2/25/2020

නිසි දෙය නිසි ලෙසට නිසි කලට කළ අයුරු

කතෘ:යුතුකම     2/25/2020   No comments

වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුවිශේෂත්වය එතුමා ජනපති ලෙස දිව්රුම් දුන්න අවස්ථාවේදී ම විශද කෙරුණි.අප විසින් එදාමෙදා තුර විජාතික ආක්‍රමණවලට එරෙහි ව සිදු කරන අරගල සිහිපත් කරවමින් ආගමික ස්ථානයක් සේ ම ජාතියේ ම හදවත නතු කරගත්තු සංකේතයක් වූ රුවන්වැලි සෑ මළුවේ විහාර මහාදේවියගේ සහ ගැමුණු මහරජුගේ පිළිරූ අභියස සිට දිවුරුම් දුන් එතුමා එහිදී කළ අවංක අදහස් ප්‍රකාශය නොඅඩු ව ජන හදවත් ඇඳ-බැඳ ගත්තේය.අතීතයේ දී අප ලෝකයට සභ්‍යත්වය දායාද කළ ස්ථානයක සිට, යළිත් වරක් මේ රට ලෝකයට යමක් දායක කළ හැකි උදාර රටක් බවට පත්කළ හැකි බවට නව බලාපොරොත්තුවක් එතුමා රට වැසියා තුළ ජනිත කරවූයේ සිය ධුර කාලයේ ගෙවුණු දින සීයේ ආරම්භක දිනය ම මෙරට ජනතාව අවධි කළ දිනයක් බවට පත්කරවමිනි.

එතුමා ජනවරම ඉල්ලා සිටියේ විනයගරුක, නීතිගරුක, ගුණගරුක සමාජයක් බිහි කිරීමේ අභිප්‍රායෙනි. වංචනික ලෙස විවිධාකාර වූ වගන්ති ඇතුළත් කරගත්තා වූ දැනට පවතින 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනාධිපතිතුමාට ආරක්ෂක ඇමති ධුරය දැරිය හැකි ද යන ප්‍රශ්නය පවා මතු කෙරෙමින් තිබෙන, එසේ ම එතුමාට පාර්ලිමේන්තුව විසුරවා හැරීමට ඇති බලතල කූට ලෙස අහිමි කර තිබෙන තත්ත්වයක් තුළ පවා එතුමා තමන් එකඟ නොවන්නා වූ 19 වැනි ව්‍යවස්ථාවේ වගන්ති පවා කඩ නොකරමින් කටයුතු කළේ පරමාදර්ශී ව ය. එසේ ම ලැබෙන පළමු අවස්ථාවේදී ම පාර්ලිමේන්තුව විසුරවන බව ප්‍රකාශයට පත් කළ වත්මන් ජනපතිතුමන් ජනවරමකින් පිරිසිඳු වූ පාර්ලිමේන්තුවක් පත් කරන තෙක් පවත්නා රජය තාවකාලික රජයක් බව පෙන්වා දෙමින්, රටට ලබාදුන්නේ විශාල ආදර්ශයකි.

එසේ ම නව රජය පත්වීමත් සමඟ එතෙක් පීඩාවට පත් වූ විවිධ පිරිස් අධිකරණයේ පිහිට පැතු අවස්ථාවේ යම් යම් හිටපු කැබිනට් ඇමතිවරුන්ට එරෙහි ව ද අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ වූ බව නොරහසකි. ඇතැම් පිරිස් ඒ සඳහා දේශපාලන අර්ථකථන දීමට ගත් උත්සාහය කෙටි කලකින් ම ව්‍යර්ථ වූයේ ජනපතිතුමන් අපක්ෂපාතී ව හිඳිමින් නීතිය හා සාමය ක්‍රියාත්මක කරන්නාවූ බලධාරීන්ගේ යුතුකමට ඉඩ දුන් බැවිනි. එතුමා එතෙක් ක්‍රියාත්මක වූ පළිගැනීමේ දේශපාලනයට පිටින් යමින් සැබෑ රාජ්‍ය නායකයෙකු ලෙස ලෙස කටයුතු කිරීම සැබවින් ම ප්‍රශංසනීය ය.
නව ජනපති පත්වීමට පෙර සිට ම එතුමාට එරෙහි ව දියත් වූ නින්දා සහගත කුමන්ත්‍රණය තුළ, මුදලට යටකොට සුදු වෑන් රියදුරන් ලෙස වෙස් ගැන්වූ කුමන්ත්‍රණකරුවන් ද යොදාගනිමින් ඇතැමුන් නියැළුණේ ඉතාම පහත් ආකාරයේ මැතිවරණ ප්‍රචාරණයක ය. ස්විස්ටර්ලන්ත තානාපති කාර්‍යාල සිද්ධිය සමග ඒ සියල්ල සත්‍ය බවට ජනතාවට ඒත්තු ගැන්වීමේ කුමන්ත්‍රණයක් ජාතික ව සහ ජාත්‍යන්තර ව ක්‍රියාත්මක වූ බව පැහැදිලි ව පෙනේන්නට තිබිය දී පවා වත්මන් ජනපතිතුමන් එම තත්ත්වයට සන්සුන් ව මුහුණ දෙමින් කටයුතු කළේ සත්‍ය හෙළිදරව් කිරීමට ය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට දියත් කළ යුද මෙහෙයුම සම්බන්ධයෙන් පවා මෙරට වෙසෙන විජාතික කොටස් ඔවුන්ගේ මිතුරන් හා එක් ව විවිධ වූ අභූත චෝදනා නැඟූ බව නොරහසකි. එහිදී ද ජනපතිතුමන්ගේ සන්සුන් මෙන් ම එඩිතර ක්‍රියාකලාපය තුළ ලෝකය හමුවේ සත්‍ය හෙළිදරව් කරමින් කුමන්ත්‍රණකරුවන් සම්පූර්ණයෙන් ම නිරුවත් කිරීමට හැකිවීම රටක් ලෙස අප ලැබූ සුවිශේෂ ජයකි.

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බව කියමින් ඉකුත් නිදහස් දිනයේ දී ජාතිය ඇමතීම තුළ රටවැසියාගේ අභිලාෂයන් සම්පූර්ණයෙන් ම අවධි කිරීමට එතුමා සමත් වූ බව ද පැවැසිය යුතු ය. තිස් වසරකට අධික කාලයක් මෙරට පැවති සන්නද්ධ ත්‍රස්තවාදය, මෙම ඒකීය රාජ්‍ය අහෝසිකොට වෙන ම රාජ්‍යයක් ගොඩනංවා ගැනීම සඳහා අරඇදි යුගයක, මහින්ද රාජපක්ෂ ජනපතිගේ ද ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්තුමන්ගේ ද නායකත්වය යටතේ ඒ සියල්ල ව්‍යර්ථ වුව ද පසුගිය රජයේදී ගෙනා 19 වැනි සංශෝධනයේ පටන් සියලු උත්සාහයන් දැරුවේ රණවිරුවන් ජීවිත පූජාවෙන් දිනාගත් ඒකීය රාජ්‍ය අකාමකා දැමීමට ය. එම නිසා නිදහස් දින ජාතිය ඇමතීම ඒකීය රාජ්‍යය අවධාරණය කරමින් සිය කතාව ඇරඹීමෙන් වත්මන් ජනපති, රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට පිදූයේ උපරිම උපහාරයකි. එපමණක් නොව එතුමා කියා සිටියේ ඒකීය රාජ්‍යයක සෑම පුරවැසියෙකුට ම සමාන අයිතිවාසිකම් හිමි විය යුතු බව ය. අප සමාජයේ පවත්නා ඇති නැති පරතරය, අධ්‍යාපන පහසුකම්, සෞඛ්‍ය පහසුකම් සහ රැකියා අවස්ථා රට පුරා අසමාන ව බෙදීගොස් ඇති ආකාරය දෙස අවධානය යොමු කරමින් එතුමා කටයුතු කරනුයේ පක්ෂපාට භේදයකින් තොරව සමස්ත දේශයට සරණක් වන රජයක් බවට සිය රජය පත් කරගැනීමේ අභිලාශයෙනි. ඇති නැති පරතරය අඩු කිරීම තුළ සෞභාග්‍ය කරා යන ගමනක් වෙනුවෙන් සමාජයේ දුප්පත් ම සීමාවේ සිටින ලක්ෂයකට රජයේ රැකියා ලබාදීමට ගන්නා පියවර ද හුදු වචන මාත්‍රයක් පමණක් නොවී ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවෙන බව මේ වන විට ද පැහැදිලි වෙමින් පවතී. දුප්පතුන්ට සහනාධාර ලබාදීමෙන් ඔබ්බට යමින් රජයේ රැකියාවක් සමඟ අහිමානය සමග පවුල් ලක්ෂයක් ආර්ථික, සමාජයීය වශයෙන් ඔසොවා තැබීම, සමාජය තුළ විප්ලවීය වෙනසක් සිදු කළ හැකි යෝජනාවලියක් වනු නොඅනුමාන ය. 

පසුගිය රජය මෙරට විජාතික බලවේගවලට පාවාදීමට කටයුතු කරමින් සිටි මෙහොතක ජනවරමින් පත් ව රට භාරගත් ගෝඨාභය ජනපතිතුමන්, ජාතිකත්වය සහ දේශීය ස්වාධීනත්වය වෙනුවෙන් හැමවිට ම පෙනී සිටි දිනේෂ් ගුණවර්ධන මහතාට විදේශ කටයුතු සබඳතා අමාත්‍යංශය පැවරීම තුළ පවා දැකිය හැක්කේ ඉතාමත් ම නිවැරදි තෝරාගැනීමකි. එසේ ම පසුගිය රජය කළ ජිනිවා මහා පාවාදීමේ යෝජනාවක් ලෙස ත්‍රස්තවාදය පරාජය කිරීමට භාවිත වූ පනත අහෝසි කරමින්, ජාත්‍යන්තර බලවේගවල වුවමනා මත හඳුන්වා දීමට පසුගිය රජය ගෙන ආ ප්‍රතිත්‍රස්ත පනත ප්‍රතික්ෂේප කිරීමට වත්මන් රජය ගත් නිර්භීත තීරණය තුළ ද අප දුටුවේ මෙරට විදේශ ප්‍රතිපත්තිය විජාතීන්ට ගැතිවීමෙන් මිදීමේ දිශාවට ගමන් අරඹන බව ය.

මංගල සමරවීර හිටපු විදේශ ඇමතිතුමා කැබිනට් අනුමැතියත්, පාර්ලිමේන්තු අනුමැතියත්, මෙරට ජනයාගේ අනුමැතියත් නොමැති ව ජිනීවා යෝජනාවට ලබාදුන් දායකත්වය ඉල්ලා අස්කරගැනීමට මේ වන විට රජය ගෙනයන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ද අපට ඇත්තේ විශාල සතුටකි. නිදහසින් පසු පළමු වතාවට අප ස්වාධීන, ස්වෛරි රාජ්‍යයක් ලෙස ලෝකය ඉදිරියේ දෙපයින් හිටගන්නවා යන හැඟීම ජනතාව තුළට කාවදිමින් තිබේ. චීනයේ වූහාන් නගරයේ කොරෝනා වෛරසය හමුවේ අසරණ ව සිටි ශ්‍රී ලාංකික ශිෂ්‍යයන් මුදාගැනීම සඳහා ජනාධිපතිතුමා ක්‍රියා කළ ආකාරය එම හැඟීම තව තවත් තහවුරු කිරීමට හේතු විය. එම මෙහෙයුමේදී අපට ජනපතිතුමන්ගේ නොසැලෙන නායකත්වය සහ ත්‍රිවිධ හමුදාව පිළිබඳ ආඩම්බරයක් ඇතිවූවා පමණක් ම නොව කෙතරම් අපහසුතා මධ්‍යයේ වුව ද අපේ ම ගුවන් සේවාවක් පවත්වාගෙන යෑමේ වැදගත්කම ද මත්තල ගුවන් තොටුපළෙහි වැදගත් කම ද පැහැදිලි විය.

1815 දී යටත් විජිතයක් බවට පත් වීමෙන් පසු ව අපේ මුතුන්මිත්තන් තුළ නිදහස පිළිබඳ වූ අභිලාෂයන්, අනාගාරික ධර්මපාල ශ්‍රීමතානන්, කුමාරතුංග මුනිදාස වැනි වියතුන් ඇතුළු ජාතික නිදහස වෙනුවෙන් කැපවුණු සියල්ලන්ගේ ම අපේක්ෂාවන්, අවසාන වශයෙන් 2009 දී සන්නද්ධ ත්‍රස්තවාදය පරාජය කිරීමත් සමඟ නිදහස්, ස්වෛරී රටක් ලෙස අපේ ම හරයන් සමඟ ගත කරන ජීවිතයක් පිළිබඳ වූ අපේක්ෂාවන් අද දවසේ අපේ හදවත් තුළ තෙරපෙමින් තිබේ. එවන් මොහොතක අප එක සිතින් පතන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනපති තුමන්ගේ මෙම දින සීයේ සුවිශේෂී වූ ආරම්භය එතුමාගේ සම්පූර්ණ ධුර කාලය පිළිබඳ ආදර්ශයක් වේවා, ඒ ආදර්ශය වඩාත් මල්ඵල ගැන්වෙන ජනාධිපති ධුර කාලයක් මෙරටට උරුමවේවා, යන්නයි.

සංවාදය - ගෙවිඳු කුමාරතුංග
සභාපති
යුතුකම සංවිධානය
සටහන - කාංචනා සිරිවර්ධන
[Dinamina]

යුතුකම සංවාද කවය
www.yuthukama.com 
Like us on facebook :https://www.facebook.com/yuthukama

,

ඔබේ අදහස මෙතන ලියන්න...

ඔබේ ෆේස්බුක් ගිණුම භාවිතයෙන් මෙතනින් අදහස් පළ කරන්න.

0 comments :

ෆේස්බුක් ගිණුමක් නොමැතිවත් මෙතනින් ඔබේ අදහස පළ කළ හැක .

Labels

-ලසන්ත වික්‍රමසිංහ "බිල්ලො ඇවිත්" - යුතුකම සම්මන්ත්‍රණය ගම්පහ 1505 2005 සහ 2015 2009 විජයග්‍රහණය 2015 BBS Budget cepaepa ETCA GENEVA NGO NJC Operation Double Edge Political S. අකුරුගොඩ SITP ඉන්දු ලංකා ඊළාම් ඊළාම්වාදී ඒකීය ඕමාරේ කස්‌සප චින්තනය ජනාධිපතිවරණය ජනිත් විපුලගුණ ජනිත් සෙනෙවිරත්න ජයග්‍රහණය ජයන්ත චන්ද්‍රසිරි ජයන්ත මීගස්වත්ත ජවිපෙ ජාතික ආරක්‍ෂාව සාම්පූර් ජාතික එකමුතුව ජාතික ඒකාබද්ධ කමිටුව ජාතික බලවේග ජාතිකවාදය ජාතිය ජිනීවා ජිනීවා යෝජනා ජීවන්ත ජයතිස්ස ඩිහාන් කීරියවත්ත තාරක ගල්පාය තිවංක අමරකෝන් තිවංක පුස්සේවෙල තිස්‌ස තී‍්‍ර රෝද රථ ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්‌ථානය ත්‍රිකුණාමලය ත්‍රීකුණාමලයේ ආනන්ද දකුණු අප‍්‍රිකානු දර්ශන කස්තුරිරත්න දර්ශන යූ මල්ලිකගේ දසුන් තාරක දහතුන දිනාගනිමුද දිවයින දුලන්ජන් විජේසිංහ දෙමුහුම් අධිකරණය දේවක එස්. ජයසූරිය දේවපුරගේ දිලාන් ජාලිය දේශපාලන ධනේෂ් විසුම්පෙරුම ධර්මන් වික්‍රමරත්න නලින් නලින් ද සිල්වා නලින් සුබසිංහ නලින් සුභසිංහ නලින්ද කරුණාරත්න නලින්ද සිල්වා නසරිස්‌තානය නාමල් උඩලමත්ත නාරද බලගොල්ල නාලක ගොඩගේවා නාවික හමුදා කඳවුර නිදහස නිදහස් අධ්‍යාපනය නිර්මල කොතලාවල නිර්මාල් රංජිත් දේවසිරි නිසංසලා රත්නායක නීතිඥ කණිෂ්ක විතාරණ නීතිඥ සංජීව වීරවික‍්‍රම නීල කුමාර නාකන්දල නෝනිස් පරණගම වාර්තාව පාවා දීම පාවාදෙමුද පැවිදි හඬ පුනර්ජි දඹොරගම පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි පූජ්‍ය මැදගම ධම්මාන්නද හිමි පොඩි මෑන් ගේ සමයං පොත් ප්‍රකාශකයන් පොදු අපේක්‍ෂයා ප්‍රකාශ් වැල්හේන ප්‍රදීප් විජේරත්න ප්‍රසංග සිගේරා බණ්ඩාර දසනායක බම්බුව බලු කතා බිල්ලො ඇවිත් බුදු දහම බෙංගමුවේ නාලක බෙංගමුවේ නාලක හිමි බෙදුම්වාදය බෙදුම්වාදී බෞද්ධයා භාෂාව මතීෂ චාමර අමරසේකර මතුගම සෙනවිරුවන් මනෝඡ් අබයදීර මනෝහර ද සිල්වා මනෝහර සිල්වා මරක්කල මහ නාහිමි මහාචාර්ය ජී. එච්. පීරිස් මහාචාර්යය ගාමිණි සමරනායක මහින්ද මහින්ද පතිරණ මහින්ද රනිල් මහිම් සූරියබණ්ඩාර මාදුළුවාවේ සෝභිත හිමි මානව හිමිකම් මාමිනියාවේ ඒ. පී. බී. ඉලංගසිංහ මාලින්ද සෙනවිරත්න මැදගොඩ අභයතිස්ස නාහිමි මැදගොඩ අභයතිස්ස හිමි මිලේනියම් සිටි මුස්‌ලිම් මෙල්බර්න් අපි මෛත්‍රිපාල මොහාන් සමරනායක යටත්විජිතකරණය යටියන ප්‍රදිප් කුමාර යටියන ප්‍රදීප් කුමාර යුතුකම යුතුකම ප්‍රකාශන යුධ අපරාධ රණ විරුවා විජයග්‍රහණයේ දිනය විජේවීර වෙනස සැපද සංගීතය සජින් සභ්‍යත්ව රාජ්‍යය කරා සරච්චන්ද්‍ර සීපා හෙළ උරුමය

පාඨක ප්‍රතිචාර

ලිපි ලියූවෝ

Copyrights © 2014 www.yuthukama.com Designed By : THISAK Solutions