11/25/2016

NJC calls for hanayakes’ opinion on constitutional making process

කතෘ:යුතුකම     11/25/2016   No comments
-Shamindra Ferdinando-

The National Joint Committee (NJC) yesterday called for Mahanayakes’ intervention to prevent the division of the country on ethnic lines.
Executive member of the NJC Gevindu Cumaratunga alleged that the on-going parliamentary process was aimed at creating a federal state.
Addressing the media at the National Library Documentation Services Board, Cumaratunga asserted that the reports produced by six Sub Committees, particularly the one that dealt with Centre-Periphery relations had been geared to achieve separatist goals.

The NJC spokesman sad the recommendations at issue were at variance with repeated assurances given by President Maithripala Sirisena and Premier Ranil Wickremesinghe that Sri Lanka’s unitary status as well as the position of Buddhism in the Consitution wouldn’t be undermined.

Cumaratunga requested the Mahanayakes to express their views on the recently released reports to prevent the government from deceiving the people. The civil society activist alleged that UNP National List MP Jayampathy Wickremaratne, head of the Public representation Committee on Constitutional Reforms Lal Wijenayake, TNA MP M.A. Sumanthiran et al had been deeply involved in the process therefore the government’s intention was clear.

Cumaratunga pointed out that major political parties namely the UNP, the SLFP, the UNP and the TNA hadn’t made representations to the Six Committees. The NJC spokesperson challenged them to reveal their stand on the controversial reports without further delay.

Cumaratunga expressed concern over the possibility of external powers funding a special project in the guise of a people’s campaign in support of the yahapalana operation.
Attorney-at-law Kalyananda Thiranagama warned of dire consequences unless the on-going process was reversed. Alleging that the Diaspora and the eelamists here would demand the abolition of the Sixth Amendment to the Constitution especially brought in to thwart separatist project, Thiranagama compared the Sri Lanka’s plight with that of former Yugoslavia and Czechoslovakia.

Thiranagama asserted that the country might be divided into four regions with Muslims having a unit of their own.
Retired Rear Admiral Sarath Weerasekera said the country faced division on ethnic lines in spite of huge sacrifices made by the armed forces. The former UPFA Deputy Minister said that eelamists could now achieve their separatist objectives though the LTTE had been eradicated and peace restored in May 2009.

President’s Counsel Manohara de Silva said the on-going process that would certainly weaken the centre. PC de Silva pointed out that the Sub Committee headed by TNA MP Dharmalingham Siddarthan had asserted that Sri Lanka’s unitary status had been an impediment to devolution and therefore a federal stricture would be required.

The PC emphasised that the NJC strongly opposed any attempt to do away with the unitary character of the state at the behest of eelamists backed by Western powers.

Alleging that the 13 Amendment to the Constitution had severely undermined the powers of Parliament as well as the unitary character of the State, PC de Silva said that instead of further strengthening Provincial Councils, immediate action should be taken to repeal Article 154 G (2) and (3) which prevented Parliament from cancelling or amending a statute passed by Provincial Council unless a two-thirds majority could be mustered for that purpose.

The PC said that Parliament should be able to repeal any legislation passed by a Provincial Council with a simple majority the way it repeals its own laws if it so desired in the national interest.

The top NJC spokesman said that MP Dharmalingham’s Sub Committee had proposed to do away with the Concurrent List, National Policy included in the Reserve List, powers of the Governor as well as Fiscal control by the government.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook
https://www.facebook.com/yuthukama

11/24/2016

සිදූ ජනප්‍රිය වුණේ ඇයි ?

කතෘ:යුතුකම     11/24/2016   3 comments
-රත්තනදෙණියේ මේධානන්ද හිමි-
දෙරණේ සිදු ටෙලි නාට්‍ය සෝරත පොඩි හාමුදුරුවෝ නිසා සෑහෙන්න ජනප්‍රිය වුණා. මේක අර යශෝරාවය, කඩුල්ල, වෙද හාමිනේ, දඩුබස්න්නාමානය, අකාල සන්ධ්‍යා වාගේ ප්‍රේක්ෂකයාගේ වින්දන පථය පුළුල් කරන හෝ ගැඹුරක් තියෙන මහ ලොකු නාට්‍යයකුත් නෙමෙයි. එත් එහෙම වුණේ ඇයි?.

එකක් තමයි කසිකබල් ඉන්දියානු ටෙලි කතා තොග ගානට ගෙනල්ලා සිංහලෙන් හඩකවා නස්ටොප් ප්‍රචාරය කරන්න මෙරට ටෙලිවිෂන්වලට සතියේ දින හතත් මදි වුණා. රන් දෙපය කියලා පැය දෙකකුත් වෙන් කළා. ඒ අතරතුර සරල ප්‍රශ්න අහලා ඒවා බලනවට ප්‍රේක්ෂකයන්ට අල්ලස් දෙන ක්‍රමයකුත් ඇති කළා. ලබන සතියේ ප්‍රවීණා රහසින් පෙම් කරන්නේ කාටද වගේ සරළ ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර සපයා රන් පවුම් 5ක් දිනාගන්න වාගේ අල්ලස් දෙන ක්‍රමයකුත් තිබුණා. සිරස පටන් ගත්ත මේ වැඩේ පසුව ස්වර්ණවාහිණිය වාගේ ඒවටත් බෝ වුණා. කිසි වින්දනයක් නැති මේවා මිනිසුන්ගේ ඔලු ඔද්දල් වෙනකම්ම බලහත්කාරයෙන් මේවා පෙන්නුවා. සමහර කතා හැමදාම පෙන්නලාත් ඉවර වෙන්න අවුරුදු ගන්න් ගියා.

මොනවද මේවයේ බලන්න තියෙන්නේ. ලස්සනම ගෑනු මිනිස්සු ටිකක් ලස්සන සාරි ඇදගෙන ලස්සනට තොල් පාට කරගෙන ලස්සන මන්දිරයක මැද සාලෙට ඇවිත් රණ්ඩු වෙනවා. සට පට ගාල තොර තෝංචියක් නැතුව බැණ ගන්නවා. ඊට වැඩි දෙයක් නැහැ. මිනිස්සුන්ටත් ඕන වෙලා තිබුණා මේ ඒකාකාරී බවෙන් මිදෙන්න. ගෙදර සාලේ මැදට කොටු වෙච්ච ඇස් ඊට වඩා එළිමහන් දර්ශනයක් ඉල්ලා සිටියා. සිදු ටෙලි නාට්‍යයෙන් ඒ දේ වුණා.

ඊළගට මේ නාට්‍ය ජනප්‍රිය වීමට අපේ සංස්කෘතික විඥානයත් බලපෑවා. සෝරත පොඩි හමුදුරුවන්ගේ චරිතය නොවෙන්න මේක මේතරම් මිනිස්සු වැළද ගන්නේ නැහැ. ඒක පිළිගන්න මොනතරම් අකමැති වුනත් මේ කතාවට ඇලුම් කිරීමට හේතුව ලෙස අවිඥානිකව හෝ සියුම්ව මතු වුණේ අපේ සංස්කෘතික විඥානය.

අපට අවශ්‍ය මේ පොළවෙන් උපදින කලාවක් මිස, වෙන රටක , වෙන සංස්කෘතික පරිසරයක පැළ වෙන අනුකාරක කලාවක් නොවන බව දෙරණ මේ නාට්‍ය ඔස්සේ මතක් කරලා දුන්නා. අන්න ඒකට අපි දෙරණට ස්තුතිවන්ත වෙන්න ඕන. සිරස අර වසංගත ටෙලි නාට්‍යවලට හඬ කවලා කලේ ඒවා බලහත්කාරයෙන් මිනිසුන්ගේ ඔලුවලට ඔබපු එක. දෙරණේ සිදුගෙන් වුණේ කැමැත්තෙන්ම මිනිස්සු ඒක වැළද ගත්තු එක. මාධ්‍ය ත්‍රස්ත්‍රවාදයකින් මිනිසුන්ගේ ඔලුවලට ඔබලා බලහත්කාරයෙන් දිනාගන්නා දේවලට තිර පැවැත්මක් නෑ කියලා ඒ මාධ්‍ය ප්‍රධානීන්ද මේකෙන් ඉගෙන ගත්තොත් හොදයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/23/2016

යෝජිත ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා සත්තයි...

කතෘ:යුතුකම     11/23/2016   No comments
ඉඩම් පොලිස්‌ මුදල් බලතල පළාත් සභාවලට..
විසිරවීමේ බලයත් ජනපතිගෙන් ගිලිහෙයි


-මනෝඡ් අබයදීර

ඉඩම්, පොලිස්‌ සහ මුදල් පිළිබඳ පූර්ණ බලතල පළාත් සභා සඳහා ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමේ ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සීමා කිරීමටත් නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට යෝජනා ඉදිරිපත් කර ඇත.

මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම සඳහා පත්කළ උපකමිටු හයෙන් එකක්‌ වන මධ්‍ය පරිධිය සබඳතා පිළිබඳ උප කමිටුව විසිනි.

ව්‍යවස්‌ථා කටයුතු සම්පාදන කමිටුවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතාගේ උපදෙස්‌ මත මෙම කමිටුව ක්‍රියා කරයි.

මධ්‍යම රජය, පළාත් සභා සහ ප්‍රාදේශීය ආණ්‌ඩු අතර බල අධිකාරිය බෙදීයැම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම මෙම කමිටුව සතු වගකීමකි.

එම කමිටුව මගින් නිර්දේශ කර ඇති යෝජනා කිහිපයක්‌ මෙසේය.

1. දහතුන් වැනි සංශෝධනය මගින් පළාත් සභා සඳහා ලබා තිබෙන ඉඩම් බලතල තවදුරටත් ශක්‌තිමත් කොට ඉඩම් කළමනාකරණය කිරීමේ බලතල සම්පූර්¨ණයෙන්ම පළාත් සභා සඳහා පැවරීම.

2. පළාත් පොලිස්‌ කොමිසම මධ්‍යම රජයෙන් වෙන් කිරීම සහ එහි සාමාජිකයන් පත් කිරීමේ බලය මහ ඇමැතිවරයාට ලබා දීම.

3. දහතුන්වෙනි සංශෝධනයේ ඇති සමගාමී ලැයිස්‌තුව ඉවත් කර මධ්‍යම රාජ්‍ය සහ පළාත් රාජ්‍ය අතර නිශ්චිත ලෙස බලතල බෙදා වෙන් කිරීම.

4. මධ්‍යම රජය සතුව දැනට පවතින, ජාතික ප්‍රතිපත්ති සැකසීමේ බලය ඉවත් කිරීම.

5. ව්‍යවස්‌ථා අධිකරණයක්‌ පිහිටුවීම. මධ්‍යම සහ පළාත් ආණ්‌ඩු අතර ඇතිවෙන බලය බෙදාහැරීමේ ඇමිණුමේ සඳහන් බලතල සම්බන්ධයෙන් ඇතිවෙන ගැටුම් විසඳීම සදහා තීන්දු ලබාදීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බලය මෙයින් අහෝසි වනු ඇත. ව්‍යවස්‌ථා අධිකරණය සඳහා සාමාජිකයන් පත් කරනුයේ ජාතිකත්ව නියෝජන පදනම යටතේය.

6. පළාත් ආණ්‌ඩු සඳහා ස්‌වාධීන මුදල් බලතල සහ බදු එකතු කිරීමේ බලය ලබාදීම

7. පළාත් රාජ්‍ය සේවය පාලනය පළාත් රාජ්‍ය සේවා කොමිසම යටතට පත් කරන අතර, දිස්‌ත්‍රික්‌ ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරු පළාත් බලය යටතට පත් කෙරේ. මහ ඇමතිවරයා යටතට පළාත් රාජ්‍ය සේවා කොමිසම පැවරේ.

8. ආණ්‌ඩුකාරවරයා පත් කිරීමේදී මහ ඇමතිවරයාගේ අනුමැතිය ලබා ගැනීම.

9. පළාත් සභා අයුතු බලය යෙදවීමක යෙදෙන අවස්‌ථාවේ පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට දැනට ඇති බලතල සිමා කිරීම සිදුකෙරේ. ඒ සඳහා ව්‍යවස්‌ථා අධිකරණයේ අනුමැතිය ලබා ගැනීම.

10. මහජන දේශපාලන අධිකාරිය හෙවත් ජනතා පරමාධිපත්‍යයේ බලය මධ්‍යම, පළාත් සහ ප්‍රාදේශීය වශයෙන් බල ව්‍යqහ තුනක්‌ අතර බෙදී යන පිළිගැනීම.

11. පළාත් විෂයයන්ට අදාළව නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමිවන අතර පොදු ප්‍රතිපත්ති නිර්දේශ කිරීමේ බලය ද පාර්ලිමේන්තුවට අහිමිවේ.

[Divaina]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/22/2016

අහස පොළව නුහුලන අපරාධය - මහබැංකු මංකොල්ලය - අයන්නේ සිට සරලව - බැංකු ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකුගේ ඇසින් [video]

කතෘ:යුතුකම     11/22/2016   1 comment
  • ඉතිහාසයේ ප්‍රථම වරට මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවා රනිල් වික්‍රමසිංහ මහතා යටතට පත් කර ගත්තේ ඇයි?
  • කැබිනට් මණ්ඩලය පවා විරුද්ධ වෙද්දී තම ගජ මිතුරු අර්ජුන් මහේන්ද්‍රන් එතෙක් පැවති සියලු සම්ප්‍රදායන් කඩමින් මහ බැංකු අධිපති පත් කරගත්තේ ඇයි?
  • එතෙක් පැවති බැඳුම්කර මිලදී ගැනීමේ පටිපාටිය වෙනස් කිරීමට රනිල් වික්‍රමසිංහ උපදෙස් දුන්නේ ඇයි?
  • බැඳුම්කර වෙන්දේසියට අර්ජුන් - රනිල් මැදිහත් වූයේ කෙසේද?
  • ලංකා බැංකුව, ඊටීඑෆ් මුදල් වලින්ම අර්ජුන් මහේන්ද්‍රන්ලාගේ පර්පෙටුවල් ට්‍රෙෂරීෂ් සමාගම ප්‍රකෝටි ගනන් ලාභ ලැබුවේ කෙසේද?
  • මහ හොරා රකින්න ෆුට් නෝට් කල්ලිය කළ ජඩ උත්සාහය කෙබඳුද?
  • ඉතිහාසයේ සිදුවූ දැවැන්තම මුදල් මංකොල්ලයට වගකිව යුතු රනිල් ගෙදර යැවිය හැක්කේ කෙසේද?

බැංකු ප්‍රවීනයකු වන ලංකා බැංකු සේවක සංගමයේ සහ ලංකා බැංකුවේ හිටපු සභාපති  රිසිරිපාල තෙන්නකෝන් මහතා ට සවන් දෙමු

/

"හොරා ඉල්ලා අස් වෙනු" සම්මන්ත්‍රණය
නොවැ 19 දා
මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

11/20/2016

මං වගේ ම තවත් එකෙක් - දිනුසර ගැන-

කතෘ:යුතුකම     11/20/2016   No comments
-වෛද්‍ය වසන්ත දේවසිරි-

පුංචි කාලෙ මට වගේ ම - හතිය හැදෙනවා නිතරම
එනව නිතර බෙහෙත් ගන්න - කදේ වැටෙනවා ආවම

පුංචිම කාලෙ ආවම - කතා කළේ බෙන් ටෙන් ගැන
තවම ඉන්නෙ තුන වසරේ - ඉගෙන ගන්න හරි දස්සලූ

පැරදුන දා මහින්ද ඔහු - ඇඬුවලූ බිම පෙරළි පෙරළි
මාත් ඇඬුව පුතේ එ දා - බිම පෙරළුනෙ නැති වුනාට

ඊට පස්සේ බෙහෙත් ගන්න - ආවම ඔහු කතා කළේ
මහින්ද ගැනම යි නිතරම - බෙන් ටෙන් ලා අමතක විය

ගමේ පන්සලට ආ දා - වැටවල් බිඳගෙන ගිහිල්ල
මහින්ද හා දොඩල ආවෙ - ඇඳපු චිත්‍රෙකුත් දීල ලූ

ඔය කාලෙ ම මාත් පුතේ - කවි පද කීපයක් ලියල
ඔහුගේ අතටම දීලා - වැඳල ආව තංගල්ලෙදි

ඇමෙරිකාවෙ චන්දෙ දවසෙ - ඉස්කොළේ ඉඳං ආවෙ
ට‍්‍රම්ප් දිනුං දැ යි අහගෙන - උඩ පැන පැන ඔහු නැටුවලූ

මහින්ද කැමතියිලූ ට‍්‍රම්ප්ට - ඒකලූ සංතෝස ඔහුට
සතුටු වුනා මාත් බෝම - ලෙඩින් වැටිල හිටියෙ එ දා

ගාලූ පුරට මහ වැහි වට - ඉරිද දවල් ඔහු ආවේ
කැස්ස ටිකක් තිබුන හන්ද - විභාගෙ එහෙමත් ළඟ නේ

දැනං හිටිය එන බව මං - මහින්ද සමනල පිටියට
අවමංගල උත්සවේට - පුරපති කෙනෙකුගෙ පෙර සිටි

කීවා මං මෙය නිකමට - යන්න ඕන විය එතනට
කැස්ස වැඩි වෙතැ යි තෙමිලා - දොස් කීවා මටත් අම්ම

යන්න ම ඕනලූ ඔහු හට - කැස්ස වැඩි වුනොත් සඳුදට
ඉන්හේලර් දෙකම උරල - විභාගයට ඌ යනවලූ

අපි දෙන්නට විතරක් නොව - රටට දැයට හිතැති හැමට
මේ පිස්සුව තියේ පුතුනි - ලොකු පොඩි බේදයක් නැතිව

වෛද්‍ය වසන්ත දේවසිරි
2016 ඉල් මස 20 වැනි ඉරිදා

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

11/17/2016

ගමන දැන යමු! සතුරන්ට ආයුධ නොදෙමු !!

කතෘ:යුතුකම     11/17/2016   2 comments
මංගලාරාමයේ හාමුදුරුවන්ගේ ක්‍රියාකලාපය ගැන අදහස් පළ කරනවද නොකරනවද යන්න මීට පෙර අවස්ථා ගණනාවකදීම දෙගෙඩියාවක් ඇති වුවද එන්න එන්නම එය උත්සන්න වන තත්වයක් තිබෙන නිසා ඒ පිලිබඳ යමක් කිව යුතුයි. උන්වහන්සේ ගිහියෙකුවත් නොහැසිරෙන එබදු හැසිරීමක් පෙන්නුම් කරන්නේ සමහර විට ඒ සෑම අවස්ථාවකම ජාතියේ නාමයෙන් සිංහල බෞද්ධයන් විසින්ම උන් වහන්සේට දෘෂ්ටිවාදී ආවරණයක් දෙන නිසා විය හැකියි. දිගින් දිගටම උන්වහන්සේ දැන් එය අමුත්තක් නොවන හුරුපුරුද්දක් වන තරමට සාමාන්‍යකරණය කරගෙන තිබීම සමස්තයක් ලෙස ලාංකික භික්ෂු ප්‍රතිරූපයම අභියෝගයට ලක්කරන්නක් නිසා එයට සාධාරණ විවේචනයක් එල්ල කළයුතුව තිබෙනවා. මොකද උන්වහන්සේගේ චර්යාවේ ස්වරුපය පිලිබඳ උන්වන්සේ යළි සිතා බැලීමක් නැත්තේ ඒ ඕනෑම තැනක දී ජාතිය වෙනුවෙන් කරන සේවයක් සේ සලකා ජාතිකවාදී කදවුරෙන්ම ආරක්ෂා කරන නිසා විය යුතුයි.නමුත් වරක් දෙවරක් නොව සීමාව ඉක්මවා මේ හැසිරීම පුරුද්දකට ගත්තොත් මෙතෙක් තමන්ව මතවාදීව ආරක්ෂා කළ බෞද්ධයින්ම ඊට එරෙහි වීමට ඉඩ තිබෙන බව උන්වහන්සේ තේරුම් ගත යුතුයි.

මඩකලපුවේ ඇති එකම බෞද්ධ විහාරස්ථානය උන්වහන්සේ නිසා ආරක්ෂා වෙන බවත්, එහි සිටින සීමිත සිංහල පවුල් කිහිපයේ එකම හඬ උන්වහන්සේ බවත් ඇත්ත. ඔවුන්ද, නැගනහිර බෞද්ධ උරුමයද ,ආරක්ෂා කරමින් උන්වහසේගේ රට,ජාතිය වෙනුවෙන් කරන්නේ විශාල කැපකිරීමක් බව ඇත්ත. හරිහමන් දාන වේලක්වත් දෙන්න දායක පිරිසක් නැති පළාතක උන්වහසේ එහි විසීමද දුෂ්කර ව්‍යායාමයක්. ඒ ගැන ගැටළුවක් නැහැ. අප කවුරුත් ඒ කැපවීම ප්‍රසංසාත්මකව අගය කරනවා. නමුත් සමස්තයක් ලෙස මැදහත්ව බලන බොහෝ බෞද්ධයින්ගේ අප්‍රසාදයට ලක්වෙමින්, ජාත්‍යන්තර මට්ටමින්ද බෞද්ධ භික්ෂූව අපකීර්තියට ලක්කරමින් කරන මෙම මැදිහත්වීමට වඩා කිසියම් සංයමයකින් සිංහල බෞද්ධයන්ගේද පැහැදීමක් ඇතිවන ආකාරයෙන් ගැටළු විසදාගැනීමට පෙලඹෙන්නේ නම් මීට වඩා යහපත් නොවේද?. සිංහල බෞද්ධයන් නැති වැඩිමනක් මුස්ලිම් හා දෙමළ ජනකොටස්වල ආධිපත්‍ය තිබෙන මෙම ප්‍රදේශයේ විසීම යෝගාශ්‍රම මුනිවර චර්යාවකින් නොහැකි බවද අපි දනිමු. එහෙත් ඒ පෞරුෂය රදාගත යුත්තේ කුණුහරුප කියමින් භික්ෂු ප්‍රතිරූපයද පරදවා ගනිමින් නොවේ.

රට, දැය,සමය වෙනුවෙන් අභීතව හඬ නැගූ යතිවර පරමාදර්ශ අපට කොතෙකුත් ඇතත් උන්වහසේලාට තිබුනේ සුමනරත්න හිමියන්ට මුහුණ පාන්නට වී තිබෙන සමාජ පසුබිම නොවේ. එම නිසා අපේ බෞද්ධ ජනතාවද උන්වහන්සේ දෙස බැලිය යුත්තේ අතීත භික්ෂුන්ට සාපේක්ෂව නොවේ. නමුත් මීට සමාන පසුබිමක විවිධ තර්ජනයන්ට මුහුණ දෙමින් මායිම් ගම්මාන වල සිංහල ජනයා පදිංචි කරමින් ඔවුන් රැකබලාගත් තවත් භික්ෂුවක් ලෙස දිඹුලාගල නාහිමියන් හදුන්වා දිය හැකියි. උන්වහන්සේ වෙඩිතබා අපවත් කරවන තෙක්ම අදීන භික්ෂු ප්‍රතිමුතියක් සේ සිංහ සෛයයාවකින් සිටියේ සුමනරත්න හිමියන් සේ ප්‍රචණ්ඩ ආවේගකාරී ස්වරූපයකින් ප්‍රශ්න වලට අභිමුඛ වෙමින් නොවේ. සුමනරත්න හිමියන්ගේ ජාතික හැගීමත් මංගලාරාමය මුල් කරගෙන කැරෙන සමාජීය කාර්යභාර්යත් කිසිවිටක අපි අවප්‍රමාණ නොකරමු. එහෙත් ක්‍ෂණික කෝපයෙන් ආවේශ වෙමින් භික්ෂුත්වය පවා අභියෝගයට ලක් කරමින් කරන මේ මැදිහත්වීමෙන් වන සේවයට වඩා පොදුවේ අපට වන හානිය වැඩියි. බෞද්ධ විරෝධීන් විසින් ලෝකය පුරා අන්තර්ජාලය ඔස්සේ මෙම වීඩියෝ සංසරණය කරවමින් බෙදන පණිවුඩය අපට යහපත් එකක් නොවන බව උන්වහන්සේටත් නොතේරෙන්න විදිහක් නැහැ. මේ අඩුව හදා ගැනීමට සමස්ත බෞද්ධයන්ද උන්වහන්සේට බලකළ යුතුයි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/16/2016

දෙවියෝ සහ අණ්ඩපාලයෝ

කතෘ:යුතුකම     11/16/2016   4 comments
-වෛද්‍ය චන්න ජයසුමන-
ඊයේ උදෑසන දෙරණ රුපවාහිනියේ “නොපෙනෙන මානය” වැඩසටහනට සහභාගී වීමි. එහිදී සාකච්ජා වූයේ දෙවියන්ගේ පැවැත්ම පිළිබඳවයි. මෙම වැඩසටහනට සහභාගී වු අනෙක් අය නම් පැපිලියාන සුනේත්‍රා දේවී පිරිවෙන්වාසී චන්දිම ස්වාමීන් වහන්සේ, ඉන්දික තොටවත්ත මහතා, මනෝ චිකිත්සකයකු ලෙස හඳුන්වන විද්‍යාකුලපති නම් මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනසන්නිවේදන අංශයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා සහ මහනුවර මහ රෝහලේ ලේ බැංකුවේ සේවයේ නියුතු වෛද්‍ය නිලධාරී මහතකු වන ජනක ජයසුරිය ය.

මේ වැඩසටහන පවත්වාගෙන යන බව පැවසෙන්නේ දෙවියන්ගේ, යකුන්ගේ නාමයෙන් සිදු කරන හොර තක්කඩි වැඩ රටට හෙළි කිරීම, මිත්‍යාව හෙළි කිරීම වැනි කරුණු අරභයා ය. එවැනි පුද්ගලයන්ට අභියෝග කිරීමෙන් ආචාර්ය ටියුඩර් වීරසිංහ සහ ජනක ජයසුරිය වෛද්‍යවරයා වීරයන් සේ රට හමුවේ ඉදිරිපත් කර තිබුණි. දෙවියන්ගේ නාමයෙන් හොර වැඩ කරන මුදල් ගරන අය ඕන තරම් සිටිනවා ඇත. ඔවුන් රටට හෙළි කල යුතුය. එහි කිසිදු වරදක් නැත. එමෙන්ම බටහිර වෙදකමේ නාමයෙන් හොර වැඩ කරන, මුදල් ගරන අය ද ඕනෑ තරම් සිටිති. ඔවුන් ගැනද රටට හෙළි කල යුතුය. ඒ සදහා ආචාර්ය ටියුඩර් වීරසිංහට සහ වෛද්‍ය ජනක ජයසුරියට වැඩ පිළිවෙලක් තිබෙනවාදැයි මම නොදනිමි.

මේ දෙදෙනාම උග්‍ර භෞතික වාදීන්ය; ඔවුන්ට අනුව දෙවියන් යනු මනසේ මවා ගත් විකාර සිතුවිල්ලක් පමණි. රුසියාවේ විශ්ව විද්‍යාලයකින් පශ්චාත් උපාධි ලබා ගත් මාක්ස්වාදියකු වන ආචාර්ය වීරසිංහ මෙන්ම නුවර ලේ බැංකුවේ සේවය කරන වෛද්‍යවරයා ද දෙවියන් යකුන් විකුණමින් සිදුකරන හොර වැඩ වලට එරෙහි වීමේ නාමයෙන් සිදු කරන්නේ අනෙකකි. ඔවුන්ට අනුව පංචේන්ද්‍රයන්ට ගෝචර නොවන දෙයක් (සම්මුති වශයෙන් හෝ) නැත. නමුත් මේ දෙදෙනාම පැවසුවේ තමන් බෞද්ධයන් බවයි. වෛද්‍ය ජනක දිගින් දිගටම පවසන්නේ තමන්ගේ වීරයා, ලොව පහල වූ මහා ප්‍රාඥයා බුදුන් වහන්සේ බවයි. එසේ පවසන ගමන් දෙවියන්, බඹුන්, අමනුෂ්‍යයන්ගේ පැවැත්ම ඔවුහු ප්‍රතික්ෂේප කරති. එසේ වූ විට සංසාර චක්‍රයේ සිටින්නේ ඇහැට පෙනෙන මිනිසුන් සහ තිරිසනුන් පමණි (මේ දෙදෙනා පුනර්භවය පිලිගන්නවදයි මම නොදනිමි); සිදුහත් කුමාරයා තව් තිසාවේ සිට පැමිණීම බොරුවකි; මාතෘ දිව්‍ය රාජයාට ධර්ම දේශනා කිරීම බොරුවකි; සුමන සමන් දෙවියන්ට ධර්ම දේශනා කිරීම ද බොරුවකි; සම්‍යක් දෘෂ්ටික දෙවියන් මිනිසුන් සමග එක්ව මෙසිරිලක පන්දහසක් කල් ශාසනය රැකීම ද බොරුවකි; කොටින්ම කුසල් දහම් කලාට, පින් කලාට, පාරමී පිරුවාට යන්නට දිව්‍ය ලෝක නැත.

මේ දෙදෙනා මේ පහර දෙන්නේ බුදු දහමටයි; අපේ මිනිසුන්ගේ විශ්වාසවලටයි; පෝය දිනයේ මෙවැන්නන් දෙරණ නාලිකාවට ගෙන්වාගෙන අපේ උපාසක අම්මලාට මොවුන්ගේ පොර ටෝක් අසන්නට දෙන්නේ කාගේ උවමනාවටදැයි මම නොදනිමි. මෙරට ජාතිකවාදී අදහස් දරන බොහෝ දෙනා නරඹන එකම රුපවාහිනිය වන දෙරණට තමන් කරන මෝඩ ක්‍රියාවේ ප්‍රතිපල දැනෙන විට බොහෝ ප්‍රමාද වී තිබිය හැක. කොහේවත් යන කබ්බන් පොරවල් කරන්නේ දෙරණේ තීරණ ගන්නා අයගේ නොදැනුවත්කම නිසා විය යුතුය. පසුගිය රජය සමයේ මේ ආකාරයේ කබ්බන් පොරවල් කිරීම එම ආණ්ඩුව බිද වැටීමට ද හේතු විය. මේවා දැක දැක නිහඬව සිටීම නිවටකමකට වඩා තකතීරු කමකි. මේ වැඩසටහනට සහභාගී වීමට පෙර මෙන්ම පසුව ද මගේ හිතවතුන් ඇතැමකු පැවසුවේ කට්ටඩියන්, සාස්තරකරුවන්, විභාග පාස් කරවන්නන් ආදී සමාජ පිළලවලට එරෙහිව ලොකු මතයක් ඇති බවත් මෙවැනි වැඩසටහනක මාගේ අදහස් දැක්වීමෙන් මා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා ආදී අදහසක් මතු විය හැකි බවත් ය. මට හොරුන් රැක ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නැති නමුත් හොරුන් ඇල්ලීමට මුවා වී බුදු දහමටත්, අපේ සංස්කෘතියටත් පහර දෙන සුක්ෂම වැඩ පිළිවෙලහෙළිදරව් කිරීමට අවශ්‍ය විය. පුහු වීරයෝ හොර කට්ටඩින්ට වෙර දමා පහර දෙන අතරේ නාථ, පත්තිනි, සුමන-සමන්, කතරගම-මහසෙන් (කිරිවෙහෙරට අදිගෘහිත බෞද්ධ දෙවිතොමෝ ය,ස්කන්ධකුමාර නොවේ),කළු බණ්ඩාර ආදී සම්‍යක් දෘෂ්ටික බෞද්ධ දෙවිවරුන්ටත් කෙළගෙන යති. බෞද්ධ දෙවිවරුන් නැතැයි කියන විට, උන්වහන්සේලාට අපහාස කරන විට ඒ නොදැක්කා සේ ඉවත බලන සිංහල බෞද්ධයා මගේ හැදින්වීම අනුවනම් පොන්සියෙකි; කට්ට කෛරාටික, ව්‍යාජ සිංහල බෞද්ධයෙකි.

බැලූ බැල්මට මොවුන් කරන්නේ සිරා වැඩකි. මිත්‍යාව හෙළිදරව් කිරීමේ වීර ක්‍රියාවකි. එහෙත් එය පෙරට දමා ගෙන මේ කරන්නේ අපේකම, අපේ සංස්කෘතිය විහිලුවට ලක් කර මිනිසුන් තුල ඇති ශ්‍රද්ධාව නැති කිරීම බව වැඩසටහන නරඹන අයකුට එක වරම නොතේරේ; හොර වෙදුන්ව කට්ටඩියන්ව හෙළි කිරීමට අවශ්‍යනම් ඒ සදහා සුදුසු වැඩපිළිවෙලක් යෙදිය යුතුය. බටහිර වෙදකමවත් හරියට නොදන්නා මේ අපරිණත හික්මීමක් නැති වෛද්‍යවරයාට සහ පෝය දවසට මාක්ස්වාදී බණ හීන් සීරුවේ දෙසා වදාරණ ආචාර්ය ටියුඩර්ට එවැන්නක් කල නොහැකි ය. ඔවුන් එම නමින් සිදු කරන්නේ අපේ මුල් වලට විස එන්නත් කිරීමයි; හොර කට්ටඩියාගේ හානිය ඔහු වෙත යන කෙනාට පමණි. එහෙත් මොවුන්ගෙන් වන හානිය ජාතියටම ය; සංස්කෘතියටම ය.

මේ මිත්‍යා දෘෂ්ටිකයන් පවසන දේට එකින් එක පිළිතුරු දීමට අවශ්‍ය වුවද ඒ සදහා ප්‍රමාණවත් වෙලාවක් ලැබුනේ නැත. කරුණක් කියාගෙන එන විට නිවේදකයා මැදට පැන ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නැයි බාධා කරයි. පිළිතුරු දෙන්නේ ඔහුගේ ප්‍රශ්නයට බව වටහා ගැනීමට හෝ හැකියාවක් ඔහුට නොතිබිණි.

සාමාන්‍ය පෙළ පන්තියෙන් පසු බටහිර විද්‍යාව හදාරා ඇතැයි සිතිය නොහැකි ආචාර්ය ටියුඩර් නිව්ටන්, අයින්ස්ටයින් සහ කොන්ටම් භෞතිකය ගැන එතුමාගේ නවතම සොයා ගැනීම් ඉදිරිපත් කළේය. තව ද ඒ මහතා “යථාර්තය (reality)" හරියටම දන්නා කෙනෙක් බව ද මම දැනුවත් වීමි. කෙසේවෙතත් කාල වෙලාව මදි වීම නිසා යථාර්තය හරියටම මට ඒ මහතාගෙන් දන ගැනීමට නොහැකි විය. වාක්‍ය දෙකක් පරස්පර නැතිව කියා ගත නොහැකි අයකුට සෞන්දර්ය කලා පීඨයේ ආචාර්ය ධූරයක් දැරිය හැක්කේ එවැන්නක් එහි එතරම් වැදගත්යැයි නොසැලකෙන නිසා විය යුතුය. මෙම වැඩ සටහනට සහභාගී වන පුහු වීරයන්ගේ සැබෑ අරමුණ ඉදිරියේ දී අවස්ථාවක් ලැබුනහොත් තව දුරටත් හෙළි කරමි.

වැඩසටහනින් පසු මට දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණි. ඒ බොහෝ දෙනා මගේ දුරකථන අංකය ලබා ගෙන තිබුනේ දෙරණට කතා කරය. ඔවුන් බොහොමයක් පැවසුවේ පෝය දවසේ දෙරණේ නටන මේ නාඩගමට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම පින් සිදුවන කටයුත්තක් බවයි. ඇතැමුන් දෙවියන් සහ අමනුෂ්‍යයන් ගැන ඔවුන්ගේ අත්දැකීම් මා සමග පැවසුහ. එම අත්දැකීම් වෙනත් වෛද්‍යවරයකුට පැවසුවහොත් මානසික රෝගයකැයි කියතැයි බියෙන් සඟවා සිටි බව ඔවුහු පැවසුහ. මානසික රෝග ගැන අපට වෙනමම විවරණයක් ඇත. එය ඉදිරියේ දී සාකච්ජා කරමු.

වැඩසටහනෙන් කොටසක් >>

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

11/15/2016

රට බෙදන ආණ්ඩුවේ අවසානය ලඟයි...

කතෘ:යුතුකම     11/15/2016   No comments
ඉඩම්, පොලිස්‌, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත්
ආණ්‌ඩුවේ අවසානය එය විය හැකියි
-ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි-

නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සඳහා මේ දිනවල විවිධ යෝජනා හා අදහස්‌ ඉදිරිපත් වෙමින් තිබේ. එම යෝජනා අතර ඉඩම්, පොලිස්‌ සහ මුදල් බලතල සම්පූර්ණයෙන්ම පළාත් සභාවලට ලබාදීමටත් පළාත් සභා විසුරුවා හැරීමට ජනාධිපතිවරයා සතු බලතළ කපා හැරීමටත් යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇති බව පසුගිය සතියේ වාර්තා විය. මෙවැනි යෝජනා ක්‍රියාත්මක වුවහොත් රටේ ඒකීයභාවය සහ ආරක්‌ෂාව පිළිබඳ ඉන් ඇතිවිය හැකි බලපෑම ගැනත් අපේ රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවකට ඇතුළත් විය යුතු කරුණු පිළිබඳවත් ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ගෝමින් දයාසිරි සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේදී දෙමළ ජනතාව කෙරෙහි වැඩි අවධානයක්‌ යොමුව ඇති බවට නැඟෙන චෝදනා පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

අද ආණ්‌ඩු පක්‌ෂයත් විපක්‌ෂයත් දෙකම උතුර නැගෙනහිර සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ තුළ පෙනෙන්නට තිබෙන්නේ මේ දෙපිරිසම කටයුතු කරන්නේ ඒ ප්‍රදේශ දෙකේ ඇති ඡන්ද තමන් වෙත ලබාගැනීමේ අපේක්‌ෂාවෙන් බවයි. පසුගිය ජනාධිපතිවරණයේදීත් මහ මැතිවරණයේදීත් උතුර නැගෙනහිර ජනතාවගේ ඡන්ද වැඩි ප්‍රමාණයක්‌ එක්‌සත් ජාතික පක්‌ෂයත් මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ ඔහුගේ කණ්‌ඩායමට ලබාගැනීමට හැකිවුණා. විශේෂයෙන්ම ආණ්‌ඩු පක්‌ෂයේ දැන් ඉලක්‌කය ඊළඟ මැතිවරණයේදීත් කෙසේ හෝ මේ තත්ත්වය ආරක්‌ෂා කරගැනීමට බව පෙනේ. එක්‌සත් ජාතික පක්‌ෂය යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සම්පාදනයේදී දෙමළ ජනතාවගේ අපේක්‌ෂා වෙනුවෙන් වැඩි සැලකිල්ලක්‌ දක්‌වන බව බැලු බැල්මට පෙනෙන්නට තිබේ. ක්‍රම ක්‍රමයෙන් දැඩිවන ආර්ථික අර්බුදයත්, බටහිර රටවල වුවමනා එපාකම් ඉටුකිරීමට යැම නිසා දකුණේ දී ආණ්‌ඩුවට මුහුණදීමට වන යම් යම් පසුබෑම් නිසාත් උතුර නැගෙනහිර ඡන්ද රැකගැනීම ආණ්‌ඩුවට අවශ්‍ය වෙයි. මේ නිසා සිංහල ජනතාවගේ අයිතිවාසිකම්වලට වඩා දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ගැන ආණ්‌ඩුව වැඩි අවධානයක්‌ යොමු කර තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

මේ තත්ත්වය ඉදිරියේදී ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂ මැති ඇමතිවරුන්ගේ විරුද්ධත්වයක්‌ දක්‌වා වර්ධනය වීමටත් ඉඩ තිබෙනවා. එවැනි විරෝධතාවක්‌ නොදක්‌වන ආණ්‌ඩුවට සම්බන්ධ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් දකුණේ ජනතාවගේ දෝෂදර්ශනයට ලක්‌වන්නටත් ඉඩ තිබෙනවා.

අපේ රටේ පවතින වර්තමාන තත්ත්වය අනුව නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමේදී ප්‍රමුඛතා හිමි විය යුත්තේ කවර කරුණුවලටද?

රට සංවර්ධනය කිරීම, ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කිරීම සහ ජාතීන් අතර සමගිය වර්ධනය කර ගැනීම අද අපේ රටට අත්‍යවශ්‍ය ප්‍රධාන කාරණා තුනයි. නමුත් මේ ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය කටයුතු කරන ආකාරය අනුව ඔවුන් සමසමාජ කොන්ත්‍රාත්කරුවන් ද යන සැකයක්‌ අප තුළ මතුවෙනවා. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමට හැකියාවක්‌ ඇති අය මේ පිරිස අතර සිටිනවාද යන සැකයත් මා තුළ තිබෙනවා. අද අපේ රටේ වාමාංශික පක්‌ෂත් දෙපිලකට බෙදී එක්‌ කොටසක්‌ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ශවයේත් අනෙක්‌ කොටස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ පාර්ශවයේත් කටයුතු කරන බැවින් මේවා වාමාංශික පක්‌ෂ ලෙස හැඳින්වීමටත් හැකියාවක්‌ නැති තත්ත්වයකට පත්ව තිබෙනවා. මේ අය අද කටයුතු කරන්නේ දක්‌ෂිණාංශික අවශ්‍යතා සපුරාදීමටයි. එමනිසා එක්‌සත් ජාතික පක්‌ෂයේ ජාතිහිතෛෂී කණ්‌ඩායම් පවා මේ නව ව්‍යවස්‌ථාවට සිය විරුද්ධත්වය ප්‍රකාශ කිරීමට ඉඩ තිබේ. ඒ අනුව යෝජිත මේ නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සම්මත කර ගැනීමත් විශාල අභියෝගයක්‌ බවට පත්වීමටත් ඉඩ තිබේ.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව කෙසේ සම්පාදනය විය යුතුද යන්න පිළිබඳ ඉදිරිපත් වන යෝජනා අතර පළාත් සභාවලට ඉඩම්, පොලිස්‌ සහ මුදල් බලතල මුළුමනින්ම ලබාදිය යුතු බවට යෝජනාවක්‌ ඉදිරිපත් වී ඇතැයි පසුගිය සතියේ ප්‍රකාශ වුණා. එවැන්නක්‌ සිදුවුවහොත් රටේ ජාතික ආරක්‌ෂාවට සහ ඒකීය භාවයට එහි බලපෑම කෙබඳුද?

සියලුම ඉඩම් බලතල මධ්‍යම ආණ්‌ඩුව සතු විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක්‌ තීරණය කර ඇති බැවින් මේ ප්‍රශ්නය දැනටමත් විසඳී හමාරයි. එසේම විවිධ අවස්‌ථාවලදී විනිශ්චයකරුවන් අටදෙනෙකු මේ පිළිබඳ ලබා දී ඇති නඩු තීන්දුවලට අනුව ද පෙනී යන්නේ රජයේ ඉඩම් මධ්‍යම රජය සතු විය යුතුය යන තීරණය වෙනස්‌ නොවන බවයි. එම තීරණය වෙනස්‌ කළ හැක්‌කේ නව ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමෙන් පමණයි.

යම් හෙයකින් ආණ්‌ඩුව එබඳු ක්‍රියාමාර්ගයකට එළඹුණහොත් එය දේශපාලන වශයෙන් ආණ්‌ඩුව ගන්නා ඉතාමත් අනුවණ තීරණයක්‌ වනු නිසැකයි.

අපේ රටේ ජනවර්ග අතර සමගිය ඇතිකිරීම සඳහා වර්තමාන ව්‍යවස්‌ථාවේ ඇති ප්‍රතිපාදන ප්‍රමාණවත් බව ඇතැමුන් දරන මතයක්‌.

අපේ රටේ ජනවර්ග අතර සමගිය වර්ධනය වීමට ඇති බාධාව ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමේ ඇති අඩුපාඩුයි. අද ජනවර්ග අතර සමගිය ඇති කිරීමට යෑයි ගෙනෙන ඇතැම් යෝජනාවලින් සිදුවන්නේ සමගිය ඇති වීම නොව තිබෙන සමගියත් නැතිවීමයි. ඉඩම් හා පොලිස්‌ බලතල මුළුමනින්ම පළාත් සභාවලට ලබාදිය යුතු යෑයි කරන යෝජනාවත් එවැනි යෝජනාවක්‌. මෙවැනි යෝජනා ගෙන ඒම ත්‍රිවිධ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ලබා දුන් යුද ජයග්‍රහණයටත් නිග්‍රහයක්‌. සිංහල ජනතාව කිසිවිටෙක මෙවැනි යෝජනාවන්ට එකඟ වෙතැයි සිතන්නට බැහැ. එක්‌ ජාතියක්‌ පමණක්‌ සතුටු කිරීමට කටයුතු කිරීමෙන් කිසිදිනක ජාතීන් අතර සමගිය වර්ධනය වේ යෑයි සිතන්නටත් බැහැ. මේ නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීම සම්පූර්ණයෙන්ම දේශපාලන අරමුණු සහිත ක්‍රියාවක්‌ බවයි මගේ අදහස. රටේ සෑම පළාතකම සංවර්ධනය වේගවත් කිරීමට අවශ්‍ය සහ ඒ තුළින් ආර්ථිකය ශක්‌තිමත් කර ගැනීමට හැකි පසුබිමක්‌ සහිත ව්‍යවස්‌ථාවක්‌. දැනට ඉදිරිපත් වන මෙවැනි යෝජනා තුළින් නම් යෝජිත නව ව්‍යවස්‌ථාවෙන් එබඳු අරමුණක්‌ සාක්‌ෂාත් කරගත හැකි බවක්‌ පෙනෙන්නට නැහැ.

සාකච්ඡා කළේ - පාලිත සේනානායක
[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

HTML tutorial
HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions