-ආචාර්ය චරිත හේරත්-අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සැදිම සදහා ආණ්ඩුව පත් කළ ව්‍යවස්ථා දයක සභාවේ වැඩ කටයුතු නිමා කර ඇති බව කියවුනේ මීට සති කීපයකට පෙර දිය. ව්‍යවස්ථා දයක සභාවේ අනුකමිටු වාර්තා 07 ද මේ වන විට ඉදිරිපත්වී ඇත. ඊට අමතරව ව්‍යවස්ථාව සදහා මහජන අදහස් ලබා ගැනීමට පත් කළ කමිටුව ද ස්වකීය වාර්තාව පාරලිමේන්තුවට බාර දි ඇත. මේ සියල්ල විමර්ෂනය කරමින් අගමැති තුමා විසින් තමාගේ විශේෂ නිරීක්ෂන ඇතුලත් වාරතාවක්ද පාරලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව දැන් හැමෝම වගේ දන්නා කාරණායක්ය. මේ මාසයේ 29 සහ 30 යන දිනවලත් ලබන මාසයේ 01 දිනත් පාරලිමේන්තුව රුස්වී සාකච්ජා කරන්නට යන්නේ මේ අවසන් වාර්තාව ගැන විය යුතුය. ඒ වගේම අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගැන යම් ආකාරයක තීරණාත්මක අදහසක් මේ පාරලිමේන්තු සැසියේදි ඉදිරිපත් විය හැකි බව ආණ්ඩුවේ අයගේ කථා තුළින්ද පෙන්නුම් කරමින් තිබේ.
මේ සටහනින් මා සාකච්ජා කරන්නට යන්නේ අලූත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබද මේ සංවාදයේ වැදගත් කාරණා කීපයක් පිළිබදවය. මෙහිදි මුළින්ම කිව යමවිසින් මීට පෙර ලියු සටහනක ඉදිරිපත් කළ කාරණය වන්නේ මේ ව්‍යවස්ථා හැදිමේ කටයුත්තේ ඇති ව්‍යුහාත්මක ප‍්‍රශ්නයක්ය. නිදහසින් පසු කාලයේ බලයට පත්වන හැම ආණ්ඩුවක්ම වගේ ව්‍යවස්ථාව හදන්නට තමන්ගේ ආණ්ඩුවේ ධුර කාළයම වැය කිරීම මගින් පෙන්නුම් කරන්නේ අපේ සමාජයේ බොහෝ අය අතර තිබෙන එක්තරා පිළිගැනීමක ඇති බරපතලභාවය කියා සිතිය හැකිය. මේ පිළිගැනීම වන්නේ 'මේ රටේ අපට නැත්තේ හරි හමන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ය' යන මතයය. මේ මගින් ඉදිරිපත් වන යටි අදහස වන්නේ හරියට ව්‍යවස්ථාවක් හද ගත්තෝ ඔක්කොම ප‍්‍රශ්න ටික ඉවරයි වගේ හැගීමයක්ය. තේරි පත්වන හැම ආන්ඩුවක්ම පාහේ දිවුරුම් දුන් දවසේ සිටම ව්‍යවස්ථාවක් හදන්න පටන් ගන්නේ මේ නිසාය. මම හිතන ආකාරය මේ අදහස එච්චර නිවැරිදි එකක් නොවන බවය. මේ රටේ සමහර ප‍්‍රශ්න වලට හේතුව වන්නේ නෛතිකමය වූ ගැටලූකාරීත්වයන් පැවතීම යැයි සරලව කිව හැකි වුවත් ඊට එහා ගිය සමාජමය හා ඥනවිභාගාත්මක ගැටලූවක් අපේ රටේ යටත් විජතයෙන් පසු දේශපාලන අවකාශය පුරා ව්‍යප්තව තිබීම මේ සමහර ගැටලූව මුළිකම සාධකය බව මගේ අදහසය.
අනෙක් අතට එකම වැඬේ ව්‍යවස්ථාව හැදිම යැයි සිතා ගෙන හැම ආණ්ඩුවක්ම වැඩ පටන් ගන්නා නිසා අපි සිටින්නේ එක වැඬේ දෙතුන් පාරක් අත්හද බලමින්ය. එකම වැඬේ එකම විදියට දෙපාර තුන් පාර කරමින් සිටිනවා යැයි කීමේ වැරුද්දක්ද නැත.
1948 ව්‍යවස්ථාවෙන් අපි සෙනෙටි මණ්ඩලයක් පිහිටවීමු. 1972 ව්‍යවස්ථාවෙන් අපි එම සෙනෙට් මණ්ඩලය ආහා්සි කළෙමු. දැන් මේ ව්‍යවස්ථා දයක් සභාව ආයිත් සෙනෙට් මණ්ඩලයක් ඇති කරන්නට මේ ව්‍යවස්දයක සභාව හරහා යොජනා කරන්නෙමු.
1948 ව්‍යවස්ථාවෙන් අගමැති කේන්ද්‍රීය පාරලිමේන්තුව උත්තරිතර යැයි කියා එය පිහිටවීමු. 1978 ව්‍යවස්ථාවෙන් එය අහෝසි කර ජනාධිපති කේන්ද්‍රීය පාලන ක‍්‍රමයක් උත්තරිතර යැයි කියා එය පිහිටවීමු. දැන් මේ අලුත් ව්‍යවස්ථාවෙන් ආයිත් අගමැති කේන්ද්‍රීය ආණ්ඩු ක‍්‍රමයක් යෝජනා කර්නනෙමු. මේ ආකාරයෙන් අපි කරන්නේ එකම "රෝදය" කීපවරක් සොයාගත්තා වැනි වැඩක් ය. එකම 'කාඞ් කුට්ටම' ආයිත් ආයිත් ඇනුවා වැනි වැඩක්ය. එසේ අණමින් උඩට එක කොළය වටේ පී‍්‍රති වන අපි ඊලග ආණ්ඩුව ලව්වා ආයිත් කුට්ටම අනවනමින් අලූතින් වැටෙන කොළය වටේට නටන්නට පටන් ගන්නෙමු. මෙහෙම අනාගෙන යන විට විට මුළදි වැටුන කොළේම ආයිත් වැටෙන විට අපි නටන්නේ අලූත්ම එකක් වැටුනා වැනි ආකාරයකින්ය. දැන් මේ 'සෙනෙට් සභාවේ' කොළයත් 'විධායක අගමැතිවරයාගේ' කොළයත් වැටී තිබෙන්නේ දෙවෙනි තුන්වෙනි පාරටය.
අනෙක් අතට දැන් කරගෙන යන ව්‍යවස්ථා සැදිමේ වැඩ සටහනට මේ ආණ්ඩුවේ සිටින දෙපාර්ශව කරුවන් වූ එජාප හා ශ‍්‍රීලනීපය අතර එකගතාවක්ද ඇත්තේ නැත. එජාපයට විධායක ජනාධිපතික‍්‍රමය එපාය. ශ‍්‍රීලනීපයට විධායක ජනාධිපති ධුරය ඕනෑය. එජාපයට එකීයභාවය වෙනුවට වෙනත් වචන දැම්මාට කාරියක් නැත. ශ‍්‍රීලනීපයට එකීය වචනය ඕනෑය. එජාපයට මැතිවරන ක‍්‍රමය වෙනස් කිරීමට එතරම් උනන්දුවක් නැත. ශ‍්‍රීලනීපයට මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නම ඕනෑය. දැන් හැදෙන්නේ මේ ආකාරයේ ‘දෙකට දෙවාරේ නැති’ පන්නයේ ව්‍යවස්ථාවක කෙටුම්පතක්ය.
මේ ව්‍යවස්ථා හැදිමේ ක‍්‍රියාදමය හරහා කරලියට පැමින තිබෙන්නේ අමුතුම ආකාරයේ සමාජ අවිඥඥනයක් බව මෙහිදි නොකියාම බැරිය. සමහරුන් සිතාගෙන ඉන්නේ ඉක්මනට ව්‍යවස්ථාවක් අලුතින් හද ගත් විට රටම සමෘද්ධිමත්ව ඉදිරියට ගමන් කරන බවය. ලගදි දිනක ස්වාධින රූපවාහිනයේ දේශපාලන වැඩසටහනක මාතෘකාව ලෙසින් දමා තිබුනේ ‘දේවදත්ත වරගයේ ව්‍යවස්ථාවක් රුක ගන්නවාද බෝධිසත්ව වරගයේ ව්‍යවස්ථාවක් හදුන්වා දෙනවාද?’ වැනි පාඨයක්ය. දැන් මේ දේවදත්ත ව්‍යවස්ථාව යැයි එජාපයේ අය කියන්නේ තමගේම නායකියින් වූ ජයවර්ධන-පේ‍්‍රමදස- රනිල් වැනි අය හදපු 1978 ව්‍යවස්ථාවටය. තමන්ගේම පක්ෂයෙන් එක් අවස්ථාවක රට පාලනය කළ නායකියින්ට "දේවදත්තයින්" යැයි කියන්නට ඒ පක්ෂයේම පසු කාලයේ අයට සිදුවීම මගින් පෙන්නුම් කරන්නේ පක්ෂ දේශපාලනයේ තවත් එක් කඩා වැටීමක බවද මෙහිදි නොකියාම බැරිය.
ඒ කෙසේවෙතත් මේ ව්‍යවස්ථා හැදිමේ මංගල්‍යය නිසා යලිත් වරක් කොළඹ සිවිල් සමාජයේ කණ්ඩායම ‘මාධ්‍යගත’ වී අපූරුවට මේ රටේ ඉතිහාසයට සහ විශේෂයෙන්ම බුද්ධ ශාසනයට බරපතල ආකාරයෙන් අපහාස උපහාස කරන්නට පටන් ගැනීම මෙහිදි විශේෂයෙන්ම පෙනී යන දර්ශනයකි. බොහෝ සිවිල් සමාජ ‘විද්වතුන්’ පහර දෙන්නේ එක්කෝ ව්‍යවස්ථාවේ දැනට තියෙන ඒකීයභාවය කොටසටය. එසේ නැත්නම් ‘බුද්ධාගම රුකීමට ආණ්ඩුව බැදි සිටිනවා’ යැයි කියන කොටසටය. මේ විද්වතුන් වැඩියෙන් බුද්ධිමත් බව පෙන්වීම සදහා කරන්නේ ‘අපි අනාගමික රාජ්‍යයක් යැයි’ යැයි කොහෙන් හෝ හොයාගත් යෙදුමක් ආඩම්බරයෙන් ඉදිරිපත් කිරීමය. මේ අය කියන ආකාරයේ අනාගමික රාජ්‍යයත් ලෝකයේ කොහේවත් නැති බව මේ කියන සමහරුන් ඇත්තටම දන්නේ නැත. අනෙක් අතට මේ කියන සමහරුන් (සමහර ඇමතිවරුන් පවා) තමන්ගේ පෞද්ගලික ජවිත පමණක් නොව සේවා ස්ථාන පවා විවිධ අලූත් ආගම්ක නිකායන්වලින් හරවා ගත් අයය. මේ සමහරුන් තමන් ඉරිදට පල්ලි යන ගමන් අනෙක් අය විෂ්ණු දෙවිනයන්ට වදින එකට සිනහා වෙන අයය. මේ ව්‍යවස්ථා මංගල්‍යයේ සිවිල් සමාජ කොටසින් සිදු වන එකම හොද දෙය විය හැක්කේ තමන් ට කරන අපහාස නිසාම මේ ව්‍යවස්ථාව සිංහල බෞද්ධ ජනතාවට තිත්ත වීමය. අනෙක් අතට මේ අලූත් ව්‍යවස්ථාවේ ප‍්‍රචාරක වැඩ සටහනත් පටන් ගමන් කරන්නේ ත් 1994 ආන්ඩුවේ පැකේජ ප‍්‍රචාරණයට සමානම ආකාරයෙන් ගමනක් ම වීම ද දකින්නට තිබෙන වැදගත් ලක්ෂනයකි. එක් වෙනසකට තියෙන්නේ 1994 කාලයේ මේ වැඬේ අතට ගෙන සිටි කොළඹ පේරාදෙනිය වැනි විශ්ව විද්‍යාලවල දේශපාලන විද්‍යා අංශවල මහාචාර්වරුන් අතින් ඒ වැඬේ මාරුවී ඒ ඒ විශ්ව විද්‍යාලවලම සිංහල භාෂා අධයයන අංශවල සමහර මහාචාර්වරුන් අතට මේ වැඬේ පත්වීමය. සිංහල සංස්කෘතියට විරුද්ධව යා හැකි පන්නයේ ‘ලිබරල්‘ සිංහල භාෂා විද්වතුන් සැදිම යහපාලනය පැත්තෙන් ගැලපෙන දෙයක් නම් ඒ ගැන ඊට වඩා වැඩි යමක් එවැනි 'ලිබරල්කමක්' නැති අපි වැනි අයට කිව හැකි නොවේ.
මේ ව්‍යවස්ථා මංගල්‍යයට අලූතින් එක්වෙන බරපතල කාරණයක් වන්නේ සමහර මහානායක හිමිවරුන් වැනි සම්භාවනීය අයගේ ප‍්‍රකාශ යම් ආකාරයකින් මේ වැඬේට ගැලපෙන පරිදි යොද ගැනීමය. මහනුවර මල්වත්ත කියා පේරාදෙනිය මල්වත්ත ගැන පමණක් දැනගෙන සිටි සමහරුන් මල්වත්තේ පන්සලට හදිසියේ ගොඩ වෙන්නේ මේ නිසාය. මේ අය හදන්නේ තමන්ට ගැලපෙන ආකාරයේ ‘ලිබරල්‘ මහ නා හිමිවරුන් හදගැනීමට දැයි මා දන්නේ නැත. එහෙත් අපේ මහානායක හිමිපාණන් වහන්සේලා මේ තත්වය තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. දැනට වැඩ සිටින මල්වත්තේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඒ විහාර පාර්ශවයේ ආරක්ෂාව හා ගෞරවය වෙනුවෙන් හැම විටම පෙනී සිටි විශිෂ්ඨ ගනයේ යතිවරයාන කෙනෙක් බව අද ඊයේ නොව සෑහෙන කාලයක් සිට මල්වත්තේ සංඝ සභාව ගැන දැනීමක් ඇති අය දන්නා කාරණයකි. මේ එන්. ජී. ඕ. වල අය බලන්නේ මහානායක මාහිමිපාණන් වහන්සේ ‘අපක්ෂපාතී’ අයෙක් කිරීමටය. එය බෞද්ධයන් බලාපොරොත්තු වන තත්වයක් නොවන බව නොකියාම බැරිය. අපිට අවශ්‍ය වන්නේ බෞද්ධයන්ට පක්ෂපාතී අපේ නායක හාමුදුරුවන් මිස අපක්ෂපාත අයෙක් නොවේ.
මේ ව්‍යවස්ථාව ඇතුලත තිබෙන දේ කුමක් වුවත් එය එච්චර අදළ නොවන ගානට සහ මෙය සිංහල බෞද්ධ විරෝධයක් බවට එය හැරී ඇත්තේ අයි දැයි ජනාධිපතිතුමාද විමසා ඇතැයි ආරංචියක් තිබේ. රජයේ නාලිකා දෙකේ මේ ව්‍යවස්ථා සාකච්ජා ටික බැලූවහොත් එයට පිළිතුර සොයා ගත හැකි බව මගේ අදහසය.
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

මේක මාර වැඩක්නේ.
ReplyDeleteආණ්ඩුවකට යමක් කරන්ඩ චන්ද පොරොන්දුවක් හැටියට ලියලා තියන්ඩම ඕනෙද?
ආණ්ඩුවකට බැරිද තමන්ට හොදයි කියලා හිතන දෙයක් ගේන්ඩ.
දන් මේ ආණ්ඩුක්‍රම වියවස්තාව අන්තිමටා ජන මත විචාරණයක් තියෙනවනේ.
එතකොට මිනිසුන්න්ට ඇවිල්ල පුළුවන්නේ චන්දෙ දෙන්ඩ.
එතන තියෙනවනේ ප්‍රජාතන්ත්‍රවාදය.