10/30/2017

අපේ සටන ඒකීය රාජ්‍යය නැවත දිනාගන්නයි - ආචාර්ය නලින් ද සිල්වා

කතෘ:යුතුකම     10/30/2017   No comments

චින්තන පර්ෂදය විසින් මහනුවර කැප්පෙටිපොල ශ්‍රවණාගාරයේ දී පසුගිය ඔක්තෝබර් විසි පස් වන දින ‘නව ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කරමු’ යන මැයෙන් පැවැත්වූ සම්මන්ත්‍රණයේදී ආචාර්ය නලින් ද සිල්වා මහතා කළ දේශනයේ සාරාංශයකි.

දේශප්‍රේමී හිතවතුනි, රහස් පොලිසියේ මහත්වරුනි, 2015 ජනවාරි 8 වෙනිදා මෛත්‍රිපාල සිරිසේන ආවේ හොරු අල්ලන්න කියල. නමුත් අපි හොඳාකාරව ම දැනගෙන හිටියා මේ එන්නේ හොරු අල්ලන්න වත් යහපාලනයක් ඇති කරන්නවත් නම් නෙමේ කියල. මේ එන්නේ කාරණා දෙකකට බව අපි කිව්වා. පළමුවැන්න අලුත් ව්‍යවස්ථාවක් - සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථාවක් ගෙනල්ලා දෙමල ජාතිවාදයට කප්පම් දීම. දෙවැන්න රණවිරුවන් දඩයම් කිරීම.

මේ තමයි ඒ බෙදුම්වාදී ව්‍යවස්ථාවේ මුල. මේවා කලින් දැකල කියන්න බැරි නම් වැඩක් නැහැ. ප්‍රශ්නයක් ආවට පස්සේ ඕන මිනිහෙකුට තේරෙනවා ප්‍රශ්නයක් තියෙන බව. නමුත් අපි ප්‍රශ්නය මුල ඉදල ම කීවත් අපේ අය ඊට මුහුණ දෙන්න ලැහැස්ති වුණේ නැහැ. අපට මේ කතාව පහුගිය ජනාධිපතිවරණයේදී කියන්න ජනමාධ්‍යවල ඉඩදුන්නේ නැහැ. අන්තිමට මහින්ද පැරදුණා. මහින්ද පැරදුණේ සිංහල බෞද්ධ ඡන්ද අඩුවීමෙන් මිසක දෙමල මුස්ලිම් ඡන්ද නැතිවීමෙන් නෙමේ.

තව කාරණාවක් කියන්න ඉඩ දෙන්න. අද මේ තියෙන ජාතික ආණ්ඩුව නීති විරෝධියි. අද පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැහැ. තියෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයක්. ඒ මත තමයි කතානායක කියන්නේ ජාතික නිදහස් පෙරමුණ සහ මහජන එක්සත් පෙරමුණ පාර්ලිමේන්තුවේ වෙන ම පක්ෂ හැටියට පිළිගන්න බැහැ කියල. ඔව්. ඒක ඇත්ත. හැබැයි එය එතැනදී විතරක් නෙමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙනුත් ඇත්ත. එනිසා පාර්ලිමේන්තුවේ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග එකතු වී ජාතික ආණ්ඩුවක් හැදීම නීති විරෝධියි. මම මේක හුඟ කලක ඉඳන් කීවත් ඒකාබද්ධ විපක්ෂයවත් ඒ ගැන ගණන් ගන්නේ නැහැ.


කොහොම හරි මේ නීති විරෝධී ආණ්ඩුව ව්‍යවස්ථා මණ්ඩලයක් පිහිටෙව්වා. නමුත් මේ සඳහා ජනවරමක් තියෙනවා ද? ජනවාරි 8 වෙනිදා මෛත්‍රිපාල සිරිසේනට ජනවරමක් ලැබුණ ජනමත විචාරණයකට තුඩු නොදෙන ව්‍යවස්ථා සංශෝදනයක් ගෙනෙන්න. නමුත්නව ව්‍යවස්ථාවකට ජනවරමක් මේ පක්ෂ දෙකට ම නැහැ. එක්සත් ජනතා නිදහස් සන්ධානය මහා මැතිවරණයේදී නව ව්‍යවස්ථාවක් ගැන කතා කළේවත් නැහැ. එක්සත් ජාතික පක්ෂය නව ව්‍යවස්ථාවක් ගැන කතා කලත් ඔවුන්ට 50 % ක ජනවරමක් හෝ පාර්ලිමේන්තු බහුතරයක් හෝ ලැබුණේ නැහැ. මම රනිල් වික්‍රමසිංහට අභියෝග කරනවා හැකි නම් නව ව්‍යවස්ථාවකට ජනවරමක් තියෙන බව පෙන්වන්න කියලා. රනිල් දන්නේ පොඩි ළමයෙක් වගේ කෑ ගගහ අපට ජනවරමක් තියෙනවා කියල ලෙස්සල යන්න විතරයි. ජනවරමක් නැතිව ව්‍යවස්ථා මණ්ඩලයක් පත්කිරීමත් සම්පුර්ණයෙන් වැරදි වැඩක්.

අපේ අවාසනාවට ඒකාබද්ධ විපක්ෂයත් මීට සම්පුර්ණයෙන් සහය දෙනවා. අපි අස්වෙන්න කියල කෙතරම් ඉල්ලා සිටියත් අස්වුණේ නැහැ. මට බොහෝ ම කනගාටුවෙන් කිව යුතු දෙයක් තියෙනවා. මහින්ද රාජපක්ෂ කියන්නේ ප්‍රභාකරන් පරද්දවන්න දේශපාලන නායකත්වය දීපු මනුස්සය. 28 වෙනිදට මහින්ද රාජපක්ෂ ඉන්දියාවට යනවා ජි එල් පිරිස් එක්ක. පැකේජ් ගෙනාපු ජි එල් පිරිස් එක්ක ඉන්දියාවට යන ගමනක් නම් හොඳ ගමනක් වෙන්න බැහැ. අපි කියනවා මහින්ද රාජපක්ෂට යන්න කලින් ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස් වෙලා යන්න කියලා. එහෙම බැරි නම් අඩුම ගානේ ඉන්දියාවට යන ගමන නවතා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ව්‍යවස්ථා මණ්ඩලයට ඇවිල්ලා ව්‍යවස්ථාවට විරුද්ධ ව ඒකාබද්ධ විපක්ෂය මෙහෙයවන්න. කාව ද මේ රවටන්නේ? මේ රැවටීම් හොඳට ම ඇති.

හොඳට මතක තියාගන්න අපි ප්‍රතික්ෂේප කරන්නේ මේ ඉදිරිපත් වෙන ව්‍යවස්ථාව පමණක් නොවෙයි. ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවීමේ සිට ජනවරමකින් තොර මේ මුළු ක්‍රියාවලියට ම අපි විරුද්ධයි. ව්‍යවස්ථාව පරාද කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක නොදෙන්න ජනමත විචාරණයකදී පරද්දවන්න ලැහැස්ති වෙන්න ඕන. නමුත් මේ එකක්වත් රනිල් කරාවි ද නැද්ද කියාවත් අපි දන්නේ නැහැ. මේ ව්‍යවස්ථාව බිහි කිරීමේ ක්‍රියාවලිය මුලින් ම ප්‍රතික්ෂේප කර ඉන් සම්පුර්ණයෙන් ම අයින් වෙන්න ඕන. ඉන් බිහි වෙන ව්‍යවස්ථාව ප්‍රතික්ෂේප කිරීම දෙවැන්න. තුන්වැනුව අවශ්‍ය වුණොත් ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී හෝ ජනමත විචාරණයකදී පරාද කිරීම කළ යුතුයි. පරාද කිරීම කියන්නේ මේ අවස්ථා තුනෙන් එකක් පමණයි. අපි නිරවුල් වෙන්න ඕන මේ ගැන.

රනිල් වික්‍රමසිංහ අහනවා බිහිවෙලත් නැති ව්‍යවස්ථාවකට විරුද්ධ වෙන්නේ කොහොම ද කියල. රනිල් දන්නේ නැති හුඟක් දේවල් රටේ ලෝකේ තියෙනවා. අපි දන්නවා දරු ගැබක් පිහිටපු දවසේ ඉදන් අම්මල තාත්තල ඊට ලැහැස්ති වෙනවා. දරු ගැබ හෙලවෙනවා අම්මට දැනෙනවා. විවිධ පරීක්ෂණවලින් විවිධ දේ දැනගන්නවා. මේ අතුරු වාර්තා ආදියත් ඒ වගේ හෙලවීම්වල ප්‍රතිඵල. අපි විරුද්ධ මේ බිහිවෙන්න යන ව්‍යවස්ථා දරුගැබට. ඒ විතරක් නෙමේ මේ දරුගැබ පිළිසිඳ ගැනීමටත් අපි විරුද්ධයි. රනිල්ට මේවා කවදාවත් තේරුම් ගන්න වෙන්නේ නැහැ. ඔහු හිතන්නේ ඕපපාතික ව දරුවෝ පහල වෙනවා කියලා.

ජයම්පති වික්‍රමරත්න සහ ලාල් විජේනායක කියන්නේ දොළදුකට කළමනා හොයන මිනිස්සු ටිකක් මිසක් දරු ගැබේ පියවරු නෙමේ. මේ ව්‍යවස්ථාව සම්පාදනය කරන්නේ දෙමල ජාතිවාදය වෙනුවෙන් බටහිරයන් විසින්. මේ කාරණයේ මුල 1833 දක්වා දිව යනවා. මේ ඉතිහාසය කෙටියෙන් මා ලියා තියෙනවා ‘ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා මස්සිනාලා’ කෘතියේ. නමුත්ජාතික ව්‍යාපාරයේ ඉන්න පිරිස් හා දේශපාලකයන් පවා මේ පොත කියවා නැහැ.

මම ඒ ඉතිහාසය කෙටියෙන් කියන්නම්.එ 1833 දී ව්‍යවස්ථාදායක සභාව පිහිටෙව්වා. එදා තමයි සිංහලත්වයට මේ රටේ විශේෂ තත්වය නැති කළේ. 1923 අරුනාචලම් හින්දු මහා සභාව නමින් පළමු ජාතිවාදී සංවිධානය පිහිටෙව්වා. ඉන්පසු ඩොනමෝර් කොමිසමේ දී රාමනාදන්ලා අරුනාචලම්ලා සර්වජන ඡන්දයට විරුද්ධ වුණා රටේ නායකත්වය තමන්ගේ අතින් සිංහලයන්ට යාම ගැන විරුද්ධ වෙමින්. 1941 දී පොන්නම්බලම් පණහට පණහ ඉල්ලුව. සෝල්බරි කොමිසමේදී මේ ගොල්ලෝ කිව්වා පාර්ලිමේන්තුවේ සිංහලයන් ගණන 50% ට අඩුවෙන විධියට මැතිවරණ ක්‍රමය සකසන්න කියලා. 1949 දී චෙල්වනායගම් වෙන ම රාජ්‍යයක් සඳහා තමිල් අරසු කච්චිය පිහිටෙව්වා.

1976 දී වඩුක්කොඩෙයි සම්මුතිය බිහිවුණා. ඒ අතර ප්‍රභාකරන්ලා උමා මහේෂ්වරන්ල ආයුධ අතට ගත්තා. මේකෙ දි ජේවීපි අභාසය බලපෑ බව අමතක කරන්න එපා. මේ මුළු කතාව ම එක ම ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය අන්තිමේදී ප්‍රභාකරන් තමන්ගේ අතට ගත්තා. 2009 දී ප්‍රභාකරන් පැරදුණා. ප්‍රභාකරන් විතර ද පැරදුණේ ? නැහැ. 1833 ඉදන් එන ක්‍රියාවලියම පැරදුණා. ඉන්දු ලංකා ගිවිසුම පවා මේ ක්‍රියාවලියේ ම කොටසක්. ඒ නිසා 13 වන සංශෝදනයත් එදා දේශපාලනික ව පරාදයි. මේක අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. කොච්චර තර්කානුකුල ව කීවත් පිළිගන්නේ නැහැ. මිනිස්සු පිළිගන්නේ පොඩි කාලේ ඉඳන් තමන්ගේ හිතට දාපු දේවල්.

අද මේ කරන්න යන්නේ ප්‍රභාකරන්ට බැරි වුණ දේ කරගන්න නෙමේ 1833 ඉදන් ආපු ක්‍රියාවලිය ආයෙත් ආරම්භ කරන්නයි මේ යන්නේ. මේ යන්නේ එක ම කතාව. විග්නේශ්වරන් කියන්නේ පොන්නම්බලම්ලාගේ මුනුපුරෙක්. මේපොන්නම්බලම් කුමාරස්වාමි පවුලට සහ ඔවුන් වටේ හිටපු වෙල්ලලයන්ට ලංකාවේ බලය ලබාගැනීමට නොහැකි වීමේ ප්‍රශ්නය මිසක් මෙතන දෙමල ජනතාවට වෙච්ච කිසි අසාධාරණයක් මේ රටේ නැහැ.

මගේ කතාවේ අවසාන කොටස ඒකීය රාජ්‍යය ගැන. ලෝකයේ පලවෙනි ඒකීය රාජ්‍යය ලංකාව. එය බිහි කළේ ගැමුණු රජු. දුටුගැමුණු කියන්නේ එකල හිටපු එන්ජිඕ කාරයෝ එතුමාට දාපු නම මිසක් එතුමාගේ නම නෙමේ. එතුමා දායාද කළ එක්සේසත් රාජ්‍යය ගැන කවුරුවත් තව ම හරියට අධ්‍යයනය කරලා නැහැ. මම මේක දකින්නේ සම ද්විපාද ත්‍රිකෝණයක් හැටියට. රජ්ජුරුවන් සහිත රාජ සභාව ප්‍රධාන පාදයක්. සංඝයා වහන්සේ අනෙක් ප්‍රධාන කොටස. ජනතාව ඒ ප්‍රධාන කොටස් තරම් දෙයක් නොකළත් ඔවුනුත් යමක් කළා. සංඝයා වහන්සේ අවශ්‍ය වෙලාවල දී රජවරුන් පත්කිරීම පවා කළා. ඈත ඉතිහාසයේ සිට 1956 විප්ලවය තෙක් ම මේ සම්ප්‍රදාය ක්‍රියාත්මක වෙනවා. නමුත් උන්වහන්සේ රාජ්‍යත්වයට ගියේ නැහැ. හෙළ උරුමයට වැරදුනේ මෙතැනයි.

එක්සේසත් රාජ්‍යයක අද වචනවලින් නම් මුළු රටටම හෝ රටින් කොටසකට බලපාන ලෙස විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය හසුරවන්න ඒ පිළිබඳ නීති රීති පනවන්න පුළුවන් ආයතන තිබිය හැක්කේ එකක් පමණයි. ගැමුණු රජුගේ ඒකීය රාජ්‍යය 1505 වන තෙක් ම තිබුණා. පෘතුගීසින් සහ ලන්දේසින් ඉංග්‍රීසින් 1815 තෙක් ඒකීය රාජ්‍යය නැති කළා.

නමුත් ඉංග්‍රීසින් 1815 දී නැවතත් ඒකීය රාජ්‍යයක් ඇති කළා. 1505 සිට 1815 තෙක් සිංහලේ එක්සේසත් රාජ්‍යය උඩරට පළාත් වටා සිමා වෙන්න ගත්තා. ගම්පෙරළියේ ඇති කාලයේ වුණත් මිනිස්සු උඩරටට කියන්නේ සිංහලේ කියලා. ඉංග්‍රීසින් 1815 දී නැවතත් සිංහලේ රාජ්‍යය ලංකාව පුරා ඇති කළා. සිලෝන් කියන්නේ සිංහලේටමයි. නමුත් ඒ ගැමුණු රජුගේ ඒකීය රාජ්‍යය නොවේ තුන්වන ජෝර්ජ්ගේ ඒකීය රාජ්‍යය. 13 වන සංශෝදනයෙන් නැවතත් අපේ ඒකීය බව නැති වුණා.

සන්ධිය රාජ්‍යයක් ළදරු සන්ධිය රාජ්‍යයක ඉඳන් සහ-සන්ධිය රාජ්‍යයක් තෙක් පුළුල් පරාසයක තියෙන්න පුළුවන්. නමුත් ඒකීය රාජ්‍යය එහෙම නෙමේ. පොඩ්ඩක් ගැබිණි වෙන්න හෝ පොඩ්ඩක් ඒකීය වෙන්න බැහැ. 13 වන සංශෝධනයෙන් පස්සේ පළාත් සභාවල තියෙන ඇතැම් බලතල තුනෙන් දෙකක බලයකින් තොර ව පාර්ලිමේන්තුවට ගන්න බැහැ. මේ රට අද සන්ධිය රාජ්‍යයක්. දැන් මේ කරන්නේ මෙය සහසන්ධිය තත්වයට ගෙන යාම. අපේ සටන ඒකීය රාජ්‍යය ආරක්ෂා කිරීමටවත් සහසන්ධිය රාජ්‍යය නැවැත්වීමවත් නොවේ. අපේ සටන ඒකීය රාජ්‍යය නැවත දිනාගැනීම සඳහායි. දැන් මේක බොහෝ දෙනෙකුට දැනෙන්න අරන් තියෙනවා. මහා සංඝ රත්නය දැන් මිට විරුද්ධයි. මේක අපි දැක්කේ දරු ගැබ ඇති වෙන්නත් කලින්. නමුත් ප්‍රමාද වී හෝ සෙසු පිරිසත් දැකීම හොඳයි.

සාරාංශ සටහන: ශිරන්ත චාමර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions