මහවීර් සිංගේ වීරත්වය
අමීර් ඛාන් රංගනයෙන් හා නිෂ්පාදනයෙන් දායක වූ දංගල් චිත්‍රපටය පසුගිය දා දෙවැනි වතාවටද නැරඹුවෙමි. එහි ඇත්තේ බොහෝ හින්දි චිත්‍රපටවල මෙන් ව්‍යාජ කල්පිත වීරයෙක් පිළිබඳ කතාවක් නොව සැබෑ වීරයෙක් පිළිබඳ කතාවකි. ජනප්‍රිය සිනමා කෘතියකට සරිලන අමතර අංගෝපාංග එක්කර නියම කථාව වඩා නාටකීය කර තිබුණද ඒ වීරයා ජාතියක් වෙනුවෙන් තනිව සිහින දුටු සැබෑ වීරයෙකි. ඔහු නමින් මහවීර් සිං පොගට්ය. ග්‍රාමීය මල්ලව පොර ක්‍රීඩකයෙකි. ක්‍රීඩාව ඔස්සේ ඉදිරියට යාමට අවස්ථා නොලද ඔහුගේ එකම සිහිනය වූයේ තම පුතකු ලවා ඉන්දියාවට රන් පදක්කමක් දිනා දීමය. එහෙත් ඔහුට ලැබෙන්නේ දූ වරුන් පමණි. එයින්ද නොපසුබට වන ඔහු බොහෝ විරෝධතා මැද තම දූවරුන් වූ ගීතාට සහ බබීතාට මල්ලව පොර උගන්වයි. එහිදී ඔහුට මුහුණ දීමට සිදුවූ බාධක, කම්කටොලු, නින්දා, අපහාස අපමණය. එහෙත් ඔහුගේ සිහිනය සැබෑ වන්නේ 2010 වසරේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා රෙස්ලින් තරගවල පළමු රන් පදක්කම ඉන්දියාවට හිමිකර දෙමිනි. පදක්කම්ලාභිනිය වූයේ ගීතා පොගට්ය. එතැන් සිට ජාත්‍යන්තර තරඟවලින් පදක්කම් විසි ගණනක් ඉන්දියාවට හිමිකර දීමට මේ ක්‍රීඩිකාවන් දෙපළට හැකිවිය. මේ කතාව පසුබිම් කරගෙන නිර්මාණය වූ දංගල් චිත්‍රපටය ඉන්දියානුවා තුළ අති මහත් ජාතිකානුරාගයක් දනවන්නකි. අභියෝග හමුවේ නොපැකිළව, තමන් වෙනුවෙන් නොව රටක් වෙනුවෙන් සිහින දුටු මිනිසකුගේ අරගලය ඉන්දියානුවා තුළ ජනිත කරන දේශාභිමානය, චිත්ත ධෛර්යය, අති මහත්ය. මේ චිත්‍රපටය මහවීර් සිංට පමණක් නොව ඔහු වැනි බොහෝ පුද්ගලයන්ගේ වීරත්වයට සිදුකෙරෙන විශිෂ්ට උපහාරයකි.
ලාංකේය දේශප්‍රේමය හා දේශවිරෝධය
ඉන්දියාව කෙසේ වුවද ලංකාවේ නම් ප්‍රබුද්ධ සිනමාකරුවන් ලෙස නම් ලැබ සිටින්නේ දේශාභිමානය ලෝකයේ ඇති ලොකුම තක්කඩිකම යැයි සිතා සිටින, විකල්ප චින්තන ව්‍යාධියෙන් රෝගාතුර වූ පිරිසකි. දේශප්‍රේමය තක්කඩිකමක් වන්නේ නම් මාතෘප්‍රේමය, දාරක ප්‍රේමය, ස්ත්‍රී පුරුෂ ප්‍රේමය ආදියද තක්කඩිකම් නොවන්නේ කෙසේදැයි මේ අල්පශ්‍රැතයෝ නොදනිති. ඊට වෙනස්ව දේශප්‍රේමය ගැන කතා කරන චිත්‍රපට පෝළිමක් පහුගිය කාලයේදී බිහිවුවද ඒ බොහෝ චිත්‍රපටකරුවෝ සිල්ලර රාජ්‍ය වරප්‍රසාද හමුවේ දේශප්‍රේමය පොරවා ගත් කලාත්මක සූක්ෂමතා රහිත කපටියන් පිරිසකි. බලය ඇති කාලයේදී මහින්ද සහ බුදුහාමුදුරුවන් අතර නෑකම් සොයන්නට ගිය ඒ සංවේදී කලාකාරයන්ගේ දේශප්‍රේමය අද මහින්ද රාජපක්ෂගේ පරාජයත් සමඟ ආගිය අතක් සොයා ගත නොහැකි වී තිබේ. බොල් පිළිම වන්දනාව දෛනික චාරිත්‍රය බවට පත්ව ඇති ලාංකේය සිනමාවේ දේශවිරෝධය මෙන්ම දේශප්‍රේමයද එවැන්නක් වීම ජාතියේ ඛේදවාචකයකි.
ඉන්දියාවට දංගල්.... ලංකාවට මචං
දංගල් නැරඹීමේදී 2008 දී තිරගත වූ මචං නැමති සිංහල චිත්‍රපටය මගේ සිහියට නැඟිණි. එයද දංගල් මෙන්ම ක්‍රීඩාව හා සම්බන්ධ, ජනප්‍රිය සිනමාවේ අංග ලක්ෂණ සහිත, නිර්මාණාත්මක අතින් සාර්ථක චිත්‍රපටයකි. එමෙන්ම එය ජාත්‍යන්තර සම්මාන ගණනාවකටද පාත්‍ර වූවකි. එහෙත් එහි ඇති දේශපාලනය කුමක්ද? දංගල් චිත්‍රපටයේ ඇත්තේ ඉන්දියාව ක්‍රීඩාවෙන් ලෝකය ජයග්‍රහණය කිරීම ගැන කතාවකි. මචං චිත්‍රපටයේ ඇත්තේ ව්‍යාජ හෑන්ඞ් බෝල් කණ්ඩායමක් අටවාගෙන ඒ හරහා යුරෝපයට පැනයාමට ලුම්පන් තරුණ පිරිසක් දියත් කරන මෙහෙයුමකි. දන්ගල් චිත්‍රපටය ඉන්දියානුවා තුළ දේශාභිමානය ජනිත කරන විට මචං චිත්‍රපටය ලාංකිකයා ඉදිරියේ ලංකාව තුච්ඡ ලෙස සමච්චලයට හා නින්දාවට ලක් කරයි. මචං චිත්‍රපටයට සැබෑ සිදුවීමක් පදනම් වන්නට ඇති බව ඇත්තකි. එහෙත් එය සැබෑ සිදුවීමක් පදනම් කොට ගෙන වැරදි හා අධිපතිවාදී දේශපාලන මතවාදයක් පතුරුවයි. අප වැනි රටවල් ඇද වැටී ඇති දීන වහල්භාවයේ සැබෑ හේතු හඳුනා නොගෙන, එය රටේ කාලකණ්ණිකමක් ලෙස හුවාදක්වමින්, රටට වෛර කිරීමේ දීන මානසිකත්වය ප්‍රවර්ධනය කරමින්, ඊට ප්‍රතිපක්ෂව යුරෝපා ශිෂ්ටත්වයත්, සුද්දාගේ පතල මහා කරුණාවත් ඔසවා තබමින්, ඊනියා සිනමාකරුවන් මේ පිඹින හොරණෑව කාගේද ? යටත්විජිතකරණය විසින්ම නිර්මාණය කරන ලද සමාජ අර්බුදයන්ට විසඳුම ලෙස යටත්විජිතකරණයේ ස්වාමිවරුන් වෙතම දිවි උගසට තබා හෝ පලායාම හැර අන් විසඳුමක් කාලකණ්ණි ලාංකිකයන් හමුවේ නැති බව ඔවුහු අපට හඬ ගා කියති. එය බටහිර යටත්විජිතවාදයට අවශ්‍ය දේශපාලන දෘෂ්ටිවාදය මිස අන් කිසිවක් නොවේ. මේ දීන පරගැති මතවාදය ප්‍රවර්ධනය සඳහා ඉතාලියේ පැසලෝනිලා පමණක් නොව ලංකාවේ ප්‍රසන්න විතානගේලාද දැනුවත්ව දායක වී සිටිති.
පුංචි ලංකාව හා මහා සිනමාකරුවෝ
පුංචි රටක පුංචි අපට සිහින සෑබෑ කරගන්නට නම් මිල්ලේ සොයා යා යුතු බව කියවෙන සිංහල ගීතයක් තිබේ. එයද පෙර කී වට්ටෝරුවේ සිනමා ධාරාව තුළින්ම මතුවූ මුග්ධ ගීතයකි. කලාකරුවන් යැයි කියාගන්නා මේ නළාකරුවන් නොදන්නවා විය හැකි වුවද ලංකාව යනු කිසි ලෙසකින්වත් පුංචි රටක් නොවේ. පුංචි කරවනු ලැබූ සහ විහින් පුංචි වී සිටින රටකි. රට නඟා සිටුවීමට අවශ්‍ය බොහෝ ශක්‍යතා ඉබේම හිමිව තිබියදී, එය පුංචි රටක් බවට පත් කර ඇත්තේ ඒ කිසිවක අගය නොදන්නා මජර දේශපාලනය විසිනි. යටත්විජිතවාදය, කොඳු බිඳගත් දේශීය පාලක පන්තිය, පොට පටලවා ගත් වම, මජර වෙළෙඳ කලාව පමණක් නොව මහා සිනමාකරුවන්, මහා සාහිත්‍යකරුවන් යැයි කියාගන්නා ඇතමුන්ද මේ රට පුංචි කිරීමේ මෙහෙයුමේ දැනුවත් කොටස්කරුවෝ වෙති. එහෙත් මොවුන් කියන ආකාරයට මේ රට ගොඩනැඟිය නොහැකි රටක් නොවේ. ඉන්දියාවේ මහවීර් සිංලා වැනි පුද්ගලයන් සීයක් ලංකාවේ දේශපාලනය, ආර්ථිකය, කලාව, ආදී ක්ෂේත්‍රවල සිටියේ නම් මේ රට කෙතරම් විශාල රටක් දැයි ලෝකයටම පෙන්විය හැකි බව මේ සියලු පරපුටුවන් ඉදිරියේ සපථ කොට කිව යුත්තකි.
ඉසුරු ප්‍රසංග- කොදෙවු සන්දේශය - 2018. 1. 3 බදාදා මව්බිම
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .