මේ දිනවල ඇහෙන එක් ප‍්‍රධාන මාතෘකාවක් වන්නේ ඇමති මණ්ඩලයේ සංශෝධනයක් නුදුරුරේම සිදුවන බවය. මේ සදහා එකගතාවක් ජනපති සහ අගමැති අතර ඇතැයි ඇතැම්හූ පවසන අතර මේ ගැන ඒ දෙදනා අතර කිසිම එකගතාවක් නැතැයි තවත් සමහරු පවසති. අනෙක් හැම ප‍්‍රශ්නයකදිම මෙන්ම මෙතැනදිත් එවැනි දෙපැත්තට ඇදිමක් තිබිය හැකි වුවත් රටට මෙහිදි වැදගත් වන්නේ ඒ දෙදනාගේ අදහස් එකිනෙකට නොගැලපෙන්නේ ඇයිදැයි විමසීම පමණක් නොවේ. මේ කියන ආකාරයේ ඇමති මාරුවක් මගින් මේ මොහොතේ විසදන්නට බලාපොරොත්තු වන්නේ කුමන ගැටලූවදැයි දැනගැනීමත් රට පැත්තෙන් වැදගත්ය. කැබිනට් මණ්ඩලය යලි ‘අනන්නේ’ (reshuffle) කුමකටදැයි හරියටම දන්නේ ජනපති-අගමැති දෙදනා පමණක් වන තත්වයක් තුළ ජනතාවට සිදුවන්නේ එයට හේතුව සිතා ගන්නටය. සාමාන්‍යයෙන් තේරුම් යන කාරණය වන්නේ මේ මොහොතේ ඇමති මාරුවක් කරන්නට උත්සාහ ගන්නේ රටේ විවිධ ක්ෂේත‍්‍ර තුළ ගොඩ නැගෙමින් තිබෙන ප‍්‍රශ්න ගනනාවකටම ලබා දෙන පිළිතුරක් ලෙසින් විය හැකි බවය” ඒත් ‘හිසේ ඇම්මට කොට්ටය මාරු කිරීම’ පිළියමක් නොවන්නා සේම පදනමක් නොමැතිව සිදුකරන ඇමති මාරුවකින් ජනතාවට හොදක් සිදුවන්නේ යැයි ද සිතිමටද නොහැකිය.
මා සිතන ආකාරයට මේ මතුවෙමින් තිබෙන ගැටලූකාරීත්වය හුදු ඇමති මාරුවකින් සමහන් කළ හැක්කක්ද නොවන්නේ ඒ බොහෝ ප‍්‍රශ්න වල පදනම ම දේශපාලන න්‍යායයන් සමග ගැට ගැසී ඇති නිසාය. තවත් පැහැදිලිව කිවහොත් මේ මොහොතේ ඇතුවී තිබෙන බොහෝ ගැටලූවලට ප‍්‍රධානතම හේතුවක් ලෙසින් පෙනී යන්නේ එකිනෙකට නොගැලපෙන දේශපාලන පදනම් දෙකක් එකට එක් වී ආණ්ඩු කරන්නට යාමේ ප‍්‍රතිඵලයක් බවයි. මේ බොහෝ ප‍්‍රශ්නවල මූලය වන්නේ ම එජාපයේ සහ ශ‍්‍රීලනීපයේ ඒකමුතුවෙන් හැදි ඇති මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සම්පාදයේත් ඒවා ක‍්‍රියාත්මක කිරීමේදිත් එහි ඇති එකිනෙකට නොගැලපෙන දේශපාලනය හැමවිටම ඉදිරියට ඒමය. ආර්ථිකය පැත්තෙන් ගත්තත්, නිදහස් අධ්‍යාපනය පැත්තෙන් ගත්තත්, ව්‍යවස්ථාව හැදිම පැත්තෙන් ගත්තත් මේ තත්වය එක වගේමය. එජාපය වැඩ කරන්නේ සියල්ල වෙළදපොලට භාරදි ආණ්ඩුව ‘පැත්තකට’ වීමේ පදනමින් ය. ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනීපය සිටින්නේ එවැනි උග‍්‍ර වෙළදපොළවාදි පදනමක් සහිත එජාපයේ මතවාදි ආධිපත්‍යයට එකගවෙන්නට වෙන්නත් බැරි, එයට එරෙහි වී එලියට එන්නත් බැරි තැනකය. අනෙක් අතට ගමේ ශ‍්‍රීලනීප පාක්ෂිකයාගේ දේශපාලනයේ පදනම වන්නේ ම එජාපයට විරුද්ධ වීම බව දන්නා ආණ්ඩුවේ සිටින සන්ධානයේ මැති ඇමතිවරුන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් එජාපයට විරුද්ධව ‘අභ්‍යන්තරිකව හැප්පෙන්නේ’ ඒ කාරණයත් මුල් කරගෙනය.
දැන් ආණ්ඩුවේ අය කැබිනට් සංශෝධනයක් මගින් උත්සාහ ගන්නේ මේ නොගැපීම සමහන් කර ගන්මින් වඩාත් ශක්තිමත් ‘හයිබි‍්‍රඞ් ආණ්ඩුවක්’ හැදිමට විය යුතුය. එහෙත් එවැනි උත්සාහයක් මගින් ගොඩ නැගිය හැක්කේ මේ පවතින අපැහැදිලි තත්වයේම තවත් දිගුවක් මිස අලූත් දෙයක් යැයි සිතිය නොහැකිය. මූලික වශයෙන්ම ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනීපය තේරුම් ගත යුතු කාරණය වන්නේ මේ මොහොතේ පෙන්නුම් කරන එජාපයේ වෙළදපොලවාදි දේශපාලන ස්ථාවරය රටට අහිතකර වුවත් ඒ අය එය මතු කරන්නේ අන් කවරදටත් වඩා ‘නිශ්චිත බවකින්’ සහ ‘විශ්වාසයකින්’ බවයි. එය මතුවන්නේ එයටම ගැලපෙන පක්ෂ නායකත්වයක් හා මතවාදි නායකත්වයක් යටතේ බවයි. විරුද්ධකාරයින් කොහොම බැලූවත් තමන්ගේ ‘වෙළදපොළ දේවවාදය’ ගැන යලි සිතන්නටවත් එජාපය උත්සාහ නොගන්නේ ඒ අයට ඇති මේ විශ්වාශය හා නිශ්චිතභාවය නිසාම බවත් පැහැදිලිය. රටට හානිකර යැයි පිටින් සිටින අපි කීවාට එජාපයට තමාගේ උත්තරය නිශ්චිතය. ස්ථීරය. එහෙත් ශ‍්‍රීලනීපයට අද දවසේ නැත්තේම තමන්ගේ දේශපාලන පදනම පිළිබදව නිශ්චිත වග විභාගයක්ය. එජාපයේ දේශපාලනයේ ඇති මේ නිශ්චිත වෙළදපොළ කේන්ද්‍රීය ගතිකය ගැන ශක්තිමත් විවේචනයක් හෝ තිරසාර විසදුමක් ශ‍්‍රීලනීපය පැත්තෙන් ඉදිරිපත් නොවන්නේ ඒ නිසාය. කැබිනට් සංශෝධනයකින් මේ අර්බූදය විසදිය නොහැක්කේ මේ පෙනෙන අර්බූදයට දේශපාලනමය ගැඹුරක් තිබෙන නිසාය.
ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනයද මේ තත්වය හමුවේ පෙන්නුම් කර්නනේ හුදු විරෝධාකල්පයක් පමණක් වීම ද මෙහිදි තේරුම් ගත යුතුම සත්‍යයකි. හුදු විරෝධය පළල් දේශපාලනයක් ලෙසින් එළියට ගත හැක්කේ තමන්ගේ පාක්ෂිකයින්ගේ හැගීම්බර දේශපාලනය එහෙමම කොළඹ පුවත්පත් සාකච්ජා මගින් කියා පෑමෙන් නොනැවතී එතනින් එහාට යාමෙන් පමණය.
මේ තත්වයට ආමන්ත‍්‍රනය කළ හැකි දේශපාලන න්‍යායක් ශ‍්‍රීලනීපය පැත්තෙන් සහ ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් නිර්මාණය කර ගැනීම මෙහිදි ඉතාමත් වැදගත් කාරණයකි. මෛත‍්‍රී ජනාධිපතිතුමන් ඇතුලු නිල ශී‍්‍රලනීපයත් මහින්ද ජනාධිපතිතුමන් ඇතුලූ ඒකාබද්ධ විපක්ෂයත් හුදු පුද්ගලයන්ගේ කෝණයෙන් නොබලා මේ ප‍්‍රශ්නය දෙස බැලූවහොත් පෙනී යා යුතු කාරණයක් වන්නේ අද රට ඉදිරියේ පවතින ගැටලූ හා ප‍්‍රශ්න හුදු තම තමන්ගේ පුද්ගලික නායකත්වයන් ආරක්ෂා කර ගැනීමේ සීමාවෙන් එළියට පැමිණ ඇති බවයි. එජාපයට ආණ්ඩුවක් හදන්නට හැකි වීමේ එක් ප‍්‍රධාන සාධකයක් වූයේ එහි ප‍්‍රධානීන් තම තමන්ගේ පුද්ගලික නායකත්වයන් ගැන සිතීම නතර කළ නිසා බව (පසු සටහනක් ලෙසින් වත්) තේරුම් ගැනීම මෙහිදි වැදගත්ය. නායකයා කවුද යන්නට වඩා ඒ ඒ නායකයින් කරන්න යන්නේ කුමක්ද යන්න ගැන වැඩි අවධානයක් ගන්නා දේශපාලනයක් පෙරට එමින් තිබෙන බව තේරුම් ගැනීම මෙහිදි ඉතාමත් අවශ්‍යය.
ශ‍්‍රීලනීපයේ පාර්ශවයන් දෙකම එක තැනකට ගත හැකි, අනෙකුත් වාමාංෂික කොටස් එක් කළ හැකි සහ එජාපයේ වෙළදපොළවාදයට එරෙහිව යා හැකි න්‍යායික පදනමක් වෙතට මේ දේශපාලනය හැරවිය හැක්කේ කෙසේද ? මේ ප‍්‍රශ්නයට පිළිතුර සෙවීමෙන් මෙහා දේශපාලනයක් ශ‍්‍රීලනීපයට අද දවසේ තිබිය නොහැකිය. මේ සදහා මුළික කර ගත යුතු පදනම්වාදය (paradigm) විය යුත්තේ ජාතිකවාදයත් වාමවාදයත් එක් කරගත් දේශපාලන න්‍යායක් බව මගේ අදහසයි. මේ සංකල්ප දෙකටම ලාංකීය දේශපාලන ඉතිහාසයේ ලැබී ඇති තරමක් වාදභරිත (problematic) හා අන්තවාදි (extremist) භාවිතාවන් නිසා මෙවැනි අදහසක් ගැන කියූ සැනින් බොහෝ අය මේ ගැන සැක කිරීමට විශාල ඉඩක් තිබේ. ජාතිකවාදයත් වාමවාදයත් දෙකම මේ රටේ ඉතිහාසයේ ගමන් කර ඇත්තේ ලේල කදුලූ සහ ජවිත හරහා වීම එවැනි සැකයකට තවත් හේතුවක් විය හැකිය. ඒත් මේ රටේ දේශපාලනය වෙළදපොල ඌනතිවාදයෙන් ගැලවීමට සිතන ඕනෑම ව්‍යාපාරයක් මුල් වටයේදිම තේරුම් ගත යුතු කාරණයක් වන්නේ මෙරට සිංහල හෝ දෙමළ ස්වදේශිකවාදි ජනයා පළල් ආකාරයෙන් ගොඩ නැගිය හැකි දේශපාලනමය ගතිකය තවමත් ඇත්තේ ජාතිකවාදයේ බවය. මෙම ගතිකය එක් ජාතියකට එරෙහිව අනෙකා මෙහෙයවන තැනින් ගැලවිය හැක්කේත් ජාතිකවාදය සම්පූර්ණයෙන් ප‍්‍රතිකේෂප කිරීමෙන් නොව එය තුළට අනාගවාදි දේශපාලනයක් කැවීමෙන් බව මෙහිදි තේරුම් ගත යුතු තවත් වැදගත් කාරණයකි.
සමහර ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ජාතිකවාදයන් ප‍්‍රතිකේෂප කරන්නනේ හුදු අලංකාරිකයක් ලෙසින් ය. එහෙත් හරයාත්මකව ගත් කළ ජාතිකවාදය සමග මිත‍්‍රශීලි ගනුදෙනුවක් ගොඩ නැගීමෙන් තොරව ‘බලෙන්’ අනාගමිකවීම මගින් සිදුවන්නේ අන්තවාදයක් විසින් හෝ ජාතිවාදයක් විසින් ඒ ජාතිකවාදයේ ඉඩ අල්ලා ගැනීමය. දේශපාලකයින් හෝ විද්‍යාඥයින් කියන ආකාරයට සාමාන්‍ය මිනිසුන් තම තමන්ගේ සංස්කෘතික අන්‍යන්‍යතාව අත හරින්නේ නැත. දර්ශනික අර්ථයෙන් ගත් විට මිනිසා යනු ‘සංස්කෘතික අවිඥනයක්’ විසින් මෙහෙයවන සත්වයෙක් බව පිළිගන්නා තත්වයක් තුළ මේ ජාතිකවාදය හා දේශපාලනය අතර ඇති මේ අනුලංඝනීය සම්බන්ධය ගැන බරපතලව සිතීම ඉතාමත් වැදගත්ය. වඩාත් සරලව කිවහොත් මා සිතන්නේ අන්තවාදයටත් ජාතිවාදයටත් නොයමින් ජාතිකවාදයේ දේශපාලනය සිංහල සමාජයේත් දෙමළ සමාජයේත් සංවිධානය කිරීමේ අභියෝගය ශී‍්‍රලනීපය අතට ගත යුතු බවයි. ශ‍්‍රීලනීප දේශපාලනයට එහි ආරම්භය සැලසුවේම ‘අත් හරින ලද සිංහල ජාතිකත්වය’ වන අතර එම දේශපාලන ව්‍යාපාරය හුදු දෙමළ සමාජයේ අනෙකා බවට පත්වීමට අපේක්ෂාවක් මුළදි පෙන්නුම් කලේ නැත. දෙමළ දේශපාලනයත් සිංහල දේශපාලනයත් එකිනෙකා පරාජය කිරීමේ අන්තයන් දෙකක් තුළ පසු කාලයේ හිරවීම හේතුවෙන් උරුම වූයේ ත‍්‍රස්තවාදයක් සහ එයට එරෙහි යුධවාදයක් බව තේරුම් කිරීමට අලූතින් නිදර්ශන අපේ සමාජයට වුවමනා කරන්නේ නැත.
ජාතිකවාදය සමග වාමවාදය එක්විය යුත්තේ ප‍්‍රධාන හේතූන් දෙකක් නිසාය. එයින් පළමුවැන්න වන්නේ ඉහතින් දැක්වූ ආකාරයේ අන්තවාදයක් හෝ ජාතිවාදයක් විසින් ජාතිකවාදය ගිල ගැනීමේ අභියෝගය ජය ගන්නට හැකියාව වාමවාදයක් තුළ ඇති නිසාය. අනෙක් හේතුව වන්නේ ධනවාදයේ ගෝලීයකරණ ව්‍යාපෘතිය තුළින් මතුවන සමාජ සාධාරනත්වය යටපත් කිරීමේ ‘වෙළදපොල දේවවාදය’ කලමනාකරණය කරන්නට සමත් රාජ්‍යයක් හැදිමට වාමවාදයේ ඇති හැකියාව නිසාය. මෙහිදි තේරුම් ගත යුතු ප‍්‍රධාන කාරණයක් වන්නේ ආර්ථිකය ගොඩ නැංවීමට අවශ්‍ය ආකාරයට වෙළදපොළ කළමනාකරණය කිරීමය. අසමානයන් අතර තරගය සමහන් කරන්නා ලෙසින් සුබසාධන රාජ්‍යය පිළිගැනීමය. අධ්‍යාපනයේ රාජ්‍ය පංගුකාරත්වය ගැන අද මතුවී ඇති සයිටම් පන්නයේ ගැටලූ විසදිය හැක්කේ එවැනි දේශපාලනයකටය. අනෙක් අතට සංස්කෘතීන්ගේ ආරක්ෂාව වෙළදපොට යටපත් කරන්නට ඉඩ නොදිමත් එවැනි රාජ්‍යයක් කේන්දිය කාර්යයක් වශයෙන් පිළි ගැනීම වැදගත්ය. පන්තිය පිළිබද සාම්ප‍්‍රදයික තේරුම් ගැනීමේ හිර නොවී ඉදිරියට ගිය වාමවාදයකට සංස්කෘතියෙහි ඇති වැදගත්කම අගය කළ හැකිය.
අද දවසේ ශ‍්‍රීලනීපයේ (මෛතී‍්‍ර හා මහින්ද දෙපාළේම) දේශපාලනය කේන්ද්‍ර ගතවිය යුත්තේ ජාතිකවාදයත් වාමාංශිකවාදයත් එකවිට නැවත වතාවත් අලූතින් ගොඩ නැංවීමේ දිසාවකටය. එවැනි උත්සාහයක් විසින් පක්ෂයේ වර්තමාන බෙදුම් රේඛාවන් මැකිය හැකි දැයි බැලීම ඉතා සුදුසුය. පැරනි දර්ශනික කියමනක් මේ තත්වයට ගලපා තේරුම් ගන්නේ නම් කිව හැකිකේ ‘වාමවාදයකින් තොර ජාතිකවාදයක් අන්ධ දෙයක් බවත් ජාතිකවාදයක් නොමැති වාමවාදයක් හිස් දෙයක් බවත් අප තේරුම් ගත යුතු බවය එය ඉංග‍්‍රීසියෙන් කිව හැක්කේ The leftism without nationalism is blind, where the nationalism without leftism is empty කියා ය.
පැති මරාැවකින් හෝ ඇමති මාරුවකින් නිමා කල හැකි යැයි නොපෙනෙන මේ යුගයේ සැබෑ දේශපාලන අරගලය වන්නේ මේ ජාතිකවාදයත් වාමවාදයත් අලූතින් වරනගන්නට නායකත්වය දෙන්නට ශ‍්‍රීලනීපය/ඒකාබද්ධ විපක්ෂය සමත් වන්නේද යන කාරණය මතය.
-පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජෙෂ්ඨ කථිකාචාර්ය
චරිත හේරත්
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න.
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .