# වර්ණ රසිකාගේ ආදරය
ආදරය තරම් කවියට විෂය වන තවත් මාතෘකාවක් නැති තරම්ය. කවි ලියන නොලියන බොහෝ දෙනා ආදරය හමුවේ මොහොතකට හෝ කවියන් බවට පත්වෙති. මේ සුලබ බව, පොදු බව, තරගය හමුවේ සිත කිඳායන පෙම් කවියක් ලිවීම අතිශය බැරෑරුම් අභියෝගයකි. වර්ණ රසිකා යනු මේ අභියෝගය හමුවේ හොඳින් සටන් කිරීමට දන්නා සූක්ෂම ආදරවන්තියකි. ඇය සයිබර් අහසේ නොනවත්වාම කවි ලියයි. එහෙත් එකදු කවි පොතක් හෝ පළ කර නැත. පළ කරන්නට උවමනාවක් ඇති බවක්ද පෙනෙන්නට නැත. ආදරය ගැන බොහෝ කවි ලියූවද තමාගේ කවි ගැන වැඩි ආදරයක් ඇයට නැත. ඒ නිසාදෝ ඇය ඔහේ ලියාගෙන ලියාගෙන යන්නේ කවියේ ඇද පලුදු, කඩතොලු ගැන වැඩි තැකීමක් නැතිවය. ඒ නිසාම තව දුරටත් ඔප නැංවිය හැකි අපූරු කවි, ඇද පලුදු සහිතවම ඔහේ එළියට වීසිවෙයි. ඒ අතර පවා ඉසියුම් නිමැවුම් බහුලය. මා වඩාත් කැමති ආදරය ගැන රසිකා ලියන කවිවලටය. බොහෝ දෙනාට හසු නොවන ප්‍රේමයේ සූක්ෂම ඉසව් ඇගේ කවි ඇසට ගෝචරය.
ආදරේ යනු යන්ට දීමය
ආයෙ ආවොත් ඉන්ට දීමය
යන්ට දුන්නේ ආයේ ඒ යැයි
සිතාගෙනමය
ආයෙ එනකල් බලා ඉන්නෙත්
ඒ නිසාමය
වර්ණ රසිකා යෞවනියක නොවේ. ප්‍රේමයේ පැටිවිය, යොවුන් විය, මැදිවිය ඉක්මවා ගිය වියපත් කාන්තාවකි. වියපත් බව විසින් ඇති කළ උපේක්ෂාව, ජීවිත පරිඥානය මෙන්ම ආදරය හමුවේ වහා වෙනස්වන සුලු මල් වියේ ඉක්මන් හදගැස්මද ඇගේ කවිය මනාව හැඩකරයි. එය බුද්ධියේ සහ හදවතේ අපූර්ව සංකලනයක් වැනිය. වැදගත්ම කාරණය වන්නේ අත් කරගැනීම පමණක් නොව අතහැරීමද ආදරයේ චමත්කාරයට අයත් බව ඇය විශ්වාස කිරීමය. මෙය ආදරයේ නිදහස අන් සියල්ලට ඉහළින් තිබිය යුතු යැයි ව්‍යාජ සටන් පාඨ වර නඟන නොමේරු කවි පැටවුන්ට සහ ඔවුන්ගේ පියවරුන්ට එල්ල කළ කණේ පහරක් වැනිය. දෘෂ්ටිමය වශයෙන් ඔවුන් අභිභවා යා හැකි දේශපාලන පරිණතභාවයක් ඈ තුළ නැතත් ඇගේ ආදර අවිඥානය ඉඳහිට ඔවුන්ගේ ව්‍යාජත්වයට එරෙහිව නැගිටියි. එය ඇයත් නොදැනම සිදුවන්නක් විය හැකි වුවද, ඒ නැගිටීම විටෙක ඇගේ කවියටත් වඩා මිහිරිය.
# කවිය සහ ළදරු වැඩිහිටියා
බුද්ධිය ගැන, තර්කය ගැන, සිහි නුවණ ගැන, බොහෝ දෙනා අභිමානයෙන් කතා කළද මිනිසා යනු හිතන තරම් තර්කානුකූල, සහේතුක හෝ බුද්ධිමය සත්ත්වයෙක් නොවේ. මිනිසාගේ සැබෑ ජීවිතය වැඩි වශයෙන්ම පිරී ඇත්තේ අතාර්කික, අහේතුක දෙයින් බව අමුතුවෙන් නොකිව යුත්තකි. බොළඳ බව යනුවෙන් බොහෝ දෙනා බැහැර කරන දෙයද මේ අතාර්කිකත්වයේම එක්තරා ප්‍රකාශනයකි. බොළඳ බවට එරෙහි වන බොහෝ දෙනා සැබෑ ජීවිතයේදී කොතෙකුත් බොළඳකම් පෙන්වති. කවියට කලාවට බුද්ධිය මෙන්ම මේ බොළඳකමද අත්‍යවශ්‍ය ලෙසම වැදගත්ය.
අප ලෝකය අවලෝකනය කොට එහි මනෝහාරීත්වයෙන් ආලෝලනය වීමේ ගුණය ළමා වියේදී ලබාගනිමු. මේ ගුණය සිය පැසුණු වියේදීද නොසිඳ රැකගත් තැනැත්තා කවියෙක් හෝ ලේඛකයෙක් වෙයි, යනුවෙන් සෝවියට් ලේඛක කොන්ස්තන්තයින් පවුස්තව්ස්කි ලියූ වදන් පෙළක් මෙහිදී මගේ සිහියට නැඟෙයි. කුඩා දරුවෙකු සමග වැලි කෙළින ඉසිවරයා යන අපූර්ව යෙදුමකින් ආරියවංශ රණවීර කවියා හැඳින්වීමට කේ. කේ. සමන් කුමාර උත්සුක වන්නට ඇත්තේද මේ නිසා යැයි සිතමි.
# රාවුල්ගේ සමුගැනීම
කියුබානු ජනාධිපති රාවුල් ක්‍රස්තෝ තව නොබෝ දිනකින් සිය ධුරයෙන් විශ්‍රාම යන බව අසන්නට ලැබිණි. ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ මරණය හමුවේ දැනුණු සිත් වේදනාව තරම් නොවෙතත් මේ පුවත මා තුළ ඇති කළේ වචනයට නැංවිය නොහැකි අන්දමේ කුමක්දෝ සන්තාපයකි. ලෝකයේ සියල්ල වෙනස්වන බවත්, පරමාදර්ශ සාපේක්ෂ බවත්, වීරයන් මියැදෙන බවත් හොඳින්ම පසක් කරගෙන සිටින කාලයක වුවද, දුර රටක හිඳින මේ වියපත් නායකයා තවමත් මගේ ඇතුළාන්තයට එල්ල කරන බලපෑම සුළුපටු නැත. කුමන බාධා, අර්බුද, සීමාකම් මැද වුවද සමාජවාදය ඔස්සේ කියුබාව අත්කර ගත් ජයග්‍රහණ අපමණය. මජර පාරිභෝජනවාදයෙන් ගිලන් වී විඳවන ලෝකයට කියුබාවෙන් උගත හැකි පාඩම්ද බොහෝය. ලබාගත් ජයග්‍රහණ උගසට නොදෙමින්, තම සීමාකම් ඉක්මවා යාමේ ගමනකට ප්‍රවේශ වීමට නව නායකත්වයක් යටතේ කියුබාවට හැකි වේ නම් රාවුල්ගේ සමුගැනීම විසින් යුගයක අවසානය සනිටුහන් නොකරන බව නොඅනුමානය.
# එදා මා දුටු ජනවාරි අට
මේ සටහන ලියන අද දිනය ජනවාරි අට වැනිදාය. ජනවාරි අට ආණ්ඩු පෙරළියට අදට හරියටම වසර තුනක් සම්පූර්ණ වෙයි. ඒ ගැන බොහෝ අයට බොහෝ විග්‍රහයන් තිබිය හැකිය. පහත උපුටා දක්වා ඇත්තේ 2015 ජනවාරි අට බල පෙරළිය ගැන එම පෙරළිය සිදුවීමට පෙරාතුව එදා මා ලියූ සටහනකි.
“හොරකම්, නාස්තිය, අයථා ඉපයීම්, විගඩම් නාඩගම්, බලයේ අවභාවිත යෙදවීම්, ආදී රටේ කලක් තිස්සේ ඔඩු දුවා තිබූ හොරි, දද, කුෂ්ඨ මහින්දගේ පාලනය තුළද පැවති බව සැබෑය. යහපාලනය බලයට එනුයේ මේ හොරි, දද, කුෂ්ඨ, තව සිය ගුණයක් විශාල කර පෙන්වා ඒවා සුවකරන බවට තරයේ පොරොන්දු ලබා දෙමිනි. එහෙත් සැබෑවටම එයින් සිදුවනු ඇත්තේ හොරි, දද, කුෂ්ඨ, තව දුරටත් වැඩි කරන අතරේම, රටේ කශේරුවටද පහර දී එයද කඩා බිඳ දැමීමය. දද කුෂ්ඨ පෙන්වා රටේ කොන්ද කැඩීමට සැරසෙන මේ යහපාලන ව්‍යසනය අප විසින් පරාජය කළ යුත්තේ ඒ නිසාය.”
ජනවාරි අට ගැන වැඩිමනත් දෑ මෙහි ලිවීමට ඉඩක් නැත. එදා මා සැකෙවින් සිදුකළ පුරෝකථනය අද වනවිට කොතරම් දුරට නිවැරදි වී ඇද්ද නැද්ද යන්න තීරණය කිරීම පාඨක ඔබට භාර කරමි.
-ඉසුරු ප්‍රසංග - 2018 ජනවාරි 10 බදාදා මව්බිම
කොදෙවු සන්දේශය -
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook: https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .