4/21/2017

මාක්ස්ගේ ඩෙරීඩාගේ මූණූ දාගෙන බැරුක් ඔබාමාගේ අසූචි හෝදන විචාරකයෝ

කතෘ:යුතුකම     4/21/2017   No comments


ඉසුරු ප‍්‍රසංග විසින් රචිත ”පේමතෝ ජායතී අසෝකෝ” නවකතාව සුරස ප‍්‍රකාශණයක් ලෙස දැන් නිකුත් වී තිිබේ. මීට පෙර තුරු හිසෙක තරු සැඟව, පරාග, නෙත් සර සෙඳස, යන කාව්‍ය සංග‍්‍රහයන් ති‍්‍රත්වය සහ ”බිදුණු වම් අත” නමින් ජවිපෙ මෑතකාලීන බිඳවැටීම අළලා දේශපාලන විචාර කෘතියක් පළකොට ඇති ඔහු ඊට අමතරව සාහිත්‍ය දේශපාලන ආදී විවිධ විෂයන් ඔස්සේ පුවත්පත් ලිපි රැසක් සම්පාදනය කළ ලේඛකයෙකි. පේමතෝ ජායතී අසෝකෝ ඔහුගේ පළමු නවකතාව වන අතර අපි ඒ පිළිබඳ මෙසේ සංවාදයක නිරත වුණෙමු.

මේ ඊනියා විචාරකයෝ වැඩි දෙනෙක් කරන්නේ මාක්ස්ගේ ඩෙරීඩාගේ මූණූ දාගෙන බැරුක් ඔබාමාගේ අසූචි හෝදන එකයි.
-ඉසුරු ප‍්‍රසංග


-පේමතෝ ජායතී අසෝකෝ ඔබේ පළමු නවකතාව. බැලූ බැල්මට පේ‍්‍රම කතාවක පෙනුම වගේම දේශපාලන පෙනුමකුත් මෙහි තිබෙනවා. ඔබට මේ ගැන කළ හැකි සරලම හැ`දින්වීම කුමක්ද?

මෙය හුදු පේ‍්‍රම කතාවක් නොවෙයි. විවිධාකාරයේ සමාජ ස්ථර, මිනිස් සම්බන්ධතා, මතවාද, දේශපාලන ප‍්‍රවණතා, උප සංස්කෘතීන්, ගණනාවකට අයත් දේවල් මේ කතාව තුළ පාඨකයාට හමුවෙනවා. මෙය ඒ සියල්ල ඔස්සේ දිවෙන සමාජ දේශපාලන අන්තර්ගතයක් සහිත කෘතියක් කිව්වොත් වඩා නිවැදියි.

-මේ පොත නිකුත් වූ සැණින් එහි නම ගැන පවා යම් යම් මත ගැටුම් ඇති වුණා. මෙවැනි නමක් යෙදීමෙන් ඔබ අපේක්ෂා කළේ කුමක්ද? දේශපාලන කතාවක අලංකාරය ස`දහා පේ‍්‍රමය යොදා ගත්තා යැයි මා කීවොත්...?
ඇත්තටම ස්තී‍්‍ර පුරුෂ පේ‍්‍රමය තරම් සාහිත්‍යට කලාවට විෂය වෙන, කවිකම් අවුළුවන, අතාර්කික හැගීම්වලින් ඉතාම සුන්දර විදිහට අපිව හෙම්බත් කරන, පපුව රිද්දන, තවත් දෙයක් නැති තරම්. ඒක පුදුමාකාර සෞන්දර්යයක්. ඒක මේ කෘතියට හුදු රසකාරකයක් විදිහට යොදාගත් දෙයක් නෙමෙයි. ඒක කෘතියේ අන්තර්ගතය එක්ක, සමාජ දේශපාලන කාරණා එක්ක, අපේ සැබෑ ජීවිත එක්ක ගළවන්න බැරි විදිහට බැදුණ දෙයක්. ඒකයි පේ‍්‍රමය නිසා අසෝකය උපදී කියන තේරුම ඇතුව මම මේ නම යෙදුවේ. සතුට තියන තැන තමයි දුකත් උපදින්නේ. ඒ නිසා ඒක බුදුවදනේ එන සර්වකාලීන සත්‍යයය එක්ක ගැටෙන දෙයක් හෝ බුදු වදන විකෘති කිරීමක් නොවෙයි.


-අපි මුලින්ම ඔබව හ`දුනාගත්තේ කවියෙක් ලෙස. ජාතිකවාදී අදහස් දැරූ සාහිත්‍ය දේශපාලන විචාරකයෙක් ලෙස. ඔබේ කවිකම සහ දේශපාලනය නවකතාවට කොහොම බලපෑමක් කරන්න ඇද්ද?


ඒ දෙකම නවකතාව තුළත් තිබෙනවා. කෙනෙකුගේ මතවාද අනිවාර්යෙන්ම සාහිත්‍යයට බලපානවා. ඒත් මෙය පෞද්ගලික මතවාදයක රළු ප‍්‍රකාශණයක් නොවෙයි. විවිධ මතවාද ඒ තුළ නිදහසේ ගැටීමට ඉඩ සලස්වා තිබෙනවා. කටුක දේශපාලනයට වඩා පුළුල්ව දළ රළු බෙදීම්වලින් තොරව දේවල් දිහා බලන්න අපිට සාහිත්‍ය තුළ නිදහසක් තිබෙනවා. එහෙම නොවුණොත් ඒක සාහිත්‍ය කෘතියක් විදිහට අසාර්ථක වෙන්න පුළුවන්.

-මේ කතාවේ කතා නායකයා වන රවි`දු සමාජ සම්මුතීන්, ඇගයීම්, ආකෘතීන් නොතකා අයාලේ යන සාංද්‍රෂ්ටිකවාදී මනසක් ඇති බොහීමියානු චරිතයක්. ප‍්‍රතිසංස්කෘතික වීම, සම්මුතීන්ට පහරගැසීම, දෘෂ්ටිවාද බි`දහෙලීම, වැනි දේවල් අද ඇතැම් විචාරකයන් ඉහළින් ඔසවා තබනවා. මේ චරිතය හරහා ඔබ උත්සාහ කළේ ඒ විචාරක ඉල්ලීම ඉටුකිරීමටද?

නැහැ. එය ඔය කියන විචාරක ඉල්ලීම ඉටුකිරීමක් නෙමෙයි. කිසි තැනක නොරැු`දී නොඇලී අයාලේ යන, ආකෘතිගත නොවන චරිතයක විචිත‍්‍ර අත්දැකීම් ඇසුරින් තමයි මේ කතාව ගොඩනැෙගන්නේ. ඒ අයාලේ යාම තුළ තමයි රවි`දු කියන චරිතයට පුළුල් පරාසයක දේවල් අත්වි`දින්න ඉඩහසර ලැබෙන්නේ. හැබැයි ඔහුගේ මේ ගුණය පරමත්වයට නැංවීමක් කතාව තුළ සිදුවී නැහැ. බොහීමියානු ජීවිතයේ විචිත‍්‍රත්වය වගේම එහි අර්බුද වේදනා ආදියත් ඔහු හොදින්ම අත් විදිනවා. ඒ අනුව තමයි ඔහු අවසානෙදී සම්මුතීන් කැඞීමේ වැදගත්කම වගේම, ආරක්ෂා කිරීමේ වැදගත්කමත් මොකක්ද කියන එක වටහා ගන්නේ. දෘෂ්ටිවාද ගැන කතා කළොත් සාහිත්‍යයෙන් දෘෂ්ටිවාද, සම්මුතීන් ප‍්‍රශ්න කෙරෙන බව ඇත්ත. දෘෂ්ටිවාදවල ගැටලූ තිබෙන බවත් ඇත්ත. ඒත් දෘෂ්ටිවාද කියන දේ හැමවිටම නරක නිශේධනීය අධිපතිවාදී දෙයක් ලෙස ගන්න බෑ. කථිකාමය වශයෙන් ගොඩනැංවුණු මිනිස් යහපැවැත්මට වැදගත් දේවල් කොච්චර තියනවද? කොටින්ම අපිට දෘෂ්ටිවාදවලින් තොර මිනිස් පැවැත්මක් ගැන හිතන්නවත් බෑ. දෘෂ්ටිවාදවලින් තොර ඊනියා වාස්තවික යථාර්ථවාදී මිනිහෙක් මේ තුන්ලෝකේ කොහේවත් නෑ. ඒ නිසා සාහිත්‍යකරුවාගේ එකම කාර්යයභාරය දෘෂ්ටිවාද බිදහෙලීම නෙමෙයි. ඔහු දෘෂ්ටිවාද බිදහෙලීම වගේම ගොඩනැගීම සහ ආරක්ෂා කිරීමත් සිදුකරනවා.

-නමුත් සාහිත්‍යකරුවාගේ කාර්යය භාරය වන්නේ අධිපති දෘෂ්ටිවාද බි`දහෙලීම කියන එක අද විචාරය තුළ ප‍්‍රබලව මතු වන්නක්. එය සාහිත්‍ය කලාවේ මහා කාර්යය ලෙස අර්ථ ගැන්වෙමින් තිබෙනවා. මේ ප‍්‍රවණතාව ගැන ඔබේ අදහස කුමක්ද?

ඔබ ඔය කියන අධිපති දෘෂ්ටිවාද විරෝධය ගත්තොත් ඒක තනිකරම තක්කඩි දේශපාලන ව්‍යාපෘතියක්. ජාතිකත්වය වැනසීම සදහා කුලීකාර උගතුන් විසින් සාහිත්‍ය යොදාගන්න එක අලූත් දෙයක් නොවෙයි. මෙයත් ඒ ව්‍යාපෘතියේම කොටසක් පමණයි. අධිපති දෘෂ්ටිවාද බි`දහෙලනවා කියන එක පොඩි විමුක්තිකාමී, ජනහිතකාමී පෙනුමක් තියන කතාවක්. ඊළගට ඒකට මාක්ස්ගේ, අල්තුසර්ගේ, ජිජැක්ගේ, කෑලි ටිකක් දාගත්තාම ඒකට ලොකු දාර්ශනික බරකුත් එනවා. මේ බොරු දාර්ශනික පිස්තෝලවලින් තමයි ඒ අය දේශපාලනේ හයක් හතරක් නොතේරෙන නොදරුවන්ව බය කරන්නේ. මේ සේරම සෙල්ලම් දාලා එයාලා මොකක්ද කරන්නේ? රටේ ඇත්ත ප‍්‍රශ්න සේරම පැත්තක තියෙද්දි මේ අය රටේ සංස්කෘතික පදනමට ගහනවා. ඉතිහාසයට ගහනවා. ජාතිකත්වයට ගහනවා. ඒවට ගහන ගමන් අනිත් පැත්තෙන් බටහිර අධිරාජ්‍යවාදය බොරු බිල්ලෙක් කියනවා. ජාතිවාදී බෙදුම්වාදය වෙනුවෙන් පෙනී ඉන්නවා. කොටි ත‍්‍රස්තවාදීන්ට කවි ලියනවා. ප‍්‍රභාකරන්ට ජාතිවාදියා කියන්න බැරි අය හාමුදුරුවරුන්ට ජාතිවාදී කියනවා. කුප‍්‍රකට බහුජාතික සමාගම් විතරක් නෙමෙයි බටහිර මිල්ටරි ආක‍්‍රමණ වෙනුවෙන් පවා මේ පිරිස පෙනී ඉන්නවා. නෑ කියනවා නම් අපි උදාහරණ පෙන්වන්නම්. ඒ සේරම කරන්නේ හක්ක පනින බොරු දාර්ශනික කෑලි ඉස්සරහට දාගෙන. එතකොට මේ අය කාගේ හොරණෑවද මේ පිඹින්නේ? අධිරාජ්‍යවාදය බිල්ලෙක් කියන එක කාගේ අවශ්‍යතාවයද? අරාබි වසන්ත ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මහා ජයග‍්‍රහණ විදිහට අර්ථදක්වන එක කාගේ මතවාදයද? කොටි ත‍්‍රස්තවාදය පරද්දන්න ඕන නෑ කියන එක කාගේ මතවාදයක්ද? ඒවා අධිපති දෘෂ්ටිවාද නෙමෙයිද? ඒක තමයි මේ ලෝකෙටම කොඩිවිනයක් වෙලා තියන ලොකුම අධිපති මතවාදය. බටහිර යටත්විජිතවාදය. ඒ අධිපති මතවාදය වෙනුවෙන් තමයි මේ බොරු අධිපති දෘෂ්ටිවාද විරෝධියෝ රංචුවම පෙනී ඉන්නේ. ඒක තමයි මනුෂ්‍යත්වයට එරෙහිව කරන්න පුළුවන් ලොකුම අපරාධය. ඒත් දැන හෝ නොදැන එතැන අපේ සාහිත්‍යකාරයෝ, විචාරකයෝ හුග දෙනෙක් එතන හිටගෙන ඉන්නවා. මේ අය කරන්නේ මාක්ස්ගේ ඩෙරීඩාගේ වෙස් මූණූ දාගෙන බැරුක් ඔබාමාගේ අසූචි හෝදන එකයි. ඒක මම ඔවුන් ගැන වෛරයෙන් කරන ප‍්‍රකාශයක් නොවෙයි. තමන්ගේ භූමිකාව දිහා ආපහු පාරක් විවෘත මනසින් හැරිලා බලන්න කියන ඉල්ලීමත් එක්ක ගොනු කරන සහෝදරාත්මක දේශපාලන විවේචනයක්.

-ඔබ හිතන ආකාරයට මෙහෙම තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙන්නේ කොහොමද? සාහිත්‍යකාරයෝ කියන්නේ මේක තේරුම් ගන්න බැරි පිරිසක් කියන එක අන්තවාදී විවේචනයක් නෙමෙයිද?

ඒක පැහැදිලිවම සංවිධානාත්මක මෙහෙයුමක්. සාමාන්‍ය සමාජය තුළ මේ බොරු විකල්ප මතධාරීන්ට එතරම් බලයක් නැතත්, ඔවුන් යම් යම් අයථා ක‍්‍රම හරහා සාහිත්‍ය කලා ලෝකේ ඇතුළේ කිසියම් බලයක් ගොඩනගාගෙන තිබෙනවා. ඔවුන්ගේ මතවාදවලට විරුද්ධ අය ක්ෂේත‍්‍රයේ හිටියත් ප‍්‍රසිද්ධියේ ඒ විරෝධය ප‍්‍රකාශ කරන අය ඉතාම අඩුයි. ඒ නිසා පොඩි කල්ලියකට පාළු ගෙවල්වල වළං බි`දින්න පුළුවන් වෙලා තියනවා. එතකොට මේ සංවිධානාත්මක බලය එක්ක අලූතින් ලියන්න කියවන්න යොමුවෙන වැඩි දෙනෙක් ඉබේම ඒකට අවනත වෙනවා. ඒ මතවාද අනුව හිතන්න කතා කරන්න පටන් ගන්නවා. ප‍්‍රශ්න තිබුණත් ඒවා එළිපිට කියන්න බය වෙනවා. මොකද සාහිත්‍ය ලෝකෙ ඉක්මනට වීරයෙක් වෙන්න නම් මේ කල්ලියට ඕන විදිහට හැසිරෙන්න ඕන. කවිපොතක් ලිව්වොත් කොටි කවි දෙක තුනක් දාන්න ඕන. නවකතාවක් ලිව්වොත් ඉතිහාසයට ගහන්න ඕන. තාත්තා දුව එක්ක නිදාගන්න ජාතියේ අසම්මත ලිංගික කෑල්ලක් දෙකක් දාන්න ඕන. එතකොට තමයි මෙන්න මාර සාහිත්‍ය කියලා මේවට හැම පැත්තෙන්ම අනුග‍්‍රහය හම්බ වෙන්නේ. මේක ඒ වගේ හු`ගක් කාරණා එක්ක ගොඩනැෙ`ගන තත්ත්වයක්. ඒත් සිහිබුද්ධියෙන් කටයුතු කළොත් අපට ඉතා පහසුවෙන් මේ ප‍්‍රවණතාව පරාජය කරන්න පුළුවන්.

-රටේ ඉතිහාසය, සංස්කෘතිය පිළිබ`ද විවේචනාත්මක ආකල්ප දැරීමේ වරද කුමක්දැයි මා ඇසුවොත්...?
ඕනම සංස්කෘතියක ප‍්‍රශ්න ගැටලූ තියෙන්න පුළුවන්. ඒ ගැන විචාරයක් තිබීමේ වරදක් නෑ. නමුත් මේ අයට තියෙන්නේ විචාරයක් නෙමේ බුර බුරා ඇවිලෙන සංස්කෘතික වෛරයක්. සංස්කෘතික වෛරය කියන එක කිසිම ආකාරයකින් මේ රටට කිසිදු යහපතක් සිදුකළ හැකි දේශපාලන ප‍්‍රවණතාවක් නොවෙයි. එය බාලයන් නොම`ග යවන යටත්විජිතවාදයේ දෘෂ්ටිවාදී මරඋගුලක් පමණයි.

-ඔබ මේ කෘතිය හරහා මෙරට වාම දේශපාලනය දෙසත් විවේචනාත්මකව බලනවා. නමුත් ඔබත් කලක් ඒ දේශපාලනය තුළ කි‍්‍රයාකාරීව සිටි අයෙක්. අද මේ රටේ වම සහ විකල්ප දේශපාලනය පිළිබ`ද ඔබේ ස්ථාවරය කුමක්ද?

බි`දුණු වම් අත කෘතියේ ඔය කාරණය දීර්ඝව සාකච්ඡුා කොට තිබෙනවා. ඊට අමතරව වම ගැන මා ලිපි ගණනාවක් ලියා තිබෙනවා. ඒ ඔස්සේ මේ රටේ වමේ දේශපාලනය ගැන සිදුකළ කිසිදු පුරෝකථනයක් වැරදී නැහැ. ඉතාම සැකෙවින් කිවතොත් අවංක වාමාංශිකයන්ගේ හිත්වල තිබෙන සත් චේනතා යථාවක් කරගන්න නම් අපට වාමාංශික පරමාදර්ශ, දාර්ශනික සම්මුතීන් වැළ`දගන්න වගේම නිර්ලෝභීව අත්හරින්නත් සිද්ධ වෙනවා. එහෙම නැතුව තවත් එක් සම්ප‍්‍රදායික වමේ පක්ෂයකට කවදාවත් ලංකාව වෙනස් කරන්න බෑ. ඒක ඒකාන්තයි. වැදගත්ම දේ තමයි ජාතිකත්වය මත පදනම් වීම කියන කාරණය. අපි කැමති වුණත් අකමැති වුණත් රටේ දේශපාලනයේ ප‍්‍රධාන ප‍්‍රතිවිරෝධය තිබෙන්නේ ජාතිකත්වය සහ විජාතිකත්වය අතර. ඒක හරියට තේරුම් අරන් ඒකට සාපේක්ෂව හිටගන්න බැරි ඕනෑම වමේ පක්ෂයක් එන්ජී ඕ කල්ලියක් දක්වා පිරිහෙන එක කාටවත් වළක්වන්න බෑ. ජාතිකත්වයෙන් බැහැර වෙලා මොන තරම් කැපකිරීම් කළත්, මොන තරම් බොරු දාර්ශනික හැදෑරීම් කළත්, කවදාවත් ජයග‍්‍රහණ ලබන්න බෑ. ප‍්‍රශ්නෙ තියෙන්නේ ඒ නිවැරදි දැක්ම සහිත එකදු සමාජ ව්‍යාපාරයක්වත් අද මේ රටේ නැති එකයි.

-ඒත් බැලූ බැල්මට මේ කෘතියේ පිටකවරයේ පවා තිබෙන්නේ වාමාංශික පෙනුමක්. කෘතිය අවසානයේ කථකයා ආපහු සමාජවාදයක් ගැන කතා කරනවා. එතකොට ඒක බොරු සැරසිල්ලක් විතරද?

නැහැ. එය බොරු සැරසිල්ලක් නෙමෙයි. මම හිතන හැටියට ඔබේ ප‍්‍රශ්නයට පිළිතුර කෘතිය ඇතුළෙම තිබෙනවා. කෘතිය අවසානයේ කථකයාගේ මුවින් පිටවෙන්නේ අලූත් අර්ථ ගැන්වීම් සහිත අලූත් කතාවක් මිසක් මාක්ස්වාදය දාර්ශනික උගුලක් බවට පත් කරගත් සුපුරුදු යල් පැන ගිය කතාවම නෙමෙයි. මේ රට ගොඩනැ`ගිය හැකි අනාගත සමාජ ව්‍යාපාරයක හැඩරුව මොනවගේ විය යුතුද කියන කාරණයත් මේ නවකතාව තුළම සාකච්ඡුාවට ලක්වෙනවා.

සංවාදය - රත්තනදෙණියේ මේධානන්ද හිමි
දිවයින වටමඩල - 2017 අපේ‍්‍රල් 21

යුතුකම සංවාද කවය

www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions