2/25/2020

13,16 සහ 19 විෂ නසන අලුත් ව්‍යවස්ථාවක් වෙත‍

කතෘ:යුතුකම     2/25/2020   No comments

වසර පහක සටනකට පසු අලුත් බලාපොරොත්තුවක් සහිතව අනාගතය දෙස බලා සිටින මොහොතකයි අප මේ සිටින්නේ. ඒ පසුගිය අවුරුදු පහ යනු මේ රටේ ව්‍යවස්ථාව , රාජ්‍ය ව්‍යුහය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම වෙනුවෙන්ම ආණ්ඩුව ක්‍රියා කළ දුර්දාන්ත කාලයකි. ආණ්ඩුවේ ඒ උත්සාහය සහ අස්ථාවර රටක් නිර්මාණය කිරීමේ ජාත්‍යන්තර මෙහෙයුම පරාජය කිරීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයකි. ඒ මෙහෙයුම පරාජය කිරීමට අතිගරු ජනාධිපතිතුමාගෙන් ලැබුණු ශක්තිය අප ගෞරවයෙන් සිහි කළ යුතුය. 2017 පමණ සිට ඒ යෝජිත ව්‍යවස්ථා උගුලෙන් ගැලවීමට අවශ්‍ය මතය නිර්මාණය කිරීම වෙනුවෙන් 'එළිය' සංවිධානය හරහා එතුමා විශාල වැඩ කොටසක් සිදු කළා. යුතුකම ජාතික සංවිධනය වැනි සංවිධාන ඒ වෙනුවෙන් සිදුකළ මෙහෙය සුවිශේෂීයි. ඒ ෆෙඩරල් ව්‍යවස්ථාවට එරෙහිව ඉතා ශක්තිමත් හඬක් නැගීමට ඔවුන් ක්‍රියා කළේය. අවසානයේ එය පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයත් සමග පරාජයට පත් විය. ඒ මැතිවරණ ජයග්‍රහණය තුළ ඒ රට බෙදන උත්සාහයට එරෙහිව නැගුණු ජන මතය ඉතා ප්‍රබල විය.
ඒ රට බෙදන දීන උත්සාහය පරාජය කළද අප සිටින්නේ රටක් වශයෙන් සුරක්ෂිත තැනක නම් නොවේ. අප නොයෙක් දෙසින් කොටු වී සිටින්නේ අස්ථාවර රාජ්‍යක් නිර්මාණය කිරීමේ න්‍යායපත්‍රයකටයි. අප රටට මුහුණ දීමට සිදුව ඇති මේ ව්‍යවස්ථා අවුල කුමක්දැයි මඳක් විමසා බලමු.

1978 ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ගෙන ආ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අප අද මුහුණ දී සිටින ව්‍යවස්ථා උගුලට රට ඇද දැමීමට මූලික අඩිතාලම සැපයීය. හරියාකාර ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කර ගත නොහැකිව, අන්තවාදී සුළුතර කල්ලි මත යැපෙන ආණ්ඩු නිර්මාණය වීමේ මූලික හේතුව 78 ව්‍යවස්ථාව මගින් අත්තනෝමතිකව හඳුන්වා දුන් සමානුපාතික මැතිවරණ ක්‍රමයයි. 1987 දී ඉන්දියානු බලහත්කාරයෙන් සම්මතකරවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඒ තත්වය තවත් නරක අතට හැරිණ. එක රජයක් වෙනුවට,ඒ හරහා ආණ්ඩු 9ක් නිර්මාණය කෙරිණ. පාලන තන්ත්‍ර 9ක් හරහා සෑම ක්ෂේත්‍රයකට ඇමතිවරු 9 බැගින් පත් වෙන ව්‍යාකූල ව්‍යුහයකට ඒ හරහා රට ඇද වට්ටා තිබේ. අප සියළු දෙනාට එකා වන්ව ජීවත් වීමට හැකි වන්නේ එක රටක් එක නීතියක් ස්ථාපිතව ඇති සුරක්ෂිත රටක් නිර්මාණය වුවහොත් පමණි. ගෝඨාභය ජනාධිපතිවරයා එක රටක්-එක නීතියක් වෙනුවෙන් පෙනී සිටීම අපට අලුත් බලාපොරොත්තු වඩවන්නකි.

භයානක 13

13 වැනි සංශෝධනය හරහා, පළාත් සභාවලින් පනවන නීතියක් වෙනස් කිරීමට නම් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරයකින් නොහැකි යැයි පනවා ඇති වගන්තිය හරහා පාර්ලිමේන්තුව ඇද වට්ටවා ඇති තත්වය කුමක් ද? පුදුමය වන්නේ පාර්ලිමේන්තුව විසින්ම පැනවූ නීතියක් පවා සාමාන්‍ය බහුතරයකින් වෙනස් කිරීමට හැකියාව පවතිද්දී පළාත් සභා උදෙසා මෙලෙස අයුක්තිසහගත බලයක් ලැබීමයි. මුළු රටේම නීති සකසන ආයතනය වන පාර්ලිමේන්තුවට , පළාත් සභාවකින් පනවන රටට අහිතකර නීතියක් පවා වෙනස් කිරීමට 2/3 ක බහුතරයක් ලබා ගන්න අසීරු කොන්දේසියකට යටත් වන්නට සිදුවේනම් මේ පාර්ලිමේන්තුවෙන් ඇති ඵලය කුමක් ද? මෙය සපුරාගැනීමට අපහසු කොන්දේසියක් වන්නේ සමානුපාතික චන්ද ක්‍රමය හරහා රටේ ස්ථාවර පාර්ලිමේන්තුවක් නිර්මාණය කිරීම වලක්වා ඇති තත්වයක් යටතේ බොහෝ විට පත් වන ආණ්ඩු සුළුතර කණ්ඩායම් වල අතකොළු බවට පත්වී ඇති තත්වයක් යටතේය. 13 ව්‍යවස්ථා සංශෝධනය හරහා ගෙනා භයානකම යෝජනව මෙයයි. මෙ රටේ ඒකීයභාවය රැකීමට නම් , බුදුදහම රැකීමට නම් රටේ නීතිය කුමක් විය යුතුද යන්න රටේ සමස්ථ ජනතාව තීරණය කළ යුතුය.
වෙනම රටක් නිර්මාණය කිරීමේ බෙදුම්වාදී උවමනාව වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මකව තිබියදී උතුර හා නැගෙනහිර වෙනම කලාපයක් ලෙස වෙන් කර ගැනීමට මේ අන්තවාදීන්ට උවමනාය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන 13 වන ව්‍යවස්ථාවේ අදටත් අඩංගුය. එනම් උතුර හා නැගෙනහිර එක් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන අදටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අඩංගුය. අන්තවාදීන්ට එය ඉටු කරගැනීමට අවශ්‍ය වන්නේ එය ඉටු කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරගැනීම පමණි. අපට ගෝඨාභය ජනාධිපතිවරයා සිටින තුරු එවැනි බියක් නැත. නමුත් සැමදාම ගෝඨාභය පන්නයේ ආණ්ඩු බිහි වන්නේ නැත.. අනාගතයේදී බිහිවන පසුගිය ආණ්ඩුව වැනි පාලනයකින් මේ බෙදුම්වාදී ඉලක්කය සපුරාගැනීමට අවශ්‍ය ඉඩ ව්‍යවස්ථාවේ අඩංගුව තිබීම භයානකය. පසුගිය ආණ්ඩුව 'ඔරුමිත්තනාඩුවක්' නිර්මාණය කිරීම වෙනුවෙන් ගෙනා ව්‍යවස්ථා යෝජනාවල අඩංගු වූයේ ඒ බෙදුම්වාදී උවමනාව තවත් ශක්තිමත් කරන ප්‍රතිපාදනයි. 'යුතුකම' , 'එළිය' ඇතුළු ජාතික සංවිධාන හරහා අප ඒ පිළිබඳ රටම දැනුවත් කළෙමු. අවසානයේ ඒ බෙදුම්වාදී උත්සාහය පරාජය කිරීමට අපට හැකිවිය.

බොහෝ විට 13 කලු පැත්ත ගැන කතා කරන විට අප කතා කරන්නේ ඉඩම් හා පොලිස් බලතල ගැන පමණි. නමුත් අපගේ අවධානයට අඩුවෙන් යොමු වූ තවත් භයානක අනතුරක් 13 තුළ ඇතුළත්ය. ඒ පුරා විද්‍යා ක්ෂේත්‍රය අරඹයා ඇති ප්‍රතිපාදනයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා පුරා විද්‍යා කටයුතු පාලනය කිරීමද පළාත් සභාවලට පවරා තිබීම අතිශය භයානකය. ඒ සංශෝධනයට අනුව ඒ පළාත් සභාවලට අයත් වන්නේ 'ජාතික වශයෙන් වැදගත්කමක් නැති පුරාවස්තු පමණි' යනුවෙන් වගන්තියක් ඇතුළත්ය. මෙය කොතරම් විහිළුකාර ප්‍රතිපාදනයක් ද? ජාතික වශයෙන් වැදගත්කමක් නොමැති පුරාවස්තු යනු මොනවා ද? මෙවැනි අපබ්‍රංශ වගන්තියක් ඇතුළත් කර තිබෙන්නේ නිකම්ම නොවේ. උතුර හා නැගෙනහිර පළාත් වල සිංහල ජනයාට පදිංචි විය නොහැකි යැයි බාධා කරන අන්තවාදී දේශපාලන පක්ෂ ඕනෑතරම් තිබේ. පසුගිය අවුරුදු පහ පුරාම ඔවුන් ක්‍රියාත්මක වූ ආකාරය අප දුටුවෙමු. ඔවුන් නගන ප්‍රධාන තර්කයක් නම් ඒ බිම් වල සිංහලයන්ට, බෞද්ධයන්ට හිමිකමක් නැත යන්නයි. ඒ සඳහා ඒ බිම්වල ඇති පුරා විද්‍යා ස්ථාන වනසා දැමීම බෙදුම්වාදීන් ට අත්‍යවශ්‍යය. ඒ බෙදුම්වාදී වියරුව වෙනුවෙන් අවශ්‍ය නීතිමය ආවරණය ලබාදීමයි 13 වැනි ව්‍යස්ථා සංශෝධනය හරහා සිදු කළේ. ජාතික වශයෙන් වැදගත්කමක් ඇතැයි පිළිගැනීමට නම් මේ පුරාවිද්‍ය භූමි මිනින්දෝරුවන් විසින් මැන පුරාවිද්‍යා ආඥා පනත යටතේ ගැසට් කළ යුතුය. එතෙක් මේ පුරාවිද්‍යා බිම් අයිති වන්නේ පළාත් සභාවලටයි. ඒවා බොහොමයක් දැනටමත් විනාශ කෙරී ඇති අතර අනිත්වා කෙමෙක් කෙමෙන් විනාශ කෙරෙමින් පවති. පසුගිය කාලයේ චෛත්‍ය පිටින් ඩෝසර් කළා අපට මතකය. ඉඩම් බලතල, පොලිස් බලතල ආදී භයානක බලතල මෙන්ම මේ විනාශකාරී වගන්තිද අනාගත අපේ ව්‍යවස්ථා සංශෝධනයකදී අනිවාර්‍යයෙන් අහෝසි කර දැමිය යුතුය.

අයුක්ති සහගත 16 හා රට අස්ථාවර කළ 19

1988 දී 16 වැනි සංශෝධනය හඳුන්වා දුනි. එයද 13 තරම්ම ඉතා භයානක සංශෝධනයකි.ඒ හරහා රාජ්‍ය භාෂාව සිංහල වුවත් දෙමළ වුවත් රටේ පාලන භාෂාව හා අධිකරණ භාෂාව සිංහල වන්නේ උතුර හා නැහෙනහිර පළාත් හැර අනිත් පළාත් වල පමණි. කෙටියෙන් කිවහොත් උතුර හා නැගෙනහිර පළාත්වල පාලන හා අධිකරණ කටයුතු වලට සිංහල භාෂාව තහනම් කෙරිණ. මෙය කෙතරම් අයුක්ති සහගත යෝජනාවක් ද යන්න වැටහෙන්නේ අනිත් පළාත් සියල්ලේම සිංහල සහ දෙමළ භාෂාවලින් කටයුතු කිරීමට ඉඩ ප්‍රස්ථාව ලැබෙද්දී උතුර හා නැගෙනහිරට පමණක් මේ ඒකපාර්ශික බෙදුම්වාදී ප්‍රතිපාදන ලැබිම හරහායි. අනෙක් උත්ප්‍රාසජනක කරුණ වන්නේ රටම ගත් විට සුළුතරය වන කොටස්වල භාෂා අයිතිය වෙනුවෙන් හඬ නගන කිසිවකුත් උතුර හා නැගෙනහිර සුළුතරය වී ඇති සිංහලයාට සිදුව ඇති මේ අයුක්තිය වෙනුවෙන් හීන් කෙඳිරියක්වත් නොනැගීමය.

පසුගිය ආණ්ඩුව සම්මත කළ 19 වැනි සංශෝධනයද සුපුරුදු බෙදුම්වාදී සහ රට අස්ථාවර කරන මෙහෙයුමේම තවත් එක් දිගුවකි. එයට එරෙහිව චන්දය දුන්නේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි. එය ජාතියේ මළගම නිර්මාණය කරන සංශෝධනයක් ලෙස අප කලින්ම තේරුම් ගතිමු. එදා 19 වැනි සංශෝධනය ශේෂ්ඨාධිකරණය හමුවට ඉදිරිපත් කරද්දී තිබූ වගන්ති එලෙසම සම්මත වූවා නම් අද අපට රටක් ඉතිරි වන්නේ නැත. ශේෂ්ඨාධිකරණය විසින් එහි අඩංගුවෙන් 3/4ක් පමණ ව්‍යවස්ථා විරොධී යැයි කුණු කූඩයට දැමීය. එසේ නොවූයේ නම් නිර්මාණය වන තත්වය සිතා ගැනීමටවත් අපහසුය. අප ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයට අපගේ ගෞරවය පුද කළ යුතුය. නමුත් අනතුර අවසන් නැත.
ස්වාධීන කොමිෂන් සභාවලට පත්වීම් සිදු කරන්නේ 19න් බිහිකළ ව්‍යවස්ථාදායක සභාව හරහාය. ව්‍යවස්ථා දායක සභාව පත් කිරීමේදී 'ලිංගික වර්ගීකරණයද ඇතුළත්ව බහුත්ව ලක්ෂණ වලින්' සමන්විත විය යුතු යැයි සඳහන්ය. මෙය අරුම පුදුම යෝජනාවකි. පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය එල්ල වන විට සිටි පොලිස්පතිවරයාද පත් කළේ ඔය කියන ව්‍යවස්ථාදායක සභාව හරහාය. අහිංසකයන් 300 කගේ පමණ ජීවිත වලින් වන්දි ගෙවන්නට සිදු වූ ඒ ප්‍රහාරයෙන් පසු ඒ පොලිස්පතිවරයා හිර ගෙට ගියේය. අරුමය වන්නේ ඒ පොලිස්පතිවරයා ඉවත් කරගැනීමට ආණ්ඩුවට නොහැකිය. ඔහු අදටත් පොලිස්පතිය. ඒ වෙනුවට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරගැනීමට පමණයි ආණ්ඩුවට හැකියාව ලැබී ඇත්තේ. 19 වැනි සංශෝධනයේ අසාර්ථකත්වය නිර්ණය කිරීමට මෙය ඉතා හොඳ උදාහරණයකි. අප අනිත් කොමිෂන් සභා දෙස බැලුවත් තත්වය එලෙසමය. ඒවාට ස්වාධීන කොමිෂන් සභා යැයි කීම අර්ථවිරහිතය. මෙයට මූලික හේතුව කොමිෂන් සභ පත් කිරීම නොව මේ සභා පත් කිරීමේ ක්‍රමවේදයේ ඇති විශාල ප්‍රශ්නයයි. අප එකඟ නොවූවත් 78 ව්‍යවස්ථාවේ කොතරම් අඩු පාඩු තිබුණත් එය නිර්මාණය කළේ නීතිය හොඳින් දන්නා පිරිසක් විසිනුයි.එය නිර්මාණය කළේ ව්‍යවස්ථා මූලධර්මවලට අනුකූලවයි. නමුත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී ඒ මූලධර්ම සම්පූර්ණයෙන්ම උල්ලංගණය කර තිබේ. 19 වැනි ව්‍යවස්ථාව ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ලබා දුන් ගරු ශ්‍රීපවන් විනිසුරුවරයා ඒ පිළිබඳ ඉතා වටිනා විග්‍රහයක් එහි ඇතුළත් කර තිබේ.
එහි අවධාරණය කෙරෙන්නේ රටේ බහුතරයෙන් පත් වන ජනාධිපතිවරයා සහ සෙසු ආයතන අතර බලය ගලායාමේදී ඒ ජනධිපතිවරයා සමග ඇති සම්බන්ධය නොබිඳී තිබිය යුතිය යන්නයි. එසේ නොමැතිව අත්තනෝමතිකව බලය එක තැනකින් ගලවා තවත් ආයතනයකට පැවරීම විශාල ව්‍යවස්ථා අර්බුධයක් නිර්මාණය කිරීමට හේතුවක් වෙයි. පසුගිය ආණ්ඩුව 19 හරහා යෝජනා කළ ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් 10 දෙනා පත් කෙරෙන්නේ කෙසේදැයි මඳක් විමසා බලමු. කතානායකවරයා එහි මූලිකත්වය ගනී. රටේ අගමැති සහ සහ විපක්ෂ නායකවරයා එක්ව ඉතිරි පව දෙනාගෙන් පස් දෙනෙක් පත් කරයි. වැදගත් කාරණය වන්නේ ව්‍යවස්ථාදායක සභාවේ තීරණයක් සම්මත වීමට චන්ද පහක් පමණක් ප්‍රමාණවත් වීමයි. එනම් විපක්ෂ නායකවරයා සහ අගමැතිවරයාගේ නියෝජිතයන්ගේ චන්ද පමණක් ප්‍රමාණවත් වේ. පසුගිය වසර පහ තුල සිදු වූයේ කුමක් ද? මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයන් 10න් 10 ම පත් වූයේ එදා ජනවාරි 8 ආණ්ඩු සෑදීමට එක්ව ක්‍රියාකළ බලවේගයෙනි. ලක්ෂ 58ක් වූ සැබෑ විපක්ෂයට එහි කිසිඳු ඉඩක් නොලැබිණ. අවම තරමේ විපක්ෂ නායකවරයා මන්ත්‍රීවරු 16ක් පමණක් සිටින ආණ්ඩුවේම කොටසක් වූ පක්ෂයකින් පත් නොවූයේ නම් ව්යවස්ථාදායක සභාවේ පත්වීම් මේ තරම් වියවුලකට පත් නොවන්නට ඉඩ තිබුණි. එක රටක් එක නීතියක් වෙනුවෙන් නිර්මාණය වන අනාගත ව්‍යවස්ථා සංශෝධනයකදී එලෙස ආණ්ඩුව විසින්ම විපක්ෂ නායකවරයා පත් කරගන්නා අයුක්තිසහගත ඉඩ අහුරා දැමිය යුතුය.

මෙලෙස රට අස්ථාවර කරන , රට තවත් අගාධයෙන් අගාධයට හෙළන ව්‍යවස්ථා මර උගුල් ගැන දැනුවත්ව අනාගත ව්‍යවස්ථාවක් නිර්මාණය කරගැනීමේ කටයුත්තට අප වහ වහා ක්‍රියා කළ යුතුය. එහිදී බෙදුම්වාදයට කිසිඳු ඉඩක් නොතැබීම ප්‍රමුඛම අවශ්‍යතාවයකි. රටට හිතැති නීති ක්ෂේත්‍රයේ විශාරදයන් ඇතුළු දැනුවත් පිරිසකගේ සහය ඒ සඳහා ලබා ගැනීමට කටයුතු කළ යුතුය. එක රටක් එක නීතියක් යනුවෙන් වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වූ ඒ අපේක්ෂාව ඉටුවන, සියළු පුරවැසියන්ට නිදහසේ අභිමානවත්ව ජීවත්විය හැකි සුරක්ෂිත රටක් නිර්මාණය කරගත හැක්කේ ඒ හරහා පමණි.

[ශක්ති සම්පන්න රාජ්‍යයක් , අපේ ම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මැයෙන් යුතුකම ජාතික සංවිධානය පැවැත්වූ සමුළුවේදී ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා පැවැත්වූ විශේෂ දේශනය ඇසුරෙන් සකස් කරන ලද්දකි.]

'ශක්ති සම්පන්න රාජ්යයක්, අපේ ම ව්වස්ථාවක් සඳහා වන යෝජනා' සමුළුවේදී ජනාධිපති නීතීඥ මනෝහර ආර්. ද සිල්වා මහතා ඇගයීමට ලක් වූ මොහොත.



-කැලුම් නිරංජන

යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions