3/13/2017

රට ජාතිය නැති කිරීමට ව්‍යවස්ථා හා නීති සංශෝධන කෙටුම්පත් කිරීම

කතෘ:යුතුකම     3/13/2017   No comments

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධන යෝජනා හරහා ඒකීයභාවය අහිමි වෙමින් රට බෙදී විසිරී යන ෆෙඩරල් රාජ්‍යක් වීමේ අනතුරත් ,ඒ හරහා රට සහ ජාතිය මුහුණදී ඇති බවපතල අනතුර පිළිබඳ අනතුරු අඟවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත්කළ මාධ්‍ය නිවේදනය.
*******************



රට ජාතිය නැති කිරීමට ව්‍යවස්ථා හා නීති සංශෝධන කෙටුම්පත් කිරීම

ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාවත්,රාජ්‍යයේ ව්‍යුහයත්, නීති පද්ධතියත් වෙනස් කිරීමට ආණ්ඩුව ගන්නා උත්සාහයන් ඉදිරි කාලයේදී කරළියට එන ලක්‍ෂණ දැන් පහල වී තිබේ. පසුගිය නොවැම්බර් මාසේ සිට එක්කො නිල වශයෙන් එළි දක්වනු ලැබූ, නැතිනම් වෙනත් මාර්ගයකින් මාධ්‍යට හෙළි වූ ලියවිලි කිහිපයකින් ආණ්ඩුවේ අභිමතාර්ථය පැහැදිලි වේ. ව්‍යවස්ථාදායක සභාවේ අනුකමිටු හයේ නිල වාර්ථා පසුගිය නොවැම්බර්මාසයේ එලිදක්වනු ලැබීය.අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව හා සංක්‍රාන්තිකයුක්තිය පිළිබද කාර්යසාධක බලකායේ වර්ථාව ජනවාරියේපලවිය. GSP+ බදු සහනය නැවත ලංකාවට ලබා දීමටයුරෝපා සංගමය පැනවූකොන්දේසි 58ත්, ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අගමැතිවරයා යෝජනා කරන නවනීති කෙටුම්පතත් ඒ අතරතුර මාධ්‍යය හරහා ප්‍ර‍සිද්ධියට පත්විය.

මේ ලියවිලි සියල්ලේම පදනම වන්නේ 2015 ඔක්තෝබර් මාසයේදී ලංකාවේ යහපාලන ආණ්ඩුවේ උදව් සහ සම අනුග්‍රාහකත්වයද සහිතව ඔබාමා පාලනය සහ යුරෝපීය බලවතුන් විසින් එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව සම්මත කරගත් යෝජනාවයි. අද වෙන විට මහා දේශපාලන පෙරලියක් සිදුවී ඔබාමා පාලනය අතුගෑවී ගොස් තිබුණද, ඇමරිකාවේ අලුත් ආණ්ඩුවට කතා කොට, මේ භයානක ලියවිල්ලේ වගන්ති වෙනස් කරගැනීමට ලංකාවේ ආණ්ඩුව කිසිදු උත්සාහයක්දරා නැති බව මෙහිදී ජනතාවට දැනුම් දීමට කැමැත්තෙමි. 2015 දී යහපාලකයෝ මේ යෝජනාවට ලංකාවේ සම අනුග්‍රාහකත්වය ලබා දුන්නේදවිදෙස් රටවලබලපෑමටම නොව, තමන්ගේද න්‍යෛසර්ගික දේශද්‍රෝහී න්‍යාය පත්‍ර‍යඅනුවය. අද වෙන විට, 2015 දී ගෙනා යෝජනාව කර තියාගෙන යන්නේ ඇමරිකානු ආණ්ඩුවෙන් නොව ලංකාවේ ආණ්ඩුවෙන්ම බව පැහැදිලිය. මෙහි සදහන් කල ලියවිලි පහෙන් හෙළිවෙන සමස්ථ සැලසුමේ අංගෝපාංග පහත දැක්වෙන ආකාරයට සම්පිණ්ඩනය කර දැක්විය හැක.
අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකායේ නිර්දේශ අනුවශ්‍රී ලංකා රජය මෙරටේ ඇතිවූ සන්නද්ධ ගැටුම් වල ‘වින්දිතයන්ගෙන්’ සමාව ගත යුතුය.නමුත් ත්‍ර‍ස්තවාදී සංවිධාන හෝ ඔවුනට උඩගෙඩි දුන් වෙනත් දේශපාලන සංවිධාන කිසිවෙකුගෙන්වත්සමාව ගතයතුනොවේ. ඒ අනුව ත්‍ර‍ස්තවාදය මර්ධනය කිරීමෙන් ශ්‍රී ලංකා රජය කර ඇත්තේ වරදක්ය යන අදහස ලෝකයට කියවේ.
කොටි සංවිධානයේ සුසානභූමි පෙර තිබූ ආකාරයට නැවත සකස් කරදිය යුතු බවත්, කොටි මහවිරු දිනය සැමරීමටඅවශ්‍ය අයට ඒ සදහා ඉඩදිය යුතු බවත්, කොටි සාමාජිකයන්ගේ ඥාතීන්ට මියගිය කොටි සාමාජිකයන්ගේ ඡායාරෑප කොටි නිල ඇදුමද සහිතව තම නිවෙස්වල ප්‍ර‍දර්ශනය කිරීමට අවසර දියයුතු බවටදඅග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකාය නිර්දේශ කර ඇත. නමුත් ත්‍ර‍ස්තවාදයට එරෙහි සටනේ දිවි පිදූරණවිරුවන් සැමරීමට වැඩපිළිවෙලක් හෝ ඔවුන් ලැබූ ජයග්‍ර‍ණ සැමරීමට වැඩපිළිවෙලක් ගැන හෝ මේ එක ලියවිල්ලකවත් සඳහන් වන්නේ නැත.
චෝදනා ගොනු කරනු නොලැබූ සියලුම කොටි සැකකරුවන් වහාම නිදහස් කලයුතුබවත් අපරාධ සිදු කලායි සැක කරන සන්නද්ධ හමුදා සාමාජිකයන් හිරභාරයටගත යුතු බවත් අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකායකියයි. සංහිදියාව ඇති කිරීමට මෙය අත්‍යවශ්‍ය සාධකයක් හැටියට ඔවුන් හුවා දක්වයි.
2015 ඔබාමා ආණ්ඩුවේ මානව හිමිකම් යෝජනාව හා යුරෝපා කොමිසමේ GSP+ කොන්දේසි මාලාවට අනුව යමින්, අපේ රණවිරුවන්ට එරෙහිව විදේශීයසහභාගීත්වයද සහිතව යුද අපරාධ අධිකරණයක් පිහිටවිය යුතු බවට අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියා කාර්ය සාධක බලකාය නිර්දේශ කර තිබේ. කොටි සාමාජිකයන් මේ වන විට එක්කො පුනරුත්තාපණය ලබා තිබෙන නිසා, නැතිනම් පවතින නීතිය යටතේ ඔවුන්ට නඩු පවරා තිබෙනනිසා, මේ යුද අපරාධ අධිකරණය විසින් කොටි සාමාජිකයන්ට එරෙහිව ක්‍රියාමාර්ගයක් නොගත යුතු බවට යෝජනා වී ඇත. ඒ වෙනුවට කොටි සංවිධානයෙන් ඉවත් වී ආණ්ඩුව සමග එකතු වී කටයුතු කල හිටපු කොටි නායකයන්ට එරෙහිව යුද අපරාධ විමර්ශන පැවැත්විය යුතු බවටඅග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකාය කියයි.
2015 ජිනීවා මානව හිමිකම් යෝජනාවට අනුව යුද අපරාධ සිදු කල බවට සැක කරන නමුත් යුද අපරාධ අධිකරණයට ඉදිරිපත් කිරීමට තරම් සාක්ෂි නැති සන්නද්ධ හමුදා සාමාජිකයන්පරිපාලනමය ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කල යුතු වේ. නමුත් ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අග්‍රාමාත්‍යවරයාසම්පාදනය කර තිබෙන නව නීතියට අනුව යම් ත්‍ර‍ස්තවාදී සැක කරුවෙකුට එරෙහිව ප්‍ර‍මාණවත් සාක්ෂි නැතිනම් සමාව ඉල්ලීම, පසුතැවීම ප්‍ර‍කාශ කිරීම, පුනරුත්තාපණය ලැබීම, ඉදිරියේදී අපරාධ නොකිරීමට පොරොන්දු වීම, ප්‍ර‍ජාසේවයේ නියුතු වීම, වැනි කොන්දේසියක් මත නීතිපතිවරයාට හෝ මහ අධිකරණයට එම ත්‍ර‍ස්තවාදියාට එරෙහිව ගෙන තිබෙන නීතිමය ක්‍රියාමාර්ග අත්හිටුවිය හැක.
යුද අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් වන සන්නද්ධ හමුදා සාමාජිකයන්ට කිසිදු පොදු සමාවක් ලබා නොදිය යුතු බව අග්‍රාමාත්‍යවරායාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධක බලකාය කියයි. නමුත් ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට අග්‍රාමාත්‍යවරයා විසින් නිර්දේශ කර තිබෙන නව නීතියට අනුව උසාවියක් විසින් වැරදි කරුවෙකු කරනු ලැබූ ත්‍ර‍ස්තවාදියෙකුට වුවත් ත්‍ර‍ස්තවාදය හෙළාදැකීම, පසුතැවීම ප්‍ර‍කාශ කිරීම, අදාල අපරාධය සිදු වූයේ ඉහළින් ආ බලපෑම් නිසා බව පෙන්වීම, යන කාරණා මත සිර දඩුවම් ලිහිල් කිරීමට වගන්ති ඇතුලත් කර තිබේ.
අග්‍රාමාත්‍යවරයාගේ සංහදියාව පිළිබද කාර්ය සාධක බලකාය කර තිබෙන තවත් නිර්දේශයක් වන්නේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට අවශ්‍ය දිරිගැන්වීම් දී කළින් විශ්‍රාමයැවීමයි. මේ සදහා සන්නද්ධ හමුදා සාමාජිකයන් පොළඹවා ගැනීමට ඔවුනගේ ළමයින්ට හොද පාසල් ලබා දී, වෙනත් රැකියා සොයා දී,පිටත් කර යැවිය යුතු වේ. මේ ආකාරයට හමුදා විසුරුවා හැර, අත්දැකීම් සහිත හමුදා නිලධාරීන් හා සෙබලුන් ගෙදර යවා, රටේ ආරක්‍ෂාව තහවුරු කරන්නෙ කෙසේද කියා මේ එක ලියවිල්ලකවත් සඳහන් නොවේ.
ත්‍ර‍ස්තවාදය වැලැක්වීමේ පනත වෙනුවට ගෙන ඒමට යන අලුත් නීතියට අනුව අදාල ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති, මානව හිමිකම් කොමිසම හා එම පළාතේ මහේස්ත්‍රාත්වරයා අත්අඩංගුවට ගන්නා ත්‍ර‍ස්තවාදී සැකකරුවන්ගේ සුරක්‍ෂිතභාවය තහවුරු කල යුතු වේ. රදවා ගැනීම් නියෝගයක් යටතේ සැකකරුවන් රදවා ගැනීම මාස 03 සිට දවස් 30 දක්වා අඩු වේ. රදවා ගෙන සිටිය හැකි උපරිම කාලය මාස 18 සිට මාස 06 දක්වා අඩු වේ. සැකකරුට එරෙහිව අවුරුද්දක් ඇතුළත නඩු ගොනු නොකලොත්, නැතිනම් නඩුවේ කාලය අවුරුදු දෙකකට වඩා දික් ගැස්සුනහොත්, සැකකරු ඇප මත නිදහස් කල යුතු වේ. ත්‍ර‍ස්තවාදී සැකකරුවන්ට උපරිම අවකාශය සලසන අතර රාජ්‍ය හමුදා වලට උපරිම ලෙස බාධා වෙන ආකාරයට මේ යෝජනා කෙටුම්පත් කර තිබේ.
පොලීසිය, නීතිය හා සාමය අනු කමිටුවේ නිර්දේශවලට අනුව මාස තුනකට වඩා කාලයක්, නැතිනම් දින 180 ක් තුළ දින 90කට වැඩි කාලයක් හදිසි නීතියපවත්වගෙන යන්න නම් ඒ සදහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් අවශ්‍ය වේ. හදිසි නීතිය ප්‍රකාශ කිරීම මෙන්ම හදිසි නීති රෙගුලාසිත් විමර්ශනය කර ඒවා අවලංගු කිරීමට වුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරීමට මෙහිනිර්දේශ කර තිබේ. නීතියහා සාමය බිද වැටීමකට සුදුසු ආකාරයට ප්‍ර‍තිචාර දැක්වීමට විධායකයට ඇතිබලය මෙයින් සීමා වේ.මේ ආකාරයට විධායකයත්, හමුදාවත්, පොලීසියත් දඩුකදේ ගසා නීතිය හා සාමය රකින්නේ කෙසේද යන්න මෙහිදී සලකා බලා නැත.
ජාත්‍යන්තර සමමුතීන් ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කරගන්නාක්‍රමවේදය වෙනස් කර ජිනීවා මානව හිමිකම් කමිටුවටලංකාවෙන් අභියාචනා ඉදිරිපත් කිරීමට ඉඩදිය යුතු බවඅධිකරණය පිළිබද අනු කමිටුව යෝජනා කර තිබේ. එයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දු සමාලෝචනය කිරීමට ජිනාවාහි මානව හිමිකම් කමිටුවට බලය ලැබෙන නිසා ශ්‍රේෂ්ඨාධිකරණයට ලංකාවේ ඉහලම උසාවිය හැටියට ඇති තත්වය අහිමි වේ. රටක අධිකරණය ජාත්‍යන්තර අධිකරණයකට යටත් කිරීම යනු ස්වාධිපත්‍ය අහිමි වීමකි. බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට තීරණය කලේද යුරෝපා අධිකරණයේ ආධිපත්‍යයෙන් ගැලවීමටය.
ලංකාව නිර්ආගමික රාජ්‍යයක් බවට පත් කිරීමේ යෝජනාව සලකා බලන ලෙස අග්‍රාමාත්‍යවරයාගේ සංහිදියාව පිළිබද කාර්ය සාධාක බලකාය නිර්දේශ කර තිබේ. බුදු දහමට ඇති විශේෂ තත්වය නැති කරන්නේ නැතෙයි කීවද එයත් මේ සමස්ථ සැලසුමේ කොටසක් බව මේ ලියවිලි වලින් පෙනේ.
පලාත් ආණ්ඩුකාරවරුන්ගේ සියලු බලතල අහෝසි කිරීමට මධ්‍ය හා පර්යන්තය පිලිබද අනුකමිටුව යෝජනා කරතිබේ. ඒ අනුව ආණ්ඩුකාරවරුන් අදාල මහඇමතිවරුන්ගේ අභිමතය පරිදි පත්කිරීමටත්, මහ ඇමතිවරයාගේ හා ඇමති මණ්ඩලයේ උපදෙස් පරිදි ආණ්ඩුකාරවරයාටකටයුතු කිරීමටත් සිදුවේ. පළාත් සභා තුළ මධ්‍යම ආණ්ඩුවේ අණසක පවත්වාගෙන යන්නේ ආණ්ඩුකාරවරුන්ය. ඒකීය රාජ්‍ය රැකෙන්නේ ආණ්ඩුකාරවරුන්ගෙන්ය. ඒ තනතුරේ බලය හීන වුවහොත්, ලංකාව ඉබේටම ෆෙඩරල් රාජ්‍යයක් වෙනු ඇත.
ඒකීය රාජ්‍යය නැති කිරීමේ පියවරක් ලෙසව්‍යවස්ථාවේ සමගාමී බලතල ලැයිස්තුව අහෝසි කිරීමට නිර්දේශ වී තිබේ. ඒ අනුවදැනට මධ්‍යම ආණ්ඩුවට හෝ පලාත් ඒකක වලට අයත් නොවන සියලු බලතල පලාත් ඒකක වලට දිය යුතු බවට මධ්‍ය හා පර්යන්තය පිලිබද අනුකමිටුව යෝජනා කර ඇත. එපමණක්ද නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරුත් පලාත් ඒකක යටතට පත් කිරීමටත් නිර්දේශ වී තිබේ. මෙය අදියරෙන් අදියර ඒකීය රාජ්‍යයේ ආණ්ඩුව දිය කර දැමීමේ වැඩ පිළිවෙලක් බව පෙනේ.
ජාතික පොලිස් සේ;වයේ රාජකාරිය ජාත්‍යන්තර අපරාධ වැනි කාරණා කීපයකට සීමා කර, සියලුම එදිනෙදා පොලිස් රාජකාරී පළාත් පොලිස් සේවාවන් 9 කට පවරා දීමට නිර්දේශ වී ඇත. පළාත් පොලිස් සේවාවන් වලට පදිංචිය හා කතා කරන භාෂාව මත බදවා ගැනීම් සිදු කිරීමටත්, ඔවුන් භාවිතා කරන ගිනි අවි හා ලබන පුහුණුවද ඒ පලාත් බලධාරීන් විසින්මතීන්දු කිරීමටත්නියමිතය. එමෙන්ම, මේ සංශෝධන වලින් පසුපළාත් පොලිස් සේවාවන් අදාල පලාතේ පොලිස් කොමිසමට මිස ලංකාවේ පොලිස්පතිවරයාට හෝ මධ්‍යම ආණ්ඩුවට වගකීමට බැදී සිටින්නේ නැත.
මධ්‍ය හා පර්යන්ත පිළිබද අනුකමිටුවේයෝජනා වලට අනුව සියලු ඉඩම් බලතල පලාත් ඒකක වලට පැවරිය යුතු වේ. ජාතික ආරක්‍ෂාව වැනි මධ්‍යම ආණ්ඩුවේ කටයුත්තක් සදහා ඉඩම් අවශ්‍ය වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් අදාල පලාත් සභාවට ඉදිරිපත් කල යුතු වේ. මෙවැන්නකට උතුරු නැගෙනහිරෙන් ලැබීමට ඉඩ තිබෙන ප්‍ර‍තිචාරය කුමක්දැයි අපිට කල් තියාම සිතාගැනීම අපහසු නැත.

යහපාලනආණ්ඩුව ව්‍යවස්තාවත් නීතියත් වෙනස් කිරීමෙන් බලාපොරොත්තු වෙන දේ ඉහත සදහන් කාරණා වලින් පැහැදිලි වේ.යුද්ධය දිනපු නිසා සන්නද්ධ හමුදාවන්ට දඩුවම් දීම,මධ්‍යම ආණ්ඩුවක්හෝ ඒකීය රාජ්‍යයක් නැති වන තරමටම බලය බෙදීම, නීතිය හා සාමය බිදවැටීමකට ශ්‍රී ලංකා රජයට මුහුණ දීමට නොහැකි වෙන තැනට වැඩ සැලසීම, ලංකාවේබහුතර ප්‍ර‍ජාවගේත් සන්නද්ධ හමුදා වලත් ජීවගුණය හා චිත්ත ධෛරය බිඳ, බෙදුම්වාදීන්ට හැකි තරම් වාසිදායක වාතාවරණයක් නිර්මාණයකරදීම මේ වැඩපිළිවෙලේ අරමුණ වේ. අප මෙහි සඳහන් කලලියවිලි වල නිර්දේශ ක්‍රියාත්මක වුවහොත්, ඉතුරු වන්නේ ෆෙඩරල් ප්‍රාන්ත නවයකට බෙදූශ්‍රී ලංකාවකි.අභයන්තර කැරැල්ලකටමුහුණ දිය නොහැකි ආණ්ඩුවකි. එතැන් සිටවෙනම රාජ්‍යයකට ඇත්තේ තව එක් පියවරක් පමණි.

දේශීය හා විදේශීය ඊළාම්වාදී පිරිස් ඇතැම් විදෙස් බලවතුන්ද සමග එකතුවී2015 ජනාධිපතිවරනයේ ප්‍ර‍තිපලය විකෘති කරනු ලැබුවේ දශක හතරක ත්‍ර‍ස්තවාදයෙන් ලබා ගැනීමටබැරි වූ දේ ඒඅයට ලබා දීමටසූදානම් ආණ්ඩුවක් බලයට ගෙන ඒමටය. ආණ්ඩුව තුළ සිටන සියලුම ශ්‍රිලනිප සාමාජිකයන්ටත්, එජාප මන්ත්‍රීවරුන්ටත් මා මෙහිසදහන් කළ ලියවිලි පහ කියවා බලන ලෙස මම ආරාධනය කරමි. මෙවැනි දේශද්‍රෝහී වැඩපිළිවෙලකට එකග වී රටත්, ජාතියත් පාවා දෙනවාද නැද්ද යන්නපක්‍ෂ භේද පසෙක තබා සෑම මන්ත්‍රීවරයෙකුම තනි තනිව ගත යුතු තීරණයක් වන්නේය. පසුගිය ජනාධිපතිවරණය සමයේ යහපාලකයෝ රටට දුන් ප්‍ර‍ධානම ව්‍යවස්තාමය ප්‍ර‍තිඥා දෙක වූයේ විධායක ජනාධිපති ක්‍ර‍මය අහෝසි කිරීමත්, මැතිවරණ ක්‍ර‍මය සංශෝධනය කිරීමත්ය.

ජනතාවට දුන් මේ පොරොන්දු දෙකම සම්පූර්ණයෙන්ම පසෙක ලා, ඉහත සදහන් වැඩපිළිවෙල මේ තරම් උනන්දුවෙන් ඉදිරියට ගෙන යෑමට මේ ආණ්ඩුව පෙළඹී ඇත්තේ, ඔවුන්ට මේ රටේ ජනතාවට වඩා වැදගත් වෙනත් හාම්පුතුන් පිරිසක් සිටින නිසා නොවෙදැයි මහජනතාව කල්පනා කර බැලිය යුතුය.

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook  :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions