10/24/2017

රට බෙදන ව්‍යවස්ථාව පරාජය කරන තෙක් නොනවතින්නෙමු ! - මැදගම ධම්මානන්ද නාහිමි

කතෘ:යුතුකම     10/24/2017   No comments




මල්වතු පාර්ශ්වයේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ සංඝ සභාවල තීරණයත් සමග මහානායක හිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ කිසිදු වරදක්‌ නොමැති බව සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියෝ පැවසූහ. උන්වහන්සේ එම අදහස්‌ ප්‍රකාශ කර සිටියේ (19 වැනිදා) කොළඹ මහජන පුස්‌තකාලයේදී පැවති "ශ්‍රී ලංකා ඔරුමිත්ත නාඩුවක්‌ නොකරනු - බෙදුම්වාදී ව්‍යවස්‌ථාව පරදවමු" යන තේමාව යටතේ සංවිධානය කළ ජාතික සමුළුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ උන්වහන්සේ මෙසේ ද පැවසූහ,

කුමන නමකින් හැඳින්වුවත්, මෙම මොහොත වන විට රටට, ජාතියට, ආගමට අහිතකර ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ රට හමුවේ තබා තිබෙනවා. මෙම අවස්‌ථාවට සහභාගි වන බොහෝ දෙනකුට ඒ පිළිබඳව අවබෝධයක්‌ තිබෙනවා. ඒ වගේම අනෙකුත් දේශකයන් ඒ පිළිබඳව අදහස්‌ ප්‍රකාශ කරාවි. එම නිසා මම ඒ පිළිබඳව කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නැහැ. මම මේ අවස්‌ථාවේදී කතා කරන්නේ මාධ්‍ය ආයතනවල සහ රාජ්‍ය බුද්ධි අංශයේ මහත්වරුන්ට.

මේ මොහොත වන විට මල්වතු සහ අස්‌ගිරි සංඝ සභා දෙකේ ප්‍රකාශය පිළිබඳව ඇවිස්‌සීමක්‌ සිදු වී තිබෙනවා. දැන් කල්පනා කරන්නේ මේක කොහොමද මර්දනය කර ගන්නේ කියන එක තමයි. මීට කලකට පෙර අස්‌ගිරි මහා විහාරය, අනිකුත් නිකායවල නායක හිමිවරුන් සමඟ කරුණු කිහිපයක්‌ අවධාරණය කළා. අපි ප්‍රකාශ කළා නව ව්‍යවස්‌ථාවක්‌ හෝ ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ පිළිබඳව අපි අවදියෙන් සිටින බව. ඒ වගේම අපි එම අවස්‌ථාවේදී සඳහන් කළා එබඳු කටයුත්තක්‌ සඳහා වර්තමාන ආණ්‌ඩුවට ජනවරමක්‌ ලැබී නොමැති බව. නව ව්‍යවස්‌ථාවකින් හෝ ව්‍යවස්‌ථා සංශෝධනයකින් ඇති විය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳව අපි එම අවස්‌ථාවලදී මහා විහාරය සහ මහා සංඝරත්නය විධියට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කිරීමට කටයුතු කළා. නමුත් ඒ කිසිවකුට සවන් නොදුන් බව සියලු දෙනාම දන්නවා.

ජනාධිපතිතුමා මට පෞද්ගලිකව සඳහන් කළා ව්‍යවස්‌ථාදායක කමිටුව අපව හමුවීම සඳහා එවන බව. මම අහගෙන සිටියා ලාල්

විඡේනායක මහතා සඳහන් කළා මල්වතු අස්‌ගිරි හිමිවරුන්ගෙනුත් වාර්තා ලබාගත් බව. නමුත් එහෙම දෙයක්‌ සිද්ධ වූයේ නෑ. ඒවා අමූලික බොරු. ඒ අය තමන්ට ඕනෑ ටික එකතු කරගෙන වාර්තාවක්‌ හැදුවා.

අපි දන්නවා දීර්ඝ කාලයක සිට අපගේ මාතෘභූමිය සංස්‌කෘතික උරුමයන්, බුද්ධාගම, සිංහල ජාතිය, අපත් සමඟ සහෝදරත්වයෙන් කටයුතු කරන ජනතාව සමග තිබෙන සමගිය කඩා බිඳ දැමීම සඳහා සිදුවන කටයුතු පිළිබඳව. ඒ සඳහා විවිධ රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළා. ඒ වගේම ඔවුන් සමහර පවුල්වලටත් සම්බන්ධ වෙලා එම කටයුත්ත කිරීමට උත්සාහ කළා. ඔවුන් කුමන ආකාරයෙන් කටයුතු කළත්, අපි එම කටයුතු මර්දනය කර ගැනීමට සමත් වූවා. ඒ වගේම කොටි සංවිධානය හරහා ක්‍රියාත්මක වූ බෙදුම්වාදී ත්‍රස්‌තවාදයත් රණවිරුවන්ගේ සහ ජනතාවගේ මැදිහත්වීමෙන් මර්දනය කර ගැනීමට අප සමත් වූවා.

එම නිසා චිත්‍රපට, සාහිත්‍ය කෘති හරහා පවා භික්‍ෂූන්ට සහ රණවිරුවන්ට පහර දුන්නා. එම ක්‍රියාදාමය අදත් සිද්ධ වෙනවා. අදත් විවිධ පුද්ගලයන් යොදවා මාධ්‍ය මගින් භික්‍ෂූන්ට පහර දෙනවා. භික්‍ෂූන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමට කටයුතු කරනවා.

එම තත්ත්වය නතර කිරීමට කටයුතු කරන ලෙස අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටියා. ඒ වගේම විල්පත්තුව ඇතුළු වනාන්තර විනාශ කරන එක පිළිබඳව සොයා බැලීම සඳහා කොමිසමක්‌ පත්කරන ලෙසත් එම අකටයුතු නතර කරන ලෙසත් අපි ඉල්ලා සිටියා. එපමණක්‌ නොවෙයි සිංහල ජනගහනය විනාශ කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබෙනවාද කියල සොයා බලන්න කියල අපි ඉල්ලා සිටියා. ඒ වගේම මේ රටට සරණාගතයන් ලෙස පැමිණ සිටින අය පිළිබඳවත් සොයා බලන ලෙස අපි ඉල්ලා සිටියා. උතුරට සහ දකුණට එකම නීතියක්‌ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියා. උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් මහතා කරන ප්‍රකාශ වල සීමාවක්‌ නැහැ. එතුමා අපේ පන්සලට ආපු අවස්‌ථාවේ බොහොම ගෞරවයෙන් පිළිගත්තා. අපිට කිසිම ජාති, ආගම් බේදයක්‌ නෑ. අපි බොහොම සුහදව කතා කරල එක රටක අපි සුහදව ජීවත්වෙමු කියල කිව්වා. නමුත් එතුමා එළියට ගිහින් "මල්වතු අස්‌ගිරි හාමුදුරුවන්ගේ ෙµඩරල් විරෝධී මතය වෙනස්‌ වී නොමැති බව සඳහන් කළා." විග්නේෂ්වරන් මහතා සිලෝන් ටුඩේ පත්තරයට සඳහන් කරල තිබෙනවා දේවානම්පියතිස්‌ස රජු දෙමළ රජකෙනකු බව. මොවුන් අදහස්‌ ප්‍රකාශ කරන්නේ මෙහෙම නම්, කටයුතු කරන්නේ මෙහෙම නම් මොවුන් සමග නව ව්‍යවස්‌ථාවක්‌ හැදීමට හෝ ව්‍යවස්‌ථා සංශෝධන පිළිබඳව කතා කරල වැඩක්‌ නෑ.

මේ සියලු කාරණා පිළිබඳව අපි මීට මාස තුනකට පමණ පෙරත් අවධාරණය කළා. නමුත් පළක්‌ වූයේ නැහැ.

අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය ද නැද්ද කියන එක තීරණය කළ යුත්තේ මේ රටේ මහජනතාව තමයි. අපි තීරණය කළේ ජිනීවා බලපෑම මත එන්. ජී. ඕ. කාරයන් හදන ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නැහැ කියන එක තමයි. අලුත් ව්‍යවස්‌ථාවක්‌ අවශ්‍ය නම් නව ප්‍රවේශයකින් විශ්වාසවන්ත පිරිසක්‌ සමඟ එය සම්පාදනය කළ යුතු වනවා.

මල්වතු අස්‌ගිරි කාරක සංඝ සභාවන්ගේ ප්‍රකාශය නිකුත් වූ පසු දැන් මාධ්‍ය ආයතන වල ප්‍රධානීන්ට දුරකථනයෙන් අමතල විමසනවලු ඇත්තටම එහෙම එකක්‌ වුණාද කියලා. ඔය සාකච්ඡාවට මහනායක හිමියන් සහභාගි වූයේ නැහැ නේද කියලත් අහනවලු. මහනායක හිමිවරුන්ගේ ඡායාරූප, පුවත්පත්වල පළ කිරීම එම ආයතනවලට අයත් කටයුත්තක්‌. නමුත් සංඝ සභාවේ තීරණයත් සමඟ මහනායක හිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ වරදක්‌ තිබෙනවද? සංඝ සභා දෙකේ තීරණය භික්‍ෂූන් වහන්සේලා කිහිප දෙනකුගේ වැඩක්‌ ලෙස ලඝූ කිරීමටත් ආණ්‌ඩුවේ ප්‍රධානීන් කටයුතු කරමින් සිටිනවා. මම වගකීමෙන් කියනවා අපි රැස්‌වූයේ නීත්‍යානුකූල ආකාරයට මහනායක හිමිවරුන්ගේ අනුදැනුම ඇතිව බව. අපට හිතුවක්‌කාරී ලෙස මහනායක හිමිවරුන්ගේ අනුදැනුමකින් තොරව සංඝ සභා කැඳවීමට බැහැ.

ව්‍යවස්‌ථා සම්පාදන මණ්‌ඩලයේ මෙහෙයුම් කමිටුවේ වාර්තාව පිළිබඳව අදහස්‌ දැක්‌වූ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා - පසුගිය සැප්තැම්බර් 21 මෙම වාර්තාව ඉදිරිපත් කළ පසුව යළිත් ජනතාව තුළ උනන්දුවක්‌ ඇති වී තිබෙනවා. මෙම වාර්තාව මෙහෙයුම් කමිටුව ඒකමතිකව ඉදිරිපත් කළ බව මම කියන්නේ නැහැ. ඒකාබද්ධ විපක්‍ෂය, හෙළ උරුමය ඉදිරිපත් කළ වාර්තා බැලුවහම පෙනෙනවා ඒ අය මෙම වාර්තාවේ ඇතැම් කරුණු පිළිඅරන් නොමැති බව.

2016 මාර්තුවේ යෝජනාවක්‌ සම්මත කරල ව්‍යවස්‌ථා මණ්‌ඩලය ඇති කළා. 73 වතාවක්‌ අනුකමිටුව රැස්‌වී තිබෙනවා. මෙම වාර්තාවේ තිබෙන්නේ ෙµඩරල් මූලධර්ම පමණයි. මෙහි ඒකීය රාජ්‍යය පිළිබඳ මූලධර්ම නැහැ. මෙබඳු යෝජනාවකට ජනතාවගේ අදහස්‌ ලැබිල තිබෙනවාද? වත්මන් ව්‍යවස්‌ථාවේ 1, 2 යන ව්‍යවස්‌ථාවන් ඉවත් කරන බව සඳහන් කරල තිබෙනවා. 2 වැනි ව්‍යවස්‌ථාවේ තමයි ඒකීයභාවය පිළිබඳව සඳහන් වන්නේ. එය ඉවත් කරල ඒකීය රාජ්‍යය රකින්නේ කොහොමද?


සටහන :දිවයින

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions