10/12/2017

ව්‍යවස්‌ථා මගඩියෙන් නැතිවෙන්නෙ රටම

කතෘ:යුතුකම     10/12/2017   No comments

"බැඳුම්කර මගඩියෙන් ජනතාවට නැති වුණේ සල්ලි විතරයි
ව්‍යවස්‌ථා මගඩියෙන් නැතිවෙන්නෙ රටම"


-ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා

වර්තමාන ව්‍යවස්‌ථාවෙන් සහතික කොට ඇති රටේ ඒකීයභාවයටත්, බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛතාවටත් නව ව්‍යවස්‌ථාවෙන් කිසිදු හානියක්‌ සිදු නොවන බවට ආණ්‌ඩුව දිවුරා කිව්වත් යෝජිත නව ව්‍යවස්‌ථාව රටේ ඒකීයභාවයත් බුද්ධාගමට හිමි ප්‍රමුඛතාවත් නැතිකර රට කෑලිවලට බෙදා වෙන්කිරීමට සකස්‌ කරන ලද්දක්‌ බව ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා කියයි. මනෝහර ද සිල්වා මහතා මේ අදහස්‌ ප්‍රකාශ කළේ උතුර නැගෙනහිර යළි ඒකාබද්ධ කළ යුතු බවටත් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක්‌ ලෙස ව්‍යවස්‌ථාවෙන්ම ප්‍රකාශ කළ යුතු බවටත් දෙමළ ජාතික සංධානය කර ඇති ප්‍රකාශය පිළිබඳ අප ඒ මහතාගෙන් කළ විමසුමකදීය.

රටේ ඒකීය භාවයත් වර්තමානයේ බුදුදහමට හිමිව ඇති ප්‍රමුඛස්‌ථානයත් නව ව්‍යවස්‌ථාවෙන් අහිමි වන බව ඇතැමුන් චෝදනා කළත් එවැන්නක්‌ සිදුවීමට තමා ඉඩ නොදෙන බව අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා?

පසුගිය 21 දා ආණ්‌ඩුව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ අතුර වාර්තාවේ තිබෙන එක නිර්දේශයක්‌ තමයි උතුරු නැගෙනහිර යළි ඒකාබද්ධ කිරීම. ඒකීය රාජ්‍යය සංකල්පය වෙනස්‌ කිරීම තවත් නිර්දේශයක්‌.

ඒකීය රාජ්‍යය සංකල්පය වෙනස්‌ නොකරන බවත් වර්තමාන ව්‍යවස්‌ථාවෙන් බුද්ධාගමට හිමි තැන වෙනස්‌ නොකරන බවත් අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වට ඔහු ඉදිරිපත් කළ මෙම වාර්තාවේ ඉතා පැහැදිලිව විකල්ප යෝජනාවක්‌ හැටියට බුදුදහමට දැන් හිමිව තිබෙන ප්‍රමුඛතාව නැතිවන විදිහේ වර්තමාන වගන්තිය සංශෝධනය කළ විධිවිධාන තිබෙනවා. ඒකීය රාජ්‍ය සංකල්පයත් සම්පූර්ණයෙන්ම විනාශකිරීමට අවශ්‍ය විධිවිධානත් එහි ඇතුළත් කර තිබෙනවා. එබැවින් රටේ ඒකීය භාවයටත් බුදුදහමට හිමි ප්‍රමුඛතාවටත් කිසිදු හානියක්‌ නොකරන බවට අගමැතිතුමා කළ ප්‍රකාශය අසත්‍යයක්‌. රට නොමග යෑවීමට කළ ප්‍රකාශයක්‌.

ඔබ කොහොමද එහෙම කියන්නෙ?

මේ වාර්තාවෙ ඇමුණුම් හැටියට විවිධ පක්‌ෂවල අදහස්‌ දාල තියෙනව. ජනාධිපතිතුමාගෙත් ශ්‍රීලනිපයෙත් ඒකාබද්ධ විපක්‌ෂයෙත්, ජාතික හෙළ උරුමයෙන්, දෙමළ ජාතික සංධානයෙන් අදහස්‌ වෙනම ඇමුණුම් හැටියට ඉදිරිපත් කරල තිබෙනව. නමුත් එක්‌සත් ජාතික පක්‌ෂයෙ කියල වෙනම ඇමුණුමක්‌ නෑ. මූලික වාර්තාව එජාප නායක අගමැතිතුමා ඉදිරිපත් කිරීම එයට හේතුවයි. ඒ නිසා එය වෙනම ඇමුණුමක්‌ ලෙස ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවකුත් නෑ. එජාපයේ මතය හැටියට අපට පිළිගන්න වෙන්නෙ එයයි.

ඔය ඒකීය රාජ්‍යය කියන සංකල්පය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙ 2 වැනි වගන්තියෙයි තියෙන්නෙ. ශ්‍රී ලංකා ජනරජය ඒකීය රාජ්‍යයකි ලෙස වර්තමාන ව්‍යවස්‌ථාවෙ තිබෙන වාක්‍යය වෙනුවට මේ අතුරු වාර්තාවෙන් මේ අය යෝජනා කරන්නෙ වෙන අදහසක්‌ තිබෙන වාක්‍යයක්‌. ශ්‍රී ලංකාව නිදහස්‌ ස්‌වෛරී ස්‌වාධීන ජනරජයක්‌ වනු ඇති අතර ව්‍යවස්‌ථාවෙන් නියම කර ඇති බලතල ක්‍රියාත්මක කරන මධ්‍යම හා පළාත්බඳ ආයතනවලින් සමන්විත වන ඒකීය/ඔරුමිත්තනාඩු වනු ඇත. ඒකීය රාජ්‍යය/ඔරුමිත්තනාඩු යන්නෙන් අදහස්‌ වන්නේ නොබෙදූ සහ බෙදිය නොහැකි රාජ්‍යයකටය. රටේ ඒකීයභාවය ගැන වර්තමාන ව්‍යවස්‌ථාවේ ඇති වගන්තියට වඩා මෙය සම්පූර්ණයෙන්ම වෙනස්‌ වගන්තියක්‌.

මේ වගන්තිය තුළ අපේ අවධානයට යොමු විය යුතු වැදගත් කරුණු කීපයක්‌ තිබෙනවා. ඒකීය යන වචනය අසලින් සිංහල පිටපතේ ඔරුමිත්තනාඩු යනුවෙන් ඒකීය යන වචනය දෙමළ බසින් විග්‍රහ කර තිබීම එකක්‌. මෙහි ඉංග්‍රීසි පිටපතෙත් යුනිටරි යන වචනය ඉවත් කර එතැනටත් සිංහලෙන් මෙම ඒකීය/ඔරුමිත්තනාඩු කියන වචන දෙක දාල තියෙනව. යුනිටරි කියන්නෙ ඒකීය වන වචනයට අන්තර්ජාතික වශයෙන් ව්‍යවස්‌ථා නීතියේ පැහැදිලි නිර්වචනයක්‌ ඇති ඉංග්‍රීසි වචනය. අපේ රටට ඒකීය රාජ්‍යයක්‌ ලෙස අන්තර්ජාතික ලෙස පිළිගැනීමක්‌ ලැබෙන්නේ යුනිටරි යන වචනය ව්‍යවස්‌ථාවේ තිබුණොත් පමණයි. අපේ ව්‍යවස්‌ථාවෙන් එය ඉවත් නොකොට රට ෆෙඩරල් කරන්න බෑ. මේ මෙහෙයුම් කමිටුවේ අය අතුරු වාර්තාවෙ ඉංග්‍රීසි පිටපතින් යුනිටරි යන වචනය ඉවත් කළේ ඒ නිසයි. සිංහල පිටපතෙත් ඉංග්‍රීසි පිටපතෙත් ඒ වෙනුවට මේ අය දැම්මෙ ඒකීය/ඔරුමිත්තනාඩු කියන වචන දෙකයි.

ඒකීය යන වචනයත් සමග ඔරුමිත්තනාඩු කියන දෙමළ වචනය ලියල තියෙන්නෙ ඇයි කියලත් අපි විමසල බලමු. වර්තමාන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ ඒකීය වචනයට වෙනුවට යොදා තිබෙන දෙමළ වචනය ඔරුමිත්තනාඩු නෙමෙයි. ඔට්‌ටි්‍රයක්‌චි කියන වචනයයි. ඔට්‌ටි්‍රයක්‌චි කියන්නෙ ඒකීය රාජ්‍යය. ඔරුමිත්තනාඩු කියන්නෙ එක්‌සත් රාජ්‍යය කියන එකයි. ඒකීය යන වචනය වෙනුවට මෙතෙක්‌ කල් ව්‍යවස්‌ථාවෙ තිබුණු ඔට්‌ටි්‍රයක්‌චි යන දෙමළ වචනය වෙනස්‌ කරල සිංහල ඒකීය වචනය ළඟින් එක්‌සත් යන දෙමළ තේරුම දෙන ඔරුමිත්තනාඩු යන වචනය යෙදුවේ සිංහල බෞද්ධයො රවට්‌ටන්නයි. හාමුදුරුවරු රවට්‌ටන්නයි. ඔරුමිත්තනාඩු කියන්නෙ ඒකීය රාජ්‍යය නෙමෙයි එක්‌සත් රාජ්‍යය.

සාමාන්‍ය අයට තේරෙන විදියට කිව්වොත් මෙතෙක්‌ කල් ඒකීය රාජ්‍යයක්‌ කිව්වෙ එක ආණ්‌ඩුවක්‌ තිබෙන රටකට. මේ අලුත් ව්‍යවස්‌ථාවෙත් මහජනයාට පේන්න ඒකීය කියන වචනය තියෙනව. හැබැයි ඒකෙ තේරුම එක ආණ්‌ඩුවක්‌ තිබෙන එක රටක්‌ නෙමෙයි, සන්ධීය නැත්නම් ආණ්‌ඩු කිහිපයක්‌ තිබෙන ෆෙඩරල් රාජ්‍යයක්‌. උදාහරණයක්‌ විදිහට වස බෝතලයක වස කියල ලොකුවට ගහල තියෙන ලේබලය ගලෝල ජෑම් කියල ලේබලයක්‌ අලෝල, 'ඉස්‌සර මේකට වස කිව්වට දැන් කියන්නෙ ජෑම්' කියල පෙන්නනව වගේ වැඩක්‌. අපේ රටේ සිංහල ජනතාව වැඩි දෙනා මෝඩයෝ. එහෙම නෙමෙයි නම් මේවගේ පිරිසක්‌ රටේ පාලනයට පත් කරගන්නෙත් නෑ. කෙසේ වෙතත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුව මේ කරල තියෙන්නෙ මේ රටේ සිංහල ජනතාවගේ බුද්ධියට බරපතළ නිග්‍රහයක්‌.

බුද්ධාගම සම්බන්ධයෙනුත් ආණ්‌ඩුව කියන කතාව ඔය විදිහටම ජනතාව නොමග යෑවීමක්‌ද?

බුද්ධාගමට දැන් තිබෙන ප්‍රමුඛතාව නව ව්‍යවස්‌ථාවෙන් අහිමි වෙන්න දෙන්නෙ නෑ කියන එකත් ඒකීය කතාව වගේම තක්‌කඩි කතාවක්‌. 'ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය' යනුවෙන් වර්තමාන ව්‍යවස්‌ථාවේ තිබෙන වගන්තිය වෙනුවට මේ අතුරු වාර්තාවෙ සඳහන් වෙන්නෙ මෙහෙමයි. ශ්‍රී ලංකාව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය. අතුරු වාර්තාවෙ 'ජනරජ' කෑල්ල හැලිල. එහෙම හැලුනෙ නිකම්ම නෙමෙයි. ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය පිරිනමන්නේය යන වාක්‍යයේ අර්ථය ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුව බුද්ධාගමට මුල්තැන ලබාදෙන්නේය කියන එකයි. ශ්‍රී ලංකාව පමණක්‌ ගත් විට එයින් අර්ථ ගැන්වෙන්නෙ ශ්‍රී ලංකාවේ ජනතාව කියන එකයි. එනම් අතුරු වාර්තාවෙන් කියන්නෙ ශ්‍රී ලංකාවේ ජනතාව බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදෙන්නේය කියන එකයි. එනම් මේ අතුරු වාර්තාවෙන් බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය ලබාදීමට ආණ්‌ඩුව බැඳී නෑ. ඒ වගකීමෙන් ආණ්‌ඩුව නිදහස්‌ වී තිබෙනවා. අතුරු වාර්තාවෙ ප්‍රමුඛස්‌ථානය කියන වචනය දාල තියෙන්නෙ හාමුදුරුවරු රවට්‌ටන්නයි. බුද්ධාගමට ප්‍රමුඛස්‌ථානය දෙන බව කියන ගමන්ම අනෙක්‌ ආගම්වලටත් වෙනස්‌ කොට නොසලකන්නේය කියල කියනව. මේ නොකියා කියන්නෙ බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්‌ථානය නැතිකරනවා කියන එකයි.

මම මේ විස්‌තර කළේ මේ අතුරු වාර්තාවේ දෙවැනි සහ නවවැනි වගන්ති ගැන පමණයි. සමස්‌තයක්‌ වශයෙන් ගත්විට මේ අතුරු වාර්තාවෙන් උත්සාහ ගන්නේ මේ රටේ ඒකීය භාවය හා බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය නැතිකොට රට ෆෙඩරල් කිරීමටයි.

පළාත් අග්‍රාණ්‌ඩුකාරවරයා පත්කිරීමට ජනාධිපතිවරයා සතු බලතල ඉවත් කර එම බලතල පළාත් සභාවල ඇමැතිවරුන්ට ලබාදීමට කර ඇති යෝජනාව පිළිබඳ ඔබේ අදහස කුමක්‌ද?

13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ශ්‍රී ලංකාවේ ඒකීය භාවය අහෝසි වන බවට මතයක්‌ පැතිරුණු අවස්‌ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටි ශර්වානන්ද දෙමළ ජාතික විනිසුරුතුමා ප්‍රකාශයක්‌ කරමින් කියාසිටියේ ව්‍යවස්‌ථාවෙන් පැහැදිලිවම ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක්‌ ලෙස අර්ථදක්‌වා ඇති බැවිනුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 154 ආ වගන්තියේ දෙවැනි උප වගන්තියේ දැක්‌වෙන ආණ්‌ඩුකාරවරයා පත්කිරීමට ජනාධිපතිවරයා සතු බලතලත් නිසා 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනයෙන් ශ්‍රී ලංකාවේ ඒකීය භාවයට හානියක්‌ නොවන බවයි. ජනාධිපතිවරයා විසින් ආණ්‌ඩුකාරවරයා පත්කරන නිසා පළාත් සභාවල මැති ඇමතිවරුන්ට තමන්ට ඕනෑදේවල් කරන්න බැරිවුණා. මේ යෝජනාවල විදිහට ඇමති මණ්‌ඩලයේ උපදෙස්‌ මත අග්‍රාණ්‌ඩුකාරවරයා පත් කළොත් අද බුදු පිළිමයක්‌වත් උතුරෙ නිරුපද්‍රිතව තබන්නට බැරි, සිංහලයකුට අයිතියක්‌ නැති තත්ත්වයක්‌ තුළ රට එකක්‌ විදිහට පවතින්නේ නෑ.

අපේ රටේ ඒකීයභාවයට හානිවන, බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්‌ථානය නැතිවන විදිහේ මෙවැනි කරුණු ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට ඇතුළත් විය යුතු යෑයි යෝජනා ඉදිරිපත් වන්නේ ඇයි?

රටක ව්‍යවස්‌ථාවක්‌ හදන විට ඊට වැඩි නියෝජනයක්‌ ලැබිය යුත්තේ ඒ රටේ බහුතරයට. ලෝකෙ හැම රටකම එහෙමයි. එංගලන්තෙ චීන්නු, ඉන්දියානුවො, පකිස්‌තානුවො ඉන්නව. එංගලන්තෙ ව්‍යවස්‌ථාව හදන කමිටුවෙ චීනෙක්‌, පකිස්‌තාන් කාරයෙක්‌ ඉන්න පුළුවන්. හැබැයි ව්‍යවස්‌ථාව හදන්න චීනෙකුට දෙන්නෙ නෑ. අපේ රටේ වැඩිදෙනා සිංහල බෞද්ධ. හැබැයි මේ ව්‍යවස්‌ථා සම්පාදන කමිටුවේ ඒක නියෝජනය වෙන්නෙ නෑ. අපේ රටේ මේ ක්‍රියාදාමයේ මධ්‍ය පර්යන්ත කමිටුවේ සභාපතිකම දීල තියෙන දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරයා ත්‍රස්‌තවාදී කටයුතුවල යෙදුනු ප්ලොට්‌ සංවිධානයේ හිටපු නායකයෙක්‌. ඒකට පත්කරල ඉන්න අනිත් අයත් ෆෙඩරල් මතවාද කරේ තියාගත්තු එන්ජීඕ සල්ලි මත යෑපෙන අය. මේ අය මේ හදන්නෙ මේ රටේ සිංහල බෞද්ධ ජනතාවට විරුද්ධ ව්‍යවස්‌ථාවක්‌. මෑතක සිදුවූ මහා ජාතික අපරාධය විදිහට කවුරුත් හඳුන්වන්නේ මහ බැංකුවේ බැඳුම්කර මගඩිය. මේක ඊට සිය දහස්‌ ගුණයකටත් වඩා විශාල ජාතික අපරාධයක්‌. මහ බැංකු මගඩියෙන් නැතිවුණේ ජනතාවගෙ සල්ලි විතරයි. මේ ව්‍යවස්‌ථා මගඩියෙන් ජනතාවට නැතිවෙන්නෙ රට. මහ බැංකු මගඩියෙන් කොල්ල කාගත්තු සල්ලි ජනතාවට කවදහරි හම්බකරගන්න පුළුවන්. රට නැතිවුණොත් නැතිවුණාම තමයි.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions