3/16/2017

යුගයක ඇරඹුම් සටහන

කතෘ:යුතුකම     3/16/2017   No comments

2015 වසර ශ්‍රී ලංකාවට එහි ජාතිකත්වය පැත්තෙන් බොහෝ අවාසනාවන්ත සිදුවීම් වලට මුහුන දීමට සිදුවූ වසරක් විය. ඒ 2015 ජනවාරි 8 ජාතිකත්ව කඳවුරේ සිට විජාතික නරි රැල වෙත රැවටිලිකාර පොදු අපේක්ෂකයෙකු හරහා ආණ්ඩු බලය මාරු වීමේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යය සටහන් වීමත් සමගයි. ඉන් පසුවට දිගින් දිගටම ජාතිකත්වය පසුබසිද්දී විජාතික හතුරු බලවේග ශක්තිමත් විය. ලංකාවේ මේ විජාතික සතුරු කඳවුරට සහය දෙමින් ඊට පිටුබලය සපයනු ලැබුවේ බටහිර යුදෙවු නිරාගමික නූතනවාදී බලවේගයේ අන්තර්ජාතික එකමුතුවයි. මේ එකමුතුවේද නායකත්වය දරනු ලැබුවේ එවකට ඇමරිකානු ජනපති වූ බැරැක් ඔබාමාය. ඔහුට ඇමරිකානු ජාතිකත්වයට වඩා තිබුණේ යුදෙවු නිරාගමික නූතනත්වය පදනමට ගත් ජාත්‍යන්තරවාදයකි. ඇමරිකානු ඩිමොක්‍රටික් පක්ෂය පුරාවට මේ ලක්ෂණය අඩු වැඩි වශයෙන් ඇත. ඔබාමාගේ ඩිමොක්‍රටික් පක්ෂය නේටෝවේ යුධ ශක්තිය වැඩි කිරීමට ඇමරිකානු හමුදා යොදවමින් තම භූ දේශපාලනික විරුද්ධවාදීන්ගේ දේශසීමා අසල ගැටුම් ඇතිවීමට තුඩු දෙන ක්‍රියාකාරකම් බොහොමයක නිරත විය. අයිසිස් ත්‍රස්තවාදය ලෝකයට කරන විනාශය පොදුවේ නොදැක්ක ඔබාමා පරිපාලනය ඇමරිකාවට හා යුරෝපීය ජාත්‍යන්තරවාදී එකමුතුවට තර්ජනයක් වන විට පමණක් එය ත්‍රස්තවාදය ලෙස දැක්කේය. අයිසිස් ත්‍රස්තවාදය ලොවට තර්ජනයක් වෙද්දී රුසියානු නායක පුටින්ට එය වැලැක්වීමට තිබූ උවමනාව ඔබාමාට නොතිබුනා පමණක් නොව ඔහුට අයිසිස් කණ්ඩායම ලවා ඔහුගේ විරුද්ධවාදියෙකු වූ සිරියානු නායක බශාර් අල් අසාද් බලයෙන් පහ කිරීමේ යටි අරමුණක්ද තිබුණි. ඔබාමා විසින් නායකත්වය දුන් බටහිර යුදෙවු නිරාගමික නූතනවාදී ජාත්‍යන්තර එකමුතුව ලොව පුරාම විවිධ රටවල ජාතිකත්වයන්ට එරෙහිව විවිධ වැඩසටහන් දියත් කරන්නටද විය. ලංකාවේ ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි ත්‍රස්තවාදය පරාජය වී දෙමළ ජාතිවාදයද පරාජය වනු දැකීමට අකමැති වූ ඔබාමා ප්‍රමුඛ යුදෙවු නිරාගමික නූතනවාදී එකමුතුව ඔවුන්ට හිතවත් මෙරට යහපලන වුර්කයින්ගේද සහයෙන් ජිනීවාහි ජාත්‍යන්තර මානව හිමිකම් කල්ලිය ලවා නැවත දෙමළ ජාතිවාදය දිනවමින් යුධ ජයග්‍රහනයේ නියමුවන්ට දඬුවම් කිරීමට ගත් උත්සහය ඉන් එකකි. යුදෙවු නිරාගමික නූතනත්වයේ මේ ජාත්‍යන්තර එකතුව ලොවපුරාවට බටහිර කාන්තා විමුක්තිවාදය හා සමලිංගික පක්ෂපාතී බව බලහත්කාරයෙන් ව්‍යාප්ත කිරීමටද කටයුතු යෙදීය. ඔබාමා පරිපාලනය රුසියාව සමග බොහෝ ගැටුම් සහ මතභේද ඇතිකරගැනීමට බලපෑ එක් අප්‍රකට කරුනක් වූයේද මෙයයි.
යුදෙවු නිරාගමික නූතනවාදී බලවේග වල ජාත්‍යන්තර එකතුවේ ආදිපත්‍යට දැන් දැන් යහපත් අනාගතයක් උදාවේ යැයි සිතිය නොහැක. මේ කියන්නට යන්නේ එම කාරනාව අපේ රටේ ජාතිකත්වය පැත්තෙන්ද බලන විට කෙබඳු මුහුනුවරක් ගනීද යන්න පිළිබඳ විස්තරයකි. කියන්නට යන දෙය මූලිකව බැඳී ඇත්තේ පසුගිය වසරේ පැවති ඇමරිකානු ජනාධිපතිවරනය හා එහි ප්‍රතිඵලය සමගයි. 2016 නොවැම්බර් මස 8 වනදා පැවති ඇමරිකානු ජනාධිපතිවරනයෙන් හිලරි ක්ලින්ටන් පරදවා ඩොනල්ඩ් ට්‍රම්ප් ජය ගත්තේ ලෝකයටම පාඩම් ගනනාවක් කියා දෙමිනි. ඒ මොනවාද යන්නත් මෙම ප්‍රතිඵලය අපේ රටට කෙසේ බලපාන්නේද යන්නත් විමසීම වැදගත් වේ. ඇමරිකානු ජනපති සටන ඇරඹෙන විට බලයේ සිටියේද ඩිමොක්‍රටික් පක්ෂය සහ ජනාධිපති බැරැක් ඔබමායි. ඩිමොක්‍රටික් පක්ෂයේ මතවාදී අරටුව වන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තිබෙන්නේ යුදෙවු නිරාගමික නූතනතවයේ මතවාදී ආධිපත්‍ය තුලයි. ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් ජනපති සටනට එක්වූ කාන්තා චරිතය වන හිලරි ක්ලින්ටන් චරිතය යුදෙවු නිරාගමික නූතනත්වයේ මතවාදී ආධිපත්‍යට එක් කළේ තව තවත් තීව්‍ර බවකි. මේ ආධිපත්‍යයේ ජාත්‍යන්තර එකමුතුව තුලින්ම පැන නැගි ප්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර මාධ්‍ය, ඊනියා ජාත්‍යන්තර විශ්ලේශකයින්, දේශපාලන විචාරකයින් ඇතුළු මෙකී නොකී සියල්ලන් සිටියේ ඔවුන්ගේම මතවාදී නියෝජිතවරිය වූ හිලරි ක්ලින්ටන්ගේ පැත්තේය. ඩිමොක්‍රටික් පක්ෂයේ හිලරි ක්ලින්ට යුදෙවු නිරාගමික නූතනත්වයේ ආධිපත්‍ය තුල ඇති සියළු සංරචකයන් නියෝජනය කරමින් ජනාධිපති සටනට බැස්සාය. ඇය පෙනී හිටියේ ඇමරිකානු ජාතිකත්වය හා ජාතික වගකීම් වලට වඩා ජාත්‍යන්තරවාදී මානව හිමිකම් ආදිය මෙන්ම වගකීම් වලට උර නොදෙන පුද්ගල ආත්මාර්ථකාමී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනි. බහුතරයක් ජාත්‍යන්තර ජනමාධ්‍ය කල් තියාම ඔවුන්ගේ මතවාදී නියෝජිතවරිය වූ හිලරි ක්ලින්ටන් වෙනුවෙන් දැඩි ලෙස පක්ෂපාතී ලෙස ඇමරිකානු ජනපති සටනේ තොරතුරු ලොවට බෙදාහරින්නට විය. ඒ අතරේම හිලරිගේ විරුද්ධවාදියා වූ ඇමරිකානු ජාතිකත්වයට හා ක්‍රිස්තියානි චින්තනයට බර ඩොනල්ඩ් ට්‍රම්ප්ට අසීමිත ලෙස බැට දීමටත් ඔහුව අසාධාරන විවේචනයන්ට ලක්කරමින් විහිළුවට ලක් කිරීමටත් මේ ජාත්‍යන්තර ජනමාධ්‍ය කල්ලිය අමතක නොකළේය. ඊනියා ජාත්‍යන්තර විශ්ලේෂකයින් හා දේශපාලන විචාරකයින් මෙම ජනාධිපතිවරණයෙන් හිලරි ක්ලින්ටන් නියත වශයෙන් ජයගන්නා බවට අනාවැකි පල කරමින් ඇමරිකාවේත් ලොව සෙසු රටවලත් ජන මනස හසුරවන්නට ක්‍රියාකළේය. ඒ හිලරි ක්ලින්ටන් ඇමරිකාවේ ප්‍රථම කාන්තා ජනාධිපතිවරිය වන්නට නියමිත බව කියමිනි.
ඇමරිකානු ජනපති සටන පුරාවට රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය අදහස් ඉදිරිපත් කළේ ඇමරිකානු ජාතිකත්වය පැත්තේ සිටයි. ජාත්‍යන්තරයේ ජඩ මාධ්‍ය මාෆියාව කුමක් කීවත් ඔහු තම රටටත් ජනතාවටත් ජාතියටත් තිබෙන සැබෑ ගැටළු එකින් එක සම්බන්ධව ක්‍රමවත් ලෙස නිසි ඉලක්කයකට කතා කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප් නොබියව ආමන්ත්‍රණය කළේ ඇමරිකාවේ ජාතිකත්වය පැත්තේ සිටින එරට සැබෑ ප්‍රශ්න වලට සංවේදී බහුතරයකටයි. එහිදී ඔහු රටේ ආර්ථික ප්‍රතිපත්ති එරට පුරවැසියන්ට හිතකර ලෙස වෙනස් විය යුතු ආකාරය ගැන ආන්දෝලනාත්මකව කතා කළේය. තම රටේ ජනතාවට රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබා දිය යුතු බවටත් එරට කර්මාන්ත කරුවන්ට හා නිශ්පාදකයින්ට ඇති බදු බර අඩු කර ඔවුන් වෙනත් රටවලට වැඩි ප්‍රතිලාභ අත්කරදෙමින් ඇමරිකාවෙන් පිටත ආයෝජන සිදු කිරීම වැලැක්විය යුතු බවට දැඩිව කියා සිටියේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමරිකාවට වෙනත් රටවලින් පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධ ප්‍රතිපත්ති වල දුර්වලතා ගැන හොඳ අවබෝධයක්ද තිබූ අතර එම ප්‍රතිපත්ති වෙනස් කිරීම ගැන ඔහු පැහැදිලිව තම ස්ථාවරය පෙන්වා දුන්නේය. ඔහු ඇමරිකාවට පමණක් ජනාධිපති වන බවටත් ලොව වෙනත් රටවල ප්‍රශ්න වලට මැදිහත් වෙමින් ඇමරිකාවේ ධනය කාබාසිනියා නොකරන බව කීවේය. එලෙසම ඇමරිකානු හමුදා ලොව වෙනත් රටවල දේශ සීමා රැකීමට ගොස් සිටියදී තම රට අනාරක්ෂිතව ඇති බවට චෝදනා කළේ ඔබාමා පාලනය තුල ඇමරිකානු සෙබළුන් වැඩි වශයෙන් ජාත්‍යන්තර නේටෝ හමුදාවට අනුයුක්තව ලොව පුරා එක්සත් ජාතීන්ගේ බලහත්කාරය ක්‍රියාත්මක කරමින් සිටියදීය. ඩොනල්ඩ් ට්‍රම්ප්ට මැදපෙරදිග සුන්නි මුස්ලිම් ආක්‍රමණය හා එහි ත්‍රස්ත ක්‍රියාකාරකම් ගැන තිබුණේ ඉතා සුවිශේෂී අවබෝධයකි. ඔහු ත්‍රස්තවාදයට හා සුන්නි මුස්ලිම් අන්තවාදී ආක්‍රමණයට වඩා ප්‍රායෝගික ලෙස මුහුණ දිය යුතු ආකාරය ගැන කතා කළේ ව්‍යාජ මානව හිමිකම් හා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුට්ටුවකට මායිම් නොකරමිනි. ඔහු රටේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛත්වයේ ලා සලකමින් ජනාධිපතිවරණ සටන තුල තම අදහස් ප්‍රකාශ කළේ අව්‍යාජත්වයකිනි. දක්ෂිණාංශික ජනාධිපතිධූර අපේක්ෂකයා වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජාත්‍යන්තරවාදය තුල එල්බගත් ඩිමොක්‍රටික් පාලනය ලොව පුරා යුදෙවු නිරාගමික නූතනත්වයේ මතවාදී ආක්‍රමණය ව්‍යාප්ත කිරීමට ගොස් ඇමරිකානු ධනය නිකරුනේ විනාශ කරන ආකාරයත් ඉන් තම රටේ බදු ගෙවන්නන්ට වන හානියත් තීක්ෂණ ලෙස දුටුවේය. ලොව වෙනත් රටවලට විවිධ කාරනා සම්බන්ධයෙන් අයුතු බලපෑම් කිරීමට නොයන බවටත් තම රට ගැන තමා බලා ගන්නා බවටත් ඔහු පැහැදිලිව කියා සිටියේ එහෙයිනි.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකාව වූ හිලරි ක්ලින්ටන්ගේ සටන්පාඨ වල හා අදහස් වල තිබුණේ පිට ආටෝපය පමණකි. අති මහත් බහුතරයක් ජනමාධ්‍ය තම සාක්කුවේ දමාගෙන සිටි හිලරිගේ ජාත්‍යන්තරවාදී දේශපාලන දර්ශනයම ඇමරිකානු ජාතිකත්වයෙන් පිට තිබියදීත් මාධ්‍ය මාෆියාව හිලරිව පුම්බා තැබුවේ ට්‍රම්ප්ට අභූත චෝදනා බුරුතු පිටින් එල්ල කරමිනි. හිලරිගේ ආටෝප කතා වල තිබුනේම ජාතික වගකීම් වලින් ගැලවී සිටීමට කැමති අලස ගෝලීය ජත්‍යන්තරවාදීන්ගේ මන දොල සැපිරීමට අවශ්‍ය අදහස් යෝජනා මිස ඇමරිකානු ජනයාට ජාතික වශයෙන් බලපාන පොදු ජාතික ගැටළු නිරාකරනය කර ගැනීමට අවශ්‍ය අදහස් නොවේ. හිලරි ක්ලින්ටන් තම ආර්ථික ප්‍රතිපත්ති න්‍යායාත්මකව කරුනු වශයෙන් ඉදිරිපත් කිරීමට මුල් තැනක් දුන්න නමුත් ඒවායින් තම රටේ ජනතාවට හා ජතික ආර්ථිකයට ඇති වාසිය පෙන්වා දීමට අපොහොසත් විය. හිලරගේ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ආර්ථික ප්‍රතිපත්ති වලින් ඇමරිකානු ආර්ථිකය ජාත්‍යන්තරයට වඩා විවුර්ත වී එරට ජනයාට තිබෙන රැකියා අවස්ථා ප්‍රමාණයද අඩු වන බව හිලරි තේරුම් නොගත්තත් ඇමරිකානු ජනතාව තේරුම් ගෙන තිබුණු බවක් පෙනේ. ඇමරිකානු කර්මාන්තකරුවන්ට බදු සහන ලබාදී රටට ආර්ථික ප්‍රතිලාභ ලබාගන්නා ක්‍රමවේදයන් ගැන හිලරි වැඩි උනන්දුවක් දැක්වූයේ නැත. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන්ද හිලරි වැඩි උනන්දුවක් දැක්වූයේ රුසියාව තම දේශපාලනික සතුරෙකු ලෙස සලකා රුසියාව සමග අනවශ්‍ය ගැටුම් ඇති කර ගැනීමට මිස සුන්නි අන්තවාදී ත්‍රස්ත ක්‍රියාකාරකම් මැඩලීමට නොවේ. ගොන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ එල්බගෙන කුහක මානව හිමිකම්ද පෙරදැරීව සුන්නි අන්තවාදයට මුහුනදීම කෙසේ වෙතත් සුන්නි අන්තවාදය හා ත්‍රස්ත ක්‍රියාකාරකම් වල ස්වභාවය තේරුම් ගැනීමටවත් නොහැක. හිලරිගේ ප්‍රතිපත්ති වලට අනුව සුන්නි ත්‍රස්තවාදයට එරෙහිව සටන් කරන අතරේම සුන්නි ත්‍රස්තවාදය පෝෂණය කරන නිරායුධ සුන්නි මුස්ලිම් මූලධර්මවාද අනුගාමිකයන්ගේ සිවිල් අයිතිවාසිකම්ද රැකිය යුතුය. ඒ කුහක ලිබරල් ප්‍රජාතාන්ත්‍රික ගොන්කමේ එක් ස්වභාවයකි. හිලරි ඔබාමා දෙපලගේ ඩිමොක්‍රටික් දේශපාලනය යුදෙවු නිරාගමික නූතනත්වයේ මතවාදී ආක්‍රමණය ලොව පුරා පැතිරවීමට විවිධාකාරයෙන් ක්‍රියා කළේ ඇමරිකානු බදු ගෙවන්නන්ගේ මුදල් මෙන්ම ඇමරිකානු ජාතික ධනයද කාබාසිනියා කරමිනි. ඒ කටයුත්ත සිදු කරනු ලැබුවේ ඔවුන්ගේ මතවාදී අනුගාමික කණ්ඩායමේ අනෙකුත් පාර්ශවද ඇතුළු ජාත්‍යන්තර එකතුවට නායකත්වයක් ලබා දෙන ගමන්මය. ඔවුන්ගේ මතවාදී අනුගාමිකයන් වූ මෙරට දෙමළ ජාතීවාදීන් හා කොටි ත්‍රස්තවාදය පැරදවීමේ හමුදා මෙහෙයුම් වලට මුල සිටම ඔබාමා ක්ලින්ටන් කණ්ඩායම බාදා පැමිණවිය. කොටි ත්‍රස්තවාදය පැරදවීමෙන් පසුවද ඔවුන්ට පුරුදු ලිබරල් ප්‍රජාතාන්ත්‍රික න්‍යාය අනුව අපේ හමුදාවට හා සටනට නායකත්වය දුන් සැමට එරෙහිව ඔවුන්ගේ ජාත්‍යන්තර එකමුතුව සමග හිලරි ඔබාමා දෙපල කටයුතු කළේ ඊනියා මානව හිමිකම් අවියක් ලෙස භාවිතා කරමිනි.

හිලරි ක්ලින්ටන් තම ජනාධිපතිවරණ දේශපාලන සටනට බටහිර කාන්තා විමුක්තිවාදයද යොදවාගත් බවට කිසිදු සැකයක් නැත. හිලරිට පක්ෂ අති විශාල මාධ්‍ය බහුතරය කියා සිටියේත් ඇය ඇමරිකාවේ ප්‍රථම ජනාධිපතිනිය වනු ඇති බවයි. පිරිමින්ටත් වඩා ටෙස්ටස්ටෙරෝන් තමාට ඇතැයි කියමින් චන්ද සටන තුල කැපී පෙනීමට ගියත් ඇයට ලැබුණු ප්‍රතිචාරය අනුව ඇගේ සටන්පාඨ ඇමරිකානුවන් විසින් පිළිකුල් කර ඇති බව පෙනෙන්නට තිබේ. ඔබාමා ක්ලින්ටන් ඩිමොක්‍රටික් කණ්ඩායම ලොව පුරා කාන්තා විමුක්තිවාදය මෙන්ම සමලිංගිකත්වය ප්‍රචලිත කිරීමට ඔවුන්ගේ ජාත්‍යන්තර මතවාදී බලහත්කාරය ක්‍රියාත්මක කළ බවද නොරහසකි. ඇමරිකානු ලිංගික ව්‍යාකූල කණ්ඩායම් වල චන්ද සියල්ලම වාගේ හිලරිට වැටී තිබුණ බවක් පෙනේ. කෙසේ නමුදු වසර 2016 නොවැම්බර් 8 වනවිට ප්‍රභල ජාත්‍යන්තර ජනමාධ්‍යවලත්, ඊනියා දේශලාපන විචාරකයන්ගේ හා විද්වත් විශ්ලේශකයන්ගේ අනාවැකිත් බොරු කරමින් ඩොන්ල්ඩ් ට්‍රම්ප් මැතිවරණයෙන් ජය ගත්තේය. 2017 ජනවාරි 20 වනදින ඇමරිකානු ඉලෙක්ටෝරල් කොලෙජ් ආයතනයේ ප්‍රතිඵලය අනුවද ජය ගනිමින් එරට නව ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නේ මැතිවරණයෙන් පසුවත් ජාතිකත්ව විරෝධී ජාත්‍යන්තර කණ්ඩායම් වල සියළු කෙනහිලිකම් මැද්දේය. මේ චන්ද ප්‍රතිඵලය ලෝකයට කියා දුන්නේ වැදගත් පාඩම් ගනනාවකි. ඉන් වැදගත්ම එකක් වන්නේ ලොව ජාතිකත්වයන් තවමත් අඩපනව නැති බව හා ඕනෑම මොහොතක ජාත්‍යන්තරවාදී එකමුතුවේ බලය අභිබවා යා හැකි බවයි. එහි අනෙක් පැතිකඩ වන්නේ යම් දෙයක් සම්බන්ධයෙන් ලෝක ජන මතය කුමක් වුවත් ජාත්‍යන්තර ජඩ මාධ්‍ය සමූහය තමන්ගේ මතවාද වලට පක්ෂපාතී පාර්ශවය පුම්බා තැබීමට ක්‍රියාකරන බවයි. තවත් වැදගත් දෙයක් වන්නේ ගොන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයට තවත් ලෝකයේ තම ආධිපත්‍ය පැතිරවීමට නොහැකි වීම හා ලොව පුරා ජාතිකත්වයන් නව පනක් ලැබීමයි. අනෙක් වැදගත් දෙය බටහිර කාන්තා විමුක්තිවාදය තව දුරටත් ලෝකයේ ජනප්‍රිය මතවාදයක් ලෙස ඉදිරියට නොයන බව ඔප්පු වීමයි. කාන්තා විමුක්ති සටන් පාඨ වලින් කොපමණ ට්‍රම්ප්ට බැට දුන්නත් හිතූ තරම් ඇමරිකානු කාන්තා චන්ද හිලරිට නොලැබීමෙන්ම එය පැහැදිලි වේ. ඇමරිකානු ජානාධිපතිවරණ ප්‍රතිඵලය උහුලා ගන්නට නොහැකිව ඉන් වඩා කුපිත වූයේ කාන්තාවිමුක්තිවාදී කණ්ඩායම්ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමග ලොව පුරාම කාන්තා විමුක්තිවාදීන් ට්‍රම්ප් විරෝධී රැලි සංවිධානය කලේ එනිසයි. කෙසේ නමුත් දැන්නම් මේ ඊනියා කාතා විමුක්තිවාදීන්ට කරන්නට හැකි දෙයක් නැත. ඔවුන් මෙන්ම ඔවුන්ගේ මතවාදයන්දා ඉදිරියේදී පිළුනු වී කුනු කූඩයට යන ආකාරය කාටත් දැක බලා ගන්නට හැකි වනු ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දේශපාලනය ගැන අපට නිස්චිතව යමක් කීමට නොහැකි උනත් ඔහු හිලරි ක්ලින්ටන් මෙන් අපේ රටටත් ජාතියටත් අහිතකර දේ නොකරනු ඇති බව විශ්වාස කළ හැක. හිලරි ක්ලින්ටන් යම් විදිහකින් මේ ජනාධිපතිවරණය ජයගෙන තිබුණිනම් අපේ රටටත් ජාතිකත්වයටත් වෙන්නට තිබූ දේ හිතාගන්නටත් නොහැකි තරමේ විනාශකාරී එකකි. ජිනීවා මානවහිමිකම් පිල්ලිය වඩා වේගවත්ව ක්‍රියාත්මක වෙමින් අපේ රනවිරුවන්ගේ ජීවිත වලට තර්ජනය කරන අතරම දෙමළ ජාතිවාදය සැනසීමේ දේශපාලන අල්ලස ලබාදීමේ රනිල් සිරිසේන වැඩපිළිවෙල වඩා වේගවත් වීමට ඉඩ තිබුණි. එමෙන්ම මෙරට සමලිංගිකත්වය නීතිගත කරවීමේ බලහත්කාරී ක්‍රියාදාමයද දැනටත් වඩා ශක්තිමත්ව ඉදිරියට ඇදෙන්නට තිබිණි. බෙදුම්වාදී සුළුජන අන්තවාදී දේශපාලනය රාජ්‍ය නොවන සංවිධාන සමග යකා නටන්නට තිබුණේ මෙරට සිංහල බෞද්ධ ජාතිකත්වයට උපරිම ලෙස වින කරමින්ය. ඇමරිකාවේ වෙසෙන දෙමළ බෙදුම්වාදී කල්ලිය හිලරිගේ ජයග්‍රහනය වෙනුවෙන් ක්‍රියාකාරීව කටයුතු කර ඇත. ලංකාවේ සිවාජිලිංගම්ලා උතුරේ පොල් ගැසුවේත් හිලරි ක්ලින්ටන් දිනවීමටයි. අවසානයේ යුදෙවු නිරාගමික මතවාදී ආක්‍රමණිකයන්ගේ ජාත්‍යන්තර එකතුවට තදබල ප්‍රහාරයක් එල්ල කරමින් හිලරි විසි වී ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති බවට පත් වූයේ සියල්ල උඩුයටිකුරු කරමිනි. දැන් දෙමළ ජාතිවාදීන්ට පන දුන් ලංකාවේ ජාතිකත්වයට එරෙහි බලවේග ඇමරිකාව තුල පසු බැස ඇත. නුදුරු අනාගතයේ එය අනෙකුත් බටහිර රටවලද සිදුවනු දැකීමට හැක. ජෝන් කෙරී, නිෂා බිස්වාල්, සමැන්තා පවර් යන මෑතක මෙරටට වින කළ දෙමළ ජාතිවාදයේ හිතවතුන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු රාජ්‍යතන්ත්‍රය තුල ඔවුන් දැරූ සියළු ප්‍රභල තනතුරු වලින් ඉවත් කර කොන්සවේටිවු ක්‍රියාකාරීන්ගෙන් එම තනතුරු පුරවා ඇත. අනෙක් අතින් බලන විට ලොව පුර ජාතිකත්ව විරෝධී ව්‍යාධිජනක මතවාද වැපිරවීමට ඇමරිකානු මුදල් රාජ්‍ය නොවන සංවිධාන වලට නොලැබී යනු ඇත. ඒ තුලින් රාජ්‍ය නොවන සංවිධාන ජාලය අඩපන වීම ලොවට මෙන්ම අපේ රටේ ජාතිකත්වයටද හිතකර වනු ඇත. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ සිද්ධිය මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු ජනාධිපති වීමද ලොව පුරා ජාතිකත්වයන් පෙරට ඒමේ ප්‍රවණතාවය තවත් උත්තේජනය කරනු ඇත. ලංකාවේ ජාතික බලවේගද මේ තත්වයෙන් උපරිම ප්‍රයෝජන ගෙන මේ ප්‍රවණතාවයට සමගාමීව කටයුතු කළ යුතුය. වඩා සිහිබුද්ධියෙන් තැනට සුදුසු දේ කළ හැකිනම් අපේ ජාතික බලවේග වලට වර්තමානයේ රටට පිල්ලියක් වී තිබෙන විජාතික බලවේගයේ දේශපාලනය කෙලවරක් කර රටත් ජාතියත් දිගු කාලීනව සුරක්ෂිත කිරීමට හැකි වනු ඇත.

බණ්ඩාර දසනායක

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

, ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions