යුතුකම කතු වැකිය......
2025 ජූනි කලාපය
අපගේ සභ්‍යත්ව රාජ්‍ය උරුමයෙන්ද, ව්‍යවස්ථාවෙන්ද, නීතියෙන්ද, පූර්ව භාවිතාවෙන්ද තහවුරු කොට ඇත. අප හමුවේ පවතින පළමු අභියෝගය වනුයේ එකී සභ්‍යත්ව රාජ්‍යයේ පැවැත්මට එල්ල වී පවතින අභියෝග හඳුනාගෙන එම අභියෝග පිටුදැකීමයි.
මෙලෙස අපගේ සභ්‍යත්ව රාජ්‍යයේ පැවැත්මට එල්ල වී පවතින අභියෝග අභ්‍යන්තර සහ බාහිර වශයෙන් නිරවුල්ව වෙන් කොට ගැනීම අත්‍යාවශ්‍ය වේ.
රටේ වෙසෙන හුදී ජනයාට සතුටින් ජීවත් විය හැකි සශ්‍රීකත්වය උදා කර දීම අප මුහුණ දී ඇති අභ්‍යන්තර අභියෝගයකි. කුසගින්න පෙරට ආ කළ දේශප්‍රේමය සහ ජාතිමාමකත්වය තවදුරටත් වලංගු මාතෘකා නොවනු ඇත.
අප අපේක්ෂා කරන සශ්‍රීකත්වය වෙත අප හට ගමන් කිරීමට තිබෙන මාර්ග අවුරා දමා අපගේ භූමිය සහ සම්පත් තම තමන්ගේ භූ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් යොදා ගැනීමට ලෝක බලවතුන් විසින් සිදු කරන්නා වූ අත පෙවීම් අප මුහුණ දෙන බාහිර අභියෝගයකි. මෙම බාහිර අභියෝග ජය ගැනීමට නම් අප විසින් හැකිතාක් දුරට අභ්‍යන්තර ඒකාත්මිකතාවක් පවත්වා ගත යුතුය.
ජාතික අරමුණු වෙනුවෙන් ඒකාත්මික නොවීම අපගේ දියුණුව ඇණ හිටීමට බලපා ඇති ප්‍රබල අභ්‍යන්තර අභියෝගයකි. පසුගිය කාලය පුරාවට මෙරට ජනතාව සිදු කර ඇත්තේ මැතිවරණවලදී එක් පිලක් පරාජය කිරීමේ වෛරී චේතනාවෙන් යුතුව අනෙක් පිලට ඡන්දය පාවිච්චි කිරීම පමණි. අවම වශයෙන් සභ්‍යත්ව රාජ්‍යයේ පැවැත්ම සහ අනාගතය වෙනුවෙන් යම් යම් තලවල ක්‍රියාත්මක වන ජාතික සංවිධාන අතර පවා පොදු ජාතික අරමුණක් වෙනුවෙන් ඒකාත්මික වීමක් නොමැත. එවැනි ඒකාත්මික වීමක් සඳහා උත්සාහයක් වත් දරා නොමැති තරම් ය.
සීහලේ ලෝක උරුම පදනම විසින් කැඳවනු ලැබූ ‘දේශප්‍රේමී ජාතිමාමක ජාතික සමුළුව’ පසුගියදා (2025.06.28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාවේදී පැවැත්වුණි. යුතුකම ජාතික සංවිධානය වශයෙන් අපද ඊට සහභාගී වීමු. සභාවේ මුලසුන හෙබවූ අස්ගිරි මහා විහාර පාර්ශවයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් ප්‍රකාශ කළේ මෙම සමුළුව ජාතික කඳවුර තවමත් ජාතික දේශපාලන පොරපිටිය තුළ නොසැළී සිටින බවට ලබා දෙන සංඥාවක් වන බවයි.
මේ අතර සමුළුව ඇමතූ මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියන් සඳහන් කළ, අපද නිතර නිතර සිතා බැලූ කරුණක් පිළිබඳව මේ වන විට යුතුකම ජාතික සංවිධානය නැවතත් ගැඹුරින් සිය අවධානය යොමු කරමින් සිටී. ජාතික සංවිධාන එකිනෙක අතර ජාතිය හමුවේ පවතින අභියෝග පිළිබඳව සහ අප ගත යුතු මග පිළිබඳව විවිධ විසංවාදී අදහස් පැවතිය හැකි මුත් එකී එකඟ විය නොහැකි තැන් පසෙක තබා එකඟ විය හැකි තැන් මත පිහිටා ජාතික සංවිධාන සම්මේලනයක් ස්ථාපිත කිරීම කාලෝචිත බවට උන්වහන්සේ දේශනා කරන ලදි.
එසේ නම් අප ප්‍රථමයෙන් සහෘද ජාතික සංවිධාන අතර පවතින එකඟ විය හැකි තැන් මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා නොපමාව ප්‍රයත්නයක් දැරිය යුතුය.
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .