නොදැන සිටියා නොවෙි
බාරකරු මිසක ඔබ
අයිතිිකරු නොවන බව
අපට උරුම වු මෙබිම
ඒත් වාවනු නොහැක
මෙි නොකල් නික්මීම
අහස් කුස ගුගුරුවා
පතිත හෙණයක් විලස
මවුන් නෙතු නිති රැඳුනු
නිමා කරනට කඳුළු
මර බියෙන් තොර රටක
සිනා මල් පූදන්න
කළ මහා යුග මෙහෙය
නිමා වන්නට ද පෙර
යන්ට සිදු වුනෙ මන්ද
නොතේරේ නොම දැනේ
පස් වසක් සැඟව තිබු
මවුන් නෙතු රැඳි කඳුළු
ඔවුන්ටත් නොදැනීම
ගලා යන්නැති එදින
වැලපුනේ මහ හඬ්න්
මැදමුලන නොව රටයි
සිංහලේ කිසි ගෙයක
බතක් නොඉදුනි එ රැය
පැරදුනේ ඔබ නොවෙයි
රටයි ඔබ දිනා දුන්
අහිමි වන දිනෙක රට
අනේ කාහට කියම්
කෙළෙහි ගුණ බෝසතුන්
තුළම ඇති ගුණයක්ලූ
බෝසතුන් විරළ වූ
කලෙක අප අතර සිටි
මහ රජාණෙනි අපට
සමා වුව මෙත් සිතින්
මෙබිම සරනා සපුන්
සියොතුන් ද රුපු සතුන්
බිම ද අහෙසෙහි නිතින්
සරන නෙක දෙවි රදුන්
සුරකිනුව ඇති නිතින්
ඔබ ව හද රැඳි පෙමින්
-වෛද්‍ය වසන්ත දේවසිරි
2015 දුරුතුමස 10 වැනි දා
යුතුකම සංවාද කවය
www.yuthukama.com































