරුවන් ට රජය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළ සිද්ධියත් සමඟ විග්නේෂ්වරන් සම්බන්ධ මෙම ඉතා මතභේදාත්මක ප්‍රකාශය ට ලැබිය යුතු අවධානය සමාජයේ ලැබේ දැයි ප්‍රශ්නයකි.

විග්නේශ්වරන් ගේ වචනයෙන් කියනවා නම් ඔහු කියා ඇත්තේ The international community needed to intervene in the incidents taking place in the Northern Province as the government was no longer in control, Northern Province Chief Minister C.V. Wigneswaran said. ඔහුට අනුව ශ්‍රී ලංකා රජයට උතුර පාලනය කර ගත නොහැක. එය ඔහුගේ අදහසයි. රටේ වගකිව යුතු මහ ඇමති වරයා වශයෙන් ඔහු හැසිරෙන ආකාරය අනුව පෙනී යන කාරණය වන්නේත් පවතින රජයට උතුරේ මහ ඇමති පාලනය කරගත නොහැකි බවයි. ඔහු මේ ප්‍රකාශය කරන්නේ ලංකාවේ දී නොවේ. එක්සත් රාජධානියේ සංචාරයකට ගොස් එහිදී පොදු රාජ්‍ය මණ්ඩලය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහා වූ බ්‍රිතාන්‍ය යේ රාජ්‍ය ඇමති ඉදිරිපිටයි. ඔහු විසින් තව දුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකා රජය විසින් ලබාදෙන (දේශපාලන) විසඳුම් උතුරු පළාතේ අයට පිළිගත නොහැකි බවයි. ඔහු මේ ඉඟි කරන්නේ ලංකාවේ රජය විසින් ගෙනෙන්නට නියමිත දේශපාලන විසඳුම සහිත නව ව්‍යවස්ථාව සම්බන්ධයෙනි. පවතින රජය බෙදුම්වාදී වුවමනාවන්ට කෙතෙක් කන් දුන්නත් ඔවුනේ ඉල්ලීම් නොපිරිහෙලා ඉටු කළත් ලංකාවේ රජය විසින් ලබාදෙන විසඳුමක් තමා පිළිගන්නේ නැති බවත් එය ජාත්‍යන්තර මැදිහත්වීමක් ඇතිව ඉදිරිපත් විය යුතුයි යන්න නොවේද මොහු අදහස් කරන්නේ? පවතින රජය ගිය වසරේ ජිනීවා හිදී ලංකාවට එරෙහි යුධ අපරාධ වාර්තාව පිළිගෙන ඇමරිකානු යෝජනාවට සහාය දක්වා ඒ අනුව හයිබ්‍රිඩ් අධිකරණ ඇති කිරීමට පොරොන්දු විය. ඒ පොරොන්දු ලංකාවේ මහ පොළව මත දකුණේ ජනයාගේ විරෝධය මර්ධනය කරමින් ඉටු කරන්නට හැකිවේද යන්න ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් විහින්ම උගුලේ වැටුණු රනිල් - සිරිසේන රජය ට ඉදිරියේදී මේ සම්බන්ධව මහා අභියෝගයකට මුහුණ දෙන්නට වෙනු ඇත. විග්නේෂ්වරන් කියන පරිදිම ලංකා රජය විසින් කරන යුධ අපරාධ පරීක්ෂණ හා දේශීය යාන්ත්‍රණ ගැන ඔහුට කිසිදු විශ්වාසයක් නැත. ජාත්‍යන්තර යේ සහභාගිත්වයෙන් යුතු යාන්ත්‍රණයක් ඔහුට අවශ්‍යමය. එම ඉල්ලීම් ඉටු කළේ නැති වුවහොත් කරන්නේ කුමක් ද යන්න ඔහු පවසා නැත. නමුත් පෙර දිනක එලගු තමිල් රැළි කඩ වසමින් සිදුකළ හර්තාල් ව්‍යාපාර වලින් පෙන්නුම් කළේ ඔහුගේ ශාක්‍යතාවයයි. තමාට අවශ්‍ය දේ සිදු නොවුවහොත් මුළු උතුරම අස්ථාවර කරන්නට ඔහු කටයුතු නොකරයිද?

2015 ජනවාරි 8 වෙනි දින යුද්ධය ජයගත් මහින්ද රාජපක්ෂ රජය පරාජය කොට වඩා හොඳ සංහිඳියාවක් ඇති කරනවා යයි මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්විය. සිරිසේන මහතා පත්වී වැඩි කලක් යන්නට කලින්ම විග්නේශ්වරන් සිදුකළේ ලංකාවට එරෙහිව ජනසංහාර යෝජනාවක් උතුරු පළාත් සභාවට ඉදිරිපත් කර මුළු මහත් රටත් රජයත් අපහසුතාවයට පත් කිරීමයි. මෙම යෝජනාවට අනුව ලංකාවේ දමිළ ජනයා 1948 සිට සංහාරයට ලක් වන බවයි. මෙම යෝජනාවේ ඇති විශේෂත්වය නම් 2015 ට පෙර මහින්ද රජයක් පැවති සමයේදී ද පළාත් සභාවේ සිටි සිවාජිලින්ගම් විසින් මෙම යෝජනාව ගෙන ආ විට එය සැර වැඩි යයි එහි ජනසංහාර යන වචනය ඉවත් කර ඇත්තේ මේ විග්නේෂ්වරන් මහ ඇමති වරයා වීමයි. 2015 ට පෙර හොඳ නැති වුණු ජනසංහාර යන වචනය 2015 දී අළුත් රජයක් පත් වූ විගසම විග්නේෂ්වරන්ට හොඳ වූවේ ඇයිද යන්න ප්‍රශ්නාර්ථයකි. සිදුවන සියල්ල දෙස හොඳින් බලාසිටින්නෙකුට පැහැදිලි වන කරුණ නම් මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ මෙවැන්නක් කිරීමට යම් බයක් අදිමදි කිරීමක් විග්නේෂ්වරන්ට තිබුණි. සිරිසේන-රනිල් යුගලය බලයට ආ සැණින් එවැනි පාලනයක් නැති බව ඔහු තේරුම් ගත්තේය. ඔහු නිවැරදිය. කොයි තරම් රතු ඉර පැන්නත් ඔහුට දේශපාලනික වශයෙන් දඬුවම් කිරීමට පවතින රනිල් රජය කටයුතු කළේ නැත. 2001-4 සටන් විරාම සමයේදී ප්‍රභාකරන් ඉදිරිපිට දැක්වූ නිවට නියාළු බයාදුකම රනිල් වික්‍රමසිංහ විසින් විග්නේෂ්වරන් වෙතත් දක්වයි.

රටක ආන්ඩුව කරන නායකයා හෝ නායකයින් බෙදුම්වාදී න්‍යාය පත්‍රයක් ඇතිව වැඩකරන පළාතක නායකයින්ට බයේ වැඩ කටයුතු කිරීම එතරම් සුභ නැත. මෙයින් විග්නේෂ්වරන් අත්අඩංගුවට ගන්න වත් සැණින් පළාත් සභාව විසුරවන්න වත් අදහස් නොකෙරේ. නමුත් මෙලෙස සිදුකරන හිතුවක්කාර ජාතිවාදී ක්‍රියා වලට දඬුවමක් ලෙස විග්නේශ්වරන් දේශපාලනිකය කොන් කිරීමක් දේශපාලනිකව දඬුවම් කිරීමක් සිදු නොකිරීම නිවට කමක් පමණක් නොවේ නැවත නැවත එම වැරැද්ද කිරීමට විග්නේෂ්වරන් පෙළඹවීමකි.

විදේශයේ සිට එන විදේශ නියෝජිතයන් හිතු හිතු පරිදි උතුරේ මහ ඇමතිවරයා හමු වීමට යයි. දකුණු පළාතේ මහ ඇමති හමුවීමට බ්‍රිතාන්‍ය විදේශ ඇමති, එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ නිතර යන එනවා අසා තිබේද? මෙම ගමන් නතර කිරීමට සීමා කිරීමට ලංකාවේ රජයට හොඳින්ම හැකියාව ඇත. වැරදි එක පිට එක කරන ලංකාවේ රජය මායිම් නොකර විග්නේෂ්වරන්ට විදේශ නියෝජිතයන් හිතු පරිදි හමුවීමට ඉඩ දීම ඔහුගේ වැරදි වලට දේශපාලනික දඬුවම් දීමක් නොව ත්‍යාග ලබා දීමකි. ඔහුට හිමි නැති තත්ත්වයක් ලබා දීමකි.

විග්නේෂ්වරන් ඉහත කී ප්‍රකාශය කරන්නේ විදේශ නිලධාරියෙක් ඉදිරිපිට වීමත් වැදගත් කාරණයකි. විග්නේෂ්වරන් විසින් සීමාව පැනීමේ සීමාවක් නැතිවා සේම ඒ සියළු ක්‍රියාවන් මධ්‍ය යේ ශ්‍රී ලංකා රජය නිවට නියාළු ස්වරුපයෙන් කටයුතු කිරීම පමණක් නොව තව තවත් දේශපාලන තෑගි ලබා දීමේ සීමාවකුත් නැත.

මහින්ද රාජපක්ෂ පාලනය අවසන් වී සිරිසේන-රනිල් යුගලය බලයට ඒමත් සමඟ විග්නේෂ්වරන්ට කොහේවත් නොතිබුණු බලයක් ලැබුණු බව පවසන්නේ මහින්දවාදීන් පමණක් නොවේ, ඇතැම් දෙමළ ජාතිකයන් ද පවසයි. පොයින්ට් පෙඩ්‍රෝ හි සංවර්ධන අධ්‍යන ආයතනයක් පවත්වාගෙන යන මුතුක්‍රිෂ්ණ සරවනාතන් මහතාට අනුව මහින්ද රජය ඉවත් වූ සැණින් විග්නේෂ්වරන් අධි ක්‍රියාෂීලි විය. එපමණක් නොව ඔහු ගැන වැදගත් තොරතුරක්ද ඒ මහතා සඳහන් කරයි. දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන කොටි නියෝජිතයෙකු වෙන පුද්ගලයෙක් විග්නේෂ්වරන් ගේ නැයෙක් වේ. එවකට සටන් විරාම කාලයේදී කොටි ඔත්තුකරුවෙක් වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයක කොළඹ කාර්යාලයේ සේවය කළ මෙම කොටි නියෝජිතයාව උතුරු පළාත් සභාවේ උපදේශකයෙක් වශයෙන් පත්කර ගැනීමට අවශ්‍ය විය. නමුත් එවකට 2014 දී පැවති රජය එය ප්‍රතික්ෂේප කළේය. නමුත් 2015 වසරේදී ඇමරිකාවේ හා බ්‍රිතාන්‍ය යේ සංචාරය කළේ මෙම පුද්ගලයා සමඟයි. එහිදී මෙම පුද්ගලයා සිය උපදේශකයා යයි හඳුන්වා දී ඇති අතර වත්මන් රජය විග්නේෂ්වරන් ගේ ඉල්ලීම පිට මෙම කොටි නියෝජිතයාට ලංකා පුරවැසිභාවය ලබා දී තනතුරු වලට පත්කිරීමට ඉඩ දුන්නාද යන්න ප්‍රශ්නාර්ථයකි. එසේ නම් දඟකාර හිතුවක්කාර විග්නේෂ්වරන්ට ලංකා රජයෙන් ලැබුණු තවත් තෑග්ගක් ද?

පසුගිය ඔක්තෝම්බර් හිදී විග්නේෂ්වරන් විසින් එක්සත් රාජධානියට ගොස් එංගලන්තයේ කිංග්ස්ටන් නගරයත් යාපනය නගරයත් අතර ට්වයිනින් ගිවිසුමක් අත්සන් කර ඇත. පළාත් අමාත්‍යවරයෙක් විසින් මෙවැනි ගිවිසුමකට අත්සන් තැබීම කෙතරම් ප්‍රඥා ගෝචරද යන්න වෙනම කතාවකි. මෙම ගිවිසුම අත්සන් කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ රජයේ පූර්ණ අනුග්‍රහය යටතේ බවත් විග්නේෂ්වරන් විසින් පැවසීය. රනිල් වික්‍රමසිංහ යනු කොටි සංවිධානයට අධි බලැදි සන්නිවේදන උපකරණ ගෙන එන්නට අවසරය ලබා දුන් දුර දිග නොබලන කෙනෙකි. කොටි සංවිධානයට අධි බලැති සන්නිවේදන උපකරණ ගෙන එන්නට අවසරය ලබා දුන්නා පමණක් නොව නෝවෙ රජය හා එක්වී කොටි සංවිධානයට ලංකා රජයට අයත් විය යුතු බදු ද නොගෙවා සිටීමට ක්‍රමයක් සලසා දුන්නේය. රටට එරෙහිව ජනසංහාර යෝජනා සම්මත කරන කොටි සංවිධානය සමරණ හා ලංකා රජයට අභූත චෝදනා එල්ලකරමින් එලුග තමිල් රැළි පවත්වන පුද්ගලයාට ලබා දෙන්නේ දේශපාලන දඬුවම් නොව ත්‍යාගයි. සිය හැසිරීම ඉදිරියේ කරගන්නට දෙයක් නැති දුර්වලයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ රජය හුරේ දානවා නම් විග්නේෂ්වරන් සිය කොටි නාඩගම් නවත්වයිද?

අවසාන වශයෙන් කිය හැක්කේ විග්නේෂ්වරන් බ්‍රිතාන්‍ය ඇමතිනිය ඉදිරිපිය කියන කතාව සැබෑය. පවතින රජයට උතුර පාලනය කර ගත නොහැකිය. උතුර පමණක් නොව නැගෙනහිර ද පාලනය කරගන්නට හැකි දැයි පසුගිය දිනක නැගෙනහිර පළාත් අමාත්‍යවරයා විදේශ තානාපති කෙනෙක් ඉදිරිපිට ජනාධිපතිවරයාව නියෝජනය කරන ආණ්ඩුකාරවරයාටත් එතැන සිටි නාවික නිලධාරියාටත් ප්‍රසිද්ධියේ දෝෂාරෝපණය කළ සිද්ධියෙන් ගැටළු මතුවේ. පවතින රජයට උතුරු පළාතත් විග්නේෂ්වරන්වත් පාලනය කළ නොහැකිය. ඒ අතරම මෙම පාලනය කළ නොහැකි පුද්ගලයන් දරණ තනතුරු වලට ඇති බලතල වැඩි කිරීමට ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේ පවතින රජයට තම තමන් වත් පාලනය කරගන්නට නොහැකි නිසාද?

උතුරු පළාත් මහ ඇමති විසින් සිදුකළ ක්‍රියා

1. රජයට හා රටට විරුද්ධව ජනසංහාර යෝජනාවක් ගෙනවිත් සම්මත කිරීම .
2. එම සම්මත කළ යෝජනාව ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයාට භාර දීම .
3. කොටි සංවිධානයේ මිය ගිය වුන් මැයි 18 වන දින මුලතිව් හිදී සැමරීම
4. ලෝක බැංකු නියෝජිතයන් හමුවී උතුරු පළාතට ආධාර කෙළින්ම තමාට ලබාදෙන ලෙස පැවසීම .
5. ශ්‍රී ලංකාවේ මුළු ඉතිහාසයම වැරදි බවත් ලංකාවේ මුල් පදිංචිකරුවන් දමිළ ජාතිකයන් බවත් පැවසී
ම.
6. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව වෙනස් කර කොන් ෆෙඩරල් ව්‍යවස්ථාවක් ඇති කළ යුතු බවත් පැවසීම. එය ෆෙඩරල් ක්‍රමයටත් එහා ගිය බලය බෙදීමකි .
7. ශ්‍රී ලංකාවට එරෙහිව ඇති යුධ අපරාධ චෝදනා වලට ජාත්‍යන්තර අධිකරණයක් අවශ්‍ය බවට පළාත් සභාවේ යෝජනාවක් සම්මත කිරීම.
8. ශ්‍රී ලංකා රජය 1948 සිට දෙමළ ජනවර්ගයට එරෙහිව ජනවාර්ගික සංහාරයක් කරන බවට පෝස්ටර් ඔසවා ගෙන 8000 ක පිරිස් බලයකින් යුතුව එළුග තමිල් රැළි පැවැත්වීම. මෙය නවත්වන්නැයි රජය පාර්ශවයෙන් ඉල්ලීම් ඇති වුවත් ඊට මොහු සවන් නොදුන් බව පැවසේ .
9. බ්‍රිතානයේ නගරයක් සමඟ ට්වයිනින් ගිවිසුමක් අත්සන් කිරීම.
10. බ්‍රිතාන්‍ය රජයේ නියෝජිතයෙක් ලංකාවට පැමිණි විට ලංකාවේ රජයට උතුරු පළාත පාලනය කරගන්නට නොහැකි බවත් ඒ නිසාම ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍ය බවත් පැවසීම.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/10/2016

හිලරි පරාජය කිරීම වෙනුවෙන් සහෝදර ඇමෙරිකානු ජනතාවට උත්තමාචාරය!

කතෘ:යුතුකම     11/10/2016   No comments
-ප්‍රකාශ් වැල්හේන-ඇමෙරිකාවේ පක්ෂ දෙකෙන් මොකක් බලයට ආවත් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තියේ මහා ලොකු වෙනසක් වේයැයි බලාපොරොත්තු විය නොහැක. මහා වෙනසක් කිරීමට සද්ද දමමින් පැමිණි ඔබාමාටද කලහැකි වූ කෙංගෙඩියක් නැත. තම වර්ගයා වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණයක් වූ Obamacare වත් හරියට කරගත නොහැකි වූ අතර, 2007 දී පටන් ගත් ආර්ථික අගාදයටද පිළියම් කල නොහැකි විය. විදේශ ප්‍රතිපත්තියේ ලොකු වෙනසක් නොමැති උවත් ඔළුගෙඩි වෙනස් වීමත් ජාත්‍යන්තර තත්වයන්ගේ වෙනස් වීමත් තුලින් අපටත් ලොකු අවාසි තුල සුළු වාසි ලැබිය හැකිය. බිල් ක්ලින්ටන්ගේ කාලයේදී කදිරගාමර් ඇමති තුමාගේ දක්ෂතාවය නිසා ඇමෙරිකාවේ එල්ටීටිය තහනම් විය. Twin Tower 911 සිද්ධියෙන් පසු, ත්‍රස්තවාදීනට එරෙහිව යුද ප්‍රකාශ කල බුෂ් ආණ්ඩුවෙන් එල්ටීටීයේ නැව් විනාශ කිරීම සඳහා සමහර තොරතුරු ලැබුණු අතර එල්ටිටිය මර්දනය කිරීමට සුළු සහයෝගයන් ද ලැබුණු බව සඳහන් වේ.

මෙවර ඇමෙරිකා ජනාධිපතිවරණය වෙනදාට වඩා ලංකාවට විශේෂ වැදගත් කමක් තිබුනේ ඇයි ? ඒ ඇමෙරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය වීමට කැස කැවූ හිලරි ක්ලින්ටන් නිසාය. ප්‍රසිද්ධියේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණය පැතු සුළුතරය අතර මගේ ද ඒකායන අපේක්ෂාව වුයේ ඇයගේ පරාජයි. ඒ ට්‍රම්ප් ඇයට වඩා හොඳ නිසාවට වඩා ඇය ට්‍රම්ප්ට වඩා භයානක නිසාය. ට්‍රම්ප්ට ජන්දය දුන්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු අමෙරිකානුවෙකුගෙන් විමසු විට ඔහු පවසා ඇත්තේ I hate Mrs Hillary Clinton little more than I hate Mr Donald Trump කියාය. (මා ට්‍රම්ප්ට මහතාට අකමැති ප්‍රමාණයට වඩා ටිකක් වැඩියෙන් ක්ලින්ටන් මහත්මියට අකමැති නිසාය). ඔබාමා සමග 2008දි සටන් වැදුණු ඇය Shame Obama, Shame Obama කියමින් සිට පසුව ඔහුගේ රාජ්‍ය ලේකම් වරිය වුවාය. මෙවර ට්‍රම්ප්ට විරුද්ධව, ස්ත්‍රී ඡන්ද අරමුණු කරමින්, ට්‍රම්ප් ස්ත්‍රීන්ට එරෙහි දුෂ්‍ය ලිංගික කතාවන් කර ඇතැයි පරණ වීඩියෝ ගෙනහැර දක්වන්නට ගොස් තම ස්වාමි පුරුෂයා වූ බිල් ක්ලින්ටන්ගේ පරීක්ෂණයකට බඳුන් වී ප්‍රසිද්ධ වූ ලිංගික අපයෝජනයක් ගැන මාධ්‍ය හමුවට ගෙන ඒමට ට්‍රම්ප්ට අවස්තාව දෙමින් හොඳහැටි නාගත්තාය.

ඇය අපට සැලකුවේ මෙලෙසය. ලෝක මුල්‍ය අර්බුදයට මුහුණ දෙමින් 2008 වනවිට, එල්ටීටිය අවසන් කිරීමේ අවසන් යුද්දයට එළඹී සිටි, මුල්‍ය වශයෙන් වැටී සිටි රාජපක්ෂ රජයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාගත හැකිව තිබු (ජා. මු. අ. සාමාජිකයින්ගේ හිමි කමකි -entitlement) ණය මුදල ලබා නොදීමට පියවර ගන්නා ලදී. නමුත් රාජපක්ෂ රජය ලිබියාවේ ගඩාෆි ජනපති තුමන් ලබාදුන් ඩොලර් මිලියන ගණනක් සහ ඉරානය තෙල් සඳහා ලබාදුන් සහන ඇතුළු අනෙකුත් මිත්‍ර රටවල් වල ආධාරය ඇතුව, යුද්දය ඉවර කර රට ගොඩනගන්නට පියවර ගන්නා ලදී. මෙතරම් බාධක මැද එල්ටිටිය විනාශ කිරීමෙන් උරණ වූ හිලරි ක්ලින්ටන්, යුද්දය අවසාන වෙනවාත් සමගම තමිල්නාඩුවට ගොස්, එතෙක් එල්ටිටි විරෝධී වූ ජයලලිතා ලංකාවට එරෙහිව මෙහෙයවිය. ඒ කෙනහිලිකම් තවමත් ඉවර වී නොමැත. අප රටට යුධ අපරාධ චෝදනා ගොනු කිරීමේ මුලික කටයුතු සිදුවන්නේද ඇයගේ මුලිකත්වයෙනි. මේ ඉලව් අවු අස්සේ හිලරි ක්ලිටන් ඇමෙරිකාවේ ජනාධිපතිනිය වූයේනම් අපේ රටේ ත්‍රස්තවිරෝධී ජනතාවට සිදුවිය හැකිව තිබුනේ අයහපතක්මය. තවත් කරුණක් ඇත. ඇය චන්ද්‍රිකා කුමාරතුංගගේ හිතවතියක් බව පැවසේ. ප්‍රංශයේදී හෝ වෙනත් රටකදී ඉගෙන ගන්නා කාලයේදී ඇතිවූ හිතවත් කමක් බව කියවේ. චන්ද්‍රිකා ජනපතිනිය වූ පසු ඇය රාජකාරි නොවූ ගමනක් (unofficial) ලංකාවට අවුත් චන්ද්‍රිකා හමුවූ බව එකල පල විය. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි ක්‍රියාදාමයන්ට මෙයද හේතුවක් වන්නට ඇත. එම නිසා හිලරි ක්ලින්ටන් බලයට ඒම වැලක් වූ සහෝදර ඇමෙරිකන් ජනතාවට මාගේ උත්තමාචාරය පිරිනමන්නෙමි. ඒ ට්‍රම්ප් හොඳ නිසා නොව, ඇය තරම් ඔහු නරක විය නොහැකියැයි සිතෙන බැවිනි. විශාල මාධ්‍ය ප්‍රචාරයන් තුලින් ඔහු පරාජය කිරීම සඳහා විශාල ව්‍යාපාරයක් දියත් කර තිබිණ. සියලුම මාධ්‍ය සමීක්ෂණ වලින් දිනා සිටියේ හිලරි ක්ලින්ටන්ය. නමුත් අමෙරිකානු ජනතාව අපට යම්කිසි සාධාරණයක් කර තිබේ. ඩේවිඩ් මිලිබෑන්ඩ්ගේ පටන් අප රටට එරෙහි වූ සියලු ජාත්‍යන්තර බල මුළු මේ වන විට දේශපාලනයෙන්ම විසිවී ගොස් ඈත. මෑතකම සිදුවීම බ්‍රිතාන්‍යයේ ඩේවිඩ් කැමරන්ගේ අනපේක්ෂිත විසිවීමය. අලුත්ම ගොදුර හිලරි ක්ලින්ටන්ය. මොවුන් මෙසේ එළවා දමන සියලු සහෝදර ජනතාවට මාගේ ප්‍රණාමය පිරිනමන්නෙමි.

- ප්‍රකාශ් වැල්හේන (09.11.2016)

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/09/2016

දේශපාලනඥයන්ට සාහිත්‍ය දෙසුම් අකැපද?

කතෘ:යුතුකම     11/09/2016   No comments
-රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
(පසුගිය සතියේ (2016 නොවැ 01) බද්දරමල්ලට කමල් පෙරේරා ලියූ 'දේශපාලකයන්ගේ සාහිත්‍ය දෙසුම්' ලිපියට පිළිතුරකි.)


‘දේශපාලකයන්ගේ සාහිත්‍ය දෙසුම්’ යන මැයෙන් කමල් පෙරේරා නමැත්තෙක් නොවැම්බර් 1 වන දින දිනමිණ පුවත්පතේ 'බද්දරමල්ල' ට ලියූ ලිපියක් කියවා මෙය ලිවීමට සිතුවෙමි. මගේ නමද 'දේශපාලනඥයෙක්' ලෙස සඳහන් වී තිබීම ද ඊට හේතුවක් වූ බව ද කිව යුතුය. කමල් පෙරේරා යනු ලේඛකයෙක් ද, කවියෙක් ද, රාජ්‍ය නොවන සංවිධානයක අතවැසියෙක් ද, එසේත් නැත්නම් ඩොලර්වලට රටේ සංස්කෘතිය පාවා දෙන කලාකරුවෙක්දැයි මා දැන නොසිටියෙමි. නමුත් ඔහු කළුතර සාහිත්‍ය උළෙලට සහභාගි වූ ලේඛකයෙක් බැව් මා දැනගත්තේ ලිපිය කියවා ඔහු කවරෙක්දැයි සංවිධායක මණ්ඩලයෙන් විමසූ පසුය.


කමල් පෙරේරා පවසන්නේ සාහිත්‍ය උත්සවවලදී ආරාධනා ලබන දේශපාලනඥයෝ එහිදී තම දේශපාලන ප්‍රතිරූපය නංවාගන්නා බවත්, එසේ දේශපාලන ප්‍රතිරූප ගොඩනඟා ගන්නා වේදිකා බවට සාහිත්‍ය සභා පත්කර ගැනීමට ඉඩ නොදීම ලේඛකයන්ගේ වගකීම බවත්ය. සාහිත්‍ය සභාවේ සිටින්නේ සාහිත්‍යධරයන් සහ සාහිත්‍ය ප්‍රියකරන්නන් නම් දේශපාලනඥයා මොන තරම් තමා පිළිබඳව කටමැත දෙඩුවත් එවන් පිරිස් හදවත් තුළ ඔහුගේ ප්‍රතිරූපය ගොඩනැ‍ඟෙන්නේ නැති බව ද කමල් පෙරේරාට ප්‍රථමයෙන් මතක් කර දිය යුතු වේ. ඔහුගේ මුළු ලිපියෙන්ම කියාපෑමට උත්සාහ කරන්නේ දේශපාලනඥයින්ට සාහිත්‍ය උත්සවවලට ආරාධනා නොකළ යුතු බවත්, සාහිත්‍ය, කලාව වැනි දේවල් දේශපාලනඥයාට ග්‍රීක් වගේ බැවින් ඔවුන් වේදිකාවේ පල් හෑලි දොඩවන බවත්ය. කළුතර සාහිත්‍ය උළෙලේ ප්‍රධාන දේශනය කළ මා ද කමල් පෙරේරා දමා තිබුණේ එවන් වූ දේශපාලනඥයින්ගේ ගොඩටය. ඔහු මා හඳුන්වා ඇත්තේ ද සරත් වීරසේකර 'උන්නැහේ' යනුවෙනි.


දේශපාලනඥයා යනු දේශය පාලනය කරන්නාය. රටකට දේශපාලනඥයෝ සිටීම අත්‍යවශ්‍යම දෙයකි. ඔවුන් අතර ලේඛකයෝ, සාහිත්‍යධරයෝ, චිත්‍රපට අධ්‍යක්ෂකවරු, කවියෝ සිටිය නොහැකිද? දේශපාලනයට පිවිසි අයකුට සංගීත, සාහිත්‍ය, කලාව අධ්‍යයනය තහනම් ද? එසේ නම් එවන් වූ රසඥතාවයක් ඇති කෙනකුට සාහිත්‍ය උත්සවයකදී වචන ස්වල්පයක් කතා කිරීමට, තමා දේශපාලනයේ නිරතවීම නුසුදුසුකමක් වන්නේ කෙසේ ද?


අපේ රටේ එදා දේශය පාලනය කළේ රජවරුය. එසේ රජකළ බොහෝ රජවරු කලාවට, සාහිත්‍යයට ලැදි ගද්‍ය පද්‍ය පමණක් නොව වෛද්‍ය පොත් පවා රචනා කළ උගත්තු වූහ. අපේ දේශපාලන ඉතිහාසය තුළ ද වර්තමානයේද සාහිත්‍යයට ලැදි දේශපාලනඥයෝ සිටිති. වියට්නාමයේ ජෙනරල් ඩින් ඩියම්, චීනයේ මා ඕ සේතුං පොත්පත් රාශියක් ලියූ අය විය. දේශපාලනඥයින් සාහිත්‍ය උත්සවවලට දේශනා සඳහා නොගෙන්විය යුතු යැයි පවසන කමල් පෙරේරා අපේ රටේ සහ විදෙස් හි සිටි එවන් සාහිත්‍යවේදී දේශපාලනඥයින් පිළිබඳව පොතපත කියවා හෝ ඉගෙන ගැනීම වටී.


එදින කළුතර සාහිත්‍ය උළෙලේ දේශනය සඳහා නිවේදක මහතා මා හැඳින්වූයේ ග්‍රන්ථ කර්තෘවරයකු සහ කලාකරුවකු වශයෙනි. මා පොත් 4 ක කර්තෘ බව ද, ගාමනි චිත්‍රපටයේ අධ්‍යක්ෂක බව ද හෙතෙම පැවසීය. කමල් පෙරේරාත් දැනගැනීම සඳහා නොකැමැත්තෙන් හෝ මා කිව යුත්තේ මා විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ එකී ගාමනි චිත්‍රපටය වසරේ හොඳම තිර රචක, හොඳම අධ්‍යක්ෂණය, හොඳම චිත්‍රපටයට හිමි සම්මාන ඇතුළුව දෙරණ චිත්‍රපට සම්මාන 17 ක් ද, ඕ. සී. අයි. සී. සම්මාන 5 ක් ද, හිමිකරගත් බවයි. අපේ සිනමා ඉතිහාසයේ අධ්‍යක්ෂවරයෙක් තම කුළුඳුල් චිත්‍රපටයට සම්මාන 22 ක් හිමිකර ගත් ප්‍රථම අවස්ථාව මෙය බව ද කමල් පෙරේරාට අකමැත්තෙන් වුවද පිළිගැනීමට සිදුවන කරුණකි.


මගේ දේශනයේ මා විසින් රණවිරු දඩයම ගැන සඳහන් කළා යැයි කමල් පෙරේරා අවඥාවෙන් පවසයි. එම ප්‍රකාශයෙන්ම ඔහු කුමන ජාතියේ පුද්ගලයෙක්දැයි වටහා ගැනීම අපට අපහසු නොවේ. රණවිරුවා යනු කමල් පෙරේරාගේ පවුල ද ඇතුළුව (ඔහුට පවුලක් තිබේ නම්) සමස්ත ජාතියටම ජීවත්වීමේ නිදහස ලබා දුන් පුද්ගලයාය. තම මුළු ජීවිතයම කැප කළ එවන් වූ රණවිරුවා යමෙක් දඩයම් කරයි ද, කලගුණ දන්නා සුජාත රටවැසියෝ සියලුදෙනා ඊට එරෙහිව නැඟී සිටීම ස්වාභාවිකය. සාහිත්‍ය සභාවක හෝ කුමන සභාවක හෝ රණවිරුවාට වන අසාධාරණය ගැන පැවසේ නම් එය අවස්ථානුකූල නොවූවත්, තැනට නොගැළපුනත් සංවේදී හදවතක් ඇති ශිෂ්ට මිනිසුන් එය ඉවසා සවන් දී සිටී. මන්ද, ඔවුන් අද බියෙන් සැකෙන් තොරව ජීවත්වන්නේ රණවිරුවන් නිසා බැවිනි. එවන් දෙයක් ඉවසිය නොහැක්කේ රණවිරුවාව මායිම් නොකරන ඔහුට ගරු නොකරන කෙනෙක්ට පමණි. ජාතිය ගලවාගත් රණවිරුවාට ගරු නොකරන්නේ ජාතිය පාවා දෙන්නන් පමණි.


නමුත් මගේ දේශනයේ මා රණවිරුවා ගැන සඳහන් කළේ සාහිත්‍යයටම සම්බන්ධ කර ගනිමිනි. මා එදා සභාවට කීවේ වාර්තාවක සහ සාහිත්‍ය ප්‍රබන්ධයක තිබෙන වෙනසයි. වාර්තාවකින් දැනුමක් පමණක් දෙනු ලබන අතර සාහිත්‍යයෙන් කරනුයේ එම කරුණම රසයක් සමඟ මුසුකොට හැඟීමක් ජනිතවන ලෙස කියාපෑමයි. උදාහරණයක් ලෙස වාර්තාවක සඳහන් වන 'මව්බිම බේරාගත් රණවිරුවාට අපි ගරු කරමු' යන කරුණ ගීත කාව්‍යයකින් කෙතරම් සුන්දර ලෙස, හදවත ප්‍රකම්පනය කරමින් කිව හැකිද යන්නයි. 'මාණික්‍ය‍ සේ පොලෝ ගැබේ නිධාන වී', 'සින්දූපමාන වැව් තලා මැදින් ඇදී', 'ගංගා තරංග රාව දී රිදී වගේ' යන ගී පද විග්‍රහ කරමින් මා පැවසුවේ එම ගීත ප්‍රබන්ධකයා සාහිත්‍ය තුළින් රණවිරුවාට ලබා දී ඇති ගෞරවය සහ ඔහු දිරිමත් කළ ආකාරයයි.


රටක පවතින යුද්ධය ජාතික ප්‍රශ්නයක් නම් සහ එහි අවසාන ප්‍රතිඵලය සමස්ත ජාතියටම බලපායි නම් එම යුද්ධයේ ජයග්‍රහණයට සතුරාට කත් නොඅදින, සියලුම ජනතාව සෘජුව හෝ වක්‍රව දායක විය යුතු බව ලොව පිළිගත් න්‍යායකි. සෙබළා, ව්‍යාපාරිකයා, රජයේ/ පුද්ගලික සේවකයා විවිධ මට්ටමින් යුද ජයග්‍රහණයට දායක වන අතර කලාකරුවා දායක විය යුත්තේ රට රැකීමට දිවි කැප කරන සෙබළාගේ චිත්ත ධෛර්යය වැඩිවන නිර්මාණ බිහිකිරීමෙනි. ඉන්දියාවේ කාශ්මීර යුද්ධය අරභයා පමණක්, ඉන්දීය ජාතිකත්වය ඉස්මතු කරවන, ඉන්දීය සෙබළා දිරිමත් කරන චිත්‍රපට සියයකට වඩා බිහිවී තිබේ. පිටරටවල කලාකරුවන් තම රට රකින ආදරණීය සෙබළා වෙනුවෙන් එසේ නිර්මාණ කරන විට, අපේ අහිංසක ජනතාව අමු අමුවේ කපා කොටා ඝාතනය කළ ලෝකයේ දරුණුම ත්‍රස්ත සංවිධානය සමඟ වසර 30 ක් තිස්සේ දිවි කැපකරමින් සටන් වදින ‍රණවිරුවා වෙනුවෙන් ඔහුව දිරිමත් කරන එකදු සිනමා සාහිත්‍ය කෘතියක්වත් බිහිවී නැතැයි සාහිත්‍ය උළෙලකදී පැවසීම, දේශපාලන න්‍යාය පත්‍රයක් දිගහැරීමකැයි යමෙක් කියයි නම් ඒ 'උන්නැහේගේ' යුද සාහිත්‍ය පිළිබඳ අවබෝධය අපට වටහා ගත හැක. එවන් කෙනෙක් 'ලේඛකයෙක්' වී ඇත්නම් රටේ සාහිත්‍ය ගැන කුමන කතා ද?


මා ඉහත ගී පදවැල් විග්‍රහ කරමින් එම ගීත නිබන්ධකයා රණවිරුවාට ලබා දුන් ගෞරවය සහ ඔහු අගය කළ අන්දම පවසන විට චූලානන්ද සමරනායක සහ අනුරසිරි හෙට්ටිගේ යන කමල් පෙරේරාට අනුව 'සම්මානනීය' කලාකරුවන් දෙදෙනා අසුනින් නැඟිට පිටව ගියේ 20,000 ක් දිවි පුදා 14,000 ක් ආබාධිත වී තමන් ද ඇතුළුව රටේ ජනතාවටම ජීවිත දානය ලබා දුන් රණවිරුවාව අගය කිරීමට තමන්ට කවියකින් හෝ දායක වීමට බැරි වීම ගැන ඇතිවුණු අසීමිත ලජ්ජාව නිසා බැව් සිතන නිසා මා ඔවුනට අනුකම්පා කරමි. මස්ඉඹුල මහතා නම් නැඟිට ගියේ මගේ දේශනය ආරම්භ වීමට ප්‍රථම අත්‍යවශ්‍ය කරුණකට බව ද දේශනය නිමවීමට ප්‍රථම යළි පැමිණි බව ද ඔහු විසින් සංවිධායක මණ්ඩලයට පවසා ඇත.


මා මගේ දේශනයේ ඉන්පසු 'මහවැලි කැලණි වලවේ කළු යන ගංගා', 'අවුකන ගල්වෙහෙර....', 'අගනා දුලබ වනමල්...' යනාදී කවිවලින් වාර්තාවකට වඩා රට ගැන සුන්දර හැඟීම් පහළවන අන්දම ද, එවන් කව් පාසල් දරුවන්ට නැවත ඉගැන්වීමේ වැදගත්කම ද පෙන්වා දුනි.


එසේම යසෝදරාවතෙහි කව් දෙකක් උපුටා දක්වමින් තමා හැර යන ස්වාමියාට පවා එදා බිරිය ස්වාමිභක්තියෙන් යුතුව ආශීර්වාද කළ අන්දම ද, අපරදිග සාහිත්‍යයේ වරදෙහි බැ‍ඳෙන ඇනා කැරනිනා සහ එමා බෝවාරි, ලියෝ තෝල්ස්තෝයි සහ ගුස්ටාෂ් ෂෙලෝබෙයා විසින් මරා දමද්දී, 'පිරිමින් ද පතන අවසර කල් රහස් තැන' සහ 'දෙතිස් කුණු ඇතිවත්' යනාදී වශයෙන් තොටගමුවේ රාහුල හිමි කාව්‍යශේඛරයේ වරදෙහි බැ‍ඳෙන බිරියට සමාව දීම තුළින්, අපේ සාහිත්‍යධරයා සමාජ ගැටලු පිළිබඳව ගැඹුරින් සහ මානුෂීය අයුරින් බැලූ අන්දම ගැන ද කෙටියෙන් විස්තර කළෙමි. එසේම ලෝකයේ කවිය ගැන විස්තර කළ ආදිතම චින්තකයා බුදුන් වන බවත්, අංගුත්තර නිකායේ සඳහන් වන කවියන් සතර වර්ගය ගැනත් තවදුරටත් මා කෙටියෙන් සඳහන් කළේ දේශනය පිළිබඳව උනන්දුවක් සභාවේ මුහුණු තුළින් මා දුටු නිසාය. කමල් පෙරේරාට නම් මා විසින් කියන ලද එම සාහිත්‍යමය කරුණු ග්‍රීක් වූවාට කිසිදු සැකයක් නැත. මන්ද ඔහුට අනුව ඒවා දේශපාලන පල් හෑලි සහ ජාතිවාදී ආගම්වාදී ප්‍රලාප නිසාය. කමල් පෙරේරාට අනුව සම්මානනීය සාහිත්‍ය යනු පන්සලේ හාමුදුරුවන් සහ පාසලේ ගුරුවරයා කුඩා පිරිමි ළමයෙක් සමඟ සමලිංගික ක්‍රියාවේ හැසිරීම පිළිබඳ විස්තර කරන අනුරසිරි හෙට්ටිගේගේ පොතපතය. නැතහොත් ඩොලර්වලට ජාතික ආරක්ෂාව සහ රණවිරුවා පාවා දෙන කුප්‍රක‍ට පුරවැසි බලයේ සාමාජිකයෙක් ලියන පත පොතය.


කෙටිකතාවක්, නවකතාවක් ලියූ පමණින් තමා මහා ලේඛකයෙක් යැයි සිතා අනුන්ට ගරහන්නා මෝඩ කුහකයෙකි. නියම සාහිත්‍යධරයා සංවේදී හදවතක් ඇති සමාජය පිළිබඳව ගැඹුරු කෝණයකින් බලන, තම උපන් දේශයට ආදරය කරන රසවතෙකි. හෙතෙම, තම මවුබිම දිවිහිමියෙන් රකින රණවිරුවා දිරිමත් කිරීම, තම යුතුකමක් සේ සලකයි. කුහක ලේඛකයෝ එසේ නොකරති. රණවිරුවා අගයන කවියක් හෝ සභාවේ දිගහැරෙන විට භූමිතෙල් තැවරුණු ගැරඬියන් සේ ශාලාවෙන් පලා යති. තවත් සමහරු ශාලාවේ රැඳී සිටිමින් එයට ජාතිවාදී ලේබල් අලවති. සොඳුරු සාහිත්‍යධරයෙකුගේ සහ වර්තමාන සමහර සම්මානනීය ලේඛකයන්ගේ වෙනස එයයි. කමල් පෙරේරාගේ 'දේශපාලකයන්ගේ සාහිත්‍ය දෙසුම්' නමැති ලිපිය කියවන විට එම වෙනස හොඳින් වටහාගත හැකිවේ.


රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර
2016 නොවැම්බර් 08 දිනමිණ

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/08/2016

දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් කඩේ යැවිය නොහැකි ජාතික ව්‍යාපාරයක් ගොඩනගමු - ජේෂ්ඨ කතිකාචාර්‍ය චරිත හේරත්

කතෘ:යුතුකම     11/08/2016   No comments
අප සභ්‍යත්ව රාජ්‍ය කරා සංවාදය අරඹා ඇති මේ අවධිය රට බරපතල ලෙස සිව් වැදෑරුම් අර්බුදයක ගිලී ඇති ඉතා තීරණාත්මක වකවානුවක් බව ජේෂ්ඨ කතිකාචාර්‍ය චරිත හේරත් මහතා පෙන්වා දෙයි.

පළමුව රටට බරපතල ලෙස බලපාන එට්කා ගිවිසුමට අත්සන් කිරීමට ආන්ඩුව සූදානමින් සිටින බවත් , දෙවනුව ලබන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කමිටුව හමුවේ විශේෂ අධිකරණය පිහිටුවීම පිළිබඳ ප්‍රකාශයක් කිරීමට ආණ්ඩුවට සිදු වී ඇති බවත් , තෙවනුව දැනටමත් බාහිරින් සකසා ඇති ව්‍යවස්ථාව සම්මත කිරීමට බටහිර ප්‍රමුඛ බලවේග බලපෑමත් , සිව්වනුව රට ආර්තික වශයෙන් දරුණු අර්බුධයක ගිලී ඇති බවත් ඔහු අවධාරණය කර සිටියි.
ගුණදාස අමරසේකර මහතාගේ 'සභ්‍යත්ව රාජ්‍ය කරා' කෘතිය පිළිබඳ කෘතිය ජනගත කිරීම පිළිබඳ නුවර පුෂ්පදාන ශාලාවේ පැවැති කතිකාවතේදී   චරිත හේරත් මහතා අවධාරණය කර සිටියේය.

අප පතන සභ්‍යත්ව රාජ්‍ය ගොඩනගා ගැනීම පිළිබඳ සංවාදය ඇරඹීමට මේ හොඳම අවස්ථාව බව පෙන්වා දෙන චරිත හේරත් මහතා ඒ සඳහා ප්‍රබල නිවහල් ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවය පෙන්වා දෙයි. ධර්මපාල තුමාගේ සිට අතීතයේ බිහි වූ ජාතික ව්‍යාපාර නොයෙක් දේශපාලන කණ්ඩායම් විසින් තමන්ගේ බල ව්‍යාපෘතීන් වෙනුවෙන් කඩේ යැවූ බව පෙන්වා දෙන ඔහු ඒ හරහා දේශපාලන ව්‍යාපාර තුළින් වැඩ ගැනීම ජාතික ව්‍යාපාරයේ කාර්‍යභාරය මිස කිසිසේත් දේශපාලන ව්‍යාපාරවලට යට වන ජාතික ව්‍යාපාරයකින් ඵලක් නැතැයිද පෙන්වා දෙයි. "දේශපාලන ව්‍යාපාරය රට වෙනුවෙන් කඩේ යැවිය යුතුයි- නමුත් දේශපාලන ව්‍යාපාර වෙනුවෙන් ජාතික ව්‍යාපාරය කඩේ නොයැවිය යුතුයි" ඔහු එලෙස පැහැදිලි කරයි.

එවැනි වැඩසටහනක් හරහා නිර්මාණය කරන නව මාවත ජාතියේ ජය මාවත බවට පත් කරමු යැයි ඔහු ආරාධනා කර සිටියි.

චරිත හේරත් මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්

සටහන - යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/07/2016

මගේ ලෝකයට වසර තිහයි...

කතෘ:යුතුකම     11/07/2016   No comments
නොවැම්බර් 9 වන දා හවස 3 ට කොළඹ නව නගර ශාලාවේදී අප එක රැස් වන්නේ කුමක් සඳහා ද ? ජාතියට දැක්මක් ලබා දීම සඳහා ය. දැක්මක් නැති ජාතියකට කල හැක්කේ එදිනෙදා සිද්ධි පිලිබඳ කෑ ගැසීම පමණි. එදිනෙදා සිද්ධි සිදුවන්නේ කෙසේද ඒවායේ සම්බන්ධය කුමක් ද යන්න තේරුම් ගන්නා ජාතියකට අනාගතයට ලැහැස්ති විය හැක. අතීතය දෙස අනුකාරක ඇසින් නොබලා අතීතයෙන් පාඩම් ඉගෙනගත හැක. වර්තමානය පිළිබඳ නොරැවටී තීරණ ගත හැක. දැක්මක් අවශ්‍ය ඒ සඳහා ය.

පසුගිය වසර තිහක කාලය තුල ලංකා දේශපාලනයේ සංවාද විවාද බොහොමයකට අවශ්‍ය පදනම් සංකල්ප මගේ ලෝකය තුල දැකිය හැකි විය. යුදෙව් ක්‍රිස්තියානි චින්තන ආධිපත්‍ය ගැන සිංහල බෞද්ධ චින්තනය ගැන කතෝලික චින්තනය ගැන එහි කතා කෙරුණි. මාක්ස්වාදය විද්‍යාව ෆැසිස්ට්වාදය ලිබරල්වාදය ආදිය පදනම් වන චින්තනය ගැන එහි කතා කෙරිණි. අවාසනාවකට ‘චින්තනය’ යනු කුමක් ද යන්න ගැන බොහෝ දෙනාට අදටත් අවබෝධයක් නැත. චින්තනය යනු ලෝක දැක්ම යයි ඇතැම්හු සිතති. චින්තනය යනු සදාචාර සංග්‍රහය යයි ඇතැම්හු සිතති. එහෙත් චින්තනය යනු මේ කිසිවක් නොවේ. චින්තනය යනු එකිනෙකට වෙනස් එකිනෙකින් ස්වාධින යයි බැලු බැල්මට පෙනෙන ලෝක දර්ශන වල මතවාද වල ආකල්ප වල සංස්කෘතිකාංග වල ඇති ඒ දෙස වඩා හොඳින් බැලු විට පෙනෙන අන්තර් සම්බන්ධතාවට හේතුවයි.

මගේ ලෝකයත් සමග ගොඩනැගුනු සංවාදය තුල වැඩියෙන් ම අවධාරණය වූ කරුණක් වුයේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව දැනුම නිර්මාණය කිරීම ය. අපට බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වීම බටහිර දැනුමට යටවන තාක් කල නොහැකි බව එහිදී කියැවුණි. බටහිර දේශපාලන විද්‍යාව වන්දනාමාන කරමින් අපට දේශපාලනය කල නොහැකි බව නිර්භය ව කියවුනේ මේ සංවාදය තුල ය. අපේ දේශපාලන ආර්ථික සමාජීය විද්‍යා ප්‍රවාද පමණක් නොව ස්වභාවික විද්‍යාවන් ද ගොඩනගා ලෝකයට දායාද කිරීමට යෝජනා කෙරුනේ මේ සංවාදය තුල දී ය. ලෝකයට බටහිර නුතනත්වයේ චින්තනයෙන් වී ඇති හානිය නතර කල හැක්කේ එවැන්නකින් පමණක් බව කියැවිණි. ඒ පිණිස මගේ ලෝකයේ කතෘ නලින් ද සිල්වා මහතාගේ වසර තිහක ශ්‍රමයෙන් සැහෙන ප්‍රමාණයක් යෙදවිණි. එතුමා මහන්සි වී කුඹුර සකස් කර යම් පමණකට වී වපුරා ඇත. අනාගත පරපුර ගොයම රැක පෝෂණය කර අස්වනු නෙලනු ඇතැයි සිතමු.

පොතේ කතෘ නලින් ද සිල්වා මහතා ගැන ද යමක් කිව යුතු ය. සමාජයේ මෙතරම් විවාදයට විරෝධයට පාත්‍ර වන අදහස් එතුමා දිගින් දිගට නිර්භය ව පවසමින් සිටි. එවැන්නක් කල හැකි කි දෙනෙක් ලෝකයේ සිටි දැයි නොදනිමු. අද මාවිලාරු විවෘත කල බවක් කියමින් ලකුණු දමාගැනීමට බොහෝ දෙනෙක් සිටිති. එහෙත් බොහෝ දෙනාට මතක නැතත් ඊනියා සාම කාලයක් ද තිබිණි. එකල ප්‍රභාකරන් ගේ ප්‍රශ්නයට විසඳුම කුමක් දැයි ඇසු සැනින් සටන් කර විනාශ කර දැමීම යයි පැහැදිලි ව කිවේ එතුමන් ය. පසුව යුද්ධය විකිනු දේශපාලකයෝ කලාකාරයෝ ආදිය එකල සාම වෙළෙන්දන් ව සිටියහ. වටිනාකම ඇත්තේ එතන ය. බොහෝ දෙනා නොදකින දේ දැකීමෙහි ය. බොහෝ දෙනා කීමට බිය වන දේ කීමෙහි ය.

එදාට අප එක රැස් විය යුතු වැදගත් ම කාරණයක් ඇත. අප මේ රටේ ත්‍රස්තවාදී ප්‍රශ්නයේ විකාශය නිවැරදි ව හඳුනාගත යුතු ය. නැවතත් ජනවාරි 8 වැනි රැවටීමේ දිනයන් උදා කර නොගෙන සිටීමට එය අවශ්‍ය ය. නලින් ද සිල්වා මහතා විසින් රචිත ප්‍රභාකරන්ගේ සියල බාප්පලා මස්සිනාලා කෘතියේ මේ පිලිබඳ ව අඩංගු ය. එදාට අපි මේ මතය සමග පෙළගැසී දැනුමෙන් අවබෝධයෙන් සන්නද්ධ ව රටට එරෙහි ව්‍යවස්ථාවට එරෙහි ව සංවිධානය වීම හා ජනතාව සංවිධානය කිරීම වඩාත් අවබෝධයකින් යුතු ව කිරීමට ඉගෙනගමු.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/05/2016

සභ්‍යත්ව රාජ්‍යය සිහිනයක් නොවේ! අත්කරගත හැකි යතාර්ථයක් !! - ගෙවිඳු කුමාරතුංග

කතෘ:යුතුකම     11/05/2016   No comments
සභ්‍යත්ව රාජ්‍යය සිහිනයක් නොවේ! අත්කරගත හැකි යතාර්ථයක් !! -ඒ සියල්ලට පෙර ද්‍රෝහී ආන්ඩුවේ ද්‍රෝහී ගමන නවතමු !

අනාගත ලෝකය චීනය කේන්ද්‍ර කරගත් අලුත් ලෝකයක් වෙද්දී අප පතන සභ්‍යත්ව රාජ්‍ය ගොඩ නගා ගැනීම තවදුරයත් සිහිනයක් නොව අත් කරගත හැකි යථාර්ථයක් බව ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

2025දී ආර්ථික අතින් ඇමරිකාව අභිබවා යන චීනය ඉදිරි දශක කිහිපය තුළ අනාගත ලෝකයේ ගමන්මග තීරණය කරන ප්‍රමුඛම සාධකය වෙද්දී අපටද අප පතන රාජ්‍ය ගොඩනගාගැනීමේ දිශාවට අවශ්‍ය කරන සංවාදය ඇරඹිය හැකිව ඇතැයි ඔහු තව දුරටත් පෙන්වා දෙයි.
නමුත් ඒ සියල්ලට පෙර මේ ද්‍රෝහී ආණ්ඩුවේ ද්‍රෝහී වැඩපිළිවෙල පරාජය කළ යුතු යැයි ඔහු අවධාරණය කරයි. රට බෙදන ව්‍යවස්ථා මර උගුල පරාජය කරගන නොහැකි නම් සභ්‍යත්ව රාජ්‍යක් නොව , අපට රට පිලිබඳ සියලු අපේක්ෂා අත් හැර ගැනීමට සිදුවන බව කුමාරතුංග මහතා පෙන්වා දෙයි.
ගුණදාස අමරසේකර ශූරීන්ගේ සභ්‍යත්ව රාජ්ය කරා ග්‍රන්ථය පිළිබඳ මහනුවර පුශ්පදාන ශාලාවේ පැවති නුවර කතිකාවේ මුඛ්‍ය දේශනයක් සිදු කරමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

ගෙවිඳු කුමාරතුංග මහතා පැවැත්වූ සම්පූර්ණ දේශනය පහත සබැඳියෙන්


සටහන :යටියන ප්‍රදීප් කුමාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/04/2016

English-speaking Tamils created what is called ‘ethnic problem’ -Nalin de Silva

කතෘ:යුතුකම     11/04/2016   No comments
An academic with a strong national bent Dr. Nalin De Silva, who has done extensive research and studies into history , speaks about the origin of what is called ‘ national question ‘, the way forward to address it and the chronology of events that led to the present situation. The excerpts of the interview are as follows

Q In your view, what is the root cause that led to the emergence of what is called ‘ethnic problem’ in the country?

There is no root cause as such. If you say root cause, it implies that there is a problem. There is no problem here. What really happens is this. When the Portuguese came to Sri Lanka, the majority in what is known as the Jaffna peninsula was Sinhala. This has been recorded by Father Queroz who is a Catholic priest and a historian. That was somewhere in the early 15th century. There were some Tamil castes. There were some Malayalam people who came from Kerala. They were brought down by the Sinhala kings. After the Dutch came, they started their tobacco plantations in Jaffna .For that, they got labourers from the Coromandel Coast. Coromandel is a corruption of Cora Manadal. That is the present ‘Tamil Nadu’. There was no ‘Tamil Nadu’. In fact there was no Tamil identity even in India. When these people were brought, they were from the Vellalar caste. Then, these Vellalars, according to the North Indian Vedic caste system, were Ksudras. There are four castes according to the Vedic system-Brahmana, Kshatriya, Waishya and Ksudra. Ksudra was the lowest. People of the southern part of India were called Ksudras. These people were brought here as agricultural labourers. The Dutch brought such people here. Also, these people were taken to South Africa. In Natal, South Africa too, Vellalar caste people are there.

After these people came to Sri Lanka, the Dutch gave them prominence. The Tamil castes that were there were maltreated by the Dutch. Then, the Vellalars became the dominant people among the Tamils castes in the Jaffna peninsula at that time. Then, something else also happened. The Sinhala people who were living there were absorbed into the Tamil society. They were made the so called low castes in Jaffna; that is Karaiwar, Nalavar. Actually, such low caste people in Jaffna are descendants of Sinhala people who were living there at that time.

The Dutch got Mudliyars to write a book even called Yalpanam Waippamalai. That is not a history book. It is a myth. After that, the British gave them preferential treatment again. For some reasons or other, the American missions went there and started schools. In fact, there were more English educated people in Jaffna than in the rest of the country. Jaffna Tamils always looked down upon the Batticaloa Tamils who were brought by the British.


Q Then, how valid is the homeland concept?

You can see all these people, whether in Jaffna, Batticaloa or in the estate sector of the hill country, were brought either by the Dutch or the British. It is not there homeland. The homeland of an ethnic group or a nation is the place where the culture associated with that ethnic group came into existence. The Tamil culture did not come into existence either in Jaffna or the eastern province. There has been no homeland here. Their homeland is in Chennai or Madurai.

Ethnic groups are associated with some culture. It can be a religious culture or anything. Today, ethnic cultures are mostly associated with religions. The homeland of an ethnic group is the place where the culture associated with that group was born and came into existence.

Q Then, how can the Sinhala people claim their right to this land as they originated from elsewhere in India?

There are only two groups that can say this as their homeland. One group is Sinhala. The Sinhala culture was born here not anywhere else. If you say the Sinhala people are the descendants of King Vijeya and all, then there is no Sinhala culture prevailing in any part of India today, be it Bengal or Oddissa. That culture was born here. The other culture that was born here is that of Veddahs. Veddahs have now become Sinhalized.
These people brought here were referred to as Malabars right throughout. In the latter part of the 20thcentury, they were called Ceylon Tamils. Until then, they were called Malabars. That implies that there was no ethnic Tamil identity not only here but also in so called India.

The Tamil ethnic identity only came in India in the 19th century, not before that. Before that, there were many ethnic communities such as Cholas, Pandyas etc. But, there was no Tamil identity as such. There were Cholas. They would have spoken Tamil. Speaking a language does not give them identity. For example, English is spoken in Australia, New Zealand, and the United States of America. Yet, they are not called English. Even in the US, they are not called English. That is a different concept.

After the Tamil identity was established in South India, these people were also called Tamils. To differentiate them from Indians, they were called Ceylon Tamils. These are interesting facts. People do not analyze these facts.

Q Actually, how did this problem originate then?

The so called ethnic problem started here in 1831, not in 1956 or any other time. I have explained it for more than 25 years. In 1831, the Legislative Assembly was established by the British. The British had nine official members and six unofficial members in it. The unofficial members consisted of three Europeans, one to represent the Sinhala people, one to represent the Ceylon Tamils and one to represent Burghers. Burghers were a small minority even then. That is when this so called ethnic problem started. The Sinhala people had a history of at least 2000 years. They were the majority, accounting for at least 75 percent of the population. The Ceylon Tamils accounted for less than ten percent. The Ceylon Tamils only had a history up to 1650. I challenge anybody to disprove me. I base my arguments not only on the thesis by Prof. Kartikesu Indrapalan but also on Dutch records. More importantly, we cannot notice the difference of the Tamil language spoken here and parts of Tamil Nadu.

The linguists’ have a way of identifying the year in which these two branches of the Tamil language started. Linguists will tell you the language spoken in in Jaffna is not more than 350 years. Any linguist can tell. I was told by a linguist. He is dead now.
My ancestors also came from India. I can trace back my ancestry to the 12th century at least. We were assimilated into the Sinhala culture
People like Ponnambalam Ramanathan and Ponnambalam Arunachalam also came after 1650. But, they were not assimilated into the Sinhala culture. If they were assimilated, there would have been no problem. But the Dutch prevented it. The Dutch, in fact, got Sinhala people living in Jaffna converted to Tamil.

Now, Northern Province Chief Minister C.V. Wigneswaran who is related to Arunachalam is also a descendent of those who came after 1650. Mr. Wigneswaran calls Jaffna as his homeland for two things. His hometown is Colombo. But, his homeland is somewhere in Tamil Nadu. Towards the end of the 19thcentury, the Sinhala and Tamil people were made equals by the English in 1831. To equate 75 percent of the people with just ten percent of the population, to equate a history of 2000 years with a history of 350 years, what is the democracy there? Human rights of the Sinhala people were not respected by the English.
That was the beginning of the problem. English speaking Tamils were a majority. The English speaking Tamils considered themselves either equal or better than the English speaking Sinhala people. Whenever the English wanted to increase the number of representations in the Legislative Assembly, the English speaking Tamil Vellalars of Christian origin.

English speaking Tamils always wanted their representatives to be equal or more than the representation of Sinhala people. People like Ramanathan and Arunachalam vehemently opposed any attempt to increase the representation of the Sinhalese in the Legislative Assembly. Ramanathan, I consider, is the first Tamil racist in this country.
Unfortunately, there was some division among the English speaking Sinhalese as well. In the case of English speaking Tamils, they overwhelmingly belonged to Vellalars. But, there was infighting among English speaking Sinhala people over caste issues. In 1912, the English gave limited franchise only to the English speaking people- landed proprietors. When the elections were held for the newly constituted seats, two people contested- Markes Fernando and Ramanathan. The English educated Sinhala people, among Govigama caste, voted for Ramanathan because Markes Fernando was from Karawa caste.

In 1871, the State Councils were formed. G.G. Ponnambalam fought for fifty- fifty. What is fifty-fifty? It means fifty percent of representation should be for the non-Sinhala people and the remainder for the Sinhala people. It meant less representation for the Sinhala people. Who started racism then? English speaking Tamils started this with the blessings of the English. It is the Sinhala people who fought against the English rule. English wanted to suppress Sinhala people and punish them. The English, then, wanted to give universal franchise. Finally, the majority representation was from the Sinhalese. You cannot prevent that.
When the Soulbury commission came in, these English speaking Tamil Vellalars went before it. They did not want the universal franchise to be given. They wanted to demarcate the parliamentary seats in a manner that the Sinhala people would never get the majority. That was why, the so called multi-member constituencies were created.

Even after the1947 elections, the English speaking Tamils wanted to become prominent and dominant people in Sri Lanka. But, S.J.V. Chelvanayagam, a member of the South Indian Anglican church, realized that Tamils cannot become leaders because of universal franchise. He started Ilankai Tamil Arachu Katchi (ITAK). He established his party in the GCSU building. That is to create a Tamil estate. That time, there was no Tamil homeland concept. It came after 1976.
ITAK was created long before 1983, 1972 and 1956. How can you blame the Sinhala people for creating the problem?

Q However, there is an issue with Tamils in the north and the east asking for a solution. What is the approach you propose then?


You cannot say the problem is there. Of course, Prabhakaran appeared. Prabhakaran‘s mindset was that of the English speaking Tamils. Prabhakaran was not an English speaking Tamil. So, the problem is now in the hands of non –English speaking Tamils. Prabhakaran was influenced by the JVP as well. He used JVP tactics. His ideology was of Ramanathan and Chelvanayakam.
The problem was divided into two. They say Tamils are discriminated against. Their argument is that Tamils should be given more powers devolved to the north and the east. That is the problem these people try to solve. I have asked this question for more than 25 years. What are the injustices caused to the Tamils simply because they are Tamils? Nobody has answered that question. Now, Dr. Nirmal Ranjith Devasiri answered it recently after 25 years. What is his answer? Finally he has said that the problem of Tamils is that they do not have a state of theirs. It is ridiculous. If they want a state, it has to be found in India. The northern and eastern provinces are not Tamil homelands. Also, what are they trying to solve? Are they trying to solve the problems of the Tamils in the north and the east? These two provinces were demarcated by the English only in 1889. Does it mean that only in 1889, these so called homelands came into existence?

When the English demarcated this country first into five provinces, even Anuradhapura belonged to the Northern Province. They could claim that even Anuradhapura was their homeland. Had they continued to maintain five provinces, the Sinhalese would have lost Anuradhapura as well.
If devolution is going to solve the problem of the Tamils in the North and the East, what about the Colombo Tamils and those elsewhere in the country? If there are injustices, it should be to all. Aren’t you going to solve problems of the Colombo Tamils? If not so, you are discriminating against them.
In the country, more than 50 percent of Tamils live outside the north and the east.

Q What do you propose to do to address these matters?

I have a different proposition altogether. There is no ethnic problem as such. Unfortunately, most of the Tamils in Jaffna do not know that they are descendants of Sinhala people. My position is that non -Vellalar Tamils should be made free of Vellalars. Unfortunately, the Sinhala people do not know the history of the problem. Sinhala people should be educated about it. I have been trying to educate them, but they do not understand.
Thirdly, I do not believe in development in a western sense. I believe the whole country should be developed without giving any preferential treatment to any district, not even to Hambantota or Polonnaruwa.

In the case of Mahinda Rajapaksa as the then President, Jaffna was developed. Jaffna got the lion’s share. Then, administrative powers should be devolved to the districts. The districts were introduced by the British for their convenience. I say it is better to divide the country into districts for our convenience so that the Governments Agents continue to look after the affairs. I am proposing to establish the district councils as the unit of administrative power, not the political power.
[www.dailymirror.lk]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions