4/09/2017

දේශිය යුද අපරාධ යාන්ත්‍රණයක්‌ සදහා පාර්ලිමේන්තුවට ගෙනෙන නව පනත

කතෘ:යුතුකම     4/09/2017   No comments

-වෛද්‍ය කේ. එම්. වසන්ත බණ්‌ඩාර -

අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත නමින් හැඳින්වූ ඊට අදාළව අර්ධ අධිකරණ කොමිසමක්‌ පිහිටුවීමේ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේදී සම්මත කිරීමට පෙර ආණ්‌ඩුව විසින් රහසිගතව ඒ හා බැඳුනු වෙනත් නීතියක්‌ද සම්මත කිරීම සඳහා මුලපුරනු ලැබීය. ඒ 2016 මැයි 25 දින ''බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදුකිරීම වැලැක්‌වීමේ'' ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගු කිරීමෙනි. එම ජාත්‍යන්තර ප්‍රඥප්තිය වලංගුකිරීමේ යෝජනාවක්‌ හෝ අදාළ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවීය. ඒ වෙනුවට ඉතා සූක්‍ෂමව අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත ඉදිරිපත් කිරීමේ යෝජනාව සම`ග ගැටගසා වක්‍රව ඊට අමාත්‍ය මණ්‌ඩල අනුමැතිය ලබාගැනුනි. ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කිරීමක්‌ සිදු නොවූ අතර ඒ නිසාම මහජන අවධානයද යොමු නොවීය. ඒ අනුව එම ජාත්‍යන්තර ප්‍රඥප්තිය 2016 ජුනි මස 24 දින සිට ශ්‍රී ලංකාවට අදාළව ක්‍රියාත්මක වේ.

දැන් එම ප්‍රඥප්තිය අප රටේ නීතියට ඇතුල්කොට බලාත්මක කිරීම සඳහා නව පනත් කෙටුම්පතක්‌ පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුල්කොට ඇත. එම නව පනත මගින් මීට පෙර සම්මත කළ අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාල පනත මගින් පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසම තවදුරටත් ශක්‌තිමත් කෙරෙයි. ඊට අමතරව අතුරුදන් කිරීම් පිළිබඳ චෝදනා ලබන්නන්ට එරෙහිව Rජුව මහාධිකරණයේ නඩු පැවරීමටද ප්‍රතිපාදන සැලසේ. එසේම එම නව පනත මගින් ජාත්‍යන්තර ප්‍රඥප්තියට අනුව ශ්‍රී ලංකාව විසින් ඇතිකරගනු ලබන බැදීම් සියල්ල ඉටු කිරීම සඳහා නීතිමය ආවරණය සැපයේ. එම බැදීම් අනුව අතුරුදන් කිරීම පිළිබඳව චෝදනා ලබන ශ්‍රී ලාංකිකයකුට විරුද්ධව වෙනත් සාමාජික රටක්‌ විසින් නඩු පවරනු ලබන අවස්‌ථාවක එම චූදිතයා එම රටට පිටුවහල් කිරීමට පවා ශ්‍රී ලංකා රජය බැදී සිටියි. ඒ ආකාරයටම වෙනත් සාමාජික හෙවත් ''සම්මුති රාජ්‍යයක'' පුරවැසියෙක්‌ට විරුද්ධව එම අපරාධය යටතේ ශ්‍රී ලංකාවේදී නඩු පැවරිය හැක.

ජාත්‍යන්තර නීතිය යටතේ පුද්ගලයින් අතුරුදන් කිරීම මානව සංහතියට එරෙහිව කරනු ලබන අපරාධ ගණයට වැටෙන යුද අපරාධයකි. ඒ අනුව මෙම නව පනත මගින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට එරෙහිව එම චෝදනා එල්ලවන්නේ නම් ඔවුන්ට විරුද්ධව ශ්‍රී ලංකාව තුළදී විශේෂ මහා අධිකරණයකදී අපරාධ නඩුවක්‌ පැවරිය හැක. එසේම ඉහත සඳහන් කළ ආකාරයට එසේ චෝදනා ලැබූවකට විරුද්ධව දෙමළ ඩයස්‌පෝරාව විසින් වෙනත් රටකදී පැමිණිලි කළහොත් ඔහුට විරුද්ධව එම රටේදී නඩු පැවරීමට සහ පිටුවහල් කරන ලෙස ඉල්ලා සිටීමට ජාත්‍යන්තර නීතිය යටතේ බලය ලැබේ. එම රට සහ ශ්‍රී ලංකාව අතර චූදිතයින් පිටුවහල් කිරීම පිළිබඳ ගිවිසුමක්‌ නොමැති වුවද මෙම නව නීතිය මගින් එම අඩුව සැපිරේ. විවිධ ආකාරයේ යුද අපරාධ පිළිබඳව ශ්‍රී ලංකාවේ හමුදාවට විරුද්ධව අභූත චෝදනා එල්ල වුවත් පහසුවෙන් විශාල පිරිසකට දඩුවම් කළ හැක්‌කේ අතුරුදහන් කිරීම නමැති යුද අපරාධය යොදා ගනිමිනි.

ශ්‍රී ලංකාවේ පුරවැසියන් ඒ ආකාරයට ජාත්‍යන්තර නීතියට යටත් කෙරෙන මෙම පනත පාර්ලිමේන්තුවේදී පළමුවර කියවීමෙන් පසුව දින 7ක්‌ තුළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයකට ලක්‌ වූයේ නැත. ඉතා පැහැදිලිව පෙනෙන ආකාරයට අප රටේ පුරවැසියන් ජාත්‍යන්තර අපරාධ නීතියට ගොදුරු කිරීමට නීති හැදීම සඳහා එම පුරවැසියන් විසින් තම පරමාධිපත්‍යයේ බලය පාර්ලිමේන්තුවට පවරා නැත. ඒ නිසා එවැනි පනතක්‌a සම්මත කිරීම ව්‍යවස්‌ථා විරෝධී වේ. එම තත්ත්වය තුළ එම පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්‌වූවා නම් එය අනුමත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර කැමැත්ත අවශ්‍ය වීමට ඉඩ තිබුණි. ඒ පිළිබඳව දැනුම්වත් වී අවසාන මොහොතේදී එම පනතට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කිරීමට රටට ආදරය කරන් නීතිඥවරුන් පිරිසක්‌ විසින් උත්සාහයක්‌ ගනු ලැබීය. නමුත් දින 7යි විනාඩි 1ක්‌ ගතවී තිබූ බැවින් පෙත්සම බාර ගැනුනේa නැත.

මෙම නව පනත දෙස බැලු බැල්මට පෙනෙන්නේ ඒ මගින් අතුරුදන් කිරීම් පිළිබඳ චෝදනා එල්ල වන පිරිස්‌වලට Rජුව මහාධිකරණයේදී නඩු පැවරිය හැකි බවයි. මතුපිටින් කල්පනා කරන අයෙකුට එය ඉතා හොඳ දෙයක්‌ ලෙස පෙනිය හැක. නමුත් ජාත්‍යන්තර ප්‍රඥප්තිය මහාපරිමාණයෙන් උපාංගයක්‌ ලෙස යොදා ගනිමින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා දුර්වල කිරීමේ සහ දුර්මුඛ කිරීමේ මෙහෙයුමක්‌ දියත් කිරීමට එම පනත මගින් ඉඩ සැලසේ. කෙසේ වෙතත්, නීතියක්‌ තිබූ පමණින් එම නීතිය රජය විසින් පොදු සමාජ යහපතට යොදා ගන්නවා යෑයි සම්මතයක්‌ ලෝකයේ නැත. ලෝකයේ ඕනෑම රජයක්‌ රටේ නීති පද්ධතිය තම දේශපාලන උවමනාවන්ට අනුව ක්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධ රහසකි. අප රටේ පොදු දේපළ පනත සැබෑ ලෙසම ක්‍රියාත්මක කරනවා නම් රටේ දේශපාලනඥයින් සහ නිලධාරීන්ගෙන් අඩකට වඩා සිරගෙවල්වල ලැගීමට සිදුවනු ඇත. නමුත් එම නීතිය ක්‍රියාක්‌මක වන්නේ රජයේ දේශපාලන සතුරන් දඩයම් කිරීම සඳහා පමණි.

අතුරුදන් කිරීම වැලැක්‌වීම සඳහා අප රටේ රජයට අවංක උවමනාවක්‌ තිබේ නම් පරිපාලන ක්‍රියාමාර්ග සහ දණ්‌aඩනීති සංග්‍රහයේ පවතින නීති යටතේද එය කළ හැක. අවශ්‍ය නම් දණ්‌aඩනීති සංග්‍රහය සංශෝධනය කොට අදාළ ප්‍රතිපාදන තවදුරටත් ශක්‌තිමත් කළ හැක. එසේනම් ජාත්‍යන්තර සංවිධානවලට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු වලට ඇ`ගිලි ගැසිය හැකි ආකාරයට නව පනතක්‌ සම්මත කරන්නේ කුමක්‌ නිසාද? එම නව පනත මගින් අපරාධකරුවනට එරෙහිව නඩු පවරනවාට අමතරව අණදීමේ වගකීම මත නම් කරනු ලබන හමුදා නිලධාරීන් එම අපරාධයට පටලවා ගැනීමට ඉඩ ලැබේ. එම අධිකරණය ඉතා පැහැදිලිවම දේශීය යුද අපරාධ අධිකරණයකි. අනෙක්‌ පැත්තෙන් එම නව නීතිය මගින් ජාත්‍යන්තර ප්‍රඥප්තියේ කොන්දේසි දේශීය නීතිය තුළ බලාත්මක කෙරේ. මෙම නව පනත මගින් මීට පෙර සම්මත කළ අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත හරහා පිහිටුවීමට නියමිත අර්ධ අධිකරණ කොමිසමේ කටයුතු වලට මැදිහත්වීමටද විවිධ ජාත්‍යන්තර බලවේගවලට ඉඩ සැලසේ. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බලන අර්ධ අධිකරණ කොමිසමේ කටයුතුවලට සාක්‌ෂි ආඥාපනත අදාළ නොවේ. එම නිසා එහිදී දරුස්‌මාන් කොමිසම හමුවේ බොරු චෝදනා සහ සාක්‌ෂි ඉදිරිපත් කිරීම සඳහා ''ආදර්ශ පැමිණිලි පත්‍රිකා'' යොදාගත් ආකාරයට බොරු චෝදනා සහ සාක්‌ෂි තොග වශයෙන් ගොතා ඉදිරිපත් කිරීමට ඉඩ ලැබේ. ඒ සඳහා සාක්‌ෂිකරුවන් පුද්ගලිකව ඉදිරිපත් වීම අවශ්‍ය නොවේ. අන්තර්ජාලය මගින් සහ ලිතව එසේ බොරු චෝදනා සහ සාක්‌ෂි ඉදිරිපත් කළ හැක.

ඒ අනුව තෝරාගත් හමුදා නිලධාරීන් පිරිසකට එරෙහිව එම ලැයිස්‌තුව කොතෙක්‌ දිගු වුවත්, චෝදනා ඉදිරිපත්කොට ඊනියා පරීක්‍ෂණයකට පසුව ඔවුන් වැරදිකරුවන් ලෙස නම් කළ හැක. එසේ චෝදනාවන්ට ලක්‌වූ විට එම අර්ධ අධිකරණ කොමිසම මගින් Rජුව දඬුවම් නොකළද ඔවුන් ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරුවේ. නව පනත මගින් ඒ සඳහා උපරිම පහසුකම් සැලසේ. නව පනත යටතේ බලාත්මක කෙරෙන අතුරුදන්වීම් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තියට පාර්ශ්ව කරුවන් වන සම්මුති රාජ්‍යයන්ට සහ ඊට අදාළව පිහිටුවනු ලබන ජාත්‍යන්තර කමිටුවට එසේ මැදිහත්වීමේ බලය ලැබේ. කෙසේ වෙතත් එම ජාත්‍යන්තර කමිටුවට බලය ලැබෙන්නේ යම් සීමාවන් යටතේ පමණි. ජාත්‍යන්තර ප්‍රඥප්තිය බලාත්මක වීමට පෙර සිදුවූ යම් නිශ්චිත අතුරුදන්වීමක්‌ පිළිබඳව පැමිණිලිs කිරීමට හෝ සොයා බැලීමට එම කමිටුවට බලයක්‌ නැත. නමුත් අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පිහිටුවනු ලබන යාන්ත්‍රණ පිළිබඳ සොයා බැලීමට, වාර්තා කිරීමට සහ බලපෑම් කිරීමට එම කමිටුවට බලය ඇත.

එම තත්ත්වය තුළ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා සාමාන්‍ය නීතිය යටතේ විශේෂ පොලිස්‌ ඒකකයක්‌ පිහිටුවීමේ හැකියාව තිබියදී මෙන්ම ඒ සඳහා ජනාධිපති කොමිසමක්‌ පිහිටුවා තිබියදී විශේෂ නීතියක්‌ මගින් විශේෂ යාන්ත්‍රණයක්‌ පිහිටුවීමේ රහස ද වටහාගත හැක. එම පනත් දෙක මගින් පිහිටුවන ලබන යාන්ත්‍රණවලට මැදිහත්වීම සඳහා ඉඩ සලසන ප්‍රතිපාදන ජාත්‍යන්තර ප්‍රඥප්තියට පමණක්‌ නොව අදාළ පනත් වලට මෙන්ම මානව හිමිකම් කවුන්සිලයේ 2015,30/1 ''යෝජනාවටද ඇතුල්කොට ඇත. නීතිමය බලය හරහා කරනු ලබන මැදිහත්වීම්වලට අමතරව අරමුදල් සැපයීම සහ ඊනියා විශේෂඥ සහය වැනිදේ උපාංග ලෙස යොදා ගනිමින් එසේ මැදිහත්වීමට පුළුල් ඉඩක්‌ විවරකොට ඇත. මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තිය නීතිගත කිරීමේ පනත වහා සම්මත කළ යුතු බවට ජගත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා තම 2017 පෙබරවාරි 27 - මාර්තු 24 වාර්තාව" මගින් නිර්දේශ කොට ඇත. විදේශ අමාත්‍යවරයා තම කථාවේදී එම පනත වහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වී ඇත. කෙසේ වෙතත් ආණ්‌ඩුව දැන් නව පනත් කෙටුම්පත සමග පැරණි පනත් හෙවත් තවමත් ක්‍රියාත්මක වීම ආරම්භ නොවූ අතුරුදන් වුවන්ගේ කාර්යාල පනතට අදාළව සංශෝධන පනත් කෙටුම්පතක්‌ ඉදිරිපත්කොට ඇත. එමගින් සංශෝධනය කිරීමට යෝජනා කරන්නේ එක්‌ වගන්තියක්‌ පමණි. ඒ මගින් එම කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසම විසින් විදේශ අරමුදල් ලබාගැනීමට ඉඩ සලසන වගන්තිය ඉවත්කොට ඇත. නව පනතින් ඒ සඳහා වඩා පුළුල් අවකාශයක්‌ සපයන බැවින් එම වගන්තිය අවශ්‍ය නැත.

ටී.එන්.ඒ පක්‍ෂය මෙම නව පනත පිළිබඳව පමණක්‌ නොව ඊට පෙර අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත ඉදිරිපත් කිරීමේදී ඉතා උපක්‍රමශිලීව වැඩි ඝෝෂාවක්‌ නොකර සිටීමේ ප්‍රතිපත්තියක්‌ කරන කරන බවක්‌ සහ කළ බවක්‌ පෙනේ. ඔවුන් දැඩි ලෙස ඒ වෙනුවෙන් පෙනී සිටියාහොත් එහි භයානක කම සමාජයට අවධාරණය වේ. ඔවුන් දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල් දැමීමේ යෝජනාවට ආණ්‌ඩුව සම``ග රහසිගතව එක`ගතාවයකට පැමිණෙන්නේ ඒ හිලව්වට මෙම අතුරුදන්වූවන් පිළිබඳ යාන්ත්‍රණ පිහිටුවීම සඳහා බව පැහැදිලිව පෙනේ. මීට පෙර එම පක්‍ෂයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පරිදි 2015 ජිනීවා යෝජනාවට එක`ගතාවය පළකිරීමේදී ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් ඉදිරිපිsටදී ඔවුන් සහ ශ්‍රී ලංකා ආණ්‌ඩුව අතර එක`ගතාවයක්‌ ඇතිකරගෙන ඇත. ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයක්‌ වෙනුවට දෙමුහුන් යුද අපරාධ අධිකරණයට එක`ග වන්නේ ඔවුන්ගේ වෙනත් ඉල්ලීමකට ආණ්‌ඩුව එක`ග වූ බැවිනි.

ඇත්ත වශයෙන්ම, දෙමුහුන් යුද අපරාධ අධිකරණයක්‌ යනු ආණ්‌ඩුවේ අත කරකැවීම සඳහා යොදාගන්නා දේශපාලන දඬුq අඩුවක්‌ මිස මහා පරිමාණයෙන් හමුදාව දුර්වල කිරීම සඳහා යොදාගත හැකි උපාංගයක්‌ නොවේ. උදාහරණයක්‌a ලෙස ලෝක ප්‍රසිද්ධ වූ කාම්බෝජයේ දෙමුහුන් යුද අපරාධ අධිකරණය මගින් මේ වන විට දඩුවම් කොට ඇත්තේ චූදිතයින් 03 දෙනෙකුට පමණි. ඒ සඳහා 2003 සිට 2017 දක්‌වා වසර 14ක්‌ ගතවිය. ඊට හේතුව එම ක්‍රියාවලිය තුළ සාක්‌ෂි ආඥා පනත් අනුව සාක්‌ෂිකරුවන් කැඳවීමට සහ හරස්‌ ප්‍රශ්න ඇසීමට ඉඩ ලැබීමයි. ඊට අමතරව එහිදී සැකයෙන් තොරව ඔප්පු කිරීමේ භාරය අභිචෝදක වෙත පැවරේ. ඒ අනුව දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල් දැමීමේ හිලව්වට ඉතා ලිහිල් ආකාරයට බොරු චෝදනා සහ සාක්‌ෂි මත චූදිතයින් නම් කළ හැකි සහ දඩුවම් කළ හැකි යාන්ත්‍රණ දෙකක්‌a ලබාගැනීම යනු ටී. එන්. ඒ පක්‍ෂයේ දියුණු උපාය මාර්ගික තේරීමක්‌ නොවේද?

ප්‍රායෝගිකව ගත්විට හමුදාවට එරෙහිව විදේශ විනිසුරන් සහිත දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීම යනු කෙටිකාලීන දේශපාලන මර උගුලකි. දීර්ඝ කාලීනව ඊට වඩා සිය ගුණයකින් භයානක යාන්ත්‍රණයකට එක`ග වීම මගින් දෙමුහුන් අධිකරණ කල්දමා ගැනීම යනු කෙටිකාලීන දේශපාලන ජයග්‍රහණයකි. ජාත්‍යන්තර බලවේග පැත්තෙන් ගත්විටදී එය ඉතා ලාභදායී එකඟතාවයකි. එයට හේතුව දෙමුහුන් යුද අපරාධ අධිකරණයක සැබෑ උපායමාර්ගය වන ඉහළ දේශපාලන නායකයන් දඩයම් කිරීමේ උවමනාව යම් කාලයකට කල් දමා ගැනීම ඔවුන්ට වඩා වාසි සහගත වේ. එය එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බිම දමා ගැනීමේ උපාය මාර්ගයකි. එක්‌ පැත්තකින් වඩා භයානක හා කාර්යක්‌ෂම පනත් දෙකක්‌ මගින් ආරක්‍ෂක හමුදාවලට එරෙහිව තොග වශයෙන් දඬුවම් කිරීමේ අවස්‌ථාව උදාවේ. අනෙක්‌ පැත්තෙන් ගත්විට ඒ මගින් දෙමුහුන් යුද අපරාධ අධිකරණ නිර්දේශය ඉවත් කර ගන්නවා වෙනුවට එය යම් කාලයකට කල්දමා ගැනීම පමණක්‌ සිදුවේ. එම කාලය තුළ එම දේශපාලන උවමනාව නිල වශයෙන් ජාත්‍යන්තර න්‍යාය පත්‍රය තුළ දිගින් දිගටම පවතිනු ඇත. එවිට අවශ්‍ය අවස්‌ථාවක එය සක්‍රිය කිරීමට ඉඩ ලැබේ. උදාහරණයක්‌ ලෙස අනාගතයේදී ගෝඨාභය රාජපක්‌ෂ මහතා ජනාධිපති වුවහොත් හෝ මහින්ද රාජපක්‌ෂ මහතා අගමැති වුවහොත් දෙමුහුන් යාන්ත්‍රණය පිහිටුවීමට ශ්‍රී ලංකා රජය කටයුතු- නොකළ බැවින් ජාත්‍යන්තර අධිකරණයක්‌ අවශ්‍ය බවට යෝජනා කළ හැක.

අතුරුදන් වූවන් පිළිබඳ දඩුවම් කිරීම සඳහා යොදාගන්නා ජාත්‍යන්තර සම්මුතිය සහ ඒ හා බැදුණු පනත් දෙක පමණක්‌ නොව 2015,30/1, ජිනීවා යෝජනාවේ 8 වැනි වගන්තිය අනුවද ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට දඬුවම් කිරීම සඳහා අධිකරණමය යාන්ත්‍රණවලට අමතරව පරිපාලන යාන්ත්‍රණයක්‌ සකස්‌වේ. ඒ මගින් චෝදනා එල්ලවන හමුදා නිලධාරීන්ට එසේ චෝදනා එල්ල වූ පමණින් පරිපාලන වශයෙන් දඩුවම් කිරීමේ අවස්‌ථාව උදාවේ. ඊට අනුව එම නිලධාරීන් සේවයෙන් පහකිරීමට, ඔවුන්ගේ සේවය අත්හිටුවීමට, ඔවුන්ගේ උසස්‌වීම් සහ වරප්‍රසාද අහිමි කිරීමට මෙන්ම විදේශගත සේවා අවස්‌ථා හෝ පුහුණු අවස්‌ථා අහිමි කිරීමට ඉඩ සැලසේ. ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ පැත්තෙන් මෙන්ම රටේ ජාතික ආරක්‍ෂාව සහ භෞමික අඛණ්‌ඩතාවය පැත්තෙන් බැලූවිට මෙම තත්ත්වය බරපතළ ජාතික ෙ€දවාචකයක්‌ ලෙස දැකිය හැක. නමුත් එම සැබෑ තත්ත්වය මහජනයා අත්විඳිනුයේ යම් කාලයකට පසුවය. අගමැතිවරයා මෑතකදී ඉතා අගය කරමින් පිළිගත් ඊනියා සංහිඳියාව කාර්ය සාධන බලඇනියේ වාර්තාව මගින් සහ එම වාර්තාව ක්‍රියාත්මක කළ යුතු බව කියන මානව හිමිකම් කොමසාරිස්‌ගේ 2017 පෙබරවාරි/මාර්තු වාර්තාව මගින් ද හමුදා නිලධාරීන්ට පරිපාලන වශයෙන් දඬුවම් කිරීම අවධාරණය කොට ඇත.

නමුත් ආණ්‌ඩුවේ ඉහළ නායකයින් තමා විසින් ඉටුකරනු ලබන කර්ත්‍යවයේ භයානකකම නොදන්නවා යෑයි විශ්වාස කළ නොහැක. ඔවුන් අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාල පනත සම්මත කළ ආකාරයටම ඉතා සූක්‍ෂම ලෙස සහ බලහත්කාරය යොදාගනිමින් නව පනතද සම්මත කර ගැනීමට ඉඩ ඇත. කෙසේ වෙතත් නව පනත පිළිබඳ විපක්‍ෂ මන්ත්‍රීවරුන්ට ගැඹුරු අවබෝධයක්‌ නොමැති තත්ත්වයක්‌ යටතේ පළමු පනත සම්මත කිරීමේදී සිදුකළ ආකාරයට ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ සැබෑ නිරුවත පෙන්වීමට අවශ්‍ය නොවනු ඇත. එසේ වුවත් නව පනත. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී ආණ්‌ඩුව තටයුතු කළ ආකාරයෙන් ඔවුන්ගේ සැබෑ ක්‍රීඩා සැලසුම අවබෝධකර ගත හැක. අදාළ පනත මගින් අතුරුදහන් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්තිය රටේ නීති පද්ධතිය තුළ බලාත්මක කෙරුණත් එම පනත් කෙටුම්පත සම`ග අදාළ ප්‍රඥප්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත. විශේෂයෙන්ම එය වලංගු කිරීමේදී හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකළ බැවින් පනත් කෙටුම්පත සම`ග එය ඉදිරිපත් කළ යුතු බව කුඩා දරුවෙක්‌ට වුවද තේරුම්ගත හැක. නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කිසිවෙකු ඒ පිළිබඳව අද වනතුරු විරෝධය පළ කර නැත. එම ප්‍රඥප්තියේ සිංහල හෝ දෙමළ පරිවර්තන කිසිදු වෙබ් අඩවියක දක්‌නට නැත. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් කරන්නට යන්නේ ගණන් නොදැමූ චෙක්‌පතකටය. අහෝ පරමාධිපත්‍යයේ බලය!

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions