10/26/2017

භික්ෂුව සහ NGO මාරයෝ..

කතෘ:යුතුකම     10/26/2017   1 comment

මේ රටේ භික්ෂුව, පාලකයා සහ ජනතාව අතර ඇත්තේ ත‍්‍රිකෝණාකාර සම්බන්ධයකි. එම පාලන ව්‍යුහය තුළ රජුට සහ භික්ෂුවට බෙහෙවින් සම ස්ථානයක් ලැබිණි. එහි දී රජතුමා මේ රටේ භාරකරුවා මිස අයිතිකරුවා නොවන බව අවධාරණය කළ අතර බුදු දහම රැුක ගැනීම ඔහුගේ ප‍්‍රමුඛ කාර්යය ලෙස සැලකිනි. එහෙයින් මේ රට රජ වන්නේ බෝධිසත්වයෙකි යන සංකල්පය ද ගොඩනැගිණි.

රටේ ජනතාව තම රජු ලෙස පිළිගත්තේ දළදා කරඬුවේ භාරකාරත්වය දරන්නාය. එමගින් බුදුදහම රැුක ගැනීම කෙරෙහි මෙරට පාලකයා සතු වගකීම සංකේතවත් කෙරිණි. එහි දී පාලකයාට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම භික්ෂුවගේ කාර්යයක් ලෙස සැලකිනි. එම අවවාද අනුශාසනා අනුව රට පාලනය කිරීම රජුගේ වගකීම විය.

පාලකයා බුදු දහම රැුක ගැනීම පිණිස ද ඒ සඳහා රට රැුක ගැනීම පිණිස ද කටයුතු නොකරන්නේ නම් රජු සහ ජනතාව යා කරන පුරුක ලෙස කටයුතු කළ භික්ෂූන් වහන්සේලා ඒ පාලකයා ඉවත් කිරීම සඳහා දෙවරක් කල්පනා කළේ නැත.
බුදු දහමේ සහ බෞද්ධ සංස්කෘතියේ පැවැත්ම කෙරෙහි කිසියම් අභියෝගයක් එල්ල වූ අවස්ථාවල උන් වහන්සේලා ක‍්‍රියා කළේ පව් පින් හෝ භික්ෂු විනය අනුව නොව රටේ යහපත පෙරමුණෙහි තබා ගෙන බවවත් හිමි කුමාරයාගේ කතාවෙන් පැහැදිලි වෙයි.

ෙ:්රපුත්තාභය භික්ෂූන් වහන්සේ ගැමුණු කුමාරයා සමග ආක‍්‍රමණික එළාරට එරෙහිව සටනට නායකත්වය දුන්නේ සිවුර හැර ගොසිනි. රට එක්සේසත් කොට බුදු දහමේ සුරක්ෂිතතාව තහවුරු කොට නැවත පැවිදි වී රහත්විය. මේ ආකාරයට ඉතිහාසය පුරා සිය නිවන නොව බුදුදහමේ ආරක්ෂාව ප‍්‍රමුඛත්වයෙහි ලා සැලකූ භික්ෂූන් වහන්සේලා නොවන්නට අද මේ ¥පත බුදුදහම නොමැති කුඩා කුඩා රාජ්‍ය කිහිපයකට බෙදී කුළල් කා ගන්නා මුඩු බිමක් වන්නට හොඳටම ඉඩ තිබිණි.
එසේම රට කිසියම් සතුරු ආක‍්‍රමණයක් නිසා අරාජික වූ සෑම අවස්ථාවක ඔටුන්න හිමි කුමාරයන් ආරක්ෂා කරමින් නැවත සේනා සංවිධානය කොට සතුරා පළවා හැරීම සඳහා නායකත්වය ලබා දුන්නේ භික්ෂූන් වහන්සේ විසිනි. අපේ රට බටහිර යටත්විජිතයක් වීමත් සමග සියලූ නිදහස් සටන් ආරම්භ වූයේ පන්සල සහ භික්ෂූන් වහන්සේලාගේ අනුදැනුම සහයෝගය මතය.

1815 අපේ රටේ ස්වාධීනත්වය බි‍්‍රතාන්‍ය කිරීටය වෙත පවරා දෙන ලද උඩරට ගිවිසුමට බුදු දහම ආරක්ෂා කොට සුරක්ෂිත කරන බවට වගන්ති ඇතුළත් කිරීමට සිදු වූයේ බුදු දහමේ පැවැත්ම සහ රාජ්‍ය පාලනය ගහට පොත්ත මෙන් එකට බැඳී පවතින හෙයිනි. මෙරට ජනතාව සුදු පාලනයට අවනත කර ගත හැකි එකම මග එය හෙයිනි.

ඉනික්බිති නැවත ලංකාවට නිදහස ලැබුණු පසු 1956 සිදු වූ යුග පෙරළිය සඳහා මෙන්ම 2009 කොටි ත‍්‍රස්තවාදයෙන් රට මුදා ගැනීම සඳහා ජනතාව ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් කිරීම පිණිස උන් වහන්සේලා කළ මෙහෙය සුළුපටු නැත. මේ රටේ ඉතිහාසය නොදන්නා අයට මේ රටේ පැවැත්ම සඳහා භික්ෂුව ඉටු කළ අමිල මෙහෙවර අවබෝධ කර ගැනීමට වල්පොළ රාහුල හිමියන්ගේ භික්ෂුවගේ උරුමය පොත් පිංච කියවා බැලීම වුව ප‍්‍රමාණවත්වය.

මේ අවස්ථාවේ රටට නව ව්‍යවස්ථාක් උවමනා නොමැති බව තම භික්ෂු කාරක සංඝ සභාවල මතය බව පසුගිය දා භික්ෂූන් වහන්සේලා ප‍්‍රකාශ කළේ සිය ඓතිහාසික වගකීම ඉටු කරමිනි. ඒ අවස්ථාවේ ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන නියෝජිතයන් එම ප‍්‍රකාශ හෑල්ලූවට ලක් කරමින් කතා කරනු දක්නට ලැබිණි. අපි එය කරයේ හෙළා දකිමු. මේ රටේ භික්ෂූන් වහන්සේලා රටේ යහපත පිණිස දක්වන අදහස් හෑල්ලූවට ලක් කිරීමට හෝ ඒවා නොසැලකිය යුතු යැයි පැවසීමට කිසිම ජගතෙකුට හැකියාවක් නැත.

එක් කෙරුමකු කීවේ රජ දවස භික්ෂුවට රජුට අවවාද උපදෙස් ලබා දීමට හැකියාව ලැබුණේ එකල සිටි එකම උගත් පිරිස භික්ෂූන් නිසා බව සහ දැන් ඒ සඳහා විශේෂඥ දැනුම සහිත පිරිස් සිටින නිසා එවැනි උවමනාවක් නොමැති බවය. එහෙත් හුදු දැනුම මත පමණක් පදනම් වී එම තනතුර ලබා දුන්නේ නම් භාරතයේ මෙන් මෙරට මහින්දාගමනට පෙර මෙන් රජුට ගිහි පුරෝහිතයකු පත් කර ගැනීමේ නොහැකියාවක් නොතිබුණු බව තේරුම් ගැනීමට මහ ලොකු දැනුමක් අවශ්‍ය නැත.
භික්ෂුවට මේ රටේ පාලකයාට අවවාද දීමේ අයිතිය හිමි වන්නේ උන් වහන්සේලා කොන්දේසි විරහිතව පරහිත සුව පිණිස සහ රට දැය සමයෙහි යහපත සඳහා කටයුතු කළ හෙයිනි. රටේ යහපත පිණිස වසර දහස් ගණනක් තිස්සේ එලෙස කටයුතු කළ භික්ෂුව නොතකා කටයුතු කිරීමට වසර කිහිපයකට රට භාරගත් පාලකයින්ට අයිතියක් නැත. එසේම රටේ අයහපත පිණිස නූතන දේවදත්තලා සේ කටයුතු කළ පැටිකිරියක් සහිත එන්ජී ඕකාරයන්ට ජාතියේ මුර දේවතාවුන් වැනි භික්ෂුවගේ භූමිකාව ප‍්‍රශ්න කිරීමට කිසිදු අයිතියක් නැති බව අපි අවධාරණය කරමු.
[Rivira කතුවැකිය - 2017-10-26]


යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

1 comment :

  1. "රට එක්සේසත් කොට බුදු දහමේ සුරක්ෂිතතාව තහවුරු කොට නැවත පැවිදි වී රහත්විය."

    එතකොට රහත් උනා කියලා දැනගත්තේ කොහොමද?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions