1/02/2018

2018 පළාත් පාලන මැතිවරණයේ නින්දිතම පරාජිතයා සහ වාසනාවන්තම ජයග‍්‍රාහකයා

කතෘ:යුතුකම     1/02/2018   No comments

2018 පළාත් පාලන මැතිවරණයේ නින්දිතම පරාජිතයා ජනාධිපති සිරිසේනයි. වාසනාවන්තම ජයග‍්‍රාහකයා ගෝඨාභය රාජපක්‍ෂයි.

-නීතිඥ සංජීව වීරවික‍්‍රම-

අවුරුදු තුනකට ආසන්න කාලයක් තිස්සේ නොපවත්වා සිටි පළාත් පාලන මැතිවරණය ස`දහා අවසානයේ දී දින නියමවී ඇත. ඒ 2018 පෙබරවාරි 10 වන දිනයයි. අගමැතිවරයාගේ මතය අනුව එය ආණ්ඩු මාරුකරන මැතිවරණයක් නොවේ. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයිනට අනුව නම් එය පවතින යහපාලන රජයට එරෙහි පොදු ජනතාවගේ විරෝධය පෙන්නුම්කරන ජනමත විචාරණයකි. කවුරු කෙසේ කීවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හුරු මේ රටේ ජනතාව මෙම මැතිවරණය ස`දහා ඉතා උනන්දුවෙන් සහභාගීවනු ඇත. මෙම මැතිවරණයේ ප‍්‍රතිපලය කුමන දිශානතියක් කරා ගමන්කරන්නේද යන්න පිළිබ`ද දැන් කා තුළත් දැඩි උනන්දුවක් ඇතිකරමින් ඇත. ඒ ස`දහා අප විමසා බැලිය යුතු කරුණු රාශියකි.

මැතිවරණය පැවැත්වීම නියම වීමත් සමගම ඉංග‍්‍රීසි මාධ්‍ය වාර්තා මගින් දක්වා තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මත හා සහ වත්මන් ජනාධිපති සිරිසේන මහතා ඔහුගේ සොහොයුරාගේ නිවසේ දී හමුවූ බවත් එහිදී වත්මන් ජනාධිපතිවරයා විසින් ඔවුන් දෙදෙනා නියෝජනය කරන දේශපාලන බලවේග හා පක්‍ෂ එක් පෙරමුණක් සේ තර`ග කිරීමට යෝජනාකල බවත්ය. එම යෝජනාව දීර්ඝ ලෙස සාකච්චා වුණු අතර ඒ දෙස රටේ ප‍්‍රගතිශීලී ජනතා බලවේග බලාසිටියේද බලාපොරොත්තු දල්වාගත් දෑසකින් යුතුවය. ඒ පසුබිමේ වූ සරළ ගණිත සමීරකරණය වූයේ එම බලවේග දෙක එක්වී රටේ මධ්‍ය වාමාංශික බලවේගවල එකමුතුවක් ලෙස තර`ග කලහොත් (ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජනතා නිදහස් සන්දානයත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත්* එක්සත් ජාතික පක්‍ෂය පරාජය වන බවත් එසේ නොවී වෙන්ව තර`ග කලහොත් මධ්‍ය වාමාංශිකයන්ගේ ඡුන්ද බෙදී යන බැවින් එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කරන බවත්ය.

එහෙත් එය අවසානයේ දී සිදු නොවිනි. අදද රටේ බොහෝ ප‍්‍රගතිශීලී සාමාන්‍ය ජනතාව සමග කථාබහ කරන විට ඔවුන් තුළ එසේ එක් නොවීම ගැන ඇත්තේ සිත්කලකිරීමකි. තරමක වේදනාවෙන් කථාකරන බොහෝ පිරිස් ඇත. සුසිල් පේ‍්‍රමජයන්ත් ඇමතිවරයාට අනුව ගෙදර සිට ලබාගත හැකිව පැවති ජයග‍්‍රහණය දැන් වැළකී ගොස් ඇත. මේ නිසාවෙන්ම මෙම සිදුවූ සමස්ථ ක‍්‍රියාවලිය වඩාත් තීවෘර ලෙස විශ්ලේෂණය කොට පැහැදිලිකරගැනීම ඉතා වැදගත් යයි සිතමි.

සිරිසේන ජනාධිපතිවරයාට එක්වී තරග කිරීමට අවශ්‍යවූයේ ඇයි?

2015 ජනවාරි 08 වෙනිදා ජයග‍්‍රහණයෙන් පසු ජනාධිපති සිරිසේන විසින් සිදුකල දේශපාලනික වශයෙන් වඩාත්ම සටකපටම ක‍්‍රියාව වූයේ නිර්දේශපාලනිකයැයි කියූ ඔහු පරාජිත අපේක්‍ෂකයා වූ මහින්ද රාජපක්‍ෂගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයත් යන පක්‍ෂ දෙකම තම විධායක බලය යොදාගනිමින් ඩැහැ ගැනීමයි. මෙය ඔහු සිදුකලේ ඇයි? සත්‍යවශයෙන්ම ඔහු මෙය සිදුකලේ තම පාලනය ගෙනයෑමේදී ඔහුට මුහුණ දීමට සිටි වඩාත්ම ප‍්‍රබලතලම විරුද්ධවාදියා වූ මහින්ද රාජපක්‍ෂ දුර්වල කොට නිහ`ඩ කිරීමයි. තවත් අතකින් තමන්ගේ පෞද්ගලික ජයග‍්‍රහණය අත්කරගැනීමට මග සළසා දුන් අගමැති රනිල් වික‍්‍රමසිංහගේ පාලනය ආරක්‍ෂාකොට, වඩාත් පහසුවෙන් කරගෙනයෑමට ඉඩ සළසා දීමයි. නොඑසේනම් ඔහුට තමාට විරුද්ධව ඡුන්දය දුන් ජනතාවගේ පක්‍ෂය බලෙන් ලබාගැනීම සාධාරණීකරණය කිරීමට වෙනත් කිසිදු තර්කයක් ඔහුට ගොඩනැගිය නොහැකිය. ජනාධිපති සිරිසේන ඉන්පසුව, 2015 අගෝස්තුවේ පැවති මහා මැතිවරණයේ දී ද මහින්ද රාජපක්‍ෂ නායකත්වය දුන් එක්සත් ජනතා නිදහස් සන්ධානය පැරදවීමට වක‍්‍රව කටයුතු කලේ ද මෙම කාර්යය ස`දහාම බව පසුව ඔහු විසින්ම ඒ පිළිබ`දව ප‍්‍රසිද්ධියේ සිදුකල ප‍්‍රකාශයෙන්ම තහවුරු විය.

එසේ නම් මෙම 2018 ප‍්‍රකාශිත පළාත් පාලන මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතා සමග සමගි සන්ධානයක් ඇතිකරගැනීමට ඔහුට අ`එතින් ඇතිවූ අවශ්‍යතාවය කුමක්දැයි සළකා බැලීම අත්‍යාවශ්‍යය. එහිදී ජනාධිපති සිරිසේනගේ අරමුණ ඉතා පැහැදිලිව හ`දුනාගැනීම පහසුය. විධායක ජනාධිපති ක‍්‍රමය දින 100 ක් තුළ අහෝසිකරන බව පොරොන්දු වී බලයට පැමිණි ඔහු බලයට පත්වී ගෙවුණු අවුරුදු 3 තිස්සේම කටයුතු කලේ එම පොරොන්දුවට එරෙහිවය. එය කෙතරම් ශූක්‍ෂම ලෙස ඔහු කලේද යත් ප‍්‍රසිද්ධ මාධ්‍යයට ඔහු විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන බවට පුලපුලා පවසයි. එහෙත් තමන් නායත්වය දරන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිල මතය ලෙස නිමල් සිරිපාල ද සිල්වා හා අනෙකුත් ඇමතිවරුන් මගින් ප‍්‍රකාශ කරන්නේ, තම පක්‍ෂය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට මු`එමනින්ම විරුද්ධ වන බවත්, එමනිසා තම පක්‍ෂය විරුද්ධ වන බැවින් පාර්ලිමේන්තුවේ 2/3 නොලැබෙන බැවින් ද විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි වීම සිදු නොවන බවයි. තවදුරටත් ඔහු වෙනුවෙන් කථාකරන්නන් පවසන්නේ ජනමත විචාරණයට යෑමට සිදුවන ව්‍යවස්ථා වෙනසක් සිදුකිරීමට ජනාධිපතිවරයාට ජනවරමක් නොමැති බවත්, එම නිසා විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට ඔවුන් විරුද්ධ වන බවත්ය.

ඔවුන්ට අනුව මෙහි අපූරුම ප‍්‍රතිපලය වන්නේ ඊල`ගට පැවැත්වෙන ජනාධිපතිවරණයට ජනාධිපති සිරිසේනට ඉදිරිපත් වීමට සිදුවීමය. එසේ නම් දැන් ඔහු ඒ ස`දහා කුමක් කල යුතුද? ජනාධිපති සිරිසේන 2015 ජනාධිපතිවරනයේ දී ජයග‍්‍රහණය කලේ ලක්‍ෂ 62 ක ජනවරමක් ඇති ජනාධිපතිවරයා ලෙසිනි. එමනිසා 2018 පෙබරවාරි 10 වන දින පැවැත්වෙන පළාත්පාලන මැතිවරණය සිරිසේන ජනාධිපතිවරයාගේ එම මීල`ග ජනාධිපතිවරණ සිහිනයට බලපාන්නේ කෙසේද? එය සරළව සලකා බලමු.

අගමැති රනිල් වික‍්‍රමසිංහ 2019 දී දුර්වල ජනාධිපති අපේක්‍ෂකයෙකු බවට පත්කිරීම
දෙවන වර ජනාධිපති වීමේ සිහිනයේ සිටින ජනාධිපති සිරිසේන හො`දින්ම දන්නා කරුණක් නම් 2019 ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා බවයි. එහිදී සිරිසේන මහතා ද ඉදිරිපත් වන්නේ නම් එක්කෝ ඒ පොදු අපේක්‍ෂකයා ලෙසම ඉදිරිපත් විය යුතු අතර නැත්නම් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සංධානයේ අපේක්‍ෂකයා ලෙසින් විය යුතුය. පසුගිය අවුරුදු 3 ක කාලය පුරා සාමාන්‍ය ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂකයන්ගෙන් මෙන්ම සාමාන්‍ය ප‍්‍රගතිශීලී ජනතාවගෙන් ද ඔහුට එරෙහිව දැඩිව විරෝධයක් එළ්ලවෙමින් ඇත. එමෙන්ම ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මධ්‍යම කාරක සභිකයන් මෙන්ම විධායක සභිකයන් ද තවමත් තම පාලනයට ගැනීමට සිරිසේන ජනාධිපතිවරයා අසමත්ව සිටී. එම තත්ත්වය තුළ රාජපක්‍ෂවරයෙකු අභිබවමින් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ මධ්‍ය වාමාංශික පෙරමුණක අපේක්‍ෂකයා වීම තමන්ට කිසිසේත්ම කල නොහැකි බව ජනාධිපති සිරිසේන සක්සුදක් සේ දන්නවා ඇත. පසුගිය මැයිදින රැුලිය මෙන්ම රටපුරා දිනෙන් දින ප‍්‍රදර්ශීය වන මහින්දවාදී ජනපදනමේ ජනප‍්‍රියභාවය පිළිබ`ද තමන්ට ලැබෙන රහස්‍ය වාර්තා ද ඔහු හො`දින් කියවනවා ඇත.

මෙම තත්ත්ව තුළ ජනාධිපති සිරිසේනට වැඩි විභවයක් ඇත්තේ නැවතත් පොදු අපේක්‍ෂකයා ලෙසින්ම ඉදිරිපත්වීමට උත්සාහ කිරීමය. එහෙත් ඒ ස`දහා අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත් වීම වැළැක්විය යුතුය. එවන් පසුබිමක් තුළ ජනාධිපති සිරිසේනගේ ක‍්‍රියාකාරීත්වය පහත සිදුවීම් සමග ප‍්‍රශ්ණ සහගතය. ජනාධිපති සිරිසේන තමන් විසින්ම බැ`දුම්කර ගණුදෙනු පිළිබ`ද විශේෂ බලැති ජනාධිපති කොමිසමක් පත්කලේය. එහි ක‍්‍රියාකාරීත්වය තුළ සමස්ථ රටපුරා දැඩිව පැතිරී ගොස් ඇති හා පොදුජන මනසට කි`දාබැස ඇති ප‍්‍රවෘර්තිය වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ යහපාලන රජය විසින් රුපියල් ටි‍්‍රලියනයකට වඩා විශාල මහා පරිමාන රාජ්‍ය මූල්‍ය වංචාවක් සිදුකොට ඇති බවකි. ජනාධිපති සිරිසේන මාධ්‍ය ඔස්සේ හැසිරෙන්නේ හා ප‍්‍රකාශ කරන්නේ තමන් කඩුව ගෙන ඇති බවත් වැරදි කළවුන්ට තරාතිරම නොබලා ද`ඩුවම් දෙන බවත් ප‍්‍රකාශකරමින්ය. කවුරුන් විසින් වරද සිදුකරණු ලැබූවද, බ`දුම්කර කොමිසන් සභා අවසන් වාර්තාවේ කුමක් ස`දහන් වි තිබුණද, එහි කුමන නිර්දේශයන් අන්තර්ගත වූවද, අවසානයේ සමස්ථ ජනමනසේ අද වන විට ඇතිව ඇති තත්ත්වය වන්නේ සෘජුව හෝ වක‍්‍රව රනිල් වික‍්‍රමසිංහ මහතා හා/හෝ ඔහුගේ රජය මෙම මහාපරිමාණ රාජ්‍ය මූල්‍ය වංචාවට වගකිව යුතුබවය. මෙහි අවසාන ප‍්‍රතිපලය වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ කිර්තිනාමයට අතිවිශාල හානියක් සිදුව ඇතිවා මෙන්ම ඔහුගේ ජනප‍්‍රයභාවයටද දැඩි හානි පැමිණ ඇත. මේ තත්ත්වය තුළ අගමැති වික‍්‍රමසිංහ 2019 ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වීමේ දී ඔහුට විශාල අවාසිසහගත තත්ත්වයක් වර්තමානයේ දී උද්ගතව ඇත.

ලග නොබැලූ දුරම බැලූ මහින්ද රාජපක්‍ෂගේ තීක්‍ෂණ නුවණ

දැන් ජනාධිපති සිරිසේනට මහින්ද රාජපක්‍ෂ සමග විස`දාගත යුතු ප‍්‍රශ්ණය කුමක්ද? සිරිසේන ජනාධිපතිවරයා විසින් 2015 බලයට පත්වීමෙන් පසු ඇතිකල රජය විසින් සිදුකල බොහෝ ක‍්‍රියාවන් සම්බන්ධයෙන් දැනට බරපතල ලෙස මහජන විරෝධයක් ගොඩනැගෙමින් ඇත. රණවිරුවන්, විශ්ව විද්‍යාල සිසුන්, රජයේ වෛද්‍යවරුන්, රේගු සේවකයින්, වරාය සේවකයන්, ගොවිජනතාව පමණක් නොව භික්‍ෂූන් වහන්සේලා මෙන්ම ත‍්‍රයිනිකායික මහානායක හිමිවරුන්ද ප‍්‍රසිද්ධියේම රජයේ විවිධ ක‍්‍රියාදාමයන් පිළිබ`ද දැඩි විරෝධයන් ඉදිරිපත් කොට ඇත. මෙම බොහෝ බුරබුරා නැගඑන මහජන විරෝධයන්හී සක‍්‍රීය හා සංවේදී දේශපාලන නායකත්වය ගැනීමට මහින්ද රාජපක්‍ෂ මෙන්ම ඔහු වටා සිටින මහජන බලවේග වලටද වර්තමානයේ හැකිවී ඇත. මෙම තත්ත්වය තුළ මහින්ද වටා බිහිවන ඕනෑම දේශපාලන පක්‍ෂයක් හෝ සන්ධානයක් මීල`ග පැවැත්වෙන මැතිවරණයක දී සාතිශය බහුතර බලයක් අත්පත්කරගැනීම දක්නට ලැබෙන යථාර්තයයි.

මෙම වටපිටාව තුළ මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා සමග එක්වීම හෝ එක් නොවීම ජනාධිපති සිරිසේනට බලපාන්නේ කෙසේද?

සිරිසේන ජනාධිපතිවරයා මෙහෙයවන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයත්, මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා මෙහෙයවන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්වුව හොත් ස්ථීරවම මෙම මැතිවරණය දෙපාර්ශවයක් අතර සටනක් බවට පත්වේ. එනම් සුපුරුදු එක්සත් ජාතික පක්‍ෂය හා මධ්‍ය වාමාංශිකයන් අතර සටනය. එහිදී පවත්නා එක්සත් ජාතික පක්‍ෂයට ජනතාව තුළ පවතින දැඩි අප‍්‍රසාදය මත හා ආණ්ඩුව බොහෝ අංශයන් හිදී නැවත නැවත පෙන්නුම් කොට ඇත අසාර්ථකභාවය ද නිසා එක්සත් ජාතික පක්‍ෂයට එරෙහිව ඉදිරිපත්වන්නාවූ, පාර්ශවයට විශාල ජයග‍්‍රහණයක් ලබාගැනීමට හැකි වනු ඇත.

සිරිසේන-මහින්ද රාජපක්‍ෂ හවුල ඇතිවිනි නම්, එය ජයගතහොත් ඇතිවන තත්ත්වය කුමක් විය හැකිද?

එවන් හවුලක් ඇතිවී ජයග‍්‍රහණයක් ලැබීනම් ජනාධිපති සිරිසේන නැවතත් රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ජාතිය අමතමින් පවසනු ඇත්තේ මෙම ජයග‍්‍රහණය තමන් ලද ජයග‍්‍රහණයක් බවත්, තම යහපාලන ප‍්‍රතිපත්ති ලද ජයග‍්‍රහණයක් බවත්, තමා නව දේශපාලන සංස්කෘතියක් ඇතිකල බවත් එය ජනතාව නැවත නැවතත් අතිවිශාල බහුතරයකින් අනුමත කල බවත්ය. ඔහු කිසිදු හිරිකිතයකින් තොරව මෙතෙක් පැවති 3 න් අවුරුදු යහපාලනයේ සියලූ දෝෂ එක්සත් ජාතික පක්‍ෂයේ හා එහි නායකයන්ගේ වරදින් සිදුවූ බව පවසා එම සියලූ පවු ඔවුන් කරමත තබා තමා නිවැරදි බවත,් සුපිරිසිදු බවත් මහත් උජාරුවෙන් පසවනු ඇත.

තවද එපමනකින්ද නොනැවතී, වර්තමානයේ පවතින යහපාලන රජයට එරෙහි දැවැන්ත මහජන බලවේගයට නායකත්වය දෙන මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමුඛ ජාතික හා ප‍්‍රාදේශීය නායකන් හා ඔහුන්ගේ ක‍්‍රියාකාරීත්වය තම විධායක බලය යොදාගනිමින් ශූක්‍ෂම ලෙස යටපත් කර දමනූ ඇත. එකී ක‍්‍රියාව හරහා 2019 මීල`ග ජනාධිපතිවරණය පැවැත්වෙනතුරු, තමන්, තවමත් මීල`ග ජනාධිපති අපේක්‍ෂකයා බවට පත්වීමට සුදුස්සා යැයි හ`ගවමින් ජනමතය හැසිරවීමට ඔහු සමත්වනු ඇත.

එහෙත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, සිරිසේන ජනාධිපතිවරයාගේ හවුලේ මැතිවරණයට ඉදිරිපත්වීමේ මෙම යෝජනාව ප‍්‍රතික්‍ෂේප කිරීම ඉතා විශ්ලේෂණාත්මකව තේරුම්කරගත යුතුය. දශක ගණනාවක් තිස්සේ එකට, එකම පක්‍ෂයේ සිට දේශපාලනය කල සිරිසේන මහතා තේරුම් ගැනීමටත්, ඔහුගේ රුව ගුණ මෙන්ම ගතිගුණද මහින්ද රාජපක්‍ෂ මහතාට තවමත් මතක ඇතිවා ඇත. එමෙන්ම තමා යටතේ කැබිනට් මණ්ඩලයේ, ඔහු සිටි ආකාරයත්, තම පක්‍ෂයේ මහලේඛම් ලෙස ක‍්‍රියාකල ආකාරය මෙන්ම, 2014 නොවැම්බරයේ දී මීල`ග ජනාධිපතිවරණය ස`දහා මහින්ද රාජපක්‍ෂගේ නම යෝජනා කොට, පසුව ආප්ප ද ආහාරයට ගෙන ඊල`ග දිනයේ ඔහුට විරුද්ධව ඉදිරිපත් වූ ආකාරයද සිහිවූවා ද විය හැක.

කෙසේ වූවද මහින්ද රාජපක්‍ෂ මහතා එකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග එකවිට එක්ව සිට, සමූහයක් ලෙස, දීර්ඝව සාකච්චා කොට අන්මත වලට ඉඩදෙමින්, බොහෝ මතයන්ට ගැටෙන්නට ඉඩදෙමින්, බහුතරයේ මතයට ගරුකරමින් අවසානයේ තීරණය කලේ වෙන්ව තර`ග කිරීමටය. එවන් තීරණයක් ගැත්තේ ඇයිදැයි බොහෝ ජනයා තවමත් ප‍්‍රශ්න කරති. සහමරුන් දක්වා සිටියේ ඉන්දියානු රහස් ඔත්තු සේවය වන රෝ සංවිධානයේ අවශ්‍යතාවය පරිදි මෙලෙස හවුලේ තර`ග කිරීම වැළකී ගිය බවත්ය. තවද එලෙස හවුලේ තර`ග කිරීමේ ඉඩ වළක්වමින් ඉන්දීය රෝ සංවිධානයේ අවශ්‍යතාවය ඉටුකලේ බැසිල් රාජපක්‍ෂ හා විමල් වීරවංශ යන හිටපු ඇමතිවරුන් බවටද චෝදනා නැගිනි. එහෙත් මෙලෙස වෙන්ව තර`ග කිරීමෙන් ඇතිවන ප‍්‍රතිපලය දෙස විශ්ලේෂණාත්මකව විමසිමෙන් මෙම ගත් තීරණයේ වැදගත්කම වටහාගත හැකි වනු ඇත.

වෙන්ව තරග කොට ඇතිවන ප‍්‍රතිපලය

දැන් පළාත්පාලන මැතිවරණයට තර`ග කරන්නේ වෙන්වෙන්වය. එක්සත් ජාතික පක්‍ෂය එක් පසෙකත්, මහින්ද රාජපක්‍ෂ නායකත්වය දෙන ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ තවත් පසෙකත්, ජනාධිපති සිරිසේන නායකත්වය දෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමහර ස්ථානවලත් ඔහුම නායකත්වය දෙන එක්සත් ජනතා නිදහස් සන්ධානය තවත් ස්ථානවලත් තර`ග කරයි. මෙම තත්ත්වය තුළ ප‍්‍රතිපලය කුමක් වේවිද යන්න බොහෝ දෙනා සාකච්චා කරති. එමෙන්ම බොහෝ දෙනා පුරෝකථනය කරන්නේ විශාල වශයෙන් ජනතාව ඡුන්දය භාවිතා නොකරනු ඇත යන්නයි.

කෙසේ වුවද, සරලව විශ්වාසය තැබිය හැක්කේ එක්සත් ජාතික පක්‍ෂය අවම වශයෙන් ඡුන්ද ලක්‍ෂ 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් ලබාගනු ඇති බවයි. එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි ඡුන්දදායකයින්ගේ ඡුන්දය මහින්ද රාජපක්‍ෂගේ ශ‍්‍රී ලංකා පොදුජන පක්‍ෂය විසින් ලබාගනු ඇති බවත් එයද අවම වශයෙන් ඡුන්ද ලක්‍ෂ 30 ත් 40 ත් අතර ප‍්‍රමාණයක් ලබාගැනු ඇති බවයි. මෙම ප‍්‍රමාණය ඡුන්දය පැවැත්වෙන දිනය වන විට වෙනස් වන තත්ත්වයන් හා ඡුන්දය භාවිතා කරන්නන්ගේ ප‍්‍රමාණය අනුව ස්ථිරවම ධනාත්මක ලෙස වෙනස් වනු ඇත.

එහෙත් සිරිසේන ජනාධිපතිවරයාගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් කුමන ප‍්‍රතිපලයක් අත්වනු ඇත්ද? ඔවුන් මෙම ඡුන්දය තුළ මුහුණ දෙන බරපතල ප‍්‍රශ්ණ රාශියක් ඇත. පොදු ජන මනසට අනුව මෙම පවත්නා යහපාලන රජය ආරක්‍ෂා කලේ ජනාධිපති සිරිසේන ප‍්‍රමුඛ ඔහු සමග සිටින ඇමතිවරුන් පිරිසයි. ඒ නිසාවෙන්ම මෙම රජය සිදුකොට ඇති අතිවිශාල රටට හා මහජනතාවට එරෙහි වැරදි ක‍්‍රියාවන්ට ඔවුන් එකසමානවම වැරදි කරුවන්ය. මෙම රජයේ පාලනය මගින් පීඩාවට පත්ව ඇති ගොවි, කම්කරු, වානිජ භෝග වැවිලිකරුවන්, රාජ්‍ය සේවකයන් මෙන්ම රණවිරුවන් හා තරුණ පරපුර වැනි අතිවිශාල සමාජ කණ්ඩායම් ස`දහා ජනාධිපති සිරිසේන හෝ ඔහුගේ පක්‍ෂය යෝජනාකරන, ජනතාවට පිළිගත හැකි හා විශ්වාසය තැබිය හැකි කිසිදු ක‍්‍රියාමාර්ගයක් නොමැත. මේ සියල්ලටත් වඩා මෙම පක්‍ෂ දෙක පසුගිය මැතිවරණ දෙකේදීම පරාජය කිරීමට මුල්වූ තැනැත්තා ජනාධිපති සිරිසේන බව රටේ ඕනෑම කෙනෙක් පිළිගන්නා යථාර්තයකි. මෙම තත්ත්වය තුළ ජනාධිපති සිරිසේනට තම ඡුන්ද ව්‍යාපාරය තුළ ඡුන්ද ලක්‍ෂ 5 ක් ලබාගත හැකි වන්නේ නම් එයද බරපතල සිද්ධියකි.

2018 පෙබරවාරි 11 දින ප‍්‍රතිපලයෙන් පසු ජනාධිපති සිරිසේනගේ ඉරණම

මෙම තත්ත්වය මත ඡුන්ද ප‍්‍රතිපල විශ්ලේෂණය කරන දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය ප‍්‍රකාශ කරණු ඇත්තේ 2015 ජනවාරි 08 දින ඡුන්ද ලක්‍ෂ 62 ක් ලබාගෙන බලයට පැමිණි ජනාධිපතිවරයා වූ සිරිසේන ජනාධිපතිවරයා ආසන්න වශයෙන් ඡුන්ද ලක්‍ෂ 5 ක් ලබාගෙන 5‍්‍ර ක ඡුන්ද ප‍්‍රතිශතයක් මෙම ඡුන්දයේදී ලබා ඇති බවයි. මෙය සිදුවිය හැකි ආසන්තම සිදුවීමය. මේ ඉරණමට මුහුණ දෙන ජනාධිපති සිරිසේනගේ ඉදිරි වර්ශ දෙකක ධූරකාලය කෙබ`දු වේද?
තමා බලහත්කාරයෙන් නායකත්වය ලබාගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයන්, මධ්‍යම කාරක සභිකයන් හා විධායක සභාවේ සාමාජිකයන් තවදුරටත් ඔහු සමග සිටීද? නොඑසේනම් ජනතා ප‍්‍රසාදය සමග සිටින මහින්ද රාජපක්‍ෂ වටා රැුස්වෙනු ඇත්ද? මෙම තත්ත්වය තුළ 2019 පැවැත්වෙන ජනාධිපතිවරණයේ දී ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය ප‍්‍රමුඛ මධ්‍ය වාමාංශික සමාජ කණ්ඩායම් නියෝජනය කරමින් ජනාධිපති අපේක්‍ෂකයා වීමේ අවකාශය ජනාධිපති සිරිසේනට අවශ්‍යයෙන්ම අහිමි වනු ඇත.
එමෙන්ම ඡුන්ද ලක්‍ෂ 62 ජනාධිපතිවරයා ලෙස මෙතෙක් උජාරුවෙන් එක්සත් ජාතික පාක්‍ෂ නායකයන් ඉදිරියේ හැසිරුණු ජනාධිපති සිරිසේන මින්පසු ඡුන්ද ලක්‍ෂ 30 ක් හෝ 40 ක් අතැති අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරියට යා යුත්තේ තම අතේ ඡුන්ද ලක්‍ෂ 5 ක් අතැති පුද්කලයෙකු ලෙසින්ය. එහිදී ඔහුට සිදුවන්නේ ඔහු පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූ මුල්ම ප‍්‍රවෘර්ති සාකච්චාවේ දී ප‍්‍රකාශ කලාක් මෙන් අගමැති රනිල් වික‍්‍රමසිංහට සර් කියා අමතන්නටය. මෙය ජනාධිපති සිරිසේනගේ ඛේදජනක ඉරණම වනු ඇත.

මෙම බියකරුබව කෙතරම් ගැඹුරින්ම ජනාධිපති සිරිසේනට දැනී ඇත්ද යන්න 2018 දුරුතු පෝදා ඔහුගේ ක‍්‍රියාකාරීත්වය තුළින්ම දැකගත හැකිවිය. පොදු ජනතාව ප‍්‍රකාශකරන අයුරින්, සිරිසේන ජනාධිපතිවරයා සු`එ ජාතික ඡුන්දවල බහුතරයක් දිනාගැනීමෙන් ජනාධිපතිවරයා බවට පත් විය. එමෙන්ම තමා ජනාධිපති වූ දින සිටම දමිළ හා මුස්ලිම් වැනි සු`එ ජන කොටස්වලට විශේෂ ඇල්මකින් ඔහු කටයුතු කලේය. මෙහිදී තමන්ට අසාධාරණයක් වන බව සිංහල මෙන්ම බෞද්ධ ජනකොටස් මෙන්ම භික්‍ෂූන් වහන්සේද පසුගිය කාලය පුරාවටම දිගින් දිගටම හ`ඩක් නැගීය. තම සිත් රිදවූ බව ප‍්‍රකාශකලේය. එහෙත් හදිසියේ මෙම දුරුතු පෝදා එක් දිනක් තුළ දළදා මාළිකාව, අස්ගිරි මල්වතු විහාර, කතරගම පුදබිම, කිරිවෙහෙර, මාලිගාවිල රජමහා විහාරය වැනි විහාර රාශියක් වෙත ජනාධිපතිවරයා පැමිණීමෙන්ම ඔහුගේ මනසේ ඇති මෙම නව තත්ත්වය හ`දුනාගත හැක. බෞද්ධ ජනතාවගේ ඡුන්ද දිනාගැනීමට ඔහු දරන මෙම අප‍්‍රිතිහත ධෛර්යය, ඔහු බුදුන් නමදින විට ඔහුගේ දෑත් නළලේ එසෙවෙන උසින්ම මෙන්ම, රැුගෙන යන මල් වට්ටියේ විශාලත්වයෙන්ද මොනවට පැහැදිලිවේ.

2018 පෙබරවාරි 11 දින ඡුන්ද ප‍්‍රතිපලයේ වාසනාවන්තයා කවුරුන්ද?

ප‍්‍රගතිශ‍්‍රීලී සාමාන්‍ය ජනතාවද, බහුතර ශ‍්‍රී ලංකා නිදහස් පාක්‍ෂිකයන්ද සිතුවේ, ජනාධිපති සිරිසේන සමග මහින්ද රාජපක්‍ෂ මෙම මැතිවරණයේ දී එක්ව තර`ග කොට ජයග‍්‍රහණය කල පසු තමන් දැඩිව විරෝධය දක්වන මෙම යහපාලන ආණ්ඩුව වෙනස්වන බවත්, ඒ සමගම පාර්ලිමේන්තුවේ බලය වෙනස්වී මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා බවට පත්වන බවත්ය. එහෙත් තුන්කල් දක්නා මහින්ද ඊට වැඩි යමක් ඔහුගේ ඒකාබද්ධයේ මන්ත‍්‍රී කණ්ඩායම සමග දැක්කේය. ඒ තමන් වෙහෙසී ගමින් ගමට ගොස් ගෙයක් ගෙයක් ගානේ ගොස් දිනාගන්නා ජයග‍්‍රහණය ජනාධිපති සිරිසේන විසින් නැවත ඩැහැ ගන්නා ආකාරයත්, තමන් ලද ජයග‍්‍රහණයම නැවත 2019 දී තමන්ගේ පරාජයට හේතුවන බවත්ය. එනිසා ඔවුන් එක්ව තර`ග නොකරන්නට මං සොයාගත්හ.

මෙම තත්ත්වය තුළ 2018 පෙරවාරි 11 දින ඡුන්ද ප‍්‍රතිපලයේ දී මහින්ද රාජපක්‍ෂගේ පක්‍ෂය සාතිශය බහුතරය සමග යෝධ ජයග‍්‍රහණයක් නොලබනු ඇත. එහෙත් ප‍්‍රතිපල ගෙනහැර බලද්දී එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි මහා යෝධ ජනතා ව්‍යාපාරයේ, අතිමහත් බහුතරය ඡුන්ද ලක්‍ෂ 30 හෝ 40 රැුගෙන එය මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෝතෙහි ර`දවනු ඇත. එම ප‍්‍රතිපලය මගින් කියැවෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයට එරෙහි 2019 ජනාධිපති අපේක්‍ෂකයා මහින්ද රාජපක්‍ෂ මහතා වටා රැුස්වුණු ව්‍යාපාරය විසින් තෝරාගනු ඇති බවය. එය පොදුජන මනසේ මැනවින් ලියැවෙනු ඇත. ල`ග නොබලා දුරම බලා තම තීක්‍ෂණ නුවනින් තීන්දුව ගන්නට ඔහුට හැකිව ඇත. තම ල`ග සිටින පුද්ගලයා මෙන්ම, තවත් වසර දෙකකින් උදාවන තත්ත්වයද තක්සේරු කොට තීරණයක් ගන්නට ඔවුන් දක්‍ෂ වී ඇති බව පෙනී යයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සමග හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට මීල`ග ජනාධිපතිවරයණය ස`දහා ඉදිරිපත්වීමට ඇති ඉඩ අහුරා ඇති තත්ත්වයක, අද බොහෝ දෙනාගේ කථාබහට ලක්වන්නේ මීල`ග අපේක්‍ෂකයා වියයුත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතා බවයි. එය එසේ නම් මෙලෙස ජනාධිපති සිරිසේන සමග එක්ව ඡුන්ද සටනට එක්නොවීමට ගත් එම තීරණයේ වඩාත්ම වාසනාවන්තම, වාසනාවන්තයා වී ඇත්තේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාය.


යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions