1/09/2018

මොරගහකන්ද සමුද්‍රය සහ මැජික්

කතෘ:යුතුකම     1/09/2018   No comments

1968 වසරේ මහවැලි සම්පත් සංවර්ධනය පිළිබඳ සිදුකළ කෘෂිකාර්මික ප්‍රබෝධය ඉලක්ක කරගත් ශක්‍යතා අධ්‍යයනයක් මගින් අඹන්ගඟ හරස්කර බෝවතැන්න සහ මොරගහකන්ද ජලාශ ඉදිකිරීමට යෝජනා විය.

අනතුරුව එම මහවැලි මහ සැලැස්ම යථාර්ථයක් බවට පත් පත්කළ අගමැතිනි සිරිමා බණ්ඩාරනායක මැතිනිය 1976 වසරේ දී බෝවතැන්න ජලාශය නිමවා රටට දායාද කළාය. කෙසේ වුවද මොරගහකන්ද ජලාශය තනවා පදවිය ඇතුළු උතුරු මැද ජලයෙන් සුපෝෂිත කිරීමේ මැතිනියගේ සිහිනය 1977 අගේ ආණ්ඩුවේ පරාජයත් සමග බිඳවැටිණි.

77 බලයට පත් එජාප ආණ්ඩුව මහවැලි සැලැස්ම ගොවිතැන නොව ජල විදුලිය ඉලක්ක කළ කඩිනම් ව්‍යාපාරයක් බවට කණපිට පෙරළු අතර කෘෂිකාර්මික සංවර්ධනය අරමුණු කරගත් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය ඉන් ඉවත් කෙරිණි. පසුව ඇතැම් අවස්ථාවල මොරගහකන්ද ව්‍යාපෘතිය පිළිබඳ ශක්‍යතා අධ්‍යයන සිදු කළ ද ඒවා බොල් ලේඛනවලට සීමා විය.

කෙසේ වුවද දශක 3ක් කොටි ත්‍රස්තවාදයෙන් බැටකෑ ජාතියේ විමුක්ති සටනට නායකත්වය ලබා දීම භාරගත් මහින්ද රාජපක්ෂ මහතා ඊට සමගාමිව රට නැවත ස්වයංපෝෂිත කිරීමේ සටන ද ආරම්භ කළේය. මොරගහකන්ද-කළුගඟ ව්‍යාපෘතිය 2007 ජනවාරි 25 වෙනි දින ආරම්භ වන්නේ ඒ සටනේ ජයස්ථම්භයක් ලෙසය.

දශක හතරක් තිස්සේ පමා වූ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය සඳහා වූ ගිවිසුමට 2012 ජුනි මස 8 වෙනි දින චීනයේ සිනෝ-හයිඩ්‍රෝ සමාගම සහ ශ්‍රී ලංකා රජය අත්සන් තැබෙන්නේ ඉනික්බිතිවය. ඒ දශක තුනක් ජනාධිපතිවරු හතර දෙනෙක් යටතේ හිඟන්නාගේ තුවාලය බවට පත් ත්‍රස්තවාදය මුළුමනින්ම පරාජය කොට යන්තම් වසර තුනකිනි.

මේ ව්‍යාපෘතිය යථාර්ථයක් වූ පසු මෙතෙක් නිකරුනේ මුහුදට ගලා යන ජලය ඝන මීටර් දශ ලක්ෂ 818ක් රට සශ්‍රීක කිරීමට යොදාගැනීමට හැකි වන අතර මොරගහකන්ද සමුද්‍රයේ සම්පූර්ණ ජල ධාරිතාව පොළොන්නරුව පරාක්‍රම සමුද්‍ර ජලාශයේ ජල ධාරිතාව මෙන් හය ගුණයකි.

මේ ව්‍යාපෘතිය සඳහා එවකට රුපියල් මිලියන 32800ක් ඇස්තමේන්තු කළ අතර ඒ යටතේ අනුරාධපුරය, ත්‍රිකුණාමලය, පොලොන්නරුව සහ මාතලේ යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 82,000 ක් කන්න දෙකේදීම වගා කිරීමට උවමනා ජල පහසුකම් සහ මෙගාවොට්ස් 27 ක විදුලිය උත්පාදනයක්ද අපේක්ෂා කළේය.

මේ අනුව මොරගහකන්ද සමුද්‍රය ද හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපොළ, නෙළුම් පොකුණ, නෙළුම් කුළුණ, දක්ෂිණ අධිවේගී මාර්ගය, වරාය නගරය වැනි සිය ගණනක් සංවර්ධන ව්‍යාපෘති මෙන්ම මහින්ද රාජපක්ෂ මේ රටට දායාද කළ තවත් මහා උරුමයක් බවට අටුවා ටීකා අවශ්‍ය නැත.

එහෙත් 2017 දෙසැම්බර් 2 වෙනිදා විදුලිබල උත්පාදනය අත්හදා බැලීම සඳහා දියවර නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා මොරගහකන්ද තනා මැජික් පෙන්නු බව රටට කීවේය. එම කතාව තුළ මොරගහකන්ද සමුද්‍රයේ සැබෑ නිර්මාතෘවරයා වන මහින්ද රාජපක්ෂ ගැන වචනයක් හෝ සඳහන් වූයේ නැත.

මේ මැජික් කතාව අසා සිටින කල අපට සිහිපත් වන්නේ කුමාරතුංග මුනිදාසයන්ගේ හීන් සැරය ළමා කතාවය. රාත්‍රී කුණාටු සහිත වැසි නිසා ඇද වැටුණු දැවැන්ත ගස් දෙස උදෑසන විස්මයෙන් බලන ගෝනහාමිට වැටුණු ගසක රිකිල්ලක ලැග සිටි කටුසු හාමි කියන්නේ 'මේවා මගෙයි අලි හාමිගෙයි වැඩ' කියාය. එහෙත් නූතන කටුසුහාමිලා කියන්නේ මේවා තමන්ගේම වැඩ කියාය. කෙසේ වුවද මේ රටේ ජනතාව ගෝන හාමිලා නොවන බව ඒ කටුසු හාමිලා අවබෝධ කරගත යුතුය.

මොරගහකන්ද සමුද්‍රය වර්තමාන පාලකයන්ගේ මැජික් එකක් නම් රුවන්වැලි සෑය ගැමුණු රජුගේ නොව එහි කටයුතු අවසන් කළ ඔහුගේ සොහොයුරු සද්ධාතිස්ස රජුගේ නිර්මාණයක් යැයි ඉතිහාසය නැවත ලිවිය යුතුය. එහෙත් එය එසේ වන්නේ නැත.

අනෙක් අතට තමන්ට පෙර රජකම් කළ රජවරුන් කරවූ වෙහෙර විහාරවලට වන්දනාවේ ගොස් අසල ගල් පුවරුවක එය තමන්ගේ වැඩක් යැයි උජාරුවෙන් ලියා තැබූ නිශ්ශංකමල්ල රජු ඉතිහාසයේ විකටයකු වූ පරිදිම වර්තමාන නිශ්ශංකමල්ලලාද අනාගත ඉතිහාසයේ විකටයින් බවට පත්වනු නොවැළැක්විය හැකිය.

මහින්ද රාජපක්ෂලා කෙරෙහි වෛරයෙන් ඔවුන් ආරම්භ කළ බොහෝ ව්‍යාපෘති නතර කොට අපේ මාතෘභූමියෙන් පළිගත් පාලකයන්ගේ වියරුවට මොරගහකන්ද සමුද්‍රය ගොදුරු නොවීම පිළිබඳ අප තුළ ඇත්තේ සැනසිල්ලකි. එසේම මාගම්පුර වරාය කොමළියට අත් වූ ඉරණම මොරගහකන්ද සමුද්‍රයට අත් නොවේවා යැයි ප්‍රාර්ථනා කරනු හැර අපට කළ හැකි දෙයක් නැත.
[වියත් මග]


යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions