1/29/2018

ලෝසියස් හොරකම් කළේ ‘සිවිල් සමාජයේ රෙදි ටිකද’?

කතෘ:යුතුකම     1/29/2018   No comments

-ආචාර්ය චරිත හේරත්පසුගිය සති කීපය තුළ මෙරට දේශපාලනයේ සිදුවූ දේවල් අතරින් මගේ සිත් ගත් විශේෂතම එකක් වූයේ මහ බැංකු හොරකම ගැන ජනාධිපති කොමිසමේ වාර්තාව එළියට ඒමත් සමග යහපාලන සිවිල් සමාජ කණ්ඩායමේ අයගෙන් දකින්නට ලැබෙන ප‍්‍රතිචාරයන් සහ හැසිරීම්ය. 2015 ජනාධිපතිවරණය මුල් කරගෙන මෙරට සමාජයේ මතුවූ අලූත්ම තාළයේ සිවිල් සමාජයක් බව මා කියන්නේ ඒ ව්‍යාපාරය පටන් ගත් තාලයේ සිටමය. මෙය අලුත් තාලයේ එකක් යැයි කියන්නේ හේතු කීපයක්ම නිසාය. එක් හේතුවක් වන්නේ මේ කියන සිවිල් සමාජයේ අය තම තමන් විවිධ විවිධ සංවිධාන වගේ පෙන්නූවාට ඉන්නේ (හිටියේ) එකම කණ්ඩායමක බවය. පුරවැසි බලයල යහපාලනය ගැන සෝභිත හිමිගේ ව්‍යාපාරය, නව පරපුර, ව්‍යවස්ථාව සදහා ජාතික ව්‍යාපාරය වැනි විවිධ නම්වලින් පෙනී සිටියාට මේ හැම එකකම හිටියේ එකම කණ්ඩායම 'මිතුරන් අතරේ' තනතුරු ටික මාරු කරගනිමින්ය. උදහරණයක් ලෙසින් ගතහොත් හෙද සංගමයේ ජාතික සංවිධායක, පුරවැසි බලයේ කැදවුම්කරුය, ව්‍යවස්ථා සදහා ව්‍යාපාරයේ උප සභාපතිය, යහපාලන ව්‍යාපාරයේ ලේකම්ය, ආදි වශයෙනි. මේ සිවිල් සමාජ කණ්ඩායම්වල තියෙන අනෙක් විශේෂත්වය වන්නේ මේ හුගක් අය බරපතල දේශපාලන තේරුම් ගැනීමක් සමග සිටින කණ්ඩායමක් නොවීමය. පසුගිය මැතිවරණයේ රාජපක්ෂ පාලනයට එරෙහිව කවුරු හෝ හද දෙන අලංකාරිකයක් ඔහේ කියා දැමීම හරහා මාධ්‍ය අවකාශයේ හැසිරීම හැර බරපතල යමක් මේ අයගේ මේ 2015 චර්යාවේ දකින්නට ලැබෙන්නේම නැත්තේ ඒ නිසාය.

මගේ තේරුම් ගැනීම අනුව නම් මේ බැදුම්කර කොමිසමේ වාර්තාවත් සමග බරපතලම ආකාරයෙන් අර්බුදයට ගියේ රනිල් වික‍්‍රමසිංහ හෝ රවී කරුණානායක නොව මේ කියන සිවිල් සමාජයේ කණ්ඩායමය. ඇලෝසියස් හොරකම් කළේ මහ බැංකුවේ සල්ලි බව සැබෑය. එහෙත් ඒ හරහා ඔහු 'විද්දේ' මම මේ කියන සිවිල් සමාජයේ දේශපාලන වස්ත‍්‍රාභරණ ටිකටය. ඇලෝසියස් මේ ටික කළේ මේ සිවිල් සමාජයේ කාණ්ඩය ‘රාජපක්ෂලාගේ කට්ටිය හොරු- රනිල් නම් මරු’ වගේ දේවල් කියමින් අනෙක් අයගේ රෙදි ඇදිම ප‍්‍රශ්න කරමින් සිටින කාලයක වීම මෙහි ඇති අනෙක් වැදගත් කාරණයය.

කොමිසම් වාර්තාව ගැන වැඩි දුරට කථා කිරීමට පුවත් පත් සාකච්ජාවක් වත් එක යහපාලන සිවිල් සමාජකරුවෙක් වත් තවම තිබ්බේ නැත. තමන් නොදන්න හැම ක්ෂේත‍්‍රයකම විෂයන් ගැන කථා කරන යහපාලන සිවිල් සමාජ නායකයෙකු යැයි කියන 'බස් ගැමුනු' වගේ අයවත් මේ ගැන මොකුත් කියන්නේ නැත. සමහරුන් ඉන්නේ ‘මට ඇහුනේ නැ’ වැනි සෙයියාවෙන්ය. රාවයට කොළම් ලියන (හතර කොළමේ අය නොවේ) අපේ මිත‍්‍ර විද්වතුන් පවා මේ දවස්වල කථා කරන්නේ ‘පොළිස් කොමිසමේ කාර්යභාරය’ වැනි බර මාතෘකා මිස බැදුම් කර කොමිසමට රනිල්ගේ සම්බන්ධතාවය වැනි ‘සරල’ දේවල් ගැන නොවේ. අනෙක් අතට මීට පෙර මුල්‍ය අක‍්‍රමිකතා ගැන හැමදම වගේ ලියන දැනට එජපයට සම්බන්ධ පරන වාමාංෂික සිවිල් සමාජ කරුවන් පවා අද ඉන්නේ ‘අපි ඔව්වට නෑ’ වගේ පෙන්නා ගෙනය.

මේ කණ්ඩායම් අතරින් කීපදෙනෙකු පමණක් තමන්ගේ දේශපාලනයම වෙනස් කරනා බව පෙන්වමින් ජවිපෙට සහාය දිම වැනි ක‍්‍රියාමාර්ග තෝරාගෙන තිබෙන බව දැනටමත් ප‍්‍රසිද්ධය. (එහෙම තෝරාගෙන ඇත්තේ බැදුම්කර වාර්තාව බලා නොව ඊට ටික දවසකට පෙර සිට බවත් සැබෑය). වෙලාවේ හැටියට ඒ වැඩෙත් නරක නැත. සමාජ මාධ්‍යටක කෙනෙක් කියා තිබුනේ ‘කෙළින්ම එජාපයට යනවාට වඩා තරමක් ප‍්‍රගතිශීලි බවක්’ ඒ තෝරා ගැනීම තුළ තියෙන බවය. එහෙත් මේ සමහර සිවිල් නායකයින් ජවිපෙට යන්නේ මේ අමාරු අවස්ථාවේ පරන සිවිල් සමාජ නායකත්වයම කිලිටි නොවී තියාගෙන යන්න ඒ පාරෙන් යන එක හොද යැයි සිතන නිසා බව මගේ තේරුම් ගැනීමය. මෙය හරියට සමාන වන්නේ වාහනයක් පාර්ක් කරන්නට රියගාලක වට කීපයක් රවුම් ගසා කරන්නම දෙයක් නැති තැන අන්තිමට ඉතිරිවී තිබෙන ‘නෝ පාර්කින්’ තැනක හෝ රිය නවත්වන කෙනෙකුගේ තත්වයටය. මේ මහත්වරුන්ට ජවිපෙ හොද වෙන්නේ මේ වෙලාවේ නවත්වන්නට තැනක් නැති නිසාය. තමන්ගේ 2015 ජනවාරි දේශපාලනයේ සුජාතභාවය ඇලොසියස්ලා උස්සලා පොළොවේ ගසන තත්වයක ආන්ඩුවට උදව් කරන ගමන් පරණ රෙජමයට පහර දෙන්නට තමන් ඉන්න තැන ඉදන් නොහැකි නිසාය. මේ ඉඩෙන් යම් ප‍්‍රයෝජනයක් ගැනිමට ජවිපෙට හැකියාවක් ඇතොත් ඒ ගැන මගේ අපුලක් නැත. එහෙත් එවැනි ඉඩක් තිබේ යැයි මා සිතන්නේ නැත.


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions