9/08/2016

අතුරුදන් වූවන්ගේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට මන්ත්‍රීවරුන්ට කොළේ වසා ශ්‍රී ලංකාව ගොදුරු කළ හැටි

කතෘ:යුතුකම     9/08/2016   No comments
-වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර -

පසුගිය දිනවල බරපතළ කතාබහට ලක්‌වූ අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත සම්මත කිරීමේ ක්‍රියාවලිය තුළ තවත් ඉතා සූක්‍ෂම ක්‍රියාවලියක්‌ සිදුවිය. ඒ බලහත්කාරයෙන් අතුරුදහන්කිරීම පිළිබඳ ජාත්‍යන්තර ප්‍රාඥප්තිය එම පනතට සම්බන්ධ කිරීම මගින් ඊට ව්‍යාජ ලෙස වංලගු භාවය ලබාදීමයි. එහිදී එක්‌සත් ජාතිනAගේ සංවිධානයේ පටිපාටි උල්ලංඝණය කිරීමක්‌ද සිදුව ඇති බව පෙනේ. පනතේ 27 වැනි වගන්තිය මගින් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය පනතට සම්බන්ධකොට ඇත්තේ අතුරුදහන්වූවන් නිර්වචනය කිරීමේ මුවාවෙනි. පනත මගින් ඉදිරිපත් කෙරෙන නිර්වචන තුනෙන් එකක්‌ වන්නේ එම ප්‍රඥප්තිය මගින් දක්‌වා ඇති නිර්වචනයයෑයි පනතේ සඳහන් වේ. පනතේ එසේ සඳහන් වූවත් ප්‍රාඥප්තිය තුළ නිර්වචනයක්‌ ලබාදී නැත. ඒ අනුව සිදුවන්නේ පනත ක්‍රියාත්මක කිරීමේදී ප්‍රඥප්තිය මගින් ලබාදී ඇති මූලික මාර්ගෝපදේශ පිළිපැදීමය.

මෙම ක්‍රියාව ඉතා කූඨ ලෙස සිදුකර ඇතිඅතර එම ප්‍රඥප්තිය විධිමත්ව වලංගු කිරීම සඳහා පාර්ලිමේන්තුවේ පූර්ව අනුමැතිය ලබාගත්තා නම් ප්‍රඥප්තිය පිළිබඳව පනතේ පුර්විකාවේ සඳහන් කළ යුතුව තිබුණි. නමුත් අණ්‌ඩුවට අවංකව සහ විවෘතව එසේ කිරීමට හැකියාවක්‌ නැත්තේ එම ප්‍රඥප්තිය වලංගු කිරීම මගින් අප රටේ රණවිරුවන් බරපතල පාවාදීමකට ලක්‌වන බැවිනි. මෙම ප්‍රඥප්තිය 1996දී එක්‌සත් ජාති
න්ගේ මහා මණඩලයෙන් අනුමත වූ දා සිට ඊට අනුමැතිය පළකොට පසුව එය වලංගු කොට ඇත්තේ රටවල් 52ක්‌ පමණි. ඉන්දියාව සහ ඇමෙරිකාව එම ප්‍රඥප්තිය මේ වන තුරුත් වලංගු කොට නැත. එම රටවල් එක්‌සත් ජාතීන්ගේ විවිධ ප්‍රඥප්ති යටතේ තම රටවල හමුදා සාමාජිකයන්ගේ ආරක්‍ෂාව හෝ ජාතික ආරක්‍ෂාවට අදාල රාජ්‍ය රහස්‌ අනතුරට ලක්‌වීමට ඉඩ දෙන්නේ නැත. ඔවුන් මතුපිටින් ඉතා සාධාරණ බව පෙනෙන බොහෝ ජාත්‍යන්තර ප්‍රඥප්ති යොදාගන්නේ තෝරාගත් රටවල් ප්‍රමාණයක අභ්‍යන්තර කටයුතුවලට අගිලි ගැසීම සඳහා ම`ග පාදන දේශපාලන උපාංග වශයෙනි.

අප රටේ ව්‍යවස්‌ථාව අනුව ජනාධිපතිවරයා හෝ වෙනත් බලය පැවරූ ඇමතිවරයකු හෝ නිලධාරියකු විසින් යම් ජාත්‍යන්තර ප්‍රඥප්තියක්‌ අත්සන් කිරීම හෝ වලංගු කිරීම සිදුකළ පමණින් ඊට අනුව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ අධිකරණය බැදී නැත. සරත් එන් ද සිල්වා අගවිනිසුරුතුමා විසින් ලබාදී ඇති නිතිපතිට එරෙහි සිංහරාස නඩු තීන්දුව අනුව අප රටේ රාජ්‍ය නායකයා සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය අත්සන් කළ පමණින් එය රටේ නීතියට අනුව බලාත්මක වන්නේ නැත. ඒ සඳහා ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු අතර එය රටේ නීති පද්ධතියට ඇතුල් කළ යුතුය. එම ප්‍රඥප්තිය රටේ නීතියට සම්බන්ධකොට නොමැති නිසා ඒ යටතේ ජිනීවා නුවර පිහිටුවා ඇති මානව හිමිකම් කමිටුව විසින් ලබාදෙන ලද තීන්දු අනුව කටයුතු කිරීමට අප රටේ අධිකරණයට බැඳීමක්‌ නැත. වර්තමාන යහපාලන ආණ්‌ඩුව විසින් ජාත්‍යන්තර බලපෑම මත අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය හොර පාරෙන් ගොස්‌ රටේ නීතියට ඇතුල්කරන්නේ ඉහත සඳහන් කළ වරද නිවැරදි කිරීම සඳහා බව ඉතා හොඳින් වටහාගත හැක.

කෙසේ වෙතත් ඉහත සඳහන්කළ ආකාරයට සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය මෙන් නොව අතුරුදහන්වූවන්ගේ ප්‍රඥප්තිය මහජනයාගේ ඇස්‌ ඉදිරියේ සාධාරණිකරණය කිරීම යනු දේශපාලන වශයෙන් පහසු කාර්යයක්‌ නොවේ. එම ප්‍රඥප්තිය මතුපිටින් අතුරුදහන්වූවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාත්මක වන බව පෙන්වුවත් එහි මූලික අරමුණ අතුරුදහන්වීම් වලට වගකිවයුතු යෑයි චෝදනා එල්ලවන ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට දඩුවම් කිරීම බව මහජනයාට තේරුම්ගත හැක. 2015දී එක්‌සත් ජාතින්ගේ මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාවට විරුද්ධව සම්මතකළ ඇමෙරිකානු යෝජනාවලියේ 4 වැනි වගන්තිය මගින් අවධාරණය කෙරෙන්නේ එම ප්‍රඥප්තියේ සඳහන් ආකාරයට කටයුතු කළ යුතු බවය. එම ප්‍රඥප්තිය පිළිබඳව පනතේ සඳහන්වී තිබියදී එහි පිටපත මන්ත්‍රීවරුන්ට ලබාදීමට ආණ්‌ඩුව ක්‍රියා නොකරන්නේ එම තත්ත්වය නිසාය. එම ප්‍රඥප්තියේ සිංහල පරිවර්ථනයක්‌ විදේශ කටයුතු අමාත්‍යාංශය, ජනාධිපති කාර්යාලය හෝ පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සතුව නොමැති බව එම කාර්යාලවල වගකිව යුතු නිලධාරීන් විසිනි ප්‍රකාශ කරන්නට යෙදුනි. ඒ බව දැනගත හැකි වූයේ ප්‍රඥප්තියේ සිංහල පිටපත ඉල්ලා සිවිල් සංවිධාන නියෝජිත පිරිසක්‌ එම කාර්යාලවලින් ඉල්ලීම් කළ අවස්‌ථාවේදීය. ඒ අනුව ප්‍රඥප්තිය පිළිබඳව මහජනයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පමණක්‌ නොව ජනාධිපතිවරයා පවා දැනුවත්වීම විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් හිතා මතා වළක්‌වා ඇති බව පෙනේ.

අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතේ සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තියේ අන්තර්ගතය තරම්ම ඒවා සම්මත කළ ආකාරයද ඉතා භයානක වන්නේ ඒ මගින් පාර්ලිමේන්තුවට ඉතා නරක පුර්වාදර්ශයක්‌ සපයන බැවිනි. ඕනෑම ජාත්‍යන්තර ප්‍රඥප්තියකට එක`ගතාවය පළ කිරීමෙන් හෙවත් ඊට අත්සන් යෙදීමෙන් පසුව එය වලංගුභාවයට පත්කිරීම සඳහා අත්සන් යෙදීමට පෙර අදාළ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට අනුමැතකිය ලබාගත යුතුය. රටේ නීති පද්ධතියට එම ප්‍රඥප්තියේ කොන්දේසි නිර්ණායක හෝ ප්‍රමිතීන් අතුල්කළ හැක්‌කේ එසේ අනුමැතිය ලබාගැනිමෙන් පසුවය. නමුක්‌ යහපාලන ආණ්‌ඩුව එම පටිපාටිය අනුගමණය කළේ නැත. විදේශ අමාත්‍යවරයා 2015 සැප්තැම්බර් මස මානව හිමිකම් කොමසාරිස්‌වරයාට එක`ග වූ පරිදි දෙසැම්බර් මාසයේදී අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රඥප්තියට අත්සන් යෙදීමට ක්‍රියා කළේය. ඒ සඳහා ඔහු පසුගිය දෙසැම්බර් 09 වැනිදා අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගන්නා අතර පසුවදා එනම් 10 වැනිදා අත්සන් තැබීමට කටයුතු සැලසීය. ඒ මගින් විදේශ අමාත්‍යාංශයේ හදිසිය කොතරම්ද යන්න පැහැදිලි වේ.

කෙසේවෙතත් ප්‍රඥප්තිය අත්සන් කිරීමෙන් පසුව එය අදාල පටිපාටියට අනුව වලංගු කිරීම සඳහා අමාත්‍ය මණ්‌ඩලයේ හෝ පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමක්‌ සිදුවූයේ නැත. ඒ වෙනුවට ආණ්‌ඩුව කළේ එම ප්‍රඥප්තිය පනතට සම්බන්ධ කොට පනත සඳහා පමණක්‌ අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගැනීමය. ඒ අනුව මැයි 24 දින අමාතශ මණ්‌ඩලය විසින් පනත ගැසට්‌ කිරීම සඳහා අනුමැතිය ලබාදුන් අතර එම අනුමැතිය කූඨ ලෙස යොදගනිමින් මැයි 25 දින ප්‍රඥප්තිය වලංගු කිරීමට විදේශ අමාත්‍යාංශය කටයුතු කළේය. ඒ අනුව අවසානයේදී ප්‍රඥප්තිය පනතට සම්බන්ධ කොට බලහත්කාරයෙන් ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගැනීමෙන් පසුව ප්‍රඥප්තියටද පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණා සේ සලකා ආණ්‌ඩුව කටයුතු කරන බව පෙනේ. එම තත්ත්වය ශ්‍රී ලංකාවේ ව්‍යවස්‌ථාව උල්ලංඝණය කිරීමක්‌ පමණක්‌ නොව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ පටිපාටිද උල්ලංඝණය කිරීමකි. එය කූඨ සහ නීති විරෝධී දේශපාලන හැසිරීමකි. නමුත් එක්‌සත් ජාතීන්ගේ මහලේකම්වරයා ඊට අභියෝග නොකරන බවට සැකයක්‌ නැත. පනත සම්මත වූ පසුව පනත සම්මත කළ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරය පිළිබඳව වචනයක්‌ හෝ කතා නොකර ඊට සුභ පැතීමට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර ජාතීන් ක්‍රියාකිරීම තුළින් පැහැදිලි වන්නේ ඒ පරම සත්‍යය නොවේද?

දැන් අතුරුදහන්වූවන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතට සම්බන්ධ කිරීම නිසා එම ප්‍රඥප්තියේ නිර්නායක සහ ප්‍රමිතීන්ට අනුව පනත ක්‍රියාත්මක වනු ඇත. ඒ මගින් රණවිරුවන්ට එරෙහිව පනත යොදාගන්නා ආකාරයේ භයානකකම දස ගුණයකින් වැඩිවේ. ජාත්‍යන්තර ප්‍රඥප්තිය හරහා ශ්‍රී ලංකා රජය එක`ගවන කොන්දේසි අනුව ඊනියා අතුරුදහන් කිරීම්වල ප්‍රමාණය සහ ව්‍යාජ සාක්‍ෂි මගින් වර්ණ ගන්වා පෙන්වනු ලබන ඒවයේ කෘරත්වය අතිශයෝක්‌තියෙන් හුවාදැක්‌වීම මගින් ඒවා පොදුවේ මනුෂ්‍යත්වයට එරෙහිව සිදුකළ අපරාධ ලෙස නම්කළ හැක. එසේම ඒවා දැනුවත්ව සිදුකළ සාමුළ ඝාතන මෙහෙයුමක ප්‍රතිඵල ලෙසද අර්ථ දැක්‌විය හැක. එය වෙනම රාජ්‍යයක්‌ ප්‍රකාශයට පත්කිරිමේදී ඉතා වාසිදායක කොන්දේසියක්‌ බවට පත්වේ. ''පරණගම කොමිසමට'' ලැබුණු පැමිණිලි 20,000ක ප්‍රමාණවය 65,000ක්‌ දක්‌වා වැඩිවනු ඇති බවට අප රටේ විදේශ අමාත්‍යාංශය අනාවැකි පළකරන්නේ එම අවශ්‍යතාව ඉටුකිරීම සඳහා නොවේද? ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 5 වැනි වගන්තිය මගින් පනවා ඇත.

ශ්‍රී ලංකා රජය විසින් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගු කිරීම නිසා අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතට අදාලව පමණක්‌ නොව ඊනියා අතුරුදහන්වීම්වලට අදාලව පිහිටුවනු ලබන ඕනෑම යාන්ත්‍රණයක්‌ එම ප්‍රඥප්තියේ නිර්දේශ සහ ප්‍රමිතීන්ට අනුව පවත්වාගෙන යාමට රජය බැදී සිටියි. ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂිය නීති යටතේ යුදඅපරාධන චෝදනා එල්ල කිරීමේදී යුද්ධයේ යථාර්ය සැලකිල්ලට ගැනේ. උදාහරණයක්‌ ලෙස රජයට විරුද්ධව යුද වැදී සිටින පාර්ශ්ව විසින් භාවිතා කරන යුද බලයට සාපේක්‍ෂ බලයක්‌ භාවිතා කිරීමට රජයට අයිතිය ඇත. නමුත් අතුරුදහන්වූවන් පිළිබඳ ප්‍රඥප්තිය යටතේ අතුරුදහන්වීම් වලට අදාලව යුද්ධයේ ස්‌භාවය නිදහසට කරුණක්‌ ලෙස සැලකිල්ලට නොගැනේ. එහි ඇති භයානකකම වන්නේ යුද පිටියේදී ක්‍රියාන්විතවලදී මරණයට පත්වූ ත්‍රස්‌තවාදීන් පවා අතුරුදහන්වූවන්ගේ ගොඩට දමා චෝදනා එල්ල කිරීමට හැකිවීමය.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව අතුරුදහන්වීම් පිළිබඳව චෝදනා එල්ලකළ හැක්‌කේ රජයේ පාර්ශව වලට පමණි. ඒ අනුව හෙළ උරුමය වැනි පක්‍ෂ කියන ආකාරයට හමුදා සාමාජිකයන්ගේ අතුරුදහන්වීම් පිළිබඳව සම්බන්ධන් මන්ත්‍රීවරයාට හෝ සුමන්තිරන් මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා ගොනුකළ නොහැක.නමුත් එම ප්‍රඥප්තියේ 6වැනි වගන්තිය අනුව ඕනෑම පරීක්‍ෂණයකදී අණදීමේ වගකීමට අදාල චෝදනා එල්ල කිරීම අනිවාර්ය වේ. ඒ මගින් අතුරුදහන්වීමකට අදාලව චෝදනා එල්ලවන ආරක්‍ෂක හමුදා සාමාජිකයකුට අනදිමේ වගකීමක්‌ සහිත ඉහළ හමුදා හෝ සිවිල් නායකයකු ඊට පටලවා ගැනීමට ඉඩ සැලසේ. එහිදී අණදීමේ වගකීම තිබේනම් අතුරුදහන්වීමකට පක්‍ෂව ක්‍රියාමාර්ග ගැනීම හෝ නියෝගදීම මෙන්ම එය වැළෑක්‌වීමට ක්‍රියාමාර්ග නොගැනීම යන භූමිකා දෙකටම අදාලව ඉහළ නිලධාරීන් චුදිතයන් බවට පත්කිරීමේ ඉඩ ලැබේ. අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හෙවත් කොමිසම අනාගතයේදී පරීක්‍ෂණ කරගෙන යාමේදී අනුගමනය කළ යුතු නිර්ණායක එසේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් නිශ්චිතව පනවා ඇත.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 7 වැනි වගන්තිය අනුව චෙෙdaදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව පරිපාලන වශයෙන් දඩුවම් කිරීමට ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ සඳහා පරීක්‍ෂණ අවසාන වනතුරු සිටීම අවශ්‍ය වන්නේ නැත ඒ අනුව හුදු චෝදනා එල්ල වූ පමණින් රණවිරුවන් සේවයෙන් පහ කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් රජයට බලකෙරේ. 2015 ඇමෙරිකානු යෝජනාවේ 8වගන්තිය මගින් එසේ පරිපාලන වශයෙන් රණවිරුවන්ට දඩුවම් කළ යුතු බව අවධාරණය කොට ඇත.ඊට අමතරව අතුරුදහන්වූවන්ගේ කොමිසම මගින් සෘජු අපරාධ හෝ සිවිල් නඩු පැවරීමක්‌ සිදු නොකරන බව සඳහන් කළත් ජාත්‍යන්තර ප්‍රඥප්තියේ කොන්දේසිවලට අනුව එම කොමිසමේ පරීක්‍ෂණ වාර්තා පදනම් කරගෙන වෙනත් ආයතන හරහා නඩු පැවරිය යුතුය. එනම් නීති පති සහ ඉදිරි කාලයේ පිහිටුවනු ලබන යුද අපරාධ අධිකරණයේ අභිචෝදනා හරහා එසේ අපරාධ නඩු ක්‍රියාමාර්ග ගත යුතුය.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 9 වැනි වගන්තිය අනුව ප්‍රඥප්තියේ පාර්ශ්වකරුවන් වන ඕනෑම රටකදී අප රටේදී චෝදනා එල්ලවන රණවිරුවන්ට එරෙහිව නඩු පැවරිය හැක. චෝදනා එල්ල වූ රණවිරුවකු හෝ ඔහුට අණ දුන්නා යෑයි චෝදනාවට ලක්‌වන හමුදා හෝ සිවිල් නායකයකු එම රටකට ඇතුල් වූ අවස්‌ථාවක ඔහු අත්අඩංගුවට ගෙන එම රටේ නීතියට අනුව නඩු පැවරීමේ බලය මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් ලබාදී ඇත. එසේ අප රටේ රණවිරුවකු අත්අඩංගුවට ගත් රටක්‌ රෝම ප්‍රඥප්තියට හෙවත් ජාත්‍යන්තඑ අපරාධ අධිකරණ ව්‍යවස්‌ථාවට අත්සන් තබා තිබේනම් අප රට එසේ අත්සන් තබා නොමැති වුවත් අදාල රණවිරුවා ජාත්‍යන්තර අධිකරණයට බැරදීමට එම රටට බලය ලැබේ. ඒ අනුව මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියට බලංගුභාවය ලබාදීම මගින් කෙතරම් බරපතල ලෙස රණවිරුවන් පාවාදීමට ලක්‌වනවාද යන්න පැහැදිලිවේ.

මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 15 වැනි වගන්තියට අනුව ඊට අත්සන් තබා ඇති රටවල්වලට යම් රටකට සහයෝගය දීමේ මුවාවෙන් එම රටේ නීතිය අනුව සිදු කෙරනවා යෑයි කියන පරීක්‍ෂණවලට මැදිහත්වීමේ බලය ලැබේ. ශ්‍රී ලංකාව වැනි එවැනි ජාත්‍යන්තර මැදිහත්වීමකට ''පැනලා දෙන'' රටකට අදාලව එම වගන්තිය මගින් මැදිහත්වීමකට විශාල ඉඩක්‌ විවෘත වේ. බොහෝ විට තාක්‍ෂණ සහාය ලබාදීමේ නාමයෙන් සහ අතුරුදන්වූවන් වෙනත් රටක ජීවත්වෙනවාද යන්න සොයා බැලීමේ නාමයෙන් මෙම මැදිහත්වීම් සාධාරණීකරණය කෙරනු ඇත. එහිදී අ=රුදහන්වූවන්ගේ කාර්යාල පනත මගින් ජාත්‍යන්තර සංවිධාන වලින් මුදල් සහ තාක්‍ෂණික සහාය ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන පනවා ඇති බැවින් පනත රිලවාට ඉනිමං බදින තත්ත්වයක්‌ ඇතිවනු ඇත.

කෙසේ වෙතත් මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය අනුව පිහිටුවනු ලබන ජාත්‍යන්තර කමිටුවට යම් රටක්‌ වගකිය යුතු වන්නේ ප්‍රඥප්තිය වංලගු කිරීමෙන් පසුව සිදුවන අතුරුදහන් කිරීම් වලට අදාලව පමණි. එහෙත් ප්‍රඥප්තියේ පොදු වගන්ති මගින් අතීතයට අදාලව සිදුකෙරෙන පරීක්‍ෂණවලට මැදිහත්වීමට ඉඩ සැලසේ. එසේ වුවත් ප්‍රඥප්තියේ අනෙකුත් පාර්ශ්වකාර රටවල් විසින් ශ්‍රී ලංකාවට අදාලව කරනු ලබන ඉල්ලීම් හෝ මැදිහත්වීම් නිසා යම් ගැටුමක්‌ ඇතිවුවහොත් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ පැමිණිලි කිරීමට මෙම ප්‍රඥප්තිය මගින් ප්‍රතිපාදන සලසා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව විසින් අතුරුදහන්වීම් පිළිබඳ සොයා බැලීම සඳහා කරනු ලබන පරීක්‍ෂණ ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ට උවමනා ආකාරයට සිදු නොවේනම් ඊට මැදිහත්වීමට පමණක්‌ නොව ඊට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට පැමිණිලි කිරීම මගින් ශ්‍රී ලංකාවට බලපෑම් කිරීමේ ඉඩක්‌ මෙම ප්‍රඥප්තිය මගින් විවරවේ.

මෙම තත්ත්වය සමස්‌ථයක්‌ ලෙස ගෙන බලන විට පෙනීයන්නේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනතේ ප්‍රතිපාදන වලට වඩා බරපතල කොන්දේසි ප්‍රමාණයකට යටත්වීමට ශ්‍රී ලංකා රජයට සිදුවන බවය. එතරම් බරපතල උගුලකට ආණ්‌ඩුව විසින් පය තැබීම මගින් රණවිරුවන් ජාත්‍යන්තර ගොදුරක්‌ බවට පත්කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලූ දෙනාටම තොරතුරු සැ`ගවීම මගින් සහ ඔවුන් රැවටීම මගිනි. එම පහත් ක්‍රියාවට කථානායකවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා Rජුව වගකිව යුතුය. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මනසේ ඒ පිළිබඳව ඇතිවන්නේ ලැර්ඡාවක්‌ද කෝපයක්‌ද යන්න පැහැදිලි නැත. ආණ්‌ඩුවේ පාර්ශ්වකරුවන් වී සිටින මන්ත්‍රීවරුන්ට නම් ඒ පිළිබඳව කිසිදු හැඟීමක්‌ නැතිවීම පුදුමුයක්‌ නොවේ. එහෙත් ව්‍යාජ විපක්‍ෂය කෙසේවෙතත් සැබෑ විපක්‍ෂය වන ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව හෘද සාක්ෂියේ ප්‍රශ්නයක්‌ තිබිය යුතුය. මෙම ක්‍රියාවලිය තුළ සැබෑ විපක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට කථානායකවරයා පිළිබඳ අඹමල් රේණුවක විශ්වාසයක්‌ ඉතිරිවී තිබිය හැකිද?එසේ ඉතිරි වී නොමැතිනම් ඔවුන්ට තවදුරටත් ඔහු කෙරෙහි විශ්වාසය තබමින් රෙදි ඇදගෙන ඔහු සභාපතීත්වය දරන ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ වාඩි වී සිටිය හැකිද? අතුරුදහන්වූවන්ගේ පනත සහ ඊට අදාළ ජාත්‍යන්තර ප්‍රඥප්තිය සම්මත කිරීමේදී කථානායකවරයා හැසිරුණු ආකාරය ව්‍යවස්‌ථා සම්පාදන සභාවේදී නැවත ප්‍රතිනිර්මාණය නොවනු ඇතැයි යන සහ.තිකය දිය හැක්‌කේ කාටද? මහජන පරමාධිපත්‍යයේ නාමයෙන් ඔහුගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුවේ වාඩිවී සිටීම යනු වෙනම සලකා බැලිය යුතු අවාසනාවන්ත තත්ත්වයකි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

Geneva Resolution and Federalism as it is Today

කතෘ:යුතුකම     9/08/2016   No comments
On September 5 this year, the Global Sri Lankan Forum conducted a public seminar titled ‘Geneva Resolution and Federalism as it is Today.’ It focused on the Sri Lankan co-sponsored Geneva Resolution projected on the backdrop of the recently concluded visit by the Secretary-General of the United Nations, Ban Ki-moon. The discussion featured Rear Admiral Sarath Weerasekara (Rtd.), Mr. Shamindra Ferdinando, a veteran journalist of The Island, Mr. Manohara Silva PC, Mr. Gomin Dayasiri PC and Mr. Mohan Samaranayake, the former Head of the UN Information Centre in Colombo.
 
“The war we fought was not against another country, but against a terrorist organization. They were not a group of thugs with machetes. Instead they had a conventional Army, a Naval and Air wing, as well as a proper command and control structure supported by separatist diaspora in the West.”

The Rear Admiral went on to compare the Sri Lankan conflict to the American Civil War where the situation that arose was between ‘a group that would wage war rather than let the union survive and another group that would accept war rather than let the union fall.’

“The dilemma faced by us was nothing different. The Sri Lankan troops had no option other than to accept war as the LTTE was all out to battle, and only former President Mahinda Rajapaksa had the political will to defeat it.”
“After we won the war, Ban Ki-moon came and appointed a panel of experts together with Zeid Al Hussein, and the ultimate result was a Geneva resolution against us, implying that we have committed war crimes and Human Rights violations, forcing us to take punitive actions as per their instructions.

What we had was a non-international armed conflict which was confirmed by the Paranagama Commission as well as the panel of experts appointed by the Secretary-General of the UN. As such, a separate set of rules govern these conflicts as mentioned in the Additional Protocol of the Geneva Convention 1949. As per the Article 3, nothing in the protocol shall be invoked for affecting the sovereignty of a State or the responsibility of a government to defend national unity or territorial integrity of the State. By waging the war, we exercised our sovereignty to defend both national unity and territorial integrity of the State. Article 3.2 states that nothing in the protocol can be used to intervene for any reason in the internal affairs of a contracting party.

Therefore, Zeid Al Hussein’s recommendations of a special council to investigate Human Rights violations, a new judicial system and devolution as per the 13th amendment to the Constitution, are close to intimidations that amount to intervening in our internal affairs in violation of the article.

This is why all these reports could not be submitted to the United Nations General Assembly and Security Council. Hence, Ban-Ki moon and Zeid Al Hussein violated their own rules. In addition, international legal luminaries Sir Geoffrey Nice QC and Rodney Dixon say findings in respect of alleged criminal violations fall well-short of legal standards, and that all the evidence was virtually unsourced.

Despite all this, Foreign Minister Mangala Samaraweera co-sponsored this resolution with the US. I personally think that he should be tried for treason for letting down the entire nation and those who have protected this country. Every country has established its judicial system as per the mandate given by its people. The present government has, in a cowardly and shameless manner, handed over that inalienable right of its people to an individual called Zeid.

With regard to these allegations of Human Rights violations during the last stage of war, Prabhakaran had about 350 human shields while he dug trenches and planted anti-personnel mines. We could have easily fired and destroyed the LTTE forces then, but to save the lives of the human shields, 300 soldiers walked over the trenches and died without firing guns. However, I have gone with the ICRC to bring back our soldiers who have been taken hostage. When I get there, I see the brutally murdered bodies of soldiers. That is the extent to which they safeguarded the Human Rights of our heroes.

Sir Desmond de Silva, a British authority on war crimes, has stated that the LTTE waged a ruthless separatist campaign in the final phase and when they were facing inevitable defeat, resorted to holding hostages and human shields so as to force the Army to run the risk of causing civilian casualties. Furthermore, there is evidence that the LTTE fired on their own people providing propaganda to invite international intervention. It was in his opinion that war crimes cannot be ascribed to the government on the facts mentioned.

Ban Ki-moon did sweet nothing when the LTTE held 350,000 civilians as human shields, but he visited Sri Lanka just one week after the war asking us to initiate an accountability process. In 2012, a committee submitted a report concluding that events in Sri Lanka marked a great failure by the UN in responding to early reports to execute a coherent strategy. The Secretary-General has admitted to this failure. We will never allow our motherland to be federated, nor allow our valiant soldiers be taken to international criminal courts. We will sacrifice our lives to safeguard the unitary nature of our country.”


“The HR High Commissioner presented a report after an investigation detailing reasonable grounds to believe that the SL security forces had violated humanitarian law. Based on this, the US drafted a resolution adopted in 2015, co-sponsored by our own government.

In 2002, the US, under George Bush, formulated a document called the ‘New National Security Strategy’ which has three primary components. Last in it is that the US should not allow any power to take US soldiers to international courts. That is how they treat their own people. The US waged war against Vietnam with Vietnam not doing anything wrong to them. A staggering four million Vietnamese were killed. But there are celebrations for it. Combating against poor nations is an ideal of the US, but they never admitted to war crimes.

The purpose of the resolution is not to promote reconciliation at all. The reality cannot be seen since false stories are being spread by our own government and the so-called international community. The present government, from the President to lowest level, repeatedly states that the Geneva resolution is the outcome of an agreement the former president entered into with Ban Ki-moon during a visit to Sri Lanka immediately after the end of the war in 2009. But, what is noteworthy is that he has so far not even visited Iraq or Syria, but arrived just three days after the end of our war. He is not bothered to go there and see, but he comes here and had discussions. He left after issuing a joint statement. The government says there was an agreement, but I couldn’t find it anywhere. Only a joint statement, but not an agreement. Even if it is an agreement, it is natural for some time to be given to implement it. Just six days after the Secretary-General left, the HR Council had a special session on SL.

The Commission on Human Rights that was in the UN prior to 2006 was criticized by many as being ineffective. Therefore, the UN General Assembly adopted a resolution in 2006 to establish the HR Council. When a vote was taken, the US was 1 of 3 opposing this formation. This is the very country that now uses the very mechanism it opposed to punish a poor and weak country for defeating armed terrorists.

In the 19th century when 13 States wanted to secede President Lincoln did the same as MR to save the union. In the US, Lincoln is considered a hero, but when MR does the same, he is taken to the HR Council. This is the duplicity. The US has killed millions of people after Christopher Columbus. In Mexico alone, in less than 100 years, the population was reduced by 90%. That is their history. They exterminated entire races. The US says that they are now democratic, but there is hardly any evidence to support their claim. They have attacked Iraq and Afghanistan, and what has happened to those countries. How is it that we don’t have a right to attack terrorists in our own country as a sovereign nation, but the US invades Afghanistan to eradicate terrorists? Therefore, this is a sinister process using the guise of peace. It is because we live in a world order that is hierarchically structured.”



“The Geneva resolution is not about Human Rights violations or accountability. It is about Federalism with the ultimate objective of a separate state.


The 1st operative clause of the resolution states that the co-sponsors take note with appreciation the update presented by the High Commission to the Human Rights Council at the 20th session, the report of Office of the High Commission, the report of investigation, including its findings which conclusions and encourages the GoSL to implement recommendations contained therein. As such, we have accepted every finding in the resolution.

There are remarkable similarities to the Kandyan Convention by which we handed over territory to the British. The first clause in it is about murders, crimes and violation of civil rights by King Rajasinghe. It was entered on the basis that the ruler had committed all those crimes. So is this. We accept every finding and conclusion. The sources of the report are the Darusman Report and statements made by the LTTE cadres. The Darusman report is one that speaks about amputations performed using the patient’s own blood filtered through a cloth due to shortage of blood. Do you believe this kind of nonsense Darusman relied on?

The second and third clauses of the Convention state that by the conduct of ruler Rajasinghe, he is not entitled to hold title any longer for crimes committed and therefore should be banished from the country with his relatives.

That too is included in the resolution. The preamble to the resolution speaks about rejoicing at the victory on January 8. This was sending MR home. It also rejoices in the 19th Amendment to the Constitution. Lots of people think about the 19th as good governance and doing away with executive power. It is in fact attempting to take away the power of the President who is elected by 50% of supporters voting in favour of him and giving it to a Member of Parliament elected from the roads of Colombo 7.

There are also three disqualifications to the presidential election in the 19th amendment. A president cannot contest a third time. That is to disqualify the former President from contesting even as a normal citizen sans power.

It also has a strange provision to increase the age from 30-35 years. We don’t have youngsters contesting, but the draftsman thought it fit to include this. They did it to prevent Namal. He wouldn’t be 35 at the next presidential elections.

Another disqualification is for dual citizens. Some say two members of the Rajapaksa family
are dual citizens.

The resolution also wants our PTA legislation repealed. What did the GoSL do with the Office of Missing Persons Act? It says that statements are to be recorded not by policemen but normal individuals. Under evidence orders, confessions given to policemen cannot be admitted in court. Why was it that they established a separate office? A designated officer, who could even be a foreigner, records your statement. This can be accepted in courts of law since they are not given to policemen. They will use these statements against our soldiers. What a pathetic state of affairs.

We live in a country where its own ruler abdicates the sovereignty of the people. He is a mere custodian with power for five years. Do they have a moral right to sell out the rights and self-respect of the people of this country? That is that plan. That is why in every paragraph you find a reference to
foreign intervention.”

“The Government of Sri Lanka (GoSL) ignored two critical events. In June 2011 (over two years after the war), the then Colombo-based US Defence Attaché Lt. Colonel Lawrence Smith defended the GoSL at a seminar organized by the Army. The seminar dealt with ‘Defeating Terrorism: The Sri Lanka Experience.’ In response to a question regarding the alleged move by some LTTE cadres to surrender during the last few days of the war, the US official denied that possibility, thereby effectively contradicting those propagating the massacre of the surrendering persons.

The GoSL refrained from referring to the US statement. It also never bothered to take advantage of leaked US diplomatic cables (Wikileaks) in spite of them being crucial for its defence. One leaked cable dealt with a discussion Geneva-based US Ambassador Clint Williamson had with ICRC Head for Operations for South Asia Jacques de Maio. The US envoy declared on July 15, 2009, that the Army actually could have won the battle faster with higher civilian casualties, yet had chosen a slower approach which led to a greater number of Sri Lankan military deaths.” He also spoke about several false allegations.

“Allegations, in respect of the Vanni population being denied medicine, food and other basic needs, should be probed against the backdrop of supplies made available to Puthumathalan, until the second
week of May, 2009.

Further, the GoSL never sought an explanation from Geneva in respect of the number of civilians who perished during the Eelam war IV. British Labour Party MP Siobhan McDonagh (Mitcham and Morden-Labour) told the House of Commons in September, 2011, that 60,000 LTTE cadres and 40,000 Tamils perished during January-May 2009. She made the only specific reference to the number of LTTE cadres killed during a certain period. Special Amnesty International report titled ‘When will they get justice: Failures of Sri Lanka’s Lessons Learnt and Reconciliation Commission,’ also released in September, 2011, estimated the number of civilian
deaths at 10,000.

A confidential UN report placed the number of dead, and the wounded, including LTTE combatants, at 7,721 and 18,479, respectively. The report dealt with the situation in the Vanni, from August, 2008, to May 13, 2009. The war ended a week after the UN stopped collecting data due to the intensity of fighting. The GoSL should seek the presence of Amnesty International, UK MP as well as the wartime UN head, before the judicial inquiry.

Sri Lanka never bothered to conduct a comprehensive inquiry taking into consideration all relevant information. Furthermore, the UN engaged in covert negotiations with the LTTE even after the group detained Tamil UN workers for helping people leave the Vanni west in early 2007.

Co-Chairs to Sri Lanka Peace Process knew what was happening. They too remained silent. The UN mission in Colombo kept UN headquarters in the dark.

The ICRC Foreign Ministry and the Paranagama Commission have furnished vastly different numbers with regard to missing persons. The UN too discusses the issue. They ignore the issue of thousands of Sri Lankans living overseas though being listed missing. A comprehensive investigation will expose those hiding overseas. Let me highlight three cases: (A) Frontline Socialist Party leader Kumar Gunaratnam received an Australian passport bearing the name ‘Noel Mudalige,’ (B) The Army was accused of killing wartime Vanni Tech Director Thayapararajah in September 2009.

Thayapararajah was arrested along with his wife and children in Tamil Nadu in May, 2014, (C) ex-LTTE cadre Anthonythasan, declared missing since early 90s, appeared in an award-winning French movie Dheepan last year. The media quoted the ex-Tiger as having said: “I came to France because at the time I was able to only find a fake French passport and not a fake British or Canadian passport.” Those opposed to the UN intervention should now pressurise the government to take up all available information to defend Sri Lanka’s image. It would be pertinent to mention that none of the aforesaid facts has been formally taken up with the UN, or the countries involved in the Geneva project


-By Rashmin Tirimanne de Silva

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

9/06/2016

ඔවුහු රට රැක ගත්තෝය - ඔවුහු අප රැක ගත්තෝය - එහෙත් අපි ? , කලුවටම සම්මත කල කලුම කලු පනත ගැන ගෙවිඳු කුමාරතුංගගේ විවරණය..

කතෘ:යුතුකම     9/06/2016   No comments
එදා රණවිරුවන් තම දිවි පරදුවට තබා අපේ මාතෘභූමියත් අපේ ජීවිතත් රැක ගැනීමට කළ අප්‍රතිහත ධෛර්‍යය සහ කැපකිරීම අමතක කිරීමට තරම් අප ගුණමකු ජාතියක් ද?
ගෙවිඳු කුමාරතුංග මහතා මේ ප්‍රශ්නය නැගුවේ පසුගියදා (24) යුතුකම සංවාද කවය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයේදී මුඛ්‍ය දේශනයක් සිදු කරමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් පළකළ කුමාරතුංග මහතා රනිල් - සිරිසේන හවුල් ආණ්ඩුව විසින් තම බල උවමනාව වෙනුවෙන් බටහිර උගුලේ රට හිර කර ඔවුන්ගේ උවමනාවන් ඉටු කිරීමට කොටි පැරදවූ හමුදා විරුවන් ඇතුළු නායකයන්ගෙන් පළි ගැනීමේ ක්‍රියාවලියක නිරතව ඇතැයි පෙන්වා දෙමින් , පුද්ගලයන් අතුරුදහන් වීමේ පනත හරහා මේ ආන්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය තඹ සතේකට මායිම් නොකට වියරු ලෙස ලක් ඉතිහාසයේ කලුම කලු පනතක් සම්මත කරගත්
මේ ද්‍රෝහී පනතේ අන්තර්ගතය මෙන්ම මේ පනත සම්මත කළ ආකාරයත් කළුම කළු යැයි සාධක සහිතව පෙන්වා දෙයි.
මේ අයුක්ති සහගත පවාදීම තවදුරටත් නොදුටුවා සේ සිටීමට ජාතියක් ලෙස අප නිවට විය යුතු නැතැයි අවධාරණය කරන ගෙවිඳු කුමාරතුංග මහතා රණවිරුවන් එදා රණ බිමේ සිට සිදු කළ උත්තුංග මෙහෙවරට අපට කළ හැකි යුතුකම නම් ඔවුන් වෙනුවෙන් නොබියව පෙරට විත් ඔවුන් සහ රට ආරක්ෂා කරගැනීම යැයි පෙන්වා දෙයි.



යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

9/04/2016

කුරුණෑගල දී සැමරෙන්නේ ශ්‍රිලනිපයේ මරණයයි !

කතෘ:යුතුකම     9/04/2016   No comments
-ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මහින්ද පතිරණ-
ශ්‍රිලනිප 65 වන සංවත්සරය පිළිබඳ මේ වන විට දේශපාලන භූමිය තුළ ඇති ව තිබෙන සංවාදය ඉතා යහපත් එකකි. එය එසේ වන්නේ ශ්‍රිලනිපය යනු කුමක් ද මනාව තේරුම් ගැනීමට ඒ හරහා මෙරට ජනතාවට අවස්ථාව උදාවන හෙයිනි. අනෙත් කාරණය නම් පක්‍ෂයක ප්‍රතිපත්ති පිළිබඳ සංවාද ඇතිවීම නීරෝගී ප්‍රජාතන්ත්‍රවාදයට මහත් රුකුලක් වීම ය. අද ශ්‍රිලනිපය පිළිබඳ දේශපාලන සංවාදයේ කේන්ද්‍රය නම් ‘වඩාත් වැදගත්කොට සැලකිය යුතු වන්නේ පක්‍ෂයේ නිල නාමය ද එසේත් නැතිනම් පක්‍ෂයේ ප්‍රතිපත්ති ද’ යන්න ය. ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ සභාග ආණ්ඩුවේ ශ්‍රිලනිප ඇමතිවරුන් පවසන්නේ වැදගත් ම දෙය පක්‍ෂයේ නිල නාමය බව ය. එය ආරක්‍ෂා වී අන් සියල්ල කැප කළ ද ඔවුන්ට ගැටළුවක් නැති බව වේදිකාවෙන් ඇසේ. අනෙත් අතින් මහින්ද ප්‍රමුඛ බලවේගයේ තර්කය වන්නේ ශ්‍රිලනිප ප්‍රතිපත්ති හා පාක්‍ෂිකයා තුළින් ම පක්‍ෂය පිළිබිඹු වන බව ය. නිල නාමය වැනි දෙය යල්පැන ගිය කොන්දේසියක් ලෙස ඔවුහු දකිති. අපි මෙය සාධාරණ උපහැරණයකින් විසඳාගමු. රෝස මලක් ගන්න. අපි ඊට රෝස යන්න වෙනස් කොට අන් නමක් යොදමු. දැන් ඒ මල සිඹින්න. නම වෙනස් කළ පමණින් මලෙහි සුවඳ වෙනස් වී තිබේ ද? පිළිතුර වන්නේ නැත යන්න ය. දැන් අන් වර්ගයක මලක් ගමු. ඊට රෝස ලෙස නම තබන්න. දැන් එය ද සිඹින්න. රෝස ලෙස නම් කළ පමණින් මලින් රෝස සුවඳ විහිදේ ද? නැත. පක්‍ෂයක් සම්බන්ධයෙන් ද තත්වය එසේ ය. සුවඳ ඇත්තේ මලෙහි මිස නමෙහි නොවේ. ශ්‍රිලනිපය ඇත්තේ ප්‍රතිපත්ති හා ඒවා පිළිගන්නා පාක්‍ෂිකයා තුළ මිස නමෙහි නොවේ.

මේ අනුව වත්මන් ශ්‍රිලනිපය යනු පෙනුමෙන් ශ්‍රිලනිපය ලෙස පෙනී සිටින එහෙත් ක්‍රියාවෙන් එජාපයම ය. අද ශ්‍රිලනිපය එදා බණ්ඩාරනායක මහතාගේ ප්‍රතිපත්ති බැහැර කොට එජාප ප්‍රතිපත්ති වැළඳගෙන තිබේ. එජාපය සමග සභාග ආණ්ඩුවකට යෑම මතු නොව එජාපයේ ස්වදේශීක විරෝධී සමාජීය හා ආර්ථික ප්‍රතිපත්තිවලට අනුගත වීමේ ද අර්ථය ඒ ය. විහිළුකාරී තත්වය නම් එවන් ශ්‍රිලනිප මායාව හැරදමා ඇත්ත ශ්‍රිලනිප බලවේගයට පණ දීමට උත්සාහ කරන මහින්ද රාජපක්‍ෂ එජාප වුවමනාව අනුව ක්‍රියා කරන බව පවසමින් ඔහුට චෝදනා කිරීම ය. අද ශ්‍රිලනිපය එජාපය සමග එකතු වී ආණ්ඩු කරන්නේ එජාපයේ වුවමනාවට නොවේ ද? මේවාට කියන්නේ වඳුරු කුණුහරුප ය. එජාපයේ වුවමනාව සපුරන්නේ කවුදැයි ඉතා පැහැදිළි ය.

වර්තමානයේ ඇති ව තිබෙන ආකාරයේ ම දැවැන්ත සංවාදයක් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ස්වදේශිකවාදී පිරිස් විසින් 50 දශකයේ දී මතු කළ බව ඉතිහාසය පිරික්සන්නෙකුට පෙනේ. එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවීම ය. එවකට පැවති එක්සත් ජාතික පක්‍ෂය හා සෙසු කොමිනිස්ට්වාදී පක්‍ෂ විසින් ලංකාවේ මහපොළොවේ අවශ්‍යතාව හඳුනා නොගෙන විදේශීය බලවේගවල කූට අභිලාෂයන් ජනතාව මත බලෙන් පැටවීමට යාම නිසා ම ඉහත පක්‍ෂ දෙකට ම අතරින් මැද මාවත ගමන් කරන ප්‍රතිපත්ති සමුදායක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවිය. පක්‍ෂය පිහිටුවා ඉතා සුළු කලකින් ම එවකට මුළු රට පුරාම විහිදී තිබූ එක්සත් ජාතික පක්‍ෂය පරාජය කිරීමට තරම් ශ්‍රිලනිපයට හැකි වීම අදාළ නව පක්‍ෂය පිළිබඳ රට තුළ මතුව තිබූ දැවැන්ත ඉල්ලුම ප්‍රකට කරන්නකි.

දැන් පවතින තත්වය නම් 2015 ජනවාරි 08 මහින්ද රාජපක්‍ෂගේ පරාජයත් සමග ශ්‍රිලනිපය නැවත වරක් සිය එජාප ප්‍රතිපත්තිවලට පූට්ටු කිරීමකි. ශ්‍රිලනිපය තුළ එවන් උත්සාහයක් ගත් පළමු අවස්ථාව ද මෙය නොවේ. 1994 දී බලයට පත් වූ චන්ද්‍රිකා කුමාරතුංග විසින් ද කළේ සිය පියාගේ ස්වදේශිකවාදි ප්‍රතිපත්ති අමු අමුවේ බැහැර කරමින් එජාපය හා ශ්‍රිලනිපය ශරීද දෙකක් සේ මතුපිටට පෙන්වන අතර අභ්‍යන්තරයෙන් දෙක ම සමාන තැනකට රැගෙන යාම ය. චන්ද්‍රිකාගේ අවසාන ඉලක්කය වූයේ “දෙකම එකයි මානසිකත්වය” සමාජගත කොට කුමන්ත්‍රණකාරී දෙස් විදෙස් බලවේගවලට ලංකාව නතු කරගැනීමට ඇවැසි පසුබිම නිර්මාණය කිරීමයි. කෙසේ වෙතත්, 2005 වසරේ දී මහින්ද රාජපක්‍ෂ බලයට පත්වීමත් සමග ශ්‍රිලනිපය යළිත් වරක් සිය පුරෝගාමීන් වෙතට ගමන් කිරීම හරහා ඒ කුමන්ත්‍රණය තාවකාලික ව පරාජයට පත්විය.

කුමන්ත්‍රණය නැවත මතුවන්නේ චන්ද්‍රිකා කුමාරතුංගගේ මූලිකත්වයෙන් මෛත්‍රීපාල සිරිසේන හරහා නැවත වරක් අව්‍යාජ ශ්‍රිලනිප ගමන් මග වෙනස් කිරීමට මහින්ද රාජපක්‍ෂට එරෙහි ව පක්‍ෂය තුළින් ම කුමන්ත්‍රණයක් දියත් කොට ඔහු ව පරාජය කිරීමෙනි. කුමන්ත්‍රණය සාර්ථක වීමට බලපෑ ප්‍රධාන හේතුවක් වූයේ ශ්‍රිලනිප නායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගේ නොසැලකිල්ල බව ද කිව යුතු ය. ඔහු රටේ සංවර්ධන කටයුතු කරන අතරතුර තමන් වෙත බාහිර සතුරාගෙන් පැමිණිය හැකි තර්ජන ගැන සිතුවා මිස තම පක්‍ෂය තුළ ම සිටිමින් එකී කුමන්ත්‍රණය මෙහෙය වූ පිරිස් ගැන ඔහුට තක්සේරුවක් නොතිබීම ය. පෙරදා එකට ආප්ප ද කා පසුදා තමා පාවා දුන් මෛත්‍රීපාල සිරිසේන ගැන මහින්ද සැක නොකළේ ඔහුගේ ‘හිතහොඳකම’ නැමැති දුබලතාව නිසා ය. තමා අසල සිටින්නන් පිළිබඳ සාධාරණ සෝදිසියකින් සිටීම දේශපාලන විද්‍යා පාඩමේ මග නොහැරිය යුතු පරිච්ඡේදයක් වුව රාජපක්‍ෂවරු එය තැකුවේ නැත. එසේ නොකිරීමේ ප්‍රතිඵලය වූයේ අප අද අත්දකිමින් සිටින ඒ කුමන්ත්‍රණයේ දෙවැනි දිගහැරුම සාර්ථක වීමයි.
අද සැබෑ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රතිපත්තිය මෙන් ම සැබෑ ශ්‍රිලනිප පාක්‍ෂිකයා ද පක්‍ෂයක් අහිමි ගන්දබ්බ අවදියක සිටින බව රහසක් නොවේ. එහෙත් එය දිගින් දිගට ම කළ යුතු හා හැකි එකක් නොවේ. නැගෙමින් තිබෙන බලවේගයට වහා පණදිය යුතු ය. එහි උපත සිදුවීමට අවශ්‍ය වින්නඹු කම කළ යුතු ය. එම කාර්යේ දී ශ්‍රිලනිප පාක්‍ෂිකයාගේ පාක්‍ෂික විඤ්ඤාණය හා ධෛර්ය කිසිදු අයුරකින් අඩු වී නොතිබීම කාගේත් අපේක්‍ෂාව දල්වන්නකි. බලමණ්ඩලයෙන් බලමණ්ඩලය රැස්වී කුරුණෑගල සංවත්සරයට නොයන ලෙස සිය මන්ත්‍රීවරුන්ට බලකර සිටීම තරම් පාක්‍ෂිකයා ධෛර්යවන්ත වී තිබේ. පාක්‍ෂිකයාගේ මනස නියෝජනය නොකරන පක්‍ෂයක් තවදුරටත් පක්‍ෂයක් වන්නේ නැත. එය අතහැර ගිය මී වදයකි. හිස් වදය තිබේ. පැණි නැත.

මේ අතර, බණ්ඩාරනායක මහතාගෙන් පසු ලංකාවේ නව පක්‍ෂයක් නිර්මාණය කරන ලෙස මහපොළොවෙන් ඉල්ලා සිටින පළමු අවස්ථාව මෙය බව ද කිව යුතු ය. ලංකාවේ අලුතින් නිර්මාණය කළ සියළු පක්‍ෂ ලත් තැන ලොප් වීමට බලපෑ ප්‍රධාන කාරණයක් වූයේ ඉහළින් පහළට ඉල්ලුම පැටවීම ය. එහෙත් අද පහළ සිට ඉහළට පක්‍ෂ නිර්මාණය කරන ලෙස වන තෙරපුම ලංකා දේශපාලන ඉතිහාසයේ අද්වීතීය හා සුන්දර අවස්ථාවකි. මහින්ද රාජපක්‍ෂට වුව දැන් එම ඉල්ලීම බැහැර කළ නොහැකි ය. සැබෑ ජන බලවේගයක් පාලනය කිරිම එහි නායකයින්ට පවා කළ නොහැකි දෙයකි. ශ්‍රිලනිපයේ ස්වදේශිකවාදී දැක්ම හා එහි සාරය ගැබ්කරගත් නව දේශපාලන බලවේගයක් මේ ඉල්ලුමේ තාර්කික ප්‍රතිඵලය බව අවධාරණය කරමු.

ඒ සියල්ලේ අර්ථය වන්නේ අද ශ්‍රිලනිපය ජීවතුන් අතර නැති බව ය. ශ්‍රිලනිපයේ ආත්මය හා සාරය ඉන් ඉවත් වී තිබේ. එසේ නම් ශ්‍රිලනිපයට අද තවදුරටත් සැමරීමට ඉතිරි වී ඇත්තේ කුමක් ද? ඇත්ත වශයෙන් ම අද දින කුරුණෑගල දී සැමරෙන්නේ ශ්‍රිලනිපයේ අකාල මරණයයි. ශ්‍රිලනිපය මරා දැමූවෝ දැන් කුරුණෑගල සිට මතක බණ කියති.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

9/03/2016

බැන්කි හඳ (මූන්)

කතෘ:යුතුකම     9/03/2016   No comments
දැන් එකහමාරයි
ඉස්කෝලෙ ඉවරයි
වෙලාවත් ගත වෙලා
පුතු තවම එන තුරා
මඟ බල බලා සිටී
දහක් අම්මාවරුන් ..

"ඊයෙත් බස් එකක
බෝම්බයක් පිපුරුවා"

හවස් වෙයි තාත්තා
ගෙදර එනකම් කියා
ඊලඟට ඈ සිටී
කම්මුලට අත තියා ..

ගෙදර දොරඟුලු තියා
පුතු රැගෙන යයි කියා
ඒ ලපටි අත් වලට
ගිණි අවිය දෙයි කියා
උතුරුකරයේ දෙසින්
අඳෝනාවක් ඇසේ
ඒ මවුවරුන්ගේ
පපු කැවුතු උණු වෙලා..

නිවූ ඒ ගිණි දැලින්
තෙද අපේ විරු පුතුන්
දැන් නිවා ඒ දුකින්
සත් වසරකුත් ගියා..

හිරු නැතිව ගිය අහස
ඝන අඳුර ඉගිල්ලා
තරු වලට හිරු සේම
හිස කඳක් නැති නිසා
බිඳ වැටුනු සිහසුනක
දොර අගුලු හැරපියා

කලුවරේ හොර හොරෙන්
"බැන්කි හඳ" පායලා....


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

බලකාමය වෙනුවෙන් සිරිකොතේ පිළිකන්නේ ගැටගැසූ රට රැකි පක්ෂය.. - ශ්‍රිලනිපයට 65යි

කතෘ:යුතුකම     9/03/2016   No comments
ශ්‍රිලනිපයට 65යි

-ධර්මන් වික්‍රමරත්න-

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය(ශ්‍රිලනිප) යනු මෙරට පොදු ජනතාව වෙනුවෙන් බිහිවූ දේශපාලන පක්ෂයකි. ශ්‍රිලනිපය ආරම්භ වූයේ හරියටම මෙයට වසර 65කට පෙර එනම් 1951 සැප්තැම්බර් 2වැනිදා අද වැනි දවසකය. එය කාලයේ තාලයට ගොඩනැගුණු පක්ෂයකි. දශක 7ක දේශපාලන සම්ප්‍රදායකි. යටත් විජිත යුගයේ දේශපාලනයේ සිට ජන සම්මතවාදය දක්වා ගලායන නොනවතින දහරාවකි. ඇත්ත ඇති සැටියෙන් කිවහොත් ශ්‍රිලනිප යනු ලාංකීය මොඩලය හඳුනාගත් ගමේ දේශපාලනයකි.එම මොඩලය විප්ලවවාදී එකක් නොවේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂය(එජාප) මෙන් කොම්ප්‍රදෝරු ධනේෂ්වර එකක්ද නොවේ. ශ්‍රිලනිප යනු ප්‍රගතිශීලි ජනතාවගේ හදගැස්ම මැනවින් හඳුනාගත් මැද මාවතේ දේශපාලන ප්‍රවාහයකි.

ඩී.එස් සේනානායකගේ එජාප රජයේ පළාත් පාලන සහ සෞඛ්‍ය ඇමතිවරයාවූ එස්.ඩබ්ලිව්.ආර්.ඩි බණ්ඩාරනායක 1951 ජුලි 12වැනිදා සිය ඇමතිධූරයෙන් පමණක් නොව එක්සත් ජාතික පක්ෂයෙන්ද ඉල්ලා අස්විය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වූ බෙලිඅත්ත ඩී. ඒ රාජපක්ෂ, උඩුගම ඩී.එස්. ගුණසේකර, බලංගොඩ ජයවීර කුරුප්පු, තැපැල් සහ විදුලි සංදේශ උප ඇමති ඒ. පී ජයසූරිය, අධිකරණ උප ඇමති ජෝර්ජ් ආර්. ද සිල්වා යන අයද ඇමති එස්. ඩබ්ලිව් ආර්. ඩී බණ්ඩාරනායක අනුගමනය කරමින් විපක්ෂයේ අසුන් ගත්හ. පසුව 1951 ජුලි 15 වැනිදා බද්දේගම හෙන්රි අබේවික්‍රමගේ දංවල වත්තේදී අලුත් දේශපාලන පක්ෂයක් ආරම්භ කිරිමට සාකච්ඡා ඇරඹිණි. එයට පසුකලෙක අම්බලන්ගොඩ බලපිටිය මන්ත්‍රීවරයා වූ එම්.පී ද සොයිසා, බෙලිඅත්තේ ඩී.ඒ රාජපක්ෂ, රාජනීතිඥ එච්. ශ්‍රි නිශ්ශංක, ඒ.පී ජයසූරිය සහ ගම්පහ එස්.ඩී බණ්ඩාරනායක ඇතුළු පිරිසද එක්විය. එහි ප්‍රතිඵලයක් ලෙස සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගය නියෝජනය කිරිම සඳහා 1951 සැප්තැම්බර් 2වැනිදා සවස 2ට කොළඹ නගර ශාලාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් සියයට 75ක් ජීවත්වන්නේ ග්‍රාමීය ප්‍රදේශවලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලාංකේය දේශපාලන දේහය තුළ සුවිශේෂි කාර්යභාරයක් ඉකුත් දශක 6 තුළ සිදුකර ඇත. නිදහසින් පසු දීර්ඝ කාලයක් මෙරට පාලනය කල දේශපාලන පක්ෂය වන්නේද ශ්‍රිලනිපයයි. එය ආරම්භයේ සිට වසර 2015 ජනවාරි දක්වා ලාංකීය ප්‍රගතිශීලි ව්‍යාපාරයේ බලාපොරොත්තු මල්පල ගැන්වීමකි. එහෙත් ඉකුත් ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රිලනිප පක්ෂ යාන්ත්‍රණය ගම තුළදී දැන් අභියෝගයකට ලක්වෙමින් මුළුමනින්ම වාගේ බිඳ වැටෙමින් පවතී. එදා වසර 65කට පෙර එජාපයට විකල්පයක් ලෙස පිහිටුවා වසර 63ක්ම එම කාර්යභාරය නිසිලෙස ඉටුකල ශ්‍රිලනිප ඉකුත් වසර 2කට ආසන්න කාලයක් තුළ එජාපයේම පළුවක් බවට පත්වී තිබීම එයට හේතුවූ බව නොරහසකි.

විසි එක්වන සියවසේ ස්වාධීන රාජ්‍යයන්ගේ පැවත්ම සහ ශ්‍රි ලංකාව වර්තමානයේ මුහුණ දෙන අභියෝග සලකා බැලිමේදී එදා හඬක් නොමැති ජනතාවට නායකත්වය දුන් අධිරාජ්‍යවාදී බටහිරට ගැති එජාපයට එරෙහිව ශ්‍රිලනිප ගොඩනැගීමට නායකත්වය දුන් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක සහ එයට සහායවූ බෙලිඅත්තේ ඩී. ඒ රාජපක්ෂ ඇතුළු පිරිසගේ තිබූ එඩිතරභාවය ආදර්ශයට ගනිමින් රටේ හඬක් නැති ජනතාවට හඬක්වීමට ඔවුන් වෙනුවෙන් සටන් වැදීමට මව්බිමේ නාමයෙන් ශ්‍රිලනිපයේ තුළ සිටින එජාප විරෝධී සහ ප්‍රගතිශීලි කොටස් දැන් එක පෙරමුණකට පැමිණෙමින් සිටී. එජාපයට සහ එජාප ගැති පිරිස් විසින් වර්තමානයේ ප්‍රාණ ඇපයට ගෙන තිබෙන ශ්‍රිලනිපයට විකල්පයක් ලෙස බලවේගයක් ගොඩනැගෙනු ඇත යන්න සැමගේ ප්‍රාර්ථනය වී තිබේ.

වර්තමාන ශ්‍රිලනිප නායකත්වය පළමුව ව්‍යවස්ථා විරෝධීවද, දෙවනුව බලයේ සිටි ශ්‍රිලනිප අගමැතිවරයා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි ලෙස ඉවත් කරමින් එජාප අගමැතිවරයෙක් පත්කර ගත්තේය. තෙවනුව ඉකුත් 2015 අගෝස්තු 17 පැවති මහ මැතිවරණයේදී ශ්‍රිලනිප අගමැති අපේක්ෂකයා සදාචාර විරෝධීව පරාජය කරමින් සහ මාධ්‍ය නිවේදන නිකුත්කර කෙනෙහෙලිකම් කරමින් එජාප අගමැති අපේක්ෂකයාට අගමැතිවීම සඳහා පාර කැපුවේය. සන්ධානයේ ජාතික ලැයිස්තුවට පරාජිත මන්ත්‍රීවරුන් පත්කරමින් ජනමතයටද එරෙහිව කටයුතු කරන ලදී. අනතුරුව මන්ත්‍රීවරුන් 51ක් නියෝජනය කරන ඒකාබද්ධ විපක්ෂය නොසලකමින් මන්ත්‍රීවරුන් 16ක් නියෝජනය කරන දෙමළ සන්ධානයට විපක්ෂ නායකකමද මන්ත්‍රීවරුන් 6ක් නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමද හිමිවිය. දෙමළ සන්ධානයේ නායකවු විපක්ෂ නායකවරයා කථානායක විසින් පත්කල අතර එසේ පත්වූ විපක්ෂ නායකයා විසින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම ජවිපෙට පිරිනමන ලදී. දෙමළ සන්ධානය නියෝජනය කරන විපක්ෂ නායකද ‘යහපාලනය’ වෙනුවෙන් දරදිය ඇද්දෙකි. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වු ජවිපෙද ‘යහපාලන’ ආණ්ඩුවේ සියළුම දේශපාලන උපක්‍රම වෙනුවෙන් පෙනී සිටි අයෙකි. මේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍ර විරෝධී හවුලට එරෙහිව යලි 56ක් බිහිකිරීම අදට යෙදෙන 65වැනි සංවත්සරය සමරන ශ්‍රිලනිපය වෙනුවෙන් එයට කල හැකි ඉහළම ගෞරවය වනු ඇත.

කන්ද උඩරට රාජධානිය උඩරට ගිවිසුමෙන් 1815දී සුද්දන්ට භාර දුන්නේ ගිවිසුමකින් මිස යටත්වීමකින් නොවේ. එහෙත් තමනට සුපුරුදු පරිදි බ්‍රිතාන්‍යයන් එම ගිවිසුම කඩා පාලනය කිරීමේ ප්‍රතිඵලය වූයේ 1817 ජනතා අරගලයයි. එය ප්‍රථම අදියර විය. දෙවන අදියර වූයේ අනගාරික ධර්මපාලයන් විසින් ආරම්භ කරන ලද පුනරුදයේම විකාශනයේම ඵලයක් ලෙස මතුවූ 1956ට පසුබිම්වූ ව්‍යාපාරයයි. වර්තමානයේ මේ පියවර ඔසවන්නේ එහි තෙවන අදියරටය. ශ්‍රිලනිප ආරම්භ කිරීමේදී බණ්ඩාරනායකයන් එදා සිදුකල පරිදි වර්තමානයේ ගොඩනැගෙන නව බලවේගය විසින් ප්‍රථමයෙන් සිදුකල යුත්තේ සිංහලයන්ගෙන් සියයට 75කට ආසන්න බහුතරයක් එකතුකර ගැනීම සඳහා කටයුතු කිරීමය. එයට පසුව දෙමළ සහ මුස්ලීම් ජාතිකයන් එක්කර ගත හැකිය. ප්‍රථම පියවර සාර්ථක වන්නේනම් දෙවන පියවර පහසුය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉකුත් වසර 2කට ආසන්න කාලය තුළ පරිහානිය ඇරඹුණේ තමනට අයත් නැති භූමිකාවක් රඟ දැක්වීම නිසාය. ගැඹුරු දර්ශනයක් මත පදනම් වු පැහැදිලි මතවාදයක් නොතිබීම නිසා ඇමති වරදාන මුල්කොටගෙන එජාපය සමඟ කිසිදා නොගැලපෙන සභාග ආණ්ඩුවකට එක්ව එකගෙයි කැමේ ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීය. මෙය ශ්‍රිලනිපය ගල් පිලිම වෙනුවට බොල් පිලිම වැළඳ ගැනීමකි. නාගරික කොටස් හෝ ලුම්පන් සමාජය වැළඳ ගැනීමෙන් එජාපය පැරදවිය නොහැක. විපක්ෂයේ සිටිමින් එහි සැබෑ භූමිකාව ජනතාව වෙනුවෙන් රඟ දැක්වූයේ නම් ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග කාලයේ මෙන් ශ්‍රිලනිප ආණ්ඩුවක් වසර 2ක් ගතවන්නට මත්තෙන් පිහිටුවන්නටද මෙවරද හැකියාව තිබිණි. ශ්‍රිලනිපයට දේශපාලනය විජයග්‍රාහීව හිමිවන්නේ අපේම වු ජාතික දැක්මක් තුළ විනා බටහිරින් දෙන උපදෙස් ගෙඩි පිටින් ගිල ගැනීමෙන් නොවේ.

එජාපය සමඟ ශ්‍රිලනිප නෛතික පාර්ශවය වර්තමානයේ සභාග ආණ්ඩුවක් සඳහා එක්වී ඇත්තේ රටේ සංවර්ධනයක් හෝ ජනතාවගේ ජයග්‍රහණයක් සඳහා නොව වෙනත් පටු පරමාර්ථයන් වෙනුවෙනි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය යන බටහිර රටවල න්‍යාය පත්‍රයන්ට අනුව කටයුතු කරන සභාග ආණ්ඩුවකින් සාර්ථක ප්‍රතිඵලයක් රටට අත් නොවනු ඇත. ජනතාවට සහනයක්ද නොලැබෙනු ඇත.

‘යහපාලනය’ උදෙසා කරන ලද දේශපාලන පෙරළිය එදා සැබෑ ලෙසම බහුතර ජනතාවට අවබෝධ කරගැනීමට නොහැකිවු බව සත්‍යයකි. ඒ තරමට එහි පෙර ගමන්කරුවෝ සූක්ෂමවූ අතර ඔවුන්ගේ මුඛ්‍ය දේශපාලන වුවමනාව වූයේ මෛත්‍රීපාල සිරිසේන කරලියට ගෙන ඒම මගින් එජාපයේ බලය ස්ථාපිත කිරීමය. එජාපය යනු මෙරට ක්‍රියාත්මක ඇමරිකා-බ්‍රිතාන්‍ය සහ අධිරාජ්‍යවාදීන්ගේ ලෝක දේශපාලන වුවමනාවේ සෘජු නියෝජිතයා වේ. එදා විදේශ ආධාර මත සෘජුව සහ වක්‍රව පෝෂණය වන ඇතැම් සිවිල් සංවිධාන ප්‍රකාශ කළේ රාජපක්ෂ රෙජිමයේ ව්‍යවසනයට එරෙහිව ‘යහපාලනය’ ගෙන එන බවකි. එහෙත් ඒ වෙනුවට දැන් සිදුවෙමින් පවතින්නේ අධිරාජ්‍යවාදී ජුන්ටාවක් ඒ ඔස්සේ රටතුළ ක්‍රියාත්මක වීමය. වර්තමානයේ එම සිවිල් සංවිධාන තමාගේ ලැජ්ජා නැතිකම වසාගැනීම සඳහා කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන බව අසන්නට ලැබේ. මෙම දේශපාලන විලම්භිතය දැන් යථාර්ථවාදී ලෙස සමාජගත වෙමින් පවති.

‘යහපාලන’ ආණ්ඩුව පිළිබඳව පොදු ජනතාවගේ විශ්වාසය වේගයෙන් බිඳ වැටෙමින් පවතී. ආණ්ඩුවට එකම හෝ වැදගත් ආර්ථික ප්‍රතිසංස්කරණයක් සිදුකල නොහැකි තරම්ය. රට දැවැන්ත කුණාටුවකට ලක්වීමට ආසන්නව තිබියදී වාමාංශික බලවේග ඊට වඩා වැඩි ප්‍රමාණයකින් නන්නත්තාර වෙමින් පවතී. ජාතික දේශපාලනයේ ගමන් මඟ තීරණය කිරීමේ තමන්ගේ ක්‍රියාවලියන්ගෙන් ඔවුන් ඉවත්ව ප්‍රතිගාමි කොටස් සමඟ පෙළ ගැසි තමන්ගේ ආත්මය බේරාගැනීමේ නිහීන ක්‍රියා පිළිවෙතකට අවතීර්ණ වෙමින් පවතී. වමේ එකම විකල්පය තමන් යැයි පවසන ජනතා විමුක්ති පෙරමුණට වුවද සිදුව ඇත්තේ දුන් පොරොන්දු ඉටු කරව් ආදී ලෙස නහයෙන් ඇඩීම සහ උනුත් එකයි මුනුත් එකයි කීම පමණි. සමාජවාදී තරුණ සංගමය අකුරේගොඩ වැව් ඉස්මත්තේ කුඹුක් පැළ සිටුවීම හොද පරිසර වැඩක්ය. නමුත් ජවිපෙ දේශපාලන ක්‍රියාකාරිත්වයද යළි පණ ගැන්විමට රතු ගැටව් උරදිය යුතුය.

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්නගේ නසසපය සහ ජවිපෙන් ඉවතට විසිවුණු දඹර අමිල හිමියන් වැනි වාම කේවට්ටයන්ටද දැන් ඇඩ්‍රස්ද නැත. එදා වේල ෂේප්කර ගැනීමේ න්‍යාය යටතේ සයිටම් පක්ෂපාති සම්මන්ත්‍රණවලට ගොඩවෙන්නේ එබැවිනි. කන කොකාගේ සුද පෙන්නේ ඉගිලෙන කොටය. ව්‍යාජ වම්මුන්, අවස්ථාවාදී වෘත්තීය සමිති නායකයින්, ඇතැම් පූජකයින්, බුද්ධිමතුන් යැයි කියා ගන්නා අන්දරේලාගේ බැටළු හම් සමාජයට නිරාවරණය කිරීම සයිටම් ලොක්කා වන වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු එක් අතකින් සමාජයට කල ලොකු සේවයක්ය.

ශ්‍රිලනිප නෛතික පාර්ශවය තවදුරටත් සිදුකල යුත්තේ එජාප ආණ්ඩුව සමඟ වරදාන වෙනුවෙන් තවදුරටත් දීග කෑම නොවේ. ඉන් ඉවත්ව ජනතා පරමාධිපත්‍යය, ජාතික සෛවරිත්වය සහ මව්බිමේ දිනාගත් නිදහස රැකගැනිම වෙනුවෙන් පෙනී සිටීමය. ඉන්දියාවේ එක්ටා ගිවිසුම සහ ජිනීවා සැලසුම් පරාජය කිරීමය. නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය රැක ගැනීමය. ජනතාවගෙන් උදුරා ගත් පොහොර සහනාධාරය වැනි අයිතීන් යළි ලබාදීමය. රණවිරු දඬයමට එරෙහි වීමය. තවදුරටත් හවුල් ආණ්ඩුවේ සිටීමෙන් එජාපයට මඟුල්ය. ශ්‍රිලනිපයට උගුල්ය. ‘යහපාලන’ හවුලෙන් රටම අවුල්ය.

තොරතුරු පනත සම්මතය. අතුරුදහන් පනතද සම්මතය. හත්වලාමේ වෙච්ච දේට මක් කොරන්නද? දැන් ඊළඟට ව්‍යවස්ථා උගුලය. සීමානිර්ණයට මුවා වෙමින් පළාත් පාලන පුංචි ඡන්දය කල්දාන්නේ ලබන වසරේ මුල ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට ජනමත විචාරණයට යෑමට බව දැන් පැහැදිලිය. දෙමළ බෙදුම්වාදී ඊලමට පාර කපන මෙය ව්‍යවස්ථා මර උගුලකි. රටට දැයට එරෙහිව සිදුකරන මෙම ක්‍රියාදාමය පරාජය කිරීම සඳහා එකිනෙකා පරයා නැගී නොසිට, අංචි නොයොදා, බොරු වලවල් නොකපා කොන්දේසි විරහිතව එක්විය යුතුය.

දරුවන්ට අපමණ අගයක් ලබාදීම ගැන කථාකලද ත්‍රීපෝෂ ලබාදීම ඉකුත් මැයි මාසයේ සිට නතරකර ඇත. ගැබිණි මවට දෙන රුපියල් 20,000 පෝෂණ මල්ලේද ගුල්ලෝ බවට පුවත්පත් වාර්තාය. කුරුණැගල වෙලගෙදර ක්‍රීඩාංගනය අසල ඉදිකර තිබුණු රණවිරු ස්මාරකයටද දැන් සහජීවන නාමයෙන් අබ සරණය. උතුරේ ඉදිකල බුදු මැදුරුවලටද කෙනෙහෙලිකම්ය. කුළියාපිටියේ ආරම්භ කිරිමට කටයුතු කල කම්හලෙන් රැකියාවක් හෝ ෆොක්ස්වැගන් එකක් ගැනීමට තිබූ හිනයද කුඩේ කුඩුය. යාපනයේ සිංහල සිසුවාට පහරදුන් බවට චෝදනා ලත් දෙමළ සිසුවාට බාරවූ සැනින් ඇපය. ඔලියමුල්ලේදී ඇමති ජෝන්ට හූ කියා වාහනයකට පහරදුන් බව කියන අය රක්ෂිත බන්ධනාගාරයටය. දින 100න් අලුත් රටක් හැදීමේ සහ ‘යහපාලන’ ආණ්ඩුවක් ගොඩනැගීමේ කථාව ඇත්තේ දැන් සුරංගනා කථා පොත්වලය. ‘යහපාලන’ ආණ්ඩුව ඉකුත් කාලය මුළුල්ලේම කථා කළේ හොරුන් ගැනය. ඒත් දැන් ඇහෙන්නේ ‘යහපාලනයේම’ කම්බ හොරුන් ගැනය. වෙනස අතර හොදම වෙනස එයයි.

ශ්‍රිලනිප නෛතික පාර්ශවය සැප්තැම්බර් 4වන ඉරිදා සිය 65 වැනි සංවත්සරය කුරුණෑගලදී එහි නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන්නේ මෙවැනි දේශපාලන වාතාවරණයක් තුළය. එජාපයේ 70වැනි සංවත්සරය එහි නායක අගමැති රනිල් වික්‍රමසිංහගේ මෙහෙයවීමෙන් සැප්තැම්බර් 10වැනිදා පැවැත්වෙන්නේ බොරැල්ලේ කැම්බල් පිටියේදීය. එජාප ඉතිහාසයේ දෙවන වරටද එහි සංවත්සරය මෙවරද පැවැත්වෙනුයේ ජනාධිපතිද වන ශ්‍රිලනිප නායකයාවූ මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි. මෙය ආශ්චර්යක් නොවන්නේද? අනේ කාලේ වනේ වාසේ! මේවා ඇහෙන විට සැබෑ ශ්‍රිලනිප පාක්ෂිකයින්ට ඉබේටම ඇඩේ!

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  : https://www.facebook.com/yuthukama

9/02/2016

සිතන්නට යමක්

කතෘ:යුතුකම     9/02/2016   No comments

යුතුකම සංවාද කවය
www.yuthukama.com

ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

9/01/2016

රට සහ රටේ විරුවන් පාවාදෙන ද්‍රෝහී පනතේ නීතිමය විවරණය ..

කතෘ:යුතුකම     9/01/2016   No comments
ඇත්තටම මේ පනත මොකක්‌ද ?
-නීතිඥ කණිෂ්ක විතාරණ-

අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාල පනතට කථානායක විසින් 2016-08-23 දින අත්සන් තබන ලදී. ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවේ 80 (1) වගන්තියට අනුව සම්මත කරන ලද පනත් කෙටුම්පතක්‌ මත කථානායකවරයාගේ සහතිකය ඔහුගේ අත්සන ඇතිව සටහන් කරනු ලැබූ විට එය නීතියක්‌ බවට පත් වන්නේය. එම කෙටුම්පතට අත්සන් නොතබන ලෙසට පොදු විපක්‌ෂය විසින් ලිතව කථානායකවරයාගෙන් ඉල්ලා තිබුණි. මෙම සම්මත වීම වලංගු නොවන බව ඔවුන්ගේ තර්කය විය. එය සම්මත කරන බවට ප්‍රකාශිත 2016-08-11 දින හැන්සාඩ් වාර්තාව පිටවූයේද 23 වන දිනදීමය. ඊට සංශෝධන ඉදිරිපත් කර සහය දැක්‌වූ මන්ත්‍රීවරුන්ට හා පක්‌ෂවලට සත්‍ය වැටහී ගියේ එවිටය. ඒ ඔවුන් විසින් ඉදිරිපත් කළ සංශෝධන පනතට ඇතුළත් නොවීම නිසාය. යෝජිත සංශෝධන 31 කින් හැන්සාඩ් වාර්තාවේ සඳහන් වන්නේ 5 ක්‌ පමණි. (11,12,21 වගන්ති සඳහා) ඒවායින් 12 හා 21 වගන්ති සඳහා සංශෝධන 2 බැගින් ඉදිරිපත් වී තිබුණද ඒවාද එකිනෙක සමග ගැටෙන බැවින් ඒවා කෙසේ බලාත්මක වන්නේද යන්නද අපැහැදිලිය. එබැවින් එකී ඊනියා පනත ක්‍රියාත්මක කිරීමට පෙර නැවත සංශෝධනය කළ යුතු බවට පාර්ලිමේන්තු=ව තුළ ඊට සහය දැක්‌වූ හා නොදැක්‌වූ මන්ත්‍රීන් බොහොමයක්‌ම විසින් ඉල්ලා ඇත. අගමැතිවරයාද මෙය සංශෝධනය විය යුතු බවට පිළිගෙන ඇත. එබැවින් කථානායකගේ සහතිකය ලබා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ යෝජනාවට පටහැනි වූ නීතියකටය. මෙවැනි අවස්‌ථාවකදී අභිනව සංශෝධනයක්‌ ගෙන ඒම සාමාන්‍යයෙන් කළ හැකිය. එහෙත් මෙම ඊනියා නීතිය මුල පටන්ම ව්‍යවස්‌ථාවට පටහැනිවූත් අක්‍රමික හා ගුප්ත පටිපාටියක්‌ ඔස්‌සේ පැමිණ ඇත. එබැවින් මෙම නීතිය සම්මත කිරීමේදී පාර්ලිමෙන්තුවේ ස්‌වාධීනත්වය හා උත්තරීතරභාවයද, ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මද ආරක්‌ෂා වී තිබේද යන්නද විමසිය යුතුය. ඒ මත මෙම පනතේ වලංගුභාවය තක්‌සේරු කළ හැකිය.

අපේ පනතක්‌ නොවේ

මෙම නීතියේ සම්භවය කෙදිනක වූවද එය මෙරටදී නොවුනු බවනම් පැහැදිලිය. අප රටේ හා ජනතාවගේ ස්‌වෛරිත්වයට මරුපහරක්‌ වූ 2015 සැත්තැම්බර් මස 16 දිනැති ශ්‍රී ලංකාව පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්‌ගේ කාර්යාලයේ පරීක්‌ෂණ වාර්තාවේ ශ්‍රී ලංකාවේ සමූලඝාතනයන් හා අතුරුදන් වීම් සිදුව ඇති බවත් ඒවාට හමුදා අංශ සම්බන්ධ බවටත් සාවද්‍ය විග්‍රහයක්‌ කර ඇත. මෙම වාර්තාව හරස්‌ ප්‍රශ්ණවලට භාජනය නොවූ ඒක පාර්ශ්වික ප්‍රකාශ මත පදනම් වී ඇත. එබැවින් එහි ඇති කරුණු මත විශ්වාසයක්‌ තැබිය නොහැකිය. එහෙත් මෙම වාර්තාවේ නිර්දේශයන් 39 ක්‌ සඳහන්ය. ඒවා අතරින් හයිබ්‍රිඩි අධිකරණයක්‌ ඇති කිරීම හා අතුරුදන් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ජනාධිපති කොමිෂන් සභාව අහෝසිකර එහි කර්තව්‍යයන් ස්‌වාධීන ආයතනයකට බාරකරවීම, අතුරුදන් වූවන් පිළිබඳ දත්ත ගබඩාවක්‌ ඇතිකිරීම හා අතුරුදන් වූවන් පිළිබද පළනොකරන ලද වාර්තා ප්‍රසිද්ධ කිරීම දේශය තුළ පිහිටුවන ඇතැම් ආයතන විදේශ ආයතන වලින් සෘජුව හා නිදහස්‌ව ලබාගන්නා මුදල්/ආධාර මත මෙහෙයවීම යනාදී නිර්දේශ මෙම පනතට ජීවය ලබා දී ඇත. එසේම එහි ඇති 11,12,13 නිර්දේශයන් අනුව එහි සඳහන් විස්‌තරයට ගැනෙන ආරක්‌ෂක අංශවල ප්‍රධානීන් එම තනතුරුවලින් ඉවත් කිරීම හා හමුදා නිලධාරීන් සාම සාධක හමුදාවල නිරත වීම වලක්‌වාලීම සිදුවිය යුතුය. අපගේ හමුදා අංශවල සිටින නිලධාරින්ට හා ප්‍රධානීන්ට සෘජුව හා වක්‍රව අහිතකර බලපෑම් ඇතිකරන තවත් නිර්දේශ ගණනාවක්‌ද ඒ අතර තිබේ.

2015 සැත්තැම්බර් 25 දින විදේශ අමාත්‍යවරයා පෙරටුකොටගෙන ඇමරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු තවත් රටවල් කිහිපයක්‌ සමග ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්‌වු එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයට ඉදිරිපත් කරන ලද සම්මුතියේ 1 වන ඡේදය මගින් පෙර සඳහන් පරීක්‌ෂණ වාර්තාවත් එහි කර ඇති නිර්දේශත් පැසසුම් සහගතව පිළිගෙන තිබේ. එහි 4 වන ඡේදය මගින් අතරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ පිහිටුවීමට ශ්‍රී ලංකාව විසින්ම බාරගෙන තිබේ. මෙය ශ්‍රී ලංකාවේ ස්‌වෛරිත්වයට, ස්‌වාධීනත්වයට හා ආරක්‌ෂාවට අගතිදායකය. එම සම්මුතියේa සඳහන් නිර්දේශ සඳහා එකඟවීමට හෝ ඒ සඳහා සම අනුග්‍රාහකත්වය දැක්‌වීමට ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ නියෝජිතයන්ට කිසිදු අනුමැතියක්‌ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් ලබා දී නොතිබුණි - ආණ්‌ඩුවේ නියෝජිතයින් විසින් ශ්‍රී ලංකාව පිටතදී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් ගිවිසුම්වලට හෝ එකඟතාවලට ඇතුළු වුවද ඒවායින් රජය බැඳී නොමැති බව සිංහරාසා නඩුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලිව තීරණය කර තිබේ. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව මගින් වෙනම නීති පැනවීමකින් තොරව එම යෝජනා සම්මතයේ සඳහන් එකඟවීම් හෝ කොන්දේසි රට තුළ ක්‍රියාත්මක කළ නොහැකිය.

මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස්‌ගේ පරීක්‌ෂණ වාර්තාව එක්‌සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ 2 (7) වගන්තියටද පටහැනිය. එකී ප්‍රඥප්තියට අනුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට (හෝ එහි කිසිදු අනු සංවිධානයකට) රටක අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මැදිහත් වීමට බලයක්‌ නොමැත. එසේ තිබියදී ශ්‍රී ලංකාව පමණක්‌ ඉලක්‌කකොටගෙන ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර පරිපාලනයට මැදිහත් වන හා බලපෑම් ඇති කරවන නිර්දේශ පැනවීමට මානව හිමිකම් කවුන්සිලයට හෝ මහකොමසාරිස්‌ට කිසිදු බලයක්‌ නොමැත.

2016 ජූනි 28 දිනැති මානව හිමිකම් මහ කොමසාරිස්‌ගේ වාචික දේශණයේදී ශ්‍රී ලංකා රජය නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සම්පාදනය කිරීමත් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලයක්‌ ඇති කිරීමත් සමගාමීව හා කඩිනමින් සිදුකරමින් සිටින බව සඳහන් කර තිබේ. ඒ අතර 2016-05-24 දින එවැනි කාර්යාලයක්‌ පිහිටුවීම පිළිබඳව කැබිනට්‌ මණ්‌ඩලය විසින් ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන තිබේ (මෙය කෙටුම්පත සඳහා අනුමැතිය ලබා දීමක්‌ නොවේ). 2016-05-27 දින ගැසට්‌පත්‍රයේ ප්‍රථම වතාවට මෙම කෙටුම්පත පළ කෙරුනි. ඒ අනුව දින තුනකදී කෙටුම්පත සකස්‌ කර ඊට නීතිපතිගේද අනුමැතිය ලබාගෙන ගැසට්‌පත්‍රයේ පළකර ඇත. මෙය කෙසේ වුයේද යන්න අපැහැදිලි නමුත් මානව හිමිකම් කොමසාරිස්‌ගේ අනුදැනුම මත ඉතාම හදිසියේ සිදුකරන ලද කටයුත්තක්‌ වන බවනම් පැහැදිලිය.

පාර්ලිමේන්තුව තුළ ප්‍රජාතන්ත්‍රවාදය

2016-06-22 දින මෙම කෙටුම්පත පාර්ලිමේන්තු න්‍යාය පුස්‌තකයට ඇතුළත් කර ඇත- අග්‍රාමාත්‍යවරයා විසින් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. එහෙත් එම කටයුත්ත ස්‌ථාවර නියෝග 133 ට අනුකූලව සිදුවී නොමැත. මෙවැනි සුවිශේෂි කෙටුම්පතක්‌ ඉදිරිපත් කිරීම සම්බන්ධව කිසිදු ජනමාධ්‍යක ප්‍රසිද්ධියක්‌ ලබා දී නොමැත. එසේ වූයේ නම් ඕනෑම පුරවැසියෙකුට දින 7 ක්‌ තුළ ශ්‍රෝෂ්ඨාධිකරණයට ගොස්‌ එහි ව්‍යවස්‌ථානුකූල භාවය හබ කිරීමට තිබුණි. මෙය හිතාමතාම කරන ලද සැඟවීමක්‌ද නැතහොත් ජනමාධ්‍යවල ඇති නොදැනුවත්කම හෝ නොසැළකිල්ලද හේතුවෙන් සිදුවූ අතපසුවීමක්‌ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් ස්‌ථාවර නියෝග 133 අනුව අග්‍රාමාත්‍යවරයා විසින් ප්‍රකාශයක්‌ කළේ නම් මෙවැනි අතපසුවීමක්‌ සිදු නොවන්නට ඉඩ තිබුණි. ව්‍යවස්‌ථාදායක පටිපාටියට අදාළ නීති අකුරටම පිළිපැදීමේ අවශ්‍යතාවය හා වැදගත්කම මෙම සිද්ධිය නිසා මනාව පැහැදිලි වෙයි. වැට්‌ නඩු තීන්දුවේදී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කළේ එවැනි ව්‍යවස්‌ථාමය වගන්ති අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බවය.

2016 අගෝස්‌තු 4 වන දින වන විට පක්‌ෂ නායකයින් විසින් එකඟව තිබුණේ ඕ.එම්.පී. කෙටුම්පත පිළිබඳ විවාදය අගෝස්‌තු තුන්වන සතියේ දින දෙකකදී පැවැත්වීමටය. මෙවැනි පනතක්‌ විවාද කිරීමට පෙර සූදානමක්‌ තිබිය යුතුය. එහෙත් 2016-08-09 දින හදිසියේ පක්‌ෂ නායක රැස්‌වීම්ක්‌ කැඳවා ඕ.එම්.පී පනත පිළිබඳ විවාදය අගෝස්‌තු 11 හා 12 දිනවලට නියම කර ඇත. (පැය 48 කින්). මෙම හදිසියට ඒකාබද්ධ විපක්‌ෂය හා ජ.වි.පෙ. විරුද්ධ විය. අගෝස්‌තු 10 දින නැවතත් පක්‌ෂ නායක රැස්‌වීමක්‌ කැඳවු අවස්‌ථාවේදී ජ.වි.පෙ. ද 11 හා 12 දිනවලදී විවාදය පැවැත්වීමට කැමැති වී ඇත - නමුත් ඒකාබද්ධ විපක්‌ෂය තමන්ට ප්‍රමාණවත් කාලයක්‌ අවශ්‍ය බවට පවසා ඇත. එම ඉල්ලීම නොතකා 11 වන දින කෙටුම්පත විවාදයට ගැනින.

11 වන දින ආණ්‌ඩු පක්‌ෂය විසින් 12 වන දින පාර්ලිමේන්තු කටයුතු සීමා කරමින් යෝජනාවක්‌ ඉදිරිපත් කරන ලදී. එමගින් පනත සම්බන්ධ විවාද කාලය තවත් සීමා වන්නේය. ඒකාබද්ධ විපක්‌ෂය විසින් ඊට විරුද්ධ විය. එහෙත් එම යෝජනාව ඒ ආකාරයෙන්ම සම්මතකර ගැනීමට කථානායක හා ආණ්‌ඩු පක්‌ෂය එක්‌ව දැඩිව ක්‍රියා කර ඇත.

11 දින අදාළ කෙටුම්පත පිළිබඳ විවාදය ගෙන පැය කිහිපයකින් (ඒකාබද්ධ විපක්‌ෂ මන්ත්‍රිවරුන්ගේ විරෝධාතාවය මධ්‍යයේ) අදාළ පනත සම්මත කර ගත් බවට කථානායක විසින් ප්‍රකාශයට පතAකර ඇත - එහෙත් ඒ පිළිබඳව ඡන්ද විමසීමට නියමිතව තිබුණේ 12 වන දිනටය. (මෙම විමසීම ස්‌ථාවර නියෝග වලට පටහැනි බවට ඒකාබද්ධ විපක්‌ෂය චෝදනා කරයි). එදින අදහස්‌ ප්‍රකාශ කරන්නට උත්සාහ කළ දිනේෂ් ගුණවර්ධන හා විමල් වීරවංශ මන්ත්‍රීවරුන්ට කථානායක විසින් ඒ සඳහා අවස්‌ථාව ලබා දී නැත. කථානායකගේ අදහස වී ඇත්තේ එම අවස්‌ථාවේදී හිටගෙන සිටි අනෙක්‌ මන්ත්‍රීවරුන්ව අසුන් මත හිඳුවීමේ වගකීම කථා කිරීමට ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගේ වගකීමක්‌ වන බවයි. එහෙත් පාර්ලිමේන්තුව හසුරුවා ගැනීමේ වගකීම ඇත්තේ කථානායකට වන අතර පාර්ලිමේන්තුවට නිසි පරිදි කටයුතු කළ නොහැකිනම් එය තාවකාලිකව කල් තැබීම සාමාන්‍යයෙන් සිදුවන්නකි. කථානායක විසින් එසේ කටයුතු නොකළේ මන්දැයි ජනතාව හමුවේ ඇති ප්‍රශ්ණයකි. (8-11 හැ.වා. 1135 තීරුව) මේ අනුව අදාළ ඊනියා සම්මත කිරීම සිදුව ඇත්තේ එදින පාර්ලිමේන්තු ගර්භය තුළ සිටි බොහෝ මන්ත්‍රීවරුන්ගේ අදහස්‌ විමසීමකින් තොරවය. මෙවැන්නක්‌ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම අනුව කටයුතු කරන පාර්ලිමේන්තුවක්‌ තුළ සිදුවිය නොහැක්‌කකි.

නීතියට අනුව පනතක්‌ තිබේද?

ඕ එම් පී කෙටුම්පතේ 19 හා 20 වගන්තිවලට අනුව අදාළ කාර්යාලය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මුදල් ඒකාබද්ධ අරමුදලට වැයබරක්‌ විය යුතුය. ඒකාබද්ධ අරමුදලට වැයබරක්‌ වන කරුණක්‌ අඩංගු කෙටුම්පතක්‌ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 152 වන වගන්තිය අනුව කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගැනීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ නොහැක. එසේ අනුමැතිය ලැබුණු බව ස්‌ථාවර නියෝග 133 අනුව අදාළ අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට පැවසිය යුතුය. වැට්‌ බදු පනත සම්බන්ධයෙන් ලබාදුන් ශ්‍රෝෂ්ඨාධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කථානායකවරයා විසින් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ ව්‍යවස්‌ථාවේ 152 හා ස්‌ථාවර නියෝග 133 අනුගමනය නොකර ඉදිරිපත් කරන ලද කෙටුම්පතක්‌ බලශුන්‍ය වන බවය. ඕ.එම්.පී. පනත් කෙටුම්පතටද කැබිනට්‌ මණ්‌ඩලයේ අනුමැතිය ලබාගෙන නොතිබුණි. එබැවින් එම කෙටුම්පත 2016-08-11 දින දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්‌ථාවේදී බලශුන්‍ය තත්වයේ තිබුණි. එබැවින් එය සම්මත වූ බවට කථානායක විසින් සහතික කර ඇත්තේ බලාත්මකව නොපවතින පනත් කෙටුම්පතක්‌ වනහෙයින් එමගින් බලාත්මක කළහැකි නීතියක්‌ බිහිකළ නොහැකිය. කෙසේ වෙතත් ශුන්‍ය තත්වයේ පවතින කෙටුම්පතක්‌ මත වලංගු නීතියක්‌ ජනිත වී තිබේද යන්න යම් දිනයකදී ශ්‍රෝෂ්ඨාධිකරණය විසින් තීරණය කළ යුතුය. අනාගත ශුන්‍යභාවයකට ඉඩ නොතබා මෙම ඊනියා පනත පාර්ලිමේන්තුව විසින්ම ප්‍රතිශෝධනය කිරීම සියලු මන්ත්‍රීවරුන්ගේම වන්නේය.

පනතේ යටි අරමුණු

විපක්‌ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්ද යටපත් කරමින් මෙම පනත ගෙන ඒමේ තිබූ අදිසි හදිසියට සැබෑ හේතුන් දන්නේ ඒ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ මානව හිමිකම් මහකොමසාරිස්‌වරයාත්, අග්‍රාමාත්‍යවරයා හා එම පනත 2 වන වර ඉදිරිපත් කළ මංගල සමරවීර අමාත්‍යවරයාත්ය. මෙම පනතේ ප්‍රමුඛ කාර්ය අතුරුදන් වූවන් සෙවීම නොවන බව නම් පැහැදිලිය. එය එහි ද්වීතික කාර්යයක්‌ පමණි. පෙර කී නිර්දේශ අනුව මෙතෙක්‌ ක්‍රියාත්මකව පැවැති ජනාධිපති කොමිෂමද (පරණගම කොමිෂම) විසුරුවා හැර තිබේ.

ඕ එම් පී යේ සැබෑ යටිඅරමුණ පැහැදිලි වන්නේ මානව හිමිකම් මහකොමසාරිස්‌ කාර්යාලයෙත් ඕ.එම්.පී. යේත් යාන්ත්‍රණයන් සන්සන්දනය කිරීමෙනි. මහකොමසාරිස්‌ කාර්යාලය විසින් නිකුත් කළ පරීක්‌ෂණ වාර්තාව සකස්‌ කළ පටිපාටියම ඕ.එම්.පී. යේ යාන්ත්‍රනයට ඇතුලත්ය. ඕ.එම්.පී. ස්‌වාධින හා සංස්‌ථාගත ආයතනයකි. (3 වග). එයට ලේකම් කාර්යාලයක්‌ද සෙවීම් ඒකකය නැමැති විශේෂ ඒකකයක්‌ හා තවත් අනු ඒකක හා අංශ තිබේ. (16 හා 17 වග). ඒවාට බලය ලබා දී නිලධාරින් හා සේවකයින් තම අභිමතය පරිදි පත්කරගත හැක. ඕ.එම්.පී. ද විවිධ තැනැත්තන්ගෙන් හා ආයතනවලින් ලැබෙන තොරතුරු මත පරීක්‌ෂණ හා විමර්ශන සිදුකරයි. (12 වග) ඒකපාර්ශ්විකව හා රහසිගතව සාක්‌ෂි විමසීම් සිදුකරනු ලබයි (12 වග). ඊට සාක්‌ෂි ආඥා පනත අදාළ නොවන අතර ඉදිරිපත් කරන සාක්‌ෂි හරස්‌ ප්‍රශ්ණවලට භාජනය කර සත්‍ය තහවුරු කරගැනීමේ අවස්‌ථාවක්‌ නොමැත.

අතුරුදන් වූවන් ලෙස ප්‍රමුඛතාවය ලැබෙන්නේ උතුරු නැගෙනහිර ගැටුම්වලදී අතුරුදන් වූ අයටය. එයින්ද මෑතකදී (අවසන් අදියරේදී) වූ අතුරුදන්වීම්වලට වඩාත් ප්‍රමුඛතාවය ලැබේ. මානව හිමිකම් මහකොමසාරිස්‌ද ප්‍රමුඛතාවය දී ඇත්තේ මෙම කොට්‌ඨාශයටමය. එසේම විදේශ රටවල සැඟවී සිටින තැනැත්තන් වුවද අතුරුදන් වූවන් ලෙස ගණනය කිරීමටත් ඔවුන්ගේ පැවැත්ම හා අනන්‍යතාවය වසන් කර තැබීමටත් මෙම කාර්යාලයට හැකිය.

මානව හිමිකම් කවුන්සිලයට හා වෙනත් බටහිර රටවලට මෙතෙක්‌ විදේශගතව සිට කළ නොහැකිව තිබූ බොහෝ කටයුතු කරවා ගැනීමේ රහස්‌ පරීක්‌ෂක ආයතනයක්‌ ලෙස මෙම කාර්යාලය පාවිච්චි කළ හැකිය - රාජ්‍ය හා හමුදා අංශවල තිබෙන අභ්‍යන්තර තොරතුරු රැස්‌කිරීම ඒවා විශ්ලේෂණය කිරීම එම තොරතුරු දේශීය හා විදේශීය සංචිතවල ගබඩා කිරීම හා ඒවා මත පදනම්ව වාර්තා පළකර දේශීයව හා විදේශීයව ප්‍රසිද්ධ කිරීම, රජයේ ආයතනවලට සෘජුව නිර්දේශ නිකුත් කිරීම, සේවකයින් හා විශේෂඳයින් ගෙන්වා ගැනීමේ මුවාවෙන් විදේශ විමර්ශකයින් ගෙන්වා ගැනීම ඒ අතරින් ප්‍රමුඛ වේ.

මෙසේ බැලීමේදී ඕ.එම්.පී. ය මානව හිමිකම් කොමසාරිස්‌ කාර්යාලයේ දේශීය කාර්යාලයක්‌ විදේශයේ සිට මෙහෙය වීමට හැකිය. ඕ.එම්.පී. යෙන් ලබා දෙන නිර්දේශ හෝ හෙළිදරව් කරන සාක්‌ෂි හා කරුණු මත පිහිටා ඉලක්‌කගත තැනැත්තන් (උදා හමුදා නිලධාරීන්) සම්බන්ධයෙන් අභ්‍යන්තර විනය ක්‍රියාමාර්ග ගැනීමට හෝ එවැනි ක්‍රියාමාර්ග මුවාවෙන් දඬුවම් පමුණුවීමට බාධාවක්‌ නොමැත. මෙහි පහසුවෙන්ම දේශීය-විදේශීය බද්ධ (දෙමුහුන්) පරීක්‌ෂණ යාන්ත්‍රයක්‌ ක්‍රියාත්මක විය හැකිය- අදාළ නිර්දේශ අනුව ක්‍රියාකරන වෙනත් අධිකරණමය බලය ඇති ස්‌වාධීන යාන්ත්‍රණ අනාගතයේදී නීsතිවලින් බිහිකළ හැකිය- එවිට මෙම කාර්යාලයෙන් ලබා දෙන නිර්දේශ සත්‍ය වශයෙන්ම තීන්දුවක/තීරණයක ආකාරයෙන් ක්‍රියාත්මක වනු ඇත

එහි 11 වන වගන්තිය සංශෝධනය කර ඇත - එහෙත් එමගින් ගිවිසුම්වලට එළඹීමට පනවා තිබූ සීමා ඉවත් කර ඇත- එහි තවත් අනතුරක්‌ ඇත. ඕ.එම්.පී. ය විසින් ලබාගන්නා දත්ත විදේශීය දත්ත ගබඩාවල සංචිත කිරීම පමණක්‌ නොව විදේශ රසායනාගාර තුළ විශ්ලේෂණයද කිරීමටද හැකි වන පරිදි ගිවිසුම් ඇති කරගැනීමට ඕ එම් පීයට හැකිය. අතුරුදන් වූවන් පිළිබඳ ජාත්‍යන්තර කොමිෂමක්‌ ඇත- එමගින් ලෝකය පුරා සිටින විවිධ ජනකොටස්‌ වල වෛද්‍ය විද්‍යාත්මක දත්ත, විශේෂයෙන්ම ඩී.එන්.ඒ. දත්ත එකතු කර විශ්ලේෂණය කරනු ලබයි. එම ක්‍රමවේදයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ හා පැමිණිලි කරන්නන්ගේ ඩී.එන්.ඒ. සාම්පල ගෙන ඒවා විවිධ ස්‌ථානයන්හීදී සොයාගන්නා මියගිය තැනැත්තන්ගේ කොටස්‌වල ඩී.එන්.ඒ. සමග සැසඳීම කර ඥාතීත්වය සම්බන්ධ කරයිs. මේ ආකාරයෙන් ලබාගන්නා ලක්‌ෂ සංඛ්‍යාත ඩී.එන්.ඒ. දත්ත රටා බාවිතාකොට ඒ ඒ ප්‍රදේශවල ජනතාව ජීවවිද්‍යාත්මක වශයෙන් වර්ග කිරීම සිදුකළ හැකිය. ස්‌වයංපාලනයක්‌ ඉල්ලා සිටින ටී.එන්.ඒ. සංවිධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශවල අවධාරණය කර ඇත්තේ මෙරට උතුරු නැගෙනහිර වෙසෙන (ද්‍රවිඩ) ජනතාව අන් ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් වෙනස්‌ ජනවර්ගයක්‌ වන බවය. බටහිර පරීක්‌ෂණාගාරවලදී ඇඳෙන ඩී.එන්.ඒ. රටා පිඹුරුපත්වල මෙම වාර්ගීක වෙන්කිරීම සාවද්‍ය ලෙසට හෝ පෙන්විය හැක. තාක්‌ෂණික මෙවලම් අප සතුව නොමැතිකමින් මෙම පිඹුරුපත්වල නිරවද්‍යතාවය අභියෝග කිරීමද දුෂ්කරය. එහෙත් ස්‌වයං පාලනයක පදනම සාධාරණීකරණය කිරීම සඳහා බෙදුම්වාදීන්ට මෙම (පක්‌ෂග්‍රාහී විද්‍යාත්මක) සාක්‌ෂි ජාත්‍යන්තරය හමුවේ තැබිය හැකිය.

ඕ.එම්.පී. ය විසින් නිකුත් කරන වාර්තා මෙරට සමූලඝාතන සිදුවූ බවට හෝ යුධ අපරාධ සිදුකළ බවට හෝ ජාත්‍යන්තර නීතියට අනුව මෙරටට එරෙහිව එල්ල කර ඇති අභූත චෝදනා සනාථ කිරීමට අවභාවිතා කළ හැකිය. ඕ.එම්.පී. යේ යාන්ත්‍රණය තුළ ඉදිරිපත් වන සාක්‌ෂි විශ්වාසනීය භාවයෙන් දුර්වල වුවද පාර්ලිමේන්තුවේ නීතියක්‌ යටතේ එහි කටයුතු සිදුවන බැවින් එහි වාර්තාවන්ට හා නිර්දේශයන්ට ජාත්‍යන්තර වශයෙන් වලංගුභාවයක්‌ ආරෝපණය කළ හැකිය. මෙහි සොයාගැනීම් හා වාර්තා විදේශ අධිකරණවල සාක්‌ෂි වශයෙන් ආවේශ්‍ය කරගැනීමටද හැකිය - මෙම ක්‍රියාවලිය අවසානයේදී මෙරට ඒකීයභාවයද අභියෝගයට ලක්‌වනු ඇත.

මෙම සියලු කරුණු සලකා බලා මෙම නීතිය නැවත වරක්‌ සලකා බැලීමේ වගකීමක්‌ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීන් වෙත පැවරී ඇත.

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions