පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
ජේයෂ්ඨ කථිකාචාර්ය මාධවී හේරත්
හෙට අප සමරන්නේ හැත්තෑ දෙවැනි නිදහස් දිනයයි. නිදහස යන්න විවිධ විදියට අර්ථ කථනය කළ හැකිය. එසේම ආර්ථික නිදහස, දේශපාලන නිදහස, ආගමික නිදහස, භාෂණයේ නිදහස ආදී ලෙස නිදහසේ විවිධ පැතිකඩද දක්නට ලැබේ. එහෙත් අප මේ සමරන්නේ 1948 පෙබරවාරි 04 වන දින ඉංග්‍රීසීන්ගෙන් අපට ලැබුණ නිදහසයි. ක්‍රිස්තු වර්ෂ 1505 සිට 1948 දක්වා වසර 443 ආසන්න කාලයක් අප බටහිර ජාතීන්ට යටත් වී සිටියෙමු. පෘතුගීසි සහ ලන්දේසි පාලන සමයේ ශ්‍රී ලංකා ආර්ථිකයෙහි සැලකිය යුතු තරම් වෙනස්කම් නොවුණද මේ සෑම ජාතියක්ම විවිධ මට්ටමෙන් අපේ රටේ සම්පත් කොල්ල කෑ බව නම් නොරහසකි. ඉංග්‍රීසි ජාතීන් තේ, රබර්, පොල් අපට ඉතිරි කර ගියද අපෙන් රැගෙන ගිය ඇත් දළ, මුතු, මැණික්වල වටිනාකම එයට සම කරන්නේ කෙසේද යන්න නොවිසඳෙන ගැටලුවකි. ඒ කෙසේ වෙතත් නිදහස යැයි යමක් මහ ඉහළින් සමරන්නට නම් අපට අමතක වන්නේ නැත. සත්‍ය වශයෙන්ම අප සමරන්නේ දිනා ගත් නිදහසක් නොව ලබා දුන් නිදහසකි. දිනා ගත් නිදහසක් මිස ලබා දුන් නිදහසක් සැමරිය යුතු ද යන්න විවාදාත්මක කරුණක් විය හැකිය. කෙසේ වෙතත් ජාත්‍යන්තරය තුළ අප පූර්ණ වශයෙන් නිදහස භුක්ති විදින රටක්ද යන්න ගැඹුරින් අධ්‍යයනය කළ යුත්තකි.
ලෝකයේ රටවල් ප්‍රධාන කාණ්ඩ දෙකකි. ඒ සංවර්ධිත සහ සංවර්ධනය වෙමින් පවතින ලෙසය. නැතහොත් බලවත් සහ බලහීන ලෙසය. මෙවැනි බෙදීමකට පදනම වූයේ කුමක්ද? සමෙහි වර්ණය, ආගම, භාෂාව, භෞතික පිහිටීම මේ කිසිවක් නොව ආර්ථික ශක්තියයි. සංවර්ධිත රටවල් ලෙස හඳුන්වන්නේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 12000 හෝ ඉන් ඉහළ රටවල්ය. මෙම රටවලට ජාත්‍යන්තර වෙළෙඳාම තුළද සැලකිය යුතු වෙළෙඳ පරිමාවක් හිමි වේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ප්‍රබල ලෝක සංවිධානවලද මෙම රටවලට සුවිශේෂ බලයක් ඇත. මෙම රටවල් ලෝක බලවතුන් ලෙස සැලකේ. විශේෂයෙන්ම මේ අතරිනුත් ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ජාත්‍යන්තරය තුළ විශාල බලයක් රඳවා ගෙන ඇත. නැතහොත් රඳවා ගන්නට උත්සාහ දරමින් සිටී. මෙම රටවලට කිසිවෙකුත් ඇඟිලි ගසන්නේ නැත. ඔවුන් ගන්නා තීරණවලට විරුද්ධ වන්නේ ද නැත. විරුද්ධ වුවත් ඉන් පලක් වන්නේ ද නැත. එහෙත් නිදහස් යැයි කියා ගන්නා රටක් ලෙස එවැනි තත්ත්වයක් අප ජාත්‍යන්තරය තුළ සත්‍ය වශයෙන්ම අත් විඳින්නේද? එවැනි තත්ත්වයක් ජාත්‍යන්තරය තුළ අත් විඳින්නට අවකාශයක් තිබේද? අප පැහැදිලිව තේරුම් ගත යුතු එකම කාරණය වන්නේ ආර්ථික අතින් අප ශක්තිමත් වනතුරු ජාත්‍යන්තරව තුළ පමණක් නොව අභ්‍යන්තරව ද අපට සැබෑ නිදහසක් අත් විඳීමට හැකියාවක් නොමැති බවයි.
පවතින ලෝක ආර්ථික ක්‍රමය තුළ ශක්තිමත් ආර්ථික රාජ්‍යයක් බවට පත්වීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් තම රටේ ශක්තීන් සහ විභවතාවන් නිසියාකාරව අවබෝධ කර ගන්නේ නම් අසමර්ථ වීමට හේතුවක් නැත. සිංගප්පූරුව ඇතුළු නව කාර්මික රටවල් අපට කියා දුන් පාඩම එයයි. වර්තමානයේ බටහිර රටවලට විශාල අභියෝගයක්ව පවතින චීනයේ වේගවත් ආර්ථික ගමනට හේතුව ඔවුන් සතු ආර්ථික බුද්ධිය සහ කාර්යශූර්යය බවයි. චීනය ජාත්‍යන්තරය තුළ ගොඩ නගා ගෙන ඇති බලය අන් කිසිවක් නොව ඔවුන්ගේ ආර්ථික ශක්තියයි. බටහිර රටවලට හිසරදයක් වී ඇති චීනය ලොව ආර්ථික මොළය ලෙස හඳුන්වන්නේ සමස්ත ලෝකයම ඔවුන් තම ආර්ථික ක්‍රියාවලියට හසු කර ගෙන සිටින බැවිනි. චීනය ගන්නා හැම තීරණයක්ම ආර්ථික තීරණයකි. වර්තමානයේ ඇමරිකාව සහ චීනය අතර පවතින සීතල යුද්ධයට හේතුවද චීනය වේගයෙන් ලෝක ආර්ථිකය ආක්‍රමණය කිරීමයි. ජාත්‍යන්තරය තුළ ශක්තිමත් ආර්ථිකයකට හිමිකම් කියන්නට ඉහළ ඒක පුද්ගල ආදායමක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ලෝක වෙළෙඳපොළ තුළ ඉහළ වෙළෙඳ පරිමාවකටද හිමිකම් කිව යුතුය. එසේ නැතිනම් ජාත්‍යන්තර වෙළෙඳපොළට දැඩිව බලපෑම් කළ හැකි භාණ්ඩ අපනයනය කළ යුතුය. එහෙත් වර්තමානය වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ තේවලට අපට තිබූ ඒකාධිකාරය පවා අහිමි වී ගොස් ඇත. ජාත්‍යන්තර වෙළෙඳපොළට බලපෑම් කළ හැකි කිසිවක් අප අපනයනය නොකරන අතර GSP+ වැනි සහන මත යැපෙන තත්ත්වයට පත්ව ඇත. අපනයන විවිධාංගීකරණය කිරීමත් හැකිතාක් තාක්‍ෂණය මත පදනම් වූ භාණ්ඩ ජාත්‍යන්තර වෙළෙඳපොළට සැපයීමත් කෙරෙහි අපගේ අවධානය යොමු විය යුතුය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව දැනුමේ මධ්‍යස්ථානයක් කිරීමට ඇති හැකියාව සලකා බැලීම සහ එයට ප්‍රමුඛස්ථානයක් දීම වැදගත් වේ. දේශීය නිෂ්පාදිතය ඉහළ නංවීමට සෑම ආර්ථික අංශයක්ම පූර්ණ ධාරිතාවකින් ක්‍රියාත්මක කළ යුතුය. රටෙහි නිෂ්පාදනය වැඩි කිරීම ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීම තරම්ම වැදගත්ය. විශේෂයෙන්ම ඉදිරි වසර කීපය පුරාම වේගවත් ආර්ථික වර්ධන අනුපාතිකයක් පවත්වා ගෙන යා හැකි නම් එමගින් ජාත්‍යන්තරයට දැනෙන රටක් බවට පත් විය හැකිය. එහෙත් අප රටේ කාන්තා ශ්‍රමය මැද පෙරදිග ඇතුළු රටවලට අඩු මිලට අලෙවි කිරීම නම් කිසිසේත්ම අනුමත කළ නොහැකිය. මෙය වර්තමානයේ අප රටෙහි ප්‍රධානම විදේශ විනිමය ඉපැයීමේ මාර්ගයක් වී ඇති අතර එවැනි ආදායම් මාර්ගයකට හිමිකම් කීම පිළිබඳ රටක් ලෙස අප ලැජ්ජා විය යුතුය. මෙවැනි ක්‍රම මගින් ආර්ථිකය කෙතරම් ශක්තිමත් කර ගත්ත ද ලෝකය ඉදිරියේ අභිමානවත් රටක් ලෙස නැගී සිටිය නොහැකිය.
ශ්‍රී ලංකාව විශාල වශයෙන් විදේශීය ණය ලබා ගන්නා රටක් වීම ජාත්‍යන්තරය තුළ අපේ ශක්තිය අඩු වීමට ප්‍රධාන හේතුවක් ලෙස කෙනෙකුට සිතෙන්නට පුළුවන. අපට වඩා ණය ගන්නා ප්‍රබල රටවල් ලෝකයේ ඕනෑ තරම් තිබේ. ණය ගැනීම රටක ආර්ථික දුබලතාව හෝ ප්‍රබලතාව මනින ප්‍රබල මිනුමක් නොවේ. එහෙත් ආර්ථික වශයෙන් ප්‍රබල රටක ණය ගැනීම හා ආර්ථික වශයෙන් දුබල රටක ණය ගැනීම එකම මිනුම් දණ්ඩකින් මනින්නට ලෝකය සූදානම් නැති බව නම් සැබෑය. අප ජාත්‍යන්තරය තුළ ආර්ථික වශයෙන් ශක්තිමක් රටක් නොවන නිසා ජාත්‍යන්තර වශයෙන් නොව අභ්‍යන්තර වශයෙන් පවා නිදහසේ තීරණ ගැනීමට හැකියාව විවිධාකාරයෙන් සීමා වී ඇත. අප එය පිළි ගැනීමට මැළි වුවද රටක් ලෙස මෙම යථාර්ථයෙන් පැන යාමට අපට හැකියාවක් නැත. ප්‍රබල ජාත්‍යන්තර බලවේගවලට කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් අවනත වන්නට අපට සිදු වී ඇත්තේ අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ, මානව හිමිකම් කඩවීමේ ප්‍රශ්න නිසා නොව ආර්ථිකයේ දුර්වලතාව නිසාය. අප ආර්ථික අතින් ප්‍රබල රටක් වූයේ නම් අද ජාත්‍යන්තරය තූළ අප මුහුණ දෙන ප්‍රශ්න බොහෝමයකට මුහුණ දීමට අපට සිදු නොවනු ඇත. අතීතයේ ඇමරිකාව ප්‍රමුඛ බල කඳවුරත් සෝවියට් දේශය ප්‍රමුඛ බල කඳවුරත් ගොඩ නැගෙන්නේ ධනවාදය සහ සමාජවාදය පදනම් කර ගෙන වුවද වර්තමානයේ බල කඳවුරු ගොඩ නැගෙන්නේ දේශපාලන ක්‍රමය පදනම් කර ගෙන නොවේ. ආර්ථික බලය පදනම් කර ගෙනය. චීනය වටා සංවර්ධනය වෙමින් පවතින රටවල් ප්‍රමුඛ බල කඳවුරක් ගොඩ නැගේවි යැයි ඇමරිකාව බියෙන් පසු වන්නේ එම නිසාය.
අපට ජාත්‍යන්තරය තුළ රටක් ලෙස කොන්ද කෙළින් තබා ගෙන සිටීමට නම් ශක්තිමත් ආර්ථිකයක් අවශ්‍යය. ශක්තිමත් නායකත්වයත් ඒ සඳහා ප්‍රධාන සාධකයක් වන නමුත් එවැනි නායකත්වයක් සෑම කල්හිම පවතින්නේ ද යන්න පුරෝකථනය කළ නොහැක්කකි. එසේම ශක්තිමත් ආර්ථිකයක් හොඳ නායකයෙකුට ජාත්‍යන්තරය ඉදිරියේ සෘජු තීරණ ගැනීමට විශාල පිටුවහලකි. අප ජාත්‍යන්තර ආයතනවලින් ණය ලබා ගැනීමට යාමේ දී මෙන්ම යුරෝපා සංගමය ජාත්‍යන්තර වෙළෙඳාම තුළ සංවර්ධනය වෙමින් පවතින රටවලට ලබා දෙන GSP+ වැනි සහන ලබා ගැනීමට යාමේදී පමණක් නොව සිවිල් යුද්ධයක් පිළිබඳ තීරණ ගැනීම වැනි අතිශය අභ්‍යන්තර කරුණක දී පවා ලෝක බලවතුන්ගේ හෝ ඔවුන් මෙහෙය වන ජාත්‍යන්තර සංවිධානවල යම් යම් කොන්දේසිවලට යටත් වීමට හෝ මැදිහත්වීම්වලට මුහුණ දීමට සිදුවේ. මෙහි සැඟවී ඇති සත්‍ය කුමක්ද යන්න විමසා බැලුවහොත් පැහැදිලි වන්නේ ඉංග්‍රීසින් එදා අපට දුන්නා යැයි කියන නිදහස අද වන විට ඔවුන් වක්‍රාකාරයෙන් යළි ලබා ගෙන ඇති බවයි. එදා සශ්‍රීක රාජ්‍යයක් වූ අප බත බුලතින් ස්වයං පෝෂිත වී සිටියේය. අපේ තීරණ අපම ගැනීමට තරම් ශක්තියක් සහ නිදහසක් එදා අපට විය. එහෙත් එදා අපේ ධනය කොල්ල කා ගෙන ගිය රටවලින් අද අපට ණය සිඟා කන්නට සිදුව ඇත. නිදහස ලබා ගන්නට පෙර කිසිම කොන්දේසියකට යටත් නොවූ අප අද බටහිර ජාතීන්ගෙන්ම නිදහස ලබා ගෙන බටහිර ජාතීන්ගේම කොන්දේසිවලටම යටත් වෙමින් සිටී. එහෙයින් අප නිදහස සමරන සෑම විටම සිහි තබා ගත යුත්තේ අපට ලබා දුන් නිදහස යළි අප ලබා ගත් නිදහසක් බවට පත් කර ගත යුතු බවයි. ලබා දුන් නිදහස ලබා ගත් නිදහසක් බවට පත් කර ගත හැක්කේ ආර්ථිකමය වශයෙන් ශක්තිමත් වීම තුළින්ම පමණි. එවිට අපට අනවශ්‍ය ආකාරයේ බලපෑම් කිරීමට කිසිවකුටත් නොහැකි වනු ඇත. අප සිංගප්පූරුව ආදර්ශයට ගත යුත්තේ මේ අවස්ථාවේදීය. අපටත් වඩා කුඩා අපටත් වඩා සම්පත් ඌන සිංගප්පූරුවට වසර හතලිහක් වැනි කෙටි කාලයක් තුළ සංවර්ධිත රටක් බවට පත් වීමට හැකි වූයේ නිසි නායකත්වයක් යටතේ නිසි ආර්ථික ප්‍රතිපත්තියක ගමන් කළ නිසාය. බෙදී වෙන් නොවී රටක් ලෙස එකව එක් අධිෂ්ඨානයකින් කටයුතු කළහොත් අපටත් ඒ ගමන අපහසු නොවනු ඇත. සැබෑ නිදහස යන්න අත් විඳිය හැක්කේ එදාටය.
[aruna.lk]
යුතුකම සංවාද කවය
www.yuthukama.com
Like us on facebook : https://www.facebook.com/yuthukama

0 comments :
ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .