11/25/2014

ගම මුල්වුනු ආර්ථිකයක්

කතෘ:යුතුකම     11/25/2014   2 comments

දැන්නම් බොහෝ නිවෙස්වල රූපවාහිනිය නැතිව සවස් කාලය ගෙවා දමන්නේ කෙසේද යන්න ප්‍රශ්ණයකි. නමුත් අපි කුඩා කාලයේ ලංකාවේ රූපවාහිනී තිබුනේ නැත. එකල සතියකට වරක් ප්‍රචාරය වුනු ගුවන් විදුලි නාට්‍යයකට සවන් දීමෙන් අපි සෑහීමකට පත්වුනෙමු. ඒ නිසා අද රූපවාහිනිය ඔස්සේ සපුරා ලන්නේ එදා අපට තිබුනු නමුත් ඉටු නොවුනු අපේ යම් අවශ්‍යතාවක් යැයි කිව නොහැකිය. එය අනාගතයේදී නිර්මාණය කරන්නට යෙදෙන යම් භාණ්ඩයක් අපට අද නැතිවීම නිසා අද අපේ යම් හඳුනානොගත් අවශ්‍යතාවක් ඉටුවෙන්නේ නැතැයි කීම හා සමානය. ඒ නිසා රූපවාහිනියෙන් කෙරන්නේ ඊනියා අවශ්‍යතාවක් සැපිරීම නොව ඉන්ද්‍රිය පිනවීම සඳහා නව මඟක් පාදා දීම යැයි කිවහොත් එය වඩා නිවැරදිය.

මේ ආකාරයට මීට වසර තිහ හතලිහකට ඉහත නොතිබුනු පාරිභෝගික භාණ්ඩ හා සේවා රැසක් දැන් අපට නැතිවම බැරිවී ඇත. ඒවා ඊනියා අවශ්‍යතා ලෙස සැලකීමට අද අපි පුරුදුවී සිටියද කලකට ඉහතදී මේ බොහෝ දේ නැතිව ජීවත්වීමට හැකිවුනු බව අඩුතරමින් වැඩිහිටියන්ටවත් මතක තිබිය යුතුය. පාරිභෝගික භාණ්ඩ හා සේවාවන්හි වර්ධනයට හේතුව අපි සමාජයක් වශයෙන් වඩා වඩා ඉඳුරන් පිනවීමට ඇබ්බැහිවීමය.

රූපවාහිනී, මෝටර් රථ, ජංගම දුරකතන වැනි සුඛෝපභෝගී භාණ්ඩ සම්බන්ධයෙන් පමණක් නොවේ සෞඛ්‍ය සේවය වැනි සේවාවන්හි ඇතිවී ඇති වර්ධනයද වක්‍රාකාරයෙන් හෝ ඉඳුරන් පිනවීමේ ප්‍රතිඵලයකි. සෞඛ්‍යය සේවයේ වර්ධනයට එක් හේතුවක් රෝගීන් ගහණවීමය. නමුත් අද අප සමාජය තුල රෝගීන්ගේ වර්ධනයක් ඇතිවී ඇත්තේ සෘජුව හෝ වක්‍රව හෝ අපි ඉඳුරන් පිනවීමට ඇල්මක් දක්වන නිසා නොවේද? අපි ආහාර පරිභෝජනයේදී දිව පිනවීම අරමුණු කරගන්නෙමු. ඇඟ නොවෙහෙසා ජීවත් වෙන්නට බලන්නෙමු. අපව රෝගාතුර කරන විස සහිත පරිසරය කන බොන දෑ මෙන්ම තරඟකාරී ජීවතයද වක්‍රාකාරයෙන් ඉඳුරන් පිනවීමේ ජීවන රටාවක ප්‍රතිඵලයක් නොවේද? අනිත් අතට අද මහා පරිමාණයෙන් රට පුරා පුද්ගලික රෝහල් බිහිවෙන්නේ, ඒවාහි අධික මිලකට සේවා සැපයෙන්නේ, නොයෙකුත් උපක්‍රම යොදාගෙන රෝගීන් තමන් වෙත ආකර්ශනය කරන්නට උත්සාහ කරන්නේ යම් සේවාවක් සැපයීමේ මූලික අරමුණින් නොවන බව පැහැදිලිය. එහි නීත්‍යානුකූල බව කෙසේ වෙතත් ඊනියා සේවයක් සපයමින් සමාජයේ යම් පිරිසක් වඩ වඩා ඉඳුරන් පිනවා ගන්නා බව සත්‍යයකි.

මේ ආකාරයට විමසූවිට ගෙවී ගිය කාලය තුල පාරිභෝගික භාණ්ඩ හා සේවා සැපයීමේ වර්ධනයක් ඇතිවී ඇත්තේ අපි වඩ වඩා ඉඳුරන් පිනවීමට ඇබ්බැහිවීම හේතුකොටගෙනය. එසේ නොවේනම් මේ කාලය තුල සිදුවී ඇති ඊනියා අවශ්‍යතා වර්ධනය තේරුම් ගත හැක්කේ මොන ආකාරයකටද? එය ජනගහනය වර්ධනය වැනි වෙන යම් ස්වාභාවික සංසිද්ධියක් මඟින් පැහැදිලි කර ගත හැකිද?

අද බටහිර ආධිපත්‍යයට යටත්ව ඇති සියලු රටවල් හැකි පමණින් අනුකරනය කරන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආර්ථික රටාවය. ධනවාදී, ලිබරල්, වෙලඳ, විවෘත ආදී අනොයෙකුත් නම් වලින් හැඳින්වුවද යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආර්ථික රටාව ඉඳුරන් පිනවීම, එසේත් නැත්නම් අවශ්‍යතාවන් වර්ධනය කිරීම පදනම් කරගත් ආර්ථික රටාවකි. නමුත් බෞද්ධයින් වශයෙන් අපි ඉඳුරන් පිනවීමට ඇබ්බැහිවීම සසර තව තවත් දික් කර ගැනීමක් බව දන්නෙමු. බෞද්ධයින්ට අවශ්‍ය ඉඳුරන් සංවර කරගැනීමටය. නමුත් පෘතග්ජනයින් වශයෙන් අපිට නිවීම සොයා ගොස් නිවෙන්නට හැකිවෙන්නේ අවසන ඉන් සැනසීමක් ලැබෙනොත්ය. සැනසීම සොයා ගොස් සැනසෙන්නේ අවසන නිවෙන නිසාය. ඒ නිසා පෘතග්ජනයින් වශයෙන් අපට බලාපොරොත්තු විය හැක්කේ නිවී සැනසීමටය. නිවී සැනසෙන්නටනම් අවශ්‍යතා සපුරා ගන්නා අතරම අවශ්‍යතා ස්වයං වාරණයට ලක් කර ගැනීමටද හැකිවිය යුතුය.

අද අපි පිළිපදින ඉඳුරන් පිනවන ආර්ථික ක්‍රමය නීවී සැනසෙන ආර්ථික ක්‍රමයක් බවට වෙනස් කර ගැනීමට නම් අප උත්සාහ කල යුත්තේ අවශ්‍යතා සපුරා ගැනීම හා වාරණය අතර යම් සමතුලිතතාවක් ඇති කර ගැනීමය. නමුත් ඉඳුරන් පිනවීම පදනම් කරගත් ආර්ථික ක්‍රමයක් තුල ඊනියා සංවර්ධනයක් කරා යන අතරේ ඉන්ද්‍රිය සංවර කර ගැනීමට උනන්දු කරවන සංස්කෘතික ව්‍යාපාරයක් සාර්ථකවේ යැයි සිතිය නොහැකිය. බෞද්ධයින් බලාපොරොත්තු වෙන සමතුලිතතාව ඇති කර ගැනීමටනම් ආර්ථික ක්‍රමවේදයේම වෙනසක් සිදුවිය යුතුය.

බටහිර ආර්ථික ක්‍රමයේ වැදගත්ම දැනුම මහා පරිමාණයෙන් නිශ්පාදනය සිදුකෙරෙනවිට නිශ්පාදන “වියදම” අවම කර ගත හැකිය යන්නය. නමුත් ඇත්තටම මේ කථාව වංචාවකි. මෙහි නිෂ්පාදකයා දරන වියදම අඩු යැයි සැලකෙන්නේ මහා පරිමාණ නිශ්පාදනයේදී පොදුවේ සමාජයටත් පරිසරයටත් සිදුවෙන හානිය නොසලකා හැරීමෙනි. ඒ කෙසේ වෙතත් බටහිර ආර්ථික ක්‍රමය තුල මහා පරිමාණයෙන් නිශ්පාදනය වන්නේ පාරිභෝගික භාණ්ඩ පමණක් නොවේ සෞඛ්‍යය, අධ්‍යාපනය වැනි සේවාවන් සැපයෙන්නේද මහා පරිමාණයෙනි. නිශ්පාදනය මධ්‍යගතව සිදුවීම, භාණ්ඩ බහුලවීම, නිශ්පාදනය වෙළඳාම අරමුණු කොටගෙන සිදු කෙරීම, වෙළඳ මිල අඩුවීම ආදී කරුණූ මහා පරිමාණ නිශ්පාදනයේ ලක්‍ෂණය. මේ සියලු කරුණු අඩු වැඩි වශයෙන් දායක වෙන්නේ ඉඳුරන් පිනවීම වඩා කාර්යක්‍ෂමව සිදුකෙරීමටය. මහා පරිමාණයෙන් කෙරෙනවිට නිශ්පාදකයා දරන "වියදම" අඩුවන නිසා ඒ භාණ්ඩ ඉතා අඩු මිලකට පාරිභෝගිකයින්ට විකිනිය හැකිය. භාණ්ඩ බහුලවීමත් මිල අඩුවීමත් හේතුවෙන් මහා පරිමාණ නිෂ්පාදන ක්‍රමය තුල ඉඳුරන් පිනවීම වඩා කාර්යක්‍ෂමව සිදු කල හැකිය. මහා පරිමාණ නිශ්පාදනය පාලනය වෙන්නේ මධ්‍යගතවය. මධ්‍යගතව සිදුවෙන නිසා පාරිභෝජිකයා ජීවත් වන්නේ නිශ්පාදන ක්‍රියාවලියෙන් ස්වායත්තවය. ඒ නිසා වෙලඳපොල මඟින් ආර්ථිකය හැසිරවේයැයි බටහිර ආර්ථික විද්‍යාවේ කොතෙක් කියවුනද ඉන්ද්‍රිය සංවර කර ගැනීම අරභයා පාරිභෝජිකයාට නිශ්පාදන ක්‍රියාවලියට කල හැකි බලපෑමක් නැත. ඔහුට ඇත්තේ දෙන දෙයක් කා තව වැඩිපුර ලැබෙන තෙක් බලා හිඳීමටය. ඉඳුරන් පිනවීම කාර්යක්‍ෂමව සිදුවීමත් ඉන් මිදීමට ඇති හැකියාව අවම වීමත් නිසා සුවිශේෂ පුද්ගලයින්ට හැර බෞද්ධයින්ට සමාජයක් වශයෙන් ඔවුන් පතන සමතුලිතතාව මේ ක්‍රමය තුල අත් කර ගත නොහැකිය.

ඒ නිසා ඉඳුරන් සංවර කරන ආර්ථික ක්‍රමයක් ගොඩනඟා ගැනීමට නම් අපි මධ්‍යගත මහා පරිමාණ නිශ්පාදනයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අතක් ගත යුතුය. එනම් අපේ ආර්ථිකය අදට සාපේක්‍ෂව සුලු පරිමාණ නිශ්පාදනය මත පදනම්වුනු විමධ්‍යගත ආර්ථිකයක් බවට පත් කර ගත යුතුය. ගම මුල්වුනු ආර්ථික ක්‍රමයක ගැමියන්ට රිසි පරිදි තම අවශ්‍යතා පිරිමසා ගැනීමටත් අවශ්‍යතා වාරණයට ලක් කර ගැනීමටත් මධ්‍යගත ආර්ථිකයකදීට වඩා ඉඩක් ඇත. වර්ධනය හා වාරණය අතර සමතුලිතතාවක් ඇති කර ගත හැක්කේ ආර්ථික වපසරිය කුඩාවූ පමණටය.
 
-ජානක වංශපුර : මගේ රට
යුතුකම සංවාද කවය
www.yuthukama.com

, , ,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

2 comments :

  1. me wage gobba lipi thamai me site eke palawenne. ane yako.. miita aurudu 30000kata issella api redi endeth ne. e kiyanne redi ape awashyathawayak wenna be.
    meke inna gobba lipi liyana un nam patta athal apita denne.

    ReplyDelete
  2. රේඩියෝ එක එන්න ඉස්සෙල්ලා මිනිස්සු රේඩියෝ ඇහුවෙත් නැහැනෙ. මිනිස්සු පත්තර බැලුවෙ.
    ඒ කියන්නෙ රේඩියෝ එක (ඊනියා) අවශයතාවයක් වෙන්න ඔනේ.
    පත්තරේ තමයි අවශයතාවය.
    Wait... පත්තරේ එන්න ඉස්සෙල්ලා තිබුනෙ අඩබෙරේ. ඒ කියන්නේ පත්තරේ කියන එක අවශයතාවයක් වෙන්න බෑ.
    ජානක ගොන් හරකො, කියපන්කො ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන්නෙ ඇයි උඹ?

    ReplyDelete

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

කිණිහිරය

හීන් සැරය

කෙටි සටහන්

මාධ්‍ය ගබඩාව

ප්‍රවර්ග

1505 2015 BBS NGO Theory අනගාරික ධර්මපාල අනුර කුමාර අමරසේකර ආචාර්ය දයාන් ජයතිලක ආමන්ඩ් ද සූසා ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී එජාප කවි කවි විචාර කාලය කෙටි කතා ගම්මන්පිල ගැමුණු චම්පික චිත්‍රපට විචාර චින්තනය ජනපතිවරණය ජනාධිපතිවරණය ජයග්‍රහණය ජවිපෙ ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දහතුන දේශපාලන නසරිස්‌තානය නිදහස නෝනිස් පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බම්බුව බලු කතා බුදු දහම බෙංගමුවේ නාලක බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මරක්කල මහ නාහිමි මහින්ද මහින්ද රනිල් මානව හිමිකම් මුස්‌ලිම් මෛත්‍රිපාල යටත්විජිතකරණය රණ විරුවා රනිල් වික්‍රමසිංහ රන් කරඬුව රාජතාන්ත්‍රික රාජපක්‍ෂ ලේකම් වහාබ් විජේවීර විධායක බලය විමුක්ති වනිගසේකර වෙනස සැපද සංගීතය සජින් සමාජ විචාර සරච්චන්ද්‍ර සාහිත්‍ය හා විචාර සිංහල සිංහල බුද්ධාගම සීපා ස්වර්ණ පුස්තක හෙළ උරුමය

පාඨක අදහස්

© 2014 www.yuthukama.com