8/30/2025

යුදෙව් ජාතිකවාදය - 4 : හීබෲ භාෂාවේ පුනර්ජීවනය තුළ බෙන් - යෙහූදා ලකුණ

කතෘ:යුතුකම     8/30/2025   No comments
යුදෙව් ජාතිකවාදය - 4
හීබෲ භාෂාවේ පුනර්ජීවනය තුළ බෙන් - යෙහූදා ලකුණ

ඉතාමර් බෙන්-අවී: නූතන යුගයේ හීබෲ බස මව් බස වූ 
ලොව පළමුවැන්නා
“අපට පොදු වත්මන් බසක් නොමැති වීම හේතුවෙන් දුෂ්කරතා ඇති විය හැකි යැයි අයෙකුට ප්‍රකාශ කළ හැකි ය. අපට එකිනෙකා සමඟ හීබෲ බසින් කතා බහ කළ නොහැක. හීබෲ බසින් දුම්රිය ටිකට් පතක් ඉල්ලා සිටීමට තරම් එම බස පිළිබඳ දැනුමක් ඇත්තේ අප අතරින් කා හට ද? එවැන්නක් කළ නොහැක.”

තියඩෝර් හර්ට්සල් විසින් රචිත, යුදෙව් රාජ්‍යය නම් කෘතියෙහි, අනාගත යුදෙව් රාජ්‍යයක භාෂාව සම්බන්ධයෙන් කියැවෙන ආකාරය යි මේ. නූතන දේශපාලනික සයොනවාදයෙහි පියා ලෙස සැලකෙන හර්ට්සල්, 1896 වර්ෂයේ දී මෙම කෘතිය රචනා කරන විට, හීබෲ භාෂා පුනර්ජීවනය සම්බන්ධයෙන් ඔහු කවරාකාරයේ ආකල්පයක් දරන්නට ඇත් ද යන්න මෙමගින් මනාව පැහැදිලි වේ. මෙහි දී හර්ට්සල් යෝජනා කරන්නේ, ස්විට්සර්ලන්තය බඳු විවිධ භාෂා කතා කරන ජනයාගෙන් සමන්විත යුදෙව් රාජ්‍යයකි.

එහෙත්, හීබෲ බස ජීවමාන බසක් බවට පත් කිරීමේ මූලික අත්හදා බැලීම් එලියේසර් බෙන්-යෙහූදා නම් හීබෲ භාෂා ප්‍රේමියා විසින් මේ වන විටත් ආරම්භ කර තිබුණි. මෙම අත්හදා බැලීම් සඳහා ඔහුට පර්යේෂණාගාරය වූයේ සිය පවුල ය. එහි පර්යේෂණාගාර මීයන් වූයේ සිය දරුවන් ය. ඔහුගේ මෙම අසාමාන්‍ය කැප කිරීම අප සාකච්ඡා කළ යුතු ම කරුණකි.

එලියේසර් බෙන්-යෙහූදා උපත ලබන්නේ 1858 දී රුසියානු අධිරාජ්‍යය තුළ ය. (මෙම ප්‍රදේශය වත්මන් බෙලරුස් රාජ්‍යයට අයත් වේ.) ඔහුගේ මව්බස වන්නේ යිඩිෂ් (ජර්මානු සහ හීබෲ භාෂා මිශ්‍රණයෙන් උපන් භා
ෂාවක්) ය. ඔහු මූලික අධ්‍යාපනය ලබන්නේ කේඩර් නමින් හඳුන්වනු ලබන සාම්ප්‍රදායික යුදෙව් පාසලක ය. මෙහි දී හීබෲ භාෂාව ඉගෙන ගන්නා බෙන්-යෙහූදා, වයස අවුරුදු 12 පමණ වන විට හීබෲ බයිබලයට අයත් ග්‍රන්ථ ඇතුලු, සාම්ප්‍රදායික හීබෲ ලේඛන කියවීමේ නිපුනත්වය ලබා ගනී.

පසු කාලීනව, හස්කලා හෙවත් යුදෙව් ඥානෝදය (Jewish Enlightenment) ව්‍යාපාරයේ අභාෂය ඔහුට ලැබේ. ආගමික භාවිතයන්ගෙන් පරිභාහිර කටයුතු සඳහා හීබෲ භාෂාව භාවිත කිරීම යුදෙව් ඥානෝදය ව්‍යාපාරය තුළ අනුබල දෙන්නක් වූ නමුත්, හීබෲ බසින් පළ වූ පුවත්පත් යනාදිය හැරෙන්නට, කථන භාෂාවක් ලෙස හීබෲ ඒ වන විට භාවිත නොවුනි. පසුව, ප්‍රංශ, ජර්මානු සහ රුසියානු භාෂා ප්‍රවීනත්වය ලබා ගන්නා බෙන් යෙහූදා වැඩි දුර අධ්‍යාපනය ලබා ගන්නේ ලැටියාවේ දී ය. පසුව, ඔහු ප්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා ගනි යි. මේ වන විට ප්‍රචලිතව ඇති එක් මතයක් වන්නේ, යුදෙව් රාජ්‍යයක් සඳහා භූමියක් සොයා ගත්ත ද, යුදෙව්වන්හට පොදු කථන භාෂාවක් නොමැති බැවින්, ඔවුන්ට කිසි දිනෙක ජාතියක් (nation) විය නොහැකි බව යි. මෙය බෙන්-යෙහූදාගේ සිතේ දැඩි ලෙස කා වැදී පවතින අතර, ඔහුගේ අධිෂ්ඨානය වන්නේ කෙසේ හෝ හීබෲ බස යුදෙව්වන් අතර අදහස් ප්‍රකාශ කළ හැකි පොදු භාෂාවක් බවට පත් කිරීම ය.

1881 දී වෙනත් රටවලින් ඊශ්‍රායලය වෙත සංක්‍රමණය වන පළමු යුදෙව් ජන කණ්ඩායමට අයත් වන බෙන්-යෙහූදාගේ පවුල ජෙරුසෙලමෙහි පදිංචි වන අතර, ඔහු එහි සිට විවිධ රැකියාවන්හි නිරත වෙමින් සිය අත්හදා බැලීම් සිදු කර යි. මුලින් ඔහු තමන් වෙත ම, හීබෲ බසින් ආමන්ත්‍රණය කර ගනිමින්, ජීවමාන භාෂාවක් ලෙස එහි ශක්‍යතාව උර ගා බල යි. මෙහි දී ඔහුට පසක් වන්නේ බොහෝ නූතන අදහස් ප්‍රකාශ කළ හැකි වචන හීබෲ භාෂාව තුළ නොමැති බවත්, එවැනි වචන නොමැතිව හීබෲ බස නූතන භාෂාවක් ලෙස භාවිත කිරීම කිසි සේ ත් ම ප්‍රායෝගික නොවන බව යි.

මේ සඳහා ඔහු නව හීබෲ වචන නිර්මාණය කළ බවත්, එම උත්සාහය හීබෲ ශබ්ධ කෝෂයක් එළි දැක්වීම මගින් කෙලවර වූ බවත් අපි පසුගිය ලිපිය මගින් ප්‍රකාශ කළෙමු. මෙම නව වචන සම්මත කර ගැනීම සඳහා හීබෲ භාෂා කමිටුවක් පිහිටුවීමට ද ඔහු මූලික විය.

ඉතාමත් අසීරු අත්හදා බැලීමක් සඳහා ඔහු යොමු වන්නේ මේ අතර ය. ඒ තම පළමු දරුවාගේ මව් බස හීබෲ බවට පත් කිරීමේ උත්සාහය යි. මෙහි දී ඔහු සිය බිරිඳ සමග, තම පුත්‍රයා වූ ඉතාමර් බෙන්-අවීහට සම්පූර්ණයෙන් ම හීබෲ බසින් ඇමතීම සිදු කර යි. ඉතාමර් කුඩා කාලයේ දී බෙන්-යෙහූදා ඔහුට වෙනත් කිසිඳු භාෂාවක් ශ්‍රවණය නොවීමට වග බලා ගනී. කොටින් ම තම දරුවා නැලවීම සඳහා රුසියානු බසින් නැලැවිලි ගී ගැයීම පවා ඔහු සිය බිරිඳට තහනම් කර යි. ඉතාමර් කුඩා කාලයේ ඔහුට වෙනත් දරුවන් සමග සෙල්ලම් කිරීම තහනම් විය. මේ නිසා ඉතාමර්ගේ කුඩා අවදියේ දී ඔහුගේ හොඳ ම මිතුරා වන්නේ බලු පැටියෙකි.

බෙන්-යෙහූදා සිය දරුවන් සම්බන්ධයෙන් අනුගමනය කරන ලද මෙම ක්‍රියාමාර්ග ඉතාමත් කෲර ඒවා බව අයෙකුට ප්‍රකාශ කළ හැකි නමුත්, එහි අවසන් ප්‍රතිඵලය වූයේ, නූතන යුගයේ හීබෲ බස මව් බස වූ ලොව පළමුවැන්නා බවට ඉතාමර් බෙන්-අවී පත් වීම යි. මේ ආකාරයට සිය දරුවන් සියලු දෙනා ඇති දැඩි කිරීමට බෙන්-යෙහූදා කටයුතු කර යි. හීබෲ බස ජීවමාන බසක් බවට පත් කිරීමේ ඉදිරි කටයූතු සඳහා පසු කාලීනව මෙම දරුවන් විසින් ද අනගි මෙහෙයක් ඉටු කරනු ලබයි.

හීබෲ බස එදිනෙදා කටයුතු සඳහා යොදා ගැනීම, දැඩි භක්තිමත් යුදෙව් ප්‍රජාවගේ නොසතුටට හේතු වූ බව ද පසු ගිය ලිපියේ දී අපි සඳහන් කළෙමු. මේ නිසා මුල් යුගයේ දී, බෙන්-යෙහූදා පවුල සමාජයෙන් කොන් කර තැබීමේ නියෝග ද මෙම ප්‍රජාවන් විසින් නිකුත් කර ඇත. බෙන්-යෙහූදා විසින් පවත්වා ගෙන යනු ලැබූ හීබෲ මාධ්‍ය පුවත්පත් පවා මෙම ආගමික ප්‍රජාවන්ගේ විරෝධතා මත වසා දැමීමට ඇතැම් කාල වල දී සිදුව ඇත.

අනාගතයේ දී බෙන්-යෙහූදාගේ දරුවන් "මෝඩයින්" වනු ඇති බවට එම කාලයේදී ඇතැමුන් මත පළ කොට ඇත.

1922 වර්ෂයේ දී, වයස අවුරුදු 64 දී, එලියේසර් බෙන්-යෙහූදා කළු්‍රිය කරන විට, මේ තත්වය වෙනස් අතකට හැරී තිබිණ. ඒ වන විට, පලස්තීන ප්‍රදේශය තුළ හීබෲ බස කතා කරන්නන් සැලකිය යුතු පිරිසක් බිහිව තිබුණි. එ මෙන් ම, මේ වන විට බෙන්-යෙහූදා යුදෙව් ප්‍රජාව අතර ගෞරවණීය චරිතයක් බවට පත්ව සිටියේ ය. ඔහුගේ අවමංගල්‍යය සඳහා 30,000ක පමණ පිරිසක් සහභාගි වූ බව කියනු ලැබේ.

ලෝක ඉතිහාසයේ භාෂා පුනර්ජීවන ව්‍යාපාර සම්බන්ධයෙන් අසාමාන්‍ය ප්‍රගතියක් අත් කර ගත් සහ වඩාත් සාර්ථක වූ උදාහරණය ලෙස හීබෲ භාෂා පුනර්ජීවන ව්‍යාපාරය දැක්විය හැකි අතර, එතුළ එලියේසර් බෙන්-යෙහූදා ලකුණ ඉතා ඉහලින් සනිටුහන් වී තිබේ.

-නාරද බලගොල්ල
යුතුකම සඟරාවේ අගෝස්තු කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

ලංකාද්වීපයේ ගැලවුම්කාරයා මහා විජයබාහු

කතෘ:යුතුකම     8/30/2025   No comments
මහා විජයබාහු රජු විසින් කරවූ අටදාගෙය

ලංකා ඉතිහාසයේ අදුරුතම කාල පරිච්ඡේදයක් ආරම්භ කරමින් ක්‍රිස්තු වර්ෂ 1017 වැන්නේදී දකුණු ඉන්දීය චෝළයන් මෙරටට දරුණු ආක්‍රමණයක් එල්ල කරනු ලැබීය. හින්දූන්ගේ සිහිනය ලෙස හදුන්වන “අඛණ්ඩ භාරත්” සංකල්පය සැබෑ කරගැනීමට අපේක්ෂා කල පිරිසක් වශයෙන් චෝළයන් හැදින්විය හැකිය . චෝළ අධිරාජ්‍යය අග්නිදිග ආසියාව දක්වා ව්‍යාප්තව පැවති අතර ඉන්දියානු සමුද්‍රීය වෙළද ආධිපත්‍යය තම ඒකාධිකාරයක් ලෙස පවත්වාගනු පිණිස ඔවුහු විශාල වෙහෙසක් දැරීය. අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා බවට පස්වැනි මිහිඳු රජු පත්කරමින් චෝළ ආක්‍රමණිකයන්ගේ සිරකරුවන් ලෙස එතුමන් ප්‍රමුඛ පවුලේ පිරිස දකුණු ඉන්දියාවට රැගෙන ගිය බව මූලාශ්‍රයන්හි සදහන් කෙරේ. පණ්ඩුකාභය රජුගේ පටන් මෙරට අගනගරය වූ අනුරාධපුරය කොල්ලකා විනාශ කල චෝළයන් ,වර්තමානයේ “පොළොන්නරුව” ලෙස හදුන්වන “පුලස්ති පුරය” ඔවුන්ගේ මෙරට පරිපාලන මධ්‍යස්ථානය ලෙස තෝරාගනිමින් එම නගරය “ජනනාථ පුරම්” ලෙස නම් කර චෝළ අධිරාජ්‍යයේ යටත්විජියක් බවට පත්වූ මෙරට රජරට ප්‍රදේශයන් “ මුම්මඩි චෝළ මණ්ඩලම්” ලෙස නම් කරන ලදි.

දශක ගණනක් යනතුරු චෝළයන්ට එරෙහිව නැගීසිටීමට තරම් ශක්තිමත් රාජ උරුමය සහිත තැනැත්තෙකු මායා රටේ හෝ රෝහණයේ පහල නොවීය. ලංකාද්වීපයේ ගැලවුම්කරුවා වූ “මහා විජයබාහු” නමින් මෙරට චෝළයන්ගෙන් මුදවාගත් කීර්ති කුමරුන් රෝහණයේ පහළවිය. මෙය සැවොම හොදින් දන්නා කියන විජයබාහු රජතුමාගේ ඉතිහාස කතාන්දරය නොවේ. එතුමා කුඩා කල පටන් ගෙවූ දිවිය පිළිබදව ද, තමාට සහ තම පවුලට ආරක්ෂාව සැපයූ සින්නාරුබිම බුදල්නා හෙවත් බුද්ධරාජ නම් ප්‍රාදේශීය නායකයා හට පිරිනමන ලද වරදාන වරප්‍රසාද පිළිබඳව ද “පනාකඩුව තඔ සන්නස” නමින් සුපතළ සන්නස් පත්‍රයේ සදහන් වේ .ලංකා ඉතිහාසය තුළ සදහන් කෙරෙන දරුණුතම ඉන්දියානු ආක්‍රමණයෙන් රාජ්‍යය මුදවාගෙන සිංහල රාජාණ්ඩු පාලන තන්ත්‍රයත් බුද්ධ ශාසනයත් චිරස්ථායි කිරීමෙ හේතුවෙන් හෙළ රාජාවලියේ ශ්‍රේෂ්ඨතම පාලකයෙකු ලෙස විරාජමාන වීමට මහා විජයබාහු රජුට හැකිවිය.

නූතන දෘෂ්ටියෙන් බැලුවහොත් විජයබාහු රජු මහ මොළකරුවෙකි. යුධමය වශයෙන් චෝළයන් මෙරටින් පලවා හැරීමට විජයබාහු රජු දැඩි වෙහෙසක් ගෙන කටයුතු කළ අතර ඒ වෑයම සාර්ථක විය. ඒ වන විටත් ශ්‍රී රාජරාජ, ශ්‍රී රාජේන්ද්‍ර හා ශ්‍රී රාජාධිරාජ නමින් මෙරට භාවිතය පිණිස චෝළ පාලකයන් කාසි පවා නිකුත් කර තිබුනි. රජරට ප්‍රදේශයන්හි බුදු දහම යටපත්ව ගොස් චෝළ පාලකයන්ගේ රාජ්‍ය ආගම වූ ශෛව ආගම රජරට පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්තවූහ. චෝළයන් මෙරටින් පලවා හැර පුලස්ති පුරයේ බලය තහවුරු කරගත් විජයබාහු රජතුමා විසින් සිංහල මහා රජදරුවන් ගේ පෙරසිරිත ප්‍රකාරව අනුරාධපුර ශුද්ධ නුවරට ගොස් පැරණි රජවරුන් වාසය කළ ඇතුල් නුවර තුළ රාජාභිෂේක වීම පිණිස රජමාලිගයක් තැනවීය. “සිංහල මස්ස” කාසි නිකුත් කල ප්‍රථම පාලකයා වූ පළමුවන විජයබාහු රජතුමා ඒවායේ සිය නාමය “ශ්‍රී විජයබාහු” ලෙස සදහන් කර ඇත. චෝළයන් ට එරෙහිව සිටි රාජ්‍යයන් ද්විත්වයක් වූ පාණ්ඩ්‍ය දේශය හා කාලිංග දේශය සමග විවාහ සබදතා ඇතිකරගනිමින් නැවත චෝළ අධිරාජ්‍යයෙන් මෙරටට ආක්‍රමණයක් එල්ල වුවහොත් ඊට එරෙහිව කටයුතු කිරීමට සුදුසු භූ දේශපාලන පසුබිමක් නිර්මාණය කරගැනීම විජයබාහු රජුගේ දැක්මෙහි සාර්ථකත්වය ඉස්මතු කොට දක්වන්නකි. තම සහෝදරිය වූ මිත්තා කුමරිය පාණ්ඩ්‍ය කුමාරයෙකුට විවාහ කරදුන් විජයබාහු රජතුමා කාලිංග දේශයෙන් තිලෝකසුන්දරී නම් කුමරියක් ගෙන්වා විවාහ කරගන්නා ලදි. එම විවාහ ගණුදෙනු හේතුකොටගෙන මෙරට රාජ්‍යත්වයට කාලිංග වංශිකයන්ගේ හා පාණ්ඩ්‍ය වංශිකයන්ගේ අතර සීතල යුද්ධයක් නිර්මාණය විය. එය පොළොන්නරුව රාජධානිය සියවස් දෙකක් ගතවීමටත් මත්තෙන් බිදවැටීමට හේතුවූ බව ඉතිහාසය අධ්‍යයනය කිරීමේදි පැහැදිලි වේ.

රජරට මුදවාගැනීමට පෙර සිටම බුරුම දේශය සමග රාජ්‍ය තාන්ත්‍රික සබදතා ගොඩනගාගත් විජයබාහු රජතුමා බුරුමයේ අනවරථ රජු බුරුමය තුළ සිදුකළ ශාසනික ප්‍රබෝධය වැනිම ප්‍රබෝධයක් රජරට මුදවා ගැනීමට පසු මෙරට සිදුකලේය. එතුමා මෙරට පරිහානියට පත්ව තිබූ බුදුදහම යළි ශක්තිමත් ලෙස පිහිටුවලා ලීමට කටයුතු කරන ලද අතර දළදා වහන්සේ සහ පාත්‍ර ධාතූන් වහන්සේ තැන්පත් කිරීමට “අටදාගෙය” ලෙස වර්තමානයේ හදුන්වනු ලබන ගොඩනැගිල්ල ඉදිකරවා ඇත. දෙමහල් ගොඩනැගිල්ලක් වූ එහි ආරක්ෂාව සදහා වේලෛක්කාර හමුදාව යෙදවූ බව පොළොන්නරුව වේලෛක්කාර ශිලාලේඛනයෙහි සදහන් වේ.

වසර 55ක් රාජ්‍යත්වය දැරූ මහා විජයබාහු රජතුමා උපතින් 73 වැනි වියේදී පරලෝකප්‍රාප්ත විය. හින්දූන්ගේ ග්‍රහණයට නතුකර ගෙන තිබූ රජරට ශිෂ්ටාචාරය තුල යළි බෞද්ධ බලය තහවුරු කරමින් දඔකොළ පටුනේ පටන් ගොඩවාය වරාය දක්වා සමස්ත ලංකාද්වීපයම මුදවාගෙන ඉන්දියානු ව්‍යාප්තිවාදය හමුවේ දෙකඩ වීමට තිබූ සිංහලයන්ගේ නිජබිම ආරක්ෂා කළ වීරයා පළමුවන විජයබාහු මහරජු ය. අවසාන වශයෙන් සදහන් කල හැකි කරුණ වන්නේ “ මහා විජයබාහු රජු නොවන්නට සිංහල ජාතියක් නැත” යන්නයි.

- හේමක මවින්ද්‍ය විජයතිලක
යුතුකම සඟරාවේ අගෝස්තු කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 8 ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාවේ ඉතිහාසය - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය

කතෘ:යුතුකම     8/30/2025   No comments
අපේ මතය - 8

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාවේ ඉතිහාසය - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය

1815 දී සිංහල රාජාණ්ඩුව පරිසමාප්තියට පත් විය. රටේ පාලනය භාරගත් ඉංග්‍රීසීන් එතැන් පටන් රටේ දේශපාලන ක්‍රමවේදය සීඝ්‍ර ප්‍රතිසංස්කරණයකට ලක් කරන ලදි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සිය බලය මෙරට තුළ තහවුරු කරන අවස්ථාව වන විටත් ඔවුන් විසින් උතුරු ඇමරිකාව, ඕස්ට්‍රේලියාව, ඉන්දීය අර්ධද්වීපය, දකුණු අප්‍රිකාව, අයර්ලන්තය ආදී ලෝක භූමි ප්‍රමාණයෙන් සුවිශාල කොටසක් පාලනය කරමින් උන්හ. ඒ අනුව අලුතෙන් සිය අධිරාජ්‍යට ඈඳා ගන්නා ප්‍රදේශ තුළ නව දේශපාලන, ආර්ථික සහ සාමාජයීය ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඉංග්‍රීසීන් ප්‍රවීණයෝ වූහ.

1815 ත් 1848 කාලය තුළ සිංහල ජනතාව විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යට එරෙහිව දියත් කළ සන්නද්ධ ක්‍රියාමාර්ගයන් කිහිපයක්ම මුලින් උපුටා දමන්නට ඉංග්‍රීසීන් සමත් විය. 1833 හඳුන්වා දුන් කෝල්බෘ-කැමරන් ප්‍රතිසංස්කරණ මගින් ව්‍යවස්ථාදායක සභාව ද ශ්‍රේෂ්ඨාධිකරණය ද හඳුන්වා දෙනු ලැබීය. ඉංග්‍රීසි අධ්‍යාපනය ප්‍රචලිත කරන ලදි.

මාර්ග පද්ධතියක් මගින් රටේ සෑම කලාපයක්ම මැනවින් යා කරන්නට ඉංග්‍රීසීන් සමත් විය. 1863 වන විට ප්‍රථම දුම්රිය මාර්ගය ඉදි කිරීම ආරම්භ විය. වැවිලි කර්මාන්ත සහ පතල් කර්මාන්ත පැතිරී ගිය අතර ඊට සමගාමීව එම කර්මාන්ත මගින් ධනය උපයා ගත් දේශීය ධනවතුන් ද බිහි විය. අරක්කු රේන්ද කර්මාන්තය සහ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ සැපයුම් කටයුතු සිදු කිරීම ද තවත් ධනහිමියන් බිහි වූ ව්‍යාපාරයන් විය

1848 න් පසුව නැවත සිංහල රාජාණ්ඩුව ස්ථාපිත කිරීම පිළිබඳ කිසිඳු බලාපොරොත්තුවක් ඉතිරි වී නොතුබුණු බව සිතිය හැකිය. උදා වී තිබූ නව යුගය තුළ නැවත රට විදේශික පාලනයෙන් මුදා ගැනීමක් පිළිබඳව හෝ අල්ප මාත්‍ර විශ්වාසයක් තැබුවේ ඉතා කුඩා පිරිසක් පමණක් වන්නට ඇත. කෙසේ නමුත් රාජ්‍ය අහිමි වූයේ නමුදු ජනතාවගේ සිතුම් පැතුම් තවදුරටත් නොනැසී පැවතුණි. ආගමෙන් සංස්තියෙන් සහ භාෂාවෙන් සිය යටත් විජිත ස්වාමියා අනුකරණය කරන්නට බොහෝ දෙනා පෙළඹෙද්දී තවත් පිරිසක් ස්වකීය ඓතිහාසික උරුමය සිත් හි දරා ගනිමින් සමාජයේ අව වරප්‍රසාදිත තත්ත්වයක දිවි ගෙවූහ.

පෘතුගීසි ආක්‍රමණ හා සමගාමීව මෙරට වෙරළබඩ කලාපවල කතෝලික ආගම ස්ථාපිත වූ අතර ලන්දේසි ආගමනයෙන් පසුව රෙපරමාදු ක්‍රිස්තියානි ආගම ද වෙරළබඩ කලාපවල ස්ථාපිත විය. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නිල ආගමික සංස්ථාව වූයේ එංගලන්ත සභාවේ ක්‍රිස්තියානි ආගමයි. ඒ අනුව ඉංග්‍රීසීන් බලය ස්ථාපිත වීමෙන් පසුව එංගලන්ත සභාව නියෝජනය කරන මිෂනාරි ආයතන විසින් මෙරට ඔවුන්ගේ ධර්මය ප්‍රචාරය කිරීමද ආරම්භ විය. මෙම ධර්ම ප්‍රචාර කටයුතු පෘතුගීසීන් කතෝලික ආගම ප්‍රචාරය කිරීමට භාවිතා කළ අන්දමේ ම්ලේච්ඡ්‍ය ඒවා නොවුණත් එමගින් විශේෂයෙන් බුද්ධාගමට නිර්දය අපහාස එල්ල කරන ලදි. බ්‍රිතාන්‍ය පාලනය තුළදී යටපත් වූ ජාතික හැඟීම් නැවත ඇවිලී එන්නේ මෙලෙස බුද්ධාගමට මිෂනාරීන් විසින් එල්ල කරන ලද අපහාසයන්ට ප්‍රති උත්තරයක් වශයෙනි. මුල් කාලීනව අතින් පිටපත් කරන ලද ලියවිලි වශයෙන් සහ තැන තැන හුදෙකලාව සිදු නැගි සිටීම් වශයෙන් මිෂනාරීන්ට එරෙහිව සිදු වුණු ප්‍රතිරෝධයන් 1860 වන විට සංවිධානාත්මක වශයෙන් පෙරට ආ අතර බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ ආරම්භ එය විය.

අපගේ නිරීක්ෂණය අනුව බුලත්ගම ධම්මාලංකාර සිරිසුමන තිස්ස හිමියන් විසින් 1860 දී ලංකාලෝක පුවත්පත ආරම්භ කිරීම බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරයේ සමාරම්භක සංසිද්ධියයි. පසුව උන් වහන්සේගේ මූලිකත්වයෙන්ම සියම් රජුගේ අනුග්‍රහයද සහිතව ලංකෝපකාර මුද්‍රණාලය ආරම්භ කරන ලදි. මෙම ඉදිරිගාමී මුල පිරීම් එතෙක් මුළුගැන්වී සිටි බෞද්ධයන් වෙත මහත් ආශ්වාදයක් ගෙන දෙන්නට ඇත. ඒ අනුව අතිපූජ්‍ය වළානේ ශ්‍රී සිද්ධාර්ථ නාහිමියන් හා බඩුවන්තුඩාවේ පඬිතුමාගේ පුරෝගාමීත්වයෙන් 1862 වසරේදීම ‘ලක්මිණි පහන’ පුවත්පත සහ මුද්‍රණාලය ආරම්භ විය.

බෞද්ධ පාර්ශවය මෙලෙස ක්‍රම ක්‍රමයෙන් ක්‍රිස්තියානි මිෂනාරින්ගේ සාහසික ප්‍රචාරක කටයුතුවලට එදිරිව පෙරට එමින් සිටියදී පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් සිදු කරන ලද සුප්‍රකට වාද මාලාවේ ආරම්භය වශයෙන් 1865 බද්දේගම වාදය සිදු විය. දේශ දේශාන්තරවල පවා ප්‍රචලිත වූ මෙම වාද මාලාව තුළදී මිෂනාරීන් මුහුණට මුහුණව සිදු කෙරුණු විවාදයන්ගෙන් පරාජයට පත් කෙරුණි. 1866 දී උදම්මිට වාදය සිදු වූ අතර, 1871 දී ගම්පොළ වාදය සිදු විය. පංච මහා වාද අතුරින් වඩාත් කතා බහට ලක් කෙරෙන සහ තීරණාත්මක වූ පානදුරා වාදය සිදු වූයේ 1873 දී ය.

මෙම වාද මාලාවට නායකත්වය දුන් පූජ්‍ය මිගෙට්ටුවත්තේ ගුණානද හිමියන් ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාවේ ඉතිහාසයෙහි ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ ඉතා වැදගත් චරිතයකි. 1844 දී උපසම්පදාව ලැබූ උන් වහන්සේ විසින් කොළඹ නගරයට වැඩම කොට කොටහේනේ දීපදුත්තාරාමය ගොඩ නගන ලදි. සියවස් 3 ක් පුරා අඛණ්ඩව ශ්‍රී ලංකාවට ආක්‍රමණය කළ බටහිර ආක්‍රමණිකයන්ගේ කේන්ද්‍රස්ථානය වූයේ කොළඹයි. ඒ අනුව මෙම සමය වන විට කොළඹ බෞද්ධ බලය ඉතා දුර්වල තත්ත්වයක පැවතුණි. කොළඹ නගරයේ ප්‍රථමයෙන් පිණ්ඩ පාතයේ වැඩම කරන ලද්දේ ගුණානන්ද හිමියන් විසිනි. 1849 වන විට මාතලේ කැරැල්ලද පරාජයට පත් කොට තිබූ පසුබිමක ඉංග්‍රීසීන් විසින් කොළඹ නගරයේ බෝ ගස් කපා ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන ලදි. මීට එරෙහිව කොළඹ නගරයේ විසූ නිර්භීත බෞද්ධයන් සමඟ එක්ව ගුණානන්ද හිමියන් බෝධිරාජ සමිතිය ආරම්භ කොට බෞද්ධ බලය පෙළ ගස්වන ලදි..


[ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ පළමු යුගය - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය 2 කොටස යුතුකම සැප්තැම්බර් කලාපයෙන් සාකච්ඡා කරමු.]

-පැතුම්.ඒ.රණසිංහ
යුතුකම සඟරාවේ අගෝස්තු කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

රණවිරු දඩයම

කතෘ:යුතුකම     8/30/2025   No comments

දැයක් නිසා යුධ වැදුණා රණ දෙරණේ
පණක් පවා නොතකා උන් මද හසිනේ
මළත් බයක් තිබුණේ නෑ ඒ මුහුණේ
උන්ගේ ලේ මසිනි මේ ලක් බිම රැකුණේ

විරුවන් අවැසි රට දැය නිති රකින්ටයි
රැකුමට දිරිය සිය පුතුනට බෙදන්ටයි
රට වැසි දනන් දෑ හැඟුමන් නගන්ටයි
පිළිමල් සතුරු සිත් තුළ බිය සදන්ටයි

සිරිලක බෙදා වෙන් කෙරුමට දත කෑව
රුදු ත්‍රස්තයින් තිස් අවුරුදු දඟ දෑව
එලවා දමා එක් සේසත් රට පෑව
විරුවන් වෙතම ඇයි මේ ලෙස ගල් පාර

ජනපති ඇමති මැති සඳ මේ අහගන්න
අප විරු පුතුන් වෙත ඔබ අත නොතබන්න
උන් පෙර පෑව දෑ බැති සිහි කර ගන්න
රණවිරුවන්ට නිසි සැළකිලි පුද දෙන්න

ඡන්ද නිසා විරුවන් පාවා නොදෙනූ
සිරගත කරපුර විරුවන් මුදවා හරිනූ
නව අණ පනත් ගෙන විරු බල නොම බිඳිනූ
ඔබ යන වැරදි පාරෙන් ආපසු හැරෙනූ

තිබුණේ යුද්ධයකි තිස් වස පුරාවට
බිහිසුණු දෑ තමයි යුධයක පලාපල
ඒ වැනි රුදුරු හෙට දිනයක් එපා හෙට
දුර දිග සිතා වැඩ කෙරුවොත් තමා හොඳ

-පැතුම් ඒ. රණසිංහ

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama

7/31/2025

යුදෙව් ජාතිකවාදය - 3 : හීබෲ භාෂාවේ පුනර්ජීවනය සහ නූතන භාෂාවක් ලෙස එහි විකාශනය

කතෘ:යුතුකම     7/31/2025   No comments



යුදෙව් ජාතිකවාදය - 3
හීබෲ භාෂාවේ පුනර්ජීවනය සහ නූතන භාෂාවක් ලෙස එහි විකාශනය

හීබෲ භාෂාව අනාදිමත් කාලයක් මුලුල්ලේ යුදෙව් ජනතාවගේ ආගමික හා සාහිත්‍යමය භාෂාව ලෙස භාවිතා වූ නමුත්, 20 වන සියවසේ මුල් භාගය තෙක් එය මව් භාෂාවක් ලෙස කිසිවෙකු විසින් හෝ භාවිත කරනු නොලැබුණි. කෙසේ වෙතත්, 19 වන සහ 20 වන සියවස්වල දී, එලියෙසර් බෙන්-යෙහූදා (Eliezer Ben-Yehuda) වැනි විද්වතුන්ගේ නොපසුබස්නා පරිශ්‍රමයන් හේතුවෙන් හීබෲ බස නැවතත් ජීවමාන භාෂාවක් බවට පත් වී ඇත.

හීබෲ භාෂාව සෙමිටික් භාෂා පවුලට අයත් වන අතර, එහි මූලාරම්භය ක්‍රි.පූ. දස වන සියවස දක්වා දිව යයි. මෙම භාෂාව මුලින් කනාන් (Cannan) හෙවත් වත්මන් ඊශ්‍රායලය, පලස්තීනය, ලෙබනනය, ජෝර්දානය සහ සිරියාව අයත් ප්‍රදේශයේ භාවිත වී ඇත. යුදෙව් ජනතාවගේ ප්‍රධානතම ආගමික ග්‍රන්ථය වන තනාක් (Tanakh) හෙවත් හීබෲ බයිබලය, හීබෲ බසින් ලියැවී ඇති අතර, එය යුදෙව් ආගමෙහි කේන්ද්‍රීය භාෂාව විය. කෙසේ වෙතත්, බැබිලෝනියානු රාජධානිය විසින් යුදෙව්වන් යටත් කර ගනු ලැබීමත් සමග (ක්‍රි.පූ. 586), යුදෙව්වන් බොහෝ දෙනෙක් ක්‍රමයෙන් අරමායික් භාෂාව කතා කිරීමට හුරු වී ඇත. පසුව රෝමානු යුගයේ දී, හීබෲ භාෂාව ආගමික අධ්‍යයන කටයුතු සහ යුදෙව් පූජකයින්ගේ භාෂාවක් ලෙස පමණක් පැවතී ඇත. පසු කාලීනව, යුරෝපය, අප්‍රිකාව සහ ආසියාවේ විසූ යුදෙව්වන් ඒ ඒ රටවල භාෂා මෙන්ම හීබෲ සහ යුරෝපීය භාෂාවන් මිශ්‍ර වීමෙන් සෑදුනු භාෂා ද භාවිත කළහ.

19 වන සියවසේ අග භාගයේ දී, සියොනවාදී ව්‍යාපාර ඇති වීමට සමගාමීව හීබෲ භාෂාව නැවත ජීවමාන භාෂාවක් බවට පත් කිරීම සම්බන්ධ අදහස් ද මතු විය. ඊට ප්‍රධන ම හේතුව වන්නේ ලොව පුරා විසිරී සිටි යුදෙව් ප්‍රජාව, එක් ප්‍රදේශයකට එකතු කර, නව රටක් නිර්මාණය කිරීමේ දී ඔවුන් එක්සත් කිරීමේ පොදු මාධ්‍යයක් ලෙස හීබෲ භාෂාව භාවිත කළ හැකි ය යන අදහස යි.

හීබෲ භාෂාව නවීන භාෂාවක් ලෙස වර්ධනය කිරීමේ නූතන වචන හිඟ වීම, සකීර්ණ ව්‍යාකරණ පද්ධතියක් පැවතීම යන අභියෝගයන් ජය ගැනීමට සිදු විය. තවද, ලොව පුරා විවිධ යුදෙව් ප්‍රජාවන් අතර හීබෲ උච්චාරණයන් වෙනස් වූ නිසා, පොදු උච්චාරණ පද්ධතියක් නිර්මාණය කිරීම ද අවශ්‍ය විය.

මෙකී අභියෝගයන්ට මුහුණ දීමේ ප්‍රමුඛ විද්වතෙකු මෙන් ම, නායකයෙකු ද වූයේ එලියෙසර් බෙන්-යෙහූදා (1858–1922) ය. නූතන සංකල්ප ප්‍රකාශ කළ හැකි වන පරිදි, නව වචන නිර්මාණය කිරීමේ බෙන්-යෙහූදාගේ උත්සාහය කෙලවර වන්නේ 1908 දී, ඔහු විසින් හීබෲ ශබ්ධ කෝෂයක් එළි දැක්වීමෙනි. මෙලෙස නව වචන නිර්මාණයේ දී, ඔහු පුරාණ හීබෲ මූලාශ්‍රවලින් ආසන්න අර්ථය සහිත වචන ලබා ගනිමින්, ඒ ඇසුරින් නව වචන නිර්මාණය කරන ලදී. මීට අමතව, ඉංග්‍රීසි, රුසියානු, අරාබි සහ යිඩිෂ් භාෂා වලින් බොහෝ වචන අවශෝෂණය කර ගෙන ඇත. හීබෲ අක්ෂර මාලාව අක්ෂර 22කින් සමන්විත වන අතර, එය දකුණේ සිට වමට ලියනු ලබයි.

හීබෲ භාෂාව, 20 වන සියවසේ මුල වන විට පලස්තීන ප්‍රදේශයේ ඇති වෙමින් තිබූ යුදෙව් ජනාවාස තුළ ඉගැන්වීම ආරම්භ කරන ලදී. ලෝකයේ විවිධ රටවලින් පලස්තීනයට සංක්‍රමනය වූ, ඒ වන විටත් විවිධ භාෂා කතා කරමින් සිටි යුදෙව්වන්ට පොදු සන්නිවේදන භාෂාවක් ලෙස හීබෲ භාවිත කිරීමට එහි දී අනුබල දෙන ලදී. පසුව හීබෲ මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදු කෙරෙන, පෙර පාසල්, පාසල් සහ විශ්ව විද්‍යාල දක්වා මෙම ව්‍යාපාරය වර්ධනය විය. හීබෲ මාධ්‍ය පුවත්පත් ද මුල් යුගයේ ම ඇරඹුනු අතර, පසු කාලීනව රැස්වීම්, සම්මන්ත්‍රණ යනාදිය හීබෲ බසින් පවත්වන ලදී.

පලස්තීන ප්‍රදේශය තුළ බ්‍රිතාන්‍ය පාලන සමයේ දී, ඉංග්‍රීසි, අරාබි සහ හීබෲ එහි නිල භාෂා වූ අතර, 1948 දී ඊශ්‍රායලය නිදහස ලැබීමෙන් අනතුරුව එහි නිල භාෂා වූයේ හීබෲ සහ අරාබි ය. 1948 වන විට පලස්තීනය තුළ උපන් යුදෙව්වන්ගෙන් 80%කට වැඩි ප්‍රමාණයකගේ මව් බස වූයේ හීබෲ ය. ඊශ්‍රායලයේ ජාතික භාෂාව ලෙස හීබෲ 2018 වර්ෂයේ දී නම් කරන ලද අතර, අද වන විට එරට ජාතික අනන්‍යතාව මතු කිරීමේ ප්‍රධානතම සංකේතයක් වන්නේ හීබෲ භාෂාව යි. වසර දහස් ගණනක්, ආගමික සහ සාහිත්‍යමය කටයුතු සඳහා පමණක් වෙන්ව තිබූ භාෂාවක්, එදිනෙදා වැඩ කටයුතු සඳහා යොදා ගත හැකි, අධ්‍යාපන මාධ්‍යයක් ලෙස භාවිත කළ හැකි, ප්‍රායෝගික භාෂාවක් ලෙස වර්ධනය කිරීම ලෝකයේ ඉතාමත් සුවිශේෂී මෙන් ම අසාමාන්‍ය භාෂා පුනර්ජීවන ව්‍යාපාරයක් ලෙස පෙන්වා දිය හැකි ය. මෙම අසාමාන්‍ය භාෂා පුනර්ජීවන කථාව පෙන්වා දෙන්නේ භාෂාවක් ජීවමාන කිරීම සඳහා අඛණ්ඩ පරිශ්‍රමයක් අවශ්‍ය බව යි.

එහෙත්, සියොනවාදී ව්‍යාපාර ආරම්භ වූ මුල් යුගයේ දී, අනාගත යුදෙව් රාජ්‍යයේ භාෂාව කුමක් විය යුතු ද යන්න සම්බන්ධයෙන් අවිනිශ්චිතතා පැවතුනි. ඇතැම් යුදෙව් නායකයින් ඉංග්‍රීසියෙහි ජාත්‍යන්තර සන්නිවේදනය, විද්‍යාව සහ තාක්ෂණය සඳහා ඇති ප්‍රයෝජනවත් බව සලකා එය ප්‍රවර්ධනය කිරීමට යෝජනා කළහ. එහෙත්, යුදෙව් ජාතිකත්වය පුනර්ජීවනය කිරීම සියොනවාදී ව්‍යාපාරයන්ගේ ප්‍රධාන ඉලක්කයක් වීම හේතුවෙන්, හීබෲ භාෂාව යුදෙව්වන්ගේ ඓතිහාසික උරුමය නිරූපණය කරන්නක් ලෙස සලකනු ලැබිණ. අනෙක් අතට බ්‍රිතාන්‍ය යටත් විජිත භාෂාවක් වූ ඉංග්‍රීසිය භාවිත කිරීම යටත් විජිත මානසිකත්වය ප්‍රවර්ධනය කරන්නක් ලෙස, යුදෙව් ජාතිකවාදීහු සැලකූහ.

හීබෲ භාෂා පුනර්ජීවන ව්‍යාපාර කෙරෙහි එල්ල වූ අනෙක් ප්‍රතිවිරෝධය එල්ල වූයේ දැඩි භක්තිමත් යුදෙව් ආගමිකයන් වෙතිනි. හීබෲ බස හුදු ආගමික කටයුතු සඳහා වෙන් වූ ශුද්ධ වූ භාෂාවක් බවත්, එය එදිනෙදා භාවිතයන් සඳහා යොදා ගැනීම නොකළ යුත්තක් බව ඔවුන්ගේ තර්කය විය. එහෙත් මෙම මතවාදය සඳහා සියොනවාදීන් අතර එතරම් පිළිගැනීමක් ඇති නොවුනි.

හීබෲ භාෂාව එදිනෙදා කටයුතු සඳහා යොදා ගැනීම කෙතරම් ප්‍රායෝගික ද යන සැකය මුල් යුගයේ බොහෝ දෙනෙකු තුළ විය. මෙම සැකය මුල දී බෙන්-යෙහූදා තුළ ද වූ නමුත්, එම සැකය දුරු කිරීමේ දැඩි අධිෂ්ඨානයක් ඔහු තුළ වූ විය. ඒ සඳහා ඔහු කළ කැප කිරීම අතිමහත් ය. මේ ගැන අපි වැඩි දුරටත් මීලඟ ලිපිය මගින් සාකච්ඡා කරමු.

-නාරද බලගොල්ල

යුතුකම සඟරාවේ ජූලි කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

ඉතිහාසයේ සාහිත්‍ය කතන්දරය

කතෘ:යුතුකම     7/31/2025   No comments

ඉතිහාසයේ සාහිත්‍ය කතන්දරය

ඉතිහාසය යනු අතීතය පිළිබඳව සත්‍ය සෙවීම යැයි ඇතමුන් සිතා සිටිතත් එය එසේ නොවේ. ඉතිහාසය යනු දැනුමකි. එය අප විසින් නිර්මාණය කරගනු ලැබූවකි. විද්‍යාව ද දැනුමකි. එය ද අප විසින් ම නිර්මාණය කරගනු ලැබූවක් වුව ද විද්‍යාත්මක දැනුම වාස්තවික (objective) දැනුමක් ලෙසින් සලකනු ලැබේ. එහෙත් මිනිසා විසින් නිර්මාණය කරගනු ලැබූ දැනුමක් වාස්තවික වන්නේ කෙසේදැයි යන්න බරපතල ප්‍රශ්නයකි. ඉතිහාසය යනු අතීතය පිළබඳව සත්‍ය සෙවීමය යන්න හුදු මිථ්‍යාවක් බවට පත්වෙන්නේ එබැවිනි.

නූතන දාර්ශනිකයින් අතර වාස්තවික යථාර්ථය හා සම්බන්ධ දැනුම පිළිබඳව මුලින් ම ප්‍රශ්න කළේ එමැනුවල් කාන්ට්, ෆෙඩ්රික් නීට්ශේ වැන්නන් විසිනි. නීට්ශේට අනුව ඉතිහාසය තුල දත්ත නොමැති අතර පවතින්නේ විග්‍රහ කිරීම් පමණි. ඉතිහාසය හදාරන්නන්ට සිතීමට (චින්තනයට) හා පරිකල්පනයට ඉඩක් නොදෙන බච ද ඔහු පවසයි. එසේ තහංචි පැනවෙන්නේ චින්තනය හා පරිකල්පනය අනුව නිර්මාණය කරගනු ලබන දැනුම ‘වාස්තික’ නොවන බැවිනි.

විසිවැනි සියවසේ ඉතිහාසඥයෙකු වූ හේඩ්න් වයිට් (1928 - 2018) පෙන්වා දෙන්නේ මෙම තහංචි බරපතළ ලෙසින් ම බලපාන්නේ ඉතිහාසය විෂයක් වශයෙන් හදාරන්නන්ට බව ය. චින්තනයට හා පරිකල්පනයට සීමා පනවන ගවේශණයකදී ඉතිහාසයේ වැදගත් ම අංග සැඟ වී ගොස් එය හුදු නීරස මියගිය ප්‍රලාඵයක් බවට පත් වීම නොවැළැක්විය හැකි ය.

කීත් ජෙන්කින් මෙවන් වූ සීමාවන්ට යට වූ ඉතිහාසඥයින් හඳුන්වන්නේ වැටුපට ඉතිහාසය ලියන්නන් ලෙසින් ය. අතීතයේ සිදු වූ සිද්ධීන් කිහිපයක් අහුලා ගෙන එවා එකිනෙකට සම්බන්ධ කිරීමට තතනන ඔවුන් අතින් ඉතිහාස කතාවට නිර්මාණශීලී දායකත්වයක් ලැබෙතැයි බලාපොරොත්තු විය නොහැක.

හේඩන් වයිට් මෙන් ම ජෙන්කින් විසින් ද ඉතිහාසය හඳුන්වන්නේ කතන්දරයක් (narration) ලෙසිනි. කතන්දර වල යථාර්ථයක් පැවතිය හැකි වුව ද එය කිසි විටක වාස්තවික වියනො හැකි ය. වයිට් විසින් ඉතිහාසය සම්බන්ධ කරවන්නේ විද්‍යාව වෙතට නොව සාහිත්‍ය වෙතටයි. වයිට් ඉතිහාසය සම්බන්ධ සිය සංකල්ප ගොඩනංවන්නේ සාහිත්‍යට හා සාහිත්‍ය විචාරයට සාපේක්ෂව ය.

නවකතාවක හෝ නාටකයක කතා වස්තුව (plot) විචිත්‍රාද්භූත (romantic) , ශෝකාන්ත (tragedy), සුඛාන්ක (comedy) හෝ උපහාසාත්මක (satire)විය හැකි ය. ඉතිහාසකරුවා ද තමා ළඟ ඇති දන්ත අසුරු කරගෙන ඔහුට අභිමත වන අයුරින් ඊට ගැලපෙන ශෛලයකින් තම කතන්දරය නිර්මාණය කරයි. සාහිත්‍යට ඇලුම් කරන පාඨකයින් මා කියන දේ පහසුවෙන් තේරුම් ගනු ඇත.

ඒ අනුව ගත් කල ඉතිහාසය යනු සිද්ධ වූ දේ ම නොව, සිද්ධ වූ දෙය ඉදිරිපත් කරන ආකාරය යි.

පුරා විද්‍යා ස්මාරකයන් ඉතිහාසඥයාට වැදගත් නමුත් අප ඒවා සැලකිය යුත්තේ අපගේ ඉතිහාසය ලෙසින් නොවේ. එය අපගේ කතන්දරය (ඉතිහාසය ) තව තවත් ප්‍රබල කරන, අපගේ මුතුන් මිත්තන්ගේ සිතුම් පැතුම් හා අපේක්ෂාවන් විදහා දක්වන සජීවී කතන්දරයක සිහිවටනයන් ය. ඉතිහාසය යනු ඒ කතන්දරය ම මිස සිහිවටන නොවේ. සිහිවටන සාක්ෂි පමණෙකි ය.

ඉතිහාස කතන්දරයට චින්තනයක් අවශ්‍ය ය. චින්තනය යනු සිතීම ම නොව ඉන් ඔබ්බට ගිය සංකීර්ණ සංකල්පයකි. අප සිතන්නේ චින්තනයක් තුල යි. චින්තනය නිර්මාණය වන්නේ එම ඉතිහාසය ගොඩ නැගුනු සභ්‍යත්වය (සංස්කෘතික) විඥානය මත ය. ඉතිහාසයේ සංස්කෘතිය නිරූපණය කරන්නේ එම ඉතිහාසය නිර්මාණය වීමට දායක වූවන්ගේ අධ්‍යාත්මය යි. ඉතිහාසය ගෙවී ගිය දෙයකි. එය සජීවී වන්නේත් අර්ථ සම්පන්න වන්නෙත් එය හදාරන්න්ගේ චින්තනය තුලින් මතුවන පරිකල්පන ශක්තිය මත ය. වයිට් විසින් ඉතිහාසයේ දර්ශනය ලෙස හඳුන්වන්නේ ද මෙය යැ යි සිතමි.

ඉතිහාස කෘතියක් තේරුම් ගැනීමට එෛතිහාසික සාධක ද ඒ සඳහා බල පෑ චින්තනය මෙන් ම රචකයාගේ චින්තනය පිළිබඳ ව ද මනා අවබෝධයක් තිබිය යුතු ය.

මහාවංසය හා අනෙකුත් වංසකතා අපේ මුතුන් මිත්තන් විසින් අපට උරුම කර දී ඇති අමිළ දායාදයන් ය. අවාසනාව නම් මෙරට ඉතිහාසය හැදෑරූ වෘත්තීය ඉතිහාසඥයින් විසින් වංසකතාත් එ්වා නිර්මාණය සඳහා බල පෑ චින්තනයත් දෙස උදාසීන ආකල්පයක් දැක්වීම ය. මෙවන් වූ ආකල්පයක් තුළ ඉතිහාසය තුළ ඇති වැදගත් දේ බොහෝමයක් අප අතින් ගිලිහී යා හැකි ය.

මහාවංසය ආරම්භ වන්නේ බුදුන් වහන්සේ ගේ ලංකා ගමනෙනි. ඉතිහාසඥයාගේ කාර්ය භාරය විය යුත්තේ බුදුන් වහන්සේගේ ලංකා ගමන සනාථ කිරීම සඳහා හෝ හෝ ප්‍රතික්ෂේප කිරීම සඳහා විද්‍යාත්මක සාධක සොයා යෑම නොව, ඒ හා බැඳුනු ප්‍රවාදයන්, මහාවංසයේ කතුවරයා එම කොටස ඇතුලත් කිරීමට බල පෑ හේතුන් මෙන් ම බුදුන් වැඩීම හෝ ඒ පිළිබඳ විශ්වාසය මේ රටේ ඉතිහාසය හා චින්තනය වෙනස් කිරීමට බල පෑ අයුරු පිළිබඳ ව නිර්මාණශීලී සංවාදයක් පවත්වා ගෙන යෑමයි.

වැදගත් වන්නේ කැළණිතිස්ස රජුන් සමයේ දී මෙරටට සුනාමියක් ආවා ද නැද්ද යන්න නොව, දේවි කුමරිය මහ මුහුදට බිලි වීමට ඉදිරිපත් වීමත් එම වීර ක්‍රියාව මේ රටේ ඉතිහාස කතාව සම්පූර්ණයෙන් ම වෙනස් කළ ආකාරයත් ය.

මුහුද ගොඩ ගැලීමේ සිද්ධිය හෝ දේවී කුමරියගේ කතාව සත්‍යයක් නොවේ නම් මහානාම හිමියන් විසින් හුදී ජන පහන් සංවේගය උදෙසා රචනා කරණ ලද මහාවංසයට එම ප්‍රවෘත්තිය ඇතුලත් කිරීමට බල පෑ හේතු සාධක සොයා බැලීම ද ඉතිහාසඥයා මෙන් ම සාහිත්‍ය විචාරකයා ද සතු කාර්යයකි.

ඉතිහාසයයත් සාහිත්‍යයත් අතර ඇති එකිනෙක මත යැපෙන අවියෝජනීය වූ ද සංකීර්ණ වූ ද සම්බන්ධය මෙලෙසින්තේරුම් ගැනීම එතරම් අපහසු නොවේ. ලොව වෙනත් කිසිම රටකට වඩා ඉතිහාසය හා සාහිත්‍ය එකිනෙකට බැඳී පවතින රටක අධ්‍යාපන ඇමතිවරිය හා ඇයගේ උපදේශකයන් විසින් ඉතිහාසය හෝ සාහිත්‍යය යන විෂයයන් දෙකින් එකක් තෝරා ගන්නා ලෙසින් 9 වසරේ සිසුන්ට බල කිරීම මහත් ම අවාසනාවකි.

-විශේෂඥ වෛද්‍ය වසන්ත දේවසිරි
යුතුකම සඟරාවේ ජූලි කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

7/30/2025

අධ්‍යාපන ඇමතිවරියට ඉතිහාසය වහ කඳුරු ද?

කතෘ:යුතුකම     7/30/2025   No comments
අධ්‍යාපන ඇමතිවරියට ඉතිහාසය වහ කඳුරු ද?

ලංකාවේ ඉතිහාස අධ්‍යාපනය කුමක් සඳහා ද යන්න නැවත සිතා බැලිය යුතුය. අප රටේ සහ ජනතාවගේ පැවැත්මට තර්ජනයක් වන අයුරින් මේ වන විට ඉතා සැළසුම් සගහතව විකෘති ඉතිහාසයක් ගොඩ නගමින් තිබේ. බෙදුම්වාදී යුද්ධය නිමා කිරීම සඳහා ලක් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ‘ජන සංහාරයක්’ ලෙස අරුත් ගන්වමින් එය දෙමළ දරුවන්ට ක්‍රමානුකූලව උගන්වමින් සිටී. කැනඩාවේ සමහර ප්‍රාන්තවල පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය තුළට ජන සංහාර ප්‍රවාදය ඇතුළත් කිරීමට පිඹුරුපත් සැකසෙමින් පවතී. තවද කැනඩාවේ සහ යුරෝපයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ පවුල්වල දරුවන්ට දෙමළ භාෂාව ඉගැන්වීම සඳහා පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ දැනටමත් විෂයයක් ලෙස මෙම ‘ජන සංහාර’ මිත්‍යාව උගන්වමින් සිටී. මේ පිළිබඳව යුතුකම යූටියුබ් චැනලය මගින් මීට ඉහතදී හෙළිදරව්වක් සිදු කරන ලදි.

දෙමළ ජන සංහාරයක් පිළිබඳව මිත්‍යා මතයක් දෙමළ සයස්පෝරාවේ දරුවන් වෙත විෂයමාලා ගතකොට උගන්වමින් සිටී.

(ඡායාරූපය උපුටා ගැනීම තැම්ල් ගාර්ඩියන් වෙබ් අඩවියෙන්)

නැගෙනහිර පළාතේ පිහිටුවන ලද මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය නිරූපණය කෙරෙන කෞතුකාගාරයක් තුළ ව්‍යාජ ඉතිහාසයක් තොරතුරු ප්‍රචාරය කරමින් එම ජනතාවට වෙනම රටක් ලබාගැනීම සඳහා පෙළඹවීම් ඇති කෙරෙන ආකාරයේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව මීට කලකට ඉහත වාර්තා කෙරිණි. සිංහල බෞද්ධ ජනතාව අතර ද සිය ඉතිහාසය කෙරෙහි ඇති ඒකමිතිය සිඳී යන ආකාරයේ ව්‍යාජ ඉතිහාස තොරතුරු බෙදා හරිමින් පවතී. මේ සියල්ලෙහි අවසාන ප්‍රතිපලය වන්නේ ජන සමාජය බිඳී ගිය, ආතතීන්ගෙන් පිරුණු එකක් බවට පත් වීමයි. එය රටෙහි සහ ජනතාවගේ ප්‍රගතියට ඇති කරන්නේ ඉතා අහිතකර බලපෑමකි.

80 සහ 90 දශකය තුළ ලංකාවේ පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාස විෂය ඉවත් කොට තිබුණි. ඒ, ඉතිහාසය ඉගෙන ගැනීම තුළින් ලංකාවේ ‘බහුවාර්ගික ලේබලය ඇලවීමට බාධාවක්’ වන බවට එවකට පාලකයන් තීරණය කොට තිබූ බැවිනි. 80 දශකයට පෙර ලංකාවේ පාසල් තුළ ඉතිහාසය ඉගැන්වීම සිදු වුවද එය සිදු වූයේ බටහිර දෘෂ්ටිකෝණයකිනි. මෙම පශ්චාත් යටත් විජිත සමය තුළ බ්‍රිතාන්‍ය අනුකාරක ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගැන්වුණි. ඉතිහාසය නැවත අනිවාර්‍ය විෂයයක් බවට පත් වූයේ 2005 වසරේදීය. එය ලංකාවේ ඒකීයත්වය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අලුතින් සිතා බැලීමට පෙළඹවූ යුගයක් වී තිබුණි.


“අග්නිදිග විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කොට ඇති මුස්ලිම් කෞතුකාගාරයෙන්, රට පුරා ඇති ස්ලාමීය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, පාසල් හා මද්‍රාසා පාසල්වල ඉගැන්වෙන ලංකා ඉතිහාසය පිළිබඳ විෂය නිර්දේශ දෙස බැලීමේදී පෙනී යන්නේ ලංකාවේ මුස්ලිම් ඉතිහාසය පිළිබඳව දීර්ඝ කතාවක් දැනටමත් ගොඩ නගා අවසන් බවය”

(චම්පික රණවක මහතා විසින් රචිත අල් ජිහාද් අල්කයිදා කෘතියෙන්)

2005 සිට මේ දක්වා පාසල් තුළ ඉගැන්වෙන ඉතිහාසය විෂය නිර්දේශය වෙනස් විය යුතු කාලය දැන් එළඹ තිබේ. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළු ඉතිහාසය පෙළ පොත්, විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් අප විසින් අධ්‍යනය කරන ලදි. ඒ අනුව අපගේ නිරීක්ෂණය වන්නේ අපගේ ජාතිය මුහුණ දෙමින් පවතින වත්මන් අභියෝග ජන ගැනීම සඳහා අවශ්‍ය කරන දෘෂ්ටිය වත්මන් ඉතිහාස විෂය නිර්දේශය තුළින් දරුවන් වෙත ප්‍රදානය නොකෙරෙන බවයි.

විෂය නිර්දේශය තුළ ලංකාවේ නූතන ඉතිහාසය පිළිබඳව හැඳින්වෙන්නේ 1978 ව්‍යවස්ථාව දක්වා පමණි. ඉන් අනතුරුව ඇති වූ උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරවල නැගීම, කළු ජූලිය, ඉන්දු ලංකා ගිවිසුම, 87-89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, ඊලාම් යුද්ධය, සාම ගිවිසුම, එල්ටීටීඊ සංවිධානයේ අවසානය, ආර්ථික ප්‍රතිසංස්කරණය ආදී සිදු වීම් කිසිවක් මෙම විෂය නිර්දේශය තුළින් දරුවන් වෙත හඳුන්වා දෙන්නේ නැත. එසේම 78 ට කලින් සිදු වූ 1962 කුමන්ත්‍රණය, 1971 කැරැල්ල ආදී දැන ගත යුතුම සංසිද්ධීන් පවා කිසිම හඳුන්වා දීමක් සිදු නොකොට වසන් කොට දමා ඇත.

ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨත්වය පැහදිලි කිරීම සඳහා විෂය නිර්දේශයේ කාලච්ඡේද ගණනාවක් වෙන් කොට ඇත. නමුත් ලංකාවේ පැවැත්මට අතිශය බලපෑම් සහගත දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ දේශපාලනයේ හැසිරීම හඳුන්වා දීම සඳහා කිසිඳු සඳහනක් යොදා නොමැත.

ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් ලා ගත් කළ අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ විකාශනය පිළිබඳව ද, චීනය සහ ගිනිකොන ආසියාව පිළිබඳව ද යම් හැඳින්වීමක් සිදු කෙරෙන්නේ නම් වර්තමාන ලෝකය තේරුම් ගැනීම සඳහා ඒ තුළින් දරුවන්ට මනා පිටිවහලක් සැපයෙන්නට ඉඩ තිබුණි.

මෙවන් පසුබිමක් තුළ ඉතිහාසය පිළිබඳ හරි වැටහීමක් නොමැති දරුවන් ‘රෝං ජෙනරේෂන්’ ලෙස වල්මත් වීම පුදුමයක් නොවේ. අප යෝජනා කරන්නේ ඉතිහාසය සමඟ ගැට ගැසී ඇති දේශපාලනය බාල දරුවා වෙත මුදා හැරීම නොවේ. අප විසින් යෝජනා කරන්නේ ඉතිහාසයේ සිදු වූ සංසිද්ධීන් සැඟවීමකින් තොරව ළමා පරපුර වෙත හෙළිදරව් කිරීම ඉතිහාසය විෂය මාලාවෙන් සිදු කළ යුතු බවයි. එය තම තමන්ගේ දෘෂ්ටීන්ට අනුව විවරණය කර ගැනීම දරුවන්ට පැවරිය යුතුය. අප විසින් සිදු කළ යුත්තේ හඳුන්වා දීමයි.

එසේ නම් මෙම සීමාකම් ජය ගැනීම සඳහා අප විසින් වහාම සිදු කළ යුතුව ඇත්තේ විෂය මාලා යාවත්කාලීන කිරීමක් තුළින් වඩා ප්‍රයෝජනවත් ඉතිහාස දැනුමක් ජාතියේ දරු පරපුර වෙත ලබා දීමට කටයුතු කිරීමයි. එහෙත් ඒ පියවර පසෙක තබා වත්මන් ආණ්ඩුව දැන් කඩිමුඩියේ සැළසුම් සකස් කරමින් සිටින්නේ ඉතිහාසය විෂය අනිවාර්ය විෂය ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිණිසය.

වත්මන් අධ්‍යාපන ඇමතිවරියට මෙලෙස ඉතිහාසය විෂය අධ්‍යාපන විෂය මාලාවෙන් ඉවත් කිරීම සඳහා පවතින උනන්දුව අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයේ පවතින දහසකුත් එකක් වූ අනෙක් අඩුපාඩු සපුරාලීම සඳහා පැවතියේ නම් පසුගිය මාස කිහිපය තුළ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගව් ගණනක් පෙරට යෑමට ඉඩ තිබුණි. නමුත් සිංහල බෞද්ධයන් සමඟ උපන් ගෙයි වෛරයක් ඇති ඇමතිවරිය හට ඒ සියල්ලටම වඩා ඉක්මනින් කිරීමට අවශ්‍යව ඇත්තේ ඉතිහාසය විෂය දරුවන්ගෙන් ඈත් කොට තැබීමයි. මක්නිසාද ඉතිහාසය මැනැවින් හැදෑරූ අනාගත පරපුරක් තුළ ඇය පතන LGBTQ ලෝකය බිහි කරගත නොහැකි වන බැවිනි.

මිනිසාට ඉගෙනීම අවශ්‍ය වන්නේ වර්තමාන ලෝකය විවරණය කර ගෙන අනාගතය සඳහා මුහුණ දීම පිණිසය. රජයක් විසින් රටේ ළමා පරපුර වෙත අධ්‍යාපනය ලබා දීම සඳහා ආයෝජනයක් සිදු කරන්නේ නම් එහි ඉලක්කය විය යුත්තේ රටේ අනාගතය භාර ගැනීම සඳහා සුදුසු විචක්ෂණභාවයකින් යුතු සබුද්ධික පුරවැසියෙක් නිර්මාණය කිරීමයි. එහෙත් ලංකාවේ වත්මන් අධ්‍යාපනය එවන් දැක්මක් සහිත එකක් නොවන බව පැහැදිලිවම පෙනී යයි. වත්මන් රජය විසින් යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉලක්ක ගත වී ඇත්තේ පවතින අධ්‍යාපන ක්‍රමයේ මෙම දුර්වලතා නිශේධනීය කිරීම සඳහා නොවේ. වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉලක්ක ගත වී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන මතවාද සමාජය වෙත එන්නත් කිරීම සඳහා ය.

ලංකාවේ ඉතිහාසය පෙළ පොත් සහ විෂය නිර්දේශ සැකසීම සඳහා මාලනී ඇඳගමගේ සිට නිර්මාල් දේවසිරි දක්වා පළල් දෘෂ්ටිමය විවිධතාවයකින් යුතු පිරිසක් සම්බන්ධ වී තිබේ. නිර්මාල් දේවසිරි වැනි ඊනියා ඉතිහාස උගතුන්ගෙන් පිරුණු කමිටු තුළ දැනට පවතින අයුරින් වත් ඉතිහාසය විෂයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට හැකි වීම පිළිබඳව අප දිවංගත මාලනී ඇදගම වැනි මහත්ම මහත්මීය පින් අනුමෝදන් කළ යුතුය.

නිර්මාල් දේවසිරිලා අතට දැන් ඇකඩමියාවේ පමණක් නොව දේශපාලනයේ සුක්කානම ද මෙරට ජනතාව විසින් ඡන්දයෙන් පවරා ඇත. ඔවුන් වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෝ වෙති. එහෙත් හිටිහැටියේ නිර්මාල් දේවසිරි මහතා හරිනි අමරසූරියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව සාප තැබීමට පෙළඹී ඇත. මේ බව දුටු ළඟ චූන් ජාතිකවාදීන් ද නිර්මාල් දේවසිරිලාගේ ප්‍රකාශ උඩ තබාගෙන යන බව පෙනේ. මෙම පිරිස මෙලෙස ළඟ චූන් වී නිර්මාල්ලාව උස්සාගෙන යන්නේ නිර්මාල් කියන දෑ ගැන හරි හැටි අවබෝධයකින් ද?

නිර්මාල්ගේ අදහසට අනුව ඉගැන්විය යුත්තේ නිර්මාල්ලා ඇතුළු ඊනියා වම්මුන් ඉතිහාසය ලෙස දකින විපරීත කරුණු දැක්වීමයි. ඔවුනට අනුව මහාවංශය සහ ඒ සමඟ කියවෙන සිංහල බෞද්ධයාගේ ඉතිහාසය වැදගත් දෑ නොවේ. මේ අනුව ඉතිහාසය විෂය විෂයමාලාවෙන් ඉවත් කිරීම සඳහා කැස කවන හරිනි අමරසූරියලාගේ ද, අපබ්‍රංශ ඉතිහාසයක් ඉගැන්වීම සඳහා යෝජනා කරන නිර්මාල් දේවසිර්ලාගේ ද අභිලාෂය දෙකක් නොව එකක් බව අප විසින් සිහි බුද්ධියෙන් යුතුව වටහා ගත යුතුය. වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවාද යන්න තවමත් ඔවුන් විසින් නිශ්චිතව දක්වා නැත. හරිනිලා තැන තැන නා නා විධ ප්‍රකාශ සිදු කරමින් මුට්ටිය දමා බැලීමේ සෙල්ලම කරගෙන යන බව පෙනේ. කෙසේ වෙතත් පළමු අදියරේ දැමූ මුට්ටි සියල්ලට මේ වන විට කුඩු වෙන්නට පොලු පහරවල් ලැබී ඇත. නමුත් ජනතාවගේ ආධ්‍යාත්මය තේරුම් ගැනීමට අවම උත්සාහයක් වත් නොදරන පාලන තන්ත්‍රයක් විසින් සහනයක් නම් බලාපොරොත්තු විය නොහැකිය. ඒ නිසා අවදියෙන් සිටිමි. සංවිධානය වෙමු. සංවිධානය කරමු.

දක්ෂිණ ජයවික්‍රම
යුතුකම සඟරාවේ ජූලි කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

අපේ මතය - 7 : ශ්‍රී ලංකාවේ ජාතිකවාදය

කතෘ:යුතුකම     7/30/2025   No comments


අපේ මතය - 7
ශ්‍රී ලංකාවේ ජාතිකවාදය

අපගේ මව්බිම වන මෙම දිවයිනෙහි නිල නාමය ශ්‍රී ලංකාව යනුවෙන් නම් කරනු ලැබුවේ 1972 ජනරජ ව්‍යවස්ථාවෙනි. වසර 2,500 ක් තරම් අතීතයක් දක්වා දිය යන ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු වේ. එම ඉතිහාසය පුරාවිද්‍යාත්මක සාධක මගින්ද, වංශකතා සාහිත්‍ය මගින්ද පමණක් නොවේ ලෝකයේ වෙනත් රාජධානීන් තුළින් සොයා ගන්නා ලද පුරාවිද්‍යාත්මක සහ සාහිත්‍යමය මූලාශ්‍ර මගින් ද සනාථ කොට ඇත.

වසර 2,500 ක ඉතිහාසය තුළ මෙම දිවයින දේශපාලනමය වශයෙන් ඒකඡත්‍ර වූ අවස්ථා මෙන්ම නොවූ අවස්ථාද විය. ඇතැම් කාලවලදී දිවයින රාජධානි කිහිපයකට බෙදී ගොස් පැවතුණි. එසේ වුවත්, එවන් කාලවලදී පවා තමන් එකම ජාතියකට අයත් වූ ජනතාවක් ය යන ජාතික හැඟීම රටවැසියා තුළ නොනැසී පැවතුණි.

1815 දක්වා ශ්‍රී ලංකාව තුළ ස්වදේශික රාජාණ්ඩු පැවතුණි. රාජ්‍යයේ වැසියන්ගේ ජාතිකත්වය ‘සිංහල’ වූ බැවින් එකල්හි රාජ්‍යයේ නිල නාමය වූයේ ‘සිංහලේ’ යන්නයි. රාජ්‍යයේ ආගම බුද්ධාගම විය. සිංහලේ රාජ්‍යත්වය ඇතැම් තැන්හිදී වෙනත් වාර්ගික සම්භවයන් සහිත වූ පුද්ගලයන් අතටද උරුමයෙන් හිමි විය. ජන්මයෙන් වෙනත් ජනවර්ගවලට අයත් වූවන් පවා බුදු සමය වැළඳ ගැනීමෙන් අනතුරුව සළකන ලද්දේ සිංහලේ රජු වශයෙනි.

ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක පටන් ඉන්දියන් සාගරයේ නාවුක ගමනාගමනයේ අතිශය වැදගත් කේන්ද්‍රස්ථානයක් වේ. මේ හේතුවෙන් ලෝකයේ නොයෙක් ජනවර්ගවලට අයත් ජනතාව මෙහි පැමිණ පැළපදියම් වූහ. එලෙස පැමිණුනු සංක්‍රමණික ජනවර්ග පවා බුදු සමය සිය ආගම ලෙස පිළිගැනීමෙන් සහ සිංහල භාෂාව සිය භාෂාව ලෙස භාවිතයට ගැනීම ආරම්භ කිරීමෙන් අනතුරුව සිංහල ජාතිකයන් බවට පත් විය.

16 වන සියවසේ මුල සිට එල්ල වූ බටහිර යුරෝපීය බලපෑම් හේතුවෙන් ක්‍රමිකව සිංහලේ රාජධානි පරිහානියට ලක් විය. දිවයින වටා පිහිටි මුහුදු තීරය සහ නාවුක තොටුපලවල් අහිමි වීම කරණ කොටගෙන සීඝ්‍ර විපර්‍යාසයන්ට බඳුන් වෙමින් පැවති ලෝකය හා සම්බන්ධතා පවත්වා ගැනීමට සිංහලේ රාජධානි අසමත් විය. මේ සමඟම සියවස් ගණනක් පවත්වාගෙන ආ ආගතුකයන් සිය ජාතිය වෙත අවශෝෂණය කර ගැනීමේ සක්‍යතාවය ද සිංහල ජාතිය වෙතින් කෙමෙන් හීන විය.

1815 උඩරට ගිවිසුම මගින් සිංහලේ අවසාන රාජධානියේ පාලනය බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටතට පත් විය. එතැන් සිට 1848 දක්වා කාලය තුළ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි සන්නද්ධ නැගී සිටීම් කිහිපයක් සිදු විය. 1818 වෙල්ලස්ස සටන, 1848 මාතලේ සටන ඒ අතර ප්‍රධාන වෙයි. ඊට අමතරව 1820, 1823 සහ 1824 වර්ෂ වලදීද සන්නද්ධ නැගී සිටීම් සඳහා සිංහල ජනතාව සූදානම් වූ බව ඉංග්‍රීසි වාර්තා අනුව තහවුරු වේ. නමුත් ඒවා ලත් තැනම ලොප් විය. මෙම මුල් කාලීන සන්නද්ධ ප්‍රයත්නයන් සියල්ලක්ම ඉලක්ක ගත වූයේ නැවත සිංහල රාජාණ්ඩුව ස්ථාපිත කිරීම පිණිසය.

මේ අතර බ්‍රිතාන්‍යන් විසින් සමස්‍ත දිවයිනම ආවරණය වන පරිදි පරිපාලන ව්‍යුහයක් ස්ථාපිත කරන ලදි. එහි සේවාවන් සඳහා ඉංග්‍රීසි භාෂාව උගත් ස්වදේශිකයන් බඳවා ගන්නා ලදි. මෙම ආණ්ඩුවේ රැකියාවන් සඳහා ස්වදේශිකයන් පුහුණු කිරීම සඳහා ක්‍රිස්තියානි පල්ලිය මූලික කරගත් අධ්‍යාපන ක්‍රමයක් ද ඇති කරන ලදි. තවද මෙම යුගයේදී ධනය ඉපයීම සඳහා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලකයන් වෙත ඇගෑලුම්කම් පෑම අනිවාර්ය විය.

මෙම පසුබිම මත තම සහෝදර රටවැසියා අමතක කොට බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය වෙනුවෙන් කත් අදින සමාජ පංතියක් මෙරට බිහි විය. ඔවුන් භාෂාවෙන්, ආගමෙන් සහ සිරිත් විරිත්වලින් යුරෝපීයයන් අනුකරණය කරන්නෝ වූ අතර මෙරට පොදු ජනයාගේ ඇවතුම් පැවතුම් සහ සිංහල ශිෂ්ඨාචාරයේ උරුමයන් පිළිකෙව් කරන්නෝ වූහ.

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාවේ මුල් බීජ රෝපණය වන්නේ 19 වන සියවසේ දෙවන බාගය තුළ උද්ගත වුණු ආගමික පුනර්ජීවන ව්‍යාපාරය සමගිනි. එතැන් සිට ශ්‍රී ලංකාවේ ජාතිකවාදය විකාශනය වූ ආකාරය සහ එහි වත්මන් තත්ත්වය නිවැරදිව විග්‍රහ කර ගැනීම සඳහා එය අප විසින් පහත පරිදි යුග 5 කට බෙදා දක්වන්නෙමු.

I - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය
II - 1919 සිට 1956 පෙරළිය දක්වා යුගය
III - 1956 සිට 1987 ඉන්දු ලංකා ගිවිසුම තෙක් යුගය
IV - 1987 සිට 2009 එල්ටීටීඊ ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීම දක්වා වූ යුගය
V - 2009 න් පසු මේ දක්වා

මෙතැන් සිට ඉහත යුගයන් 5 විවරණය කර ගනිමින් සිදු කරන්නා වූ තොරතුරු දැක්වීම අප විසින් සිදු කරනු ලබන්නේ එය අපට අනාගත මාවත තෝරා ගැනීම සඳහා මගපෙන්වීමක් ලබා දෙන බැවිනි. මෙම ඉතිහාස විවරණය තුළ කිසිවෙකු හෙළා දැකීමට අප හට වුවමනාවක් නැත.

ශ්‍රී ලංකාවේ ජාතිකවාදී දේශපාලන ධාරාව තුළ එක් යුගයක් තුළ ප්‍රගතිශීලී යුග කාර්යභාරයක් ඉටු කළ මිනිසුන් තවත් යුගයකදී ඊට ඉඳුරාම වෙනස් මාවත් ඔස්සේ පියමන් කොට ඇත. අනාගතයේදී ද නිසැකවම මේ යතාර්ථය යළි යළිත් අත් විඳීමට සිදු වනු ඇත.

මාවත තුළ යන එන මිනිසුන් පෙනී නොපෙනී යන නමුත් මාවත නොවෙනස්ව පවතී.

[ශ්‍රී ලංකාවේ ජාතිකවාදයේ පළමු යුගය - ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සිට 1919 ලංකා ජාතික සංගමය ස්ථාපිත වීම දක්වා යුගය- පිළිබඳව යුතුකම අගෝස්තු කලාපයෙන් සාකච්ඡා කරමු.]

පැතුම් ඒ. රණසිංහ
යුතුකම සඟරාවේ ජූලි කලාපයේ පලවූ ලිපියකි

යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com

Like us on facebook :: https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions