අධ්‍යාපන ඇමතිවරියට ඉතිහාසය වහ කඳුරු ද?
ලංකාවේ ඉතිහාස අධ්‍යාපනය කුමක් සඳහා ද යන්න නැවත සිතා බැලිය යුතුය. අප රටේ සහ ජනතාවගේ පැවැත්මට තර්ජනයක් වන අයුරින් මේ වන විට ඉතා සැළසුම් සගහතව විකෘති ඉතිහාසයක් ගොඩ නගමින් තිබේ. බෙදුම්වාදී යුද්ධය නිමා කිරීම සඳහා ලක් රජය ක්‍රියාත්මක කළ වැඩපිළිවෙල ‘ජන සංහාරයක්’ ලෙස අරුත් ගන්වමින් එය දෙමළ දරුවන්ට ක්‍රමානුකූලව උගන්වමින් සිටී. කැනඩාවේ සමහර ප්‍රාන්තවල පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය තුළට ජන සංහාර ප්‍රවාදය ඇතුළත් කිරීමට පිඹුරුපත් සැකසෙමින් පවතී. තවද කැනඩාවේ සහ යුරෝපයේ වෙසෙන දෙමළ ඩයස්පෝරාවේ පවුල්වල දරුවන්ට දෙමළ භාෂාව ඉගැන්වීම සඳහා පවතින පෞද්ගලික අධ්‍යාපන ආයතන තුළ දැනටමත් විෂයයක් ලෙස මෙම ‘ජන සංහාර’ මිත්‍යාව උගන්වමින් සිටී. මේ පිළිබඳව යුතුකම යූටියුබ් චැනලය මගින් මීට ඉහතදී හෙළිදරව්වක් සිදු කරන ලදි.
දෙමළ ජන සංහාරයක් පිළිබඳව මිත්‍යා මතයක් දෙමළ සයස්පෝරාවේ දරුවන් වෙත විෂයමාලා ගතකොට උගන්වමින් සිටී.
(ඡායාරූපය උපුටා ගැනීම තැම්ල් ගාර්ඩියන් වෙබ් අඩවියෙන්)
නැගෙනහිර පළාතේ පිහිටුවන ලද මුස්ලිම් ජනතාවගේ ඉතිහාසය නිරූපණය කෙරෙන කෞතුකාගාරයක් තුළ ව්‍යාජ ඉතිහාසයක් තොරතුරු ප්‍රචාරය කරමින් එම ජනතාවට වෙනම රටක් ලබාගැනීම සඳහා පෙළඹවීම් ඇති කෙරෙන ආකාරයේ කටයුතු සිදු කෙරෙමින් පවතින බව මීට කලකට ඉහත වාර්තා කෙරිණි. සිංහල බෞද්ධ ජනතාව අතර ද සිය ඉතිහාසය කෙරෙහි ඇති ඒකමිතිය සිඳී යන ආකාරයේ ව්‍යාජ ඉතිහාස තොරතුරු බෙදා හරිමින් පවතී. මේ සියල්ලෙහි අවසාන ප්‍රතිපලය වන්නේ ජන සමාජය බිඳී ගිය, ආතතීන්ගෙන් පිරුණු එකක් බවට පත් වීමයි. එය රටෙහි සහ ජනතාවගේ ප්‍රගතියට ඇති කරන්නේ ඉතා අහිතකර බලපෑමකි.
80 සහ 90 දශකය තුළ ලංකාවේ පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාස විෂය ඉවත් කොට තිබුණි. ඒ, ඉතිහාසය ඉගෙන ගැනීම තුළින් ලංකාවේ ‘බහුවාර්ගික ලේබලය ඇලවීමට බාධාවක්’ වන බවට එවකට පාලකයන් තීරණය කොට තිබූ බැවිනි. 80 දශකයට පෙර ලංකාවේ පාසල් තුළ ඉතිහාසය ඉගැන්වීම සිදු වුවද එය සිදු වූයේ බටහිර දෘෂ්ටිකෝණයකිනි. මෙම පශ්චාත් යටත් විජිත සමය තුළ බ්‍රිතාන්‍ය අනුකාරක ඉතිහාසයක් ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගැන්වුණි. ඉතිහාසය නැවත අනිවාර්‍ය විෂයයක් බවට පත් වූයේ 2005 වසරේදීය. එය ලංකාවේ ඒකීයත්වය ආරක්ෂා කර ගැනීම පිළිබඳව අලුතින් සිතා බැලීමට පෙළඹවූ යුගයක් වී තිබුණි.
“අග්නිදිග විශ්වවිද්‍යාලයේ ස්ථාපිත කොට ඇති මුස්ලිම් කෞතුකාගාරයෙන්, රට පුරා ඇති ස්ලාමීය ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, පාසල් හා මද්‍රාසා පාසල්වල ඉගැන්වෙන ලංකා ඉතිහාසය පිළිබඳ විෂය නිර්දේශ දෙස බැලීමේදී පෙනී යන්නේ ලංකාවේ මුස්ලිම් ඉතිහාසය පිළිබඳව දීර්ඝ කතාවක් දැනටමත් ගොඩ නගා අවසන් බවය”
(චම්පික රණවක මහතා විසින් රචිත අල් ජිහාද් අල්කයිදා කෘතියෙන්)
2005 සිට මේ දක්වා පාසල් තුළ ඉගැන්වෙන ඉතිහාසය විෂය නිර්දේශය වෙනස් විය යුතු කාලය දැන් එළඹ තිබේ. 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සියළු ඉතිහාසය පෙළ පොත්, විෂය නිර්දේශ සහ ගුරු අත්පොත් අප විසින් අධ්‍යනය කරන ලදි. ඒ අනුව අපගේ නිරීක්ෂණය වන්නේ අපගේ ජාතිය මුහුණ දෙමින් පවතින වත්මන් අභියෝග ජන ගැනීම සඳහා අවශ්‍ය කරන දෘෂ්ටිය වත්මන් ඉතිහාස විෂය නිර්දේශය තුළින් දරුවන් වෙත ප්‍රදානය නොකෙරෙන බවයි.
විෂය නිර්දේශය තුළ ලංකාවේ නූතන ඉතිහාසය පිළිබඳව හැඳින්වෙන්නේ 1978 ව්‍යවස්ථාව දක්වා පමණි. ඉන් අනතුරුව ඇති වූ උතුරේ බෙදුම්වාදී ව්‍යාපාරවල නැගීම, කළු ජූලිය, ඉන්දු ලංකා ගිවිසුම, 87-89 ජනතා විමුක්ති පෙරමුණේ කැරැල්ල, ඊලාම් යුද්ධය, සාම ගිවිසුම, එල්ටීටීඊ සංවිධානයේ අවසානය, ආර්ථික ප්‍රතිසංස්කරණය ආදී සිදු වීම් කිසිවක් මෙම විෂය නිර්දේශය තුළින් දරුවන් වෙත හඳුන්වා දෙන්නේ නැත. එසේම 78 ට කලින් සිදු වූ 1962 කුමන්ත්‍රණය, 1971 කැරැල්ල ආදී දැන ගත යුතුම සංසිද්ධීන් පවා කිසිම හඳුන්වා දීමක් සිදු නොකොට වසන් කොට දමා ඇත.
ඉන්දියානු ජාතික ව්‍යාපාරයේ ශ්‍රේෂ්ඨත්වය පැහදිලි කිරීම සඳහා විෂය නිර්දේශයේ කාලච්ඡේද ගණනාවක් වෙන් කොට ඇත. නමුත් ලංකාවේ පැවැත්මට අතිශය බලපෑම් සහගත දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ දේශපාලනයේ හැසිරීම හඳුන්වා දීම සඳහා කිසිඳු සඳහනක් යොදා නොමැත.
ලෝක ඉතිහාසය සම්බන්ධයෙන් ලා ගත් කළ අප්‍රිකාවේ, ලතින් ඇමරිකාවේ විකාශනය පිළිබඳව ද, චීනය සහ ගිනිකොන ආසියාව පිළිබඳව ද යම් හැඳින්වීමක් සිදු කෙරෙන්නේ නම් වර්තමාන ලෝකය තේරුම් ගැනීම සඳහා ඒ තුළින් දරුවන්ට මනා පිටිවහලක් සැපයෙන්නට ඉඩ තිබුණි.
මෙවන් පසුබිමක් තුළ ඉතිහාසය පිළිබඳ හරි වැටහීමක් නොමැති දරුවන් ‘රෝං ජෙනරේෂන්’ ලෙස වල්මත් වීම පුදුමයක් නොවේ. අප යෝජනා කරන්නේ ඉතිහාසය සමඟ ගැට ගැසී ඇති දේශපාලනය බාල දරුවා වෙත මුදා හැරීම නොවේ. අප විසින් යෝජනා කරන්නේ ඉතිහාසයේ සිදු වූ සංසිද්ධීන් සැඟවීමකින් තොරව ළමා පරපුර වෙත හෙළිදරව් කිරීම ඉතිහාසය විෂය මාලාවෙන් සිදු කළ යුතු බවයි. එය
තම තමන්ගේ දෘෂ්ටීන්ට අනුව විවරණය කර ගැනීම දරුවන්ට පැවරිය යුතුය. අප විසින් සිදු කළ යුත්තේ හඳුන්වා දීමයි.

එසේ නම් මෙම සීමාකම් ජය ගැනීම සඳහා අප විසින් වහාම සිදු කළ යුතුව ඇත්තේ විෂය මාලා යාවත්කාලීන කිරීමක් තුළින් වඩා ප්‍රයෝජනවත් ඉතිහාස දැනුමක් ජාතියේ දරු පරපුර වෙත ලබා දීමට කටයුතු කිරීමයි. එහෙත් ඒ පියවර පසෙක තබා වත්මන් ආණ්ඩුව දැන් කඩිමුඩියේ සැළසුම් සකස් කරමින් සිටින්නේ ඉතිහාසය විෂය අනිවාර්ය විෂය ලැයිස්තුවෙන් ඉවත් කිරීම පිණිසය.
වත්මන් අධ්‍යාපන ඇමතිවරියට මෙලෙස ඉතිහාසය විෂය අධ්‍යාපන විෂය මාලාවෙන් ඉවත් කිරීම සඳහා පවතින උනන්දුව අධ්‍යාපන විෂය ක්ෂේත්‍රයේ පවතින දහසකුත් එකක් වූ අනෙක් අඩුපාඩු සපුරාලීම සඳහා පැවතියේ නම් පසුගිය මාස කිහිපය තුළ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය ගව් ගණනක් පෙරට යෑමට ඉඩ තිබුණි. නමුත් සිංහල බෞද්ධයන් සමඟ උපන් ගෙයි වෛරයක් ඇති ඇමතිවරිය හට ඒ සියල්ලටම වඩා ඉක්මනින් කිරීමට අවශ්‍යව ඇත්තේ ඉතිහාසය විෂය දරුවන්ගෙන් ඈත් කොට තැබීමයි. මක්නිසාද ඉතිහාසය මැනැවින් හැදෑරූ අනාගත පරපුරක් තුළ ඇය පතන LGBTQ ලෝකය බිහි කරගත නොහැකි වන බැවිනි.
මිනිසාට ඉගෙනීම අවශ්‍ය වන්නේ වර්තමාන ලෝකය විවරණය කර ගෙන අනාගතය සඳහා මුහුණ දීම පිණිසය. රජයක් විසින් රටේ ළමා පරපුර වෙත අධ්‍යාපනය ලබා දීම සඳහා ආයෝජනයක් සිදු කරන්නේ නම් එහි ඉලක්කය විය යුත්තේ රටේ අනාගතය භාර ගැනීම සඳහා සුදුසු විචක්ෂණභාවයකින් යුතු සබුද්ධික පුරවැසියෙක් නිර්මාණය කිරීමයි. එහෙත් ලංකාවේ වත්මන් අධ්‍යාපනය එවන් දැක්මක් සහිත එකක් නොවන බව පැහැදිලිවම පෙනී යයි. වත්මන් රජය විසින් යෝජනා කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉලක්ක ගත වී ඇත්තේ පවතින අධ්‍යාපන ක්‍රමයේ මෙම දුර්වලතා නිශේධනීය කිරීම සඳහා නොවේ. වත්මන් රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉලක්ක ගත වී ඇත්තේ ඔවුන්ගේ දේශපාලන මතවාද සමාජය වෙත එන්නත් කිරීම සඳහා ය.
ලංකාවේ ඉතිහාසය පෙළ පොත් සහ විෂය නිර්දේශ සැකසීම සඳහා මාලනී ඇඳගමගේ සිට නිර්මාල් දේවසිරි දක්වා පළල් දෘෂ්ටිමය විවිධතාවයකින් යුතු පිරිසක් සම්බන්ධ වී තිබේ. නිර්මාල් දේවසිරි වැනි ඊනියා ඉතිහාස උගතුන්ගෙන් පිරුණු කමිටු තුළ දැනට පවතින අයුරින් වත් ඉතිහාසය විෂයේ ගුණාත්මකභාවය ආරක්ෂා කර ගැනීමට හැකි වීම පිළිබඳව අප දිවංගත මාලනී ඇදගම වැනි මහත්ම මහත්මීය පින් අනුමෝදන් කළ යුතුය.
නිර්මාල් දේවසිරිලා අතට දැන් ඇකඩමියාවේ පමණක් නොව දේශපාලනයේ සුක්කානම ද මෙරට ජනතාව විසින් ඡන්දයෙන් පවරා ඇත. ඔවුන් වත්මන් ආණ්ඩුවේ ප්‍රබලයෝ වෙති. එහෙත් හිටිහැටියේ නිර්මාල් දේවසිරි මහතා හරිනි අමරසූරියගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව සාප තැබීමට පෙළඹී ඇත. මේ බව දුටු ළඟ චූන් ජාතිකවාදීන් ද නිර්මාල් දේවසිරිලාගේ ප්‍රකාශ උඩ තබාගෙන යන බව පෙනේ. මෙම පිරිස මෙලෙස ළඟ චූන් වී නිර්මාල්ලාව උස්සාගෙන යන්නේ නිර්මාල් කියන දෑ ගැන හරි හැටි අවබෝධයකින් ද?
නිර්මාල්ගේ අදහසට අනුව ඉගැන්විය යුත්තේ නිර්මාල්ලා ඇතුළු ඊනියා වම්මුන් ඉතිහාසය ලෙස දකින විපරීත කරුණු දැක්වීමයි. ඔවුනට අනුව මහාවංශය සහ ඒ සමඟ කියවෙන සිංහල බෞද්ධයාගේ ඉතිහාසය වැදගත් දෑ නොවේ. මේ අනුව ඉතිහාසය විෂය විෂයමාලාවෙන් ඉවත් කිරීම සඳහා කැස කවන හරිනි අමරසූරියලාගේ ද, අපබ්‍රංශ ඉතිහාසයක් ඉගැන්වීම සඳහා යෝජනා කරන නිර්මාල් දේවසිර්ලාගේ ද අභිලාෂය දෙකක් නොව එකක් බව අප විසින් සිහි බුද්ධියෙන් යුතුව වටහා ගත යුතුය. වත්මන් ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මොනවාද යන්න තවමත් ඔවුන් විසින් නිශ්චිතව දක්වා නැත. හරිනිලා තැන තැන නා නා විධ ප්‍රකාශ සිදු කරමින් මුට්ටිය දමා බැලීමේ සෙල්ලම කරගෙන යන බව පෙනේ. කෙසේ වෙතත් පළමු අදියරේ දැමූ මුට්ටි සියල්ලට මේ වන විට කුඩු වෙන්නට පොලු පහරවල් ලැබී ඇත. නමුත් ජනතාවගේ ආධ්‍යාත්මය තේරුම් ගැනීමට අවම උත්සාහයක් වත් නොදරන පාලන තන්ත්‍රයක් විසින් සහනයක් නම් බලාපොරොත්තු විය නොහැකිය. ඒ නිසා අවදියෙන් සිටිමි. සංවිධානය වෙමු. සංවිධානය කරමු.
දක්ෂිණ ජයවික්‍රම
දක්ෂිණ ජයවික්‍රම
යුතුකම සඟරාවේ ජූලි කලාපයේ පලවූ ලිපියකි
යුතුකම ජාතික සංවිධානය
www.yuthukama.com
Like us on facebook :: https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .