3/23/2017

දෙමුහුන් යුද අධිකරණ විරෝධය ඇත්ත සහ බොරුව

කතෘ:යුතුකම     3/23/2017   No comments

-වෛද්‍ය කේ.එම්. වසන්ත බණ්‌ඩාර-

ජනාධිපතිතුමා විසින් සිදුකළ ප්‍රසිද්ධ ප්‍රකාශයකට අනුව එතුමා විදේශීය විනිසුරන් ඇතුළත් වන දේශීය යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට කිසිදු ඉඩක්‌ ලබාදෙන්නේ නැත. තමාට ඒ බව සෘජුව ප්‍රකාශ කිරීමට තරම් පිට කොන්දක්‌ තිබෙන බවටද එතුමා විසින් ඉතා දැඩි ස්‌වරයෙන් තම ප්‍රකාශය තවදුරටත් අවධාරණය කොට තිබේ. ඒ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයකට අනුව එවැනි දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීමට දේශපාලන සක්‍යතාවයක්‌ නැත. එතුමාගේ වචන වලට අනුව ඊට හේතු වන්නේ ඒ සඳහා ජනමත විචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ අවශ්‍යවීමයි. එම ප්‍රකාශය මගින් එතුමා වක්‍රව සඳහන් කරන්නේ ජනමතවිචාරණයක්‌ අවශ්‍යවන ව්‍යවස්‌ථා සංශෝධනවලට තමා එකඟ නොවන බවය.

අගමැතිතුමාගේ එම ප්‍රකාශය මගින් පැහැදිලි වන්නේ නව ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව පිළිබඳව කතිකාව ද ව්‍යාජයක්‌ බවය. ආණ්‌ඩුව විසින් ව්‍යාජ ලෙස නව ව්‍යවස්‌ථාවක්‌ ගෙන එන බවට ඝෝෂා කරන නමුත් ඔවුන්ගේ අවසාන අරමුණ 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම බවට අප විසින් දරන මතයද ඒ මගින් තහවුරු වේ. ඊට පෙර ජනාධිපතිතුමා විසින් ජනමතවිචාරණයකට තුඩු දෙන ව්‍යවස්‌ථා සංශෝධනවලට තමා එකඟ නොවන බව ප්‍රකාශ කොට ඇත. ඒ අනුව ජනාධිපතිතුමා සහ අගමැතිවරයා වෙනස්‌ ස්‌ථාවරයන් දෙකක්‌ මත ක්‍රියාරන බව පෙන්වමින් පොදු මතයක්‌ ඉදිරිපත් කරන බවද පැහැදිලි වේ. දැන් පැනනැඟෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් දෙපළ විසින් එම ප්‍රකාශ සිදුකරන්නේ ප්‍රායෝගිකව කුමන අරමුණක්‌ පෙරදැරි කරගෙනද? යන්නයි. ව්‍යවස්‌ථාවට අදාළ ප්‍රශ්නයේදී ආණ්‌ඩුවේ නායකයන් දෙදෙනා පමණක්‌ නොව ටී.එන්.ඒ. පක්‍ෂයේද ජනමත විචාරණයක්‌ අවශ්‍ය නොවන ලෙස 13 වැනි සංශෝධනය බලාත්මක කරන ව්‍යවස්‌ථා සංශෝධනයකට එකඟ වී ඇති බවට සැකයක්‌ නැත. නමත් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට අදාළව ඔවුන් විසින් කරනු ලබන ප්‍රකාශ හුදු දේශපාලන ''පාරම්බෑමක්‌'' බව පැහැදිලිව පෙනේ.

එළඹෙන මාර්තු 22 වැනි දින ශ්‍රී ලංකා රජයේ සම අනුග්‍රාහකත්වය සහිතව අනුමත වීමට නියමිත බ්‍රිතාන්‍ය විසින් ඉදිරිපත් කෙරෙන ඊනියා ''රෝල් ඕවර්'' යෝජනාවේ කෙටුම්පත පරීක්‍ෂා කිරීමේදී ආණ්‌ඩුවේ රඟපෑම කුමක්‌ දැයි පැහැදිලි වේ. මානව හිමිකම් සමුළුවේ 34 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන එම ''ඉදිරියට තල්ලු කිරීමේදී" යෝජනාව මගින් 2015 දී 30 වැනි සමුළුවේදී සම්මත කළ 30(1) යෝජනාවේ අඩංගු සියලු කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා කාලය දීර්ඝ කෙරේ. ඒ අනුව දෙමුහුන් යුද අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට මුල්වන ඊනියා වඟවීමේ යාන්ත්‍රණය පළමු යෝජනාවේ අඩංගු ආකාරයටම පවතිනු ඇත. එසේ නම් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා රට තුළදී දෙමුහුන් අධිකරණයට විරෝධය පළකරන අතරතුර විදේශ අමාත්‍යවරයා මානව හිමිකම් සමුළුවේදී ඊට එකඟතාවය පළකරනු ඇත. ඔවුන් දෙදෙනා විසින් වේදිකාවේ සිදුකෙරෙන මෙම රඟපෑමට පසුබිම් කථනය සපයන ටී.එන්.ඒ පක්‍ෂය අවධාරණය කරන්නේ යෝජනාව සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බවය. එවිට වේදිකාවට පිටුපසින් සිදුවන දේ නොදන්නා ශ්‍රී ලංකාවේ පොදු ජනතාව නැමති ප්‍රේක්‌ෂකයා කල්පනා කරන්නේ ටී.එන්.ඒ පක්‍ෂයේ ඉල්ලීම් නොසලකා ආණ්‌ඩුව දැඩි ස්‌ථාවරයක සිටිමින් දෙමුහුන් යුද අපරාධ අධිකරණයට විරුද්ධ වන බවය.

මෙම නාට්‍යයට පසුබිම් සංගීතය සපයන බටහිර රටවල් ද දෙමුහුන් අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කරන තත්වයක්‌ තුළ ඊට විරුද්ධ වන ආණ්‌ඩුවේ ප්‍රකාශවලට දැඩි වටිනාකමක්‌ හිමිවේ. ටී.එන්.ඒ පක්‍ෂයද යුධ අධිකරණයක අවශ්‍යතාවය අවධාරණය කරන අතර 2015 දී එකඟ වූ සියල්ල ක්‍රියාත්මක කිරීම සඳහා කාලය ලබාදීමට එකඟ බව පැහැදිලිව ප්‍රකාශ කරයි. එම පක්‌ෂයේ ස්‌ථාවරය මගින් ව්‍යවස්‌ථා සංශෝධනයට අදාළව ඔවුන්ගේ ස්‌ථාවරයද පැහැදිලිවේ. ඔවුන්ගේ මූලික අරමුණ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කර ගැනීම නම්, 13 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය බලාත්මක කෙරෙන ව්‍යවස්‌ථා සංශෝධනයක්‌ මගින් ඔවුන්ගේ මූලික අරමුණු ඉටුවේ. ජිනීවා යෝජානාව මඟින් අවධාරණය කරන්නේ 13 වැනි සංශෝධනයට අනුව බලය බෙදාදීම ප්‍රතිඵලදායක ලෙස සිදුකරන ලෙස පමණි. දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේගවලට අවශ්‍ය වන්නේ 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරවා ගැනීම බව අප විසින් දිගින් දිගටම අවධාරණය කොට ඇත.

කෙසේ වෙතත් ටී.එන්.ඒ පක්‍ෂයේ ඊනියා මධ්‍යස්‌ථ මතධාරීන්ගේa එම මතයට එම පක්‍ෂයේ අන්තවාදීන් විරුද්ධ බව පැවසේ. ඔවුන් ඉල්ලා සිටින්නේ නව ව්‍යවස්‌ථාවක්‌ මෙන්ම දෙමුහුන් යුද අධිකරණයද නොපමාව ලබාදිය යුතු බවටය. මෙම පාර්ශ්ව දෙක යුද්ධය පැවැති කාලයේදී සිට මතවාද දෙකක්‌ නියෝජනය කරන බව පෙන්වමින් එකම අරමුණක්‌ ජයග්‍රහණය කරවීම සඳහා පෙරමුණු දෙකක සටන්වදියි. සුමන්දිරන් මන්ත්‍රිවරයා ඇතුළු ''මධ්‍යස්‌ථ මතධාරීන්ට'' බහුතර සිංහල සමාජය තුළ යම් පිළිගැනීමක්‌ ලබාගැනීම සඳහා ද ''අන්තවාදීන්ගේ'' එම භූමිකාව ඉතා වැදගත් වේ. එසේම ආණ්‌ඩුවේ නායකයන්ගේ රඟපෑම්වලට වීරත්වයක්‌ ආරෝපණය කිරීමටද එය හේතුවේ. මේ දිනවල බෙදුම්වාදී හිතවාදී රාජ්‍ය නොවන සංවිධාන ජාලයක්‌ ද ආණ්‌ඩුවේ ස්‌ථාවරයට වැඩි වටිනාකමක්‌ ලබාදීම හෙවත් ''බෝලය උස්‌සාදීම'' සඳහා ව්‍යාපාරයක්‌ පටන්ගෙන ඇත. ඔවුන් විසින් රටපුරා පෝස්‌ටර් ගසමින් නව ව්‍යවස්‌ථාවක්‌ ඉල්ලා සිටින විට එය නොසලකා 13 බලාත්මක කිරීමට සැරසෙන ආණ්‌ඩුවේ නායකයන් ව්‍යාජ ලෙස වීරයන් බවට පත්වේ. නමුත් අවසන් ප්‍රතිඵලය අනුව සහ බෙදුම්වාදීන්ගේ මූලික අවශ්‍යතාවයට අනුව එම ස්‌ථාවර දෙක අතර වෙනසක්‌ නැත.

දෙමුහුන් යුද අපරාධ අධිකරණ පිහිටුවීමේ සටන් පාඨය බෙදුම්වාදීන්ට වැදගත් වන්නේ උපාය මාර්ගික අරමුණු දෙකක්‌ සඳහා බව පැහැදිලිව පෙනේ. පළමු වැන්න, ආණ්‌ඩුවේ අත කරකැවීමේ උපාංගයක්‌ ලෙස යොදාගැනීමය. ආණ්‌ඩුවේ පැත්තෙන් ගත්විට විදේශීය විනිසුරන් සහභාගීවන යුද අපරාධ අධිකරණයක්‌ රට තුළ පිහිටුවීම යනු ඔවුන්ට මරු කැඳවන දේශපාලන මර උගුලකි. ඒ නිසා ඒ හිලව්වට ඉල්ලා සිටින වෙනත් ඉල්ලීමක්‌ දිනාගැනීමට එම පළමු ඉල්ලීම මගින් වැඩි ඉඩක්‌ විවර වේ. උදාහරණයක්‌ ලෙස 13 වැනි සංශෝධනය කඩිනමින් බලාත්මක කිරීමට ආණ්‌ඩුව එකඟ වේ නම් දෙමුහුන් අධිකරණය සඳහා කාලය ලබාදීම ඔවුන්ට ප්‍රශ්නයක්‌ නොවේ. සුමන්තිරන් මන්ත්‍රීවරයා කාලය ලබාදීමට එකඟ වන්නේ දෙමුහුන් අධිකරණය පිහිටුවීම සඳහා පමණක්‌ බව ඉතා පැහැදිලිය. නමුත් ඔවුහු ඒ මගින් යුද අධිකරණ යෝජනාව න්‍යාය පත්‍රයේ තබා ගනිමින් දිගින් දිගටම එම ඉල්ලීම ඉදිරිපත් කිරීම සඳහා ඉඩ තබා ගනිති.

මීට පෙර සුමන්තිරන් මන්ත්‍රීවරයා විසින් එළිදරව් කළ ආකාරයට 2015 ජීනීවා යෝජනාවට ඔවුන් එකඟ වූයේ ඊට පෙර ආණ්‌ඩුව සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඇතිකරගත් එකඟතාවයකට අනුවය. එහිදී ඔහු කියා සිටියේ ආණ්‌ඩුව ඔවුන්ගේ ඉල්ලීම්වලට එකඟ වූ බැවින් විදේශීය අධිකරණයක්‌ වෙනුවට දෙමුහුන් අධිකරණයක්‌ පිහිටුවීමේ යෝජනාවට තමා එකඟ වූ බවය. ආණ්‌ඩුව එහිදී නම්‍යශිලී වූයේ ටී.එන්.ඒ. පක්‍ෂයේ මූලික ඉල්ලීම වන බලය බෙදීමේ කාරණයට අදාළව බව දේශපාලනයේ ''අ'' යන්න දන්නා අයෙක්‌ට වුවද තේරුම්ගත හැක. ඒ අනුව මෙවරද දෙමුහුන් අධිකරණය කල් දැමීමට එකඟ වන්නේ බලය බෙදීමේ ක්‍රියාවලිය ඔවුන්ට අවශ්‍ය ආකාරයට කඩිනම් කරගැනීම සඳහා බවට විවාදයක්‌ නැත. ඉහත සඳහන් කළ ආකාරයට ඊනියා අන්තවාදීන් ඊට එරෙහිවන ප්‍රමාණයට සාපෙක්‌ෂව එම ඉල්ලීමේ ''සාධාරණත්වය'' වැඩිවේ.

ඇත්ත වශයෙන්ම ඉහත සඳහන් කළ ආකාරයට දෙමුහුන් අපරාධ අධිකරණය ඔවුන්ට වැදගත් වන්නේ දේශපාලන උපාංගයක්‌ ලෙස පමණි. ඒ මගින් යුද හමුදාවේ ඉහළ නායකයන් විශාල පිරිසකට දඩුවම් කිරීමට සහ ඔවුන් මානසිකව වැට්‌ටවීමට ප්‍රායෝගිකව ඉඩ ලැබෙන්නේ නැත. කාම්බෝජයේදී දෙමුහුන් යුධ අපරාධ අධිකරණයක්‌ පිහිටුවන්නේ 2003 වසරෙදීය. මේ වන විට එනම් වසර 14 ක්‌ තුළ එම අධිකරණය මගින් චෝදනා ඔප්පුකොට ද`ඩුවම්කොට ඇත්තේ ඉහළ නායකයන් තිදෙනකුට පමණි. ඒ අනුව එවැනි විධිමත් අධිකරණයක්‌ වැදගත් වන්නේ මහින්ද රාජපක්‍ෂ සහ ගෝඨාභය රාජපක්‍ෂ වැනි ඉහළ නායකකයන්ට දඬුවම් කිරීම සඳහා වන ආශාව සංසිදුවා ගැනීම සඳහා පමණි. හමුදාවේ හරස්‌කඩකට දඬුවම් කිරීම සඳහා එවැන්නක්‌ යොදාගත නොහැක. ඒ නිසා එය කල්දමා ගැනීම උපාය මාර්ගිකව වඩා වැදගත් විය. ඒ මගින් නැවත මහින්ද රාජපක්‍ෂ රජයක්‌ බලයට පත්වුවහොත් අදාළ යෝජනාවට නැවත පණදීමේ අවස්‌ථාව ද ඉතිරිවේ.

දෙස්‌ විදෙස්‌ බෙදුම්වාදී බලවේගවලට ඊනියා ''සත්‍ය සෙවීමේ'' ක්‍රියාවලිය සමඟ වගවීමේ හෙවත් ද`ඩුවම් කිරීමේ ක්‍රියාවලිය ඒකාබද්ධ කිරීම වැදගත් වන්නේ හමුදාව දුර්වල කොට දුර්මුඛ කිරීමේ උවමනාව නිසාය. ඔවුන් ආදර්ශයට ගන්න බව පෙන්වන දකුණු අප්‍රිකාවේදී සත්‍ය සෙවීමේ කොමිසමක්‌ සමඟ දෙමුහුන් යුද අපරාධ අධිකරණ ක්‍රියාවලියක්‌ ඒකාබද්ධ කළේ නැත. ඒ නිසා දෙමුහුන් යුද අපරාධ අධිකරණය කල්දැමීමට එකඟවීම මගින් බලය බෙදීම සහ අතුරුදහන්වූවන්ගේ කාර්යාලය හෙවත් අර්ධ අධිකරණ කොමිසම පිහිටුවීම කඩිනම් කරගැනීම උපාය මාර්ගික වශයෙන් ඔවුන්ට වැදගත් වේ. එසේ කල්දැමීම අතහැර දැමීමක්‌ ලෙස හුවා දක්‌වා වීරයන් වීමට ආණ්‌ඩුවේ නායකයන්ට අවස්‌ථාව උදාවී ඇත. ආණ්‌ඩුවේs නායකයින් වීරයින් කිරීමද බෙදුම්වාදීන්ට වැදගත් වේ. මහජන විරෝධය නොතකා ඔවුන්ගේ ඉල්ලීම ඉටුකිරීමට නම් ආණ්‌ඩුවට යම් වීරත්වයක්‌ ආරෝපණය කර ගැනීම සඳහා ඔවුන් විසින් උදව් කළ යුතුය.

උදව්වේ හිලව්වට උදව් කිරීමට සැරසෙන ආණ්‌ඩුව දැන් ඉතා බරපතළ පනතක්‌ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇත. ඒ මගින් අතුරුදහන්වීම වැළැක්‌වීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රඥප්තිය දේශීය නීතිය තුළ බලාත්මක කෙරේ. රණවිරුවන් අමු අමුවේ පාවා දෙමින් අප රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එම නීතිය සම්මත කළ හොත් යුද්ධයට දායක වූ ඕනෑම හමුදා නිලධාරියෙක්‌ ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු කිරීමේ ඉඩක්‌ විවෘත වේ. එනම් සාක්‍ෂි ආඥාපනත් ක්‍රියාත්මක නොවන ආකාරයට අතුරුදන්වූවන්ගේ කාර්යාල පනත හරහා පිහිටුවනු ලබන අර්ධ අධිකරණ කොමිසම මගින් වරදකරුවකු බව නිගමනය කෙරෙන ඕනෑම නිලධාරියෙක්‌ මෙම නව පනත යටතේ ජාත්‍යන්තර අධිකරණ බලයට ගොදුරු වේ. යුද අපරාධ අධිකරණයකදී සාක්‌ෂි ආඥාපනත ක්‍රියාත්මක වන අතර සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරීම සහ ඔවුන්ගෙන් හරස්‌ ප්‍රශ්න ඇසීමට එහිදී අවකාශය ලැබේ. අතුරුදහන්වූවන්ගේ කාර්යාල නීතිය අනුව විද්යුත් තැපෑලෙන් එවනු ලබන පට්‌ටපල් බොරු සාක්‍ෂි ප්‍රමාණයක්‌ මත පදනම්ව ඕනෑම හමුදා නිලධාරියකුට විරුද්ධව චෝදනා ගොනුකළ හැක.

නමුත් ඉතා කනගාටුදායක ලෙස අතුරුදහන්වූවන්ගේ කාර්යාල පනත ගෙන ඒමේදී සිදු වූ ආකාරයටම විපක්‍ෂයේ දේශපාලන නායකයන් මෙම පනතේ බරපතළකම තේරුම් නොගැනීම නිසා ඊට එරෙහිව අධිකරණයට පෙත්සමක්‌ ඉදිරිපත් කිරීමට නොහැකි විය. ඒ අනුව ව්‍යවස්‌ථා විරෝධී එම පනත පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයෙන් සම්මතවීමට බොහෝ ඉඩ කඩ ඇත. ''ජාත්‍යන්තර නීති යටතේ සහ බටහිර රටවල උදව්වෙන් සමාජවාදය පිහිටුවීමට සිහින දකින යම් දේශපාලන පක්‍ෂද අතුරුදහන්වුවන්ගේ කාර්යාල පනත සාධාරණීකරණය කළ ආකාරයටම මෙම නව පනත ගෙන ඒමේදී හැසිරෙන බවට සැකයක්‌ නැත. එවැනි තත්ත්වයක්‌ තුළ දෙමුහුන් අපරාධ අධිකරණයක්‌ පිහිටුවීමට ඉඩ නොදෙන බව පවසමින් එය යම් කාලයකට කල්දමා ගැනීම යනු හුදු දේශපාලන ''පාරම්බෑමක්‌'' පමණක්‌ නොව මහා පාවාදීමක්‌ සඳහා අවකාශය ලබාගැනීමත් ලෙසද ඉතිහාසය විසින් විග්‍රහ කරන බවට සැකයක්‌ නැත.

බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත්විට මෙම සමස්‌ථ නාට්‍යය අවසන් වන විට ඔවුන්ට තුන් පැත්තකින් වාසි අත්වේ. පළමුව, දෙමුහුන් අධිකරණය කල් දමා ගැනීමට හිලව් වශයෙන් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීමේ ව්‍යවස්‌ථා සංශෝධනය කඩිනම් කෙරේ. දෙවනුව, යුද අධිකරණයක්‌ මගින් එකකු හෝ දෙදෙනකුට දඬුවම් කරනවාට වඩා පනත් දෙකක්‌ දෙමුහුන් කිරීම මගින් උසස්‌ හමුදා නිලධාරීන් සිය ගණනකට දඬුවම් කිරීමට සහ ඒ මගින් හමුදාව දුර්මුඛ කොට දුර්වල කිරීමට ඉඩ සැලසේ. තුන්වෙනුව, කල්දමා ගන්නා යුද අපරාධ ක්‍රියාවලිය දිගින් දිගටම ''ජිනීවා න්‍යායපත්‍රය'' තුළ තබා ගැනීම මගින් අවශ්‍ය අවස්‌ථාවේදී බලාත්මක කිරීමේ ඉඩ ඉතිරිවේ. උදාහරණයක්‌ ලෙස අනාගතයේදී මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවක්‌ බලයට පත්වුවහොත් දෙමුහුන් අධිකරණයට ලබාදුන් කාලය අවසන් බව පවසමින් සහ එය ඉටු නොකළ නිසා ජාත්‍යන්තර අධිකරණයක්‌ පිහිටුවීමේ යෝජනාව ඉදිරිපත් කළ හැක. ඒ වන විට බලය බෙදීම හරහා ඉදිරියට ගමන් කරන රට බෙදීමේ ක්‍රියාවලියද තීරණාත්මක සහ ගැටුම් සහගත තත්වයකට ලඟාවනු ඇත.

කෙසේ වෙතත් පවතින නරකම තත්ත්වය යටතේ වුවත් ආණ්‌ඩුවේ නායකයන්ට තම පිටකොන්ද පරීක්‍ෂා කිරීමට ඉඩක්‌ විවර වි ඇත. ඒ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවූ විද්වත් කොමිසම හරහා සම්පාදනය කළ වාර්තාව ප්‍රයෝජනයට ගැනීමයි. පසුගිය 13 වැනිදා සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවයකදී විරුවන්ගේ විත්ති වාචකය නම් සුවිශේෂී වාර්තාව එළි දැක්‌විණි. නමුත් ජනමාධ්‍ය විසින් එම

රැස්‌වීමේදී ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ රියර්අද්මිරාල් සරත් විඡේසේකර මහතා විසින් සිදුකළ කාතාවලින් කොටස්‌ පල කළ මුත් අදාළ වාර්තාවේ වැදගත්කම අවධාරණය කළේ නැත. එම ඓතිහාසික අවස්‌ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50 දෙනකුට ආරාධනා කොට තිබුණ ද ඊට සහභාගී වූයේ මන්ත්‍රීවරු හතර දෙනෙකු පමණි.

එම වාර්තාව මගින් 2014 ජිනීවා යෝජනා හරහා පිහිටවූ ශ්‍රී ලංකාවට එරෙහි පරීක්‍ෂණ කමිටුවේ වාර්තාව සුනු විසුනු කොට ඇත. එය ඉතා දුර්වල සහ පක්‍ෂපාතී ලේඛනයක්‌ බව එම වාර්තාව මගින් ඉතා තර්කානුකූලව ඔප්පුකොට ඇති බව හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ප්‍රකාශකොට ඇත. ඒ අනුව එවැනි දුර්වල සහ පක්‍ෂග්‍රාහී වාර්තාවක්‌ මත පදනම් වූ 2015 ජිනීවා යෝජනාව තවදුරටත් වංලගු නොවන බවට ප්‍රබල තර්කයක්‌ මතුවේ. එම තර්කය මත පදනම්ව 2015 යෝජනාව සංශෝධනය කොට අවම වශයෙන් ඊනීයා වගවීමේ යාන්ත්‍රණය යටතේ පිහිටුවීමට යෝජනා කරන දෙමුහුන් අධිකරණය ඉල්ලා අස්‌කරගත යුතු බවට ඉල්ලීමක්‌ ඉදිරිපත් කිරීමට ආණ්‌ඩුවට දැන් අවස්‌ථාව උදාවී ඇත. එම අවස්‌ථාව භාවිතාකොට නොපමාව එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා ක්‍රියාකරන්නේ නම් පමණක්‌ එතුමාගේ කොන්ද පළිබඳව එතුමා විසින්ම කරනු ලබන ප්‍රකාශය ජනතාව විසින් පිළිගනු ඇත.

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook - https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions