
ඇත්තෙන්ම අපට හදිසියේ මේ මුස්‌ලිම් ජාතිකවාදියා ගැන සොයන්නට සිත්වුණේ මන්ද? ඒ අන් කිසිවක් නිසා නොව ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය නැගෙනහිර පළාතේ වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක් ඇති කළ යුතු බවට කරන යෝජනාව නිසාය. කොංග්‍රසයට අවශ්‍ය කුමක්‌ද? චෞද්රි 1933 දී ප්‍රකාශයට පත්කළ නසරිස්‌තානය නමැති සිහින රාජ්‍යයට මූලික පදනම සකස් කර ගැනීමය. ඇත්තෙන්ම මෙයට ඉඩදිය යුතුද? කිසිසේත්ම නැහැ. එසේ ඉඩදුනහොත් බේරුවල ද වෙනම මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කයක් ඇති කළ යුතුයෑයි යෝජනා කරනු ඇත. කල්මුණේ වෙරළාසන්න බල ප්‍රදේශයේ වෙනම පරිපාලන දිස්‌ත්‍රික්‌කයක් ප්‍රකාශයට පත්කළ යුතු යෑයි යෝජනාවක් ඉකුත් ඔක්‌තෝබර් 23 වැනිදා කල්මුණේ මහනගර සභාවේදී වැඩි ඡන්දයෙන් සම්මත වී ඇත. මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මුස්‌ලිම් කොංග්‍රසය මගිනි. කල්මුණේ මහ නගර සභාවේ නගරාධිපති නිසාම් කාරියප්පර් ප්‍රකාශ කරන්නේ අම්පාර දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයට යන මුස්‌ලිම් ජනතාවට භාෂාව සම්බන්ධ ගැටලු ඇතිවන නිසා වෙනම දිස්‌ත්‍රික්‌කයක් ඇතිකිරීම වඩාත් යෝග්‍ය බවය. ඇත්තෙන්ම භාෂාවට වඩා ඇත්තේ වෙනත් අරමුණකි. මේ දිස්‌ත්‍රික්‌කයේ ශරියා නීතිය ක්‍රියාත්මක කිරීමටද මුස්‌ලිම් කොංග්‍රසය ක්‍රියාකරනු ඇත. එහෙනම් කල්මුණේ දිස්‌ත්‍රික් යෝජනාවට දෙමළ ජාතික සන්ධානය තරයේ විරුද්ධව අදහස් දක්‌වා ඇති අතර නගර සභාවේදී මෙයට විරුද්ධව ඡන්දය ලබාදී තිබේ. ඇත්තෙන්ම අම්පාර දිස්‌ත්‍රික් ලේකම් කාර්යාලයට යන දෙමළ ජාතිකයන්ට භාෂා ගැටලු ඇතිවන්නේ නැද්ද. අනිවාර්යයෙන්ම ගැටලු ඇතිවේ. එසේනම් ඔවුන් මේ යෝජනාවට පක්‍ෂව ඡන්දය දිය යුතුව තිබිණි. නමුත් මේ මුස්‌ලිම් දිස්‌ත්‍රික්‌කය තුළ හින්දුන්ට කතෝලිකයන්ට "අබසරණ" වන නිසා දෙමළ ජාතික සන්ධානය මෙයට විරුද්ධ විය. උතුර නැගෙනහිර එක්‌කළ යුතුයෑයි කියන දෙමළ සන්ධානය අම්පාර දිස්‌ත්‍රික්‌කයද දෙකට කැඩීමට එකඟ වන්නේ නැත.

ඌව පළාත් සභා ඡන්දයේදීද හොඳින් පෙන්නුම් කෙරුණේ මුස්‌ලිම් ඡන්ද එජාපයට ඇදී ගොස් ඇති බවකි. මේ යෝජනාව ගැන පාර්ලිමේන්තුවේදීද කතාබහක් ඇතිවුණු අතර එහිදී එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා මේ යෝජනාව දැඩිව විවේචනය කළේය. එක්‌සත් ජාතික පක්‍ෂය මේ යෝජනාව ප්‍රතික්‍ෂේප කිරීම අගය කළ යුත්තකි.
2003 ජනවාරි 29 වැනිදා අග්නිදිග විශ්වවිද්‍යාලයේ දී විශේෂ ප්‍රකාශනයක් එළිදැක්‌විණි. එය ඕලුවිල් ප්‍රකාශය ලෙස ප්‍රකටය. එදා එල්.ටී.ටී.ඊ. සංවිධානයද ක්‍රියාත්මකව තිබුණු බැවින් මේ ප්‍රකාශය රජයට මෙන්ම කොටි සංවිධානයටද යොමුකර තිබිණි. මෙහි සඳහන් වූ වැදගත්ම පණිවුඩය කුමක්‌ද? නැගෙනහිර පළාත මුස්‌ලිම්වරුන්ගේ පාරම්පරික නිජභූමිය බවය. එනිසා වෙනම කලාපයක් අවශ්‍ය බව එම ප්‍රකාශය මගින් අවධාරණය කර තිබිණි. මේ ප්‍රකාශය නිකුත් කිරීමෙන් පසු දැවැන්ත පෙළපාලියක්‌ද පැවැත්වූ අතර එයට සහභාගිවූවන් අවධාරණය කළේ වෙනම කලාපයක් මෙන්ම තමන්ගේ පාලනයකටත් අවශ්‍ය ඉඩකඩ ලබාදිය යුතු බවයි. මෙම ප්‍රකාශය 1976 මැයි මාසයේ දී සම්මත කළ වඩුක්‌කෝඩේ ප්‍රකාශය හා සමාන යෑයිද ප්‍රකාශ විණි. කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව ද කෙළින්ම සමාන වන්නේ ඕලුවිල් ප්‍රකාශයට බව අමුතුවෙන් කිව යුතු නැත. මුස්‌ලිම් කොංග්‍රසයට අවශ්‍ය කල්මුණේ ඉස්‌ලාමික රාජ්‍යයක් ඇතිකරන්නද? මේ ඉල්ලීමට රජය එකඟ වුවහොත් මීගමුව, ජාඇල ප්‍රදේශවල කතෝලිකයන් සඳහාද වෙනම දිස්‌ත්‍රික්‌කයක් වෙන්කර දීමට ද රජයට සිදු වනු ඇත.
ඕලුවිල් ප්‍රකාශය අප පැහැදිලිව ප්‍රතික්‍ෂේප කරන්නේ මේ රට සෑම ජාතිකයෙකුගේම නිජභූමිය වන බැවිනි. මේ රටේ ශිෂ්ටාචාරය නිර්මාණය කළේ මහජාතිය විසිනි. නමුත් කිසිම සුළු ජන ප්‍රජාවට අඩු සැලකිලි දක්‌වා නැත. ඒ බෞද්ධ සම්ප්‍රදාය නිසාය. ඕලුවිල් ප්‍රකාශය පිළිගන්නේ නම් කොළඹ වෙසෙන මුස්‌ලිම්වරුන්ටද ප්‍රශ්න ඇතිවේ. මන්ද ඔවුන් නැගෙනහිරට අයත් නොවන නිසාය. දෙමළ නිජභූමියද මුස්‌ලිම් නිජභූමියද ප්‍රතික්‍ෂේප කළ යුතුය. මුස්‌ලිම් කොංග්‍රසය ඡන්ද කඩාගැනීමේ අරමුණින් මේ කල්මුණේ දිස්‌ත්‍රික්‌ක යෝජනාව ගෙනවිත් ඇති බව පැහැදිළිය. නැගෙනහිර පළාතේ හිස ඔසවන වහාබ් අන්තවාදයටද මේ වෙනම දිස්‌ත්‍රික්‌කයක් ඇති කිරීම ආශිර්වාදයක් වන්නේය. එනිසාම මේ දිස්‌ත්‍රික් යෝජනාව කුණු කූඩයට දැමිය යුතුය. නැතිනම් චෞද්රි රහමන් අලිගේ නසරිස්‌තානය නැගෙනහිරින් බිහිවනු ඇත.

[ඉරිදා දිවයින]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .