රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතාගේ ජීනීවා ගමන පිළිබඳව කළ සාකච්ඡාව
ප්‍ර - ඔබ ජිනීවා මානව හිමිකම් කවුන්සලේට ගොස් නැවත පැමිණියා. බොහෝ අය ඔබ කළ කාර්යයට ප්‍රශංසා කළා. නමුත් සමහරෙක් ඔබ විවේචනය කරනවා. පළමුවෙන් කියන්න ඇයි ඔබ ජිනීවා ගියේ?
පි - මම ජිනීවා ගිය හේතුව මීට පෙර මාධ්‍ය සාකච්ඡාවලදී කියා තිබෙනවා. ඔබ දන්නවා මෙවර මානව හිමිකම් සැසිවාරයේදී අපට විරුද්ධව තිබෙන 30/1 යෝජනාව සහ එහි ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කළ බව. එම යෝජනාව ගෙන ඒමට පාදක වූයේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන්ගේ වාර්තාව. එම වාර්තාවේ තිබෙන්නේ අපේ හමුදාවන් භයානක යුද අපරාධ කළ බවට සාක්‌ෂි තිබෙන බව. ඒ වාර්තාව කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නැතිව අපේ රටේ විදේශ ඇමැති මංගල සමරවීර අගය කරමින් පිළිගෙන අපට විරුද්ධව ඇමරිකාව විසින් ගෙන ආ මෙම යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්‌වූවා. මොන රටේ විදේශ ඇමැතිවරයෙක්‌ද තමන්ගේ රටේ හමුදාවන් යුද අපරාධ කළා කියා පිළිගෙන තමන්ගේ රටට විරුද්ධව ගෙනෙන යෝජනාවකට සහයෝගය දෙන්නේ? අපේ විදේශ ඇමැතිවරයා එම දේශද්‍රෝහී ක්‍රියාව කළා.
ඉතින් එහෙම නම් මෙවර මානව හිමිකම් සැසිවාරයේදී මොන රටද මොන සංවිධානයද අපේ රටේ රණවිරුවා වෙනුවෙන් පෙනී සිටින්නේ? ඒ නිසා දිවි කැප කරමින් යුද්ධ කොට රටට සාමය ගෙනා රණවිරුවන් වෙනුවෙන් පෙනී සිsටීමට සහ අපේ රට පිළිබඳව ඉදිරිපත් කරන දුර්මත දුරු කිරීමට ප්‍රවිශ්ටයක් ගැනීමටයි මා ජිනීවා ගියේ.
ප්‍ර - ඔබට එය සාර්ථකව කර ගැනීමට හැකි වූවාද?
පි - ඇත්තෙන්ම ඔව්. ඔබ පෙර කිව් පරිදි මාව විවේචනය කරන සමහරු කියන දෙයක් තමයි මා රාජ්‍ය නොවන සංවිධාන ප්‍රතික්‍ෂේප කරමින් මානව හිමිකම් කවුන්සලයේදී බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කළ බව. ඒ විදියට චෝදනා කරන්නේ කුහකයින්. එක්‌සත් ජාතීන්ගේ සංගමයට ඕනෑම කෙනෙකුට ගිහින් කතා කරන්න බැහැ. එතැන කතා කරන්න පුළුවන් රජයේ නියෝජිතයන්ට සහ එක්‌සත් ජාතීන්ගේ සංගමයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරන පුද්ගලයන්ට පමණයි. ඒ නිසා මම එංගලන්තයේ බර්මිංහැම් නුවර කස්‌සප හිමිගේ බෞද්ධ පන්සල එ. ජා. සංගමයේ ඉන්ටනැෂනල් බුඩිස්‌ට් රිලීෆ් ඕගනයිෂේසන් යන රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ලියාපදිංචි වී ඇති නිසා ඒ හරහා තමයි මානව හිමිකම් කවුන්සලේ කතා කළේ.
කොටි හිතවාදී, බෙදුම්වාදී දෙමළ පුද්ගලයන් විශාල වශයෙන් එසේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධාන හරහා ඇවිත් අපේ රට පිළිබඳව ඉතා වැරදි ප්‍රතිරූප ගොඩනඟනවා. අපේ රටේ පාක්‍යසෝති සරවනමුත්තු, සිවාජිලිංගම්, ආනන්දි සෂිධරන්, නිමල්කා ප්‍රනාන්දු, සුනන්ද දේශප්‍රිය වැනි අයත් ඒ දේශද්‍රෝහී ක්‍රියාවට එකතු වෙනවා.
එසේ නම් මම කර ඇත්තේ වරදක්‌ද? අපේ රට වෙනුවෙන් රටේ රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින්න මා රාජ්‍ය නොවන සංවිධාන නොවෙයි ඕනෑම කෙනෙක්, සංවිධානයක් හරහා යන්න සූදානම්. රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරමින් මානව හිමිකම් කවුන්සලේ අපේ මවුබිමේ ගෞරවය ආරක්‌ෂා කරන්න තැත්කළ බව චෝදනා කරන මේ කුහකයින් රාජ්‍ය නොවන සංවිධාන හරහා ගොස් රටේ ප්‍රතිරූපය කෙළෙසන පාක්‍යසෝති, නිමල්කා, සුනන්ද දේශප්‍රිය යනාදීන්ට විරුද්ධව වචනයක්‌වත් කියන්නේ නැහැ. මේක අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ජන්මය පිළිබඳ ප්‍රශ්නයක්.
මා මාර්තු 20 වැනි දින සහ 23 වැනි දින මානව හිමිකම් කවුන්සලය අමතා විනාඩි 1 1/2 කතා දෙකක් පැවැත්වූවා. මගේ ජිනීවා ගමනේ ප්‍රධාන අරමුණ වූයේ මා ලංකාවෙන් ගෙන ගිය වාර්තාව නිල වශයෙන් මානව හිමිකම් කවුන්සලේට ඉදිරිපත් කිරීම. මගේ කතාවේදී එය මට කිරීමට හැකිවූවා. මා පෙර කීවාක් මෙන් මෙම 30/1 ජිනීවා යෝජනාවට පාදක වූයේ අප යුද අපරාධ කළාය කියන චෝදනා අඩංගු මහ කොමසාරිස්‌වරයාගේ වාර්තාව. එම වාර්තාවේ තිබෙන එම සියලුම චෝදනාවල කිසිම පදනමක් නැති බවත් ඒවා ඉතා සාවද්‍ය කරුණු මත පදනම් වූ බවත් සනාථ කළ වාර්තාවයි මා ගෙන ගියේ. එම වාර්තාව සකස් කළේ රටේ පිළිගත් විද්වතුන් කණ්‌ඩායමක්. එය අවසානවරට බලා අනුමත කළේ හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මැතිතුමා. මා නිල වශයෙන් සෙයිද් හුසේන්ගේ ආසියාව පිළිබඳ ලේකම්වරයාගේ අතටම එය භාරදුන් නිසා ඊළඟ සැසිවාරයේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඔවුන් බැඳී සිටිනවාෙ
ප්‍ර - නමුත් ජිනීවා නුවර පන්සල ප්‍රථමයෙන් ඔබව ප්‍රතික්‌ෂේප කළා?
පි - ඔව්. මා ප්‍රථමයෙන් උත්සාහ කළේ ජිනීවා නුවර තිබෙන එම පන්සල හරහා යන්න. ඒ පන්සල අවසාන මොහොතේදී මට විද්යුත් තැපෑලක් මගින් දැන්වූවා ඔවුනට එයට ඉඩදිය නොහැකි බව. මා පසුව දැනගත්තා එය පන්සලේ දායක සභාවේ යම්කිසි කණ්‌ඩායමක් විරුද්ධ වූ නිසා එසේ සිදුවූ බව. ඒ අය කවුද කියාත් මා දැන් දන්නවා. ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. රට වෙනුවෙන් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටීමට මට අවස්‌ථාව අහිමි කිරීම. නමුත් ජිනීවා නුවර අනෙක් පන්සලේ ධම්මික ස්‌වාමීන්වහන්සේ ඉදිරිපත්වී බ්‍රිතාන්‍යයේ බර්මිංහැම් නුවර කස්‌සප හාමුදුරුවන් සම්බන්ධ කරගෙන මට ඒ දේ කිරීමට හැකි වූවා. මා උන්වහන්සේලාට මගේ ප්‍රණාමය පුද කරනවා.
ප්‍ර - එසේම ඔබට නඟන අනෙක් චෝදනාව තමයි, ඔබ සැසිවාරය අමතා කතා කළේ නැත, සමාන්තර රැස්‌වීම්වලටත් සහභාගි වූයේ නැත සහ ඔබ විසින් සංවිධානය කළ සමාන්තර රැස්‌වීමටත් සහභාගි වූයේ නැත කියා. එය සත්‍යයක්‌ද?
පි - මට පුදුමයි විදේශ නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වාත් එවැනි ප්‍රකාශයක් කිරීම ගැන. එක්‌තරා රූපවාහිනී මාධ්‍යයකදී එතුමා කීවා මා සැසිවාරයේ කතා කළේ නැහැ, කතා කළේ පැති රැස්‌වීමක පමණයි කියා. එය අසත්‍යයි. මා මාර්තු මස 20 වන දින සහ මාර්තු 23 වන දින මානව හිමිකම් සැසිවාරයේ මහ සභාවේ කරන ලද විනාඩි 1 1/2 කතා දෙක ඕනෑම කෙනෙකුට එ.ජා.ස. නිල වෙබ් අඩවියට අවතීර්ණ වී අදටත් බලන්න පුළුවන්. මේ වගේ අසත්‍ය චෝදනා නඟමින් ඔවුන් බලාපොරොත්තු වන්නේ කුමක්‌ද?
මා ලංකාවෙන් පිටත්වීමට පෙර ජිනීවා නුවර ධම්මික හිමි මාර්ගයෙන් මානව හිමිකම් කවුන්සලේ ප්‍රතිරැස්‌වීමක් (Sie Event) එකක් සූදානම් කළා. එය මා විසින් ඉල්ලාගත් දෙයක්. නමුත් එහි දේශන පැවැත්වීමට නියමිතව සිටි නීතිඥ දර්ශන වීරසේකර සහ නීතිඥ රාජා ගුණරත්න යන දෙදෙනාට යම් හේතුවක් නිසා නියමිත දිනට ජිනීවා නුවරට ඒමට ලැබුණේ නැහැ. ප්‍රතිරැස්‌වීමකට අවම වශයෙන් දේශන 3 ක් වත් පැවැත්වීමට අවශ්‍යයි. මා හැර දේශන පැවැත්වීමට කවුරුවත් සිටියේ නැති නිසා මා එය අවලංගු කළා.
මාර්තු 20 වන දින දෙමළ පර්ල් සංවිධානය සහ බ්‍රිතාන්‍ය දෙමළ සංසදය විසින් සංවිධානය කරන ලද ප්‍රතිරැස්‌වීම තිබ්බේ පෙ.ව. 11.30 සිට ප.ව. 1.00 දක්‌වා. එහි මාතෘකාව වූයේ ශ්‍රී ලංකාවේ මිලිටරිකරණය සහ විදේශීය විනිසුරුකරුවන් ගෙන ඒම සාධාරණීය කිරීම. එයට මා සහභාගි වූවා. ඔවුන්ගේ දේශනවලින් පසුව මා ප්‍රකාශයක් කරමින් පෙන්වා දුන්නා එහි අඩංගු කරුණුවල සාවද්‍යතාවය. ඉන්පසුව තමයි මානිවන්නන් නමැති කොටි ත්‍රස්‌තවාදීන්ට මුදලින් උපකාර කළ පුද්ගලයා මා යුද අපරාධකරුවෙක්‌ය, මාව වහාම අත්අඩංගුවට ගත යුතු යෑයි යනාදී වශයෙන් ප්‍රකාශ කළේ. ඒ ශාලාව පුරා සිටියේ කොටි හිතවාදීන් නිසා ඔවුන් අතර වීරයෙක් වීමට එසේ ප්‍රකාශ කළ ඔහු සිතුවේ මා නිශ්ශබ්දව ශාලාවෙන් පිටවී යයි කියා. මා ඔහුට එහිදී ප්‍රතිචාර දැක්‌වූ ආකාරය ඔබ දැන් දන්නවා. මා ඊට වඩා යමක් ඔහුට නොකීවේ සැසිවාරය අමතා මට කිරීමට තිබූ කතාව සම්බන්ධයෙන් අවදානමක් ගැනීමට මා අකැමැති වූ නිසා. සුනන්ද දේශප්‍රිය කියන පුද්ගලයා එම සිදුවීම පළමුවෙන්ම වාර්තා කොට තිබුණේ මට යුධ අපරාධකාරයා යෑයි චෝදනා කරන විට මා හිමින් එතැනින් ලිස්‌සා ගියාය කියාය. මා ප්‍රතිචාර දක්‌වන වීඩියෝ පටය නිදහස් වුණේ ඊට පසුවයි. එයින් ඔහු කිවූ දේ බොරු බව සනාථ වුණා. සුනන්ද දේශප්‍රිය කියන්නේ කොටි හිතවාදී සිංහල කුහකයෙක් බව එයින්ම පෙනී යනවා.
පාක්‍යසෝති, නිමල්කා, සිවචන්ද්‍රන් සරෝජි, ජෙන්සිලා මජීඩ් යන අය විසින් සංවිධානය කළ ප්‍රති රැස්‌වීම ආරම්භ වුණේ ප.ව. 3.00 ට එයට මා සහභාගි නොවුණේ මහ සැසිවාරයේ අපගේ කතා අඩංගු විෂය ආරම්භ වූයේත් ඒ වෙලාවටම නිසා. ප්‍රමුඛත්වය දිය යුත්තේ සැසිවාරයට මිසක් ප්‍රති රැස්‌වීමට නොවන බව ඕනෑම කෙනෙකුට තේරෙන දෙයක්.
පාක්‍යසෝති, නිමල්කා එතැනදී කියා ඇත්තේ 30/1 යෝජනාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු බවත්, සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳ උපදේශක මණ්‌ඩලයේ මනෝරි මුත්තෙට්‌ටුවගම විසින් රණවිරුවා පාවාදෙමින් නිකුත් කළ වාර්තාවෙන් අඩංගු නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බවත්ය. විදේශීය මාධ්‍යකරුවනුත් සහභාගි වූ එම දේශෙද්‍රdaහී රැස්‌වීමට මුලසිටම මට සහභාගි වීමට ලැබුණා නම් ඔවුන්වත් නිසිතැන තැබීමට මට තිබුණා.
ප්‍ර - ඔබට චෝදනා ගොඩයි. අනෙක් චෝදනාව තමයි ඔබ මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එල්ල වී ඇති චෝදනා සත්‍ය දැයි විමර්ශනය කිරීමට එ.ජා. සංගමයේ විශේෂ නියෝජිතයෙක් පත්කරන ලෙස ඉල්ලා ඇති බවයි. එවැන්නෙක් නිකුත්කරන වාර්තාව ජාත්‍යන්තර ප්‍රජාව පිළිගන්නා බවත් එය අභියෝගයට ලක්‌කිරීමට රජයට නොහැකි බවත් ඒ නිසා එම ඉල්ලීම අතිභයානක බවත් චෝදනා කරනවා. ඔබ එහෙම දෙයක් කළාද?
සරත් වීරසේකර ඇතුළු කණ්‌ඩායම රටේ ආත්ම ගෞරවයට හෝ අභිමානයට හානි වන ඕනෑම දෙයකට දැඩිව විරුද්ධ වන පිරිසක්. විදේශීය විනිසුරුකරුවන් ගෙන ඒම, විදේශ රටවල් අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට ඉඩදීම යනාදිය තරයේ හෙළාදකින වීරසේකර ඔය චෝදනා කරන ආකාරයේ නිවට යෝජනාවක් කරයිද? ඉංගී්‍රසි නොතේරීම වරදක් නොවේ. නමුත් ඉංගී්‍රසියෙන් ලියා ඇතිදේ කාගෙන්වත් අසා හෝ වටහා නොගෙන මේ වගේ චෝදනා කිරීම විශාල වරදක් සේම මුග්ධ ක්‍රියාවක්.
අප විසින් ඉදිරිපත් කරන ලද ලේඛනයේ අඩංගු වන්නේ මානව හිමිකම් මහ කොමසාරිස් විසින් අපේ රණවිරුවන්ට එරෙහිව කරන ලද යුද අපරාධ සම්බන්ධ චෝදනා සියල්ල පදනම් විරහිත සාවද්‍ය ඒවා බව සනාථ කරන කරුණු. ඒ නිසා අප එ.ජා. මහ ලේකම්වරයාට මානව හිමිකම් කවුන්සලේ ශ්‍රී ලංකාව පිළිබඳව සිදුවන දේ ගැන දැනුවත් කරමින් ඉල්ලා සිටියේ මානව හිමිකම් මහ කොමසාරිස්‌වරයාගේ එම සාවද්‍ය ලේඛනය පිළිබඳව විමර්ශනය කිරීමට විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසටත් එතෙක් මෙම ජිනිවා යෝජනාව ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙසත්ය. ලංකාවේ රජය ලක් ජනතාව වෙනුවෙන් කළයුතු දේ තමයි මා විසින් කළේ. එයට දේශප්‍රෙAමී ජනතාව ගෙන් අපට දැනටමත් ප්‍රශංසාව හිමි වී අවසන්.
මෙම චෝදනාවේ හාස්‍ය ජනක පැත්ත වන්නේ සෙයිද් හුසේගේ කොටි හිතවාදීන්ගේ සාක්‌ෂි පදනම් කරගෙන නිකුත් කරන ලද එම යුද අපරාධ වාර්තාව අගය කරමින් පිළිගත් රජය මා විසින් විශේෂ නියෝජිතයකු පත්කරන ලෙසට කරන ලද යෝජනාවට මහත් සේ බිය වන බව ජනතාවට පෙන්වීමට බාල ප්‍රයත්නයක් දැරීමයි. නීෂා බිස්‌වාල්, සමන්තා පවර්, අතුල් කෙෂාප්, ජෝන්කෙරී, දෙමළ බෙදුම්වාදී ඩයස්‌පෝරාව යනාදීන් කියන කියන පදයට නැටූ මේ රජය එසේ විශේෂ නියෝජිතයෙක් බැරි වෙලාවත් ආවොත් රතු පලස්‌දා පිළිගන්නා බව අප දන්නවා. ඒ නිසා මේ චෝදනාව ජනතාව රැවටීමට දැරූ කුහක වෑයමක්.
[2017 අප්‍රේල් - 09 දිවයින]යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .