4/27/2017

හොරිකඩයාගේ ඔක්තෝබර් තිසීසය

කතෘ:යුතුකම     4/27/2017   No comments

ඔක්තෝබර් විප්ලවය අරභයා අශෝක හඳගම රාවයට ලියූ ලිපියක් සම්බන්ධව මේ වනවිට කිසියම් කසුකුසුවක් මතුව තිබේ. මේ ලිපිය කියවූ ඇතමුන් හඳගම වල් වැදී ඇති බව කියමින් කම්පාවනු දක්නට ලැබෙයි. එසේ වුවද වල් වැදී ඇත්තේ හඳගමද? නොඑසේ නම් ඔහු මාර විප්ලවකාරී සිනමාකරුවෙක් යැයි සිතා සිටි, හා තවමත් සිතා සිටින නොදරුවන්ද? යන්න මෙහිදී සැකෙවින් විමසා බැලිය යුතුය.

අවුරුදු ගාණකට පෙර ජවිපෙ හා තිබූ යාළුකම් සහ වාමාංශික පෙනුමක් සහිතව කළ කඨෝර නිර්මාණ දෙක තුනක් හැර හඳගමගේ ඇති කෙහෙල්මල් ප්‍රගතිශීලීත්වයක් හෝ වාමාංශිකභාවයක් නැත. ඔහු ඒ කුඩා වාමාංශික අමුඩයද එළිපිටම ගලවා දමන ලද්දේ අද ඊයේ නොව මීට බොහෝ කාලයකට පෙරාතුවය. අන්ත ජාතිවාදය වෙනුවෙන් පෙනී සිටින, කොටි ත්‍රස්තවාදයේ මතවාදී වට්ටෝරුවට අනුව කසිකබල් චිත්‍රපට හදන, දන්නා කාලයේ සිටම වාමාංශික වචනවලින් රනිල්ගේ අසූචි සෝදමින් සිටින, නව ලිබරල්වාදයේ සියලු දෘෂ්ටිවාදී ලණු එලෙසින්ම ගිලිමින් වමාරමින් සිටින, වලිගය අහිමි කරගත් නරියා මෙන් තමාගේ පෞද්ගලික ඛේදවාචක සියල්ල පොදුභාවයට පත්කිරීමේ නොනිමෙන සමාජ වෛරයකින් පෙළෙන, මෙවන් විෂම පුද්ගලයෙකුගේ ප්‍රගතිශීලීත්වය කුමක්ද? නූතන එන්ජීඕ වාමාංශිකයන්ට මිස සිහි බුද්ධිය ඇති කිසිවකුට හඳගම වීරයකු ලෙස පෙනී යාමට ඉඩක් නැත. හඳගමගේ විප්ලවවාදය අනෝමාගේ පතිවතටත් වඩා ලෝක විහිළුවකි. මේ අනුව හඳගම අමුතුවෙන් වල් වදින්නට දෙයක් නැත. ඒ ඔහු වල් නොවැදී යහතින් සිටි කාලයක් කිසිදා නොතිබූ නිසාය.

කෙසේ හෝ වේව්ා හඳගම මාර ප්‍රබුද්ධ රැඩිකල් වීරයෙක් යැයි තවමත් සිතා සිටින නොදරුවන්ට කියවීම සඳහා ලිපියක් ලියා තිබීම ගැන අපි ඔහුට ස්තූති කළ යුතුව ඇත.

හඳගමගේ මේ මාර බරසාර ලිපියට අනුව නූතන ලිබරල් ධනවාදී ලෝකය පුදුමාකාර සුන්දර මැජික්ලන්තයකි. කම්කරුවන් හෝ සූරාකෑමට ලක්වන පීඩිතයන් ඒ තුළ නැත. සියල්ලෝ ව්‍යවසායකයන් බවට පත්වෙමින් සිටිති. විද්‍යාවේ තාක්ෂණයේ මහා බල මහිමය විසින් මිනිස් සංහතියේ සියලු ප්‍රශ්න විසඳා හමාරය. නූතන ගෝලීය කම්කරුවෝ චීනයෙන් ගෙන්වා ගත් ඇන්ජලීනා ජොලීගේ තත්‍ය රූප සමඟ රමණයේ යෙදෙමින් රජ පහට ජීවත් වෙති. පාරිභෝජනවාදය, වෙළඳ තරඟය මාරය. එය විසින් යුද්ධ, කෝලාහල, පාරිසරික ප්‍රශ්න, ජාතිවාදී ගැටුම්, සමාජ අර්බුද, කිසිවක් ජනිත කරන්නේ නැත. වෙළෙඳ තරඟය විසින් ලංකාවේ ජංගම දුරකතන ගාස්තු පහත බැස්සවූ ආකාරයට ආහාර, ඇදුම් පැළදුම්, බේත් හේත් ආදියේද මිල හැටට හැටේ පහත බස්සනු ඇත. රනිල් වැනි දූරදර්ශී නායකයකු හා එක්වී අධ්‍යාපනය, සෞඛ්‍යය ආදියද විකුණා දැමූ විට ඒ සේවාවන්ගේ මිලද තරඟය විසින් බිංදුවෙනුත් පහළට බස්සා සියලු දෙනාට සයිටම්වලින් උපාධි ලබා නවලෝක රෝහලෙන් බේත් ගැනීමට අවස්ථා උදාවනු ඇත. එසේ වුවද ලංකාව වැනි ජාතිවාදී ආගම්වාදී රටවලට හතේ හත වැදී ඇත්තේ පගා ගසන අකාර්යක්ෂම රාජ්‍ය යන්ත්‍රය නිසාය. ඒ ඔස්සේ බිහිවන දූෂිත පගා මරුවන් මිස, රටවල් තිහ හතලිහක ජාතික ආදායම එක අතට ගත් ධනපතින් හෝ මිනීමරු බහුජාතික සමාගම් නූතන සුන්දර ලිබරල් ලෝකය තුළ නැත. ලංකාවේ ගොවියන් වස කා මියයන්නේ නාථ දෙවියන් නිසාය. දිනකට ඩොලර් දෙකක ආදායමක් නොමැති, සාගතයෙන් හෝ සරල රෝගවලින් මියයන මිලියන ගණනක ලෝක වැසියන් පිළිබඳ පුවත් පරණ වාමාංශිකයන්ගේ ජාත්‍යන්තර කුමන්ත්‍රණ විය හැකිය. මේ අනුව ඔක්තෝබර් විප්ලවයේ ලාංකීය නියමුවා වන රනිල් සමඟ එක්වී රාජ්‍ය අංශය හැකි තරම් හකුළුවා පගා මරුවන්, දූෂිතයන්, පරාජය කළ විට වෙළෙඳ තරඟය විසින් ලංකාව සිංගප්පූරුවක් බවට පත් කරනු ඇත.

හඳගමගේ ඔක්තෝබර් තිසීසය සැකෙවින් එවැන්නකි. හඳගම විටෙක මේ කියන්නේ අන් කිසිවක් නොව ගෝලීය නරියන් විසින් අප වැනි රටවල කුකුළන්ට කියන කතාවමය. ඔවුන් තම ආර්ථිකයන්ගේ රාජ්‍ය මැදිහත්වීම ඉහළින්ම පවත්වා ගන්නා අතරේ රාජ්‍ය අංශය හැකිලීමට පරිධීය රටවලට යෝජනා ගෙනෙති. හඳගම කියන ආකාරයේ ධනවාදයක් ලෝකයේ කොතැනවත් නැත. රාජ්‍ය නිර්බාධවාදය ක්‍රමවේදයක් ලෙස අන්ත අසාර්ථකත්වයට පත් වූයේ අද ඊයේ නොව ධනවාදයේ ආරම්භක අවධියේදීමය. ඔක්තෝබර් විප්ලව යුගයේ සමාජවාදී අදහස්වල ප්‍රශ්න ගැටලු ඇති බව සැබෑය. එසේ වූ පමණින් නව ලිබරල්වාදය ගැන මේසා තකතීරු ප්‍රවාද ගෙතිය හැකි සත්ත්වයකු තව කල්පයකටවත් මෙදියත පහළ වෙතැයි සිතීම අසීරුය.

එක් අතකට මෙහි පුදුම විය යුතු අමුත්තක්ද නැත. හඳගම පමණක් නොව අද ජවිපෙ, පෙරටුගාමී, වැනි පක්ෂවල සිට මෙරට බොහෝ වැලේ වැල් නැති වාමාංශිකයන්ගේ අදහස් මීට අඩු වැඩි වශයෙන් සමානය. නව ලිබරල් ආර්ථිකය ගැන මේසා මරි මෝඩ කතා නොකියන වාමාංශිකයෝ පවා නව ලිබරල්වාදයේ අනිකුත් අවශ්‍යතා වන ජාතිවාදය, බෙදුම්වාදය, ෆෙඩරල් විසඳුම්, යුධ අපරාධ, ඉතිහාස විරෝධය, ජාතිකත්ව විරෝධය, සංස්කෘතික වෛරය, ආදී ප්‍රවණතා වෙනුවෙන් රෙදි නැතිව පෙනී සිටිති. එහි ඇති දේශපාලනය කුමක්දැයි වටහා ගැනීම වල් සතකුගේ වල් වැදීම ගැන කතා කිරීමට වඩා වැදගත් අභ්‍යාසයක් බව අවසාන වශයෙන් සටහන් කළ යුතුය.

-ඉසුරු ප්‍රසංග-
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions