4/07/2017

මානව හිමිකම් දඬුඅඬුව : බුරුල් කළාද? තද කළාද?

කතෘ:යුතුකම     4/07/2017   No comments

දෙවන ලෝක යුද්ධයෙන් පසුව අධිරාජ්‍යවාදීන්ගේ භූ දේශපාලන උවමනාවන්ට අනුව ලෝක සිතියම නැවත සලකුණු කිරීමේ උපාය මාර්ගය තුළ රටවල් බෙදා වෙන්a කිරීමේ රාජ්‍ය තාන්ත්‍රිත මෙහෙයුම්වලට ප්‍රධාන ස්‌ථානයක්‌ හිමි වූ බව රහසක්‌ නොවේ. එහිදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය යොදා ගනිමින් කරනු ලැබූ මැදිහත්වීම් සාධාරණීකරණය කිරීම සඳහා ආයුධ සන්නද්ධ මැදිහත්වීම් ද යොදා ගැනිණි. ඒ සඳහා බොහෝ විට ඔත්තු සේවා හරහා පුහුණුකොට ආයුධ සන්නද්ධ කළ කුලී හේවා බල ඇණි එම රටවල ජන කොටස්‌ අතරින්ම සොයා ගැනිණි. එසේ සන්නද්ධ කළ හැකි කුලී හේවා බල ඇණි ලවා බෙදුම්වාදී ගැටුම් නිර්මාණය කිරිම සඳහා යොදාගත් ප්‍රධානතම සටන් පාඨය වූයේ 'zෆෙඩරල්කරණ'' ඉල්ලීමයි.

එසේ ලෝකය පුරා ෆෙඩරල්කරණ රැල්ලක්‌ ඇති කිරීම සඳහා 1950 දශකයේ ආරම්භයට පෙර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මැදිහත්වීම මත ෆෙඩරල් මතවාද ප්‍රචලිත කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්‌ දියත් විය. ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්‌ හරහා ඊට අදාළ දේශපාලන නායකයින් පෙළඹවීම සඳහා එම ''ෆෙඩරල් ව්‍යාපෘතිය'' සුවිශේෂී වැඩකොටසක්‌ ඉටු කරනු ලැබීය. ශ්‍රී ලංකාවේ ''ෆෙඩරල් ව්‍යාපෘතියේ'' පියා ලෙස සැලකෙන චෙල්වනායගම් මහතා මැලේසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ එම ගෝලීය ෆෙඩරල් ව්‍යාපෘතියේ ආරම්භක අවධියේදීමය. මේ වන විට ලෝකයේ රටවල් 26 ක්‌ බෙදා වෙන් කොට ඇති අතර එසේ බෙදා වෙන් කෙරුණු සෑම රටකටම මුල් වටයේදී වෙනම රාජ්‍යයකට ආසන්න බලතල ලබාදෙනු ලැබූයේ ෆෙඩරල් රාජ්‍ය පාලන මූලධර්මය මතය. නමුත් පැපුවා නිව්ගිනියාවෙන් බටහිර පැපුවා නමින් වෙනම රටක්‌ කඩා වෙන්කොට එම කොටස ඉන්දුනීසියාවට පවරා දීමේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ඉතාමත් අත්තනෝමතික ආකාරයට ක්‍රියා කළේය. එසේ පැපුවා නිව්ගිනියාව බෙදා වෙන් කිරීමේදී එක්‌සත් ජාතීන්ගේ සංවිධානය දේශසීමා සලකුණු කරනු ලැබුයේ සිතියම මත අඩිරූලක්‌ තබා ඉරක්‌ ගැසීමෙනි. ලෝක සිතියම පරීක්‍ෂා කිරීමෙන් ඒ බව වටහාගත හැක.

ඇමෙරිකාවේ දැඩි මැදිහත්වීම මත සම්පත් පිරි බටහිර පැපුවා නම් වූ රට ඉන්දුනීසියාවට පවරන්නේ නැ`ගී එන චීනයට එරෙහිව පලිහක්‌ ලෙස භාවිතා කිරීම සඳහාය. කෙසේ වෙතත් එහිදී බටහිර පැපුවාවේ නොදියුණු ගෝත්‍රික ජනතාව හරහා බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරයක්‌ ආරම්භ කිරීමේ අවශ්‍යතාවක්‌ නොවීය. නමුත් ජාත්‍යන්තර මැදිහත්වීම මත ෆෙඩරල් රාජ්‍ය බිහි කිරීම සඳහා සෙසු සෑම රටකම පාහේ සන්නද්ධ ව්‍යාපාර යොදා ගැනිණි. බෙදා වෙන් කිරීම සඳහා අවසාන වශයෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය මැදිහත්වීමට පෙර එම සන්නද්ධ ව්‍යාපාර දඩමිමා කරගනිමින් සාම සාකච්ඡා සහ සටන්විරාම ක්‍රියාවලි හරහා අතරමැදි මැදිහත්වීම් සඳහා විවිධ බටහිර රටවල් යොදාගනු ලැබීය. සුඩානය බෙදා වෙන් කිරීමේදී සටන්විරාම ක්‍රියාවලිය හරහා වෙනම රාජ්‍යයකට ආසන්න බලතල සහිත පාලන ව්‍යqහයක්‌ ජාත්‍යන්තර ගිවිසුමක්‌ හරහා නිර්මාණය කිරීමට මැදිහත් වූයේ නෝර්වේ රාජ්‍යයයි.

ශ්‍රී ලංකාවේදී ඒ සඳහා අවස්‌ථා දෙකකදී රටවල් දෙකක්‌ මැදිහත් විය. පළමුව බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය මැඩලීමේ නාමයෙන් ඉන්දියාව මැදිහත් වී ව්‍යවස්‌ථානුකූලව ෆෙඩරල් රාජ්‍යයක්‌ නිර්මාණය කළේය. ඉන්පසුව නෝර්වේ රාජ්‍යය මැදිහත් වී සුඩානයේදී ව්‍යවස්‌ථාවට පිටින් සිදු කළ ආකාරයට ජාත්‍යන්තර ගිවිසුමක්‌ හරහා තාවකාලික ආණ්‌ඩුවක්‌ පිහිටුවා එමගින් ඉන්දියාව විසින් ව්‍යවස්‌ථානුකූලව නිර්මාණය කළ ෆෙඩරල් රාජ්‍යය තවදුරටත් සක්‍රිය කිරීමට දැඩි උත්සාහයක්‌ ගනු ලැබීය. ඒ සෑම අවස්‌ථාවකදීම එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හරහා විවිධ වක්‍ර මැදිහ්වීම් සිදු කළ ද Rජු මැදිහත්වීමක්‌ සිදු වූයේ නැත. ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමේ උපායමාර්ගය තුළ එක්‌සත් ජාතීන්ගේ සංවිධානය Rජුව මැදිහත් වන්නේ ශ්‍රී ලංකාවේ රජය විසින් බෙදුම්වාදී සන්නද්ධ ව්‍යාපාරය යුදමය වශයෙන් සම්පූර්ණයෙන්ම පරාජය කොට දින 3 ක්‌ ඉක්‌ම යාමටත් පෙරය. ආයුධ සන්නද්ධ කුලී හමුදාවේ පරාජයත් සම`ග එක්‌සත් ජාතීන්ගේ රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමට පාර කැපීම සඳහා යොදාගන්නේ පරාජය වූ ආයුධ සන්නද්ධ ව්‍යාපාරයේ දේශපාලන පෙරමුණයි. එතැන් සිට ගෙවී ගිය වසර 7 ක කාලය තුළ ආයුධ වෙනුවට මානව හිමිකම් ආලේප කළ රාජ්‍යතාන්ත්‍රික ද`ඩුඅ`ඩුව යොදා ගනිමින් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය විසින් කරනු ලැබූ මැදිහත් වීම අද වන විට එහි උච්චතම අවස්‌ථාවට ළ`ගා වී ඇත. මහින්ද රාජපක්‍ෂ පාලන යුගයේදී ඊට එරෙහිව පැවැති බාධක සියල්ල ඔහුගේ පරාජය සම`ග සම්පූර්ණයෙන්ම ඉවත් විය.

යහපාලන ආණ්‌ඩුව බලයට ගෙන ඒමෙන් පසුව මානව හිමිකම් කවුන්සිලය හරහා දියත් වූ එක්‌සත් ජාතීන්ගේ මැදිහත්වීම කිසිදු බාධාවකින් තොරව ගමන් කළ හැකි ආකාරයට තැනිතලා මාර්ගයකට අවතිර්ණ විය. ඒ අනුව මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් 2014දී කැඳවූ ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ වාර්තාව සහ ඒ මත පදනම් වූ 2015 30/1 යෝජනාව ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා අගය කිරීමෙන් යුතුව අනුමත කළේය. ඔහු එසේ අගය කිරීමෙන් යුතුව අනුමත කළේ ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා වලට එරෙහිව ද්වේෂ සහගත ලෙස සහ බෙදුම්වාදී බලවේගවලට පක්‍ෂපාතී ලෙස එල්ල කළ යුද අපරාධ චෝදනා මාලාවකි.

එහිදී අමාත්‍ය මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදාවලට එරෙහිව ජාත්‍යන්තර මැදිහත්වීම සහිත දෙමුqහුන් යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට සහ අතුරුදහන් වූවන් පිළිබඳ සොයා බැලීමේ අර්ධ අධිකරණ කොමිසමක්‌ මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීමට එක`ග විය. ඒ හරහා සාක්‌ෂි ආඥා පනතට යටත් නොවන ආකාරයට ව්‍යාජ සාක්‌ෂිකරුවන් විසින් ඉදිරිපත් කරන යුද අපරාධ චෝදනා මත ආරක්‍ෂක හමුදා සාමාජිකයින් චූදිතයින් බවට පත්කිරීම මගින් ඔවුන් ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණ බලයට ගොදුරු කෙරේ. ඊට අමතරව එවැනි සාක්‌ෂිකරුවන් නොමැති අභූත චෝදනා මත පරිපාලන වශයෙන් ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ට ද`ඩුවම් කිරීමට ද විදේශ අමාත්‍යවරයා එක`ග විය. රටේ ජනතාවගේ බුද්ධිය පරික්‍ෂා කිරීම සඳහා දැන් ඔහු කියා සිටින්නේ ඔහු විසින් අනුමත කළ යෝජනාවේ දෙමුහුන් අධිකරණයක්‌ පිළිබඳව සඳහන් නොවන බවය. නමුත් 30/1 යෝජනාවේ ක්‍රියාකාරී වගන්ති මාලාවේ අංක 04, 06 සහ 08 යන වගන්ති කියවිය හැකි සාමාන්‍ය ඉංගී්‍රසි දන්නා ඕනෑම පුරවැසියකුට විදේශ අමාත්‍යවරයා එම තනතුරට සුදුසුද නැද්ද යන්න තේරුම්ගත හැක. කෙසේ වෙතත් විදේශ අමාත්‍යාංශය විසින් එම වගන්ති සිංහල භාෂාවට පෙරළීමේදී හිතාමතා එම වගන්තිවල සැබෑ අර්ථය වෙනස්‌ කිරීමට උත්සාහ කළ බවට 'ද අයිලන්ඩ්' පුවත්පත විසින් චෝදනා එල්ල කරනු ලැබීය.

විදේශ අමාත්‍යවරයා විසින් 2017 පෙබරවාරි 28 දින ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුවේ 34 වැනි සැසියේදී සිදු කළ කතාව මගින් 30 වැනි සැසියේදී එක`ග වූ 30/1, යෝජනාව ඉක්‌මවා යන බරපතළ අමතර යෝජනා ප්‍රමාණයකට ද එක`ග වේ. ඔහු විසින් එක`ග වන අමතර කොන්දේසි මෙවර සමුළුවට මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව තුළ නව නිර්දේශ ලෙස ඇතුළත් කොට ඇත.

ඒ නව එක`ගතාවයන් අනුව ඉදිරි වසර දෙක තුළ ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකාව බැඳී සිටින කොන්දේසි උපායමාර්ගික වැදහත්කම අනුව කරුණු 8ක්‌ යටතේ ඉදිරිපත් කළ හැක. ශ්‍රී ලංකා රජයට ''කාලය ලබාදීම'' පිළිබඳව ව්‍යාජ ලෙස විවිධ පෙරමුණුවල සිට විරෝධය පළකරන ටී. එන්. ඒ. පක්‍ෂයේ විවිධ කණ්‌ඩායම් පෙන්වීමට උත්සාහ කරන්නේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා රජයට සහන සලසන බවය. නමුත් සමස්‌තය සලකා බැලීමේදී ඉතා පැහැදිලිව පෙනී යන්නේ මානව හිමිකම් කවුන්සිලය ප්‍රමුඛ බටහිර බලවේග ශ්‍රී ලංකා රජයේ අත කරකැවීම සඳහා යොදාගත් ද`ඩු අ`ඩුව ක්‍රම ක්‍රමයෙන් තද කරන බවය. ඉතා පැහැදිලිව පෙනෙන ආකාරයට එසේ කාලය ලබාදෙන්නේ දෙමුහුන් යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමේ කොන්දේසියට පමණි. නමුත් ඒ සඳහා නීතිය සකස්‌ කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්‌වරයා තම වාර්තාවේ සඳහන් කරයි. ඒ අනුව ජනාධිපතිවරයා කොන්ද කෙලින් තියාගෙන කරන්නට උත්සාහ කරන්නේ එම කොන්දේසිය අහෝසි කිරීම නොව කල් දමා ගැනීම බව පැහැදිලිව පෙනේ.

ඉදිරි වසර දෙක තුළ ශ්‍රී ලංකා ආණ්‌ඩුවේ අත කරකවා ඉටුකරවා ගැනීම සඳහා විදේශ අමාත්‍යවරයා සහ මානව හිමිකම් කොමසාරිස්‌වරයා එක`ග වී ඇති අට වැදෑරුම් කොන්දේසි මෙසේ හඳුනාගත හැක. පළමුවැන්න, අතුරුදහන්වීම් වැළැක්‌වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ඇතුළු කිරීමය. ඒ සඳහා වන නව පනත් කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇත. නමුත් එම පනත සම්මත කළ පසුව අතුරුදහන් වූවන්ගේ කාර්යාල පනත සම`ග ඒකාබද්ධව ක්‍රියාත්මක වීමේදී ඇතිවිය හැකි භයානක තත්වය පාර්ලිමේන්තුවට ස`ගවා ඇත. එම නව පනත සම`ග බලාත්මක කිරීමට යෝජිත ජාත්‍යන්තර ප්‍රඥප්තියේ පිටපත් ඉංග්‍රීසි හෝ සිංහල හෝ දෙමළ මාධ්‍යවලින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට නැත. එම නව පනත් කෙටුම්පත අතීතයට බලනොපාන බවක්‌ සඳහන් වුවද එසේ වන්නේ අතුරුදහන් වූ පුද්ගලයින්ට අදාළව පමණි. නමුත් අතුරුදහන් වූවන්ගේ කාර්යාලය නමින් පිහිටුවන ලබන අර්ධ අධිකරණ කොමිසමේ කටයුතුවලට බලපෑම් කිරීමට ජාත්‍යන්තර ප්‍රඥප්තිය මගින් පිහිටුවනු ලබන ජාත්‍යන්තර කමිටුවට සහ සාමාජික රටවලට බලය ලැබේ. එම නව පනත මගින් සාක්‌ෂි ආඥා පනතට පටහැනිව ඉදිරිපත් කරන ව්‍යාජ සාක්‌ෂි මත වැරදිකරුවකු බවට නම් කෙරෙන සෑම හමුදා නිලධාරියකුම ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කෙරේ.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා අවධාරණය කරන දෙවන කොන්දේසිය වන්නේ චෝදනා එල්ල වන හමුදා නිලධාරීන්ට අධිකරණ ක්‍රියාදාමයන්ගෙන් පරිබාහිරව පරිපාලන වශයෙන් ද`ඩුවම් කිරීම සඳහා විධිමත් ක්‍රියා පටිපාටියක්‌ සකස්‌ කිරීමය. ඒ මගින් 2015, 30(1) යෝජනාවලියේ 8 වැනි කොන්දේසිය තවදුරටත් බලාත්මක කෙරේ. ඒ හා බැඳුණුq තුන්වන කොන්දේසිය වන්නේ ආරක්‍ෂා හමුදා ක්‍රියාකාරීත්වය සිවිල් කමිටුවක අධීක්‍ෂණය යටතට පත් කිරීමයි. ඒ මගින් ඔත්තු සේවා ක්‍රියාකාරීත්වය, බඳවා ගැනීම් සහ මිලදී ගැනීම් ආදී රහස්‍ය හමුදා ක්‍රියාකාරකම් සිවිල් පරිපාලනය නමින් රාජ්‍ය නොවන සංවිධානවල අධීක්‍ෂණයට යටත් කිරීමට යෝජනා කෙරේ.

හතරවැනි කොන්දේසිය වන්නේ 2015 30/1 යෝජනාවලියේ 6 වැනි වගන්තිය අනුව දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීම සඳහා නව නීතියක්‌ සම්මත කළයුතු බවය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක්‌ අනුව ද පවතින නීතිය යටතේ දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවිය නොහැක. ඒ සඳහා ජනමතවිචාරණයක්‌ අවශ්‍ය වන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ අවශ්‍ය බව ඔහුගේ මතයයි. ඒ අනුව ඒ සඳහා කල් ලබාදීම අරුමයක්‌ නොවේ. නමුත් ඒ සමගම දේශීය නීතිය යටතේ දේශීය අධිකරණ පද්ධතිය මගින් යුද අපරාධ සඳහා අණදීමේ වගකීමට අදාළව ද`ඩුවම් කිරීම සඳහා නව නීති පැනවිය යුතු බවට නිර්දේශ කොට ඇත. ඉහත සඳහන් කළ අතුරුදහන්වීම් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත යටතේ එසේ අණදීමේ වගකීම සොයා ද`ඩුවම් කිරීමට ඉඩ සැලසේ.

පස්‌වැනි කොන්දේසිය වන්නේ සත්‍ය සෙවීමේ නාමයෙන් කොමිසමක්‌ පිහිටුවීමයි. ඒ සඳහා නව නීතියක්‌ පැනවිය යුතු බව සඳහන් වන අතර ඊනියා සංහිඳියා කාර්ය සාධක බල ඇණියේ නිර්දේශ අනුව එය සිදු කළ යුතු බවට ද බල කෙරේ. එම කාර්ය සාධක බල ඇණිsය හරහා 2015.30.01 යෝජනාවලියේ සඳහන් සත්‍ය සෙවීම, වගවීම, පිළිසකර කිරීම සහ ගැටුම් නැවත ඇතිවීම වැළැක්‌වීම නාමයෙන් ඉදිරිපත් කෙරෙන බලය බෙදීමේ යෝජනා ක්‍රියාත්මක කිරීම යන කරුණු 4 පිළිබඳවම අධීක්‍ෂණය කිරීමට යෝජනා කෙරේ. ඒ හරහා ජාත්‍යන්තර ආයතන සහ රාජ්‍ය නොවන සංවිධානවලට ද එම ක්‍රියාවලියට මැදිහත්වීමට ඉඩ සැලසේ. ඒ සඳහා ජාත්‍යන්තර ගිවිසුමක්‌ අත්සන් කිරීමට වැඩි ඉඩක්‌ ඇත. ඒ අනුව Rජු ජාත්‍යන්තර මැදිහත්වීමක්‌ සඳහා අවශ්‍ය ඉඩකඩ සංහිඳියා කාර්යයසාධක බල ඇනිය හරහා ලබාගනු ඇත.

හයවැනි කොන්දේසිය වන්නේ ව්‍යවස්‌ථාව ඇතුළු නීති පද්ධතිය තුළ සිදුකළ යුතු ප්‍රතිසංස්‌කරණයි. එහිදී ආණ්‌ඩුව විසින් දියත්කොට ඇති ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය අගය කරන අතර ත්‍රස්‌තවාදය වැළැක්‌වීමේ පනත අහෝසි කිරීමට යෝජනා කෙරේ. ඒ මගින් එම පනත යටතේ චෝදනා ලැබ සිටින සහ ද`ඩුවම් ලැබූ හිටපු කොටි ත්‍රස්‌තවාදීන් නිදහස්‌ කිරීමට යෝජනා කොට ඇත. ව්‍යවස්‌ථා සම්පාදක සභාවේ මෙහෙයුම් කමිටුව විසින් එම සභාවට අතුරු වාර්තාවක්‌ ඉදිරිපත් කොට ඇති බවට මානව හිමිකම් කොමසාරිස්‌වරයා තම වාර්තාව හරහා ව්‍යාජ සටහනක්‌ද යොදා ඇත. ව්‍යවස්‌ථා සම්පාදන ක්‍රියාවලිය කඩිනමින් ඉදිරියට ගෙනයාම සඳහා ඔහු තුළ වන උවමනාව ඒ තුළින් පැහැදිළි වේ.

හත්වැනි කොන්දේසිය වන්නේ එක්‌සත් ජාතීන්ගේ ඊනියා මානව හිමිකම් න්‍යාය පත්‍රය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා දින වකවානු සහිත මාර්ග සිතියමක්‌ සකස්‌ කිරීම සහ එය අධීක්‍ෂණ්‍ය කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස්‌ගේ ශාඛා කාර්යාලයක්‌ පිහිටුවීමයි. එම ඉල්ලීම ටී.එන්.ඒ. මන්ත්‍රී සුමන්තිරන් මහතා විසින් දැඩි ලෙස අවධාරණය කොට ඇත. ඊට අමතරව දැනට ශ්‍රී ලංකාව විසින් ලබාදී ඇති විවෘත ආරාධනාව අනුව අදාළ එක්‌සත් ජාතීන්ගේ විශේෂ බලයලත් නිලධාරීන් ද එම අධීක්‍ෂණ ක්‍රියාවලියට සහභාගි කර ගත යුතු බවට ද කොන්දේසි පනවා ඇත. මෙම යාන්ත්‍රණය මගින් නිශ්චිත සැලසුමක්‌ සහ කාල රාමුවක්‌ යටතේ ශ්‍රී ලංකාවේ අත කරකවමින් ඉදිරියට ඇදගෙන යාමට ඔවුන් සැලසුම් කරන බව පැහැදිලිව පෙනේ.

මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් 8 වැනි කොන්දේසිය ඉදිරිපත් කරන්නේ සාමාජික රටවලටමය. ඒ මගින් ඔහු නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකාවේදී යුද අපරාධ චෝදනාවට ලක්‌වන හමුදා නිලධාරීන්ට සාමාර්ක රටවලදී නඩු පවරන ලෙසය. මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට ඇති අතුරුදහන්වීම් වැළැක්‌වීමේ ජාත්‍යන්තර ප්‍රඥප්ති පනත සම්මත වුවහොත් ඒ සඳහා ප්‍රබල යාන්ත්‍රණයක්‌ සකස්‌ වේ.

ඒ සියල්ල අනුව 2015, 30/1 යෝජනාවේ අඩංගු සියලූ කොන්දේසිවලට අමතරව නව කොන්දේසි ප්‍රමාණයක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති බව දැන් ඉතා පැහැදිලිව පෙනේ. එසේම ඒවා ක්‍රියාත්මක කිරීම, අධීක්‍ෂණය කිරීම සඳහා ද යාන්ත්‍රණ නිර්දේශ කොට ඇත. ඒ සමස්‌ත ''පැකේජය'' තුළ ඉතා වැදගත් නව ප්‍රවේශයන් දෙකක්‌ දැක ගත හැක. පළමු වැන්න නිශ්චිත කාලරාමුමවක්‌ තුළ දින වකවානු සහිතව අදාළ කොන්දේසි ක්‍රියාත්මක වන බව සහතික කිරීම සඳහා අධීක්‍ෂණ යාන්ත්‍රණයක්‌ නිර්දේශ කිරීමයි. දෙවැන්න ශ්‍රී ලංකාවේ අගමැතිවරයා විසින් ඉතා ඉහළින් පිලිගෙන ඇති ඊනියා සංහිඳියා කාර්ය සාදක බල ඇනියේ වාර්තාව ක්‍රියාත්මක කළ යුතු බවට මානව හිමිකම් කොමසාරිස්‌වරයා විසින් නිර්දේශ කිරීමයි. එම වාර්තාව මගින් ආරක්‍ෂක හමුදාවලට එරෙහිව ගතයුතු පියවර රාශියක්‌ නිර්දේශ කොට ඇත. ඒ සියල්ල මගින් ශ්‍රී ලංකාවේ ගෙල සිරකිරිම සඳහා යොදාගත් ද`ඩුඅ`ඩුව කාලය ලබාදීමේ මුවාවෙන් තවදුරටත් තද කොට ඇති බව පිළිගැනීමට අපට සිදුවේ. ඒ ද`ඩුඅ`ඩුව බුරුල් වන්නේ ඉතා නුදුරු දිනකදී 2015, 30/1 යෝජනාවේ සඳහන් පරිදි 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සඳහා 20 වැනි සංශෝධනය සම්මත කිරීමෙන් පමණි. ඒ බව ආණ්‌ඩුව මෙන්ම ටී. එන්. ඒ පක්‍ෂය ද ඉතා හොඳින් දන්නා බවට කිසිදු සැකයක්‌ නැත. කාලය දික්‌ කිරීම පිළිබඳ ව්‍යාජ ඝෝෂා වැදගත් වන්නේ ඒ දිනය ළගාවන තෙක්‌ පමණි.

වෛද්‍ය - කේ.එම්. වසන්ත බණ්‌ඩාර

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions