පුණ්යා කවුදැයි මට හරියටම කියනු බැරිය. නමුත් පුණ්‍යාට තීක්ෂණ බුද්ධියක් ඇත. ඉවසිලිවන්තය. සෘජු ප්‍රතිපත්ති ඇත්තීය. ඇයට කවි හදවතක් ඇත. දුක වියෝව දරා නොසැළී සිටිය හැකි එහෙත් අතිශය ප්‍රේමණීය හදවතක් ඈ සතුය.
ඇගේ ආදරය නොවළහා පෙම් හසුනක ලියා රේවත වෙත යැවීමට ඈ තීරණය කරන්නේ යුද්ධයේදී ඔහුට යම් කරදරයක් සිදු වේදෝ යන බියෙනි. එසේ වුවහොත් ඔහු තමා වෙතින් ඉල්ලාසිටි ආදරය ඔහු වෙත ප්‍රකාශ කළ නොහැකි වනු ඇත. රේවතට බිරිඳක් වන්නේ නම් තමා වැන්ඳඹුවක් වන බවට පණිවිඩයක් ඇගේ හද මනස තුළින් ඈට ලැබී තිබියදීම ඇය රේවතට ආදරය ප්‍රකාශ කරන්නීය. රේවත යුද්ධයෙන් මිය යනු ඇතැයි යන සැකයම ඒ සඳහා ඈ පොළඹවන්නේය . ඇයට එසේ කළ හැකි වන්නේ ඇය රේවතට ආදරය කරන්නේ රේවත ඇගේ කරගෙන නොවන නිසාය. ඇගේ නොවන රේවතට ආදරය කළ හැකි ආදරයකින් ඈ පොහොසත්ය. එක අතකට අප පතන , අප සොයා යා යුතු උතුම් මනුෂ්‍යත්වයේ ප්‍රතිබිම්බයක් නොවේද පුණ්‍යා ? ඇතැම් විට ජයන්තයන් ඇයට පුණ්‍යා යයි නම් තබන්නට ඇත්තේද එවැනි අදහසකින්ද විය හැකිය.
කොලු කමට කරන වැඩ නිසා සිය අතට පත් එම ලිපිය කියවන වාදීෂ පුණ්‍යාගේ අවංක ප්‍රේමය හැඳින ගනියි. වාදීෂ තේරුම් ගැනීමට නම් අප පුණ්‍යා තේරුම් ගත යුතුය. ඒ වාදීෂ පුණ්‍යාගේ අධ්‍යාත්මයේ පිවිතුරු බව හැදින ගත් නිසාත් එතන් පටන් ඔහුගේ හැසිරීම තීරණය වන්නේ ඔහුගේ මනස තුළ සැරිසරන පුණ්‍යාගේ අධ්‍යායමය විසින්ද බැවිනි. ඇතැමෙක් මෙම චිත්‍රපටයේ අනුභූතිය ව්යාජ එකකැයි යන දුර්මතයෙහි එළඹෙන්නට ඇත්තේ පුණ්‍යා තේරුම් නොගෙන වාදීෂ තේරුම් ගන්නට උත්සාහ ගත් නිසා විය හැකිය. පුණ්‍යා තේරුම් ගන්නට උත්සාහ ගත්තා නම් වාදීෂ නමැති සිසුවාගේ සංවේදී බව වටහා ගත්තා නම් මෙහි එන අනුභූතිය ප්‍රබල එකක් බව ඔවුනට පෙනී යා යුතුය.
එම ලිපිය ඈට නැවත ලබා දීමට උත්සාහ දරතත් අවාසනාවත්න ලෙස එය මග හැරී යයි. කවි සිතක් ඇති පුණ්‍යා විසින් ප්‍රථම වරට ප්‍රකාශිත ප්‍රේමය විටින් විට කියවන වාදීෂ පශ්චාත්තාප වෙයි.
"මම නම් හිතන්නේ ජීවිතය කියන්නේ පිපාසයක්. ඒ පිපාසය යම් තරමක් හරි සංසිදෙන්නේ ආදරය කියන ඒ දෙය ලැබුනාම විතරයි. ඒකයි අපි හැමෝම ආදරය පිටුපස්සේ දුවන්නේ. කොච්චර හති වැටුනත් ඒත් දුවන්නේ. හදවත් ගිනි ගත්දිත් සිරුරු රිදුම් දෙත්දිත් අපි හඬ හඬා, හඬ හඬා ආදරය සොයන්නේ ඒකයි."
නමුත් ඒ වේදනාව අමතක කරළිම සඳහා ඔහු ආදරයත්, ආදරය ඔහුවත් මරාගෙන මැරෙයි. ඔහුට අන් අයට ආදරය කිරීම සඳහා ආදරයක් ඉතිරි නොවේ. ස්ත්‍රීන්ට ප්‍රේම කිරීමෙන් වළකින ඔහු සුරාවට ඇබ්බැහි වේ. තමා ජීවිතය නමැති අහස් කුස සිසාරා පියාඹන්නට තැත් දරන දිරාපත් කොළ මෙන් සිදුනු අත්තටු ඇති විඩාබර වූවකු බව ඔහුගේ එක් ගීයකින් කියැවේ. බීමතින් ගෙදර එන ඔහු තමා හා තම දරුවා ඉදිරියේ පමණක් දිරාපත් කොළයක් ලෙස හැසිරෙන්නෙකු ලෙස සිය බිරිද වටහා ගනියි. එහිදී නැවත ඔහුට පිහිටට එන්නේ මව නැති වූ පසු ඔහුට මවක වූ අයියාය.
අපට මෙහිදී වාදීෂ යුතුකම් පැහැර හරින්නකු වුවද ඔහුව එතැනට ලගු කළ නොහැකිය. ඒ හෘද සාක්ෂියක් නැතිව යන සමාජයක හෘද සාක්ෂියක් ඇති නිසාම විඳවන්නකු බවට ඔහු පත්ව ඇති නිසාය. ඔහුටද එයට අවසානයක් ලබා දීමට උවමනාවක් ඇත.
"මට මගේ ළඟට එන්න ඕන නිසා" වසර ගණනාවකට පසු මුණ ගැසුණු පුණ්යාට ලිපිය නැවත භාර දෙන වාදීෂට "ඔයා නැවත යන්න ඕනා" ලෙස පිවිතුරු පුණ්යා පිළිතුරු දෙයි. ඒ "මට මගේම නොවන මගේම ආදරයක් තිබුණා" ගීය හමාර කිරීම සඳහා වේදිකාව මතටය.
පසුව වෙනත් වේදිකාවකදී ඒ වන විට 'තමා ළඟට පැමිණ සිටි' වාදිෂ මෙවැන්නක් පවසයි.
"මිනිස්සු හිතනව කාලාකරුවන්ට කොහෙන්ද මේ නිර්මාණ , ගී තනු එන්නේ කියලා. බිතෝවන් කිව්වා ඒ සියල්ල අපට එන්නේ දෙවියන්ගෙන් කියලා. එහෙත් මා නම් කියන්නේ මේ සියල්ල අපට එන්නේ වේදනාවෙන් කියලා. මුතු ඇටයක් බවට පත් වෙන්නේ බෙල්ලෙක්ගේ බෙලි කටුව තුළ සිර වුන වැළි කැටයක වේදනාව. ඔවුහූ ගී ගයමින් වේදනාව උගනිති කිව්වේ ෂෙලී."
අතිෂය සංවේදී මිනිසකු වන වාදීෂ තමාගේ නොවන ආදරයට ආදරය කිරීමෙන් උරුම වේදනාව නිසා කලාකරුවකු බවට පත් වේ. වාදීෂගේ මුවඟට නගා නිර්මාණ මැවෙන්නේ වේදනාව තුළින් යැයි කියන්නේ ජයන්ත චන්ද්‍රසිරි නම් කලාකරුවාට නිර්මාණ පහළවන අයුරුද විය යුතුය.
පසුව වෙනත් වේදිකාවකදී ඒ වන විට 'තමා ළඟට පැමිණ සිටි' වාදිෂ මෙවැන්නක් පවසයි.
"මිනිස්සු හිතනව කාලාකරුවන්ට කොහෙන්ද මේ නිර්මාණ , ගී තනු එන්නේ කියලා. බිතෝවන් කිව්වා ඒ සියල්ල අපට එන්නේ දෙවියන්ගෙන් කියලා. එහෙත් මා නම් කියන්නේ මේ සියල්ල අපට එන්නේ වේදනාවෙන් කියලා. මුතු ඇටයක් බවට පත් වෙන්නේ බෙල්ලෙක්ගේ බෙලි කටුව තුළ සිර වුන වැළි කැටයක වේදනාව. ඔවුහූ ගී ගයමින් වේදනාව උගනිති කිව්වේ ෂෙලී."
අතිෂය සංවේදී මිනිසකු වන වාදීෂ තමාගේ නොවන ආදරයට ආදරය කිරීමෙන් උරුම වේදනාව නිසා කලාකරුවකු බවට පත් වේ. වාදීෂගේ මුවඟට නගා නිර්මාණ මැවෙන්නේ වේදනාව තුළින් යැයි කියන්නේ ජයන්ත චන්ද්‍රසිරි නම් කලාකරුවාට නිර්මාණ පහළවන අයුරුද විය යුතුය.
ඔහු සංවේදීත්වය, හෘද සාක්ෂිය සහ එදෙකේ සංකලනයක් වන ප්‍රේමය සංවර්ධනයේ ප්‍රතිලාභ සොයන සමාජයක තරඟය තුළ පැරදී කාටත් හොරා සැඟව යන්නට තනනවා දකියි. ඩිජිටල් ආශ්චර්යයෙන් ප්‍රමුදිතව, ආදරවන්තයන් කවියන් බවට පත් කළ පෙම් හසුන පුළුස්සා නළලේ අළු ගා ගත් සමාජය ගැන ඔහු චකිතයට පත් වේ. ප්‍රේමයේ ප්‍රහර්ෂය අහිමිව කර්කෂ වූ හදවත් විසින් විදින ඔවුන්ද නොදකින වේදනාව ඔහු දකියි. සිය හද තුළ ගුළිවන මගේ නොවන එහෙත් මගේම ආදරය නම් මානව ප්‍රේමය සමඟ වෙළීම නිසා ඇතිවන වේදනාව නැමැති විළි රුදා විද පුණ්‍යා හා වාදීෂ ප්‍රසූත කර ප්‍රේමය අහිමි මිනිසුන්ගේ දෑස් අභිමුවට කැන්දාගෙන ආ ජයන්ත වාදීෂට වඩා සංවේදී මිනිසකු බවට සැකයක් නැත.
-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
(ජයන්ත තරම් නොවුනත්) ලසන්ත වික්‍රමසිංහද සංවේදී මිනිසෙකි...
ReplyDelete"ඇගේ නොවන රේවතට ආදරය කළ හැකි ආදරයකින් ඈ පොහොසත්ය."
ReplyDeleteමෙතන
"ඇගේ නොවන රේවතට ආදරය කළ හැකි හදවතකින් ඈ පොහොසත්ය" කිව්වනම් වඩා නිවරදි නොවේද?
මේක කියවන කෙනාට "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" කියන චිත්‍රපට ගීතය පසුබිමින් දනවන්න මේ වචන පාච්චි කළා.
Deleteවියලුන කරවුන සිතින් සෙනෙහසේ ඉඩොරයෙන් පිඩා විදින යම් හෝ පිරිසකට මෙය පොද වැස්සක් හරි වෙවා! ලොකු කුඩා බාල මහලු කාගෙත් සිත් සැබැම සෙනෙහස පිරුන දහමකම ඇලේවා!
ReplyDelete"ආදරය ජීවිතයෙන් කොටසක් නොව ආදරය සිය ජීවිතයම කරගත් ගැහැණියකගේ ආදරය තමා අතින් විනාශ විනි යන බලවත් පශ්චාත්තාපයෙන් ඔහු පෙළයි , ඒ හෘද සාක්ෂියක් නැතිව යන සමාජයක හෘද සාක්ෂියක් ඇති නිසාම විඳවන්නකු බවට ඔහු පත්ව ඇති නිසාය "
ReplyDeleteමේකට මමත් එකඟයි.මේක තමයි මට ඇත්තටම ෆිල්ම් එක බැලුවට පස්සේ හිතුනේ,ඒත් මේ ආර්ටිකල් එක තුලින් මම නොදැකපු පැත්තක් ඇත්තටම මට මතක් කරනව
"පුණ්යාගේ ප්‍රේමයට ඔහු ප්‍රේමම කරයි" - මේක හරියටම හරි, අපි ඇත්තටම මෙතන පුණ්‍යා කියන ගැහැණිය ගැන Character එකක් විදියට හිතන එක වැරදියි, එයගේ අධ්‍යාත්මය තමයි අඳුරගන්න ඕන , like lasantha mentioned in this article.
මේ Article එක හරිම සමබරයි, හොඳ විග්‍රයක්, අත්තටම කිසිම රාමුවකට කොටු නොවී ලියපු විචාරයක් විදියට තමයි මම දකින්නෙ, "මට මගේම නොවන මගේම ආදරයක් තිබුණා’මේ වචන ටික දැක්කම හිතෙන දේට වඩා ලොකු ගැඹුරක් මේ පද පේලියේ තියනව කියන එක මේ Article එකේ හොඳට විග්‍රහ වෙනව.ජයන්තටත් ඕන වෙන්න ඇත්තේ මේ ටික ප්‍රේක්ෂකයට කියන තමයි මට හිතෙන විදියට නම්.
අවසනයේ කියන්න දෙයක් තියනව, අඩුවක් නෙමේ නමුත් මේක ගැනත් කතා කලානම් හොඳයි කියල හිතෙනව.
වසර ගණනාවකට පසු මුණ ගැසුණු පුණ්යාට ලිපිය නැවත භාර දෙන වාදීෂට "ඔයා නැවත යන්න ඕනා" ලෙස පිවිතුරු පුණ්යා පිළිතුරු දෙයි -
මේක මට හිතෙන්නේ ගැහැණියක් විදියට පුණ්‍යාගේ පිවිතුරු කම වගේම සමාජයට යම් පණිවිඩයක් දෙනව.විසේෂයෙන් ගැහැනු අයට.උඩුගං බලා යන ආදරයක් හරවන්න පුළුවන් ශක්තියක් ඒ අයට තියෙනව කියල වගේ දෙයක් මෙකේ තියෙනව කියල මට හිතෙනව
මේක මට හිතෙන්නේ ගැහැණියක් විදියට පුණ්‍යාගේ පිවිතුරු කම වගේම සමාජයට යම් පණිවිඩයක් දෙනව.විසේෂයෙන් ගැහැනු අයට.උඩුගං බලා යන ආදරයක් හරවන්න පුළුවන් ශක්තියක් ඒ අයට තියෙනව කියල වගේ දෙයක් මෙකේ තියෙනව කියල මට හිතෙනව -
Deleteමේක හොඳ අදහසක් කියලා හිතෙනවා. වාදීෂ ඒ වෙන කොට පුණයාගෙ ලෝකයට ආදරය කරනවා.. නැවත වාදීෂට තමන්ගේ ලෝකයට යන්න පුණ්‍යා උදව් කරනවා නේද?
සමබරතාව ගැන..
හිතෙන දේ ලියනවා. සමබර උනත් නූනත් මම ඒ ගැන හිතන්නෙම නෑ. :)
Lassana kathawa.. mee wakya tika nam 200% aththa -
ReplyDelete"මම නම් හිතන්නේ ජීවිතය කියන්නේ පිපාසයක්. ඒ පිපාසය යම් තරමක් හරි සංසිදෙන්නේ ආදරය ලැබුනාම විතරයි. ඒකයි අපි හැමෝම ආදරය පිටුපස්සේ දුවන්නේ. කොච්චර හති වැටුනත් ඒත් දුවන්නේ. හදවත් ගිනි ගත්දිත් සිරුරු රිදුම් දෙත්දිත් අපි හඬ හඬා ආදරය සොයන්නේ ඒකයි."
සමනල සංධ්වනිය ගැන මෙතෙක් කියවන්න ලැබුනු විචාර අතරින් වඩාත් මධ්‍යස්ථ වගේම හෘද සාක්ෂියට අවංකව ලියූ විචාරය මේක යැයි මගේ අදහස. දිය කොරහේ කිම්බුල්ලු දකින කුහකයන් වගේම වාදීශ කියන ගැටවරයා පුණ්‍යා කියන තාරුණ්‍යයේ මැද-අග භාගයේ ඉන්න තරුණියට ලව් කරනවා දැකීමේ ෆැන්ටසි උන්මාදයෙන් පෙළෙන ලිංගික බෙලහීන නපුන්සකයින් විවිධ කතා කිය තිබුනා.එත්, ඇත්තටම වාඩීශ ආදරය කලේ පුණ්‍යාගේ ආධ්‍යාත්මයේ තිබුනු ආදරයට... මේ සත්‍යය පැහැදිලිව පෙන්නා දුන්නාට මෙය ලියූ කවුරු උනත්, ඔහුට බෙහෙවින් ස්තූතියි....!!
ReplyDeleteමමත් ජයන්තව දේවත්වයෙන් අදහන කෙනෙක්. ඒත් දෙවියන්ගෙ උනත් අඩුපාඩු පෙන්නන එක අපේ යුතුකම. වාදීශගෙ ජීවිතේට බලපැවෙ තමන් පුණ්‍යගෙ ලියුම හොරකම් කිරිමෙන් ඔවුන්ගෙ පේමයට බාදා කළා කියන වරදකාරි හැගීම. ඇයට ලියුම ලබා දෙන්න යද්දි වාදිශ ඇගෙ යම් සුන්දරත්වයක් දකින්න ඇති. බෝඩිමේදි තමන්ව බේරගත්තම ඔහු ඇයගෙ ආධ්‍යාත්මයට ආදරය කරන්න ඇති. ඇගේ ආධ්‍යාත්මයට ආදරය කරපු ඔහු අවුරුදු විස්සකින් මුනගැහුනම ඇයව සිපගන්න උත්සාහ කරයිද? ඇය තමන්ගෙ ආදරවන්තය විවාහ කරගත් බව දැන ගත්තම වාදිශගෙ වරදකාරි හැගිම නැති වෙලා යන්නෙ නැද්ද? හැබැයි මේ සිද්ධි කිපයෙන් චිත්‍රපටියෙ අගය අඩුවෙන්නෙ නම් නැ. රසවත් කිරි තේකක මැස්සෙක් හිටියම මැස්සව අයින් කරල තේක බොනව මිසක් මම ඒක විසි කරන්නෙ නම් නැ. චිත්‍රපටියෙ තව අඩුපාඩු කිපයක් තිබුනත් මම ඒව කතා කරන්නෙ නැ. මොකද පිරිත් කියකිය මිනී මරන චිත්‍රපටිවලට වඩා මේක ලක්ශවාරයක් වටිනවා. චිත්‍රපටිය බලල එළියට එද්දි තෝන්තු වූ ගතියක්, රෝමෝද්ගමනය වෙන ගතියක්, වෙනම ලෝකෙකට ගියා වගේ ගතියක්, වාදීශ කියන්නෙ මමද වගේ හැගීමක් මට දැනුනා. ඒ වගේ හැගීමක් මීට කලින් දැනුනෙ ගරිල්ලා මාර්කටින් බලල එළියට එන කොටයි.
ReplyDeleteමම හිතන්නේ ඔහු පුණ්‍යගෙ සුන්දරත්වයටත් ආදරය කලා.
Deleteawurudu gananawakata passe chithrapatayak kiyala kiyanna puluwan chithrapatayak baluwa..........Jayantha Chandrasiri....aththenma mama me film ekata thamath adaraya karanawa......mage nowana magema adarayak......
ReplyDeleteසමනල සංධ්වනියෙ මට දැනුනු එකම වැරැද්ද නම් (මට හිතුනු හැටි හොඳේ :) සමහරවිට එහි වැරැද්දක් නැතුවත් ඇති) "මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා" ගීය චිත්‍රපටය තුල ගොඩ වතාවක් වාදනය වීමයි. ආවසාන මිනිත්තු කිහිපයේ ඒ ගීය දෙවතාවක් ගායනා වෙනව. එක වතාවක් වාදීෂ ට "රිදුමක් වාගේ" කියන ගීයේ දෙවන කොටස කියාගන්න බැරි වෙනවා. එතනින් පස්සෙ අයෙම ගීය මුල ඉඳන් ගායනා වෙනව. මට හිතෙනව එහෙම නොවී දෙවන වතාවෙ "රිදුමක් වාගේ" කියන තැන ඉඳන් ගීය පටන් ගත්තා නම් හොඳයි කියලා.
ReplyDelete