10/11/2017

රට බෙදෙන ව්‍යවස්ථාවෙන් ඇතිවන ව්‍යසනය - කැටලෝනියාවෙන් ඉගෙනගමු !

කතෘ:යුතුකම     10/11/2017   1 comment

-අනුජ මංචනායක-

කැටලෝනියාව කියන්නෙ ස්පාඤ්ඤයට අයත් ප්‍රාන්තයක්. නමුත් කැටලන් වාර්ගිකයින්ට අනුව කැටලෝනියාව කියන්නෙ කාලයක් මුළුල්ලේ ස්වාධීනව පාලනය වුණු රාජ්‍යයක්. එහෙත් ස්පාඤ්ඤයේ බහුතරයට අනුව එය ඓතිහාසිකව ස්පාඤ්ඤයට අයත් ප්‍රදේශයක්. දැනට දින කිහිපයකට පෙර කැටලන් ප්‍රාන්ත පාලනය කැටලෝනියාව තව දුරටත් ස්පාඤ්ඤයේ ප්‍රාන්තයක් ලෙස පැවතිය යුතුද කියන කරුණ සම්බන්ධයෙන් කැටලෝනියාව තුළ නීති විරෝධීව ජනමත විචාරණයක් පවත්වනව. මෙම ජනමත විචාරණය ව්‍යවස්ථා විරෝධී යැයි කියූ ස්පාඤ්ඤ රජය එය ව්‍යර්ථ කිරීම සඳහා හමුදා සහ පොලිස් බල ඇණි යොදවනව. කැටලන් පාලනාධිකාරය ඇත්තටම මෙම ජනමත විචාරණය පවත්වන්නෙ ස්පාඤ්ඤයෙන් මෙවන් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන්. ඔවුන්ට අවශ්‍ය වන්නේම ඔවුන්ගෙ ජනමත විචාරණයට එරෙහිව ස්පාඤ්ඤය මධ්‍යම රජයේ මැදිහත් වීමක්. එහි උපරිම ප්‍රචාරක වාසිය ලබා ගැනීම සඳහාම ඔවුන් කරන්නෙ ඔවුන්ගෙ ජනමත විචාරණය සාමකාමී එකක් බව මුළ සිටම ප්‍රචාරය කිරීම. ඒ වන විට ගත හැකි වෙනත් විකල්පයක් නැතිව සිටි ස්පාඤ්ඤ රජය පොලිස් සහ හමුදා බල ඇණි යොදවා ඡන්ද මධ්‍යස්ථාන විසුරුවා හරිනව. ඡන්දය දැමීමට පැමිණි සැළකිය යුතු පිරිසකුත් ඡන්ද නිලධාරීන් සමගම අත්අඩංගුවට ගන්නව. කෙසේ වෙතත් ස්පාඤ්ඤයේ බාධා කිරීම් මැද ජනමත විචාරණය පැවැත්වීමට කැටලන් පාලනය සමත් වෙනව. ඒ කැටලෝනියාවට පොලිස් බලතල තිබෙන නිසා. මේ වන විට එම ජනමත විචාරණයෙ ප්‍රතිඵල කැටලන් පාලනය විසින් ජාත්‍යන්තර මාධ්‍ය වෙත නිකුත් කරල තිබෙනව. ඒ ප්‍රතිඵල වලට අනුව 90%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් වැටී ඇත්තේ ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කැමැත්ත පළ කරමින්. ඒ අනුව තව දිනක් දෙකක් තුළ කැටලෝනියාව ස්වාධීන රාජ්‍යයක් හැටියට ප්‍රකාෂයට පත් කිරීමට නියමිතයි.


මෙහි අවාසනාවන්තම තත්ත්වය දැකිය හැක්කේ බටහිර මාධ්‍යය කැටලෝනියාවේ ජනමත විචාරණය ආවරණය කරන ආකාරයේයි. මේ වන විට බටහිර රටවලට කැටලෝනියාවෙ ඉතිහාසය තවදුරටත් වැදගත් නැහැ. කැටලෝනියාව කිනම් ජනවර්ගයක ඓතිහාසික නිජබිමද, එහි ශිෂ්ඨාචරය ගොඩ නැගුවෙ කවුද යන කරුණු මේ වන විට ඔවුන්ට තවදුරටත් කතා කළ යුතු මාතෘකා නොවේ. ඇත්තටම කැටලෝනියාව ඓතිහාසිකව ස්වාධීන රාජ්‍යයක්ව තිබුණා විය හැකියි. නමුත් බටහිර න්‍යාය පත්‍රයට මේ වන විට වැදගත් වෙන්නෙ සාමකාමී කැටලන් ජාතිකයින්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එරෙහිව ස්පාඤ්ඤයෙන් ප්‍රහාරයක් දියත්ව ඇති වග පමණයි. කැටලෝනියාවේ අනාගතය කෙසේ විය යුතුද යන කරුණ මේ වන විට නීර්ණය වෙමින් පවතින්නේ කැටලන් ජනමත විචාරණය සහ ඊට ස්පාඤ්ඤය දැක්වූ ප්‍රතිචාරය මත මිස කැටලෝනියාවේ පැවතුණු ඓතිහාසික තත්ත්වයන් මත නොවෙයි (මේ සටහනේ අරමුණත් කැටලන් වාර්ගිකයන්ගේ ව්‍යායාමයේ හරි වැරදි බව තීරණය කිරීම නොව, කැටලෝනියාවේ ගැටළුව මේ වන විට විස‍ඳෙමින් තිබෙන්නේ රූපවාහිණී තිර මතින් පොම්ප කෙරෙන ජනමතයන් හරහා බව පෙන්විමයි).

කැටලෝනියාවෙ සිදු වෙමින් පවතින දෙය ලංකාවට වැදගත් වන්නේ මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති ව්‍යවස්ථා සංශෝධන නිසා. මේ සංශෝධන වලින් පසුව බටහිර රටවල ආශීර්වාදයෙන් දෙමළ ජාතික සංධානය කැටලෝනියාවේ මෙන් ජනමත විචාරණයක් උතුරු නැගෙනහිර පළාත්වල තව වසර කිහිපයක් තුළ සිදු නොකර සිටීමට කිසිදු හේතුවක් නැහැ. කැටලන් පාලනාධිකාරයට මෙවන් පියවරක් ගැනීමට අවශ්‍ය මූලිකම ශක්තිය ලැබෙන්නෙ ප්‍රධාන වශයෙන්ම හේතු දෙකක් නිසා. ඉන් පළමු වැන්න ඔවුන්ට තිබෙන පොලිස් බලතල. දෙවැන්න ඔවුන්ට ඇති ආර්ථික ශක්තිය. යෝජිත ව්‍යවස්ථා සංශෝධන වලින් පසුව මේ වන විට අත්හි‍ටුවා ඇති පොලිස් බලතල ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළාත්වලට ලබා දිම බොහෝ විට විය හැක්කක්. කැටලෝනියාවට සාපෙක්ෂව ලංකාවෙ උතුරු සහ නැගෙනහිර පළත්වලට ආර්ථික ශක්තියක් නැතත් බටහිරින් ලැබිය හැකි ආධාර මත විශ්වාසය තබා මෙවන් ජනමත විචාරණයකට යෑම බොහෝ විට බලාපොරොත්තු විය හැකි තත්ත්වයක්. කැටලෝනියාවට මෙහිදී අමතර වාසියක් වන්නේ ස්පාඤ්ඤය රටක් ලෙස මේ වනවිට මුහුණ දී ඇති අර්ථික අර්බුධයයි. රනිල් පාලනය යටතේ එම ඉලක්කය කරා වේගයෙන් ගමන් කරමින් තිබෙන අපේ රට ආර්ථික වශයෙන් මුළුමනින්ම දුර්වල වීම කාලය පිළිබඳ ප්‍රශ්ණයක් පමණක් විය යුතුයි. මෙහි මීටත් වඩා බරපතළ කරුණ වන්නේ කැටලෝනියාව මේ ජනමත විචාරණය පවත්වන්නේ ස්පාඤ්ඤය යුරෝපා සංගමයේ සාමාජික රටක්ව පවතිද්දීම වීමයි. ස්පාඤ්ඤය කියන්නෙ බටහිර කඳවුරේ රටක්. බොහෝ විට මෙවන් තත්ත්වයකට ලංකාවට මුහුණ දීමට සිදුවනු ඇත්තේ ස්පාඤ්ඤයට මෙවන් අර්බුධයකට මූණ දීමට ඇති ආයතනගත ශක්තියවත් නැතිවයි. හැරත් ස්පාඤ්ඤයට එරෙහිව ගොස් කැටලෝනියාවේ ස්වාධීනත්වය පිළිගැනීමට වෙනත් රටවල් යම් දෙගිඩියාවක් තිබුණත් ස්වාධීනත්වය ප්‍රකාෂ කල ඊළමක් පිළිගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට එවන් ගැටළුවක් තිබීමට කිසිදු හේතුවක් නැහැ.

සිදු වෙමින් පවතින්නේ කුමක්ද යන්න ඉතිහාසය බලා තේරුම් ගැනීමට අප අසමත් නම් අඩුම තරමින් අපි කැටලෝනියාවෙන්වත් ඉගෙන ගනිමු.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. එකමුතුකමක් නැති........ උඩට එන්න තවෙකෙකුට උදවු නොකරන..... තමවාසියට වැඩේ කෙරෙනකන් උදවු ලබාගෙන ඉන්නා මිනිසුන්..... නහයෙන් අඬති කොහෙවත් තියන කෑල්ලක් නැතිවෙන කොට.... තියන කෑල්ලෙන් වැඩක් නොගෙන..... තණ්හාවෙන් අනේ ඕක අපේ අපේ කියමින්.....

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions