(ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චරිත හේරත් මහතා ගේ ‘නූතන කුමාරයා’ කෘතිය එළිදැක්වීමේ උලෙළේ දී ගෙවිඳු කුමාරතුංග මහතා කළ අදහස් දැක්වීම ඇසුරිනි ඇසුරින් සකස් කළ මේ ලිපිය ඉරිදා දිවයින සහ රිවිර පුවත් පත් වෙත යොමු කළ නමුත් පළ නොකළ මුත් අදටද අදාළ කාලීන වටිනාකම සළකා 'යුතුකම' මෙලෙස පළ කරන්නෙමු )
නූතන කුමාරයා! අපුරු නමක්. දැන් මැකියාවෙලි එදා 1513 දී - 16 වන සියවසේ ආරම්භයේ දී ‘කුමාරයා’ රචනා කරන්නේ ඉතාලියේ ෆ්ලොරන්ස් රාජ්‍යයේ අනාගතය නිර්මානය කිරීමට. ඒ කාර්යය ඉටු කරගත හැකි පාලකයකු බිහි කරගැනීමට. එ් සඳහා අවශ්‍ය මතවාදයෙන් පාලකයා සන්නද්ධ කරන්න. දැන් චරිත 2015 ජනවාරි 8 ජනාධිපතිවරණ පරාජයෙන් පස්සෙ තමන් ගේ දේශපාලන මැදිහත්වීම් ‘නූතන කුමාරයා’ යැ යි නම් කිරීම ම දේශපාලනික යි. ඇයි චරිත තමන් ගේ මැදිහත්වීම ‘නූතන කුමාරයා’ යැයි නම් කරන්නේ? චරිත පිළිතුරු දීමට උත්සාහ කරන ප‍්‍රශ්නය මොකක් ද? චරිත මේ ලිපි එකතුවේ දී කියනවා ”විසඳුමක් නොව ගැටලූවක් දියවු!” කියා. එ් ලිපියෙන් පෙන්වා දෙන්නේ අද දේශපාලනය ගැටලූ හඳුනාගැනීම, හැදෑරීම, විසඳීම වෙනුවට තම තමන් ගේ විසඳුම් සමාජය මත පැටවීම ම සමාජ ගැටලූවක් වී ඇති බව. ඉතිං, චරිත මැදිහත් වෙන ගැටලූව කුමක් ද? එ් අද අපේ දේශපාලනය මතවාදයන් ගෙන් තොර, දාර්ශනික කියැවීම්වලින්, දාර්ශනික මැදිහත්වීම්වලින් තොර මුඩුබිමක් වී තිබීම.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නිර්මාණය කිරීමේ දී බණ්ඩාරනායක ශී‍්‍රමතානන් ගෙන් කෙරුණු දාර්ශනික මැදිහත්වීමෙන් පසු අපේ දේශපාලනයේ සිදුවී ඇති දාර්ශනික මැදිහත්වීම් මොනවා ද? මෙ තත්ත්වය තමයි, අමරසේකර මහතා ‘හිස නැති කවන්ධයක්’ ලෙස විග‍්‍රහ කරන්නේ. එතකොට එක්සත් ජාතික පක්ෂයට, වමට දාර්ශනික කියැවීම් තිබුණේ නැද්ද? තිබුණා, එ්ත් එ්වා විජාතික, නැතිනම් ආනයනික කියැවීම්. දන් බටහිර ලෝකයේ ම තම තමන් ගේ රාජ්‍යයන්හි අණසක නැතිනම් දේශසීමා පිළිබඳ ව, ගෝලීයකරණය පිළිබඳ ව ඇති වී ඇති සංවාදය ගැනවත් එක්සත් ජාතික පක්ෂය සංවේදි ද? මාස්ක්වාදය ලෝක පරිමාණව මුහුණ දුන් අභියෝග පිළිබඳ අපේ වාමාංශික ව්‍යාපාර තුළ හරවත් සංවාදයක් තිබෙනවා ද? පසුගිය දා මහත් උත්කර්ෂයෙන් පැවැත්වුණු ‘චේ දිනය’, සමාවන්න, ජවිපෙ ඉදිරිගාමී සහෝදරවරු එය නම් කර තිබුණේ ‘චේ ඬේ’ කියලා - මඟින් මාක්ස්වාදය, සමාජවාදය, දේශපේ‍්‍රමය ගැන කතිකාවක් සමාජගත වුණා ද? ප‍්‍රාග්ධනය ගැන, වෙළෙඳපොළ ගැන, රජයේ කාර්යභාරය ගැන ජවිපෙ ස්ථාවරය කුමක් ද? එ් අතින් ගත්තොත් මේ ජවිපෙ සහෝදරවරුන්ට වඩා මහාචාර්ය තිස්ස විතාරන තරුණ යි. හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ - කෝ දේශපාලනය? මම ප‍්‍රශ්න කරන්නේ උපාය උපක‍්‍රම ගැන නොවේ.
අමරසේකර මහතා 1976 ලියූ ‘අබුද්දස්ස යුගයක්’ කෘතියේ දී කියනවා ඉදිරියේ දී අපට හමුවන්නේ බණ පදයක් අහන්න නොලැබෙන අබුද්දස්ස යුගයක් කියලා. එ්කාබද්ධ විපක්ෂය සිදුවෙමින් ඇති විනාශයෙන් රට රැුකගැනීමට දරණ ප‍්‍රයත්නයට අපි ආශිර්වාද කරනවා. එ්ත්, එ්ත්, එ් කි‍්‍රයාකාරිත්වය තුළ පවා අපට එ වැනි ගැඹුරු දාර්ශනික මැදිහත්වීමක්, දාර්ශනික ආමන්ත‍්‍රණයක් දක්නට ලැබෙනවා ද? එ වැනි මැදිහත්වීමකින් තොර ව මේ අබුද්දස්ස යුගය නිමා කරවීමකින් තොර ව, මේ මහා නියඟය අවසන් කරමින් වසින වැස්සකින් තොර ව නෙළුම් මල් පිපේවි ද?
දැන් චරිත ගේ මේ කෘතිය අද අපට අවශ්‍ය දේශපාලන මතවාද පිළිබඳ පරිපූර්ණ කෘතියක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැහැ. එය සිදුවිය යුතු ව ඇත්තේ සමාජ දේශපාලන ව්‍යාපාරයකින්, අපේ ජාතික ව්‍යාපාරයෙන්. ඒත් චරිත මේ කෘතිය මඟින්, එය නූතන කුමාරයා ලෙස නම් කිරීම මඟින් එ් දේශපාලන හිඩැස පෙන්වා දෙමින් එය ජයගැනීම සඳහා සාධනීය මැදිහත්වීමක් කරනවා. එ් සමඟ ම අද අපේ මේ මවුබිමට නායකත්වය දීමට කල්පනා කරන ඕනෑ ම කුමාරයෙක්, ඕනෑ ම
දේශපාලන ව්‍යාපාරයක් ගැඹුරින් කල්පනා කළ යුතු, දාර්ශනිකව මැදිහත් විය යුතු, මතවාද නිර්මාණය කළ යුතු තේමා ගණනාවක් ඔහු අප හමුවේ තබනවා. එ්වා මූලික තේමා 4කට අපට වෙන් කරගන්න පුළුවන්.
ආණ්ඩුකරණයේ නැතිනම් රට පාලනය කරන යාන්ත‍්‍රණයේ ඇති ප‍්‍රශ්න චරිත සාකච්ඡාවට ගන්නා එක් ප‍්‍රධාන තේමාවක්. ‘මංතී‍්‍ර විතරක් ඇති ...?’ පළමු ලිපිය, ‘කනට ගහන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය’, අවසාන ලිපිය වන ‘සභ්‍යත්ව රාජ්‍යය කරා ...?’ මේ සමඟ සම්බන්ධ යි. චරිත කියන්නේ මනාපයෙන් පත්වන බොහෝ ව්‍යවස්ථා සම්පාදකයන් තමන් ව්‍යවස්ථා සම්පාදකයන් බව, ව්‍යවස්ථාවට අනුව නීති සම්පාදනයේ යෙදී සිටින්නන් බව නොදන්නා බව යි. එ් වගේ ම තමන් පාර්ලිමේන්තුවේ දී ප‍්‍රකාශයට පත් කළ යුත්තේ තමන් නියෝජනය කරන ජනතාව ගේ මතය බව ඔවුන් නොදන්නා බව යි. චරිත කියන්නේ ‘මන්තී‍්‍රකම’ මැනුවල් පත නැති වූ උපකරණයක් බවට පත් වී ඇති බව යි.
චරිත මතු කරන තවත් වැදගත් තේමාවක් තමයි රාජ්‍යයේ කාර්යභාරය හා රාජ්‍යයේ මැදිහත් වීමේ සීමා පිළිබඳ. වත්මන් එක්සත් ජාතික පක්ෂ රජයේ රාජ්‍යය දුර්වල කිරීමේ හා රාජ්‍ය මැදිහත්වීම අවම කිරීමේ කි‍්‍රයාවලිය පිළිබඳ සාධනීය විවේචනයක් ද මීට ඇතුලත්. ‘වී වෙනුවට රෝස මල්’, ‘තී‍්‍රමාවිතාරණ තත්ත්වයක් යළිත් එයි ද?’, ‘මේ කොයි යන්නේ?’ වැනි මැදිහත්වීම් මීට අදාළ ය. ශී‍්‍රලනිපය හා එහි කාර්යභාරය චරිත මතුකරන තවත් වැදගත් තේමාවකි. ‘කොටා පාරට වූ දේ ඩාලි පාරටත් වෙයි ද?’, ‘පක්ෂය නොකඩා ආණ්ඩුව කැඞීම’, ‘ශී‍්‍රලනිපය කළ යුත්තේ කුමක් ද?’ ආදිය මීට අදාල ය. චරිත කියන්නේ එජාපයෙන් පැමිණි බණ්ඩාරනායක මහතා ව යළි එජාපයට භාරනොදීම පනස්හයේ දරුවන් ගේ වගකීම බව ය.
හතර වන කාණ්ඩය තමයි මේ රට පාලනය කරන්න සිතන කවර හෝ පක්ෂයක්, බලවේගයක් ගැඹුරින් කල්පනා කළ යුතු තේමා. නොබෙල් ත්‍යාගලාභී ආර්ථික විශේෂඥයකු වූ අමාත්‍යා සෙන් ගේ නිදසුනක් භාවිතා කරමින් ආර්ථික ප‍්‍රතිලාභයන්හි හිමිකාරීත්වය තීරණය කළ යුත්තේ අයිතිය මත ද, දක්ෂතාව හා සුදුකම මත ද නැතිනම් නැතිබැරිකම, දරිද්‍රතාව මත ද යන්න පිළිබඳ චරිත කරන සාකච්ඡාව මහින්ද රාජපක්ෂ රජයේ ආර්ථිකය මෙහෙයවූ අයට ඉතා ම ප‍්‍රයෝජනවත් විය හැකිව තිබූවකි. රජයකට ආර්ථිකය වර්ධනය කිරීම මෙන් ම එ් වර්ධයෙහි ප‍්‍රතිලාභ පිළිබඳ ව ජනතාව තෘප්තිමත් කිරීමත් වැදගත්. ඊ ළ`ගට ආශාවන් තෘප්තිමත් කිරීම හා පාලනය කිරීම (චරිත ගේ වචනය ‘කළමනාකරණය’ යන්න යි) පිළිබඳ ‘භාෂාව සහ අශාව’ හා ‘ආශාව කළමනාකරණය කළ යුත්තේ රාජ්‍යය ද? වෙළෙඳපොළ ද?’ යන ලිපිවල කෙරෙන සාකච්ඡා ඉතා වැදගත්. මේ ඕනෑ ම රජයකට මුහුණදීමට සිදුවන අභියෝගයන් පිළිබඳ ව ය. මහපාර පිළිබඳ වගේ ම තොරතුරු අවකාශය ගැනත් චරිත ගේ කියැවීම් අනාගතවාදී බව නොකියා බෑ.
මීට අමතර ව චරිත රාජ්‍ය නිලධාරියෙක් ලෙස ලත් අත්දැකීම් ඇසුරෙන් සිදුකෙරුණු වැදගත් මැදිහත්වීම් ද මෙහි දක්නට ලැබෙනවා. ‘පරිසර සංරක්ෂණය හා පළාත් සභාව’ ලිපියේ පරිසර අධිකාරියේ සභාපති ලෙස ඔහු ලද අත්දැකීම් මත චරිත දක්වන කරුණු, පළාතක් සභා ක‍්‍රමය, 13 වන සංශෝධනය අප රට කොතරම් ව්‍යාකූල තත්ත්වයකට රැුගෙන ගොස් ඇත් දැ යි යන්න ප‍්‍රායෝගික ව කියාපාන ප‍්‍රබල නිදසුනක්. ‘ජපන් මැන්ඩලින් අරගෙන’, ‘තොරතුරු ප‍්‍රාග්ධනයේ යුගයක් ...’ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ලැබූ අත්දැකීම් මත ලියැවී ඇත.
දැන් අවසාන වශයෙන් ‘සභ්‍යත්ව රාජ්‍යය කරා ...?’ යන්නට යොමුවීමට කැමති යි. එහි දී මේ සුද්දා දී ගිය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, පක්ෂ ක‍්‍රමය මත පදනම් වූ පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යළි වැඩකට ගත නොහැකි තරමට ජරාජීර්ණ ව ඇත යන අමරසේකර මහතා ගේ නිගමනය හා එකඟ වෙමින් ම චරිත මතුකර ඇති රාජ්‍යත්වයක් කරා යළි යා හැකි ද වැනි ප‍්‍රශ්න දෙස බැලූවිට උක්ත නමින් අමරසේකර මහතා රචනා කළ කෘතියේ හරය ගැන පරිකල්පනයකින් තොර ව එ් සටහන ලියැවී ඇති බවක් පෙනෙන්නට තිබේ. පොත එළිදක්වීමත් සමඟ එ් එළිදක්වීම වාර්තා කරමින් කඩිනමින් සැපයූ ලිපියක් නිසා එ සේ වන්නට ඇත.
දැන් සභ්‍යත්ව රාජ්‍යය කරා කෘතියෙහි සභ්‍යත්ව රාජ්‍යය කරා යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? 1815 දී පැවැති රාජ්‍යය වෙත ආපසු යෑම ද? නැහැ, කොහොමටත් නැහැ. එ් රාජ්‍යය අද වන තෙක් ස්වභාවික ව විකාශනය වී නම් අන්න එ් විකාශනය වූ රාජ්‍යය කරා යළි ගමන් කිරීම යි මින් අදහස් කරන්නේ. නැති නම්, එ් අතීත සභ්‍යත්ව රාජ්‍යයේ මූලධර්ම මත, සාරාර්ථ මත නවීන රාජ්‍යයක් ගොඩන`ගා ගැනීම ගැන යි මෙහි දී සාකච්ඡා කරන්නේ. මෙ ජරාජීර්ණ වූ පක්ෂ දේශපාලනය මත පදනම් වූ බහුතරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නියෝජිත ප‍්‍රජාතන්ත‍්‍රවාදය පමණක් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය? ගමේ සියලූ වැඩිහිටියන් නියෝජනය වූ, එකඟතාවෙන් තීරණ ගත් ගම්සභාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී නැද්ද? බහුතරයේ කැමැත්තට වඩා පොදු එකඟතාව ප‍්‍රජාතන්තී‍්‍රය නැද්ද? ඇමරිකාවේ රටේ නායකයා තේරීමේ දී ජනගහනයේ බහුතරය වෙනුවට සමස්ත භූමියේ පැතුරුණු ජන අනුමැතිය සැලකිල්ලට ගැනීම වඩා නිවැරැුදි නැද්ද? චීනයේ මහජන නියෝජිතයන් තෝරන ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍රවාදී නොවේ යැ යි අපට කිව හැකි ද?
අමරසේකර මහතා සිය කෘතියට පාදක කරගත් මහාචාර්ය මාටින් ජැක් මහතා ගේ ‘චීනය ලොව පාලනය කරද්දී’ කෘතියේ චීනය යළි තමන් ගේ සභ්‍යත්ව රාජ්‍යය කරා ගමන් කරන බව ඔහු පවසන්නේ මානයන් රැුසක් සැලකිල්ලට ගෙන. ඔහුට අනුව චීන ජනතාව බටහිරකරණය වෙමින් සිටින්නේ හම හා ඇඳුම - බාහිර පෙනුම අතින් පමණි. ආහාර පුරුදු, භාෂා භාවිතය, ආගමික විශ්වාස, පවුල, පවුලේ ම විස්තාරණයක් ලෙස තම රජය සැලකීම - මේ සියලූ ක්ෂේත‍්‍රයන්හි දී චීන ජනතාව වැඩි වැඩියෙන් සිය සභ්‍යත්ව මූලයන් වෙත නැඹුරු වෙමින් පවතී.
අද ලෝකය වෙනස් වෙමින් ඇති බව මාටින් ජැක් ගේ කෘතියේ කියැවෙන තවත් එක් ප‍්‍රධාන තේමාවක්. මේ තේමාව අමරසේකර මහතා සිය කෘතියේ දී සාකච්ඡා නොකරන නමුදු එය අපට ඉතා අදාල බව මගේ හැඟීම යි. ඔහු ගේ කෘතියේ උපශීර්ෂය වන්නේ ‘බටහිර ලෝකයේ අවසානය හා නව ලෝක පටිපාටියක උපත’ යන්න යි. පුරෝකතන අනුව 2025 වන විට චීන ආර්ථිකය ඇමරිකානු ආර්ථිකය හා සම තැන් ගනී. එහෙත් මේ කියන්නේ ඇමරිකාව වෙනුවට චීනය ලෝක බලවතා වූ ලෝකයක් ගැන නොවේ. එ් වෙනුවට ඉන්දියාව, රුසියාව, බ‍්‍රසීලය, දකුණු අපි‍්‍රකාව, කොරියාව ආදී ලෙස විවිධ කලාපවල විවිධ රාජ්‍යයන් ලෝක ආර්ථිකයේ වැදගත් පාර්ශ්වකරුවන් බවට පත්වන අලූත් ලෝකයක් ගැන යි. මේ නිසා අපි අපේ දෙපයින් හිටගන්න සූදානම් නම් අපිට අපේ සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනඟා ගැනීමේ ඉඩ අවකාශ ඉදිරියේ දී විවර වෙන බව යි මගේ හැ`ගීම.
ආශාවන් කළමනාකරණය කිරීම ගැන මේ පොතේ යොමුකොට ඇති අවධානයෙහි වැදගත්කම ගැන කලින් සාකච්ඡා කළා. අපේ සභ්‍යත්වයේ එක් වැදගත් ම ලක්ෂණයක් වන්නේ අත්පත් කරගැනීම වෙනුවට, අයිති කරගැනීම වෙනුවට විඳගැනීම, වින්දනය මුල්කරගත් සමාජයක් නිර්මාණය කිරීමට කෙරෙන අවධාරණය. මේ කියන්නේ අශාවන් පාලනය කිරිමක් ගැන නෙවේ. ආශාවත් තෘප්ත කරගැනීම වෙනත් කලාපයක සිදු කෙරෙන්නක් බව. එහි දී දියුණුව මැනගැනීමට දල දේශීය නිෂ්පාදනය වෙනුවට සතුට නැතිනම් තෘප්තිය පදනම් කරගත් නිර්නායක අපට අවශ්‍ය වේවි. එ වැනි අභියෝගයක් ජයගත හැකි නම්, එ වැනි ආදර්ශයක් මේ කුඩා රටෙන් ලෝකය හමුවේ තැබිය හැකි නම්! මේ මවුබිම වීරයන් ඉල්ලා සිටින යුගයක්.
චරිත ගේ ‘නූතන කුමාරයා’ මවුබිමේ දේශපාලනය අර්ථසම්පන්න කිරීමට කෙරෙන ඇරයුමක්!
---------------------------------------------------------
[මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා විසින් 'නූතන කුමාරයා' යෙදුම අවභාවිතා කිරීම පිළිබඳව රාවය පුවත්පත වෙත යොමු කළ මුත් ඔවුන් පළ නොකළ ගෙවිඳු කුමාරතුංග මහතා යැවූ ලිපිය ]
මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ගේ ”නූතන කුමාරයෙකු ඕනෑ”
රාවය කතුතුමනි, මේ අවභාවිතයක්, හොරකමක්, මංකොල්ලයක් නොවේ ද?
පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි දර්ශන අංශයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය (හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම්) චරිත හේරත් මහතා 2015 වසරේ සිට 2016 වසරේ සැප්තැම්බර මස තෙක් ‘නූතන කුමාරයා’ නමින් තීරු ලිපි පෙලක් සිළුමිණ පුවත්පතට සම්පාදනය කළ බව ද එ් තීරු ලිපි හා ඔහු විසින් රචිත වෙනත් දේශපාලනික ලිපි එකතු කොට ‘නූතන කුමාරයා’ නමින් කෘතියක් දැන් එළිදැක්වී ඇති බව ද, එ් කෘතිය, 2017 ජනවාරි මස ජනගත කිරීමේ අවස්ථාවේ දී දක්වූ අදහස් ආදිය පාදක කරගනිමින් පුවත්පත්, වෙබ් අඩවි හා මුහුණු පොත් හරහා සංවාදයක් ගොඩනැගෙමින් පවතින බව ද ඔබත් මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතාත් නොදැන සිටීමට අවකාශයක් ඇතැයි නොසිතමි. එ් කෘතිය පිළිබඳ කෙටි හැඳින්වීම්, එ් පිළිබඳ සම්මුඛ සාකච්ඡා බොහෝ ජාතික/විකල්ප පුවත්පත්වල හා අන්තර්ජාලයේ පළවූ බැවිනි. ඔබ පුවත්පතේ ද එ් කෘතිය ප‍්‍රකාශයට පත්වීම ගැන පළවී තිබිණි. විද්‍යුත් මාධ්‍යයන්හි ප‍්‍රවෘත්ති විකාශනය ඔස්සේ ද ජනගත කිරීම වාර්තා කෙරිණි.
‘නූතන කුමාරයා’ යන යෙදුම අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි ගේ වුව ද එය අද අප රටේ සමාජ- දේශපාලන සංවාදයට ප‍්‍රවිශ්ට කරවන්නේ චරිත ය. සිය තීරු ලිපි පෙල දේශපාලන අර්ථයකින් ‘නූතන කුමාරයා’ යැයි නම් කිරීම චරිත සිය කෘතියේ පෙරවදනෙහි පැහැදිලි කර ඇත. එහි දී ඔහු අන්තෝනියෝ ග‍්‍රාම්ස්චි ‘සිරගෙදර සටහන්’ කෘතියේ ‘නූතන කුමාරයා’ නමින් තබන සටහන ගැන මෙන් ම එ් යෙදුමට ද මුල්වන මැකියාවෙලි ගේ ‘කුමාරයා’ කෘතිය ගැන ද කරුණු කියාපායි.
‘නූතන කුමාරයා’ ජනගත කළ අවස්ථාවේ දී චරිත ගේ කොලමට ප‍්‍රතිචාර දැක්වූවකු හා කෘතියේ ප‍්‍රකාශක ලෙස මා සිදුකළ අදහස් දැක්වීමේ දී එ් යෙදුමට අද අප රටේ සමාජ-දේශපාලන කථිකාව තුළ අර්ථකතනයක් දීමට තැත් කළේ මේ අයුරිනි: ”දැන් චරිත 2015 ජනවාරි 8 ජනාධිපතිවරණ පරාජයෙන් පස්සෙ තමන් ගේ දේශපාලන මැදිහත්වීම් ‘නූතන කුමාරයා’ යැ යි නම් කිරීම ම දේශපාලනික යි. ඇයි චරිත තමන් ගේ මැදිහත්වීම ‘නූතන කුමාරයා’ යැ යි නම් කරන්නේ? චරිත පිළිතුරු දීමට උත්සාහ කරන ප‍්‍රශ්නය මොකක් ද? . . . එ් අද අපේ දේශපාලනය මතවාදයන් ගෙන් තොර, දාර්ශනික කියැවීම්වලින්, දාර්ශනික මැදිහත්වීම්වලින් තොර මුඩුබිමක් වී තිබීම. . . . චරිත මේ කෘතිය මඟින්, එය නූතන කුමාරයා ලෙස නම් කිරීම මඟින් එ් දේශපාලන හිඩැස පෙන්වා දෙමින් එය ජයගැනීම සඳහා සාධනීය මැදිහත්වීමක් කරනවා. එ් සමඟ ම අද අපේ මේ මවුබිමට නායකත්වය දීමට කල්පනා කරන ඕනෑ ම කුමාරයෙක්, ඕනෑ ම දේශපාලන ව්‍යාපාරයක් ගැඹුරින් කල්පනා කළ යුතු, දාර්ශනිකව මැදිහත් විය යුතු, මතවාද නිර්මාණය කළ යුතු තේමා ගණනාවක් ඔහු අප හමුවේ තබනවා.”
මෙවන් සන්දර්භයක පසුගිය රාවය පුවත්පතේ පලවූ මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ගේ ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී කෘති සංස්කරණයට නූතන කුමාරයෙකු ඕනෑ” ලිපියෙහි චරිත ගේ කෘතිය ගැන හෝ එ් මත ගොඩනැගෙමින් ඇති සංවාදය ගැන හෝ මොනම ආකාරයකට වත් සඳහනක් නොමැති ව ”නූතන කුමාරයෙකු විය යුතු ය” ආදී යෙදුම් භාවිතය හා ඔහු ගේ අදහස් දැක්වීම, ”ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණයට නූතන කුමාරයෙකු ඕනෑ” යැයි නම් කිරීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?
ගෙවිඳු කුමාරතුංග
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .