| යහළුවන් | ඔරවයිද |
| ප්රභූ අය | හිනැහෙයිද |
| අතින් කන්නට | බයද |
| හෝටලටය ලොකු | වැඩිද |
| වැළදුවේ බුදු | රදුන් |
| නොමවේද ගරු | අතින් |
| වැදගත්ද සුදු | එවුන් |
| පරදවා බුදු | රදුන් |
| හීනමානය | බලව් |
| සිහළුනේ ලැජ්ජා | වව් |
| සුද්දාම කොපි | කරව් |
| ජාතකය විසි | කරව් |
| කුමට නුඹ | ලැජ්ජාද |
| අත නුඹේ | ගැහෙනවද |
| හෝටලටය ලොකු | වැඩිද |
| ජාතකය පණ | මදිද |
| වාදයට නොම | ගොසින් |
| පතුරවන මෙත් | සිතින් |
| නුඹ කන්න නුඹෙ | අතින් |
| නුඹේ උරුමය | ලෙසින් |
යුතුකම සංවාද කවය






.jpg)






