යහළුවන් | ඔරවයිද |
ප්‍රභූ අය | හිනැහෙයිද |
අතින් කන්නට | බයද |
හෝටලටය ලොකු | වැඩිද |
වැළදුවේ බුදු | රදුන් |
නොමවේද ගරු | අතින් |
වැදගත්ද සුදු | එවුන් |
පරදවා බුදු | රදුන් |
හීනමානය | බලව් |
සිහළුනේ ලැජ්ජා | වව් |
සුද්දාම කොපි | කරව් |
ජාතකය විසි | කරව් |
කුමට නුඹ | ලැජ්ජාද |
අත නුඹේ | ගැහෙනවද |
හෝටලටය ලොකු | වැඩිද |
ජාතකය පණ | මදිද |
වාදයට නොම | ගොසින් |
පතුරවන මෙත් | සිතින් |
නුඹ කන්න නුඹෙ | අතින් |
නුඹේ උරුමය | ලෙසින් |
යුතුකම සංවාද කවය
1948 දි අපට සුද්දන්ගෙන් නිදහස ලැබුනා. හැබැයි නිදහස් වෙන එක අපේ වැඩක්. අපිත් නිකම් අර කූඩුව ඇරියත් එළියට යන්නේ නැතුව ඇතුළටම වෙලා ඉන්න බල්ලෙක් වගේ..:)
ReplyDeleteසුද්දගෙන් නිදහස් වෙන්න නම් “සුද්දගේ එක අපේ එකට වඩා ලොකුයි” කියන හීනමානයෙන් අපි ගැලවෙ කරන්න ඕන. හොඳට හිතලා බැලුවොත් පෙනෙයි තමන්ට ලොකු හෝටලයකට ගිහින් අතින් කන්න පණ නැති බව. වැදගත් වෙන්න කියලා අපි පහත් කරලා සළකන්නේ අපේ එක බව..
අතින් කෑවත්
Deleteගෑරුප්පු
හැන්දෙන් කෑවත්
කෝටුදෙකෙන් කෑවත්
ජාතකෙට ඇති
නෑකම මෝකෝ
ඕක වෙන්න ඕන ධර්මපාල තුමා ඒ කාලෙ මිනිස්සුන්ට කියල තියෙන්නෙ නිකං ඉන්න වෙලාවට සුද්දෙකුගෙ පඹයෙක් හදාගෙන ගහ ගහ ඉන්න කියල.
ReplyDeleteහෙලයන් තමන් උසස් සාරධර්මවලින්,බුදු දහමින් පෝෂණය උන ජාතියක් කියල අදවෙනකොට අමතකවෙලා ගිහිල්ලා.බොහොමයක් අම්මලා,තාත්තලා,දුවා දරුවො කලු සුද්දන් වෙලා.තමන්ගෙ රට,තමන්ගේ භාශාව විතරක් නෙමෙයි තමන්ගෙ ආගමත් අමතක වෙලා,වල් වැදිලා.අම්මා තාත්තට සලකන්නෙ නැති,සතා සීපාවාට ගස්වැල් වලට ආදරය නැති,මිනිසත්බවත් තමන්ටම අමතක උනු දරුවන් අද සමාජයේ සිටිනවා.මෙයට ප්‍රධානතම හෙතුව තමයි මිනිසුන්ට තම රටේ ඉතිහාසය අමතකවීම,ගෞතම බුදු දහමින් පෝෂණය වුන ශ්‍රේෂ්ඨ වූ ජාතියක් කියන එක අමතකවීම.අපේ රජවරු,අපේ මුතුන් මිත්තන් අහස උසට වෙහෙර විහාර හදනකොට,වැව් පොකුණු හදනකොට ඔය සුද්දො හිටියෙ සීතලේ ගැහෙමින් ගල්ගුහාවල මස් පුච්චන් කකා කියල අපේ මිනිසුන්ට අමතක වෙලා.අපිට උන්ගෙන් ඉගෙනගන්න දේවල් මොනවද තියෙන්නෙ.මොනවත්ම නැහැ.
ReplyDelete