1/14/2018

මුල ඉඳන්ම බැඳුම්කර මඟඩිය යට ගැසුවේ මෙහෙමයි

කතෘ:යුතුකම     1/14/2018   No comments

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය [ විශේෂ හෙළිදරව්ව ]
2018 ජනවාරි 05 දින "අයිලන්ඩ්" පත්තරයේ කතු වැකියේ මෙවැනි දෙයක්‌ සඳහන් විය.
2015 ජුනි මස 30 වන දින අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව මුල් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ලිපිගොනුවක්‌ නීතිපති දෙපාර්තමේන්තුවට භාරදී තිබුණා. ලිපිගොනුව කියවූ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්‌ එය අපරාධ නඩුවක ස්‌වභාවය ගෙන තිබූ නිසා, එම ලිපිගොනුවට C/187/161/2015 දරණ ලිපි ගොනු අංකය ඇතුළත් කළා. මෙය සිදුවූයේ එවකට නීතිපති යුවන්ජන් විඡේතිලක මහතාගේ ධුර කාලයේදීය. මෙම ලිපිගොනුව නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතීඥවරයකුගේ අවධානයට ලක්‌ වූ අතර, බැලූ බැල්මට එහි විශාල මුදල් වංචාවක්‌ මේ බැඳුම්කර විකිණීමෙන් සිදුව ඇති බව ඔහුට වැටහුණ නිසාද, එම බැඳුම්කර වංචාවෙන් ඉහත පැහැදිලිව බැලූ බැල්මට අපරාධයක ස්‌වභාවය හෙළිදරව් වන හෙයින් ද, වහාම පරීක්‌ෂා කොට තොරතුරු වාර්තාවක්‌ ඉදිරිපත් කරන ලෙස සටහනක්‌ යොදමින් එය නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරිනියකට යවනු ලැබුවා.

ඩිව් ගුණසේකර මහතාගේ පළමු වැනි කෝප් වාර්තාවෙන් මේසා විශාල මුදල් වංචාවක්‌ සම්බන්ධව කරන එළිදරව්ව සභාගත කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරියා පමණක්‌ නොව ඩිව් ගුණසේකර මහතා නැවත පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට පත් නොකිරීමට පත්වූ රජය තීරණය කළා. ඊට පසු, මෙම රජය පිහිටවූ අතර, ඉන්පසු මෙම ලිපි ගොනුවේ ස්‌වභාවය පූර්ණයෙන්ම වෙනස්‌ කරමින්, CF/08/2015 යන අංකයෙන් එය රහස්‍ය ලිපිගොනුවක්‌ ලෙස නම් කොට, නඩුවේ ස්‌වභාවය අපරාධ නඩුවකින් සාමාන්‍ය සිවිල් නඩුවක්‌ බවට පත් කර, යුවන්ජන් විඡේතිලක මහතා සටහනක්‌ යොදා තිබූ අතර, ඉන්පසු එය සිවිල් අංශයේ නීතීඥවරයකු වෙත යවනු ලැබුවා. ඔහු ද ඒ සම්බන්ධව සිවිල් අධිකරණයේ නඩු පැවරීමට මුදල් ලබා ගැනීමට සියල්ල සූදානම් කර තිබුණ ද, පසුව එම නඩු ගොනුවට කුමක්‌ සිදුවුණේ දැයි නොදන්නා බව එම කතු වැකියේ සඳහන් කර තිබුණා.

අද දින මහත් කතාබහට ලක්‌ව තිබෙන බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාවේ අඩංගු කරුණු මොනවාදැයි සාමාන්‍ය මහජනතාව නොදන්නා නමුත්, බැඳුම්කර කොමිසමේ අන්තර්ගතය සම්බන්ධව ජනාධිපතිතුමා කරන ලද ප්‍රකාශය අනුව, මේ සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවට මෙය යවා ඇති බව සඳහන් වුණි. එලෙසම අගමැතිතුමා ද, මෙම කොමිසම මාස දහයක්‌ තුළ කර ඇති සේවයට තුති කරමින් එම ගොනුව ප්‍රථමයෙන්ම නීතිපතිවරයාට යවන ලද්දේ ඔහුගේ කාර්යාලයෙන් බව පවසා එහි වාසිය ද, ඔහු ලබාගැනීමට ඉතා ළදරු උත්සාහයක යෙදුනු බව අපට පෙනුණා.

ඒ කෙසේ වෙතත්, ජනාධිපතිවරයා ද, අගමැතිවරයා ද, බෝලය නීතිපති දෙපාර්තමේන්තුවට පාස්‌ කොට ඇත්තේ තමන්ගේ ගැලවීමට බව ඒකාබද්ධ විපක්‌ෂය කියා තිබුණි. එසේ නම්, අපට නීතිපති දෙපාර්තමේන්තුවෙන් සාධාරණයක්‌ ඉටුවේදැයි සොයා බැලීම, ජනවාරි අටවැනිදා මෙම රජය පිහිටුවීමට ඡන්දය දුන් සැමගේ බලාපොරොත්තුව විය යුතුය. මේ සම්බන්ධයෙන් 'දි අයිලන්ඩ්' පත්‍රය 2017.08.02 දින ද, කතු වැකියක්‌ මගින් මෙම කරුණම ප්‍රකාශ කර තිබුණ ද, ඒ සම්බන්ධයෙන් කිසිවකු සැලකිල්ලට ගත් බවක්‌ පෙනෙන්නට නැත.

මේ පිටුපස සිටින අදිසි දේශපාලනඥයා කවුදැයි සියලු මැදහත් දූෂණ විරෝධී ජනතාව දැනගත යුතුය. එම නිසාම, මෙම ගොනුවට අත්වු ඉරණම ගැන මවිසින් සොයා ගන්නා ලද කරුණු කීපයක්‌ මෙසේය.

ඩිව් ගුණසේකර මහතාගේ කෝප් කමිටු වාර්තාවේ අන්තර්ගත කෙටි සටහනක්‌ ඇතුළු අනෙකුත් සාක්‌ෂි සටහන් වලද, උද්ධෘතයන් සහිත ලිපිගොනුවක්‌ සකසා එය නීතිපති දෙපාර්තමේන්තුවට භාර දී ඇත්තේ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්‌ෂ වූ ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි නාගහවත්ත මහතා විසිනි. මෙම ලිපිගොනුව පෞද්ගලිකව ඔහු විසින් එවකට අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම අපරාධ නඩු මෙහෙයවන ජ්‍යෙෂ්ඨතම නීතිවේදියා වූ ජනාධිපති නීතීඥ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාට භාරදී ඇත. එම ලිපිගොනුවේ ඩිව් ගුණසේකර මහතා ඉදිරියේ දුන් සාක්‌ෂිවල පූර්ණ විස්‌තරයක්‌ ද තිබුණා. එහිදී විශේෂයෙන්ම මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්ගෙන් මේ අන්දමට අධික ලංසුවකට බැඳුම්කර ගැනීමට තීරණය කොට මේසා විශාල පාඩුවක්‌ සිදුවූයේ කෙසේදැයි ඇසූ ප්‍රශ්නයට ඔහු විසින් ඉතා පැහැදිලි ලෙස කියා තිබුණේ, මේ සියල්ල සිදු කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත බවය. මේ අනුව, ඩිව් ගුණසේකර මහතාගේ කෝප් වාර්තාව නොතිබුණ ද, එහි අඩංගු සියලු කරුණු සහ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් සටහන් කරන ලද සාක්‌ෂි ද, අඩංගුව තිබූ හෙයිනි.

මේ කරුණු හේතුවෙන් ඉතා පැහැදිලිව අගමැතිගෙන් ප්‍රශ්න කිරීමක්‌ කළ යුතුව තිබූ නිසා, මේ සම්බන්ධයෙන් වඩාත් නිවැරදි හා සාධාරණ මතයකට එළඹීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අපරාධ අංශයේ ජ්‍යෙෂ්ඨතම නීති නිලධාරිනියකට මෙම ලිපිගොනුව යවා සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ඉදිරි විමර්ශන කටයුතු කර ලිපිගොනුව තමා වෙත ඉදිරිපත් කරන ලෙස පියවර ගන්නා ලෙස සටහනක්‌ යොදා මෙම නිලධාරිනියට යවා තිබේ. ඉන්පසු මේ සම්බන්ධයෙන් පියවර ගත්තේ දැයි ඔහුට දැනගත නොහැකි වූ නිසා එය සොයා බැලීමට මොහු විසින් මෙම නිලධාරිනිය කැඳවා ප්‍රශ්න කළවිට එම ලිපි ගොනුව තමා සතුව නැති බවත්, එය නීතිපති යුවන්ජන් විඡේතිලක මහතාගේ කැඳවීම මත ඔහුට යවන ලද බවත්, පවසා තිබුණා. ඊට පසු මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ පැවැත්වීම නොකරන බව ගම්ලත් මහතා දැනගත් නිසා මෙම ලිපිගොනුව සෙවීමට ඔහු මහන්සි ගෙන ඇත. මෙම ලිපිගොනුවේ ඇති අපරාධ ස්‌වභාවය හා මෙම මහා මුදල් වංචාවේ විශාල පරාසය ගැන සුහද ගම්ලත් මහතා ද, පුදුම වී සිටියා. ඔහුගේ අවුරුදු තිස්‌ ගණනකට අධික නීති වෘත්තීය තුළ මෙවැනි විශාල මූල්‍ය වංචාවක්‌ ගැන පරීක්‌ෂණ කර නොමැති බව ඔහුට වැටහුණා. ඒත් මේ ලිපිගොනුව සොයා ගැනීමට නොහැකි වුණා. ඊටපසු, මෙම ලිපිගොනුව සම්පූර්ණයෙන්ම එහි අපරාධ ස්‌වභාවය වෙනස්‌ කරමින් මෙම පරීක්‌ෂණය සම්බන්ධ මූලික කරුණු අනුව මෙය අපරාධ නොව සිවිල් නඩුවක්‌ බවට තීරණය කරමින්, මේ සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවේ ඇති සම්ප්‍රදායන්ටද පටහැනිව රහසිගතව සුහද ගම්ලත් මහතාටද, නොදන්වා නීතිපතිවරයා විසින් මෙහි ස්‌වභාවය වෙනස්‌ කිරීම ගැන සුහද ගම්ලත් මහතා විමතියට පත්වුණා.

ඊට ටික දිනකට පසු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් විසින් රන් අකුරින් මුද්‍රණය කරන ලද වටිනා ආරාධනා පත්‍රයක්‌ නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත යවා ඔවුන්ට මහා බැංකුවේ ඉහළ මාලයක ඇති තරු පහේ භෝජන සංග්‍රහයකට සහභාගි වන ලෙස ආරාධනා කර තිබුණා.

ලබන සතියට

[Divaina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions