-ගෙවිඳු කුමාරතුංග -
'ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි' යන වර්තමාන ව්‍යවස්‌ථාවේ සරල නිරවුල් 2 වන වගන්තිය, ශ්‍රී ලංකාව නිදහස්, ස්‌වෛරී සහ ස්‌වාධීන ජනරජයක් වනු ඇති අතර ව්‍යවස්‌ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බද ආයතනවලින් සමන්විත වන ඒකීය රාජ්‍යයක් / ඔරුමිත්ත නාඩු වනු ඇත. යනුවෙන් වෙනස් කිරීමට එහි යෝජනා කර ඇත. මේ ආකාරයට ව්‍යවස්‌ථාවේ සිංහල හා ඉංගී්‍රසි පිටපත්වලට පවා ෆෙඩරල් රට යන අරුත දෙන 'ඔරුමිත්ත නාඩු' යන දෙමළ වචනය යෙදීමෙන් මේ නව ව්‍යවස්‌ථා සම්පාදකයන් ලංකාව ෆෙඩරල් රටක් බවට පත් කිරීමට මෙන් ම සිංහල ජනයා රවටමින් බෙදුම්වාදීන් පිනවීමට මොනතරම් ප්‍රයත්නයක් දරනවා ද, ඒ සඳහා මොනතරම් අධම නීච ක්‍රියාවන්හි පවා නිරත වනවා ද යන්න පෙන්නුම් කෙරේ. සිංහල, දෙමළ සමඟිය අපේක්‌ෂා කරන කිසිවකු මෙලෙස සිංහල ජනයා රැවටීමට දෙමළ වදනක් භාවිත නොකරනු ඇත.
නමින් පමණක් නොව ව්‍යqහාත්මක ව ද ශ්‍රී ලංකා ඒකීය රාජ්‍යය විනාශ කිරීම සඳහා අවශ්‍ය සියලු ප්‍රතිපාදන යෝජනා කෙරී ඇත. පළාත් ආණ්‌ඩුකාරවරයා ඒ ඒ පළාතේ අමාත්‍ය මණ්‌ඩලයේ උපදෙස් මත කටයුතු කළ යුතු බව නිර්දේශ කිරීම, පළාත් ප්‍රඥප්තියක් සම්බන්ධයෙන් ආණ්‌ඩුකාරයාට වූ තීරක බලය අහිමි කිරීම, සමගාමී ලැයිස්‌තුව (ඒ ඒ පළාත් සභාවට හා මධ්‍යයට එක ලෙස මැදිහත් විය හැකි විෂය ලේඛනය) අහෝසි කිරීම. නැතිනම් දැඩි ලෙස සීමා කිරීම හා ජාතික ප්‍රතිපත්ති යන විෂයය සංවෘත්ත ලැයිස්‌තුවෙන් (මධ්‍යම රජයේ විෂයක් වීමෙන්) ඉවත් කිරීම ඉන් ප්‍රධාන ය. මේ අනුව පාලනයකින් තොරව පළාත් මහ ඇමැතිවරුන් හට විධායක බලය ක්‍රියාවට නැ`ගීමේ අවකාශය විවෘත ව ඇති අතර මහජන සාමය හා නීතිය, ඉඩම්, කෘෂිකර්මය, ධීවර කටයුතු, අධ්‍යාපනය, සෞඛ්‍ය, වෙළෙඳාම ආදී වශයෙන් එදිනෙදා ජන ජීවිතය හා බැඳුනු විෂයන්ට මැදිහත් වීමේ අවකාශය පවා මධ්‍යම රජයට සහමුලින් ම අහිමි කර ඇත.
ලාල් විඡේනායක කමිටු වාර්තාව මඟින් දෙවැනි පරිච්ඡේ¨දයේ 'බුද්ධාගම' යන මාතෘකාව 'ආගම' ලෙස වෙනස් කිරීමට, ලංකාව අනාගමික රාජ්‍යයක් කිරීමට කර තිබූ යෝජනාවල පටන් මේ තාක් සියලු අතුරු වාර්තාවන්හි දැනට ව්‍යවස්‌ථාවේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන 9 වැනි වගන්තියට යෝජනා කර ඇති සෑම විකල්ප යෝජනාවක් මඟින් ම අපේක්‌ෂා කළේ දැනට බුද්ධාගමට ව්‍යවස්‌ථාවෙන් ලබාදී ඇති ප්‍රමුඛතාව හා ආරක්‌ෂාව අහිමි කිරීම ය. මේ යෝජනාවලියෙහි ද විකල්පයක් ඉදිරිපත් කිරීම මඟින් බලාපොරොත්තු වන්නේ ඒ අරමුණ ඉෂ්ට කරගැනීමට ය. ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් නොවුණ හොත් මේ බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන වගන්තිය ක්‍රියාවට නැඟිය නොහැකි බැවින් එය ව්‍යවස්‌ථාවේ තිබුණ ද එය අර්ථශූන්‍ය වනු ඇත. මේ නිසා රටේ ඒකීය ව්‍යqහය විනාශ කරන අතර සිංහල බෞද්ධ ජනයා නැවත රැවටීමට ලක්‌කරනු පිණිස මේ වගන්තිය එ ලෙස ම තබා විශාල ඝෝෂාවක් නැ`ගීමේ උපක්‍රමයට ද බෙදුම්වාදීන් යොමුවීමේ ඉඩක් පවතී.
මේ යෝජනාවලියෙහි 'විධායකය' යන ශීර්ෂය යටතේ දක්‌වා ඇති අදහස් ඉතා අපැහැදිලි ය. ඒ සම්බන්ධයෙන් ඇත්තේ වාක්‍ය තුනක් පමණි. ජනයා සිය විධායක බලය පරිහරණය කරන්නේ කෙසේ දැයි (ජනාධිපති මඟින් ද අගමැති මඟින් ද? විධායක බලය කා කා අතර කෙසේ බෙදේ ද?) එහි කිසි ම පැහැදිලි කිරීමක් නැත. එහෙත් පළාත සම්බන්ධ ව විධායක බලය පළාතේ අමාත්‍ය මණ්‌ඩලයට පැවරෙන තත්ත්වයක් තුළ මේ අරාජිකත්වය බෙදා වෙන් වීමේ වුවමනාවන්ට සේවය කරනු ඇත.
එක් පක්‌ෂයක අපේක්‌ෂකයකුට ද වෙනත් පක්‌ෂයකට ද ලෙස එකිනෙකට පටහැනි ඡන්ද දෙකක් දැමිය හැකි ඡන්ද ක්‍රමයක් යෝජනා කිරීම මඟින් හා අනුපාත ගණනය කිරීම පළාත්/ජාතික මට්‌ටම් අනුව කළ යුතු බවට යෝජනා කිරීම මඟින් ජාති, ආගම්, කුල ආදී සකලවිධ සමාජ බෙදීම් මතු කිරීමට ද බෙදී බෙදී ගිය, ස්‌ථාවර රජයක් පිහිටුවිය නොහැකි පාර්ලිමේන්තුවකට ද මඟ සලසා ඇත. අවසාන ප්‍රතිඵලයේ සමානුපාතිකත්වය තහවුරු විය යුතු බවට කරන යෝජනාවෙන් මධ්‍යයේ ප්‍රබල ආණ්‌ඩුවක් නොපිහිටෙන බව තවදුරටත් තහවුරු කර ඇත.
රජයේ ඉඩම් සම්බන්ධයෙන් කර ඇති නිර්දේශ අනුව මධ්‍යම රජයට මැදිහත් විය හැක්‌කේ මධ්‍යම රජයේ (සංවෘත ලැයිස්‌තුවේ ජාතික ආරක්‌ෂාව, විදේශ සබඳතා, ජාත්‍යන්තර වෙළෙඳාම වැනි) කටයුතුවලට අදාළ ඉඩම් සම්බන්ධයෙන් පමණි. සෙසු සියලු කරුණුවලට අදාළව රජයේ ඉඩම් පරිහරණය කෙරෙන්නේ පළාත් සභාවේ අභිමතය පරිදි ය. විවිධ සංවර්ධන ව්‍යපෘති මඟින් ජනයාට ඉඩම් ලබාදීමේ දී පළමුව ඒ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ ද දෙවනුව අදාළ දිස්‌ත්‍රික්‌කයේ ද ඉන් අනතුරුව අදාළ පළාතේ ද ඉඩම් අහිමි ජනයාට ප්‍රමුඛත්ව හිමිවිය යුතු බව නිර්දේශ කර ඇත. කොළඹ, ගම්පහ දිස්‌ත්‍රික්‌කයන්හි 20 ලක්‌ෂය ඉක්‌ම වූ ජනගහනයක් ද මන්නාරම, කිලිනොච්චි, මුලතිව්, වවුනියා දිස්‌ත්‍රික්‌ක හැර අන් හැම දිස්‌ත්‍රික්‌කයක ම 5 ලක්‌ෂය ඉක්‌මවූ ජනගහනයක් ද සිටිය දී එකී දිස්‌ත්‍රික්‌කයන්හි වසනුයේ ලක්‌ෂයකට අඩු ජනගහනයකි. අනිකුත් දිස්‌ත්‍රික්‌කවල ජනයා අධික ජන ඝනත්වයෙන් පීඩා විඳිද් දී සංවර්ධනය කළ හැකි විශාල භූමිභාග සහිත ඉහත දිස්‌ත්‍රික්‌කයන්හි ඉඩම් උතුරු පළාතෙහි ජනතාවට ම සිමා කර ගැනී ම කොතරම් අසාධාරණ ද?
මේ යෝජනාවලියේ සඟවා ඇති කරුණු ද බොහෝ ය. මීට පෙර අතුරු වාර්තාවේ විස්‌තරාත්මකව දක්‌වා තිබූ පළාත් විසින් පොලිස් බලතල භුක්‌ති විඳින ආකාරය ගැන මේ අතුරු වාර්තාවේ වචනයක් වත් නැත. ග්‍රාම සේවා නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් හා දිස්‌ත්‍රික්‌ක ලේකම්වරුන් මධ්‍යම රජයෙන් ඉවත් කර පළාත් පරිපාලනය යටතට පත් කිරීමට, පළාත් අභිචෝදක තනතුරක්, පළාත් අද්වකාත් දෙපාර්තමේන්තුවක් හා පළාත් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවක් ඇති කිරීමට අනුපූරකතා මූලධර්මය යටතේ අනුකමිටු වාර්තාවල කර තිබූ යෝජනා ද මෙහි දක්‌නට නැත. එහෙත් අනුපූරකතා මූලධර්මය පිළිගන්නා බවත් ඒa අනුව බලය බෙදිය යුතු බවත් දක්‌වා ඇත¾ රාජ්‍ය මූල්‍ය කටයුතු සහමුලින් ම පාර්ලිමේන්තුවේ වගකීමක් විය යුතු බවට ප.ම. බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් වූ අනුකමිටුව කළ යෝජනා මේ මෙහෙයුම් කමිටු වාර්තාවට ඇතුළත් කර නැත. එ මඟින් රජයේ ආදායම ද පළාත් සභාවන්ට රිසි ලෙස වියදම් කිරීමේ අවකාශය ඉතිරිකර ඇති බව පෙනේ. මේ යෝජනා ක්‍රියාවට නැඟුවහොත් නිසැක ලෙසම බිහිවනුයේ අතිශයෙන්ම දුර්වල මධ්‍ය පාලනයක් හා විධායක බලය, ව්‍යවස්‌ථාදායක - එනම් නීති සම්පාදනය කිරීමේ බලය හා අධිකරණ බලය සහිත ප්‍රබල පළාත් (ප්‍රාන්ත) ආණ්‌ඩුවලින් සමන්විත රාජ්‍යයකි. මෙලෙස පළාත බලවත් කිරීම, ශක්‌තිමත් කිරීම හා ස්‌වාධීන කිරීම අරමුණු කරගත් යෝජනාවලියක් තුළ උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීමට ප්‍රතිපාදන සලස්‌වා තිබීම අප තේරුම් ගත යුත්තේ කෙසේද? මේ පින්බිම තමන් ගේ නිජ භූමිය ලෙස සලකන සිංහල දෙමළ සියල්ලන්ටම සමස්‌ත රට සම්බන්ධයෙන් වූ පරමාධිපත්‍ය විනාශ කරන අතර, ඒ ඒ පළාතේ වෙසෙන ජනයාගේ පරමාධිපත්‍ය බලය ඒ ඒ පළාතට සීමා කරන අතරම, උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ නිජභූමියයි පිළිගනිමින් ඒකාබද්ධ කිරීම, ඒ දෙපළාතට ඒකීය පාලනයක් යෝජනා කිරීම බෙදුම්වාදය ව්‍යවස්‌ථානුගත කිරීමක් හැර වෙන කුමක්‌ද?
ම්ලේච්ඡ ත්‍රස්‌තවාදය මඟින් බෙදුම්වාදය තහවුරු කිරීමට ගත් උත්සාහය තීරණාත්මකව පරාජය කළ පරිදි ම, එක රටක එකට ජීවත් වන, තව දුරටත් එ ලෙස ජීවත් වීමට සිහින දකින අපි සියලු දෙනාම එකතුව මේ ව්‍යවස්‌ථා බෙදුම්වාදය ද තීරණාත්මක ව පරාජය කළ යුතු ව ඇත.
ගෙවිඳු කුමාරතුංග

[Divaina - 2017-10-29]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .