
අපි වේලාසනින් අවදි වුනෙමු. එහෙත් , අප වේලාසනින් අවදි වූ පමණින් වේලාසනින් හිරු පායන්නේ නැත. නමුත්, කවදා හෝ දිනෙක හිරු පායද්දී වේලාසනින් අවදි වී සිටීම අපට ප්‍රයෝජනවත්ව තිබෙනු ඇත. - රෝහණ විජේවීර
මෙරට සමාජ දේශපාලන ඉතිහාසයේ 1965 වසර තරම් ලාංකීය චින්තනය වේගවත් චලනයකට හසුකල වෙනත් පරිච්ඡේදයක් නැති තරම්ය. එවකට රට පාලනය කරන්නන්ගේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය සහ සුන්දර තර්ක විතර්ක වලින් ජනතාව මුලා කිරීමට එරෙහිව රෝහණ විජේවීර දේශප්‍රේමියා දේශපාලන පක්‍ෂයක් පෝෂණය කලේ නැවුම් දේශයක් උදාකිරීමේ බලාපොරොත්තූවනි. එවකට පැවති සමාජ දේශපාලන ක්‍රමයේ අර්බුදය විසින් රට ගෙනයමින් තිබූ අගාධය දුටු විජේවීර ඇතූලු සගයන්, අනෙකූත් වාමාංශීක පක්‍ෂ ධනපති පාලකයන්ගේ තූරුල්ලේ සුරතල් වන විට දැවැන්ත අභියෝග රැසක් අභිබවමින් උත්සාහ කලේ වල් වැදී තිබූ සමාජය නිවරදි සමාජ ක්‍රියාකාරීත්වයකින් නිවරදි මගට ගැනීම උදෙසාය. ඔහුගේ ඒකායන අරමුණ වූයේ දේශයට දෙූා්හී සතූරු කණ්ඩායම් වලට එරෙහිව යමින් මාතෘභූමියට නිදහසත් අවසානයේ සමාජවාදයත් උදාකර ගැනීමය.

මෙවන් සමාජ දේශපාලන පසුබිමක වර්ධනය වූ විජේවීරගේ දේශපාලන පක්‍ෂයේ වර්තමාන ක්‍රියාකාරීත්වය දෙස බැලීමෙන් එය පිලිකූල් කිරීම හැර අන් යමක් අපට සිහි නොගන්වයි. ලක්‍ෂ සංඛ්‍යාත සහෝදරවරුන් අමු අමුවේ ඝාතනය කලාවූද තම නායකත්වය විනාශ කලාවූද එවකට පැවති පාලක එජාපය සමග හොර රහසේ එකගෙයි නිදවදින විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන හම්පඩ නායකයන් පිළිබඳ පුවත් අපට ගෙන එන්නේ පක්‍ෂයෙහි ජීව ගූණයේ විනාශය මිස අන් කවරක්ද? තම එකම අරමුණ හා පරමාර්ථය වූ මාතෘභූමිය රැකගැනීමේ උදාර අරමුණ පසෙක තබා අධිරාජ්‍යගැත්තන් සමග සම්බන්ධ වෙමින් ඔවුන් සමග පොදු සන්ධානයක ගත කිරීමෙන් එය පසුගිය ජනාධිපතිවරණයේදී මනාව සනාථ කරන ලදි. විරුවන්ගේ වීරත්වය හෑල්ලුවට ලක් කරමින් ඔවුන්ගේ බලාපොරොත්තූ හිතලුවක් ලෙස ඉවතට දැමූ විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන නායකත්වය එම යුගය අභිභවූ මිනිසාගේ දැක්ම මහ පොලව මත ජීවමාන කිරීමට අසමත් විය. වසරක් පාසා මියගිය තම ආදරණීය සහෝදරයන් සමරමින් මල් වඩම් තබමින් කඳුළු කැට වගූරුවන විප්ලවවාදී යැයි තමා පමණක් සිතා සිටින නායකත්වය විසින් අපට නැවත නැවත සනාථ කරනුයේ බඩගෝස්තරවාදයේ පතූලටම කිඳා බැස ඇති බව මිස අන් කිමෙක්ද.
මිනිසාට ආදරය කිරීමේ පරමාදර්ශය සැපයූ විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන නායකත්වය පක්‍ෂයේ වංචාවන්ට, දුෂණයන්ට එරෙහිවූවන් දෙූා්හීන් ලෙස තාඩන පීඩන වලට ලක් කිරීම කෙතරම් ආශ්චර්යක්ද ? මෙය ඉතිහාසයේ විප්ලවවාදී පක්‍ෂවලට සිදුවූ සාම්ප්‍රදායික විනාශය වුවද ජවිපෙ උත්පත්තිය අවජාතක නොවූ හෙයින් මෙම වර්තමාන විගඩම සමාජයට පෙන්නුම් කරනුයේ විකෘති මානසික උන්මාදයකි.
අනේකවිධ කැප කිරීම් හා අවසන සතූරා ඉදිරියේ තම ජීවිතය කැපකරමින් මව්බිමට නව අරුතක් මෙන්ම දේශප්‍රේමී බලවේගයට නව ජවයක් ලබා දී හෙට දින පූදින මල් කැකූලු වෙත දයාබරත්වයෙන් පිරුණු රටක ආශ්වාදය එක් කල යුගය අභිභවූ මිනිසා වන රෝහණ විජේවීර ඇතූලු ලක්‍ෂ සංඛ්‍යාත විප්ලවවාදී විරුවන් සැමරීම යනු ඔවුන්ගේ බලාපොරොත්තූව මේ මහපොලව මත ජීවමාන කිරීම හැර අන් කවරක්ද. දේශපාලනයෙන් කූස ගිනි නිවා ගන්නා පාදඩ ක්‍රමයක සිරවී සිටින විජේවීරගේ පක්‍ෂයේ වර්තමාන නිකායවාදීන්ගේ ක්‍රියාවලිය සනාථ කරනුයේ යුගය අභිබවූ මිනිසා නැවත නැවතත් ඝාතනය කිරීම හැර අන් කිමෙක්ද ?
-ඉන්දික ප්‍රසාද් ගමගේ
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .