12/28/2014

ජාතිකත්වයේ ජයග්‍රහණය මත තීරණය වන රටේ අනාගතය

කතෘ:යුතුකම     12/28/2014   4 comments
පනින රිළවුන්ට ඉනිමං බැඳීමට අවශ්‍ය නැතැයි කියමනක් තිබේ. නමුත් ඡන්ද දායකයන් ලෙස අද වන විට අපට ඉතුරුවී ඇත්තේ පනින රිළවුන්ට ඉනිමං බැඳීම පමණි. ඡන්ද දායකයා රිළවුන්ටත් අන්ත තත්ත්වයකට පත් වී ඇත.

'සමාජවාදී රජයන් බිහිවන්නේ පීඩිත පන්ති විප්ලවයකිනි' යනුවෙන් අදහන්නෝ වෙති. හෙට අනිද්දා ලංකාවේත් පීඩිත පන්ති ආඥාදායකත්වය යටතේ රජයක් බිහි විය හැකි නොවේදැයි මේ පීඩිතයන් පනින පැනිලි දකින්නකු සිතුවොත් පුදුම විය යුතු නැත. අද අප රටේ සිටින්නේ එසා බලවත් ධනවත් පීඩිත පන්තියකි. එම පන්තිය රටේ සැබෑම පීඩිත පන්තියය යන්න තහවුරු වන්නේ මේ පීඩිත පන්තියට විකල්පයක් ලෙසට අඩුම තරමින් තම පක්ෂයෙන් අපේක්ෂකයකු හෝ ඉදිරිපත් කර ගැනීමට පීඩිතයන් වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණට නොහැකි වී තිබෙන බැවිනි. අද රටේ වැසියන් පීඩාවට ලක් වී ඇතැයි සිතන්නවුන්, පීඩිතයන්ගේ පක්ෂය එවන් බංකොලොත්භාවයකට පත් වීම පැහැදිලි කරන්නේ කෙසේද?

සමාජවාදී කඳවුර ධනවාදී කඳවුර ලෙසින් බෙදා තවදුරටත් ලෝකය තේරුම්ගත නොහැකිය. බටහිර අධිරාජ්‍යවාදයට විකල්පයක් ලෙස මාක්ස්වාදය යොදාගත හැකිද යන්න සෙවීමේ ලෝක ව්‍යාපෘතිය පසුගිය සියවසේදී අසාර්ථක වී ඇත. එහි ප්‍රතිඵලයක් ලෙසින් ලෝකයේ තැනින් තැන ජාතිකවාදී රාජ්‍ය බිහි වීමද මාක්ස්වාදී පක්ෂ ත්‍රීවිල් තුළට ගාල් වීමද නිරීක්ෂනය කළ හැකිය.

චීනය වැනි ආර්ථික ඇමරිකාවට අභියෝගයක් වීම, මුස්ලිම් සංස්කෘතිය මත පදනම් වූ රටවල් වළට එරෙහිව බටහිර අධිරාජ‍යවාදයෙහි යුධමය ගැටුම්, එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන පැහැදිලි ලෙසම බටහිර අධිරාජ්‍ය වෙනුවෙන් දර දිය අදින ඔවුන්ගේ නියෝජිත ආයතන ලෙසින් එළිපිටම ක්‍රියාත්මක වෙමින් ශ්‍රී ලංකාව වැනි ජාතිකත්වය මත පදනම් වූ රාජ්‍යයන් මර්ධනයට පෙළ ගැසීම ආදිය මෙම බල තුළනය වෙනස් වෙමින් පැවතීම හා සමගාමී වේ. මේ විපර්යාසයේ ප්‍රතිඵලයක් ලෙස බටහිර අධිරාජ්‍යයන්ට එරෙහිව ලෝකයේ විකල්ප බල කඳවුරක් නිර්මාණය වීම ඉදිරි දශකය තුල සිදුවනු ඇත. අනම්‍ය ලෙසින් බටහිරයන්ගේ දෙමළ බෙදුම්වාදයට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකාව එම බල කඳවුර නිර්මාණයේදී සුවිශේෂී කර්තව්‍යයක් ඉටු කිරීමට ශක්‍යතාවය හිමිකරගෙන ඇත. අද ලංකාව ලෝකය තුළ යම් වැදගත්කමක් හිමිකරගනීනම් ඒ මෙම සන්ධර්භය තුළ තේරුම්ගත යුත්තකි. මුස්ලිම් සහ අනෙකුත් ජාතිකත්වයන් මත ගොඩනැගුනු රාජ්‍යයන් තුළදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලැබෙන්නේත් ලංකාවේ මෙම ස්ථාවරත්වය සිඳ බිඳ දැමීම බටහිර රටවල මුඛ්‍ය අවශ්‍යතාවයක් වන්නේත් මේ හේතුවෙනි. රට හරහා හමා යන මෙම දේශපාලන කුණාටුව අතිශ්‍යයින් තීරණාත්මක වන්නේ එබැවිනි.

රටේ සදාචාර පරිහාණිය පිළිබඳව කතා කිරීමට දෙයක් නැත. දූෂණය වංචාව ඉහ වහා ගොස්ය. බොහෝ ව්‍යාපෘතීන් පාරදෘශ්‍යභාවයෙන් තොර වී ඇත. බොහෝ තැන්වල කතා වෙන වෙනසක් අවශ්‍යය යන්නට ඇති ප්‍රධාන තර්කය මේ අවපාලනයයි. මෙම සංස්කෘතියට තිත තැබිය යුතුය යන්නෙහි විවාදයක් නැත. නමුත් රටේ ජනතාව වශයෙන් අප මෙවන් ප්‍රශ්න අවසන් කිරීමට උත්සාහ දැරූ පළමු අවස්ථාව මෙය නොවෙයි. 77දී ජේ. ආර්. ජයවර්ධන මහතා පැමිනෙන්නේ ධර්මිෂ්ඨ සමාජයක් ඇති කරනවාය යන පොරොන්දුව ඉටු කිරීමටය. නමුත් ඇතිවූ ධර්මිෂ්ඨ සමාජයක් නැත. 94දී චන්ද්‍රිකා මහත්මිය බලයට පත් වන්නේ එයට පෙර රජයේ පැවති අධර්මිෂ්ඨකම්, දූෂණ, භීෂණ නිමා කිරීමට සපත කරමිනි. 2002දී රනිල් මහතාද එම එකම සටන් පාඨය කරට ගෙන මැතිවරණය ජයග්‍රහණය කරයි. අද නැවතත් 2015දීද එම සටන් පාඨයම පෙරමුණට පැමින ඇත. අපට දූෂණයෙන් වංචාවෙන් තොර මහත්මා දේශපාලනයකට අඩිතාලම දමා ගැනීමට මෙතරම්ම නොහැකි වන්නේ මන්ද?

මෙම අප ලැබූ යුධ ජයග්‍රහණය මේසා තීරනාත්මක වන්නේ ඇයිද යන කාරණය පැහැදිලි කරගත යුතුය. වෙනම දෙමළ රාජ්‍යයක් බිහි කරගැනීමේ අරමුණින් දෙමළ රාජ්‍ය පක්ෂය හෙවත් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය එවකට සිටි දෙමළ නායකයන් විසින් බිහි කරනු ලබන්නේ 1949 වසරේදීය. එංගලන්තයෙන් නිදහස ලබා මාස කිහිපයක් ඇතුලත එවන් දේශපාලන ව්‍යාපාරයක් ඇරඹීම දෙමළ ජනයාට සිංහලයන්ගෙන් වූ අසාධාරනයකට එරෙහි වීමේ ප්‍රතිඵලයක් නොවේ. එය අවබෝධ කරගත යුත්තේ එතෙක් රට පාලනය කළ අධිරාජ්‍යවාදීන් දෙමළ නායකයන් තුළට ප්‍රේරණය කළ බෙදුම්වාදී අභිලාශයන් මෙම වෙන් වීමට හේතුව ලෙසයි. මෙයට සමගාමීව තමිල්නාඩුව තුළද ඊලාම් රාජ්‍ය සංකල්පය බිහි වීම දැකිය හැකිය. ප්‍රබල ජාතිකත්වයන්ට එරෙහිව සෙසු ජන වර්ග උසි ගන්වා රටවල් බෙදීම පිළිබඳව බටහිර අධිරාජ්‍ය තුළින් ඕනෑ තරම් උදාහරණ සොයා ගත හැකිය. ලංකාව තුළද සිදු වූයේ එම වැඩපිළිවෙලමය. 80 දශකය මුළ වන විට එම බෙදුම්වාදී ව්‍යාපාරය දෙමළ තරුණයන් අත සන්නද්ධ අරගලයක් බවටත්, උගත් දෙමළ ප්‍රජාව අත මතවාදී සාමකාමී දේශපාලන මෙහෙයුමක් ලෙසත් ක්‍රියාත්මක විය. 87 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉන්දියාවේ සහ බටහිර රටවල බලපෑමට යටත්ව පළාත් සභා පිහිටුවා උතුරු නැගෙනහිර පළාත් වලට බලය බෙදන්නේ මෙම දේශපාලන පෙරමුනට ජයග්‍රහනයක් අත් කර දෙමිනි. නමුත් එම මංදගාමී දේශපාලන උපක්‍රම ප්‍රතික්ෂේප කරන දෙමළ තරුනයන් තම සන්නද්ධ අරගලය උත්සන්න කරයි. වරෙක ගැටෙමින්ද වරෙක අන්න්‍යොන්‍ය වශයෙන් උදවු කර ගනිමින්ද දෙමළ බෙදුම්වාදයේ මෙම පෙරමුනු දෙක 2009 තෙක් රටේ ගමන්මඟ හසුරවයි.

87දී ඉන්දු ලංකා ගිවිසුම හරහා පලාත් සභා පිහිටුවීමේ සිට මේ දක්වා මෙම දෙමළ බෙදුම්වාදී දේශපාලන පෙරමුණ විශාල ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත. පළාත් සභා පිහිටුවාගෙන එයට ඉඩම් බලතල, පොලිස් බලතල වැනි බෙදුම්වාදී බලතල පවා අයත් කරගනිමින් එය සන්ශෝධනය කිරීමට ඉතා අපහසු මෙම ව්‍යවස්ථාවේ අංගයක් බවට පත් කරවාගැනීම ඔවුන් ලද සුවිශාල ජයකි. එකල සිට මේ දක්වාම රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ එකක් හෝ දෙකම තම බෙදුම්වාදී වුවමනාව අනුව මෙහෙයවීමටද ඔවුහු සමත් වූහ. 94 වසරේදී චන්ද්‍රිකා මහත්මිය මතු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මවු හා පිය පාර්ශ්වයෙන් උරුමය ඇති අසහාය දේශපාලන ප්‍රතිරූපයක් ලෙසිනි. නමුත් බොහෝ කලක් විදෙස් ගතව සිටි ඇයව මෙරටට ආනයනය කරන ලද්දේ වික්ටර් අයිවන් වැනි අද දවසේත් බෙදුම්වාදය වෙනුවෙන් කැප වන චරිත විසින්ය යන්න ජනතාවගෙන් වසන් කර තිබිනි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇය වසර 10ක් පමන ලංකාවේ නායකත්වය හොබවයි. ඒ සමයේදී කොටි සන්විධානයේ සන්නද්ධ බලය වර්ධනය වීමට අමතරව දෙමළ බෙදුම්වාදය විමුක්තිවාදී ව්‍යාපාරයක් ලෙසින් ලෝකය තුළ තහවුරු වීමද මෙය ජාත්‍යන්තර ප්‍රශ්නයක් බවට පත් වීමද සිදුවිය. 94 දී එතුමිය ජනතාවට කියුවේ තමන්ගේ අරමුණ දාහත් අවුරුදු එජාප අඳුරු සමය අවසන් කර දූෂණය, භීෂණය නිමා කර යහ පාලනයක් ඇති කිරීමය යන්න වුවද ඇය නොකළේද එයමය. ඒ වෙනුවට මෙම දෙමළ බෙදුම්වාදය ඇයගේ ඇකයේ පැටවු ගසමින් වර්ධනය විය.
චන්ද්‍රිකා මැතිනිය මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයද මෙම දෙමළ බෙදුම්වාදය වෙනුවෙන් එළිපිටම පෙනී සිටින කඳවුරක් බවට පත් විය. ප්‍රශ්නය දෙමළ බෙදුම්වාදය වුවද ඒ පිටුපසින් සිටිමින් ලංකාවේ දේශපාලනය හසුරුවන්නේ ඇමරිකාව, එංගලන්තය ප්‍රමුඛ බටහිර බලවේගයන් වීම මේසා දේශපාලන සවියක් එම මතවාදයට ලැබීමට හේතුවයි. 2002දී බලයට පත් රනිල් මහතාගේ සමය දෙමළ බෙදුම්වාදයේ ස්වර්ණමය යුගය විය. ශ්‍රී ලංකාවට කෝටි ප්‍රකෝටි ගනනින් ආධාර දීමට ඉදිරිපත් වූ බටහිර රටවල් ඒ වෙනුවට ඉදිරිපත් කල ප්‍රධානතම කොන්දේසිය වූයේ, ත්‍රස්තවාදයට එරෙහි ප්‍රහාර නතර කිරීමත් දෙමළ බෙදුම්වාදී මතය ජාතික මට්ටමින් පිළිගැනීමත්ය. සටන් විරාම ගිවිසුම හරහා එය මැනවින් ඉටු විය. චන්ද්‍රිකා මහත්මිය විසින් තනිවම හෝ ඇය ජනාධිපතිවරිය සහ රනිල් මහතා අගමැතිලෙස සිටියදී එක්ව හෝ බෙදුම්වාදී යුද්ධය 75%ක් ජයග්‍රහනය කලාය යන්න ඒ අනුවනම් තර්කානුකූල කතාවකි. දෙමළ ජනයා වෙනුවෙන් සිංහලයන්ට අයත් නැති වෙනම වෙනම භූමි ප්‍රදේශ උතුරු හා නැගෙනහිර පළාත් හි ඇති බවට සටන් විරාම ගිවිසුම මඟින් පිළිගැනුනු අතර තව ඉතිරිව තිබුනේ අන්තර්වාර පාලනයක් මඟින් එම ප්‍රදේශ ඔවුන්ට පවරා දී දේශ සීමා නිර්ණය කිරීම පමනි.

මෙම සිදුවීම දිනකින් දෙකකින් අමතක කර දැමියහැකි සරළ කරුණක් නොවේ. 2005දී යම් ලෙසකින් මෙම ගමන නතර නොවන්නට වසර 2500ක් තිස්සේ පැවති රට අද වන විට දෙරටක් බවට පත් වී හමාරය. ඒ සඳහා මෙම කුප්‍රකට නායකයන් කළ කී දෑ සුළු පටු නොවේ.

2005දී සිදුවන්නේ කුමක්ද? දෙමළ බෙදුම්වාදයට අඩුමතරමින් නිදහස ලද 1948 දක්වාම දිවයන ඉතිහාසයක් ඇත. 2005 වනවිට ඔවුන්ගේ සන්නද්ධ අරගලයට දශක තුනක් සම්පූර්ණ වී තිබිනි. එම දශක තුන තුළ ඔවුහු මිනී මැරූහ. බෝම්බ පිපිරවූහ. දේපල වැනසූහ. මුළු රටම ගිනි තැබූහ. දෙමළ බෙදුම්වාදී දේශපාලන මතය වසර 50කට අධික කාලයක් තුළ වර්ධනය වෙද්දීත් විටින් විට දේශපාලන ජයග්‍රහන අත් කර ගනිද්දීත්, ඔවුන්ගේ ත්‍රස්තවාදය වසර 30ක් පුරා රට වනසද්දීත් බහුතර සිංහල බෞද්ධ ප්‍රජාවට කළ හැකි වූයේ කුමක්ද? ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක හරහාම විටින් විට ක්‍රියාත්මක කළ එම බෙදුම්වාදයත්, ආර්ථික, සමාජීය කරුනු තුළ ඔවුන්ව වල් මත් කර දැමීමත් හේතු කොට ගනිමින් මෙම ව්‍යවසනයට එරෙහිව නැඟී සිටීමට ඔවුනට නොහැකි විය. 2005 තෙක් බෙදුම්වාදී නායකයන් කළ හානිය මෙන්ම ඔවුන්ට එරෙහිව ඒ දක්වාම බලවේගයක් අපේ පාර්ශ්වයෙන් ගොඩ නැඟීමට නොහැකි වීම යන කරුණද ඉතා බරපතල ලෙසින් අප සැලකිල්ලට ලක් කළ යුතුය. මන්ද ඇස් පනා පිට මිනී මරණ ව්‍යවසනයට එරෙහි වීමට අපට ජාතියක් ලෙසින් වසර 30ක් ගත වීනම් එතරම් දරුණු ලෙස නොව මෘදු ලෙසින් ක්‍රියාත්මක වන බෙදුම්වාදයට එරෙහිව පෙළ ගැසීමට අපට කොතරම් කාලයක් අවැසි වනු ඇත්ද? 2005දී ලද ජයග්‍රහනය සුවිශේෂී වන්නේත් එම ජය කිසි ලෙසකින් ආපසු නොහැරවිය යුත්තේත් මෙම කරුණු සළකාය.

2009දී නන්දිකඩාල් කලපුවෙන් සියල්ල අවසන් වී යැයි නොසිතිය යුතුය. පරම්පරා තුනකට වඩා පැරණි ප්‍රශ්නයක් එලෙසින් නිමා වන්නේ නැත. දෙමළ බෙදුම්වාදයේ සන්නද්ධ අංශය නන්දිකඩාල්හි ගිලී ගියද එතෙක් මෙතෙක් ක්‍රියාත්මක වූ දේශපාලන අංශයට ඉන් හානියක් සිදු නොවිනි. 2009දී පළාත් සභා පනතට කිසිවක් සිදු නොවිනි. දෙමළ බෙදුම්වාදය විසින් කුලියට ගෙන සිටි ප්‍රධාන දේශපාලන පක්ෂවල නායක නායිකාවන්ට කිසිඳු උවදුරක් සිදු නොවිනි. එම ප්‍රශ්නය ඇති කළ පවත්වාගෙන යන බටහිර රටවල් සහ ඉන්දියාව එලෙසින්ම පවතී. එබැවින් නිසැක ලෙසින්ම වටහාගත යුත්තේ 87දී පළාත් සභා පනත සම්මත කරවාගනිමින් දෙමළ බෙදුම්වාදය ක්‍රියාත්මක වූයේ කෙලෙසද, 94 සිට චන්ද්‍රිකා මහත්මිය මෙහෙයවමින් දෙමළ බෙදුම්වාදය ක්‍රියාත්මක වූයේ කෙලෙසද 2002 සිට රනිල් මහතා හරහා වෙනම රටක් වෙනුවෙන් ගමන් කලේ කෙසේද, එම බෙදුම්වාදය අද දවසේත් කිසිඳු උවදුරක් නොමැතිව එම බලවේග මෙහෙයැවීමේ හැකියාවෙන් යුක්ත බවයි. මෙහි ඇති අනතුර එයයි.

77දී අප උත්සාහ කලේ ධර්මිෂ්ඨ සමාජයක් ඇති කර ගැනීම වුවද මෙම බෙදුම්වාදීන් අපට උරුම කර දුන්නේ පළාත් සභා හරහා බල බිඳින ලද ජාතියකි. අද ජාතිකවාදී ලෙසින් පෙනී සිටින පාඨලී චම්පික ආදීන්ද එදවස එක්සත් ජාතික පක්ෂ දාහත් අවුරුදු අඳුරු යුගය නිමා කර යහ පාලනයක් ඇති කරගැනීම සඳහා චන්ද්‍රිකා මහත්මියට සහාය විය. නමුත් ඇති වූ යහ පාලනයක් නැත. 94දීද අපට අවැසි වූයේ යහ පාලනයක් වුවද ඔවුන් අපට ලබා දුන්නේ ත්‍රස්තවාදියාට ත්‍රස්තවාදියා ලෙසින්වත් ඇමතිය නොහැකි වූ බියගුලු ජාතියකි. 2002දීද අපට අවැසිවූයේ යහ පාලනය වුවද ඔවුන් ලබා දුන්නේ 75%ක් බෙදූ රටකි. 2015දී ඔවුන් බලය ඉල්ලන්නේ අපට කුමක් ලබා දෙන්නද?

එබැවින් නිදහස ලැබූ දා සිටම අපව පෙළන මෙම ප්‍රශ්නයයි අද දවසේත් අප හමුවේ ඇති ප්‍රධානතම අභියෝගය. එම අභියෝගය අමතක කර දමා යහ පාලනය ආදී අනෙකුත් ප්‍රශ්න කෙරේ සංවේදී වූ සෑම අවස්ථාවකදීම එම අපගේ අවශ්‍යතාවය වතුරේ යෑමට අමතරව බෙදුම්වාදය දින දින ශක්තිමත් වෙමින් රටේ දේශපාලන අස්ථාවරත්වය වර්ධනය කළ බව ඉතිහාසය සාක්ෂි දරයි. ලාංකීය දේශපාලනය මුළුමනින්ම ජාතිකත්වය මත පදනම් වන තුරු, බටහිර යටත්විජිතවාදයටත් එහි මෙරට සංරචකය වන දෙමළ බෙදුම්වාදයටත් තැනක් දෙන දේශපාලන ව්‍යාපාර තීරණාත්මක ලෙසින් පරාජය කරන තුරු එපට ඇතිකරගත හැකි යහ පාලනයක් නැත.

2005 සිට මේ වන තුරු අප විසින් මෙම විජාතික දේශපාලන ප්‍රවාහයට එල්ල කර ඇත්තේ සුළු පටු ප්‍රහාරයක් නොවේ. 2010දී මෙන්ම මෙවර 2015 දීද ඔවුන්ට අඩුම තරමින් ජනාධිපති අපේක්ෂකයෙකු හෝ ඉදිරිපත් කර ගත නොහැකි වීමට හේතුව එයයි. 2010දී මෙන්ම මෙවරද මෙම විපක්ෂ බලවේගය සකසන්නේ එතෙක් මෙතෙක් ඉතිහාසය තුළ බෙදුම්වාදය වෙනුවෙන් ඇප කැප වූ 2005න් පසු සිය පැවැත්ම අහිමි කරගත් දේශපාලන බලවේග විසිනි. එය හුදු අහම්බයක් නොවේ. 2010දී එම පෙරමුණ යූද්ධය දිනූ නායකයා ලෙසින් අභිශේක ගන්වා ෆොන්සේකා මහතාව ඔසවා ගන්නේත්, අද දවසේ පාඨලී චම්පික, රතන හිමි ආදීන් හෙළ උරුම ප්‍රතිපත්ති වළින් ක්‍රමයෙන් ඉවත් කරවා පිවිතුරු හෙටක් වැනි සංවිධාන හරහා මේ ව්‍යාපාරයට ඈඳා ගන්නේත් එයට ජාතිකවාදී මුහුනුවරක් දීම සඳහා පමනි. 94දී යහ පාලනයක් ඇති කිරීමට පාඨලී වැනි දේශපාලකයන් චන්ද්‍රිකා මහත්මිය වෙත රට භාර කළ ලෙසින්ම අද දවසේද මෙම නවතම විජාතික කඳවුර හා එක්වී ඇත. 94දී යහ පාලනයේ ප්‍රතිඵලය ලෙස 12000කට අධික හමුදා සාමාජිකයන්ව ඇයගේ පාලන කාලය තුළදී මුරු වසඟයට ගියහ.

දේශපාලන අවස්ථාවාදය පිළිබඳව තව දුරටත් කතා කළ යුතුය. යමෙකුට තර්ක කල හැක්කේ 94 දී චම්පික රනවක මහතා වැන්නන් චන්ද්‍රිකා මහත්මිය වැනි විජාතික පිල්ලි සමඟ පෙළ ගැසෙන්නේ එතෙක් පැවති 17 අවුරුදු අඳුරු යුගය පිටු දැකීමට බැවින් එහි වරදක් නොමැති බවටය. නමුත් එය එසේ නොවේ. ඔවුන් පෙළ ගැසෙන්නේ යුද්ධයට එරෙහිවය. සුදු නෙළුම් තවළම් ආදී ලෙසින් සිංහල සමාජයට යුද්ධය එපා කරවූ, දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බලවේගයක්ය යන්න ඒත්තු ගැන්වීමට ක්‍රියාකළ ව්‍යාපාර සමඟ මෙම දේශපාලකයෝ සක්‍රීය ලෙසින් සම්බන්ධ වූහ. එලෙසින් ජාතියේ ඉලක්කය වෙනත් අරමුණු කරා ඇදී යද්දී මෙම විජාතික පෙරමුණ පැරදවීමට අවශ්‍ය ජාතික බලවේගය ගොඩනැගීම තව තවත් ප්‍රමාද විය. 12000ක් තරුණයන් මරු වසඟයට යන්නේ එම ප්‍රමාදයට සාප කරමිනි. මේ සියළු අලකලංචි මැද්දේ එතෙක් අචලව සිටිමින් 2005 වනවිට යුද්දය යුද්ධයෙන් දිනිය යුතුය යන මතය වටා ජාතිය පෙළ ගස්වා මහා සංඝරත්නය ප්‍රමුඛ දේශමාමක බලවේග ජයග්‍රාහී ගමනක් ආරම්භ කරන විට එයට එක් වීම පමනි මෙම ජාතික යැයි කියාගත් නායකයන් සිදු කළේ. සෝම හිමියන්ගේ අපවත් වීමත් සමඟ ඇතිවූ ජාතික පිබිදීම ණයට ගැනීමකි ඔවුන් සිදු කරනු ලැබූයේ. ජනතා විමුක්ති පෙරමුණ ආරම්භයේදීම එම ව්‍යාපාරයෙන් මිදී යුධ සමයේදීත් සමස්ත ලංකා වැඩ වර්ජන ආදිය හරහා ජාතිය වල් මත් කිරීමට ක්‍රියා කලේය. අනෙක් දේශපාලන ව්‍යාපාර එලෙසින් රටට ද්‍රෝහී නොවුනද 2005 සිට 2015 දක්වා මෙම ලැබූ ජයග්‍රහනය සැබෑම ජාතිකවාදී ජයග්‍රහනයක් බවට පත් කර ගැනීම සඳහා ඔවුන් කළ මෙහෙයක් නැත. 13වැනි සංශෝධනයේ බෙදුම්වාදී බලතල ඉවත් කිරීමට මෙම රජය උත්සාහ කළේය. නමුත් මුස්ලිම් කොන්ග්‍රසය, තොන්ඩමන් වැනි පැහැදිලි බෙදුම්වාදී පක්ෂ මෙන්ම අද දවසේ මෛත්‍රී මහතා වටා පෙළ ගැසී සිටින රාජිත වැනි චන්ද්‍රිකා පාර්ශ්වයේ දේශපාලකයන්ද එයට එරෙහි වූහ. පනත සම්මත කර ගැනීමට ඡන්ද 20ක 30ක පමන අඩුවක් පාර්ලිමේන්තුව තුළ නිර්මාණය විය. එමෙන්ම ජාත්‍යන්තරව එල්ලවූ බලපෑම් සමනය කළ හැකි අන්දමේ දේශීය අවධිවීමක්ද 13ට එරෙහිව ගොඩ නොනැගිනි. එලෙසින් මෙම ප්‍රශ්නය කෙරෙහි ජාතිය නිද්‍රාශීලී වීම කෙරෙහි රජය මෙහෙයවූ මහින්ද රාජපක්ෂ මහතා පමනක් නොව 2005 සිට නිදාගත් මෙම ජාතිකවාදීන්ද වග කිව යුතුය. රාජිත සේනාරත්න වැනි දේශපාලකයන් තම බලපෑම යොදා එම උත්සාහය පරාජය කලේ ජාතිකවාදීන්ගෙන් සිදුවූ මෙම අඩුව භාවිතා කරමිනි. එය එක් කරුණක් පමනි.

ක්‍රියාත්මක වීම මෙන්ම ක්‍රියාත්මක නොවීමද දේශපාලන උපක්‍රමයක් විය හැකිය. ජාත්කවාදීන් කියාගන්නා මෙම නායකයන් නිසි අවස්ථාවේදී ක්‍රියාත්මක නොවුනු අතර රජයට යෝජනා කලේ පාර්ලිමේන්තු රහස් ඡන්දයකින් පනත සම්මත කරන ලෙසයි. ඔවුන් මෙම බෙදුම්වාදී බලය පිළිබඳව තැබූයේ එවන් අඩු තක්සේරුවකි. අඩුම තරමින් මානව හිමිකම් කොමිසමේ විදේශීය මැදිහත්වීම් නතර කිරීමට පැවැත්වූ ඡන්දයේදී හෝ විපක්ෂයට රජය හා එක්ව ඡන්දය පළ කළ නොහැකි විය. එවන් තත්ත්වයක් තුල මෙවන් තීරනාත්මක බෙදුම්වාදයට එරෙහි පනතක් සම්මත කිරීම කනා පල්ලම් ගසන ස්වරූපයෙන් කළ නොහැක. මේ එක් අවස්ථාවක් පමනි.

එසේ වුවද පසුගිය කාලය පුරාව බොදු බල සේනා වැනි සංවිධාන වල ක්‍රියාවන්ට පිටුපසින් සිටින බව පෙන්වමින් මෙම ජාතිකවාදීන් බලළුන් ලවා කොස් ඇට බෑවීමේ රංගනයක නිරත විය. එම සමාජ ක්‍රියාකාරිත්වයේ චෝදනාවන් බොදු බල සේනා සංවිධානය වෙත පැවරීමටත් එහි යම් ගෞරවයක් වේනම් එය එම සංවිධාන වල ලොකු අයියා ලෙසි පෙනී සිටිමින් තමන් වෙත ලබා ගැනීමටත් ඔවුහු දක්ෂ වූහ.

එයට අමතර වශයෙන් ඔවුන්ගෙන් සිදුවූ එකම දෙය බලය සහ බලය වැනි කෘති සහ සංවාද හරහා වූ සමාජ කතිකාවයි. එම කතිකාව අනවශ්‍ය වූවක් නොවේ. නමුත් නිසි ලෙසින් ජාතිකත්වය මත නොපිහිටා කරන එවන් සංවාදයකින් අවසානයේ සේවය කරනු ඇත්තේ එවන් තත්ත්වයන්ට මඟ සලසන සමාජ, දේශපාලන, ආර්ථික දේහය කෙළසන මෙම බටහිර බෙදුම්වාදී ව්‍යාපාරයටමය.

ඉන් අනතුරුව පිවිතුරු හෙටක් හරහා එතෙක් උප්පැන්නයේ නාමිකව හෝ තිබූ ජාතිකත්වයද නැති කරගනිමින් අද වන විට ඔවුහු 94 ලෙසින්ම චන්ද්‍රිකා රනිල් වැන්නන්ගේ බෙදුම්වාදී හවුලට මුක්කු ගසමින්  සිටිති.
එම මුක්කු ගැසීමෙ අරමුණ රට විජාතිකත්වය වෙත නැවතත් දක්කාගෙන යාමයි. විජාතික රජයක් බිහි වූ පසු පහසුවෙන්ම එහි විජාතික ප්‍රතිපත්ති විවේචනය කරමින් ඔවුන් එළියට බසිනු ඇත. එතැන් සිට වීදි සටන් හරහා ජනප්‍රිය ජාතිකවාදියා යන විරුධාවලිය නැවතත් පැළඳ ඒ හරහා දේශපාලන පැවැත්ම තහවුරු කරගනු ඇත. නමුත් එම ව්‍යාපෘතිය සම්පූර්ණවන අතරවාරයේ නැවතත් රට තව තවත් බෙදුම්වාදය තුළ සිරවී නිදහස වෙනුවෙන් තැබූ මේ බලාපොරොත්තුවත් වැනසී යනුඇත.

අද වන විට ඍජු අධිරාජ්‍ය ගැති ප්‍රතිපත්තිය ජනතාව වෙතින් ප්‍රතික්ෂේප වී ඇත. එසේ වුවද මෙම ජයග්‍රහණය මුළුමනින්ම ජාතිකත්වය මත පදනම් වූ දේශපාලන ප්‍රවාහයක් බිහි කර ගැනීම දක්වා, විජාතිකත්වය මුළුමනින්ම පරාජය කිරීම දක්වා මෙහෙයවන්නේ කෙසේද?

මෙම බෙදුම්වාදීන්ගෙන් අවස්ථාවාදීන්ගෙන් ජාතිය මිදුනහොත් හෙවත් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත් රටේ අනාගතය කෙසේ විසඳෙනු ඇතිද? අද වන විට ඍජු විදේශීය අතකොළු ලෙසින්  ක්‍රියාත්මක  දේශපාලන පක්ෂවල පැවැත්ම ක්‍රමයෙන් අහිමි වෙමින් පවතී. එසේ වුවත් අපගේ සටන මස්තකප්‍රාප්ත වීමට ලාංකීය දේශපාලනය මුළුමනින්ම ජාතිකත්වය මත පදනම් වීම සිදුවිය යුතුය. ඒ සඳහා බෙදුම්වාදයේ දේශපාලන අංශයද තීරණාත්මක ලෙසින් පරාජය කිරීම අත්‍යාවශ්‍ය වෙයි. විපක්ෂ පාර්ශ්වයෙන් ඒ සඳහා කිසිඳු සාධනීය යමක් බලාපොරොත්තු විය නොහැකිය. නමුත් අද දක්වා මෙම පවතින රජයේ ඒකීය ස්ථාවරය සහ බටහිරට නොනැමෙන ප්‍රතිපත්තිය අගය කළ යුතුය.

වර්ථමානය ලෝක බල තුළනය වෙනස් වෙමින් තිබෙන සමයකි. චීනය වැනි ආර්ථික බලවතුන් නැගී සිටී. එමෙන්ම බටහිර බලයට තම පැවැත්ම රැක ගැනීමට එම ආර්ථික අභියෝගයට මෙන්ම මුස්ලිම් සහ අනෙකුත් ජාතිකත්වය මත පදනම් වූ රටවල බලපෑමට මුහුන දීමට සිදුවී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ආයතන ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතී. මෙලෙසින් ලෝකයේ ආධිපත්‍යය බටහිරින් ගිලිහී යන තෙක් අපට පූර්ණ වූ නිදහසක් ලැබිය නොහැකිය. නමුත් වත්මන් විචලනයන් එවන් බල තුළනයක් වෙත ලෝකය ඇදෙමින් පවතින බවට ඉඟි කරයි. එමෙන්ම දැනට චීනය වැනි රටවල් අපට දේශපාලන මැදිහත්වීම් සිදු නොකරයි. ඔවුන් අප වෙත පැමිනීම තුළ යම් ආර්ථික අවශ්‍යතාවක් තිබුනද අද දවසේ එය බටහිරින් එල්ල වන දේශපාලන බලපෑම තරම් දරුණු නැත. මෙම බල කඳවුරු මනා සේ පරිහරණය කිරීමෙන් පමණි අපට යම් බඳු හෝ ආර්ථික අධීනත්වයක් උදා කරගත හැක්කේ. එයට සමඟාමීව බෙදුම්වාදයට එරෙහි අපගේ සටන ඉදිරියට ගෙන යා හැකිය. නමුත් ඒ සඳහා බෙදුම්වාදයට විරුද්ධ ඒකීයත්වය මත දෙපා තබාගත් නායකත්වයක් පැවතීම අනිවාර්ය අවශ්‍යතාවයකි. අද දවසේ දේශපාලන පොර පිටියේ මහින්ද රාජපක්ෂ මහතාට වඩා සුදුසු ජාතික නායකයෙක් ඒ සඳහා නැත.

ඉදිරි සය වසර තුළ අපගේ දේශපාලනය මෙම ලෝක ආර්ථික දේශපාලන කඳවුරු කෙතරම් සාර්ථකව හැසිරවිය හැකිද යන්න මත තීරණය වේ. බෙදුම්වාදයට එරෙහි යම් සාර්ථකත්වයක් මහින්ද මහතා ඉදිරි සය වසර තුළ ලබා ගන්නේනම් එය මෙම ජාත්‍යන්තර දේශපාලනය හා අවියෝජනිය ලෙසින් බැඳී ඇත. දේශපාලන වල්මත් වීම් මෙන්ම ආර්ථික අවපාතයන්ද අභියෝග ලෙසින් පැමිනෙනු ඇත. ඒවාට කොතෙක් දුරට සාර්ථකව මුහුන දෙන්නේද නැද්ද යන්න මත 2022දී පැවැත්වෙන ජනාධිපතිවරනය තුන් කොන් සටනක්ද නැද්ද යන්න තීරනය වනු ඇත. එම සටනේදී සිංහල බෞද්ධ ඡන්ද තුන් දෙනෙකු අතර බෙදී යාම අනුව රටේ ජාතිකත්වය දිනාවිද නැද්ද යන්න තීරනය වනු ඇත. එලෙසින් 2022දීද අප (ජාතික බලවේග) ජයග්‍රහණය කළහොත් අඩුම තරමින් 2027 පමන වන විට ජාතිකත්වය මත මුළුමනින්ම දෙපා තැබූ දේශපාලන ව්‍යාපාරයක් මේ බිමේ බිහි වීමට හැකි කමක් වෙයි. ඒ අතර කාලය තුළ බෙදුම්වාදය තීරණාත්මක ලෙසින් පරාජය කළ හැකි වනු ඇත. ඉතිහාසයේ ප්‍රථම වතාවට තෙවන බලවේගයක් වුවද පාලන බලයට පත් වීමටත් ඒ හරහා යහ පාලනය ඈ අනෙකුත් ගැටලු කෙරේ සංවේදී වීමටත් ඉන් පසුව අපට හැකි වේවි.

ඉඳුනිල් ප්‍රසන්න
යුතුකම සංවාද කවය
 www.yuthukama.com

12/23/2014

ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහළට ඇද වැටීම

කතෘ:යුතුකම     12/23/2014   No comments
පූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් අපවත් වී වසර 11 ක්‌ සපිරුණේ ඉකුත් 12 වැනිදාය. ගෙවුණු වසර 11 තුළදී රටේ පැහැදිලි දේශපාලන ආර්ථික හා සමාජමය පරිවර්තනයක්‌ සිදුවිය. සෝම හිමියන්ගේ අභාවයෙන් පසු පිබිදුණු බෞද්ධ බලවේගය, මෙරට දේශපාලන ව්‍යාපෘතිය පෙඩරල්වාදයෙන් ජාතිකවාදයට ගෙනයැමට සමත් විය. සුදු නෙලුම වෙනුවට ත්‍රස්‌ත මර්දනය සඳහා අවශ්‍ය සමාජ බලවේගයක්‌ බිහිවිය. 2004 අප්‍රේල් 04 වැනිදා පැවැති මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමයට ඡන්ද 552724 ලැබී භික්‍ෂුන් නව දෙනකුට පාර්ලිමේන්තු යැමට හැකිවන්නේද මේ බෞද්ධ පිබිදීමට දේශපාලන වටිනාකමක්‌, අගයක්‌ ලැබුණු නිසාවෙනි. 2005 නොවැම්බර් 17 වැනිදා මහින්ද රාජපක්‍ෂ බලයට පැමිණීම සඳහා තීරක බලවේගය වූවේද ජාතික හෙළ උරුමය බව ප්‍රකට කරුණකි. මහින්දට බලයට ඒමට හැකිවුණේ සිංහල බෞද්ධ ඡන්දවලිනි. ප්‍රභාකරන් උතුරේ ඡන්ද වර්ජනය කිරීමටදුන් අණ මාරාන්තික ප්‍රහාරයක්‌ වූයේ එජාප නායකයාට මිස සන්ධාන අපේක්‍ෂකයාට නොවේ.

2004 පෙබරවාරි 17 වැනිදා ජාතික හෙළ උරුමය බිහිවිය. එහිදී හක්‌ගෙඩිය ලකුණින් දිවයින පුරාම මහ මැතිවරණය වෙනුවෙන් භික්‍ෂුන්වහන්සේලා ඉදිරිපත් කිරීමට එකඟතාවය පළවිය. ඊට පසුදින එනම් පෙබරවාරි 18 වැනිදා උඩුවේ ධම්මාලෝක හිමියන් එවක වැඩි සිටි අසපුවේදී පුවත්පත් සාකච්ඡාවක්‌ පැවැත්විණි. බෞද්ධයාගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම වෙනුවෙන් තමන් මැතිවරණයට පිවිසි බව මෙහිදී පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියෝ ප්‍රකාශ කර සිටියහ. එම පුවත්පත් සාකච්ඡාව වාර්තා කිරීම සඳහා මේ ලියුම්කරුද සහභාගිව සිටියේය. දැන් හෙළ උරුමය වසර දහයක්‌ පැරණි පක්‍ෂයකි. ගෙවුණු වසර දහය තුළ නොයෙකුත් හැලහැප්පීම් මැද්දේ යම් දේශපාලන ගමනක්‌ ගියද අද මේ පක්‍ෂයට සිදුව ඇත්තේ කුමක්‌ද? හංසයා සරණාගතව නිසා මේ බෞද්ධ පක්‍ෂය දෙදරීමකට පත්ව ඇති බවනම් පැහැදිලිය.

ඉකුත් නොවැම්බර් 16 වැනිදා දිවයින පුවත්පතට "හෙළ උරුමය දැලි පිහියෙන් කිරිකෑම" යනුවෙන් ලිපියක්‌ ලියා පළකරනු ලැබුවේද නොබෝ දිනකින්ම හෙළ උරුමය පුපුරායැමට ඉඩ ඇති බව ඉවෙන් දැනුණු නිසාය. 2004 අප්‍රේල් මාසයේදී මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව "හෙළ උරුමය ලද ජය බෞද්ධයන් රවටන නායකයන්ට දුන් පිළිතුරකි" මැයෙන් ලිපියක්‌ පළ කළෙමු. එහෙත් දැන් එවැන්නක්‌ පළ කිරීමට නොහැකිය. ඕනෑම දේශපාලන පක්‍ෂයක්‌ තුළ විවිධ මත ගැටුම් පවතී. පක්‍ෂ හැරයැම් ඉතා සුලභය. 2004 දී හෙළ උරුමයට පත් වූ භික්‍ෂුන් මෙන්ම ගිහියන්ද පක්‍ෂය හැරගොස්‌ ඇත. නමුත් එයට තිබුණු සමාජ වටිනාකමේ විශාල නායයැමක්‌ දක්‌නට ලැබුණේ නැත. සැබවින්ම මෙරට මධ්‍යම පාන්තික සිංහල බෞද්ධ ජනතාව තුළ හෙළ උරුම මතයට විශාල ගෞරවයක්‌ තිබිණි. නමුත් වර්තමානයේ සිදුවන්නේ කුමක්‌ද?

හෙළ උරුමය ආරම්භ කිරීමට මූලික වූයේ විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමට නම් නොවේ. බෞද්ධ අයිතිවාසිකම් රැකගැනීමටය. 2004 දී පිවිතුරු හෙටක්‌ ගැන අප අසා තිබුණේ නැත. ව්‍යවස්‌ථා වෙනස්‌කම් වලින් බෞද්ධයන්ට සාධාරණය ඉටුකළ හැකිද? බෞද්ධයන් අන්‍යාගමට හැරවීමට එරෙහිව ගෙනා පනතට ස්‌වාභාවික මරණයක්‌ අත්වන්නට ඉඩදුන් හෙළ උරුම නායකයෝ "පිවිතුරු හෙටක්‌ ප්‍රතිපත්ති" ක්‍රියාත්මක කිරීමට මහින්ද රාජපක්‍ෂ ක්‍රියා නොකරන්නේ යෑයි කියමින් සන්ධාන රජයෙන් ඉවත් විය. මෙය සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂිකයා අන්දමන්ද කරන්නක්‌ විය. ඔවුහු වික්‍ෂිප්ත වූහ.

මහින්ද රාජපක්‍ෂ රජය කඩා බිඳගෙන පැමිණි හෙළ උරුම නායකයෝ ප්‍රකාශ කළේ තමන් ගල්ලෙන බිඳ පැමිණි බවයි. හෙළ උරුම නායකකාරකාදීන්ට සිංහයා සමඟ ප්‍රශ්නයක්‌ තිබුණද සාමාන්‍ය පාක්‍ෂිකයාට සිංහයා සමඟ වෛරයක්‌ තිබුණේ නැත. එනිසා ඔවුහු උභතෝකෝටිකයකට පත්වූහ. දැන් ගල්ලෙන බිඳ හෙළ උරුමය ඇතුළු වී ඇත්තේ කොටි, නරි, හිවලුන් වෙසෙනා ලෙනකට බව කිවහොත් නිවැරදිය. මහින්ද රාජපක්‍ෂ ආණ්‌ඩුවේ වැරදි ඇති බව පැහැදිළිය. එහෙත් ඒ වැරදි මත "මහින්ද" එලවා දමා කවරකු පත් කරන්නේද? චන්ද්‍රිකා, රනිල්, වික්‍රමබාහු, මනෝ ගනේෂන්, අසාද් සාලි ඇතුළු කිසිවිටක එකිනෙකට නොපෑහෙන බලවේග සමඟ කටයුතු කරමින් මෛත්‍රී පාලනයක්‌ ඇතිකළ හැකිද? බෞද්ධයන් රවටනු ලැබුවේ කවරකු විසින්ද? 2015 ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ශ්‍රී ල.නි.ප. මහලේකම්වරයා තම පක්‍ෂයේ සභාපතිට එරෙහිව පොදු අපේක්‍ෂකයා ලෙස තරගයට පිවිසියේය. එවිට එජාප මහලේකම්වරයා මේ පොදු අපේක්‍ෂකයාගේ හටන සුබ නැති බව හොඳින්ම අවබෝධකරගෙන ජනාධිපති මහින්දගේ ජය තහවුරු කිරීමට පැති මාරු කළේය. රටේ ප්‍රධාන පක්‍ෂ දෙක දෙදරා ගියා සේම ජාතික හෙළ උරුමයද දෙදරා ගියේය. හෙළ උරුම නියෝජ්‍ය ලේකම් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා යළිත් ජනාධිපතිවරයාට සහය දීමට ඉදිරිපත් වූයේ මේ අශුද්ධ සන්ධානය තුළ තමන්ට කටයුතු කළ නොහැකි බව පවසමිනි. පාක්‍ෂිකයන් අතර ජනප්‍රිය නායකයකු වූ ගම්මන්පිල මහතා ආපසු හැරී යැම මගින් 2004 දී ආරම්භ කළ පක්‍ෂය එතෙක්‌ මෙතෙක්‌ අත්දුටු දැවැන්තම දෙදරීම සිදුවිය.

ගල්ලෙන බිඳ පැමිණි හෙළ උරුමය අද ගල්ලෙනෙන් පහළට ඇදවැටී ඇතැයි කියන්නේ කනගාටුවෙනි. බෞද්ධ මතය වෙනුවට පිවිතුරු හෙටක්‌ ඉදිරියට පැමිණීම නිසා බලාපොරොත්තු වූ පරිදිම හෙළ උරුමය දෙදරා ගොස්‌ ඇත. හෙළ උරුමයට ඡන්දය දුන් කිසිවෙකු යහපාලනයක්‌ ගැන විශේෂ උනන්දුවක්‌ දැක්‌වූයේ නැත. යහපාලනය ගැන කථාකරන්නේ රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම බටහිර බලවේග බව අමුතුවෙන් කිව යුතු නැත. පූජ්‍ය අතුරලියේ රතන හිමියන් යහපාලනය ගැන කථාකරමින් රාජපක්‍ෂ ජනාධිපතිවරයා එළවා දමන බවට මහ හඬින් ප්‍රකාශ කිරීම සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂිකයන්ගේ සතුටට නම් හේතුවූයේ නැත. උදය ගම්මන්පිල සමඟ හෙළ උරුමය මන්ත්‍රීවරු කණ්‌ඩායමක්‌ද නැවත ගල්ලෙන බිඳගෙන සන්ධානයට ගියේද පිවිතුරු හෙටක්‌ ප්‍රතිපත්තියට වඩා සුපුරුදු මහින්ද චින්තනය හොඳ යෑයි හැඟුණු නිසාය. නායකකාරකාදීන් කවරක්‌ කීවද සාමාන්‍ය හෙළ උරුම පාක්‍ෂකයා පොදු අපේක්‍ෂකයා කෙරෙහි යහපත් ප්‍රතිචාරයක්‌ දක්‌වයිද යන්න පැහැදිළි නැත. 2004 වසරේ සිට හෙළ උරුමයේ දේශපාලන ගමනේ හොඳ නරක ගැන ලිපි රැසක්‌ මා අතින් සටහන්ව ඇත. නමුත් මේ දෙදරා යැමත් සමඟ මේ සමාජ බලවේගයේ ගමන කොතැනටද? සැබවින්ම සිදුවූයේ ගල්ලෙන බිඳ ලෙන්දොරින් පහලට ඇදවැටීම නොවේද?



-චතුර පමුණුව
දිවයින
යුතුකම සංවාද කවය
www.yuthukama.com

සිරිසේන මහතා වටා රොක් වීම

කතෘ:යුතුකම     12/23/2014   1 comment

විධායක ජනපති ධූරය දිගටම පවත්වාගෙන යමි

අපේක්ෂකයකු සොයාගත නොහැකිව විපක්ෂය ලත වන අතර මාදූළුවාවේ සෝභිත හිමියන් වහන්සේ ඉදිරියෙන් වඩින සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය මුල් වී මිනිහෙක් නැති විපක්ෂයට මිනිහෙක් වෙනුවට කාරණාවක් සකස් කර දුන්නේය. එම සංවිධානය තුළ මහාවංශය මුසාවක් යැයි පවසන, දෙමළාගේ නිජබිම සිංහලයන් විසින් ආක්‍රමණය කර ඇතැයි කියන, සිංහල ජාතිකත්වය මෙරටට ඇති පිළිලයක් සේ සලකන දෙමළ ජාතිවාදී මතය දරන්නෙකු වන නිර්මාල් රංජිත් දේවසිරි වැන්නන්ද ක්‍රියාකාරීය. ඔහු එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශකයාද වේ. සෝභිත හාමුදුරුවන්ගේ චේතනාව යහපත් දැයි අපි නොදනිමු. යහපත් චේතනා වුව, ඊට වඩා වෙනස් චේතනා ඇති ජාතිවාදීන් සමඟ එකට ක්‍රියාකර සපල කරගත හැකි නොවන බව අපගේ අදහසයි.

කෙසේ වෙතත් උන්වහන්සේ විසින් ඇති කරන ලද පසුබිම තුළ රතන හාමුදුරුවන්ගේ පිවිතුරු හෙටක් සංවිධානයද ක්‍රියාකාරී වී විපක්ෂය තුළ අපූරු එකතුවක් සෑදීමට යුහුසුලුව ක්‍රියා කළහ. ඒ අපූරු එකතුව තුළ අපකීර්තිමත් චන්ද්‍රිකා හා රනිල්ට අමතරව සිංහල ජාතිය ගැන හරි කැක්කුමකින් කතා කළ චම්පික මෙන්ම අසාද් සාලි හා මනෝ ගනේෂන්ද සිටිත්. සම්බන්ධන් ඉත සිතින් මෙයට සහය දෙයි. ඒ සහාය කොපමණ ත්‍රිවුරද යත් තමන් එයට සහය දෙන බව සෘජුව කල් ඇතිව කීවොත් රටේ දකුණෙන් මේ කැඳ හැළියට පාඩු වේ යන සෙනෙහසින් සිය මනාපය සිත තුළ තෙරපමින් එළියට නොදමා ඇතුළේ තබා ගෙන සිටියි. නමුත් ගහ දන්නා අපට කොළ කඩා පෑමට වුවමනා නැත.

විධායක ජනපති ධූරය සඳහා වූ විරෝධතාවය හුදු ව්‍යාජයක් පමණි. දැන් ඔවුන් ඒ ගැන කතා කරනවාට අකමැතිය. ප්‍රතිපත්ති ප්‍රකාශන‍යේ විධායකය අහෝසි කරනවා යැයි කියන්නේ නැත. එහි ඇත්තේ කැබිනට්ටුව හරහා පාර්ලිමේන්තුවට වග  කියන ජනාධිපති ධූරයක් ඇති කරන බවයි. ඒ කියන්නේ දැන් ඇති ක්‍රමයමය. ඊටත් වඩා විල්ම්භීත වගන්තිය වන්නේ ජනමත විචාරණයකට යා යුතු කිසිදු වෙනසක් ව්‍යවස්ථාවට සිදු නොකරන බව පැවසීමය. දැන් මෙරට පවත්නා නීතිය අනුව විධායකය, ව්‍යවස්ථාදයකය හා අධිකරණය යන ආයතන තුනෙන් එකකට ඇති බලයක් අනෙක් ආයතනයකට පැවරෙන්නේ නම් ජනමත විචාරණයකට යා යුතුය. සිරිසේන මහතා  එවැනි ජනමත විචාරණයකට නොයන බව වෙසෙසින්ම සඳහන් කරයි. එමඟින් ඔහුගේ කළින් වගන්තියෙන් ගම්‍යය වූ විධායක ජනපති ධූරය දිගටම ක්‍රියාත්මක වන බව තහවුරු කෙරේ. එතෙකින් නොනවතින ඔහු තවමත් අත්සන යොදන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙසිනි. දැන් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පාක්ෂිකයාට ඇත්තේ බැඳගත් බෙරය නොවයා සිටිය නොහැකි තත්වයකි. බෙරය, තාලය හා හඬ අනුන්ගේය.

චන්ද්‍රිකාට නොරිස්සූ ශ්‍රීලනිප පදනම


චන්ද්‍රිකා මැතිණියව ඔසවාගෙන ආවේ සහ ඇය ළංකර ගෙන සිටියේ එන්, ජී. ඕ කාරයන්ය. එකල, උන් මෙහි කෙරුමන් වී සිටි අයුරු අපට මතකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආවේණික වූ හැඩය ඇය විකෘති කර දැමුවාය. ඇය එදත් පක්ෂ නායිකාව වශයෙන් සිටිමින් ක්‍රියා කර සිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතිකත්ව පදනම ගලවා වෙනත් දියාරු පදනමක් උඩ එම පක්ෂය ප්‍රතිෂ්ඨාපනය කිරීමටයි. බහුජාතික, බහුආගමික, බහුසංස්කෘතික රටක් ගැන ඇය නිතර නිතර පවසනවා අපට මතකය. පදනමක් ගලවා වෙනත් පදනමක් එලෙස සවි කළ නොහැක. එසේ කරන්නට ගියහොත් සමස්ථයම සිදී බිදී යනු ඇත. ජනතාව ඇයගේ පදනම් මාරුවට ප්‍රතිචාර දැක්වූයේ, එකල ඉතා ප්‍රඥාවන්ත ලෙස සමාජවාදය වෙත යන ගමන වැටී ඇත්තේ ජාතික නිදහස් අරගලය ඔස්සේ යයි විශ්වාස කළ ජවිපෙ වෙත ආකර්ෂණය වීමෙනි. අවාසනාවකට ජවිපෙ තුළ සිදු වූ කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් ලෙස ඒ ප්‍රඥාවන්ත මඟෙන් ඔවුහූ ඈත් වූහ. මහින්ද රාජපක්ෂ අතින් සිදු වූ වැදගත්ම කාර්යයක් වූයේ චන්ද්‍රිකා විසින් දෙදරවා හරින ලද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පදනම යළි නිවැරදි ආස්ථානයක පිහිටුවීමයි.

චන්ද්‍රිකා පිටුපස අද දේශීය වශයෙන් බලයක් ඇත්ද? ඇයට අද මෙහි ඇති ජන පදනමක් නැත. එසේ නම් ඈට ඇති හයිය කුමක්ද? කිසිදු ජන පදනමක් නැති ඇය අද චරිතයක් වී ඇත්තේ කෙසේද? ඇය පසුපස ඇත්තේ තානාපති කාර්යාලයි. ඇයට ඇත්තේ ඒ හයියයි. මේ විදෙස් බලවේගවලට ඇති වුවමනාව අනෙකක් නොව, මෙරට ජාතිකත්වය වැනසීමයි. ඒ අරමුණ මේ ක්‍රියාදාමයේ මුල සිටම සිටි නිර්මල්ලාගේ ජාතිවාදී අභිලාෂය සමඟ, අසාද් සාලිලාගේ අරමුණ සමඟ, සම්බන්ධන්ලාගේ හා මනෝ ගනේෂන්ලාගේ අරමුණු සමඟ එළිපිටම පෑහේ.  චන්ද්‍රිකා, බණ්ඩාරනායක කෙනෙකුට වඩා කුමාරතුංග කෙනෙකු බව දන්නා බටහිරයන්ට ඇය වටිනා සම්පතකි. එම විජාතික බලවේගයන් විසින් දෙවන වරට ඇය භාවිතා කරන්නේ නැවත වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැබලි කරවා එය දුර්වල කරවා අවසාන වශයෙන් ඔවුනගේ අරමුණ වන මෙරට ජාතිකත්වය දුර්වල කර දැමුමයි. එය කරවා ගත යුත්තේ සිංහලයන්ගේ කතිර හරි මැදින් දෙකට බෙදවා සිංහලුන්ගේ බලය නිෂේධනය කර බෙදුම්වාදී ජාතිවාදී බලය ඉස්මතු කරවා ගැනුමෙනි. එක ගලින් කුරුල්ලො කිහිප දෙනෙකි.

රනිල් මහතා ආදර්ශ පුද්ගලයෙකු ලෙස

ඒ අරමුණ, රනිල් වික්‍රමසිංහලාගේ අරමුණ හා ඇති සහසම්බන්ධය කුමක්ද? රනිල් මහතාට මෙරට සිංහල ජාතිකත්වය  සමඟ නිර්මාල්ලාට හෝ සම්බන්ධන්ලාට හෝ මෙන් ආරෝවක් නැතිය. ඔහු ජාතිවාදීනට හිතකර අයුරින් ක්‍රියාකර ඇතත්, ඔවුන් මෙන් (දෙමළ) ජාතිවාදියකු නොවේ. රනිල් වික්‍රමසිංහ මෙතැනට පෑහෙන්නේ සිංහල ජාතිකත්ව පදනම විනාශ කර දැමුම සඳහා ගත යුතු ක්‍රියා මාර්ගය ගැන විජාතික බලවේගයන්ට ඇති නිවැරදි අවබෝධය මතයි. ඒ සඳහා කළ යුතු එක් වැදගත් පියවරක් නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල කර දැමුමයි. රනිල් මහතා ඊට කැමති නොවන්නේ මන්ද? නමුත්, මේ සියල්ල අවසානයේ දුර්වල වන්නේ එජාපය බවට තහවුරු කර ගැනීම සඳහා ආණ්ඩු පාර්ශවයෙන්ද ප්‍රතිකුමන්ත්‍රණයක් දියත් විය. කුමන්ත්‍රණය සැලසුම් කරද්දී එහි ප්‍රතිපලයක් ලෙස පැන නැගිය හැකි ප්‍රතිකුමන්ත්‍රණයකට මුහුණ දීමට සූදානමක් විපක්ෂය තුළ නොවීය.

කෙසේ නමුත් තිස්ස අත්තනායක මහතා හෙළිදරව් කළ සිරිසේන-රනිල් ගිවිසුමෙන් පෙනෙනා එක් වැදගත් කාරණයක් නම් රනිල් වික්‍රමසිංහ බටහිර යටත්විජිතවාදී අරමුණු හා කොතරම් අනුගත වූ අයෙක්ද යන්නයි. අනගාරික ධර්මපාලතුමා පැහැඳිලි කළ පරිදි සුද්දන්ට මේ රට භාර දී යාමට වුවමනා වූ කළු සුද්දෙකු සඳහා පෙන්විය හැකි ආදර්ශ පුද්ගලයෙකු නොවේද ඔහු? බෙදුම්වාදය නව යටත්විජිතවාදයේ ප්‍රධානතම සංරචකයක් ලෙස මෙරටට පොම්ප කරන සමයක ඔහු බෙදුම්වාදී වන්නේ යටත්විජිත මානසිකත්වයක් ඇත්තෙකු ලෙසිනි. සියළුම ජාතිවාදීන්ට ඔහුගේ පිළ වඩා උචිත ඒ අර්ථයෙනි.

ධාරාවෙන් එපිට රැළි  මත නැගුණු චම්පික

බෙදුම්වාදී ජාතිවාදී සංරචකයන් සමඟ රනිල් සහ චන්ද්‍රිකා පෑහීමේ හේතු අපි දැන් පැහැඳිලි කර ගතිමු. එහෙත් අහෝ හෙළ උරුමයේ චම්පිකලා!

ඒ පැත්තට ගිය ගම්මන්පිලට රෑට නින්ද නොගිය බව ඔහු පැවසුවේය. එය එසේ විය යුතුය. තම රට ජාතිය ගැන ප්‍රතිඥා දී දේශපාලනය කරන්නවුන් ඊට විණ කිරීමට අර අදින බලවේග සමඟ එකට සිට ගන්නේ කෙසේද? එසේ කරන්නට සිදු වූ කළ ඔවුනට රෑට නින්ද යනවා නම් එය ලෙඩකි. ඒ ලෙඩේට බෙහෙත් ඇත්තේ ජනතාව සතුවය. ප්‍රතිකාර කිරීමට ප්‍රථම රෝගියා නිරීක්ෂණය කර රෝග නිධානය හඳුනා ගැනීම සිංහල වෙද ක්‍රමයයි.

චම්පික රණවක මහතා සිය දේශපාලන භාවිතාව තුළ රැලි හඹා ගිය අයෙකි. ඔහු ජාතික බලවේග සමඟ ස්ථාවරව එකට සිටගන්නවාට වඩා කෙටිකාලීන රැලි මත නැගීමට කැමත්තක් දැක්වීය. ජාතික හෙළ උරුමයේ බිහිවීමම රැල්ලකි. එම රැල්ලට, රැල්ල විනා තමන් සිටිය යුතු ධාරාව ගැන නිරවුල් අවබෝධයක් නොවීය. කෙසේ නමුත් රනිල්ගේ රට පාවා දුන් ගිවිසිමට එරෙහිව ජාතික බලවේග (එකල ජවිපෙ ද ජාතික ව්‍යාපාරය තුළ සිටියේය) විසින් නිර්මාණය කරන ලද රැල්ලට හෙළ උරුමයද දායක විය. එම රැල්ල ජාතික බලවේගයන්හි ධාරවට මෙන්ම මෙරටටද අත්‍යාවශ්‍යය රැල්ලක් විය. ඉන් පසු යුද්ධයට සහය දුන් හෙළ උරුමයට යුද්ධයෙන් පසු පැහැඳිලි රැල්ලක් නැති වකවාණුවක් ගත කරන්නට සිදුවුනි. ඒ කාලය තුළ චම්පික අමාත්‍යවරයාට විදුලි බල ඇමති ධූරය අහිමි විය. එසේත් නැතිනම් අහිමි කෙරිනි. ඉන්පසු මේ රට තුළ නැගුනු රැල්ල වූයේ මුස්ලිම් ජාතිවාදයට එරෙහිව නැගුනු රැල්ලයි. ඒ සඳහා බලපෑ හේතු සාධාරණ විය හැකි වුවත් එය ජාතික බලවේග මේ දක්වා ගමන් කරමින් උන් ප්‍රඥාසම්පන්න ධාරාවට අවැසි දිශාවට හා උචිත උසට නැගුනු රැල්ලක් නොවූ බව අපගේ අදහසයි. විමල් වීරවංශ මහතා එම රැල්ල විවේචනය කළේය. රණවක මහතා හා හෙළ උරුමය එම රැල්ලේ ද එල්ලුනි. අවැසි විටකදී (සැම විටම නොව) ඒවා විවේචනය බැරෑරුම් දුෂ්කර අභියෝගාත්මක කාර්යයකි. රණවක මහතා එදා සිට අද දක්වාම තෝරා ඇත්තේ එම ජනප්‍රියවාදී රැලිවලට ගොඩ වීමේ පහසු ක්‍රමවේදයයි.

මුස්ලිම් අන්තවාදයට එරෙහිව නැගුණු රැල්ල යට යනවාත් සමඟම ඊළඟට නිර්මාණය කළ රැල්ල විධායක ජනපති ධූරය අහෝසි කිරීම හා බැදූනු එම ධූරයට එරෙහිව ගොඩනැගුණු නව රැල්ලයි. එම රැල්ල බිහි කිරීමේ එක් ප්‍රධාන අරමුණක් නම් ඒ වටා නා නා මත දරන පක්ෂ කිහිපයකට එක්වීමට සළස්වා ඒ තුළින් ඊනියා පොදු අපේක්ෂකයකු බිහි කරවා ගැනීමයි. රැල්ලෙන් රැල්ලට ගිය චම්පිකලා එම රැල්ලට ද එක්විය. තමා දැරූ විදුලි බල හා බලශක්ති අමාත්‍ය ධූරය අහිමි කරවීම ඒ සඳහා උත්තේජනයක් සපයන්නට ඇත. අප පවසන්නේ රැලි අනවශ්‍යය බවක් නොවේ. කිසියම් ධාරාවක අඛණ්ඩ සන්තතික ප්‍රවාහය සඳහා රැලි අත්‍යාවශ්‍යය. නමුත් දේශපාලන්යේදී ඉතාම වැදගත්ම කාරණය නම් ධාරාවයි. රැලි එම ධාරාවේ ප්‍රවාහයට ජවයක් සැපයිය යුතුය. තමන් සිටිය යුතු ධාරාව නිවැරදිව හඳුනාගනිමින් රැලි නිර්මාණය කර ගත යුත්තේ එම ධාරාවේ ගමන් මඟට ජවයක් සපයමින් එය නිවැරදි දිශාවට යොමු කර ගැනුමටය. චම්පිකලා රැලි විනා ධාරාව නොතකා හැරීය.


-ලසන්ත වික්‍රමසිංහ
යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/21/2014

සිංහල බෞද්ධ සංස්‌කෘතිය අමතක කර මෙරට සාහිත්‍ය නිර්මාණ කරන්න බැහැ

කතෘ:යුතුකම     12/21/2014   No comments
-ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී ගුණදාස අමරසේකර

 ගුණදාස අමරසේකරයන් අපට සිටින ජ්‍යෙෂ්ඨතම සාහිත්‍යවේදියෙකි. ඔහුගේ සාහිත්‍ය කලා සම්ප්‍රදානය තේමා කර ගනිමින් රාජ්‍ය සාහිත්‍ය අනුමණ්‌ඩලය ක්‍රියාවට නංවන මාසික සාහිත්‍ය සංකථන සම්මන්ත්‍රණ මාලාවේ අටවැන්න දෙසැම්බර් 11 දින ශ්‍රී ලංකා ජාතික පුස්‌තකාල හා ප්‍රලේඛන සේවා මණ්‌ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වුනි. ගුණදාස අමරසේකරයන් සමග මේ සංවාදය ඒ නිමිත්තෙනි.

සාහිත්‍යකරුවෙකු ලෙස මතුවීමට ඔබට බලපෑ මුල් කාලීන සමාජ, දේශපාලන පසුබිම කෙබඳුද?

මම සාහිත්‍යකරණයට පිවිසෙන්නේ 1950 දී පමණ. ඒ සමය රටේ ලොකු ජාතික ප්‍රබෝධයක්‌ ඇතිවෙමින් තිබුණු කාලයක්‌. හතළිස්‌ ගණන්වල සිට විවිධ ජාතික ව්‍යාපාර හරහා මේ නව තත්ත්වය උදාවෙමින් පැවතුණා. එහිදී විශේෂ කඩඉමක්‌ ලෙස 1944 බිහි වූ නිදහස්‌ අධ්‍යාපන පනත හඳුන්වන්න පුළුවන්. සී. ඩබ්. ඩබ්. කන්නන්ගර මහතාගේ නිදහස්‌ අධ්‍යාපන පනත තනිකරම අධ්‍යාපනය පිළිබඳවම බිහිවූවක්‌ නොවේ. නිදහස්‌ අධ්‍යාපනය එහි මූලිකම පරමාර්ථය වුවත් ඒ හරහා විශාල ජාතික බෞද්ධ ප්‍රබෝධයක්‌ද ඇතිවුණා. නිදහස්‌ අධ්‍යාපනය හඳුන්වා දුන් වෙලාවේ එයට විරුද්ධව හිටියේ මේ රටේ ධනේශ්වරය වගේම ක්‍රිස්‌තියානි, කතෝලික පිරිසක්‌a. එයට පක්‍ෂව සිටියේ සිංහල බෞද්ධ නායකයෝ. මලලසේකර, මෙත්තානන්ද වගේ බෞද්ධ නායකයින් එහි පෙරමුණේ හිටියා. ඩී. එස්‌. සේනානායක හිටියේa සම්පූර්ණයෙන්ම එයට විරුද්ධව. ඒ නිසා කන්නන්ගර මහත්තයට නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කරගන්න බොහොම අමාරු වුණා. එහෙත් අවසානයේ එය ජයගත්තා. මේ යුගය වෙද්දී ඉතා විශාල පුවත්පත් සංඛ්‍යාවක්‌ ද තිබුණා. 'සිංහල ජාතිය', 'සිංහල බෞද්ධයා' වැනි පුවත්පත් මෙන්ම 'ලංකාදීපය' ද බිහිවුණා. මෙම ජාතික ප්‍රබෝධයත් සමගම සාහිත්‍ය ප්‍රබෝධයක්‌ ද නිර්මාණය වීම නොවැළැක්‌විය හැකි වුණා.

මාර්ටින් වික්‍රමසිංහගේ නවකතා බිහිවුණා. සරච්චන්ද්‍රගේ නවකතා විචාරය බිහිවුණා. නොයෙක්‌ නොයෙක්‌ වාද විවාද ඇති වුණා. ඩබ්. ඒ. සිල්වා හා මාර්ටින් වික්‍රමසිsංහ අතර ඇති වුණ වාදය මේ අතර ඉතා ප්‍රධානයි. නවකතාව පිළිබඳ ඔවුන් දෙදෙනා අතර ඇතිවුණ මෙම වාදය ඉතා විශාල ලෙස ජනතාව අතර ජනප්‍රිය වුණා. ඒ හරහා සාහිත්‍යකරණය පිළිබඳව උනන්දුවක්‌ ජනතාව තුළ නිරායාසයෙන්ම නැත්පත් වුණා. ඒ වගේම තමයි කොළඹ කවිය බිහිවීම. මේ සියලු කරුණු කාරණා සමග විශේෂයෙන් කොළඹ අවට විශාල සාහිත්‍ය ප්‍රබෝධයක්‌ ඇති වුණා. ඒ වගේ පරිසරයක්‌ තුළ තමයි අපි ලියන්න පටන් ගත්තේ. මම පළමුව ලිව්වේ 'සිංහල බෞද්ධයා' පුවත්පතට. ඊට පස්‌සේ සිළුමිණට. 1940 ගණන්වල පටන් ගලාගෙන ආපු ජාතික ව්‍යාපාරය කූටප්‍රාප්ත වෙන්නෙන් 1956 පෙරළියක්‌ සමග. එම සන්ධිස්‌ථානය අපේ ලේඛන කලාවට ලබා දුන්නේ ඉතා විශාල වපසරියක්‌. ආලෝකයක්‌. මෙම සමාජ පසුබිම මත තමයි මගේ ලේඛන කලාව බිහි වෙන්නෙ.

ඔබගේ ප්‍රථම නිර්මාණ සංග්‍රහය වන "රතු රෝසමල" කෙටි කථා සංග්‍රහය මෙන්ම "කරුමක්‌කාරයෝ" නවකතාව බිහිවීමට බලපෑ විශේෂ කරුණක්‌ තිබෙනවාද?

විශේෂ හේතුවක්‌ නැහැ. "රතු රෝස මල" කෙටි කතා සංග්‍රහය බිහිවීමට ප්‍රථම මාර්ටින් වික්‍රමසිංහගේ හොඳ කෙටිකතා බිහිවී තිබුණා. ජී. බී. සේනානායකගේ හොඳ කෙටිකතා තිබුණා. "රතු රෝස මල" බිහිවුණේ එම කෙටි කතා ඇසුරෙන් යෑයි පැවැසීම නිවැරදියි. නමුත් " කරුමක්‌කාරයො" එසේ නොවෙයි. ඒකේ වැදගත්කම තිබෙන්නේ ඉන්a නිරූපණය කළ සමාජ චිත්‍රය තුළ. ඒක වැදගත්. එයින් පෙන්වනවා නගර ආශ්‍රිතව තිබුණු වෙළෙඳ පංතිය ක්‍රමයෙන් ගමට ඇතුල්වෙන හැටි. එතෙක්‌ වියුක්‌ත වෙලා තිබුණ ගමට වෙළෙඳ පංතියේ බලපෑම ඇතිවුණ හැටි. එහි ප්‍රතිඵලයක්‌ ලෙස බස්‌ ගමනාගමනය ඇතිවුණා. ඒ ඔස්‌සේ ගම ක්‍රම ක්‍රමයෙන් සංකීර්ණ තත්ත්වයට පත්වෙනවා පමණක්‌ නොවේ. ඒ ඇසුරෙහි මිනිසුන්ගේ ජීවිත ද සංකීර්ණ තත්ත්වයට පත්වෙනවා. ඒ අනුව ඒ යුගයේ තිබුණු සමාජ පෙරළිය "කරුමක්‌කාරයෝ" නවකතාවෙන් හොඳින් නිරූපණය වුණ බව මම අදත් විශ්වාස කරනවා. නමුත් එහි එන ප්‍රේම සම්බන්aධතාව දුර්වලයි. ඒක ඇත්ත වශයෙන්ම කෘත්‍රිමයි. ඒ නිසා නවකතාවේ අන්තෝ ජටා හා බහී ජටා යන දෙක වෙන වෙනම පෙනෙන බවයිs මට හිතෙන්නේ. ඒ දෙක හරියට එකට සම්බන්ධ වෙන්නේ නැති ලක්‍ෂණයක්‌ බව මට දැනෙනවා.

"කරුමක්‌කාරයෝ" නවකතාව සිංහල නවකතාවෙහි දිශානතිය වෙනස්‌ කරපු නවකතාවක්‌...

හොඳට හෝ නරකට පළමුවරට එක්‌තරා විදිහකට ලිංගිකත්වය නිරූපණය කළේ එම නවකතාවයි. නවකතාවක්‌ මගින් ලිංගිකත්වය පිළිබඳව එතෙක්‌ විවෘත ලෙස කතා කර තිබුණේ නැහැ. එහි ලිංගිකත්වය විවෘත ලෙස සාකච්ජා කරන නිසා බොහෝ ගුරුවරු ළමයින්ට එය කියවන්න එපා කියල කිව්වා. ඒකෙන් හොඳක්‌ වුණාද, නරකක්‌ වුණාද කියන්න මා දන්නේ නැහැ. හැබැයි නරකක්‌ වුණා යෑයි නම් මට හිතෙන්නේ නැහැ. එකම දේ අද තිබෙන්නේ ලිංගිකත්වය නිරූපණය කිරීම නොවෙයි. ලිංගිකත්වය සූරා කෑම. අනවශ්‍ය විදියට ලිංගිකත්වය ප්‍රයෝජනයට ගැනීම.

"යළි උපන්නෙමි" කෘතිය ඔබ ප්‍රතික්‍ෂේප කරන්නෙත් එම තර්කය මතද?

"යළි උපන්නෙමි" මම ප්‍රතික්‍ෂේප කරන්නේ ඇත්ත වශයෙන්ම එහි තිබෙන ලිංගිකත්වය පිළිබඳ ප්‍රශ්නය නිසා නොවෙයි. එහි එන චරිතයත්, ඒ ප්‍රශ්නයත් එක්‌තරා විදියක ව්‍යාජයක්‌. එය මේ සමාජය තුළින් පැනනැඟුණු තත්ත්වයක්‌ නොවෙයි. එහි තිබෙන්නේ මේ සමාජයෙන් වියෝවුණු පුද්ගලයකුගේ මානසික රෝගයක්‌. සම්පූර්ණ කතාවම ගොඩනඟා තිබෙන්නේ එම පසුබිම මත. කවුරු හරි කෙනෙක්‌ අහන්න පුළුවන් එවැනි චරිත සමාජෙ නැද්ද? කියල. එහෙම චරිත නැත්තේ නැහැ. ඉන්නවා. ඒත් නවකතාකරුවෙක්‌ යම්කිසි චරිතයක්‌ නිර්මාණය කරනවා නම් ඒ චරිතය සමාජයේ පොදු චරිතයක්‌ විය යුතුයි. නවකතාකරුවා මනසින් පමණක්‌ නිරූපණය කරන මනස්‌ පුතෙක්‌ගෙන් ඇති වැඩක්‌ නැහැ. නවකතාකරුවා බිහි කරන චරිතය මගින් සමාජයේ එක්‌ පැතිකඩක්‌ නියෝජනය විය යුතුයි. එහෙම නැතුව හුදු පුද්ගල චරිත පමණක්‌ නිර්මාණය කිරීමේ තේරුමක්‌ නැහැ.

මානසික රෝගියෙක්‌ පිළිබඳ තිබෙන වාර්තාවක්‌ ඒ මානසික රෝගියාට වැදගත් වෙන්න පුළුවන්. ඒත් ඒක මුළු සමාජයටම වලංගු වෙන්නේ නැහැනේ. මේක ඉතා වැදගත්. ජෝර්ඡ් ලූකාස්‌ මෙම තත්ත්වය ඉතා හොඳට විස්‌තර කර තිබෙනවා. ඔහු පැහැදිලිව කියන්නේ යම්කිසි නවකතාවක චරිතයක්‌ නිරූපණය කිරීමේදී එහි තිබෙන එක්‌ ප්‍රධාන වැදගත්කමක්‌ තමයි, එම චරිතය මුහුණ දෙන ප්‍රශ්නය කොතරම් දුරට සමාජයට අනුකූලද යන්න පිළිබඳ නවකතාකරුවා අවධානය යොමු කිරීම. එය නිවැරැදියි. එහෙම නැති වුණොත් ඒක අභව්‍ය චරිතයක්‌ වෙනවා. "යළි උපන්නෙමි" තුළ ඉන්න ප්‍රධාන චරිතය එසේ අභව්‍ය චරිතයක්‌. එය මනඃකල්පිතයක්‌ පමණයි. එය බටහිර නවකතා ඇසුරෙන් බිහිවුණු අභව්‍ය චරිතයක්‌. එම චරිතය සමාජය විකෘති ලෙස හුවා දැක්‌වීමක්‌. එයින් සමාජයට කිසිදු වැඩක්‌ නැහැ. කොටින්ම එය සමාජයට අනුකූල නැහැ. ලියන දෙය සාධාරණ නැත්නම්, පාඨකයන්ට විෂය නොවෙනවා නම් එයට ඇතුල්වෙන්න බැරිනම් ලියන පුද්ගලයාට එය වැදගත් වුණාට සමාජයට වැදගත් වෙන්නේa නැහැ. "යළි උපන්නෙමි" සඳහා පමණක්‌ නොවේ පේරාදෙණිය සාහිත්‍යය පිළිබඳ කරන්න පුළුවන් ලොකුම විවේචනය තමයි එය. මාර්ටින් වික්‍රමසිංහ එය හොඳට තෝරා බේරා දී තිබෙනවා. එම නිර්මාණ මේ රටේ මිනිසුන්ගේ සමාජ ජීවිතයේ පැවැත්ම, ආකල්ප දිහා බලා ඒවා අවබෝධ කරගෙන ලියූ දේවල් නොව, අනුකාරක දේවල් කියලා. ඒක මගේ හිතේ සාධාරණ විවේචනයක්‌. ඇත්තෙන්ම "යළි උපන්නෙමි" මම නැවත මුද්‍රණය නොකරන්නේ එය නොවැදගත් නිර්මාණයක්‌ ලෙස මම හිතන නිසා.

කෙටි කතාව පිළිබඳ ඔබගේ අදහස කුමක්‌ද?

නව කතාව ආමන්ත්‍රණය කරන්නේ මූලික වශයෙන් බුද්ධියට. කවිය ආමන්ත්‍රණය කරන්නේ මූලික වශයෙන් හදවතට. කෙටිකතාව මේ දෙක තිබෙන අතරමැදි තත්ත්වයක්‌. එය එක්‌වරම බුද්ධියට මෙන්ම හදවතටත් ආමන්ත්‍රණය කරනවා. කෙටිකතාව බොහෝ විට කවියට ළඟයි. ඒ නිසා එහි බස භාවපූර්ණ බසක්‌ වෙන්න ඕන. ඒ අනුව කෙටි කතාවක භාවමය ගුණය නවකතාවකට වඩා වැඩියි. ටෝල්ස්‌ටෝයිගේ 'යුද්ධය හා සාමය' කෘතිය ගන්න. එම නවකතාවේ සමහර තැන් බොහොම ආයාසයෙන් කියවන්න ඕන. ඒ කියන්නේ එහි භාවමය ගුණය අඩුයි. ඒක හරි. 'යුද්ධය හා සාමය', 'ඇනා කැරනිනා' වැනි කෘතිවල සාකච්ඡා කරන විශාල සමාජ විශ්ලේෂණය හරහා ආමන්ත්‍රණය කරන්නේ බුද්ධියට මිසක්‌ හදවතට නොවේ. ඩොස්‌ටොවුස්‌කිගේ කෘති පවා සමහර වෙලාවට දීර්ඝ වෙහෙසක්‌ අරගෙන කියවන්න ඕන. මොකද ඒව ලිව්වේ පාඨකයගේ බුද්ධියට.

නමුත් කෙටිකතාව ඊට වෙනස්‌. ඇන්ටන් චෙකොµaගේ කෙටිකතාව අරගෙන බලන්න. ඉහත සඳහන් කරන ලද නවකතාවල අපට හමුවන භාෂා විලාශයට වඩා වෙනස්‌. එය ඉතා සුඛනම්‍ය භාෂාවක්‌. කෙටිකතාවක තිබෙන සංක්‍ෂිප්ත භාවය තුළ රචකයා යොදා ගනු ලබන බස භාවපූර්ණ බසක්‌ නොවේ නම් එය සාර්ථක කෙටිකතාවක ලක්‍ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. කෙටිකතාව හරහා දෙනු ලබන පණිවිඩය හෝ අදහස කුමක්‌ වුවත් ඒ හරහා පාඨකයාගේ හදවතේ, බුද්ධියත් අවදි කළේ නැත්නම් එය නිකම්ම නිකම් වාර්තාවක්‌ විතරයි. ඒ වගේම නවකතාවක යොදා ගනු ලබන භාෂාව භාවපූර්ණ නොවිය යුතු යෑයි මෙයින් අදහස්‌ වෙන්නේ නැහැ. සාහිත්‍ය නිර්මාණයක්‌ නම් එය රචනා කරන ලේඛකයාගේ බස අනිවාර්යයෙන්ම නිර්මාණාත්මක ගුණයෙන් පිරිපුන් විය යුතුයි. මගේ 'ගමනක මුල' නවකතාව හරහා නිර්මාණය වන අනිකු=ත් සියලුම කෘතීන් තුළ සාකච්ඡා කරන්නේ මධ්‍යම පංතියේ සමාජ විකාශනයේ විශාල චිත්‍රයක්‌. ඒ තුළ සිදු කෙරෙන්නේ බුද්ධිමය සංවාදයක්‌. නමුත් එහි භාවමය ලක්‍ෂණ තිබෙනවා. එම භාවමය ලක්‍ෂණ බිහිවෙන්නේ එහි යොදාගෙන ඇති බස හරහා. 'කියනු මැන දිවි අරුත' කෙටිකතා පොතත් එයට හොඳ උදාහරණයක්‌.

ඔබගේ කෙටි කතා පිළිබඳව ඔබට සිතෙන්නේ කුමක්‌ද?

මගේ පළමුවැනි කෙටි කතා පොත 'රතු රෝස මල'. එහි තිබෙන්නේ බටහිර කෙටි කතාවල ආභාෂය. ''ජීවන සුවඳ' පොතේ තිබෙන වැදගත්කම තමයි අත්දැකීම් මුල් කරගෙන ලිවීම. එහි එන තරුණයා එක්‌තරා විදියකට සමාජයෙන් වියෝවුණුq ලෝකයක ජීවත් වූ තරුණයෙක්‌. සමාජය හා ගැටෙන, සමාජයට අභියෝග කරන කෙනෙක්‌ නොවේ. නමුත් ඊට පස්‌සේ රචනා වන 'එක්‌ටැමෙන් පොළොවට', ''කතා පහක්‌', 'ප්‍රේමයේ සත්‍ය කතාව', 'අසත්‍ය කතාව' ඇතුළු අනිකුත් කෘති තුළ අපිට පෙනෙනවා සමාජය සමග පුළුල් ලෙස ආබද්ධ වුණු චරිත. සමාජයෙන් ඈත් වෙලා ඉන්න කෙනෙක්‌ නොවේ. සමාජයට වැදගත් වෙන්නෙ මෙන්න මේවයි. ජයතිලක කම්මැල්ලවීරගේ, පියසීලි විඡේමාන්නගේ, අනුලා කුමාරි විඡේරත්නගේ සමහර කෙටිකතාවල මෙම ලක්‍ෂණය තිබෙනවා. සයිමන් නවගත්තේගමගේ මුල් කාලීන කෙටිකතාවල යම් සාර්ථක ලක්‍ෂණ තිබෙනවා. ඒවා සමහරක්‌ සාර්ථකයි. නමුත් පසු කාලයේ ලියපු නවකතා කෙටිකතා ගන්න දෙයක්‌ නැහැ. ඒව තුළ තිබෙන්නේ බොරු මෝස්‌තර. "සාපේක්‍ෂනී" වගේ කෘතියක්‌ එයට හොඳ උදාහරණයක්‌.

එතකොට කරුණාසේන ජයලත්

ඔහුට හොඳ දක්‍ෂකමක්‌ තිබුණා. ඔහු ලොකු දෘෂ්ටිකෝණයකින් බලා රචනාවේ යෙදුණු ලේඛකයෙක්‌ නොවේ. නමුත් ඔහුගේ රචනාවල අපට ළං වෙන්න පුළුවන් සමාජ චිත්‍රයක්‌ තිබුණා. එවැනි සමාජ චිත්‍රයක්‌ නිර්මාණයක්‌ කරන්න පුළුවන් බසක්‌ ඔහු සතු වුණා. නමුත් මම කැමැති 'ගොළු හදවත' කෘතියට නොවේ. 'ගැහැනු ළමයි' කෘතියට. 'රිදී නිම්නය' ඔහු රචනා කළේ ගැඹුරු යමක්‌ ප්‍රකාශ කරන්න. නමුත් එය ඉතා සරල අසාර්ථක කෘතියක්‌. ජයලත්ගේ කතා වැටෙන්නේa 'මළගිය ඇත්තෝ', 'මළවුන්ගේ අවුරුදු දා' වගේ කොටසකට. 'මළගිය ඇත්තෝ', 'මළවුන්ගේ අවුරුදු දා' කෘති දෙක වුණත් ඉතා වටිනා ගද්‍ය කාව්‍ය දෙකක්‌ මිසක්‌ සාර්ථක නවකතා දෙකක්‌ නොවේ.

"විරාගය" මාර්ටින් වික්‍රමසිංහයන්ගේ හොඳම කෘතිය බවට ඔබ පිළිගන්නවාද?

'විරාගය' හොඳ තමයි. නමුත් එයට වඩා 'ගම්පෙරළිය', 'කලියුගය', 'යුගාන්තය' කියන නව කතා තුන 'විරාගයට' වඩා ගැඹුරු දෙයක්‌ කියනවා. 'විරාගය' ජනප්‍රිය වුණේ මාර්ටින් වික්‍රමසිංහයන් ඒ හරහා දෙන්න හදපු බුද්ධිමය පණිවිඩය නිසා නොවේ. එහි ඇති ප්‍රේම කතාව නිසා. මම 'විරාගය' ගැන ලිපි කිහිපයක්‌ රචනා කර තිබෙනවා. කතා කර තිබෙනවා. අරවින්ද හරහා වික්‍රමසිංහයන්ට කියන්න අවශ්‍ය වුණේ ගමෙන් ආපු කෙනෙක්‌ වෙනස්‌ වන සමාජයට අනුව වෙනස්‌ වීමට නොහැකි වී ඒ තුළ හුදකලා වීමයි. ඒ හුදකලා පුද්ගලයාගේ වියෝවයි. එහි එන අනිකුත් චරිත වෙනස්‌ වන සමාජයට අනුකූල වෙමින් ජීවිතය සාර්ථක කරගන්නවා. අරවින්දගේ පරාජයෙන් පෙනෙන්නේ වෙන දෙයක්‌ නොවෙයි. ඔහුගේ ජීවිතයට සරිලන සමාජ ආර්ථිකයක්‌ මේ රටේ ගොඩනඟා ගැනීමට හැකි වීම. තරගය මුල් කරගත් බටහිර ධනවාදී ආර්ථිකය ඔහුට ගැලපෙන්නෙ නැහැ. ඔහුට සාර්ථක ජීවිතයක්‌ ගත කරනවා නම් ගත කරන්න වෙන්නේ මෙන්න මේ වෙනස්‌ වූ සාමාජික, ආකල්ප හා පුරුෂාර්ථ උඩ. එය තමයි, එහි තිබෙන හරවත් පණිවිඩය. නමුත් බොහෝ දෙනා තදින් වැළඳ ගත්තේ එහි තිබෙන භාව කම්පනය කරන ප්‍රේම වෘතාන්තය මිසක්‌ එහි සැබෑ අර්ථය නොවේ. 'ගම්පෙරළිය' නවකතාව සාර්ථකයි. යථාර්ථවාදී නවකතාවට පදනම වැටුණේ එම කෘතියත් සමගින්. 'විරාගය' අසාර්ථක හෝ නීරස කෘතියක්‌ නොවේ. නමුත් මම හිතන්නේ වික්‍රමසිංහගේ නවකතා ත්‍රිත්වය එයට වඩා ගැඹුරු සමාජ විශ්ලේෂණයක්‌ ඉදිරිපත් කරන බවයි.

නවකතා ත්‍රිත්ව අතරිනුත් " කලියුගය" විශේෂ වන බව මගේ පෞද්ගලික හැඟීමයි...

එය හරි. 'ගම්පෙරළිය' හා 'යුගාන්තය' එකට යා කරන්නේ 'කලියුගය' හරහා. ගම්පෙරළිය නවකතාව ඉතිහාසය තුළ ඉතා වැදගත් ස්‌ථානයක්‌ ගන්නා සේම එම ත්‍රිත්වය අතරිනුත් 'කලියුගය' ඉතා විශේෂයි. නමුත් ඒ පිළිබඳ හරවත් කතිකාවතක්‌ ගොඩනැඟුණේ නැහැ. හැමෝම කතා කරන්නේ 'ගම්පෙරළිය' ගැන පමණයි. මෙතැනදී තවත් කරුණක්‌ පැවසිය යුතුයි. 'විරාගය' තුළින් වික්‍රමසිංහ දෙන්න උත්සාහ කරපු පණිවිඩය 'විරාගය' චිත්‍රපටය තුළ ඉදිරියට ආවත්, 'ගම්පෙරළිය' චිත්‍රපටයේ තිබෙන්නේ නන්දා හා පියල්ගේ ප්‍රේම කතාව විතරයි. වෙන කිසි දෙයක්‌ නැහැ. රුසියන් නවකතාව ශ්‍රේෂ්ඨ වෙලා තිබෙන්නේ ඒ යුගයේ ඒ සමාජයේ මධ්‍යම පංතිය තුළ තිබුණ ප්‍රබල සංවාදය. ඒ සංවාදයේම කොටසක්‌ තමයි එම කෘතිවල තිබෙන්නේ. ටෝල්ස්‌ටෝයිට අවශ්‍ය වුණේ ජරාජීර්ණ වූ රුසියන් සමාජය වෙනුවට විකල්ප සමාජයක්‌ ගොඩනැඟීම. ඒ වගේ ගම්පෙරළිය හරහා වික්‍රමසිංහයන්ට අවශ්‍ය වුණෙත් පාරම්පරික වැඩවසම් සමාජය අභාවයට යැමත් සමග නැඟී එන නව වාණිජ පංතියේ ස්‌වරූපය පිළිබඳ අදහසක්‌ නිර්මාණය කරන්න. ඒත් චිත්‍රපටයේ ඒ කිසි දෙයක්‌ ගොඩනැඟී නැහැ. නමුත් 'ගම්පෙරළිය' යුග යුග ගණන් කියවා තිබෙන නිසා 'ගම්පෙරළිය' චිත්‍රපටය නරඹන ප්‍රේක්‍ෂකයෝ මානසික වශයෙන් අනිවාර්යයෙන්ම පොත සමඟ බද්ධ වෙනවා. එය සිහියේ තබාගෙන චිත්‍රපටය නරඹනවා.

මහාචාර්ය සරච්චන්ද්‍ර හා මාර්ටින් වික්‍රමසිංහ පිළිබඳ ඔබගේ අදහස කෙබඳුද?

ඔවුන් දෙදෙනාම සිංහල සාහිත්‍යයට කරන ලද සේවය අති විශාලයි. ඒ පිළිබඳ විවාදයක්‌ නැහැ. සරච්චන්ද්‍රයන් 'විරාගය' පිළිබඳ කරන ලද නිරීක්‍ෂණය ඉතා වැදගත් යෑයි මට හිතෙනවා. ඔහුගේ අදහසට අනුව අරවින්ද තෘප්තියක්‌ ලබන්නේ අවසානයේ තමන්ට හිමි නොවන සිහින ලෝකයක්‌ තුළින්ය යන නිරීක්‍ෂණය තුළ යම්කිසි සත්‍යතාවක්‌ තිබෙනවා. වික්‍රමසිංහයන් මම අඳුර ගන්නේ එඩ්වින් ආරියදාස මගින්. හඳුනගත්ත දවසේ සිටම ඔහු මිය යනතුරු අපි අතරේ විශාල සුහදත්වයක්‌ ගොඩනැඟී තිබුණා. මම වික්‍රමසිංහගේ සියලුම පොත් පත් හා ලිපි ලේඛන කියවල තිබෙනවා. ඒ හරහා ඔහු පිළිබඳ ලොකු ගෞරවයක්‌ මට තිබුණා. කොටින්ම කියනවා නම් නූතන සිංහල සාහිත්‍යයේ නිර්මාතෘවරයා වික්‍රමසිංහ. ඔහු දැමූ පදනම උඩ තමයි අපි සියලු දෙනාම අපේ නිර්මාණ ගොඩනඟා තිබෙන්නේ. නමුත් හුඟ දෙනෙක්‌ එය වටහාගෙන නැහැ. සිංහල ජනතාවට ඔවුන්ටම සුවිශේෂී වූ සංස්‌කෘතියක්‌ තිබෙන බව මෙම සාහිත්‍ය ක්‍ෂේත්‍රය තුළ පැහැදිලිව පෙන්වා දුන්නේa ඔහු. ඒක දැන් බැලූවිට සුළු පටු දෙයක්‌ වගේ තමයි. නමුත් එතුමා තමයි තර්කානුකුලව එම අදහස ගොඩනැඟුවේ.

'සිංහල සාහිත්‍යයේ නැඟීම' කෘතිය පුරාම ඔහු සාකච්ඡා කරන්නේ සිංහල මිනිස්‌සුන්ට අතීතයේ සිට බුදු සමය ආශ්‍රයෙන් බිහි වූ විදග්ධ සංස්‌කෘතිය පිsළිබඳව. එම සංස්‌කෘතික පදනම උඩ තමයි, එතුමා සියලුම සාහිත්‍ය විචාර ගොඩනැඟුවේ. ඔහු කිසියම් කෘතියක සාර්ථක අසාර්ථක බව පෙන්වා දුන්නේ සිංහල සංස්‌කෘතිය කියන සංකල්පය උඩ. එය නිවැරදියි. විචාරයට යම් කිසි පදනමක්‌ තිබිය යුතුයි. නිsකම් දොඩවා හරියන්නේ නැහැ. එම පදනම අපේ සමාජ සංස්‌කෘතික පරිසරය මත නිර්මාණය විය යුතු දෙයක්‌ මිසක්‌ කොහේවත් රටක තිබෙන විචාර පදනමක්‌ නොවිය යුතුයි. අද බිහිවෙන නවකතා මෙන්ම විචාරයන් තුළ ද දක්‌නට නොලැබෙන ලක්‍ෂණය එයයි. වර්තමාන නවකතාකරුවන්ට මෙන්ම විචාරකයන්ට ද එවැනි පදනමක්‌ නැහැ. ඒ නිසා ඒ ගැන වැඩිය කතා කිරීම පවා කාලය කා දැමීමක්‌. වික්‍රමසිංහයන් පෙර අපර දිග සාහිත්‍යය පිළිබඳ විශාල දැනුමක්‌ තිබුණු පුද්ගලයෙක්‌. ඒ වගේම විශ්ව විචාර න්‍යායන් පිsssssssළිබඳ පැතිරුණු දැනුමක්‌ තිබුණු පුද්ගලයෙක්‌. එවැනි පුද්ගලයෙකු පවා තම පදනම ලෙස යොදා ගත්තේa බුදු සමය හරහා ගොඩනැඟුණු සිංහල සංස්‌කෘතික උරුමය. අද නිර්මාණකරුවන් ඒ හැම දේම අතහැර අනුකාරක පිරිසක්‌ බවට පත්වීම ඉතා භයානකයි. සිංහල බෞද්ධ සංස්‌කෘතිය අමතක කර අපේ රටේ කිසිම සාහිත්‍යයක්‌ නිර්මාණය කරන්න බැහැ.

ඔබ කවියෙක්‌

අපිට තිබෙනවා, විශාල වියත් කවි සම්ප්‍රදායක්‌. එහි ප්‍රතිඵලයක්‌ ලෙස තමයි, මගේ කවිය බිහිවුණේ. 'භාවගීත' ලියවුණේ සැහැලිවල, තොවිල් කවිවල, ජන කවිවල ආභාසයෙන්. 'අමල් බිසෝ' තුළ ඊට වඩා එහා ගියා. ඊළඟට 'ගුරුළු වත' තුළ සම්භාව්‍ය කවි බස යොදා ගත්තා. වියත් කවි බස තාම මැරිල නැහැ. කෝට්‌ටේ යුගයෙන් පස්‌සේ බිහිවෙච්ච වියත් කවි බස දිගින් දිගටම තිබෙනවා. එකම දේ තිබෙන්නේ අලගියවන්නගෙන් පස්‌සේ මේක කාලානුරූපව වෙනස්‌ කරන්න ශ්‍රේෂ්ඨ කවියෙක්‌ බිහි වුණේ නැහැ. කවියේ මූලිකම පරමාර්ථය තමයි රස ජනනය. ඒ නිසා තමයි මම කියන්නේ කවි බස කියන්නේ හදබස කියල. පුවත් පත් භාෂාවෙන්, කොළඹ කවි භාෂාවෙන් ඇතුළු ඕනෑම භාෂාවකින් කවි ලියන්න පුළුවන් කමක්‌ නැහැ. රස ජනනය සඳහා අර්ථ වනිය වගේම ශබ්ද වනියක්‌ද අවශ්‍යයි. මේ දෙකෙන් තමයි රසය උපදින්නේ. ශබ්ද වනිය සඳහා අවශ්‍යයි යම් විරිතක්‌. සිංහල භාෂාවට ප්‍රාණය ලැබෙන්නෙ විරිතෙන්. මෙය ගොඩක්‌ දෙනා වටහා නොගෙන ඕනෑම භාෂාවකින් කවි ලියන්න පුළුවන් කියල හිතාගෙන

කෑලි කෑලි කඩල වචන රාශියක්‌ ලියනවා. එතැනදී බිහිවෙන්නේ රසයක්‌ නැති නිර්මාණ බිහිවීම පමණයි. මම මුල ඉඳලම කවි ලිව්වේ රස ජනනය මූලික කරගෙන මිසක්‌ හුදෙක්‌ කවි රචනා කිරීමේ පරමාර්ථයෙන් නොවෙයි.

"අබුද්දස්‌ස යුගය" හරහා ආරම්භ වී" ගණඳුරු මැදියම..." හරහා ගලා ගිය ඔබගේ සමාජ සංස්‌කෘතික විවේචනය අද වන විට ප්‍රතිඵල අත්කර දී තිබෙනවාද?කිසි දෙයක්‌ වෙලා නැහැ. තව ඉතාම කෙටි කාලෙකින් සිංහල ජාතිsය නැත්තටම නැතිවෙලා යන කං අපි වෙන වෙන මනස්‌ගාත කර කර ඉන්නවා. අපේ අනාගතය ඉතාම භයානකයි. මෙවැනි මොහොතක සාහිත්‍යකරුවාගේ වගකීම අප නියමාකාරව අවබෝධ කරගත යුතුයි. අපේ වගකීම යොමු විය යුත්තේ අප වසන සමාජයට මිස අන්තර්ජාතිකත්වයට නොවේ.

සංවාදය - සුලෝචන වික්‍රමසිංහ [දිවයින]

යුතුකම සංවාද කවය

12/18/2014

පීලි පැන්නේ චම්පිකද ගම්මන්පිලද?- 'නිර්මාල් සූත්‍රයෙන්' සාධනය කරමු

කතෘ:යුතුකම     12/18/2014   7 comments
ජාතික හෙළ උරුමය මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්වීමට ගත් තීරණය අභියෝගයට ලක් කරමින් උදය ගම්මන්පි මහතා  නැවත මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය සමග එක් වීමට පැමිණ තිබේ. අතුරලියේ රතන හිමියන්ම මෑතකදී පැවසූ පරිදි හෙළ උරුමයේ බලකණු හතර පහෙන් එකක් ලෙස සැලකූ ගම්මන්පිලගේ තීරණාත්මක තීරණය සමහරුන්ට එකවර පැහැදිලි කරගත නොහැකි අපබ්‍රංශයක් බවට පත්ව තිබේ. එබැවින් එයට එක් එක් අය එක් එක් ආකාරයෙන් ප්‍රතිචාර දක්වමින් තිබෙන අයුරු පෙනේ.

එයින් උද්ධාමයයට පත් වූවන්ට එය ප්‍රතිපත්තිමය තීරණයක් වෙද්දී එයින් අසහනයට ඉච්ඡා භංගත්වයට පත් , ඔහු සමග එකට ගිය පිරිස් සුපුරුදු 'සල්ලි මලු' මඩ ප්‍රහාරය සහ පෞද්ගලික චරිත ඝාතන ක්‍රියාවලිය වේගවත් කර තිබේ. චම්පික රණවක මහතා තමන්ගේ මවාගත්  මහාත්මාගතිය රැකගැනීමටදෝ මාධ්‍ය  ඉදිරියේ  එකක් පවසා (ගම්මන්පිල දක්ෂයෙක් යැයි වර්ණනාවක් කරමින්)  යටින් ඒ මඩ මෙහෙයුම තමන්ගේ ගෝලබාලයන්ට පවරා ඇත්දැයි සැකයක් මේ දිනවල අන්තර්ජාල වෙබ් අඩවි සහ සමාජ ජාලාවල මේ ගෝල බාලයන් මෙන්ම ජාතික හෙළ උරුමයේ ඊලඟ මට්ටමේ නායකයන් කියාගන්නවුන් සිදුකරන ක්‍රියාකාරකම් සහ ප්‍රචාර ආදිය දුටු විට සැක සිතේ.. මෙවැනි ආධානග්‍රාහී හැසිරීම් අප නිරතුරුව දකින්නේ එහෙයිවාදී සාමාජික සමූහයක් මෙහෙයවන ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ තුලදීය. බුද්ධිවාදී යැයි කියන  ජාතික හෙළ උරුමයද අද ඒ එහෙයිවාදී ගමන් මගේම යමින් සිටින්නේද?

නිර්මාල් සූත්‍රය

ජාතික හෙළ උරුමය පක්ෂයක් ලෙස මෑතකදී පෙන්වන සධාරණීකරණය කිරීමට අපහසු අසංගත හැසිරීමට හේතු සොයාගෙන යෑමේදී අපට ඉතා වැදගත් ප්‍රකාශයක් හමු වේ. ඒ මීට මාස 5 කට පමණ පෙර ජාතික හෙළ උරුමයේ දේශපාලන මතය සමග සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පාර්ශවයක් නියොජනය කරන කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්‍ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සිදු කල සංවාදයකි. අපට නිර්මාල් මහතා මෙහිදී වැදගත් වන්නේ ඔහු විශ්ව විද්‍යාල උගතෙකු නිසා නොවේ.
ඒ ඔහු මේ පොදු අපේක්ෂක මෙහෙයුමේ වැදගත් කාර්‍යභාරයක් ඉටු කල උනන්දුවෙකු වන බැවිනි. පොදු අපක්ෂක අපේක්ෂාව සපුරාගත් සෝභිත හිමියන් ඉදිරියට දමා නිර්මාණය කල සාධාරණ සමජයක් සඳහා වූ ව්‍යාපාරයේ මාධ්‍ය ප්‍රකාශකයා ලෙසද ඔහු  කටයුතු කලේය. මේ සාකච්ඡාව සිදුවන කාලය වන විට රතන හිමි  පිටට පෙනෙන්නට පොදු අපේක්ෂක නාටකයේ කරළියට පැමිණ නොසිටි අතර සොභිත හිමි මේ ව්‍යාපාරයේ මූලිකත්වය ගත්තේය.
"චම්පිකයි විමලුයි පොදු අපේක්ෂක කථා බහට එනවනම් අපි එතන නැහැ " යන මුඛ්‍ය කාරණය අරඹයා පැවති එම සංවාදයේදී නිර්මාල් දේවසිරි මහතා කරන ප්‍රකාශය අප මුලින්ම සලකා බලමු.  ඒ සම්මුඛ සාකච්චාව තුලදී ඔහු ඉතා පැහැදිලිව පෙන්වා දෙන්නේ ඔවුන්ගේ මේ ව්‍යාපාරයේ  මූලික අරමුණ සිංහල බෞද්ධ ජාතිකවාදය අද දේශපාලනයේ හිමි කරගෙන ඇති 'ජයග්‍රහණ' අහිමි කිරීම බවයි. 
ගංගොඩවිල සෝම හිමියන්ගේ ආගමනයෙන් පසුව පසුගිය දශක කිහිපයේ සිංහල බෞද්ධ ජාතිකවාදය නව පුනර්ජීවනයක් ලබා ඇති බව පෙන්වා දෙන ඔහු චම්පික රණවක ආදීන් ආණ්ඩුවෙන් බිඳීම  හරහා නිර්මාණය වී ඇති සිංහල ජාතිකවාදී කඳවුරේ බෙදීම ආදිය යොදාගෙන අද දවසේ සිදු කල යුතු වැදගත්ම කාර්‍යභාරය එම සිංහල ජාතිකවාදය පරාජය කිරීම බව පෙන්වා දෙයි. ඒ සඳහා සෝභිත හිමියන් පාවිච්චි කළ හැකි බව ඔහු පෙන්වා දෙයි. ඔහු සාධාර සමාජයක් වූ ව්‍යාපාරය සාධාරණීකරණය කරන්නේ එසේය.

ඔහුගේම වචන වලින් ඒ කතාව අහමු
උපුටා ගැනීම: 
“අනූව දශකයේ අග භාගය සහ ඉන් පසු සිංහල බෞද්ධ ජාතික ව්‍යාපාරයේ නව පුනර්ජීවනයක් ඇති වුනා. ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ මැදිහත්වීම , ඉන් පසුව ජාතික හෙළ උරුමය , බහුජන නිදහස් පෙරමුණ , ජනතා විමුක්ති පෙරමුණ ඉතාමත් ආක්‍රමණකාරී ආකාරයට ජාතිකවාදී නැඹුරුවක් පෙන්නුම් කිරීම ,දේශ හිතෛශී ජාතික ව්‍යාපාරය , මනෙල් මල් ව්‍යාපාරය  සහ මැත කාලයේ බොදු බල සේනා  රාවණා බලය ආදී ප්‍රචණ්ඩ ආකාරයෙනුත් මෙවැනි ක්‍රියාවලියක් ඇරඹුනා. එය සිංහල ජාතිකවාදයේ දෙවන නැගී සිටීම කියලයි මම ඕකට කියන්නේ.

හැබයි 80 දශකයේ සිංහල ජාතිකවාදය වෙනුවෙන් ඉදිරිපෙළ නායකයෙක් වෙලා සිටපු සෝභිත හාමුදුරුවො අද ජාතිකවාදී නොවන අය සමග කටයුතු කරන කෙනෙක් බවට පත් වෙලා. ඒ නිසා අද  ඔහු ජාතිකවාදී කඳවුරේ සමහරුන්ගේ විවේචනයට ලක් වෙලා. විශේෂයෙන් නලින්ද සිල්වා මහතා අදීන් මාදුළුවාවේ හාමුදුරුවො විවේචනය කරන්නේ ඒකයි.

අපට අවධානය යොමු කළ යුතු වැදගත්ම කාරණය තමයි අද ජාතිකවාදී කඳවුරේ බිඳීමක් ඇති වෙමින් තියෙනව. විශේෂයෙන් විමල් වීරවංශ , චම්පික රණවක ආදීන් ආණ්ඩුවෙන් ඉවත් වීමේ ප්‍රවනතාවයක් පෙන්නුම් කරනව. ඒ හරහා සිංහල ජාතිකවාදී කඳවුර දුර්වල වෙලා තියෙනව. ඒ දුර්වල වීම තුල අපට සෝභිත හාමුදුරුවන් හරහා නව ව්යාපාරයක් බිහි කරගැනීම හරහා එය තව දුරටත් දුර්වල කල හැකියි. චම්පිකට විමල්ට වගේම ගලබොඩ අත්ත ඥානසාරට ඒ ව්‍යාපාරය එක්ක එකතු වෙන්න බෑ.
සිංහල ජාතිකවාදය දුර්වල කල හැක්කේ ඒ කඳවුරට ජනයා එකතුවන හැකියාව අඩු කිරීම හරහායි. සෝභිත හාමුදුරුවන්ගේ සංඛේතාත්මක නායකත්වය හරහා ගොඩනගන ව්‍යාපාරය හරහා එය ඉටු කරගත හැකියි.  සිංහල ජාතිකවාදය පැරදවීම තමයි එහිදී මූලිකම කාරණය.
සෝභිත හිමියන් පැහැදිලිව කියල තියෙනව දෙමළ ජාතික සංධානය සමග තමන්ට එකට වැඩ කල හැකි බව. එය ඉතාමත් වැදගත් කාරණයක්. ” 
--නිර්මාල් දෙවසිරි 2014 -05-23

චම්පික රණවක ආදීන්ට මේ ව්‍යාපාරය සමග එක් විය හැකිද යන පැනයට පිළිතුරු දෙන නිර්මාල් දෙවසිරි මහතා දෙන පැහැදිලි පිළිතුර බලමු.

උපුටා ගැනීම: 
"කෙටි කාලීනව හා මධ්‍යකාලීනව ගත්තම මේ ව්‍යාපාරයට  ජාතිකවාදී පිළට එකතු වෙන්න තියෙන ඉඩ අඩුයි. අඩුයි නෙවෙයි ඇත්තටම හැකියාවක් ඇත්තම නෑ. ඒක වෙනවනම් වෙන්න ඕන ඉදිරි මාස කිහිපය තුල. එහෙම ඉදිරි මාස කිහිපයේ එහෙම වෙනවනම් මම වගේ කෙනෙක් ඒ ව්‍යාපාරයේ තවදුරටත් ඉන්නේ නෑ. මම විතරක් නෙවෙයි ඒ ව්‍යාපාරයේ ඉන්න බහුතරයක් එතන ඉන්නේ නෑ චම්පික රණවකල ඒකට එකතු වෙනවනම්.
ඒ විතරක් නෙවෙයි තව වැදගත් කාරණයක් තියෙනව පොදු අපේක්ෂකයෙක් නිර්මාණය කරනවනම් දෙමළ ජාතික සංධානය සහ මුස්ලිම් පක්ෂ සමග එකඟතාවයකට යන්න ඕන කියන එක. සෝභිත හිමියන් එකඟ වෙලා තිබෙනවා එයට. ඒක ඉතා වැදගත් පියවරක්.

මේ ව්‍යාපාරයට දෙමළ ජාතික සංධානය , මුස්ලිම් කොංග්‍රසය සහ අනෙකුත් කොටස් සමග සිංහල ජාතිකවාදයට එරෙහි මම වගේ පුද්ගලයන් එකතු වෙලා ඉන්දෙද්දි චම්පිකලට , විමල් වීරවංශලට  ඥානසාරලට ඒකට එකතු වෙන්න තියෙන දේශපාලන හැකියාවක් නෑ. .එසේ වෙනවනම් ඒ කඳවුරේ විශාල පිපිරීමක් හරහායි එය සිදුවිය යුත්තේ. ඒක කිසිසේත් යථාර්ථවාදී තක්සේරුවක් නෙවෙයි .එය ප්‍රායෝගිකව කිසිසේත් විය නොහැකියි."
-නිර්මාල් දෙවසිරි 2014 -05-23

නිර්මාල් මහතාගේ මේ සාකච්ඡාව තුලදී ඔහු පෙන්වා දෙන වැදගත් කරුණු කිහිපයක් වේ. ඉන් ප්‍රධාන කරුණ නම් ඔවුන්ගේ මේ ව්‍යායාමය සිංහල ජාතිකවාදය තීරණාත්මක ලෙස පරාජය කිරීම බවයි. ඒ සඳහා මෙච්චර කාලයකට අත් හදා බලා ඇති හාංසිපුටුවේ සිට මතවාදී තලයේ සිදුකරන ක්‍රියාකාරකම්  පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඊට වඩා පුළුල් දේශපාලන මැදිහත්වීමක් අවශ්‍ය වේ. ඒ ව්‍යාපාරයට චම්පික රණවක එකතුවීම බස්නාහිරින් ඉර පායනවා වැනි අභව්‍ය සිදුවීමක් බවයි නිර්මාල් දේවසිරි මහතාගේ මීට මාස කිහිපයකට පෙර තක්සේරුව. ඔහුට අනුව චම්පිකලාට ඒ සමග එක්වීමේ සම්භාවිතාව 0 කි. නමුත් අද චම්පික - නිර්මාල් - සෝභිත හිමි - රතන හිමි- රනිල් චන්ද්‍රිකා එක ඉවුරේය.  . නිර්මාල්ම කියන පරිදි චම්පිකලා එක් වන්නේ නම් නිර්මාල්ලා එතන සිටින්නේ නැත. නමුත් අද වන විට මේ දෙපිරිසම අපූරුවට එකට සිටින අයුරු පෙනේ. පිටතින් නිර්මාල් පැවසූ එවැනි විශාල පිපිරීමක් පෙනෙන්නටද නැත.
අප මෙය තේරුම් ගන්නේ කෙසේද?

මේ අවුල කුමක්ද ? නිර්මාල් මහතා දේශපාලනඥයන් මෙන් තමන් මී මාස කිහිපයකට පෙර පැවසූ දේ අමතක කර ඊට හාත්පසින් වෙන්ස් ස්ථාවරයක් වෙත මාරු වී ඇත්ද? අපි නම් එසේ නොසිතමු.  ඔහු මතුපිටට පෙනෙන සරල කරුණු උදෙසා තම අත්‍යන්ත අරමුණ වෙනස් කරන දේශපාලන ළපටියෙක් නොවන බව අපේ විස්වාශයයි.

එසේ නම් සිදු වී ඇත්තේ කුමක්ද?

අපට වැටහෙන පරිදි නම් මේ පොදු අපේක්ෂක මෙහෙයුම තැනින් තැනින් එල්ල කල ස්වේච්ඡා ගරිල්ලා ප්‍රහාර මාලාවක් නම් නොවේ. එක් ' අණ දෙන මූලස්ථානයකින්' මෙහෙයවන  මේ මෙහෙයුමේදී එක් එක් කොටස්වලට අයත් භූමිකාවන් එක් එක් අය වෙන් වෙන්ම ඉටු කරමින් සිටී. ඒ ලබාදී ඇති පිටපතට අනුව කටයුතු කිරීම පමණි මේ බොහෝ පාර්ශව වලට සිදු වී ඇත්තේ.  ඒ පිටපතේ එක් එක් කොටස් පමණි ඒ ඒ අයට බෙදා දී ඇත්තේ.   ඒ මෙහෙයුම තුලදී නිර්මාල්ලාට පැහැදිලි කර දී ඇති කොටසට අනුව   ඔහු නිවරදිය. ඒ පිටපතේ චම්පික ගැන සඳහනක්වත් නැත. ඒ වෙද්දි ඒ පිළිබඳ සිතිම පවා අභව්‍ය සිතුවිල්ලකි. ඒ ඉවුරු දෙක අතර පියවිය නොහැකි පරතරයක් තිබෙන බවයි නිර්මාල් මහතාගේ අදහස.

නමුත් ඒ අඩුව 'පිවිතුරු හෙටක්' සංවිධානය හරහා පිරවී ඇති බව අපගේ තක්සේරුවයි. පිවිතුරු හෙටක් පාලමක් වී ඒ අඩුපාඩුව සපුරා තිබේ.  නිර්මාල්ලා චම්පිකලා එක මේසයේ ඉන්නේ ඒ පාලම හරහාය.  නිර්මාල් මහතා  පවසන ප්‍රකාශය අනුව රණවක මහතාට ඒ ව්‍යාපාරය සමග එක් විය නොහැකි යැයි ඔහු පවසන්නේ චම්පිකලා ඒ වන තෙක් නියෝජනය කල ජාතිකවාදී මතය නිසයි. විශේෂයෙන් අද ඔවුන් අන් සියල්ල පසෙකළා කර තබා ගෙන යන මධ්‍යම පාන්තික සැරසිලි ඉල්ලීම් වෙනුවට චම්පික ඒ වෙද්දී නියෝජනය කලේ රටේ ඒකීයභාවය , ස්වෛරීත්වය මෙන්ම සිංහල බෞද්ධයාගේ අයිතිවාසිකම් , මුස්ලිම් ව්‍යාප්තවාදය ආදී  හරයෙන් ජාතිකවාදී ඉල්ලීම්ය. ඒ ප්‍රතිපත්තියේ දිගටම පිහිටියේ නම් "චම්පිකලාට මේ ව්‍යාපාරය සමග එකතු වෙන්න බෑ. එහෙම වෙනවනම් අප එතන නෑ" යනුවෙන් නිර්මාල් මහතා  ඉතා පැහැදිලි හඬින් පවසන අදහසෙහි යටි අදහස එයයි.

පීලි පැන්නේ චම්පිකද ගම්මන්පිලද ?

අපට උදය ගම්මන්පිල මහතාගේ ආපසු ගමන තේරුම් ගැනීමට සිදුවන්නේ මේ සංදර්භය තුලදීය.
පහලොස් වසරක් හෙළ උරුමය පක්ෂයක් ලෙස රැකි දේශපාලන පිළිවෙත ඉවතලමින්  අද 'රනිල් වික්‍රමසිංහගේ , චන්ද්‍රිකාගේ ආණ්ඩුවක් ආවාට බිය විය යුතු නැතැයි'  චම්පික රණවක මහතා  සහ රතන හිමි අපට අලුත් රක්ෂණ සහතික\චරිත සහතික නිකුත් කරද්දී ගම්මන්පිල මහතා  මීට ටික දිනකට පෙර ජාතික හෙළ උරුමය නියෝජනය කරමින්ම පලකළ පහත අදහස ඇත්තටම පිල මාරු වී ඇත්තේ කාටද යන්න හොඳින් පැහැදිලි වනු ඇත. මේ ප්‍රකාශයවත් ඉතා හොඳින් කියවූයේ නම් "සල්ලි මලු" මඩ මෙහෙයුම ගැන දෙවරක් සිතන්නට චම්පික  රණවක මහතාගේ 'නාගරික උගත් තරුණ' ගෝල බාලයන් පෙළඹෙනු ඇත.
 -2014 ඔක්තෝම්බර් 05 දින බේරුවල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී ජාතික හෙළ උරුමයේ කළුතර දිසා සමුළුව අමතා උදය ගම්මන්පිල මහතා කළ කතාව.

 "සුළු ජාතික බලවේග විතරක් නොවේ තානාපති කාර්යාල හදන්නෙත් බොර දියේ මාළු බාන්න. ඇමෙරිකාවේ ඉන්දියාවේ තානාපති කාර්යාල සල්ලි මළු පොදි බඳිනවාලු ඡන්දයට වීසි කරන්න. මේ අය බලාපොරොත්තු වෙන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රජ කරන්න. රනිල් මහත්තයාත් රජ දැක්මට අළුතින් සූට් මහලා ලැහැස්ති වෙනවා කියලා අපට ආරංචියි. අපට ආණ්ඩුව එක්ක මොන ප්‍රශ්න තිබුණත් දෙවන දොන් ජුවන් ධර්මපාල රජ පුටුවේ වාඩි කරන්න ලැහැස්ති නෑ. පළමු දොන් ජුවන් නැටෙව්වේ පෘතුගීසින්. දෙවන දොන් ජුවන් නටවන්නේ ඇමෙරිකාවයි ඉන්දියාවයි. මේ රට යළිත් යටත් විජිතයක් කරන්නයි එතුමා හදන්නේ. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ.  "

හෙළ උරුමයේ උරුමය ?


ඉහත නිර්මාල් සූත්‍රයට අනුව අද සැබෑ හෙළ උරුමයේ මතය නියෝජනය කරන්නේ චම්පික - රතන හිමි පාර්ශවයට වඩා ගම්මන්පිල පාර්ශව යැයි සිතීම සාධාරණය. රතන හිමියන් 'පිවිතුරු හෙටක්' පාලම දිගේ අතින් අල්ලා ගෙන ගොස් හෙළ උරුමය අවතැන් කර තිබේ. චම්පික රණවක මහතාගේ 'පටිසෝතගාමීව හතලිස් වසක්' පොත එළිදැක්වෙන අනාගත දිනයක අපට මේ පිළිබඳ ටක්කෙටම දැනගතහැකි වනු ඇත.  චම්පිකලා අසූව දශකයේ අග භාගයේ සිටම දේශපාලනය තුල  නියෝජනය කලේ අවස්ථාවදය මිස සැබෑ ජාතිකවාදය නොවේ යැයි මීට බොහෝ කලකට පෙර ජාතිකවාදී විද්වතුන් පෙන්වාදුන් මතය චම්පිකලා අද භාවිතයෙන් ඔප්පු කර දී තිබේ. එදා චන්ද්‍රිකා හරහා ශ්‍රීලනිප ය එහි මුල් වලින් ගලවා දමා වැරදි මගක යැව්වා සේ අද වන විට හෙළ උරුමය රතන හිමි - චම්පික පාර්ශවය එහි මුල් ප්‍රකාශිත මාවතෙන් ගලවා විජාතික මතවාදය සමග එක පෙළට සිටවා තිබේ.
වේලුපිල්ලේ ප්‍රභාකරන්ට වඩා මහින්ද රාජපක්ෂ රට විනාශ කල ද්‍රෝහියෙකු ලෙස අර්ථ ගැන්විය හැකි තරම් දේශපාලන ලෙස කුජීත ස්ථාවරයකට චම්පික පත්ව ඇත්තේ ඒ හරහාය. සම්බන්ධන්ලා , නිර්මාල්ලා ආදී දෙමළ ජාතිවාදීන් සමග හෙට දිනයේ 'උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරනු. සිංහල හමුදා උතුරෙන් පන්නමු. ' යන උද්ඝෝෂණයේ ඉදිරියෙන්ම රතන හිමි සහ චම්පික සිටියත් අප පුදුම විය යුතු නැත. 
මේ ලබුත් තිත්ත වන අපූරු අබුද්දස්ස කාලයක්මැයි.

 
-යටියන ප්‍රදිප් කුමාර
යුතුකම සංවාද කවය
www.yuthukama.com

12/17/2014

ජනාධිපතිරණයේ තීන්දුව කුමක්ද?

කතෘ:යුතුකම     12/17/2014   1 comment
- නීතීඥ ගෝමින් දයාසිරි

මෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බඳු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්‍යය.
මා අඹ යහළු ජෝ ජේ. උපන්ගෙයි එක්සත් ජාතික පාක්ෂිකයෙකි. එහෙත් ඔහු දන්නා දේශපාලනයක් හෝ ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැත. පක්ෂ සාමාජිකත්ව කාඞ්පතක් නොමැති වුව ද අවංක ජෝ තම රට හා පක්ෂය වෙනුවෙන් පෙනී සිටින්නෙකි. ඔහුගේ අභාවප‍්‍රාප්ත මව්පියන්ගේ ඡුන්දය හිමි වූයේ ද එක්සත් ජාතික පක්ෂයට බැවින් පවුලේ ආර රැකගනිමින් පරම්පරාගත එක්සත් ජාතික පක්ෂයට ඡන්දය ලබා දෙයි. ෆොන්සේකා තරග කළ අවස්ථාවේ ඔහු කිසිවක් නොකර සිටියේ ය. ඔහුගෙන් එක්සත් ජාතික පක්ෂයට හෝ පක්ෂයෙන් ඔහුට හෝ කිසිදු ප‍්‍රතිලාභයක් අත් නොවී ය. දේශපාලනය කෙරෙහි ජනතා බැඳීම අර්ථ ශූන්‍ය හා පෞද්ගලික කරුණු මත පදනම් වූවකි.
එක්සත් ජාතික පක්ෂය  ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අනුක‍්‍රමයෙන් අහිමි කරගනිමින් සිටින බව ද, බලයේ සිටින රජයට එරෙහි විශ්වසනීය අපේක්ෂකත්වයක් පිළිබඳව තවමත් සලකා බලමින් සිටින බව ද ජෝ ජේ. වටහාගෙන සිටියේ ය. මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය තම ග‍්‍රහණය දැඩි කරනු ඇතැයි ජෝ ජේ. සිතා සිටිය ද ඒ සම්බන්ධයෙන්  ඔහු සතුටුදායක කිසිවක් කළේ නැත. ජනරාල් ෆොන්සේකාට මාර්ගය තනා දීම වටහා ගැනීමට අසීරු වුව ද, එය වැඩිදුර සිතා නොබලා කළ කි‍්‍රයාවක් බව ඒත්තු ගැන්වීය. ජනරාල් ෆොන්සේකා යුද වීරයකු වු අතර මැතිවරණය පැවතියේ ඔහුගේ යුද ජයග‍්‍රහණයෙන් කෙටි කලකට පසුව ය. මෙම කාරණය මත යටත් පිරිසෙයින් කතාබහෙන් හෝ් ඔහු ජයග‍්‍රාහී අපේක්ෂයා ලෙස පෙනී ගියේ ය. වසර පහක් ගෙවී ගියේ ය. එහෙත් එක්සත් ජාතික පක්ෂයට තවමත් අපේක්ෂකයකු සොයා ගත නොහැකි වී තිබේ. මෙය එතරම් හොඳ දෙයක් නොවේ.

මෙයින් අදහස් කරනුයේ මෙකී අභියෝගය බාර ගැනීමට තම නායකයාට ඇති ශක්‍යතාව පිළිබඳ විශ්වාසයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව ද? එසේ නම් හුදු අරුමෝසම් අභිප‍්‍රායක් උදෙසා ඔහු නායකත්වයේ තබා ගෙන සිටින්නේ මන් ද? නැතිනම් මේ නායකයා  නූතන සිරිසඟබෝ ලෙස සැලකිය හැකි පරාර්ථකාමී පුද්ගලයෙක් ද? සුදුසු අපේක්ෂකයකු සොයා ගැනීමට තරම් එක්සත් ජාතික පක්ෂයේ පුද්ගලයන් නොමැති ද? එක්සත් ජාතික පක්ෂය නායකයා වෙනුවට ආදේශකයකු අභිෂේක කොට, සිදුවන්නේ කුමක් දැ යි පසෙකට වී බලා සිටිනවා ද? පාක්ෂිකයන්ට ද පවසා සිටින්නේ ඒ අයුරින් කි‍්‍රයා කරන ලෙස ය. පාක්ෂිකයාට තම අභිමතයට අනුව කි‍්‍රයා කිරීමට අවස්ථාවක් නොමැත. පාක්ෂිකයන් කළ යුත්තේ කුමක්දැයි තීරණය කරනු ලබන්නේ පක්ෂ නායකත්වය විසිනි. මම එක්සත් ජාතික පාක්ෂිකයකු නොවෙමි. එහෙත් මා මිතුරු එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැවසිය යුත්තේ එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ සැබෑ විභවය නොදන්නා අතර සදාකාලික පරාජිත මානසිකත්වයක් උරුම කරගෙන ඇති බවයි.
අහිංසක සිරිසේන කවුරුන් ද? ඔහු ඉසිලිය නොහැකි බරක් සහිත රුදුරු මාතාවක පිට මත තබාගෙන සිටින්නෙකි. වැඩි කාලයක් ඔහුට මේ බර දරා සිටිය නොහැකි වනු ඇත. ජනාධිපතිවරියක ලෙස චන්ද්‍රිකාගේ් පසු වාර්තා ඔහුගේ ජයග‍්‍රහණයට එතරම් බලපෑමක් ඇති නොකරනු ඇත. එක්සත් ජාතික පක්ෂය චන්ද්‍රිකාගේ  දැලට හසුවූවා ද? ව්‍යවස්ථාව කියවා බලන්න. විධායක ජනාධිපති ක‍්‍රමය නම් උත්කෘෂ්ට තනතුර අහෝසි කිරීම තුනෙන් දෙකක බලයක් නොමැතිව කළ නොහැකි ය. කිසිවකුට තුනෙක් දෙක නමැති මැජික් සංඛ්‍යාංකය වෙත ළඟා විය නොහැකි වනු ඇත. සත්‍යය වටහා ගන්නවා විනා සිහින ලෝකවල ගිලී නොසිටිය යුතුය. ජනාධිපති තනතුර දරන්නා තම ධුර කාලය අවසන් වන තෙක් එහි හිමිකරුවා ය. ජනතාව සිරිසේන මහතා ජනාධිපතිවරයා ලෙස පත් කර ගත්ත ද ඒ සඳහා තුනෙන් දෙකක බලයක් ලබා ගන්නා තෙක් එම තනතුරට පත්වීමට ව්‍යවස්ථාවෙන් අවසර නොලැබේ. ඇතැම් විට පසුබිමේ සිටින ඔහුගේ ආරක්ෂක මාතාව ඇගෙන් ගිලිහුණු බලය නැවත ලබා ගැනීම සඳහා වෙනත් උපක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරනු ඇත.  දීර්ඝ කාලයක් මුළුල්ලේ දේශපානඥයන්ගේ පොරොන්දුවලින් පීඩාවට පත් ඔබ කිසි දිනෙක ඔවුන් කෙරෙහි විශ්වාසයක් නොතැබිය යුතු ය. ඔබ සැබෑ එක්සත් ජාතික පාක්ෂිකයකු නම් ඔබෙන් ම ඇසිය යුතු සරල ප‍්‍රශ්නයක් තිබේ. ඔබට වඩාත් විශ්වාස කළ හැකි නැඹුරුතාවක් ඇත්තේ් කවුරුන් කෙරෙහි ද? රනිල් වික‍්‍රමසිංහ ද නැතිනම් චන්ද්‍රිකාගේ සහාය ඇතිව හෝ නැතිව එන මෛති‍්‍රපාල සිරිසේන කෙරෙහි ද?
මා මිත‍්‍ර ජෝ ජේ. ඇතුළු බොහෝ එක්සත් ජාතික පාක්ෂිකයන්ට පැන නැඟී ඇති ප‍්‍රශ්නය වන්නේ  එක්සත් ජාතික පක්ෂය තරගයෙන් ඉවත් වීම මත නැවත චන්ද්‍රිකා යුගයක් කරා යාමේ වැදගත්කමත් තිබේ ද? යන්න ය. සිරිසේන ජනාධිපති වුවහොත් චන්ද්‍රිකා පසෙකට වී බලා නොසිටිනු ඇත. අධිකරණ තීන්දු මඟින් එළිදරව් වූ මහා පරිමාණ වංචා සහ සෘණාත්මක වර්ධන වේගයක් පැවැති කාලය මෙන් තවත් සය වසරක කාලයකට අප නැවත ගමන් කරනවා ද? යුද්ධය ජයග‍්‍රහණය කොට සාමය උදා වී රට සංවර්ධන මාවතට පිවිසී තිබුණ ද තවමත් ලෝකාපවාදයෙන් ගැලවිය නොහැකි වී තිබේ. කිසියම් ආකාරයකට රාජපක්ෂ පාලනය සෙලවීම සම්බන්ධයෙන් එක් වරක් හෝ චන්ද්‍රිකාට ජනතා ප‍්‍රසාදය හිමි විය යුතු ය. මේ හේතුවෙන් රජයට බොහෝ දේ පිළිබඳව හා එයට සම්බන්ධ පුද්ගලයන් පිළිබඳ ව දැඩි ලෙස නැවත සිතා බලන්නට සිදු වී ඇත.
මතු බලාපොරොත්තු තබා ගත හැකි අපේක්ෂකයකුට වඩා තම අභිමතයට ගැලපෙන අයුරින් ඡන්දය ප‍්‍රකාශ කිරීමට ජනතාව පුරුදුව සිටිති. ඔවුහු තමන්ට හොඳ යැයි හැෙඟන පුද්ගලයාට ඡන්දය භාවිත කරති. 50 වසරක් මුළුල්ලේ ජන්ද බලය හිමි ජනතාව මෝඩයන් රැලක් නොවේ. ඩාර්ලි පාරේ ඒ. සහ බී. නමැති විනාශකාරී කණ්ඩාම්වලට අවස්ථාව ලබා දී එක්සත් ජාතික පක්ෂය පසෙකට වී සිටීමට තීරණය කිරීම හේතුවෙන් ජනතාවට අත් වූයේ සීමිත අවස්ථාවකි. එක්සත් ජාතික පක්ෂය සීතල කාමරකට වී නිකම් බලා සිටින අතරතුර ඇතිවී ඇති ව්‍යාකූල තත්ත්වය මත, ජනතාව තමන් දන්නා යක්ෂයා තෝරා ගැනීමට තීරණය කරනු ඇත.
රනිල් වික‍්‍රමසිංහ සියල්ලන්ගේ සෙනෙහෙවන්තයකු නොවේ. ඔහු මහමඟ දරුවන් සුරතල් නොකරයි. මධුර භාෂණ හෝ ඔහු අපේක්ෂාවෙන් සිටින ජනතාව අතර තෙරපෙමින් මහජන සම්බන්ධතා ගොඩ නඟා ගැනීමේ සිහින ඔහු තුළ නොමැත. එහෙත් ඔහු බුද්ධිමත් සහ පිරිසුදු පුද්ගලයෙකි. රනිල් හෝ පේ‍්‍රමදාස හෝ කරු හෝ සමග සිරිසේන  හා චන්ද්‍රිකා තැබූ විට චන්ද්‍රිකා පසුපස පැමිණෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විවිධ අදහස් සහිත විවිධ චරිතයන් ය. ඔබ එක්සත් ජාතික පක්ෂයට ජන්දය දෙනවා නම් එය දිය යුත්තේ කා හට ද? ඔබගේ නිවසේ සිටින පුද්ගලයකු එළවා දැමීමට පිටතින් පුද්ගලයකු රැගෙන එනවා ද?
අපේක්ෂකයකු ජනාධිපති තරගය සඳහා බොහෝ කලක සිට සූදානම් විය යුතු ය. පුද්ගලයකු එක් රැයකින් තෝරා ජනතාව අතරට තල්ලූ කොට රාජ්‍ය පාලනය සඳ ඔහු පත් කර ගැනීමට ඇති ප‍්‍රමුඛ සුදුසුකම වන්නේ වසර ගණනාවක් මුළුල්ලේ අපිරිමිත ප‍්‍රතිලාභ ලද තම පක්ෂයෙන් අවසන් මොහොතේ ඉවත් වීම ද?  පුද්ගලයකු තමා ඉදිරියේ ඇතිවිය හැකි  ප‍්‍රතිඵලය වටහා නොගෙන මේ මොහොතේ යසස පිළිබඳව පමණක් සිතා තීරණ ගැනීම අසාධාරණ ය. මේ පිළිබඳ ව ඔහු සිතා බැලිය යුතුව තිබිණි.
මෙය ජාතියකට ජීවිතයත් මරණයත් අතර සටනක් බඳු වන අතර, මොහොතක මනෝ විකාරය නිසා රටකට සිදු විය හැකි විශාල වරදක් නිර්මාණය නොවීමට එම තීරණයට එළැඹුන දේශපාලන පක්ෂවල දැවැන්ත පරාවර්තනයක් අවශ්‍ය ය.  රටට අවශ්‍ය රටේ දිග පළල හඳුනන, පක්ෂ ධුරාවලියේ උත්තේජනය මතින් ජයග‍්‍රහණය කරා ළඟා විය හැකි අපේක්ෂකයෙකි. ඒ සඳහා අවශ්‍ය වන්නේ කුපිත වූ රටවලින් බන්දේසියක තබා පුදන මුදලට නැමෙන පුද්ගලයකු නොව දැඩි හදවතක් සහිත පුද්ගලයෙකි. ඔහුට  ඕපපාතිකයකු විය නොහැකි ය. යුද ජයග‍්‍රහණය සඳහා ජනරාල්වරයා රට මෙහෙය වූ ආකාරය දුටුව ද බොහෝ දෙනෙක් ඔහුු වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමට උනන්දු වූයේ නැත.  ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීම මුළුතැන්ගෙයි කටයුතු සඳහා කෝකියකු තෝරා ගැනීමක් වැනි කාර්යයක් නොවේ.
එක්සත් ජාතික පක්ෂය නැගිටවීම සඳහා කෙරෙන අනතුරු හැඟවීමේ සංඥාව ප‍්‍රමාණවත් නොවේ. මේ වන විට ඝඨිකාව නැවතී ඇත. පක්ෂයට අවශ්‍යව ඇත්තේ කම්පන ප‍්‍රතිකාරයකි. අවශ්‍ය තරම් දක්ෂයන් පක්ෂ අභ්‍යන්තරයෙන් හමු නොවූ බව ඉහළ ස්ථරය ප‍්‍රකාශ කරයි. මේ පැරණි දැවැන්ත පක්ෂය ප‍්‍රථමයෙන් එක්සත් විය යුතු ය. දෙවනුව එය අව්‍යාජ ලෙස ම ජාතික විය යුතු ය. තෙවනුව හුදෙක් පක්ෂය නමැති බෝඞ් ලෑල්ලකට සීමා නොවිය යුතු ය.
ජනාධිපතිවරණයෙන් පසු එළඹෙන මහා මැතිවරණය එක්සත් ජාතික පක්ෂයට දෙවැනි අවස්ථාවක් උදා කර දෙයි. ඇතැම් විට කිසිදු පක්ෂයක් රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩි ඡුන්ද සංඛ්‍යාවක් ලබා නොගනු ඇත. මෙම විවරය තුළින් දෙමළ ජාතික සන්ධානය ඔවුන්ගේ මාවත සකසා ගැනීමට උත්සාහ ගනු ඇත. දකුණේ ඇත්තේ බෙදුණු දේශපාලනයකි. උතුරේ පිරිසේ උපක‍්‍රමය වන්නේ තමන්ගේ එක්ව බැ`දුණු දේශපාලන ක‍්‍රමයට ප‍්‍රතිවිරුද්ධ දකුණේ දේශපාලන ක‍්‍රමය අකර්මණ්‍ය කිරීමට ඔවුන්ගේ ජාතිවාදි නැඹුරුව තුළින් උත්සාහ ගැනීම ය. ජාතිය ගොඩ නැඟීමේ කි‍්‍රයාවලියේ දී දෙමළ ජනතාව ගලවා ගත යුතු වන්නේ දෙමළ ජාතික සන්ධානයෙනි. ඔවුන්ගේ අරමුණ සිංහල දෙමළ ජනතාව බේදභින්න කොට ඔවුන්ගේ දේශපාලන අරමුණ දිනාගැනීමට ය. පොදු පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් එකමුතුව මහින්ද රාජපක්ෂ ජනාධිපති ලෙස පත් වී රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත් වුවහොත් සුළු ජාතිකයන් තුළ වැඩි විශ්වාසයක් ඇති වනු ඇත.
වඩාත් වැදගත් විය හැක්කේ මහින්ද රනිල් එක්ව රට පාලනය කිරීම ය. ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථාමය සංශෝධන සිදු කොට විදේශ කටයුතු හා මුදල් වැනි අමාත්‍යංශ එක්සත් ජාතික පක්ෂයට ලබා දී ආරක්ෂක සහ නගර සංවර්ධනය වැනි අමාත්‍යංශ එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ  තබා ගත හැකි ය. ජනාධිපතිවරණය අවසානයේ උවත් මේ සම්බන්ධයෙන් අපේක්ෂා තබා ගත හැකි වන අතර, මහා මැතිවරණයක් සඳහා සූදානම් වීමට අවශ්‍ය නොවේ.  වර්තමාන පාර්ලිමේන්තුවේ ආයු කාලය තුළ එය සිදු විය යුතු ය. නැතිනම් මැතිවරණයෙන් පසු මතුවන තත්ත්වය මත සිදු විය යුතු ය.
ව්‍යවස්ථාවෙන් තහනම් කර ඇති පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුනට පක්ෂ මාරු කිරීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් අධිකරණයට චෝදනා එල්ල වෙයි. එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් වැඩි පිරිසක් පක්ෂ මාරු කළ එම කාලයේ අධිකරණයටත් ඉහළින් බලයේ සිටියේ කවුරුන් ද? ව්‍යවස්ථාවට විවිධ අර්ථකථන දෙමින්  ඒ හා දේශපාලනය  වැද්දුම් කිරීමට උත්සාහ කළ බොහෝ අවස්ථාවල යුක්තිය ගබ්සා වූයේ ය. එවන් දේ කළ අය නැවත දිරච්ච ලණු දී නැවත පළා යනු ඇත.
අපේක්ෂාවෙන් සිටින්න. එහෙත් දිරච්ච ලණුවලට අසු නොවන්න.

- නීතීඥ ගෝමින් දයාසිරි
(ඬේලිමිරර් පුවත්පතට සැපයූ ලිපියක් ඇසුරිනි : ලංකාදීප) 
යුතුකම සංවාද කවය
www.yuthukama.com


HTML tutorial

Labels

"බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ -ලසන්ත වික්‍රමසිංහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP cepaepa ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions