"පෙබරවාරි 10 රටවැසි ප්‍රකාශය" සම්මන්ත්‍රණය
2018-02-26
කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේදී
සංවිධානය : යුතුකම සංවාද කවය
යුතුකම සංවාද කවය
www.yuthukama.com
ඔබේ මනාපය රට වෙනුවෙන් කැපවුනු යුතුකම සංවාද කවයේ ෆේස්බුක් පිටුවේ ලකුණු කරන්න. (Like us on facebook)
https://www.facebook.com/yuthukama

සම්බන්ධන් මහතා වටා ගොඩනැඟී ඇති ප්‍රතිරූපය එබඳු වුවද, ස්වකීය දේශපාලන න්‍යාය පත්‍රය, එනම් අවසානයේ වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ ශක්‍යතාවය සහිත පෙඩරල් පාලන ව්යqහයක් උතුරු - නැගෙනහිර ස්ථාපනය කිරීමේ ප්රයත්නය සපුරා ගැනීමට ඉවහල් වන්නේ නම් විතණ්ඩවාදී මිත්‍යා තර්කවලින් සමාජය මුලා කිරීමටත්, තම අරමුණු වසන් කොට ප්‍රතිවාදීනට චෝදනා කිරීමටත් නොපැකිලෙන බව ඔහු පෙබරවාරි 19 වැනිදා පාර්ලිමේන්තුවේදී යළිත් වරක් සනාථ කළේය. ඒ පෙබරවාරි 10 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය ගැන උද්වේගකර විග්‍රහයක් කරමිනි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අත්කරගත් ජයග්‍රහණය බරපතළ ලෙස ගණන් ගැනීමට, ප්‍රතිවාදීනට කලබලවීමට සහ පක්ෂයේ ආධාරකරුවනට උද්දාමයට පත්වීමට පදනමක් නැති නොවටිනා එකක්සේ හෑල්ලු කිරීමට ඔහු තම කථාවේදී උත්සාහ කළේය. 




